Blog

  • ‘සෝබර්ස්-තිසේරා’ කුසලානට ලංකාවම රදවා ගනී

    ‘සෝබර්ස්-තිසේරා’ කුසලානට ලංකාවම රදවා ගනී

    බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෝබර්ස් – තිසේරා කුසලානද ශ්‍රී ලංකාවේම රඳවා ගැනීමට සමත්වූහ.

    2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුසන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහභාගිවුණු පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරගාවලියේ තරග 2 ම ජය ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා පිල මේ වන විට ප්‍රසාද ලකුණු 24 ක් ලබා ගෙන සිටියි.

    ජය පැරදුමෙන් තොර තරගාවසානයක් බලාපොරොත්තුවෙන් කොදෙව් පිතිකරුවන් ක්‍රීඩා කළද දිවා ආහාරයෙන් පසු එකම පන්දුවාරයකදී කඩුලු 3 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ඒ සියලු බලාපොරොත්තු සුළඟේ පා කර යැවීය. පළමුව ෂායි හෝප් සහ රොස්ටන් චේස් දවා ගත් රමේෂ්, මෙම ටෙස්ට් තරග මාලාවේ තෙවැනි වතාවටත් කඩුලු ත්‍රිත්වයක් අභිමුවට පැමිණියේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි කයිල් මේයර්ස් කඩුලු ත්‍රිත්වයෙන් බේරීමට සමත් වූ නමුත් ඔහුට පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ තවත් පන්දු 3 ක් පමණි.

    එතැන් පටන් කඩා වැටීම පමණක් තිබු කොදෙව් ඉනිම තේ පානයට පෙර අවසන් කිරීමට රමේෂ් සහ ඇඹුල්දෙණිය දෙදෙනා සමත්වූහ. අවසන් කඩුලු 8 ලකුණු 40 කදී බිඳ දැමූ දඟ පන්දු යවන්නන් දෙදෙනා කොදෙව් දෙවැනි ඉනිම පන්දුවාර 56.1 කදී ලකුණු 132 කට සීමා කළහ.

    සමස්ථ තරගයේදී ලකුණු 136 කට කඩුලු 11 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගද්දී දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම තරගයේ දවා ගන්නා ලද කඩුලු 11 ත් සමඟ මෙන්ඩිස් කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 18 ක් බිඳ හෙළීමට සමත්වූවේය. දිනය ආරම්භයේදී කොදෙව් පිලට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි අපේක්ෂිත වුවත් නැවතත් සිය ඉනිම ඇරැඹි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 124 ක වාර්තා ගත සම්බන්ධතාවක් එක් කිරීමට ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය සමත්වූහ. ඔවුන් විසින් අද බිඳ හෙළන ලද්දේ තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් විසින් 2010 වසරේදී ඉන්දියාවට එරෙහිව සරා පිටියේ පැවැති තරගයේ ලබා ගන්නා ලද ලකුණු 118 ක සම්බන්ධතාව විය. ඇඹුල්දෙණියගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවමින් කොදෙව් පිල හමුවේ ලකුණු 297 ක ඉලක්කයක් ලබා දුන්නේය. ඉනිම නතර කරන විටත් ධනජය ද සිල්වා නොදැවී ලකුණු 155 ක් ලබා සිටිද්දී ඇඹුල්දෙණිය ලකුණු 39 ක් ලබා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරිනි
  • බැසිල් සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

    බැසිල් සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

    ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුවමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය.

    ඉකුත් ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ඒ මහතා යෙදුණු පළමු විදෙස් සංචාරය මෙයයි.

    මෙම නිල සංචාරයේදී, අමාත්‍ය රාජපක්ෂ මහතා මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ දෙදිනක් තුළ අවස්ථා දෙකක දී, ඒකාබද්ධ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාද මෙම සාකච්ඡාවලට එක්වීම විශේෂත්වයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ වෙනම ද සෘජු ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වනු ලැබිණි.

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් ඩෝවාල් යන මහත්වරුන්ද හමුවිය.

    වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවක ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබාදුන් දීර්ඝ කාලීන සහයෝගය පිළිබඳව  අමාත්‍ය රාජපක්ෂ මහතා මෙම රැස්වීම්වලදී  සිය ස්තුතිය පළ කළේය.

    ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පවත්වන ලද සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. ද්විපාර්ශ්වික සබඳතාවට අදාළ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු රාශියක් පිළිබඳව මෙහි දී අවධානය යොමු විය. ද්විපාර්ශ්වික සබඳතාව විකාශනය වන ආකාරය පිළිබඳව දෙපාර්ශ්වයම සතුට පළකළහ.

    එම සාකච්ඡාවල දී සහ පැවැති රැස්වීම්වලදී අමාත්‍ය රාජපක්ෂ මහතා, තමාට සහ සිය දූත පිරිසට දක්වන ලද ආගන්තුක සත්කාර සහ සිය සංචාරය වෙනුවෙන් යොදන ලද විධිවිධාන ගැන සතුට පළ කළ අතර, දෙරටෙහි අමාත්‍යවරු ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාව තවදුරටත් පුළුල් කර ගත හැකි ක්‍රම සහ විධි හඳුනා ගත්හ. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ පශ්චාත් කොවිඩ් අභියෝගවලට මුහුණ දීම සඳහා තම රජයේ ප්‍රවේශය පිළිබඳව මුදල් අමාත්‍ය රාජපක්ෂ මහතා ඉන්දීය පාර්ශ්වයට ගැඹුරින් විස්තර කළේය. මෙම අවස්ථාවේදී සිය සහය ශ්‍රී ලංකාවට පළ කරන බව ඉන්දීය අමාත්‍යවරු ප්‍රකාශ කළහ. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවත් වත්මන් තත්ත්වය තුළ එහි “අසල්වැසි රාජ්‍යයට ප්‍රථම අවධානය” ප්‍රතිපත්තිය ඔස්සේ සහය දක්වන බවත් ඉන්දීය අමාත්‍යවරු යළිත් අවධාරණය කළහ.

    මේ සම්බන්ධයෙන් කෙටි හා මධ්‍ය කාලීන සහයෝගීතාව පවත්වාගෙන යෑම සඳහා යෝජිත ව්‍යුහ හතරක් පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ:

    1) ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් ලබා දෙන හදිසි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ පැකේජයක්

    2) ඉන්දියාවෙන් කෙරෙන ඉන්ධන ආනයන වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් සහ ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීම ඇතුළත් බලශක්ති ආරක්ෂණ පැකේජයක්

    3) වත්මන් ගෙවුම් ශේෂ ගැටලු විසැඳීමට ශ්‍රී ලංකාවට සහය වීම සඳහා වූ විනිමය හුවමාරුවක්

    4) ආර්ථීක වර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වන පරිදි ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ඉන්දියානු ආයෝජන සඳහා පහසුකම් සැලසීම. ආයෝජන සම්බන්ධ රාමුව මෑත කාලීන ප්‍රවණතා මත ගොඩනැගෙනු ඇත.

    ඊට අමතරව මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමවේද අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඉක්මන් කාල රාමුවක් තුළ අවසන් කිරීමට එකඟතාව පළ කෙරිණි. මෙම එකඟතා අනුව ක්‍රියා කිරීම අරමුණු කරගත් පුළුල් සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා සෘජු සන්නිවේදන මාර්ග ගොඩනඟා ගැනීමටත්, එකිනෙකා සමඟ සෘජු හා නිරන්තර සම්බන්ධකම් පැවැත්වීමටත් අමාත්‍ය රාජපක්ෂ, ඇමැතිනී සීතාරාමන් සහ අමාත්‍ය ජයශංකර් යන මහත්ම මහත්මීහූ එකඟ වූහ.

  • ඔමික්‍රෝන් ප්‍රභේදයට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියල්ල සූදානම්

    ඔමික්‍රෝන් ප්‍රභේදයට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියල්ල සූදානම්

    මික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් එකයි වීසා එකයි හැර සියළු පහසුකම් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි.

    ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා හදුනා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය අසත්‍ය බවයි.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවකගේ අහම්භයෙන් සිදු කල ON arrival  PCR පරීක්ෂණය වැඩිදුර අධ්‍යනයට යොමු කිරීම මගින් ප්‍රථම වරට ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනා ගෙන ඇත. මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇයට මේවන විටත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොමැති බව ඇය පවසන අතර, අද උදෑසන සිදු කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ප්‍රතිඵල මගින් නෙගටිව් වාර්ථා ලැබී ඇති බවද වාර්ථාවේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මගින් තහනම් කර ඇති නිසා, මේවන විට රටට ඇතුළු වන බහුතරයකගේ කිසිදු පරීක්ෂාවක් සිදු නොකරන අතර, ඔවුන් හරහා ඉතා පහසුවෙන් ඔමික්‍රෝන් රටට ඇතුළුවී තිබිය හැක. On Arrival PCR පරීක්ෂණයේ වැදගත්කම මෙම හදුනා ගැනීමත් සමගම තහවුරු වන අතර, එය වහා ආරම්භ කිරීමට කට යුතු කරන.ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
    සංචාරක ව්‍යාපරය කඩා වැටෙන බැවින්, ජනාධිපතිවරයා ඊට අකමැත්තක් දක්වන බවට නිල නොවන කසුකුසුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින අතර, සංචාරක ව්‍යාපායට කිසිදු බලපෑමක් නොවන.පරිදි පැය දෙක තුනක් තුල පරීක්ෂණ වාර්ථාව ලබා දීමේ වගකීම අප භාර ගන්නෙමු.

    එසේම PCR පරීක්ෂණ ප්‍රමාණය අවම කරමින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ වල ව්‍යංග වුවමණාව වී තිබෙන අතර, ඔමික්‍රෝන් හදුනාගත් කාන්තාවගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ නෙගටිව් වීම මගින් එම ප්‍රතිපත්තියේ වරද ගැනද මෙම සිදුවීම මගින් තහවුරු කර ඇත.

    එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් විශේෂඥයින් නිළ නොළත් ලෙස සිදු කරන නියෝග හරහා ආසාධිතයන් යැයි හදුනාගත් ගුවන් මගීන්ගේ පවා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

    රට ලොක්ඩවුන් කිරීමේ තත්වයකට පත් නොකර සිටීම සදහා, ඔමික්‍රෝන් රට ඇතුළු වීම වැලැක්වීම සදහා දැඩි උපක්‍රම භාවිත කල යුතු අතර, මුල සිටම එය සිදු කල නොහැකියැයි පවසමින් වසංගත පාළණයේ මූලික න්‍යායන් අත හැර දමමින් කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් එම තනතුරු වලින් ඉවත් කොට හැකි අය වහා පත් කල යුතුය. ඒසේ නොමැතිව වසංගත රැල්ලකට අත වනා ගෙන්වා ගැනීම.තුල රටට ලොක් ඩවුන් හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවද, සියළු වගකිවයුතත්තන් සිහි තබා ගත යුතුය.

    දැනටමත් ඔමික්‍රෝන් රැල්ලක පෙර නිමිති පහල කරගෙන ඇති රටක් ලෙස ඉන් මිදීම සදහා පහත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක.කල යුතුය.
    1. රටට ඇතුළුවන සියළු පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ On Arrival PCR පරීක්ෂණය අනිවාර්‍ය කල යුතුය.
    2. පසුගිය දින කිහිපය තුල රටට අතුළුවූ අයගේ තත්වය පිළිබදව නැවත පරීක්ෂා කල යුතුය.
    3. රට තුල නව කොවිඩ් රැල්ලක සළකුණු පවතින්නේද යන්න පිළිබදව විද්‍යාත්මකව අනුමාන කිරීම සදහා නියැදි පරීක්ෂණ වහා ඇරඹිය යුතුය.
    4. අගමනිකයන්ගේ සහ රට තුල හදුනාගන්නා ආසාධිතයින්ගේ, ප්‍රභේද පරීක්ෂණ විධිමත් කිරීම සදහා විධිමත් මාර්ගෝපදේශයක් නිකුත් කල යුතුය.

  • ඉන්දියාව පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය තීව්ර කිරීමට තීරණය කරයි

    ඉන්දියාව පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය තීව්ර කිරීමට තීරණය කරයි

    ඔවුන් දේශගුණික ක්‍රියාකාරකම් සහ දැරිය හැකි, පිරිසිදු සහ සුරක්ෂිත බලශක්තිය සහතික කිරීම සඳහා සමීපව සහයෝගය දක්වයි

    ඉන්දියාව සහ යුරෝපා සංගමය බදාදා තම පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය වේගවත් කිරීමට ප්‍රතිඥා දුන්හ.

    2016දී ඉන්දීය-යුරෝපා සංගම් බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම සඳහා 2023 දක්වා සවිස්තරාත්මක වැඩ වැඩසටහනක් සඳහා ඒකාබද්ධව එකඟ වූ රැස්වීමකදී මෙය ඉන්දියානු-යුරෝපා සංගමයේ බලශක්ති මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    ඉන්දියාව සහ යුරෝපා සංගමය දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ දෙපාර්ශවයේම අවධානය යොමු කරයි.එමෙන්ම පිරිසිදු සහ සුරක්ෂිත බලශක්තිය සහතික කිරීම සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කරයි.

    ඉන්දියා-යුරෝපීය සංගම් බලශක්ති මණ්ඩලය දෙසැම්බර් 1 වැනි දින රැස් වූ අතර එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශය ඉන්දීය පාර්ශ්වයෙන් සහ යුරෝපීය කොමිසමේ බලශක්තිය සඳහා අධ්‍යක්ෂ ජනරාල්, යුරෝපා සංගමය වෙනුවෙන් සහභාගී වූ බව රැස්වීම පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    බලශක්ති මණ්ඩලයේ සම සභාපතිත්වය දරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (බටහිර පාර්ශවය භාර), රීනාත් සන්දු සහ යුරෝපීය කොමිසමේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Mechthild Wörsdörfer විසිනි.

    ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයට අනුව, ශුන්‍යයට ආසන්න බලශක්ති ගොඩනැගිලි, ගොඩනැගිලි සඳහා ස්මාර්ට් සූදානම දර්ශක ඇතුළුව බලශක්ති කාර්යක්ෂමතාව ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව වැඩි කිරීමට මණ්ඩලය එකඟ විය; පාවෙන සූර්ය පැනල, තාප සූර්ය සහ අක්වෙරළ සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

    ඔවුන් ජාත්‍යන්තර සූර්ය සන්ධානය තුළ සහයෝගීතාවයට ද එකඟ විය; හරිත හයිඩ්රජන්; ස්මාර්ට් ජාල, ගබඩා කිරීම, බලශක්ති වෙළඳපල සැලසුම් කිරීම, අන්තර් සම්බන්ධතාව, සීතල දාමය සහ තිරසාර මූල්‍යකරණය ඇතුළුව ජාල ඒකාබද්ධ කිරීම මේ අතර වේ.

    මෙම ශක්තිමත් සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඉන්දියාව සහ යුරෝපා සංගමය මෙම ක්ෂේත්‍ර පිළිබඳ නව අධ්‍යයන, අධ්‍යයන චාරිකා සහ ඒකාබද්ධ වැඩමුළු, දැනුම හා හොඳම භාවිතයන් හුවමාරු කර ගන්නා බව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයේ දන්වා ඇත.

    ඊට අමතරව, බලශක්ති මණ්ඩලය ඒකාබද්ධව සත්කාරකත්වය සහ සංවිධානය කිරීමට එකඟ වූ බව එහි සඳහන් වේ:

    යුරෝපා සංගම් සාමාජික රටවල් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර සූර්ය සන්ධානයට සම්බන්ධ වීම පිළිබඳ මණ්ඩලය සාදරයෙන් පිළිගත්තේය.

    යුරෝපා සංගමය, එහි සාමාජික රටවල් සහ එහි ශාස්ත්‍රීය, ව්‍යාපාරික සහ මූල්‍ය ප්‍රජාවන් ජාත්‍යන්තර සූර්ය සන්ධානය සමඟ සම්බන්ධ වීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආසන්න වශයෙන් යුරෝ මිලියන 1ක ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය මෑතකදී අරමුදල් සම්පාදනය කළේය.

    ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ සන්දර්භය තුළ ඉන්දියා-යුරෝපා සංගමයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තවත් මාර්ග ගවේෂණය කිරීමට මණ්ඩලය එකඟ විය.

    මේ සම්බන්ධයෙන්, ඉන්දියාව ජාත්‍යන්තර සූර්ය සන්ධානයහි “එක් සූර්යයෙක් එක් ලෝකයක් එක් ජාලයක්” මුලපිරීමේ වැදගත්කම අවධාරණය කළ බව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්දියාව සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අතර සමීප සහයෝගීතාව සඳහා යුරෝපා සංගමය ද සිය සහය පළ කළේය.

    ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරන අන්දමට ජී 20 රාමුව තුළ පිරිසිදු බලශක්තිය පිළිබඳව සමීපව හුවමාරු කර ගැනීමට ඉන්දියාව සහ යුරෝපා සංගමය එකඟ විය.

    2016 මාර්තු 30 වැනි දින ඉන්දීය-යුරෝපා සංගම් සමුළුවේදී එකඟ වූ පරිදි පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය සහ ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය-යුරෝපා සංගමයේ පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය මගින් වත්මන් ඉන්දීය-යුරෝපා සංගමයේ දේශගුණික සහ බලශක්ති සබඳතා මෙහෙයවනු ලැබේ.

    මෙම හවුල්කාරිත්වය 2017 ඔක්තෝබර් 6 වන දින ඉන්දියා-යුරෝපා සංගමයේ සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් නැවත තහවුරු කරන ලදී.

    2020 ජූලි 15 වැනි දින ඉන්දියා-යුරෝපා සංගමයේ සමුළුවේදී එකඟ වූ ඒකාබද්ධ ප්‍රකාශය සහ ඉන්දීය-යුරෝපා සංගමයේ උපායමාර්ගික හවුල්කාරිත්වය: 2025 සඳහා වූ මාර්ග සිතියම මෙන්ම 2021 මැයි 8 වැනි දින ඉන්දීය-යුරෝපා සංගම් නායක රැස්වීමේදී සම්මත කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ද ශක්තිමත් කිරීම පිළිගත්තේය.

    indianewsnetwork

  • ඉන්දියාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දෙහි කැපුවේ ඇයි ?

    ඉන්දියාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දෙහි කැපුවේ ඇයි ?

    ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දේශසීමා ත‍්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි

    ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය පිළිබඳ එහි අහිතකර ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාව බ්‍රහස්පතින්දා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දැඩි ලෙස පහර දුන්නේය. ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ආරක්ෂක අංශවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය කරන චෝදනා “පදනම් විරහිත බව පවසමින් ය.”

    “ජම්මු සහ කාශ්මීරයේ විශේෂිත සිද්ධීන් පිළිබඳව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක විසින් කරන ලද ප්‍රකාශය අපි දුටුවෙමු. මෙම ප්‍රකාශය ඉන්දියාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට එරෙහිව පදනම් විරහිත චෝදනා කරයි,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ජම්මු සහ කාශ්මීරය හි නිශ්චිත සිදුවීම් පිළිබඳව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය..

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක තවදුරටත් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ගේ ප්‍රකාශය “දේශසීමා ත‍්‍රස්තවාදයෙන් ඉන්දියාව මුහුණ දෙන ආරක්ෂක අභියෝග සහ වඩාත්ම මූලික මානව අයිතිවාසිකම වන ‘ජීවත්වීමේ අයිතිය’ කෙරෙහි එහි බලපෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “සම්පූර්ණ අවබෝධයක් නොමැතිකම” ජම්මු සහ කාශ්මීරය ඇතුළු අපගේ පුරවැසියන්ගේ.‘ජීවත්වීමේ අයිතිය’පාවා දෙන බවයි.

    “තහනම් ත්‍රස්තවාදී සංවිධාන ‘සන්නද්ධ කණ්ඩායම්’ ලෙස සඳහන් කිරීම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ හි පැහැදිලි පක්ෂග්‍රාහීත්වයක් පෙන්නුම් කරයි,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉන්දියාව, එහි පුරවැසියන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ කැපවීමකින් යුතුව, “දේශසීමා ත්‍රස්තවාදයට එරෙහි වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා” බව අරින්දම් බග්චි පැවසීය.

    “1967 නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළක්වීමේ) පනත වැනි ජාතික ආරක්‍ෂක නීති පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබුවේ ඉන්දියාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ය,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ප්‍රකාශයේ සඳහන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සහ පසුව රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියේ විධිවිධානවලට අනුව සිදු කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පැවසීය.

    ඉන්දියාවේ බලධාරීන් ක්‍රියා කරන්නේ නීතිය උල්ලංඝණය කිරීමට එරෙහිව මිස නීත්‍යානුකූලව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව නොවේ. එවැනි සියලු ක්‍රියාමාර්ග දැඩි ලෙස නීතියට අනුකූල බවද ඔහු පැවසීය.

    “මානව හිමිකම්වලට ත්‍රස්තවාදයේ ඍණාත්මක බලපෑම පිළිබඳ වඩා හොඳ අවබෝධයක් වර්ධනය කරන ලෙස අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වෙතින් ඉල්ලා සිටිමු” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

    බදාදා, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දීය බලධාරීන් විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ කාශ්මීර ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති අතර ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

    මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ගේ ප්‍රකාශයෙන් චෝදනා කර තිබුණේ “1967 නීති විරෝධී ක්‍රියාකාරකම් (වැළක්වීමේ) පනත යටතේ පුද්ගලයකු චෝදනාවක් නොමැතිව මාස ගණනක් රඳවා තබාගත හැකි බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ ප්‍රමිතීන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා නීති සංශෝධන කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය ඉල්ලා තිබේ.

    indianewsnetwork

  • ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි

    ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි

    ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අද (03) දින පෙරවරුවේ නිකුත් කරනු ලැබූ විශේෂ නිල නිවේදනයක සදහන් වේ.

    අද දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, වසංගත රෝග විද්‍යාඥ සම්ත ගිණිගේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව යන මහත්වරුන් සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැති අතර එහිදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ එම ආසාදිතයා නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවක බවයි.

    මෙම රෝගියා  දැනටමත්  නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා  ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද  පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්  ප්‍රකාශ කළේය.

  • හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්

    හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්

    ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තීරණය කර තිබේ.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ.

    කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම, ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සදහා දිරිගැන්වීම, නිසි වේලාවට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම, දිස්ත්‍රික්කය තුළ පොහොර අවශ්‍යතාව සපිරීම, වී, බඩඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම, හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම, කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ ඉහළ සිට පහළට සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය, ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම,  කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය ඇතුළු කාර්යයන් රැසක් සඳහා මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රමුඛතාවය දිය යුතු බවට ජනාධිපති උපදෙස් දී ඇත.

    දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ අර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙක සමග අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම ද මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කළ යුතුය.

    ජනාධිපතිතුමා විසින් සෑම සති දෙකකට වරක් පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හරිත ආර්ථික මණ්ඩලය (National Green Economy Council) සංවිධානය කිරීමට සැලසුම් කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මාධ්‍යස්ථානයට පැවරේ.

  • විදේශගත ශ්‍රමිකයින්ට මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

    විදේශගත ශ්‍රමිකයින්ට මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

    විධිමත් මුල්‍ය පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරනු ලබන සහ එසේ මුදල් බෙදාහරිනා පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ එවැනි කටයුතුවල නිරත වන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

    මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයීම් නැවත ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි.

    අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.

    නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

  • විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

    විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර දෙසැම්බර් මස .01 සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

    ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින අතර, එමගින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, බැංකුවලට ප්‍රේෂණ ගෙන්වා ගැනීමට පොළඹවාලීම සඳහා මුංමුලා වූ මහ බැංකුව ඩොලරයකට අමතර රුපියල් 10ක් ගෙවමින් “කැරට් පෙන්වීමක්” කර ඇති බවයි.

    නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව ද අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

  • උතුරේ විදුලි ව්‍යාපෘති තුනක් චීනය අත්හිටුවයි

    උතුරේ විදුලි ව්‍යාපෘති තුනක් චීනය අත්හිටුවයි

    උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති 03 අත්හිටුවීමට තීරණය කර බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

    මෙම ව්‍යාපෘති ජාත්‍යන්තර ටෙන්ඩරයක් මගින් ලබා ගත් බව ද තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී චීන තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූව ද අදාළ සමාගම මාලදිවයිනේ දූපත් 12ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර කළ බවයි.

    චීන සමාගම විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අතහැර දැමීමට ගත් තීන්දුව ගැන අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිි නායකයෙක් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘති ගැන ඉන්දීය රජය දැඩි කණස්සල්ලෙන් පසු වූ බවයි.

    ‘මේ ව්‍යාපෘති අතහැර දැමීම සිදුවන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවක වගේම එල්.එන්.ජී බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විදුලිබල වෘත්තීය සමිති දැඩි සටනක් දියත්කර ඇති අවස්ථාවකදීයි. මේ ගැන අපි වඩාත් සංවේදී විය යුතුයි‘ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    ඉහළ ඡායාරූපය – චීන තානාපති කාර්යාල නිවේදනයේ සදහන් මලදිවයින සමග ගිවිසුම අත්සන් තැබීම

  • මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි

    මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි

    දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (02) නවදිල්ලි නුවරදී ඉන්දීයජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවිය.

    ජාතික ආරක්‍ෂක උපදේශක දොවාල් මහතා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ අතිශයින් සුහදකතාබහක නිරත වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් ලේකම් එස් ආර් ආටිගල අමාත්‍යවරයා සමඟ මෙම හමුවටඑක්ව සිටියහ.

    ශ්‍රී අජිත් කුමාර් දොවාල් ඉන්දියාවේ පස්වන ජාතික ආරක්ෂක උපදේශක වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරයි.

  • ඔමික්‍රොන් ප්‍රභේදය: දියවැඩියා රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්

    ඔමික්‍රොන් ප්‍රභේදය: දියවැඩියා රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්

    රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

    ‘ඔමික්‍රොන්’ ප්‍රභේදය සමග යළි කොරෝනා රැල්ලක් ඇති වුවහොත් ඉන් වැඩි බලපෑමක් දියවැඩියාව රෝගීන්ට ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

    මේ අතර අවුරුදු 60ට වැඩි සියලු දෙනා රජය මගින් ලබා දෙන ෆයිසර් ‘බූස්ටර්’ එන්නත ලබා ගන්නා ලෙසත්, මිත්‍යා මතවල නොසිට අනෙක් ජනතාව තමන්ට නියමිත එන්නත ලබා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙහිදී ඉල්ලීමක් කළාය.

    රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බව ද වෛද්‍ය සුමනිතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්.
    අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.
    අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා.
    හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා.
    මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප්‍රකාශ කළේය.

    අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පැවසීය.

    රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වූහ.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද මේ රටේ මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ආවරණය ලබා දෙන දවස. ඇසිදිසි රක්ෂණ ආවරණය වාගේ දෙයක් දෙන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම හිතනවා අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන නිසයි අද මාධ්‍ය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. ඩලස්ට මාධ්‍ය භාර ගන්න කියලා මීට කාලෙකට කලින් අපි ඉල්ලා සිටියා. මාධ්‍යවේදිනුත්, රටත් ඉල්ලා සිටියා. අපි දෙන්න හදපු කාලේ භාර ගත්තා නම් මේ රක්ෂණය මීට කලින් ලැබෙන්න තිබුණා කියලා මම කියන්න ඕනෑ. මේ අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන බව දැන් ඔබට තේරෙනවා ඇති.

    මිත්‍රවරුනි, වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප උනේ මාධ්‍යවේදීන්ට. මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

    මිත්‍රවරුනි, මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

    මිත්‍රවරුනි, මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

    මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

    මිත්‍රවරුනි, අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.

    මිත්‍රවරුනි, හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පල වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

    ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    මිත්‍රවරුනි, මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි භාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

    මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා.

    අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවාපු ප්‍රචාර නිසා ලෝකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය.

    ඒගොල්ලො මේකට කිව්වා Intro Demic (ඉන්ට්‍රො ඩෙමික්) කියලා. මේ තොරතුරු වසංගතේ ලෝකෙ යටවෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

    මිත්‍රවරුනි, අපේ රටටත් මේ ඉන්ට්‍රො ඩොමික් එක ආවා. කොරෝනාවලට එන්නත ගන්න අපි උත්සාහ කරනකොට එන්නත වේලපහ ගෙන්නා ගත්තේ නැත්තේ අපේ වරදයි කිව්වා. එන්නත ගෙන්නුවහම ෆයිසර් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී අපි ලාභෙට චීන එන්නත ගෙනාවා කීවා. චීන එන්නත ගහල වැඩක් නෑ කිව්වා. සමහරු කිව්වා මොඩර්නා තමයි හොඳ, ඒකම ගේන්න කියලා. මේ සෙල්ලම් කළේ රටේ ජීවිතත් එක්ක.

    ඊට පස්සේ ගෙයක් ගානේ කොරෝනා මරණ වෙනවා කියලා විශාල භීතියක් ඇති කළා. දොස්තරලා කියන ගාණට වඩා මැරෙන ගාණ වැඩියි කිව්වා. අන්තිමට රට වහන්න, විසඳුම ඒකයි කියලා බල කළා. රට වැහුවේ නැතොත් ස්වයං ලොක්ඩවුන් කරගන්නවා කිව්වා. රට වහලා අපි ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කරලා තිබ්බා. ඒක වැහුවේ නැතොත් ඇඟලුම් පොකුරක් එයි කිව්වා. ඒ තරමට රට වහන්න බලකරපු උදවිය ඊළඟට දහස් ගණන් අරගෙන පාරේ පෙළපාලි ගියා. ඒ මහා ආර්ථික විනාසෙ කරලා දැන් රට ඇරියාම කියනවා රට බංකොළොත් කියලා. මේ තමයි තොරතුරු වාර්තා වුන විදිය.

    මාධ්‍යට මේවා නොපෙන්වා බෑ. වාර්තා නොකර ඉන්න බෑ. හැබැයි මාධ්‍යයට නොතේරී මාධ්‍යයෙන් ප්‍රයෝජන ගන්නත් රටට එරෙහි බලවේගවලට පුළුවන් වෙලා තියෙනවා. මේවා රටට ආදරේ, වගකීමක් ඇති මාධ්‍ය තේරුම් ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

    එදා යුද්දෙදි මැරුන සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

    තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුන ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණ ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

    නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී (CCTV) කැමරාවල තිබුණා. සී.අයි.ඩී. (CID) එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

    මිත්‍රවරුනි, මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න ඉතාම සූක්ෂමව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා.

    ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා.

    මේ වාගේ වැඩපිළිවෙළවල් අපි කරන්නේ ඔබගේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා.

    ඔබ සැමට තෙරුවන්සරණයි! යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි.

    ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

    මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.

    ගෑස් ආශ්‍රිත පිපිරීම් ජනතාවගේ නොසැලකිල්ල නිසයි – ලිට්‍රෝ ගෑස් කියයි

    මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

    කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

    මේ අතර මේ දිනවල සුලභව වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන්නේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බව රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම පුවත්පත් දැන්වීමක් පල කරමින් සඳහන් කරයි. ‘‘වැදගත් නිවේදනයක්‘ ලෙස පල කර ඇති එහි, මේ දිනවල සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් දැක්වෙන්නේ “මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිතා නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රෙගියුලේටර්, නළ සහ උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙනි.” යනුවෙනි.

  • අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි.

    ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත.

    මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම්වරයා පවසයි.

    විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවූ අතිරේක ලේකම්වරු දෙදෙනාගෙන් සම්ප්‍රේක්ෂණ භාර අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙකු බවත් ඔහු පැවසුවේය.

  • මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය.

    එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට ස්තූතිය පුද කළේය.

    දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

    ආර්ථික විද්‍යාඥවරියක් වන ශ්‍රී නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඇය 2017 සිට 2019 දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිතව ඇත.