Tag: featured

  • මෙදා අවුරුද්දට ලක් සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍..

    මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

    මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ලබන 10 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස අලෙවිසැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි බවයි. 

    කිරිපිටි, සීනි, සහල්, පරිප්පු, අල, ළුෑණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර අඩංගු මළු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

    [rns_reactions]
  • ගවමස් කෑ අම්පාරේ පල්ලි සාදයේ හතරක් මරුට – 600ක් රෝහලට..

    අම්පාර දමන දහය කොළණිය වනේගමුව පල්ලියේ පැවති උත්සවයක දී ආහාර විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

    එම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. ආහාර විෂවීම හේතුවෙන් එරගම රෝහලට ඇතුළත් කළ දෙසිය තුන් දෙනෙකුගෙන් එකසිය විසි දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

    එම රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසට කාන්තාවන් 18 දෙනෙකු ඇතුළත්.

    අක්කරේපත්තුව මූලික රෝහලේ කාන්තාවන් අට දෙනෙකු හා ළමුන් 17ක් ඇතුළුව විසිනව දෙනෙකු ප්‍රතිකාර ලබනවා. 
    අක්කරේපත්තුව අම්පාර පාර රෝහලේ කාන්තාවන් 12 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු ද ඇතුළුව දහඅට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. 

    ඔලූවිල් රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14ක්. ඒ අතරට කාන්තාවන් නව දෙනෙකු සහ එක් ළමයෙකු ද අයත්. 

    වාලච්චේන රෝහලේ කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් හතර දෙනෙකුද ඇතුළුව අට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි අප වෙත වාර්තා වන්නේ. 

    ඉකුත් පස්වනදා රාත්‍රී 12 සිට ආහාර විෂ වී රෝගී වූ පිරිස් මේ දක්වා වරින් වර රෝහල්ගත වී තිබෙනවා. 

    ඒ අතරට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස් ද ඇතුළත්. ඉකුත්දා ඇති වූ සිද්ධියෙන් පසුව හයසියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. 

    මෙම පල්ලියේ පැවති උත්සවයේ දී පන්දහසකට පමණ ආහාර ලබාදී තිබෙනවා. 

    එහිදී ඔවුන්ට ආහාර ලබාදීම සඳහා සහල් කිලෝ දහසක් සහ ගවයින් හත් දෙනෙකුගේ මස් යොදාගෙන තිබූ බවද සදහන්.

    නේපාලයේ පැවති ආගමික උත්සවයක දී ගවයින් පන්දහසක් ඇතුළු සතුන් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය සමයේ ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. 

    මෙම සිද්ධියෙන් පසුව එරට ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් දහස් ගණනකට ජීවිත අහිමි වීම ද බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණක් වුණා. 

    [rns_reactions]
  • දියණිය උකසට තැබු විමල්ට ඇප – අනෙක් රැදවියනුත් ඇප ලබාගැනිමේ සුදානමක…

    දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව බව සදහන්.

    රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.  ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පණවා ඇත. 

    දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

    [rns_reactions]

  • ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් බව ජනපති පවසයි

    මුළු මහත් බෞද්ධ සමාජයටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම මෙරට භික්ෂු සමාජයට පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ සමාජයටම සිදුවූ දැරිය නොහැකි පාඩුවක් බවත්, උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදුවූ හිදැස පිරවීමට නොහැකි බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණු අතර එම ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    ගත වූ සියවසේ ශී‍්‍ර ලංකාවේ බිහි වූ අග‍්‍රගණ්‍ය සංස්කෘත භාෂා විශාරදයෙකු මෙන්ම පරමාදර්ශී සංඝ පීතෘවරයෙකු වන අප නාහිමිපාණෝ මුළු මහත් මානව සමාජය වෙත කරුණාව, මෛතී‍්‍රය, දයාව දැක්වූ ධර්මධර, විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    උන්වහන්සේගේ සිල්වත්භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය මෙන්ම ධර්ම ශාස්ත‍්‍රීය ඥානයත්, පාණ්ඩිත්‍යයත් හේතුවෙන් ෂඩ්භාෂා පරමේෂ්වර, දෛවිභාෂා විශාරද, ශාසන කීර්ති වැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් උන්වහන්සේ පිදුම් ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මෑත කාලය තුළ උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට තමාට අවස්ථාව ලැබුණු බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා සියවසක් ඉක්මවමින්, අපවත්වන තුරුම මනා සිහිනුවණින් යුතුව සම්බුද්ධ ශාසනයත්, මුළු මහත් මානව සමාජයත් වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ කැපවීම අපරිමිත බව ද කියා සිටියේය.

    ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, විදේශීය තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතා ජනාධිපතිතුමා පැවැත්වූ කතාව (2017-04-06)

    අපේ රටේ මෑත භාගයේ ශී‍්‍ර සම්බුද්ධ ශාසනයට, සමස්ත මානව සමාජයට අපිරිමිත වූ උතුම් ශාසනික මෙන්ම සමාජයීය සේවාවක් ඉටුකළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශී‍්‍ර ලංකාවාසී ජනතාවත්, ශී‍්‍ර ලංකා ජන රජයත්, ඒ වගේම විදේශ රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙන්ම ලෝක බෞද්ධ ජනතාවත්, උන්වහන්සේ පිළිබඳ පැහැදීමක් හැඳිනීමක් ඇති සමස්ත ජනතාවගේ දැඩි සංවේගය සහ ශෝකය පළ කෙරෙන අවස්ථාවක් මේ අවස්ථාව.

    අපේ රටේ මහා සංඝ පීතෘවරුන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන මතක සටහන් සමග මේ වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය ගොඩනැගු, රාජ්‍ය රාජ මහාමාත්‍යවරුන්ගේ මෙන්ම එදවස, මෙදවස සෑම ක්ෂේත‍්‍රයකම නායකයින්ට, විද්වතුන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට සෑම විටම උපදෙස් දුන්නේ අනුශාසනා ලබා දුන්නේ මග පෙන්වූයේ ගෞරවනීය මහා සංඝරත්නයයි.

    මෑත භාගයේ අපේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නයට මහා ශක්තියක් වෙමින්, ධෛර්යයක් වෙමින් මුළු මහත් ලෝක ජනතාවට මහා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ චරිතය පිළිබඳව අපට බොහෝ දේ කථා කරන්න පුළුවන්කම තිබෙනවා.

    උන්වහන්සේගේ සිල්වත් භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය, උන්වහන්සේගේ ධර්ම ශාස්ත‍්‍රීය ඥානය, උන්වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේගේ පාණ්ඩිත්වය, පරිණතභාවය තුළින් උන්වහන්සේ ෂඞ් භාෂා පරමේශ්වර, භාෂා විශාරද, සාහිත්‍ය කීර්ති මෙවැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් පුුද ලැබුවා.

    උන්වහන්සේගේ චරිතය තුළ තිබූ මහා ආදර්ශය අපේ බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයාටම මහා ආදර්ශයක්.

    මෑත දශක කිහිපය තුළ මා ඉතාමත් ළඟින් ඇසුරු කළ උන්වහන්සේ තුළ තිබූ ශාසනික, සමාජයීය කැපවීම සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් තිබූ කැපවීම අද මේ සිටින පූජනීය, වන්දනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අපි සෑම කෙනෙක්ම දැන හඳුනාගෙන තිබෙනවා.

    උන්වහන්සේ තුළ තිබූ මහා ධර්ම ඥානය, පාණ්ඩිත්‍ය ඒ වගේම වසර සීයක් ඉක්මවුව ද සෑම අංශයක් පිළිබඳවම උන්වහන්සේ තුළ තිබූ මතකය අපට උන්වහන්සේ පිළිබඳ කථා කරන විට, ගුණ ගයන විට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

    දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම අපේ රටේ භික්ෂු සමාජයට මෙන්ම ලෝකයේ බෞද්ධ සමාජයට ඇතිවූ පුරප්පාඩුව, ඒ හිදැස පිරවීමට පුළුවන්කමක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

    උන්වහන්සේ අපවත්වන ඒ දවස, ඒ අවස්ථාව වන තෙක්ම උන්වහන්සේට උත්සවයක්, පිංකමක්, සමාජමය කටයුත්තක් සඳහා කෙනෙක් ආරාධනා කළහොත් උන්වහන්සේ දුර නොබලා, දුෂ්කරතාවය නොබලා, උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ නොසලකා ඒ සෑම තැනකටම වැඩම කළා.

    උන්වහන්සේගේ මහා කාරුණික වූ හඬින් අනුශාසනා කරනු ලැබුවා. උන්වහන්සේගේ මහා සෙනෙහස, දයාව, කරුණාව, ආදරය මුළු මහත් සමාජයට දායාද කරනු ලැබුවා. ඒ නිසා අද වගේ දවසක උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව එක් පැත්තකින් බෞද්ධයින් විදියට තවත් පැත්තකින් මුළු මහත් ලක්වැසි ජනතාව විදියටත් ඒ වගේම විදේශයන්හි සිටින උන්වහන්සේ දැන හඳුනන බෞද්ධ සහ බෞද්ධ නොවන සියලු ජනතාව අද දැඩි ලෙස ශෝකයට සහ සංවේගයට පත්ව සිටිනවා.

    මේ අවස්ථාවේ මම ශ‍්‍රී ලංකා ජනරජය වෙනුවෙනුත් සමස්ත ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ අපවත්වීම පිළිබඳ දැඩි ශෝකය, සංවේගය ප‍්‍රකාශ කරමින් උන් වහන්සේට නිවන් සුව අත්පත් වේවායි ප‍්‍රාර්ථනා කරමින් කෙටි ගුණ කථනය අවසන් කරනවා.

    [rns_reactions]

  • අගමැතිගෙන් FCID නිලධාරීන්ට හදිසි කැඳවීමක්!

    මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිලධාරීන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීනව සිදු කෙරුණු වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් මත මෙම කැඳවීම සිදුකර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    [rns_reactions]

  • විමල්ට ඇප ලැබෙයි.

    රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් විරවංස මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර  ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

    විමල් විරවංශ මහතා අද පෙරවරුවේ පෙර ගිලන් රථයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

  • කොසොල් රජු දුටු සිහින සැබෑවෙන කළි යුගය ඇරඹිලා? – විඩියෝව මෙන්න..

    කොසොල් රජු දුටු සිහින 16 පිළිබදව ඔබ දැනුවත් ඇති. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කොසොල් රජු දුටු සිහිනයක් ඇස් පණා පිට සිදුවන ඔබ පුදුමයට පත්කරවන විඩියෝවකි. විඩියෝව නරඹන්න.. මිතුරන්ටත් බෙදාහරින්න..

    https://www.facebook.com/975508935830121/videos/975510285829986/?autoplay_reason=user_settings&video_container_type=0&video_creator_product_type=2&app_id=2392950137&live_video_guests=0

    [rns_reactions]

  • අප්‍රේල් 07 මම නොමිලේ බෙහෙත් දෙනවා – සයිටම් නෙවිල්ගෙන් අමුතු කතාවක්..

    තම වෛද්‍ය පීඨයට විරෝධය පා රජයේ රෝහල් වර්ජනයක්‌ ආරම්භ කරන බැවින් තමාගේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලින් අද (7 දා) නොමිලේ හෝ රෝගීන්ට සේවාවක්‌ ලබාදීමට සූදානම් යෑයි “සයිටම්” වෛද්‍ය පීඨයේ සහ රෝහලේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (6 වැනිදා) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මෙසේද පැවසීය.

    අද ඇතැම් වෛද්‍යවරු “සයිටම්” මහා ලොකු ප්‍රශ්නයක්‌ කරගෙන. රටේ ජනතාවට අද තිබෙන්නේ “සයිටම්” ප්‍රශ්නය ද කියලා මා අහනවා. රෝහල් වර්ජනයක්‌ ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දමන එක පාපයක්‌. මෙම වර්ජනය නිසා අසරණ වන රෝගීන්ට මා පිහිට වෙනවා.

    මගේ රෝහල පැය 24 ම විවෘත කරලා තිබෙනවා.

     [rns_reactions]
  • මාලිංග වැඩ පෙන්නපු විස්සයි විස්ස උණුසුමත් එක්ක බුකිය රත්වෙච්ච හැටි මෙන්න.

    සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත් මාලිංග කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීමයි.

    මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ මෙහෙදි හසන් එහිදී මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය ලෙස දැවී ගිය අතර ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ දී කඩුලූ ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

    ලසිත් මාලිංග තරගයේ දී ලකුණු 34කට කඩුලූ 03ක් බිඳ හෙළු අතර එම වීඩියෝව පහතින් නරඹන්න..

    https://www.youtube.com/watch?v=evrAhCRDE0A

    https://www.youtube.com/watch?v=_vfS0KoV5i4

    මේ ඊයේ තරඟය පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ නිර්මාණ කිහිපයකි.

    [rns_reactions]
  • මාලිංගගේ කඩුලු ත්‍රිත්වය/ කපුගෙදරගේ අර්ධ ශතකය අපතේ යයි. බංගලියන් තරගාවලි තුනම සම කරයි..

    වාර්තාවක් සමගින්  ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි ත්‍රිත්වයම 1-1 ක් ලෙස අවසන් වෙයි… 

    බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20-20 තරගාවලි ත්‍රිත්වයම සම සමව අවසන් වූ අතර අද පැවැති දෙවැනි පන්දුවාර 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සංචාරක බංග්ලාදේශය ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිමේ දී චාමර කපුගෙදර ලකුණු 50 ක් ලබා ගැනීමට සමත්විය.

    [rns_reactions]

  • SAITM විරෝධී වෛද්‍ය වර්ජනයට ලංකා ගුරු සේවා සංගමයේ පූර්ණ සහාය

    මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් විසින් ලබන 07වනදා ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පලවේ.

    “අප්‍රේල් 07 වනදා වැඩවර්ජනයට ලංකා ගුරු සේවා සංගමයේ පූර්ණ සහාය

    මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරම්භ කිරීමේ අරමුනින් දැනට මාලඹේ නීති විරෝධීව පවත් වාගෙන යන SAITM හොර උපාධි කඩයට උපාධි පිරිනැමීමට අවශ්‍ය න්‍යෙතික බලය ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා අපේ‍්‍රල් 07 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කැඳවා ඇති වැඩවර්ජනය ලංකා ගුරු සේවා සංගමය පූර්ණ සහය පලකර සිටී.

    නමුත් වර්ජය යෙදී ඇති දිනය පාසල් නිවාඩු කාලයට අයත් දිනයක් බැවින් ඊට ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ඊට සහභාගී වීමට අවස්ථාවක් නොවන නමුත් එදින වර්ජනයට එක් වෙන වෛද්‍යවරුන් විසින් කොළඹදී පවත්වන විරෝධතා පාගමනට හා රැළියට අප සංගමයේ සමාජිකත්වය පූර්ණ සහභාගීත්වය හා අනුග‍්‍රහය දැක්විය යුතු බවට විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර ඇත.

    ඒ අනුව අපේ‍්‍රල් 07 වන දින දහවල් 11.00 ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භවන පාගමනට හා අනතුරුව පැවැත්වෙන රැළියට සියළුම සාමාජික සාමාජිකාවන් සහභාගී වෙමින් SAITM හොර උපාධි කඩය වසා දැමීමටත් මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රැකගැනීමටත් එකාවන්ව පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිමු.

    -ලංකා ගුරුසේවා සංගමය-

    [rns_reactions]

  • 96 ලෝක කුසලාන ක්‍රිකට් ජය වෙනුවෙන් ලංකාවෙන් ගොඩනැගිල්ලක්..

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය.

    ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. 

    ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.

    මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.   

    එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි. වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
    “අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා”

    “1996 ට පෙර ක්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා”

     

    [rns_reactions]

  • නීතියෙන් බේරුන කොලුකාර නඩුකාරයා කවුද?(video)

    රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා හෙලිකල සංවේදී කතාවක් මේ.

    මහාධිකරණ විනිසුරුවරයෙක් ලග වැඩ කරන ලද කුඩා ළමයෙක් එම විනිසුරුවරයා අතින් දුෂණය වනවා. මේ සම්බන්දව නඩු පැවරුවත්  ඔහු එවකට සිටි නීතිපතිවරයාගේ බලපෑම මත නිර්දෝෂී පුද්ගලයෙකු බවට පත්වෙනවා.

    නඩුවට උදව් කල නීතිපතිවරයා රටේ අගවිනිසුරු වශයෙන් කටයුතු කර තිබෙනවා.

    කොහොමද මෙහෙම වෙන්නේ. කවුද මේ විනිසුරුවරයා? කවුද ඔහුට  උදව්කල නීතිපතිවරයා?

    එම සංවේදී කතාව ඔබත් අහන්න..

    [rns_reactions]
  • අද සවස කොළොම්තොට වාහන සැලසුම වෙනස්වෙලා…..

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු අද (06) පස්වරුවේ සිමා කෙරෙන අතර ශී‍්‍ර දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදීයි.

    ඒ අනුව අද සවස 1.00 සිට නිදහස් වටරවුම සහ පදනම් පාර ඔස්සේ නිදහස් මාවතට ඇතුළුවීම සීමා කරනු ඇති. නිදහස් මාවත එක් දිශාවකට පමණක් ධාවනය කළ හැකි මාර්ගයක් වන බැවින් මේට්ලන්ඞ් පෙදෙස නිදහස් මාවත හන්දියෙන් නිදහස් මාවතට ඇතුළුවිය නොහැකි බව සදහන්. 

    පස්වරු 4.30 සිට නිදහස් මාවත සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කිරීමට නියමිත අතර එහිදී නිදහස් මාවත හා නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයට පිවිසිය හැකි සියලුම මාර්ග හා අතුරු මාර්ග ආදාහන පූජෝත්සවය අවසන්වන තුරු සම්පූර්ණයෙන්ම වසා තබන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

    [rns_reactions]

  • අලුත් අවුරුදු සමයේ බන්ධනාගාරයේ අකටයුතුකම් ගැන රහස් රැසක් එලියට

    නව වසර වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලින් රුපියල් 500 ක මුදලක් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සියලු නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා බවට අපට වාර්තා වන අතර විශ්වාස කටයුතු බන්ධනාගාර ආරංචි පැවසුවේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් සාදයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් මෙලෙස මුදල් අයකර ගන්නා බවයි.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් දස දහසක්. එවැනි මුදලකින් රුපියල් 500 ක් ලබාගැනීම අසාධාරණ බවද බන්ධනාගාර නිලධාරීන් පැවසු අතර මෙම සාදය පැවැත්වීමට මූලිකව කටයුතු කරන එක් නිලධාරියෙක් මුදල් නොදෙන බන්ධනාගාර නිලධාරීන්ගේ නාමලේඛණයක්ද ගිණුම් ශාඛාවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සේවය නියුතු නිලධාරීන් සංඛ්‍යාව 120 ක් බව සදහන්.

    [rns_reactions]

  • එකාබද්ධයේ කචල් නිසා මැතිසභය හෙට දක්වා කල්යයි..

    ලියාපදිංචි පක්ෂයක් නොව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට දිනට කල් තබා තිබෙන බව අපට වාර්තා වේ.

    ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස හදුන්වාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විනාඩි 30ක කාලයක් කථානායකවරයා විසින් ලබාදී තිබුණු අතර කතාකිරිමට තරම් අවශ්‍ය සාක්ෂි හෝ පදනමක් ඔහුුට නොතිබු බැවින් එම කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු අතර ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල්තැබීමට තීරණය කළ බව සදහන්.