Blog

  • ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් රුධිර කැටි ඇතිවීමට හේතුව සොයාගැනේ

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් රුධිර කැටි ඇතිවීමට හේතුව සොයාගැනේ

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු අතිශය කලාතුරකින් ඇතිවිය හැකි රුධිර කැටිවලට තුඩු දෙන “ප්‍රේරකය” තමන් සොයාගත් බව විද්‍යාඥයින් පිරිසක් විශ්වාස කරයි.

    එක්සත් රාජධානියේ කාඩිෆ්හි සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, රුධිරයේ ඇති ප්‍රෝටීනයක් එන්නතෙහි අඩංගු ප්‍රධාන සංඝටකයකට ආකර්ෂණය වන ආකාරය ඉතා විස්තරාත්මකව පෙන්වා දීමට සමත්ව තිබේ.

    මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කරන අතර, එනිසා අවසානයේ භයානක රුධිර කැටි ඇති විය හැකි බවත් ඔවුහු විශ්වාස කරති.

    මෙම එන්නත, මිලියනයක් පමණ ජීවිත කෝවිඩ්වලින් බේරාගෙන ඇතැ යි සැලකේ.

    කෙසේ වෙතත්, දුර්ලභ රුධිර කැටි පිළිබඳ සැලකීම නිසා, බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට විකල්ප එන්නතක් ලෙස එය ලබාදීම ද ඇතුළුව, ලොව පුරා එය භාවිත වන ආකාරය වෙනස්කම්වලට ලක්විය.

    එමෙන්ම සිදුවමින් පවතින්නේ කුමක් ද සහ එය වළක්වාගත හැකි ද යන්න සොයා බැලීම සඳහා ‘විද්‍යාත්මක රහස් පරීක්ෂණයක්’ ද දියත්කෙරිණි. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා කාඩිෆ් පර්යේෂකයින් කණ්ඩායමට එක්සත් රාජධානි රජයේ හදිසි අරමුදල් ද ලබා දෙන ලදී.

    මෙම කණ්ඩායමේ පූර්ව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ විද්‍යාඥයෝ ද මෙම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා සහභාගී වූහ.

    ඇස්ට්‍රාසෙනෙකාහි මාධ්‍ය ප්‍රකාශිකාවක් අවධාරනය කළේ, රුධිර කැටි ඇති කිරීමට වැඩි සම්භාවිතාවක් දරන්නේ එන්නතට වඩා කොවිඩ් ආසාදනය බව යි. එමෙන්ම, මෙයට හේතුව තවමත් සම්පූර්ණයෙන්ම පැහැදිලිකර ගෙන නැතිබවත් ඇය ප්‍රකාශ කළා ය.

    “මේ පර්යේෂණයෙන් නිශ්චිත ප්‍රතිඵලයක් නොදුන්නත් එය ඉතාමත් ප්‍රයෝජනවත් දැනුමක් අපට ලබා දෙනවා. මේ අතිශය දුර්ලභ අතුරු ආබාධය ඉවත් කිරීමට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් දරන ප්‍රයත්නයේ කොටසක් විදියට, අපි මේ සොයාගැනීම් රුකුලක් කරගන්න විදියක් සොයමින් ඉන්නවා,” ඇය වැඩි දුරටත් පැවසුවා ය.

    Graphic explaining how blood clots form
    ඡායාරූප ශීර්ෂ වැකිය,ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා ලේ කැටි ඇතිවෙන්නේ මෙහෙම යි

    දුර්ලභ රුධිර කැටි පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමේ දී පර්යේෂකයන් සතුව මූලික ඉඟි දෙකක් තිබුණි:

    • එන්නත් සඳහා උපයෝගී කරගත් සමහර තාක්ෂණයන් පමණක් රුධිර කැටි ඇතිවීමේ වැඩි අවදානමක් පෙන්වීය
    • රුධිර කැටි ඇතිවූ පුද්ගලයින්ගේ රුධිරයේ, “ප්ලේට්ලට් ෆැක්ටර් 4” (PF4) නම් රුධිර ප්‍රෝටීනයට පහර දෙන අසාමාන්‍ය ප්‍රතිදේහ තිබුණි.

    එක්සත් රාජධානියේ භාවිතා කරන එන්නත් සියල්ලම, කොවිඩ් වෛරසයේ ජාන කේතයේ කුඩා “කොටසක්” සිරුරරට එකතු කිරීම මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඊට එරෙහිව පුහුණු කිරීම සිදු කරයි.

    මෙම ජාන දත්ත ඇතැම් එන්නත්වලට ඇතුළු කරන්නේ මේද ගෝලිකා තුළ කේතනය කිරීමෙන් වන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දී මේ අන්වීක්ෂීය “තැපැල්” රාජකාරිය කරන්නේ ඇඩිනෝවෛරසයකි (නිශ්චිතවම කිවහොත් චිම්පන්සියන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරසයක්).

    පර්යේෂකයන් සිතන්නේ මෙම ඇඩිනෝවෛයිරසය සහ ඇතැම් පුද්ගලයින්ට ඇති වන දුර්ලභ කැටි අතර සබඳතාවක් තිබිය හැකි බව යි.

    එනිසා ඔවුහු ක්‍රියෝ-ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නම් තාක්ෂණය භාවිත කර, ඇඩිනෝවෛයිරසය අණුක මට්ටමේ විස්තර සහිතව ඡායාරූපගත කිරීමට ක්‍රියා කළහ.

    සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ අධ්‍යයනය හෙළි කරන්නේ ඇඩිනෝවෛයිරසයේ පිටත පෘෂ්ඨය PF4 ප්‍රෝටීනය චුම්බක බලයකින් මෙන් එය වෙත ආකර්ෂණයකර ගන්නා බව යි.

    “ඇඩිනෝවෛයිරසයට අතිශයින්ම සෘණ ආරෝපණ සහිත පෘෂ්ඨයක් තියෙන්නේ. ප්ලේට්ලට් ෆැක්ටර් 4 ප්‍රෝටීනයට අතිශයින් ධන ආරෝපිත යි. මේ දෙක ඉතා හොඳින් එකිනෙක හා සම්බන්ධ වෙනවා,” කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන්ගෙන් අයෙකු වන මහාචාර්ය ඇලන් පාකර් බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.

    “ඇඩිනෝවෛයිරසය සහ ප්ලේට්ලට් ෆැක්ටර් 4 ප්‍රෝටීනය යන දෙකේ ප්‍රධානතම “වැරදිකරුවන්” අතර සම්බන්ධය ඔප්පු කිරීමට අපට හැකිවෙලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

    “අපට මේ හමුවෙලා තියෙන්නේ පූරකය. නමුත් මෙතනින් ඉදිරියට ගන්න සිද්ධ වෙන පියවර රාශියක් තියෙනවා.”

    Detailed image of Coronavirus
    ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ප්‍රවාහනය” කරන ඇඩිනෝවෛරසයේ ඉතා සවිස්තරාත්මක පින්තූරයක්. මෙහි විෂ්කම්භය නැනෝමීටර 100ටත් වඩා අඩු ය

    පර්යේෂකයන්ට සිතන පරිදි ඊළඟ අදියර වන්නේ “ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ව්‍යාකූලබව” යන සංසිද්ධිය යි. නමුත් මෙය වැඩිදුර පර්යේෂණවල දී තහවුරු කළ යුතුව තිබේ.

    දැනට විශ්වාස කෙරෙන අන්දමට, PF4 ප්‍රෝටීන යනු තමා තුළට ඇතුළු වූ ආගන්තුක ඇඩිනෝවෛයිරසයේ කොටසක් බවට වරදවා වටහාගන්න මිනිස් සිරුර ඒවාට පහර දීමට පටන් ගනියි. එහිදී සිරුර ප්‍රතිදේහ රුධිරයට මුදා හරින අතර, එය PF4 සමග එකතුවී භයානක රුධිර කැටි ඇතිවීමට මඟ පාදයි.

    කෙසේ වෙතත්, මේ සඳහා ‘අවාසනාවන්ත සිදුවීම් මාලාවක්’ අවශ්‍ය වන අතර, මෙසේ රුධිර කැටි ඇතිවීම ඉතා දුර්ලභ වන්නේ මන්දැ යි එමඟින් පැහැදිලි වේ.

    “එන්නත්-ප්‍රේරිත ප්‍රතිශක්ත ත්‍රොම්බොටික් ත්‍රොම්බොසයිටොපීනියා” ලෙස හඳුන්වන මෙම රුධිර කැටි, එක්සත් රාජධානිය තුළ ලබා දී ඇති ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 50කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වූ මරණ 73ක් සමග සම්බන්ධ බව සොයාගෙන ඇත.

    “මෙහෙම දෙයක් සිදුවෙනවා කියලා කිසි විටෙකත් අනාවැකියක් කියන්න බැහැ වගේම, එහෙම වෙන අවස්ථාවන් නොගිණිය හැකි තරම් කුඩා යි. ඒ නිසා අපි විශාල පින්තූරය දිහා බලලා, මෙම එන්නත බේරාගත් ජීවිත සංඛ්‍යාව පිළිබඳව මතක තබාගත යුතු යි,” යි මහාචාර්ය පාකර් ප්‍රකාශ කළේ ය.

    ඇස්ට්‍රාසෙනෙකා සමාගම පැවසුවේ මෙම එන්නත ලොව පුරා මිලියනයකට වඩා වැඩි ජීවිත බේරාගෙන ඇතිබවත්, කෝවිඩ් ආසාදනයවීම් මිලියන 50ක් පමණ වැළැක්වීමට ක්‍රියාකර ඇති වගත් නිගමනය කෙරෙන බව යි.

    ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “එන්නත සමග බැඳුණු මේ ඉතා දුර්ලභ අතුරු ආබාධවලට හේතුත්, ඒවා පිළිබඳ නව තොරතුරුත් අපි ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. එමෙන්ම මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මේ එන්නත ඉතා ඵලදායී මෙවලමක් වන බවත් සැබෑ ලෝකයේ සඵලතා දත්ත මඟින් සහතික කර තිබෙනවා.”

    බර්මින්හැම් විශ්වවිද්‍යාල රෝහල් භාරයේ රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විල් ලෙස්ටර්, මෙම “සවිස්තරාත්මක” පර්යේෂණය ප්‍රශංසා කරමින්, මෙය රුධිර කැටි ඇතිවීම්වලට පැහැදිලි කිරීමේ ‘ආරම්භක පියවර’ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව පැවසුවේ ය.

    “සමහර පුද්ගලයින්ට අනෙක් අයට වඩා වැඩි අවදානමක් තිබෙනවා ද, මොළයේ සහ අක්මාවේ ශිරා තුළ රුධිරය කැටිගැසීම බහුලව සිදුවන්නේ ඇයි ද වගේ ගොඩක් ප්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නැහැ. එහෙත්, කාලය හා වැඩිදුර පර්යේෂණ සමග මේවාට පිළිතුරු ලැබේවි,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    මෙම දුර්ලභ සිදුවීම්වල අවදානම අවම වන පරිදි අනාගතයේ දී ඇඩිනෝවෛයිරස් මත පදනම් වූ එන්නත් වැඩිදියුණු කිරීමට මෙම සොයාගැනීම් භාවිතා කළ හැකි වේයැ යි කාඩිෆ් කණ්ඩායමේ පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි.

    bbc sandesaya

  • ‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘

    ‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘

    මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා

    තනි හවුලකින් රුපියල් කෝටියක මැණික් ගලක් හමුවෙන තුරු  සිය රැවුල නොකපා සිටිමේ තීරණයකට එළඹී පතල් කර්මාන්ත කම්කරුවෙකු පිළිබඳ පුවතක් මාතලේ ලග්ගල ප්‍රදේශයෙන්  වාර්තා විය.

    ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ජි. එච්. ජයදාස (45) මහතා මෙම  තීරණයට එළැඹ වසරක පමණ කාලයක් ගතවී තවමත් දිවා රාත්‍රී වෙහෙසෙමින් තම සිහිනය සැබෑ කර ගැනීම ගැනීම සඳහා ලග්ගල මහ පොළොව සමඟ ගැටෙමින් නිල් මැණික් සෙවීමේ කටයුතුවල නිරතව සිටී.

    මෙම අධිෂ්ඨානය  සහිත සිටින පතල් කම්කරුවා මීට වසර ගණනාවක්ට ඉහත ද මේ ආකාරයෙන්ම කිරි අම්මා උල්පතට භාරයක් වී රුපියල් කෝටියක මැණික් ගලක් හමුවන තුරු තම රැවුල කැපීම සිදු නො නොකර සිටියේය.

    ‘ වසර කිහිපයක් ගත වෙද්දී මගේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වුණා’ ජයදාස මහතා සඳහන් කර සිටියේය.

    ‘මගේ දැන් අරමුණ ටිකක් වෙනස්. මම මේ පාර සැලසුම්කර අපේ ගම් ප්‍රදේශයේ නිවාස අහිමි අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් තනා දීමයි. ඒ සඳහා රුපියල් කෝටියක තනි හවුලක් මැණික් ගල්ක් ලැබෙනතුරු රැවුල නොකපා මම මැණික ගරනවා’

    තම උත්සාහය පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජයදාස මහතා මෙසේද පැවසුවේය.

    ” මම අවුරුදු දහයේ  ඉඳලා තමයි පතල් බැස්සේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කූඩ උස්ස ගන්නවත් බැරි කාලේ ඉඳල මේ රස්සාව තමයි කළේ. ඉගෙන ගන්නත් බැරි වුණේ පතල් හින්දා. පුංචි කාලේ ඉඳලා කරපු රස්සාවට ආදරෙයි. මේ වනකොට කොච්චර පතල් ප්‍රමාණයක් කපල තියෙනවද කියලා මතකයක් නෑ අත්වල කකුල්වල කරගැට නම් ඕනෑ තරම් තියෙනවා මැණික් ගල් වලට වැඩිය.”

    “මම පසුගිය වසර කීපයකට ඉස්සරලා රැවුල වවලා ප්‍රාර්ථනාවක් කලා මම කවදාහරි රැවුල කපන්නේ රුපියල් කෝටියක මැණික් හවුලක් මට ලැබිලා මගේ දරුවන්ට බිරිඳට ඉන්න නිවසක් හදන්න මුල්ගල තියෙනකං රැවුල කපන්නේ නෑ කියලා. වසර කිහිපයක් ගත වෙලා යද්දී මට බලා බලාපොරොත්තු ඉටුකර කරගන්න පුළුවන් වුණා “

    ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක

    “එදා මගේ අලුත් ගෙදරට මුල්ගල තියෙන දවසේ මම අඩියක්ට වඩා වැඩුණු රැවුල  කැපුවා මගේ බිරිඳ තවමත් ඒ රැවුල් ගස් ආරක්ෂා කරලා තියෙනවා

    එදා ඉදල  පුංචි පුංචි වාසි ලැබුණා ඒවගෙන් තමයි දරුවෝ ජීවත් කරවන්නේ හැබැයි ලොකු වාසියක් අපට ලැබුණේ නැහැ අපි අමාරුවෙන් හරි මහපොළොවට පින් සිද්ධ වෙන්ඩ ගේදොර හදාගත්තා හැබැයි  ගේදොර  හදාගත්තෙ නැති අසරණ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා මම  කල්පනා කළා මේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙනවා කියලා.”

    “ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක.”

    “මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා.”

    “උදේ පාන්දර පතල් රස්සාවට එන අපි නැවත රෑ වෙලා තමයි ගෙදර යන්නේ මුළු ඇඟ පත  සියල්ල රිදෙනවා ඒත් ඉතින් දැන් ඒවා හුරු වෙලා වෙන රස්සාවක් කරන්න බැරි තරම් මොකද ඒ තරම්ම අපි මේ රස්සාවට කැමතියි .”

    “මහපොළොව කියන්නේ අපට අම්මා වගේ හැම දුකක්ම ඉවසලා ඉවසලා ඉන්නවා අපිව ජීවත් කරවන්න අපේ බලා බලාපොරොත්තු ඉටු කරන්න මහපොළොව අම්මා නිල් මැණික් ගල්ක් දෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විශ්වාසය මත මම තවදුරටත් ජීවත් වෙනවා මේ වගේ බලාපොරොත්තුව ඉටු වෙච්ච දවසට රැවුල කපන කොට මම ඔයාලටත් කියන්නම් එන්න කියලා.”

    සටහන – කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)

  • ප්‍රියන්තගේ දේහය මෙරටට එවීම ගැන සමාජ මාධ්‍ය කියන කතා ඇත්ත ද ?

    ප්‍රියන්තගේ දේහය මෙරටට එවීම ගැන සමාජ මාධ්‍ය කියන කතා ඇත්ත ද ?

    “අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.”

    ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය.

    ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් තිබූ දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් මිනී පෙට්ටිය සුදු කොළවලින් ඔතා තිබූ අතර, කහ සහ සුදු මල් ඒ මත අතුරා තිබුණි.

    ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර සියල්කෝට් ප්‍රදේශයේ කම්හලක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර, ඔහු දෙවියන්ට අපහාස කළේයැ යි විශ්වාස කිරීම නිසා කෝපයට පත් පිරිසක් දෙසැම්බර් 03 වැනි දින ඔහුට වධ දී මරාදමා, අනතුරුව සිරුරට ගිනි තැබූහ.

    ප්‍රියන්ත කුමාරගේ මිනී පෙට්ටියේ ඡායාරූපයක් ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ ය.

    میت
    මිනී පෙට්ටියේ ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු විය

    ‘ශ්‍රී ලංකා පුරවැසි ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය’ යන විස්තරය යටතේ පළකර ඇති එම පින්තූරයේ දැක්වෙන්නේ බිම තබා ඇති ලී මිනී පෙට්ටියකි.

    සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ පින්තූරය ගැන කතා කරමින් තහීර් අෂ්රෆි පැවසුවේ, “අපි ඔහුව එවැනි මිනී පෙට්ටියක යවා ඇති බවට ප්‍රචාරය වෙනවා. එහෙම දෙයක් නෑ. මේ ඔහුගේ මිනී පෙට්ටිය ගුවන් තොටුපලේ රෙදි කඩකින් ඔතා තිබියදී ගත් ඡායාරූපයක්,” යනුවෙනි.

    “ශ්‍රී ලාංකිකයෙකු අමානුෂිකව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය රටට එවන්නේ මේ ආකාරයෙන්දැ”යි, මේ පින්තූරය පෙන්වමින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ප්‍රශ්න කරන්නට විය.

    ඇතැමුන් ප්‍රකාශ කළේ, “මේ සාහසික ක්‍රියාවෙන් පසු ප්‍රියන්තගේ සිරුර රජයෙන් නිල අවමංගල්‍ය ගෞරව දක්වා පිටත්කර හැරිය යුතු බවත්, ජාතියක් ලෙස අප ලැජ්ජාවට පත්වන බව ඔහුගේ පවුලේ අයට පැවසිය හැකි වන්නේ එවිට බවත්” ය.

    ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර ආපසු එවූයේ කෙසේද?

    සමාජ මාධ්‍යවල පැතිර ගිය මිනී පෙට්ටියේ ඡායාරූපයේ සත්‍යතාව කුමක් ද යන්නත්, ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය ඔහුගේ රටට එවූයේ කෙසේ ද යන්නත් සොයා බැලීමට BBC උත්සාහ කළේ ය.

    මේ පිළිබඳව BBC සමග අදහස් දැක්වූ පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ශ්‍රී ලාංකික පුරවැසියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කෝට්හි දීම සිදුකර, පසුව ඔහුගේ දේහය මිනී පෙට්ටියක දමා මෘත ශරීරාගාරයේ තබා ඇති බව යි.

    “මියගිය අය ශීත ගබඩාවේ දී හඳුනා ගැනීම පහසු වීමට පෙට්ටිය මතුපිට නම ලියලා තියෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

    පින්තූරයේ පෙනෙන මිනී පෙට්ටිය ඉරිදා රාත්‍රියේ ලාහෝර් ගුවන්තොටුපොළට රැගෙන ආ බවත්, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය එහිදී එම පින්තූරය ගන්නට ඇති බවත් නිලධාරියා පැවසීය.

    میت

    “අපි දේහය සහිත දෙණ ශ්‍රී ලංකා කොඩියේ ඔතා එවන්නට යි අදහස් කළේ. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිව්වා එහෙම කරන්න එපා, ඔබ එය සුදු කඩදාසියක ඔතන්න කියලා,” ඔහු කියා සිටියේ ය.

    “අපිත් මිනී පෙට්ටියට රෝස මල් තියලා දේහයට ගෞරව කරන්න අපි අවසර ඉල්ලුවා. තානාපති කාර්යාලය කිව්වා මංගල කටයුතු සඳහා පාවිච්චි කරන නිසා රතු රෝස මල් දාන්න එපා, කහ මල් දාන්න පුළුවන් කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය. “ඊට පස්සේ අපි හැම දෙයක්ම ඒ කියපු විදිහට කළා.”

    දෙසැම්බර් 06 දා දහවල් 12.30ට පාකිස්ථානයෙන් පිටත් වූ ශ්‍රීලංකන් එයාලයින්ස් ගුවන් යානයකින් ශ්‍රී ලාංකිකයාගේ දේහය ප්‍රවාහනය කෙරෙන බව නිලධාරියා සඳහන් කළේ ය.

    BBC වෙත අදහස් දක්වමින්, ආගමික සහජීවනය සඳහා වූ අගමැතිගේ විශේෂ නියෝජිත තහීර් අෂ්රෆි පැවසුවේ පන්ජාබයේ මානව හිමිකම් සහ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය ඉජාස් මසීහ් ද තමා සමග ගුවන්තොටුපොළට පැමිණ සිටින බව යි.

    “ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මෙහි පැමිණ සිටින බව” උලෙමාවරයා ප්‍රකාශ කළේ ය.

    එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද තමා සමග සිටින ද, ඔවුන් මෙම සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීමක් බව තමා සමග පවසා ඇති බව ද, ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව සහ රජය සිය කෝපය පළ කළ ඇති බව ද පවසන උලෙමා තහීර් අෂ්රෆි, පොරොන්දු වූ පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අගමැති ඉම්රාන් ඛාන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති කාර්යයාලය ද ප්‍රියන්ත කුමාරගේ පවුල සම්බන්ධකර ගෙන ඇති බව උලෙමාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    تابوت

    සමාජ මාධ්‍යවල ප්‍රතිචාර

    ප්‍රියන්ත දියවඩනගේගේයැ යි කියැවුණු මිනී පෙට්ටියේ ඡායාරූපය බෙදාගනිමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ සිය අදහස් දක්වා තිබුණෝ ය.

    මිනී පෙට්ටියේ පින්තූරය බෙදා ගනිමින් ට්විටර් පරිශීලක තහීර් ඉම්රාන් ලියා තිබුණේ එය “හැත්තෑ වසරක රාජ්‍ය ප්‍රතිපත්තිවල අවමංගල්‍යය” බව යි.

    “ගෙවීම් ලබන බ්ලොග්කරුවෙකු අනාගතයේ දී පාකිස්ථානයේ ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රශංසා කරන විට, ප්‍රතිචාර වශයෙන් මම මෙම පින්තූරය බෙදා හරිනවා,” තහීර් ඉම්රාන් පළකළ පින්තූරය ෂෙයා කරමින් නුද්රත් කවාජා ලියයි.

    මාධ්‍යවේදිනියක සහ නිවේදිකාවක වන ගරීදා ෆාරුකී මෙසේ ලිවීය: “පාකිස්ථානය ප්‍රියන්ත කුමාරගේ දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන්නේ මේ ආකාරයෙන් නම්, එය ලැජ්ජාවක්. මේ අසරණ මනුස්සයාගේ ජීවිතය බේරගන්න ඔවුන්ට බැරි වුණා, ගෞරවනීය මරණයක් ලබාගැනීමේ ඉඩකඩ ඔහුගෙන් උදුරා ගත්තා, දැන් අඩුම තරමේ ඔවුන්ට මැරුණ කෙනාව ගෞරවයෙන් යවන්නවත් පුළුවන්. මේ භූමිය මත යම් මනුෂ්‍යත්වයක් ඉතුරු වේවා

    ට්විටර් පරිශීලක ඉම්රාන් බේග් උපහාසාත්මක ට්වීට් එකක් ලියා තිබුණි. “එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට මළ සිරුරක් යවනවා. අවාසනාවකට වගේ, මිනී පෙට්ටියේ ගුණාත්මකභාවය ද රාජ්‍ය ආයතනවල ප්‍රමිතීන්ට අනුකූල යි. මිනී පෙට්ටිය සියුම්ව ඔප දැමූ ලීවලින් හදලා, මුද්‍රා තියලා තියෙන්නේ. මුහුණට උඩින් වීදුරුවක් සවි කරලා. පරිගණකයෙන් ටයිප් කරපු විස්තර ඊට උඩින් තියලා.”

    බී.බී.සී සන්දේශය වාර්තාවක් ඇසුරිනි

  • නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ

    නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ

    ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් මීට පෙර සකස් කර තිබූ ප්‍රමිතිය සමාලෝචනය කර නව ප්‍රමිති කෙටුම්පතක් සකස්කර තිබුණද එය ප්‍රමිතියක් වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙම ආයතනය භාර රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් වූ නව ප්‍රමිති කෙටුම්පත සකස්කර ඇති අතර එය මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය නොවැම්බර් මස 15 වැනිදා අවසන් වී ඇත. ද්‍රවිකෘත පෙට්රෝලියම් ගෑස් පිරිවිතර ශ්‍රී ලංකා ප්‍රමිති 712/2021 ලෙස එම කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ. එය එල්පී ගෑස් සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය වශයෙන් නම්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද්‍රව්‍ය, යාන්ත්‍රික පද්ධති හා ඉංජිනේරු නිෂ්පාදන පිළිබඳ ආංශික කමිටුව මෙම කෙටුම්පත සකස් කර ඇති අතර එම කෙටුම්පතට එහි පාලක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

    මෙම ප්‍රමිති කෙටුම්පත තුළ ගෑස් සිලින්ඩරයක් තුළ තිබිය යුතු උපරිම පීඩනය හා අනිකුත් සංඝටක ප්‍රතිශතයන් ගැන එහි සඳහන් කර ඇතත් බියුටේන් හා ප්‍රොපේන්හි ප්‍රතිශතයන් ගැන එහි සඳහන් කර නැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රමිති ආයතනයේ ආංශික කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කර ඇති අයකු පැවසුවේ ඒ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි.

    එසේම සෑම ගෑස් සිලින්ඩරයක්ම වසර පහකට වරක් නැවත පරීක්ෂා කර වලංගු කළ යුතු යැයි එම ප්‍රමිතියේ සඳහන් කර තිබේ. එසේම සිලින්ඩරයේ එම නැවත වලංගු කළ දිනය සඳහන් කළ යුතු යැයිද සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එහි ආංශික කමිටුවක නිර්දේශ මත හෝ යම් ආයතනයක ඉල්ලීමක් මත යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් ප්‍රමිති සෑදිය හැකි අතර ඒවා මහජන අදහස් සඳහා යොමු කිරීමද සිදුවේ. එසේම හදිසි අවශ්‍යතාවලදී මහජන අදහස් නොවිමසා ප්‍රමිති ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවද පවතී. මෙසේ ප්‍රමිතියක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නිෂ්පාදකයන් හෝ ආනයනකරුවන් එම ප්‍රමිතිය ස්වෙච්ඡාවෙන් පිළිගැනීමකට ලක්කළ හැකි අතර එම ද්‍රව්‍යය හෝ භාණ්ඩය සම්බන්ධයෙන් යම් නියාමන ආයතනයක් තිබේ නම් ඔවුන්ටද එම ප්‍රමිතිය පිළිගත හැකිය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීමක් අනුව සමාලෝචනය කර නැවත සකස් කරන ලද මෙම එල්පී ගෑස් පිළිබඳ ප්‍රමිතිය ගැන එහි සභාපති ජනක රත්නායකගෙන් විමසීමට උත්සහ කිරීමේදී ඔහු ප්‍රකාශ කළේ එම ආයතනය ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 02 දින නිවේදනයක් නිකුත් කරන බවත් එය පළකරන ලෙසත්ය. අප විමසන ප්‍රශ්නයට පිළිතුරු එහි නොතිබිය හැකි බැවින් අපගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලූ විට ඔහු කීවේ අපේ ප්‍රශ්නවලට ඔහු උත්තර නොදෙන බවත් ඔහුගේ නිවේදනය පළකරන ලෙසත්ය. එම ආයතනය මහජන දේපලක් බැවින් එහි ප්‍රධානියා ලෙස පිළිතුරු ලබාදීමට ඔහු බැඳී සිටින බව අප පැවසූ විට ඔහු කීවේ ඔහු පිළිතුරු ලබානොදෙන බවය. එසේ ලියන්නදැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ‘ඕන කෙහෙල්මලක් දාගන්නවා’ යන්නය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔහු ප්‍රතිපත්තිමය තීරණ පමණක් ගන්නා බවත් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් පත්කර ඇති අධ්‍යක්ෂ ඉංජිනේරු සුනන්ද ප්‍රනාන්දුගෙන් විමසන ලෙසය. ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ කාලයෙන් කාලයට ප්‍රමිති සමාලෝචනයට ලක්කිරීම් යටතේ එල්පී ගෑස් පිළිබඳ ප්‍රමිතිය සමාලෝචනයට ලක්කළ බවත්, එහි ක්‍රමවේදය යටතේ මහජන අදහස් දැක්වීම සඳහා මාස දෙකක කාලයක් ලබාදුන් බවත් හා එම කාලය අවසන් බැවින් එම ප්‍රමිතිය නැවත කමිටුවට යොමුකර ඇති බවත්ය.

    කෙටුම්පත් ප්‍රමිතිය තුළ ප්‍රොපේන් හා බියුටේන් අඩංගුවිය යුතු සංයුති ප්‍රතිශතය නැත්තේ මන්දැයි කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ භාවිතය අනුව ලෝකයේ බොහෝ රටවල එය නිශ්චිතව නම් නොකරන බවත් ගෑස් සිලින්ඩරයේ පීඩනය පිළිබඳ නියමයන් වැදගත් බවය. ප්‍රොපේන් මගින් වැඩි පීඩනයක් ලැබෙන බැවින් පීඩන නියමයන් මගින් එය පාලනය වන බව ඔහු පැවසීය. එසේම වත්මන් තත්වය අනුව ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය සම්බන්ධයෙන් පරාසයක් ලබාදිය හැකිද යන්න සලකා බැලිය හැකි බව ඔහු පැවසීය.■

    අනිද්දා ඊ පුවත්පත ඇසුරිනි

  • ගෑස් ටැංකි පිපිරීම් ගැන සොයන්න පත් කළ ජනපති කමිටුවේ සුපිරි හෙළිදරව්ව

    ගෑස් ටැංකි පිපිරීම් ගැන සොයන්න පත් කළ ජනපති කමිටුවේ සුපිරි හෙළිදරව්ව

    2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 05 වැනි දින දක්වා කාල සීමාව තුළ මෙරටින් ගෑසි සිලින්ඩර ආශ්‍රිත සිදුවීම් 28ක් වාර්තා වී ඇති බවත් නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 05 වැනි දින දක්වා එවැනි සිදුවීම් 430ක් වාර්තා වූ බවත් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබද විමර්ශන කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් අද (06) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

    මෙම මාධ්‍ය නිවේදනය අනුව ගැස් සිලින්ඩර ආශ්‍රිත වැඩිම සිදුවීම් ගණනක් දෙසැම්බර් මස 03 වැනි දින වාර්තා වී ඇති අතර එය 142කි.

    ගෑස් කාන්දුවීම් ආශ්‍රිත සිදුවීම් 244ක් මෙම කාලය තුළ වාර්තා වී ඇති අතර 2021 ජනවාරි මස 01 වැනි දා සිට නොවැම්බර් 28 වැනි දා දක්වා වාර්තා වූ එවැනි සිදුවීම් ගණන 17කි. නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා ගෑස් කාන්දුවීම් 227ක් වාර්තා වී ඇත.

    මෙම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/12/මාධ්_ය-නිවේදනය-01-1.pdf” ]

  • ගෑස් ටැංකි පිිපිරීම ගැන චම්පික කළ සුපිරි හෙළිදරව්ව

    ගෑස් ටැංකි පිිපිරීම ගැන චම්පික කළ සුපිරි හෙළිදරව්ව

    ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ගෑස් කාන්දුවීමෙන් සිදුවූ විනාශයට අමතරව ලිට්‍රෝ සමාගම විසින් මිලියන 300 ක පමණ අයථා ලාභයක් ද ලබා ඇති බව රණවක මහතා පෙන්වා දෙයි.

    “දැන් මේ රටේ ආණ්ඩුවේ නායකයෝ නොයෙක් අවස්ථාවල උත්සාහ කළා විශේෂයෙන්ම වෙළඳ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා ආදීන් උත්සාහ කළා ඔය ගෑස් පිපිරීම් ආදිය සාමාන්‍ය දෙයක් කියලා. නමුත් ඒ පෙන්නපු සංඛ්‍යාලේඛන වලට අනුව නම් මාසෙකට වෙන්න ඕන ගෑස් කාන්දු වීම් දෙකයි. නමුත් දැන් අද දවසකට දහයක් පහළොවක් ගිනි ගැනීම් සිදුවෙන තත්වෙට පත්වෙනවා. ඊට පස්සේ මේක පෙන්නන්න හැදුවා ලිප් වල වරදක්. එහෙම නැත්නම් ගෑස් ටැංකි වල වරදක්. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ වරදක්. එහෙමත් නැත්නම් ගෙදර තියෙන විදුලි පරිපථ වල වරදක් හැටියට පෙන්නන්න උත්සාහ කළා. නමුත් මේ රටේ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයින් බොහොම නිවැරදිව පෙන්නලා දුන්නා මේ කිසිම හේතුවක් නිසා නෙමෙයි මේක වෙන්නේ වෙන්නේ ඉතාම බරපතළ වංචනික ක්‍රියාවලියක් මේ ගෑස් ආයතන විශේෂයෙන්ම රජයට අයත් මුදල් අමාත්‍යාංශයට අයත් රක්ෂණ සංස්ථාවට අයත් ලිට්රෝ ගෑස් සමාගම හරහා සිදු කරගෙන යන වංචනික ක්‍රියාවලියක් නිසා බව පෙන්නලා දීලා තියෙනවා.”

    මේ සඳහා හේතු ගණනාවක් බලපාන බව රණවක මහතා පෙන්වා දෙයි. සාමාන්‍ය ගෑස් ටැංකියක ස්වරූපය අනුව සහ ප්‍රමිතිය අනුව 85% ක් දියරයකින් සම්පූර්ණයෙන්ම පිරී පවතී. එම දියරය ප්‍රොපේන් සහ බියුටේන්වල එකතුවකි. ඉතිරි 15% හිස් අවකාශය තිබීම අවශ්‍යය. මේ 85% තිබෙන ද්‍රවය කාමර උෂ්ණත්වයේ දී වාෂ්ප වීමෙන් ඉහළින් තිබෙන කොටසේ වාෂ්පයක් ලෙස රැඳී තිබීම ගෑස් ටැංකියක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියයි.

    “එතකොට අපි ලිප දැල්ලුවහම රෙගියුලේටරය හරහා, අපේ ලිපට ඒ ගෑස් වාෂ්පය ඉතාමත් පුංචි අංශු හැටියට ලැබිලා දහනය වෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. මේ පිපිරීම හෝ ලීක් වීම හෝ අනෙකුත් දේවල් වෙන්නේ කොහොමද? මෙතන තියෙනවා ඇත්තටම කරුණු ගණනාවක්. ඒකේ පළවෙනි කාරණය තමයි, මේ ගෑස් වල සංයුතිය මාරු කළා කියන එක. සාමාන්‍යයෙන් අපේ ලිට්රෝ ගෑස් ආයතනයට කලින් තිබිච්ච ෂෙල් ආයතනය කාලේ ඉඳන් තිබිච්ච සම්මුතිය තමයි ප්‍රොපේන් බියුටේන් සංයුතිය ඒ කියන්නේ ප්‍රොපේන් කියන්නෙ එක්තරා දියර ගෑස් තත්ත්වයක් බියුටේන් කියන්නේ තවත් තත්ත්වයක්. මේකෙන් ප්‍රොපේන් ඇත්තටම බර වැඩි ශක්තිය වැඩි තත්වයක්. ප්‍රොපේන් බර අඩු තත්වයක්. එතකොට මේ ගෑස් සම්මුති දෙකේ මිශ්‍රණය 70 : 30 හැටියට තමයි බොහෝවිට තිබුණේ. ඒ වගේම මේ ගෑස් ටැංකියක බර අපි කවුරුත් දන්නවා 12.5 යි කියලා තමයි අපිට එළියේ ගහලා තියෙන්නේ සාමාන්‍ය ගෑස් ටැංකියක්. අනිවාර්යෙන් එකේ පරිමාව වෙන්න ඕනේ ලීටර් 26.2 ක්. එතකොට ලීටර් 26.2 ක් වෙන්න ඕන පරිමාව, බර වෙන්ඩ ඕනේ ගෑස් ටැංකියේ 12.5 ක්. ඉතින්මේක තනිකරම ප්‍රොපේන් වලින් පිරෙව්වොත් කාබන් අංශු තුනක් තියෙන ප්‍රොපේන් වලින් පිරෙව්වොත් මේ ලීටර් ප්‍රමාණය අර 85:15 අනුපාතෙට බර වෙන්නේ 11.31යි. ඒ වගේම බියුටේන් වලින් ඒ කියන්නේ ඒක බර වැඩි එකක්. ඒකෙන් පිරෙව්වොත් 100% ක්ම බර වෙන්නේ 13.01 යි. එතකොට ප්‍රොපේන් 30%යි බියුටේන් 70% පිරෙව්වම තමයි 12.5 ක් වෙන්නේ බර. එතකොට දැන් මේ ක්‍රමයට මේ අනුපාතය වෙනස් කළා නම් මොකක්ද වෙන්න තියෙන දේ? මේ අනුපාතය 50:50 තත්වෙට වෙනස් කළා නම්; ඇතැම් පරීක්ෂණ වලින් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක ලිට්රෝ ආයතනය ඇතැම් අයත් පිළිඅරගෙන තියෙනවා. 50: 50 තත්වෙ ඇති කරානම් මෙන්න මේ වාෂ්ප අවකාශයේ තියෙන පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. එතකොට ඒ ඒ වාෂ්ප අවකාශයේ තියෙන සාමාන්‍ය පරිමාණයට වඩා පීඩනය වැඩි වෙන්නේ මේ ආංශික පීඩන තත්ත්වය මේ බියුටේන් ප්‍රොපේන් වල වෙනස් වෙන නිසා. ඒක ඇත්තටම කවුරුත් දකින්න ඇති අපේ විද්‍යාඥයො ඒක දාලා තිබුණා ඒ පීඩන තත්වය වෙනස් වෙන වක්‍ර මේ විදිහට තියෙන්නේ.  ඒ වක්‍ර දෙක මේ විදිහට තියෙන්නේ. අපිට පේනවා ඒ වක්‍ර වලට අනුකූලව අනුපාත වෙනස් වෙනකොට අභ්‍යන්තර පීඩනය වෙනස් වෙන ආකාරය. එතකොට අභ්‍යන්තර පීඩනය වෙනස් වෙනකොට අනිවාර්යෙන්ම අර රෙගියුලේටරය හරහා ගෑස් කාන්දුවක් වීමේ ඉඩකඩ තියෙනවා. එතකොට මේගොල්ලෝ මුල් අවස්ථාවේදී මොකද කළේ? ලීටර 26.2 ක් වන මේ ධාරිතාවම පුරවන්නැතුව ලීටර් 18 ක් පිරෙව්වා. ඒ හරහා ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයාව රැවටීමට ලක් කළා විතරක් නෙමෙයි. අයථා ලාභයක් උපයා ගත්තා ඒ හරහා. ඊළඟට මේ පිළිබඳව උසාවි නියෝගයක් ආවහම ඔවුන් ලීටර් 26 ම එන විදිහට ඒ කටයුත්ත කළා. ඒ  26 න් 85% ක් පිරෙන විදිහට. එතකොට මොකද වෙන්නේ? එතකොට අර 50: 50 ගෑස් දැම්මනම්, ඒ අනුපාතයට අනුව මේ 85% නෙවෙයි මේ ද්‍රව පිරෙන්නේ. 90% කට ආසන්න ප්‍රමාණයක් පිරෙනවා. එතකොට මේ වාෂ්ප අවකාශය අඩු වෙනවා. වාෂ්ප අවකාශය අඩුයි පීඩනය වැඩියි. ඒ නිසා මෙතනින් ගෑස් කාන්දු වීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒක තමයි දෙවැනි කාරණය. ඒ වගේම මේ හරහා තව වංචාවක් කලා. ඒක තමයි මේ තාපාංකය. එහෙම නැත්නම් එක ඒකකයක දියර ගෑස් ඒකකයක තියෙන ශක්ති ප්‍රමාණය අඩු කිරීම. ඇත්තටම ලීටරයක තියෙන ශක්ති ප්‍රමාණය ගත්තොත් 30 :70 නම් එහි තියෙන ශක්ති ප්‍රමාණය; අපි ඒකට කියනවා කැරලිසික් වැලියු එක කියලා. ඒක ආසන්නයෙන් 28.02 ක් වෙන්න ඕනේ. හැබැයි 50:50 කලහම ඒක 27.3ක් වෙනවා. මේ අනුව එතනත් මෙගාජූල් ගානක වංචාවක් සිද්ධ කළා මේ කණ්ඩායම එතෙන්දි.

    ඊළඟට මේ විදිහට ඇත්තටම අපි ගත්තොත් ඔය  රෙගියුලේටරය ඇත්තටම මේ කාරණා තුන විසින් ආසන්නයෙන් මාසෙකට ගෑස් ටැංකි 250,000 ක් නිකුත් කරනව කියන උපකල්පනය අපි කළොත් මිලියන 300 ක පමණ පමණ අයථා ලාභයක් මේ කාරණා තුන හරහා ලබාගෙන තියෙනව ගෑස් වලින් ඇතිවෙච්ච විනාශයට අමතරව මේ ලිට්‍රෝ සමාගම.

    ඊළඟට අපිට පේනවා අපේ රෙගියුලේටරය නමින් හඳුන්වන දේ. ඒක  නිකන් මතුපිටින් බැලුවහම සාමාන්‍ය දෙයක් හැටියට තිබුනට සංකීර්ණ ක්‍රියාදාමයක් අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒ කියන්නේ මේ රෙගුලේටරය විසින්, අභ්‍යන්තරයේ පීඩනය, ඉතා අධික පීඩනය, සරල පීඩනයක් කරලා ලබාදෙනවා අපේ ලිපට. ඒක තමයි එහි කාර්යභාරය. එතකොට, ඒ වගේම මේ අධික පීඩනයට ලක් කරපු හැටියේ, රෙගියුලේටරයට ඇතිවෙන බලපෑම වැඩියි. ඒ බලපෑමත් එක්ක ඇත්ත වශයෙන්ම පිපිරීමේ අනතුරක් රෙගියුලේටරය හරහා ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔය සිලින්ඩරයයි, ලිපයි යා කරන ඒ රබර් නලයත් එක්ක තියෙන අර රබර් ගෑස්කට් එක, ඒ රබර් ගෑස්කට් එකටත් ඒකෙන් තමයි මේ හිර කරලා තියන් ඉන්නේ. මේ මේක හිර කරලා තියන් ඉන්නේ රබර් ගෑස්කට් එකෙන්. ඒ රබර් ගෑස්කට් එකටත් අතිරේක පීඩනයක් මේකෙන් එල්ල වෙනවා. ඉතින් රබර් වලට කාලයක් පාවිච්චි කිරීමත් එක්ක එතනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අනිවාර්යෙන්ම මේ ගෑස් කාන්දු වීම් සිදු වෙනවා. ඒ ගෑස් කාන්දු වීම් සිදු වෙන්න මේ අනුපාත මාරු කිරීම නිසා ඇතිවෙන පීඩනය වැඩිවීම බලපාලා තියෙනවා. ඒ වගේම අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි වහාම.”

    එමෙන්ම ගෑස් පෝළිම් තිබුණු කාල සීමාව තුළ දී මේ ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොමැතිව තොග පිටින් මෙවන් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකූත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාග කර සොයා බැලිය යුතු බව ද රණවක මහතා අවධාරණය කරයි.

    ෂෙල් සමාගම කාලයේ පටන් මෙහි සිටින කාර්ය මණ්ඩලය ඉතාමත් පළපුරුදු කාර්යමණ්ඩලයක් වන අතර, පාලකයන් විසින් වැරදි උපදෙසක් ලබා නුදුන්නේ නම් මෙසේ ක්‍රියාකිරීමේ හේතුවක් ඔවුන්ට නොමැත.

    “තමන්ගේ අමාත්‍යාංශයේ නොවුනත් වෙළඳ අමාත්‍යාංශයේ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා මේ ජනතාව නොමඟ යැවීම ගැන මේ පිළිබඳ කියාමාර්ග නොගැනීම ගැන පාරිභෝගික අධිකාරිය, ඔවුන්ට සම්පූර්ණ වගකීම තියෙනවා. ඒ වගේම මේ ආයතනය අයිති මුදල් අමාත්‍යාංශයට, ඒ වගේම රක්ෂණ සංස්ථාවට එරෙහිව අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවට වගකිමේ තත්වය අද ඇතිවෙලා තියෙනවා. ඒකත් අපි ප්‍රකාශ කරන්න ඕන ඇමතිවරයත් එක්ක.”

    ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ මේ නිකුත් කරන ලද ගෑස් ටැංකිය ආපහු කැඳවා නිශ්චිත පරීක්ෂණයක් කොට නියම සං‍යුතියෙන් යුතු 30:70 සං‍යුතියෙන් යුතු, නියම පීඩනයෙන් යුතු නිවැරදි රෙගියුලේටර සහිත ගෑස් ජනතාවට ලබා දීම සිදු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

  • පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රැකවරණය තහවුරු කළ යුතුයි

    පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රැකවරණය තහවුරු කළ යුතුයි

    පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවරු කිරීමට එරට රජය අපොහොසත් වන්නේ නම් වහාම ශ්‍රී ලංකා රජය මැදිහත්වී ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

    එම පක්ෂය අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කළේය. පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන සම්බන්ධයෙන් සංවේගය පළකරන අතර උමතු ම්ලේච්ඡ අන්තවාදී ක්‍රියා නතර කිරීමට ලෝක වාසි ජනතාව එක්විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රචන්ඩකාරී ක්‍රියාකලාපය පිළබිඳව සහ කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියා මාර්ග පිළිබඳව ද දැඩි අප්‍රසාදය පළ කරමින් සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවන් කතානායකවරයා වහාම මධ්‍යස්ථභාවයට පැමිණවිය යුතු බව පැවසීය.

  • බුරුම ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී වසර හතරක් සිරගෙට

    බුරුම ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී වසර හතරක් සිරගෙට

    මියන්මාර මිලිටරි ජුන්ටාව විසින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය.

    බුරුම ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කීට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර, අද (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා කියයි.

    ජනතාව නොසන්සුන් කිරීම සහ ‘කොවිඩ්19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට සූ කී වරදකාරිය විය. ඊට අමතරව, රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදිය ද නායිකා සූ කී ට එල්ල වී ඇති අතර, ඒ සියලු චෝදනාවලට ඇය වරදකාරිය වුවහොත් ඇයට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව පැවැසෙයි.

    තමන්ට එල්ල වන සියලු චෝදනා සූ කී ප්‍රතික්ෂේප කර ඇත.

    76 හැවිරිදි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මෙම වසරේ පෙබරවාරි පළමු වැනිදාය. මියන්මාර මහ මැතිවරණය පසුගිය වසරේ පැවැත්විණි. එයින් ද පහසු විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය.

    එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ මහ මැතිවරණය දූෂිත බවට ය. හමුදා කුමන්ත්‍රණයක් තෙක් එම චෝදනා දුරදිග ගියේ ඉන්පසුවය.

    හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවිය. ඒවා සම්බන්ධයෙන් බලපත්‍ර නොතිබුණු බව ද පැවැසිණි.

    රොයිටර් පුවත් සේවය ඇසුරිනි

  • ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඇති වන රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා

    ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඇති වන රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා

    ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි.

    මෙයට හේතුව ඉන්දියාවේ එන්නත් කිරීමේ වේගවත් බව සහ ඩෙල්ටා ප්‍රභේදයට අධික ලෙස නිරාවරණය වීම ඉහළ සෙරොපොසිටිවිටි බව පෙන්නුම් කරන බව අමාත්‍යාංශය සිකුරාදා සිය නිල වෙබ් අඩවියේ පළ කරන ලද නිතර අසනු ලබන ප්‍රශ්න ලැයිස්තුවක පැවසීය.

    “කෙසේ වෙතත්, විද්‍යාත්මක සාක්ෂි තවමත් විකාශනය වෙමින් පවතී,” අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

    නිතර අසන ප්‍රශ්න වලට අනුව, “ඔමික්‍රෝන් රෝගීන් දකුණු අප්‍රිකාවෙන් පිටත රටවලින් වැඩි වැඩියෙන් වාර්තා වන අතර එහි ලක්ෂණ අනුව එය ඉන්දියාව ඇතුළු තවත් රටවලට ව්‍යාප්ත වීමට ඉඩ ඇත”.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවියේ මෙසේ පළ කර ඇත

    • ඔමික්‍රෝන් යනු කුමක්ද සහ එය සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් (VoC) කරන්නේ කුමක් ද?

    එය SARS-CoV-2 හි නව ප්‍රභේදයක් වන අතර එය මෑතකදී දකුණු අප්‍රිකාවෙන් 2021 නොවැම්බර් 24 වන දින B.1.1.529 හෝ ඔමික්‍රෝන් (ඇල්ෆා, බීටා, ඩෙල්ටා වැනි ග්‍රීක හෝඩිය මත පදනම්ව) ලෙස හැඳින්වේ. මෙම ප්‍රභේදය ඉතා විශාල විකෘති සංඛ්‍යාවක් පෙන්නුම් කර ඇත, විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ ප්‍රධාන ඉලක්කය වන වෛරස් ස්පයික් ප්‍රෝටීන් මත 30 කට වඩා වැඩිය.

    ඔමික්‍රෝන් හි විකෘති එකතුව, කලින් තනි තනිව වැඩි ආසාදන හෝ ප්‍රතිශක්තිකරණ මගහැරීම සහ දකුණු අප්‍රිකාවේ ධනාත්මක රෝගීන් සංඛ්‍යාව හදිසියේ ඉහළ යාම සැලකිල්ලට ගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් (VoC) ලෙස ප්‍රකාශයට පත් කර ඇත. .

    • දැනට භාවිතා කරන රෝග විනිශ්චය ක්‍රම මගින් ඔමික්‍රෝන් හඳුනා ගත හැකිද?

    SARS-CoV-2 ප්‍රභේදය සඳහා වඩාත් පිළිගත් සහ බහුලව භාවිතා වන රෝග විනිශ්චය ක්‍රමය RT-PCR ක්‍රමයයි. මෙම ක්‍රමය මඟින් වෛරසයේ ඇති බව තහවුරු කිරීම සඳහා ස්පයික් (S), Enveloped (E) සහ Nucleocapsid (N) වැනි විශේෂිත ජාන හඳුනා ගනී. කෙසේ වෙතත්, ඔමික්‍රෝන් නම්, S ජානය දැඩි ලෙස විකෘති වී ඇති බැවින්, සමහර ප්‍රාථමිකයන් S ජානය නොමැති බව පෙන්නුම් කරන ප්‍රතිඵල වලට හේතු විය හැක (S ජානය පහත වැටීම ලෙස හැඳින්වේ). මෙම විශේෂිත S ජානය පහත වැටීමත් සමඟ අනෙකුත් වෛරස් ජාන හඳුනාගැනීමත් ඔමික්‍රෝන් හි රෝග විනිශ්චය ලක්ෂණයක් ලෙස භාවිතා කළ හැකිය. කෙසේ වෙතත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ අවසාන තහවුරු කිරීම සඳහා ප්‍රවේණි අනුක්‍රමය අවශ්‍ය වේ.

    • නව VoC ගැන අප කෙතරම් සැලකිලිමත් විය යුතුද?

    නිරීක්ෂණය කරන ලද විකෘති, වැඩි වූ සම්ප්‍රේෂණ සහ ප්‍රතිශක්තිකරණ මගහැරීමේ ඒවායේ පුරෝකථනය කරන ලද ලක්ෂණ සහ නැවත ආසාදනය වැඩි වීම වැනි කොවිඩ්-19 වසංගත රෝග විද්‍යාවේ හානිකර වෙනස්වීම් පිළිබඳ මූලික සාක්ෂි මත පදනම්ව ඔමික්‍රෝන් VoC ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඉස්මතු කිරීම වැදගත් වේ. වැඩි සමනය කිරීම සහ ප්‍රතිශක්තිකරණ මග හැරීම සඳහා නිශ්චිත සාක්ෂි බලාපොරොත්තු වේ.

    • අප ගත යුතු පූර්වාරක්ෂාවන් මොනවාද?

    පූර්වාරක්ෂාව සහ ගත යුතු පියවර පෙර පරිදිම පවතී. ඔබ නිසි ලෙස මුහුණු ආවරණ කිරීම, එන්නත් මාත්‍රා දෙකම ගැනීම (තවමත් එන්නත් කර නොමැති නම්), සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ හැකි උපරිමයෙන් හොඳ වාතාශ්‍රයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

    • තුන්වන රැල්ලක් එයිද?

    දකුණු අප්‍රිකාවෙන් පිටත රටවලින් ඔමික්‍රෝන් රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා වන අතර එහි ලක්ෂණ අනුව එය ඉන්දියාව ඇතුළු තවත් රටවලට ව්‍යාප්ත වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, සිදුවීම්වල වැඩිවීමේ පරිමාණය සහ විශාලත්වය සහ වඩාත්ම වැදගත් වන්නේ ඇතිවන රෝගයේ බරපතලකම තවමත් පැහැදිලි නැත. තවද, ඉන්දියාවේ එන්නත් කිරීමේ වේගවත් බව සහ ඉහළ සෙරොපොසිටිවිටි මගින් පෙන්නුම් කරන පරිදි ඩෙල්ටා ප්‍රභේදයට අධික ලෙස නිරාවරණය වීම හේතුවෙන්, රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, විද්‍යාත්මක සාක්ෂි තවමත් වර්ධනය වෙමින් පවතී.

    • දැනට පවතින එන්නත් ඔමික්‍රෝන් වලට එරෙහිව ක්‍රියා කරයිද?

    දැනට පවතින එන්නත් ඔමික්‍රෝන් මත ක්‍රියා නොකරන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, ස්පයික් ජානය මත වාර්තා වී ඇති සමහර විකෘති නිසා පවතින එන්නත් වල කාර්යක්ෂමතාව අඩු විය හැක. කෙසේ වෙතත්, එන්නත් ආරක්ෂණය ප්‍රතිදේහ මගින් මෙන්ම සෛලීය ප්‍රතිශක්තිය මගින්ද සිදු වේ, එය සාපේක්ෂව වඩා හොඳින් සංරක්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එන්නත් තවමත් දරුණු රෝගවලට එරෙහිව ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර, පවතින එන්නත් සමඟ එන්නත් කිරීම ඉතා වැදගත් වේ.

    • ඉන්දියාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

    ඉන්දීය රජය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර වරින් වර සුදුසු මාර්ගෝපදේශ නිකුත් කරයි. මේ අතර, විද්‍යාත්මක සහ වෛද්‍ය ප්‍රජාව රෝග විනිශ්චය සංවර්ධනය කිරීම සහ යෙදවීම, ප්‍රවේණික නිරීක්ෂණ සිදු කිරීම, වෛරස් හා වසංගත රෝග ලක්ෂණ පිළිබඳ සාක්ෂි ජනනය කිරීම සහ ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීම සඳහා සූදානම් වේ.

    • ප්‍රභේද ඇතිවන්නේ ඇයි?

    විචල්‍යයන් පරිණාමයේ සාමාන්‍ය කොටසක් වන අතර වෛරසයට ආසාදනය කිරීමට, ප්‍රතිවර්තනය වීමට සහ සම්ප්‍රේෂණය කිරීමට හැකි තාක් කල්, ඒවා දිගටම පරිණාමය වනු ඇත. තවද, සියලුම ප්‍රභේද භයානක නොවන අතර බොහෝ විට, අපි ඒවා නොදකිමු. ඔවුන් වඩාත් බෝවන විට හෝ මිනිසුන් නැවත ආසාදනය කළ හැකි විට පමණක් ඔවුන් ප්‍රමුඛත්වය ලබා ගනී. ප්‍රභේද උත්පාදනය වැළැක්වීම සඳහා වැදගත්ම පියවර වන්නේ ආසාදන සංඛ්‍යාව අඩු කිරීමයි.

    indianewsnetwork

  • ඉන්දීය අගමැති මෝදි සහ රුසියානු ජනාධිපති පුටින් ලබන සතියේ නවදිල්ලියේදී හමුවේ

    ඉන්දීය අගමැති මෝදි සහ රුසියානු ජනාධිපති පුටින් ලබන සතියේ නවදිල්ලියේදී හමුවේ

    සමුළුව ඉන්දියාවේ සහ රුසියාවේ මාරුවෙන් මාරුවට වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයකි, නමුත් මෙවර එය සිදුවන්නේ විවේකයකින් පසුවය, අවසන් වරට පැවැත්වුණේ 2019 දී ය.

    සඳුදා පැවැත්වෙන 21 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සහ අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලි නුවරදී හමුවීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

    “දෙසැම්බර් 6 වෙනිදා, 21 වැනි වාර්ෂික ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වෙන අතර, සමුළුව සඳහා ජනාධිපති පුටින්ව නවදිල්ලියට පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු,” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි බ්‍රහස්පතින්දා සිය සතිපතා මාධ්‍ය හමුවේදී පැවසීය.

    “නායකයින් ද්විපාර්ශ්වික සබඳතාවල අපේක්ෂාවන් සමාලෝචනය කරනු ඇත.දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මාර්ග සාකච්ඡා කරනු ඇත. මෙම සමුළුවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය, බහුපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

    සමුළුව අවසානයේ දී අවබෝධතා සහ ගිවිසුම් ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයක් සහ සමුළුවට සමගාමීව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට යෝජිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා දන්වා සිටියේය.

    ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසින් උදෑසන ඉන්දීය-රුසියා අන්තර්-රාජ්‍ය හමුදා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ (IRIGC-MTC) සම සභාපතිත්වයෙන් දිනය ආරම්භ වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක පැවසීය.

    සඳුදා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන බව බග්චි පැවසීය.

    මෙම රැස්වීම්වලින් අනතුරුව විදේශ අමාත්‍යවරුන් සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර අලුතින් ආරම්භ කරන ලද ඉන්දියා-රුසියා 2+2 සංවාද යාන්ත්‍රණයේ සමාරම්භක රැස්වීම ද පැවැත්වෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    “ඇමතිවරුන් දෙදෙනාම ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන සහ ආරක්ෂක ගැටළු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. එවැනි ආකෘතියක් අපට ඇත්තේ ඉතා සුළු රටවල් සමඟයි, ”ඔහු සඳහන් කළේය.

  • ගෑස් බෙදාහරින්න පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

    ගෑස් බෙදාහරින්න පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව හෙට (05) සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ.

    මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඊයේ (04) නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

    නව කොන්දේසි අනුව

    1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම,
    2. නව තොග නිකුත් කිරීමට පෙර ප්‍රමිතියට අනුකූලව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීමටත්
    3. ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම 100 කින් එකක්ම පරීක්ෂා කර අංකනය කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාරදීම, යන කොන්දේසි පනවා ඇත.

    මෙම කරුණු සපුරා ගැනීම සඳහා සහ ගෑස්වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා පත් කළ කමිටුව දැනුවත් කිරීමෙන් පසු එම කමිටුවේ අධීක්ෂණයෙන් ගෑස් කිරීමටත් එම කමිටුවට ඕනෑම අවස්ථාවක ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කළ හැකි ආකාරයට අදාල සමාගම් කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

  • ඥානසාර හිමියන්ට නැගෙනහිර ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක්

    ඥානසාර හිමියන්ට නැගෙනහිර ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක්

    “එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය  සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය.

    “එක  රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම ඊයේ (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ.

    ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් කෙරිණ.

    “එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය  සාධක බලකාය අදහස් ගැනීමට නැගෙනහිරට ද  පැමිණීම පළාතේ ජනතාවට දැක්වූ  ගෞරවයක් ලෙස  සලකන බව ඔවුහු ප්‍රකාශ කළහ.

    බදුරියා ජුම්මා පල්ලිය – කාත්තණ්කුඩිය – 06, කල්මුණේ පල්ලිය සහ කඩට්කරයි පල්ලිය ඇතුළු ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන කීපයක් වෙත කාර්ය සාධක බලකායේ සාමාජිකයන් කැඳවාගෙන ගොස්, සුහදව අදහස් හුවමාරු කර ගත්හ. එහිදී විශේෂ ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද පළ කිරීම ද සිදු කෙරිණ.

    මෙහිදී අදහස් දැක්වූ කාර්ය සාධක බලකායේ සභාපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් දීමට වත්මන් ජනාධිපතිවරයා අවංක උත්සාහයක නිරත වන බවයි. සැබෑ සාමයක් සංහිඳියාවක් අපේක්ෂා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ, දමිල ස්වාමිවරු, මුස්ලිම් මවුලවිවරු, ක්‍රිස්තියානි පියතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයන් එක්ව එක රටක් එක නීතියක් ඉල්ලා මේ අවස්ථාවේ පෙරමුණ ගත යුතු බව ද උන්වහන්සේ පැවසූහ. අද අප විඳින දුක් වේදනා අනාගත දරු පරපුරට උරුම නොකළ යුතු බව ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

    ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක  බලකාය, මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළේය.

    අනතුරුව දින  තුනක් තිස්සේ පැවති නැගෙනහිර පළාතේ අදහස් විමසීම අදින් අවසන් වෙයි .  ඉදිරියේ දී ඉතිරි පළාත්වල ජනතා අදහස් විමසීමට නියමිතය.

    මෙම අවස්ථාවට කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනෙවිය සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන  විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම් පිල්ලෙයි දයානන්ද රාජා, යෝගීෂ්වරී පත්ගුණරාජා, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ

  • නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට

    නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට

    2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ.

    මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.

    ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.

    විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ මේ වන විට සාකච්ඡාවල නිරතව සිටියි.

  • LPL ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පමණයි

    LPL ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පමණයි

    එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පස්වරු 5.00 දක්වා මෙම ප්‍රවේශපත්‍ර කවුළුව විවෘතව පවතියි.

    රුපියල් 300, රුපියල් 1000, රුපියල් 2000,  රුපියල් 3000, සහ රුපියල් 5000 ක් යන මිල ගණන් කාණ්ඩ 5 ක් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවී තිබේ. නැතහොත් bookmyshow.com හෝ daraz.lk යන වෙබ් අඩෙවි වලින්ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව පවතින අතර ඒ සියලු ප්‍රවේශ පත්‍ර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කොට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පමණක් නිකුත් කෙරෙනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමිවේ. කෙසේ වෙත්ත එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.

    කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ සමාරම්භය ඉකුත් වසරේ ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් වන ගෝල් ග්ලැඩියේටර් අතර තරගයෙන් දෙසැම්බර් 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30 ට ආරම්භ වේ. ප්‍රවේශ පත්‍ර ලාභී සියලු ක්‍රීඩා ලෝලීන්ට ප.ව. 6.00 ට පැවැත්වෙන දර්ශණීය සමාරම්භක උත්සවය නැරඹීමේ අවස්ථාවද හිමිවේ. එබැවින් ප.ව. 4.00 සිට ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවස්ථාව උදාවනු ඇත.

  • ලොව ජීවන වියදම වඩාත්ම අධික නගර සහ මිල අඩුම නගර නම් කෙරේ

    ලොව ජීවන වියදම වඩාත්ම අධික නගර සහ මිල අඩුම නගර නම් කෙරේ

    ටෙල් අවිව් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඊශ්‍රායලයේ මුදල් ඒකකයේ අගය ඉහළ යෑම යි

    වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම්කර ඇත.

    ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව, ගිය වසරේ ‘මිල අධික නගර’ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටි ටෙල් අවිව් මේ වන විට මෙතෙක් පළමු ස්ථානයේ සිටි පැරීසිය සිංගප්පූරුව සමග සමදෙවැනි ස්ථානයට තල්ලුකර දමා ප්‍රථම ස්ථානයට පැමිණ ඇත. එය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පළමු වරට යි.

    යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ දමස්කස් නගරය ලෝකයේ ජීවත්වීමට ‘ලාබම නගරය’ යන ස්ථානයේ තවමත් රැඳී සිටියි.

    සමීක්ෂණය මඟින් නගර 173ක භාණ්ඩ හා සේවා සඳහා වන පිරිවැය ඇමෙරිකානු ඩොලර්වලින් සංසන්දනයකර ඇත.

    EIU ප්‍රකාශ කරන පරිදි, එම නගරයේ සාමාන්‍ය බඩු මිල ගණන් එහි මුදලට සාපේක්ෂව 3.5%කින් ඉහළ ගොස් ඇතැ යි අගෝස්තුවේ සහ සැප්තැම්බරයේ ඔවුන් රැස්කළ දත්තවලින් පෙන්නුම්කර තිබේ – පසුගිය පස් වසර තුළ එරටින් වාර්තා වූ වේගවත්ම උද්ධමන අගය එය යි.

    සමීක්ෂණයට භාජනය වූ නගරවලින් විශාලතම මිළ වැඩිවීම නිරීක්ෂණය වී ඇත්තේ ප්‍රවාහනය සම්බන්ධයෙනි. පෙට්‍රල් ලීටරයක මිල 21%ක සාමාන්‍යයකින් ඉහළ යෑම මිට හේතුවී තිබේ.

    ටෙල් අවිව් EIUහි ලෝක ජීවන වියදම් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට නැගීමෙන් ප්‍රධාන වශයෙන් පිළිබිඹු වන්නේ, ඩොලරයට සාපේක්ෂව ඊශ්‍රායලයේ මුදල් ඒකකය වන ෂෙකල්හි වටිනාකම ඉහළ යනබව යි. විශේෂයෙන්ම සිල්ලර බඩු ද ඇතුළුව, එරට වෙළඳපොළේ භාණ්ඩවලින් 10%ක පමණ ප්‍රමාණයක මිළ ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.

    ටෙල් අවිව් මධ්‍යසාර සහ ප්‍රවාහනය සඳහා දෙවැනියට මිළ අධිකම නගරයබව ද, පුද්ගලික සනීපාරක්ෂක අයිතම සඳහා පස්වැනියටත්, විනෝදාස්වාදය සඳහා සයවැනියටත් මිළ අධිකම නගරයබව ද සමීක්ෂණයෙන් හෙළිවිය.

    වරක් ටෙල් අවිව්හි නගරාධිපති රොන් හුල්ඩයී හ’අරෙස් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී, ඉහළ නගින දේපල මිළ ගණන්වලින් අදහස් වන්නේ නගරය “බිඳ වැටීමක්” කරා ගමන් කරන බවයැ යි අනතුරු ඇඟවූයේ ය. EIUහි ගණනය කිරීම්වලට දේපල මිල අයත් නොවේ.

    “මුළු රටේම ජීවන වියදම ඉහළ යන විදියටම, ටෙල් අවිව් නගරයේත් ජීවන වියදම වඩ වඩාත් ඉහළ යාවි,” ඔහු පැවසුවේ ය.

    “මූලිකම ගැටලුව තමයි ඊශ්‍රායලයට විකල්ප නාගරික මධ්‍යස්ථානයක් නැති එක. එක්සත් ජනපදයේ තියෙනවා නිව් යෝක්, චිකාගෝ, මයෑමි වගේ නගර. බ්‍රිතාන්‍යයට ග්‍රේටර් ලන්ඩන්, මැන්චෙස්ටර්, සහ ලිවර්පූල් තියෙනවා. ඒ රටවල දී එක නගරයක ජීවන වියදම අධික නම් ඔබට වෙනත් නගරයකට මාරු වෙන්න පුළුවන්.”

    ගිය වසරේ EIU සමීක්ෂණයේ දී, පැරීසිය, සුරිච්, සහ හොංකොං සම-ප්‍රථම ස්ථානය දිනාගත්තේ ය. මෙවසරේ සුරිච් සහ හොංකොං පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථානයන් හිමිකර ගෙන සිටින අතර, ඉන් පසු ස්ථානයන් නිව් යෝක් (ඇමරිකා එක්සත් ජනපදය), ජිනීවා (ස්විට්සර්ලන්තය), කෝපන්හේගන් (ඩෙන්මාර්කය), ලොස් ඇන්ජලස් (ඇ.එ.ජ.), සහ ඔසාකා (ජපානය) යන නගරවලට හිමිව තිබේ.

    ශ්‍රේණිගතකිරීම්වල වැඩිම දුරක් ඉහළට පැමිණියේ ඉරානයේ ටෙහ්රාන් නුවර යි. එක්සත් ජනපදයෙන් පැනවූ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානයේ භාණ්ඩ හිඟයක් ඇතිවීම සහ ආනයන මිල ඉහළ යාම නිසා ටෙහෙරානය 79 වන ස්ථානයේ සිට 29 වන ස්ථානයට පැමිණ ඇත.

    කොරෝනාවෛරස වසංගතය විසින් ඇති කරන ලද වෙනස්කම් ද මෙම ශ්‍රේණිගතකිරීම්වල දී සලකා බැලෙන බව EIU පවසයි.

    “COVID-19ට එරෙහි එන්නත්කරණයත් සමග බොහෝ ආර්ථිකයන් මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද, ලෝකයේ ප්‍රධාන නගර තවමත් රෝගීන්ගේ නිරන්තර වැඩිවීම් අත්විඳින අතර, එය නැවතත් සමාජ සීමාවන් පැනවීමට හේතුවෙයි. මෙනිසා බොහෝ නගරවල භාණ්ඩ සැපයුම අඩාල වී ඇති අතර, එය භාණ්ඩ හිඟයටත්, ඉහළ මිල ගණන්වලටත් තුඩු දෙයි.”

    “පාරිභෝගික ඉල්ලුමෙහි උච්චාවචනය ද මිලට ගැනීමේ පුරුදු කෙරෙහි බලපාන අතර, ආයෝජක විශ්වාසය මුදලට බලපෑම් කරමින්, ඉහළ යන මිල තවත් ඉහළ දමයි,” EIU වැඩි දුරටත් සඳහන් කළේ ය.

    උද්ධමනය වැළැක්වීම සඳහා මහ බැංකු සුපරීක්ෂාකාරීව පොලී අනුපාත ඉහළ දැමීම නිසා, ඉදිරි වසර තුළ මිල ගණන්හි ඉහළ යෑම අඩුවනු ඇතැ යි අපේක්ෂා කරනබව ද EIU පැවසීය.

    ජීවන වියදම අධිකම නගර පහ

    • ටෙල් අවිව් (ඊශ්‍රායලය)
    • පැරීසිය (ප්‍රංශය) සහ සිංගප්පූරුව
    • සුරිච් (ස්විට්සර්ලන්තය)
    • හොංකොං (චීනය)

    ජීවන වියදම වඩාත්ම අවම නගර පහ

    • ඩැමස්කස් (සිරියාව)
    • ට්‍රිපොලි (ලිබියාව)
    • ටෂ්කෙන්ට් (උස්බෙකිස්ථානය)
    • ටියුනිස් (ටියුනීසියාව)
    • අල්මාටී (කසකස්ථානය)
    • text by – bbc sandesaya
  • මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

    මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

    19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත.

    නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි.

    එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර ඇති සාවද්‍ය ආකාරය මඟිනි.

    ඩයිනොසෝරයින් පිළිබඳව තවමත් පවතින වැරදි මත කිහිපයක් මෙන්න.

    සියලුම ඩයිනෝසරයන් මියගියේ කුප්‍රකට ග්‍රහකය නිසා ද?

    Artistic representation of dinosaurs witnessing the impact of an asteroid
    ග්‍රහකයක් වැදුන දවසට ඩයිනෝසරයන් ඔක්කොම ඉවරයි ද?

    මීට වසර මිලියන 66කට පමණ පෙර, ඩයිනෝසෝරයන්ට ඉතාමත් නරක දිනයක් උදා විණි. විෂ්කම්භය කිලෝමීටර 10ක් පමණ බවට මේ වන විට ඇස්තමේන්තුකර ඇති විශාල ග්‍රහකයක් කෙලින්ම පෘථිවියට පතිත විය. මෙම ග්‍රහකය ගැටීමෙන්, මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයට යටින් දැවැන්ත ආවාටයක් නිර්මාණය වූ අතර, ‘මහා නෂ්ටවීමක්’ ද සිදු විණි.

    කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියේ සතුන්ගෙන් 75%ක් ‘පමණක්’ මෙම සිදුවීමෙන් මියගිය බව යි. දිවි ගලවාගත් සත්ත්වයන් අතර සමහර ඩයිනෝසෝරයෝ ද වූහ.

    “ග්‍රහකය වැදී බොහෝ ඩයිනෝසරයන් මියගියා වුණත්, ඉතා කුඩා හා පිහාටු සහිත වැදගත් ඩයිනෝසරයන් සමූහයක් දිගටම ජීවත් වුණා. ඔවුන් අදටත් අපිට දකින්නට ලැබෙනවා” යි, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ පාෂාණ ධාතු විද්‍යාඥයෙකු වන මහාචාර්ය පෝල් බැරට් බීබීසීයට පැවසුවේ ය.

    A woodpecker carving out a nest
    කුරුල්ලන් බවට පරිණාමය වූ කුරුළු ඩයිනෝසෝරයන් මීට වසර මිලියන 66 කට පෙර පෘථිවියේ ඇති කළ විනාශකාරී ග්‍රහක බලපෑමෙන් බේරී ඇත.

    “පක්ෂීන් යනු ඩයිනෝසෝරයන් අයත් වූ කණ්ඩායමෙන් සෘජුව පැවතෙන සාමාජිකයින්.”

    “ඔවුන් ජීවමාන ඩයිනෝසෝරයන් වනවා වගේම, වර්තමානයේ ජීවත් වන පක්ෂීන් විශේෂ ගණන අනුව බැලුවම මීට වසර මිලියන 66කට පෙර හිටපු ඩයිනෝසෝර විශේෂවලට වඩා වැඩි සංඛ්‍යාවක් ඩයිනෝසෝර විශේෂ‍යන් වර්තමානයේ ඉන්නවා.”

    නොසෙල්වී සිටීම මඟින් ටිරනොසෝරස් රෙක්ස් ඩයිනෝසරයෙකුගෙන් සැඟවිය හැකි ද?

    ‘ටිරොනොසෝරස් රෙක්ස්’ (T-Rex) යනු 1993 දී නිකුත්ව අති සාර්ථක වූ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ තාරකාව යි. ඌ එහි ප්‍රධාන මිනිස් චරිත භීතියට පත් කරනු දැක්වෙන අමතක නොවන අන්දමේ දර්ශන රැසක් ද වේ.

    Scene from the 1993 movie Jurassic Park shows a T-Rex looking at a man
    ඔබට කවදාවත් ටී-රෙක්ස් කෙනෙකු හමු වීමට නොහැකි වෙයි එහෙත් මතක තබා ගන්න ටී-රෙක්ස්ට ඔබව හොඳට පෙනෙන බව

    නමුත් චිත්‍රපටයේ T-Rex නිරූපණය කර තිබුණේ දුර්වල දෘෂ්ටියක් ඇති සත්ත්වයෙකු ලෙසට ය. චිත්‍රපටයට අනුව ඌට ගොදුර හඳුනාගත හැක්කේ, ගොදුර චලනය වුවහොත් පමණි.

    ඇත්ත වශයෙන්ම එවැනි ලක්ෂණ උභයජීවීන් වැනි සතුන් තුළ පවතින නමුත්, මහාචාර්ය බැරට් පවසන්නේ මෙම විලෝපිකයන් සම්බන්ධයෙන් එය එසේ නොවූ බව යි.

    “ඩයිනෝසරයන් බොහෝ දුරට ඉතා හොඳ දෘශ්‍ය තීව්‍රතාවයක් තියෙන්නට ඇති. මීට වසර 15කට කලින් කරපු එක් අධ්‍යයනයකින් පෙන්වන්නේ, මෙතෙක් ජීවත් වූ සතුන් අතුරින් හොඳම ඇස් පෙනීම තිබුණේ ටී-රෙක්ස්ට විය හැකි බව යි.”

    “ටී-රෙක්ස් එකෙක් ඉස්සරහා නිශ්චල ව සිටගෙන ඉන්න එක ඔබට කළ හැකි මෝඩම වැඩලින් එකක් වෙන්න පුළුවන්.”

    ටිරනොසෝරස් රෙක්ස්ට ගමන් කරන වාහනයක් පසුකර දිවිය හැකි ද?

    Illustration of a T-Rex chasing prey
    ටී-රෙක්ස් ට හොඳට හයියෙන් දුවන්න පුලුවන් බව ඇත්ත එහෙත් චිත්‍රපට වල පෙන්වන තරම් වේගෙයෙන් නම් නෙමෙයි

    එමෙන් ම, චිත්‍රපටයේ සිටින ටී-රෙක්ස් ධාවනය වන වාහනයක් පසුකර දුවන දර්ශනයක් ද ඇතුළත් වේ.

    සත්‍යවශයෙන්ම මින් පෙර සිදුකළ අධ්‍යනයයන්ට අනුව, මෙම ප්‍රබල විලෝපිකයාට පැයට කිලෝමීටර 50ක වේගයෙන් දිව යා හැකි බව ඇස්තමේන්තුකර තිබිණි.

    මෑතකාලීන, වඩාත් දියුණු අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ, පැයට කිලෝමීටර් 20 සිට 29 දක්වා වූ වඩාත් මන්දගාමී වේගයකි.

    “ඔබට දුවන්නට හැකි ඉහළම වේගය එකක්, ඔබට වැඩි කාලයක් දුවන්නට හැකි සුවපහසු වේගය තවත් එකක්බව මතක තියාගන්න එක වැදගත්,” යේල් විශ්වවිද්‍යාලයයේ පීබොඩි ජාතික ඉතිහාස කෞතුකාගාරයේ සංරක්ෂණ නිලධාරිනියක වන ආචාර්ය මරියානා ඩි ජියාකොමෝ පවසයි.

    “මැරතන් ධාවකයන් කෙටි දුර ධාවකයන් තරම් වේගයෙන් දුවන්නේ නැහැ. අනික කෙටිදුර ධාවන තරග ඉතාමත් කෙටියි. මොකද, එවැනි අධික වේගයක් දිගු කාලයක් පවත්වා ගැනීම අපේ ශරීරයට අපහසු යි.”

    “ටී-රෙක්ස්ට වේගයෙන් කෙටි දුරක් දිවීමේ හැකියාව තිබුණා වෙන්නට හැකියි. නමුත් ඒ වේගය ධාවනය වන මෝටර් රථයක් අභිබවා යාමට ප්‍රමාණවත් වන එකක් නැහැ” යි ඇය වැඩිදුරටත් පවසන්නී ය.

    අපට ඩයිනසෝරයෙකු ක්ලෝන කළ හැකි ද?

    "Do not feed the dinosaurs" sign
    ඩයිනෝසෝරයන් ක්ලෝනීකරණය කිරීම වළක්වන ප්‍රායෝගික බාධක කිහිපයක් තිබේ

    ටී-රෙක්ස් මෙලොවින් වඳ වී යන්නේ මානව සංහතිය ඇතිවීමට ද වසර මිලියන ගණනකට පෙර වනවා සේම, ටී-රෙක්ස් සහ අප නුදුරු අනාගතයේ හමුවීමට ඉඩක් ද නැත. ජුරාසික් පාක් චිත්‍රපටය කෙසේ කීව ද, තවමත් ඩයිනෝසෝරයන් ක්ලෝන කළ නොහැකි බව විද්‍යාඥයන් දැඩිව ප්‍රකාශ කර සිටියි.

    එයට ප්‍රධානතම හේතුව වන්නේ ඩයිනසෝර DNA කාලයත් සමග හොඳින් සුරක්ෂිත වී නො තිබීම යි.

    “අප දන්නා පරිදි ඒවා [ඩයිනොසෝර DNA] දිගු කලක් නොනැසී පවතින්නේ නැහැ,” මහාචාර්ය බැරට් පැහැදිලි කරයි.

    “ෆොසිලවලින් හමුවූ, අපි දන්නා පැරණිතම DNA අවුරුදු මිලියන දෙකක් පමණ පැරණි යි. ඒ වගේම ඒ DNA බැක්ටීරියාවල කොටස්, පස, දිලීර කොටස් වැනි ඒවා…”

    සතුන් සඳහා පවතින පැරණිතම ජාන දත්ත ඇත්තේ, වසර 50,000කට පෙර මියගිය ජීවීන් සඳහා බව මහාචාර්ය බැරට් පවසයි.

    “අප අපගේ කාලයට වඩා සමීප සත්ත්වයන්ගේ හැර, වඳ වී ගිය වෙනත් කිසිදු සතෙකුගේ හෝ ශාකයක DNA අප සතුව නැහැ.”

    “ඉතින්, ඒ ගැන මම බලන්නෙ තරමක් සැකෙන්” ඔහු අවසන් වශයෙන් කියා සිටියේ ය.

    ආචාර්ය ඩි ජියාකොමෝ මේ අදහසට එකඟ වෙමින් පවසන්නේ, ඩයිනොසෝර ජාන සම්බන්ධයෙන් විද්‍යාත්මක පෙරළියක් සිදුවුව ද, ක්ලෝනකරණය සාර්ථකව සිදුකළ නොහැකි වීමේ ඉඩක් ඇති බව යි.

    “අපට වඩා ඉතාමත්ම ඈත භූ විද්‍යාත්මක කාලයකට අයත් ජීවී විශේෂ ක්ලෝනීකරණය ඉතාමත් සංකීර්ණ යි. මොකද ඒ කාලය පිළිබඳව අපි නොදන්නා විචල්‍යයන් වැඩි යි.”

    එමෙන් ම ඇය ඇති විය හැකි සදාචාරාත්මක ගැටලු ද සඳහන් කරයි.:

    “ජුරාසික් පාර්ක් සහ ජුරාසික් වර්ල්ඩ් වැනි චිත්‍රපට මිනිසුන්ට ඇති වන පීඩා සහ ප්‍රතිවිපාක පෙන්වා දෙමින්, අපට එවැන්නක් නොකිරීමට සියලු හේතු ලබා දෙනවා. ඒ වගේම මේ සත්ත්වයන්ගේ කාලය තුළ ඔවුන් නො දුටු, ඔවුන්ට නුහුරු ලෝකයකට ඔවුන්ව ගෙනඒම කුරිරුබව ගැන එතරම් සාකච්ඡා කෙරෙන්නේ නැහැ.”

    ඩයිනෝසෝරයන් “අඥානජීවීන්” ද?

    Drawing of a Troodon skeleton
    Troodon වැනි, මස් කන, කුඩා ඩයිනෝසෝරයන් තරමක් බුද්ධිමත් යැයි සැලකේ.

    තාක්ෂණික දියුණුවත් සමග, ඩයිනෝසෝරයන් ජීවත් වූ ආකාරය සහ හැසිරුණු ආකාරය පිළිබඳව වටහා ගැනීමට විද්‍යාඥයින්ට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව ආචාර්ය ඩි ජියාකොමෝ පැහැදිලි කරයි.

    “ඔක්කොම ඩයිනෝසෝරයන් ඉතාමත්ම බුද්ධිමත් නොවුණා වගේම, ඩයිනෝසෝරයන් සියලුදෙනාම බුද්ධියෙන් හීන වූවන් වුණේත් නැහැ.”

    “ඔවුන් ජීවත් වූ ලෝකය සඳහා අවශ්‍ය තරමේ තරම් බුද්ධියක් ඔවුන් සතු වුණා.”

    සමහර ඩයිනෝසෝරයන් “ඇත්ත වශයෙන්ම සැලකිය යුතු තරම් බුද්ධිමත්” බව මහාචාර්ය බැරට් වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම, ප්‍රමාණයෙන් කුඩා, මාංශභක්ෂක ඩයිනෝසරයන් ඒ ගොඩට වැටේ.

    “ඔවුන්ගෙන් සමහරක් විශේෂයන් විශාල සතුන් සමග තරග කරන්නට සිදුවීමෙන් වැළකෙන්නට රාත්‍රියේ දඩයම් කරන්නට ඇති. එසේ කිරීමට නම්, වඩා හොඳින් තොරතුරු ග්‍රහණය කරගත හැකි මොළයක් මෙන්ම, වඩා හොඳ ශ්‍රවණ හැකියාවක්, පෙනීමක් සහ ඉවක් තිබිය යුතු යි.”

    ඩයිනෝසෝරයන් නරක මව්පියන් ද?

    Illustration of a Maiasaura and its offspring
    Maiasaura යන නම් යොදා ඇත්තේ ඔවුන් “හොඳ මාපියන්” ලෙසට හැසිරී ඇතැයි ඇති සාක්ෂි නිසාය

    ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පිළිගැනුණේ, ඩයිනෝසෝරයන් යනු සැබවින්ම යහපත් දෙමව්පියන් ලෙස කටයුතු නො කළ හුදෙකලා සතුන් ලෙසට ය.

    නමුත්, 1970 සහ 1980 ගණනවල දී සිදුකළ සොයාගැනීම් මඟින්, ඔවුන්ට වඩාත් සංකීර්ණ සමාජ හැසිරීම් තිබූ බව අනාවරණය විය.

    “මයසෝරා” යනු මීට වසර මිලියන 77 කට පෙර ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ශාක භක්ෂක ඩයිනෝසෝරයෙකි. මයසෝරා යනු ග්‍රීක සහ ලතින් භාෂාවෙන් “හොඳ කටුසු මව” යන්න යි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී Scientific Reports සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වඩාත් මෑත අධ්‍යයනයක් හෙළිදරව් කළේ, වසර මිලියන 193කට පෙර ජීවත් වූ ඩයිනෝසෝරයන් රංචු වශයෙන් සංවිධානය වී ඔවුන්ගේ පැටවුන් පෝෂණය කර ඇති බව යි.

    “වර්ථමානය වන විට අපට ඩයිනෝසෝරයන් ගැන හොඳ අවබෝධයක් ලැබී තිබෙනවා. අවම වශයෙන් සමහර ඩයිනෝසෝරයන් හොඳ මව්පියන් බව අපි දැන් දන්නවා,” යි මහාචාර්ය බැරට් පවසයි.

    “එහෙම නැති අය හිටි බවත් සත්‍යයක්.”

    ආචාර්ය ඩි ජියාකොමෝ පවසන්නේ “තමන්ගේ දරුවන් බලාගත්” ඩයිනෝසෝරයන් පිළිබඳව ද වාර්තා වී ඇති බව යි.

    “මව්පියන් ලෙස කටයුතු කළ වෙනත් විශේෂයන් ද සිටිනවා. ඇලෝසෝරස් වැනි විලෝපිකයන් ද ඊට ඇතුළත්,” ඇය පවසන්නී ය.

    “ඇත්ත වශයෙන්ම, සිටිපටි ඔස්මෝල්ස්කේ නම් ඩයිනෝසෝරයා “බිග් මමා” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙනවා. ඌ හමුවුණේ උගේ බිත්තරවලට උඩින් හිඳගෙන ඒවා ආරක්ෂා කරමින් සිටින ඉරියව්වෙන්.”

    bbc sandesaya