Tag: breaking post

  • ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

    අලි – මිනිස්‌ ගැටුම හේතුවෙන් පසුගිය වසර හතක කාලයේදී ගල්ගමුව හා යාපහුව මැතිවරණ බල ප්‍රදේශවල වල් අලින් 48 දෙනකු හා පුද්ගලයන් 29 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

    වල් අලින් විසින් වගා විනාශ කිරීම්, දේපළ හානි කිරීම්, නිවාස කඩා බිඳ දැමීම් වැනි සිදුවීම් ද ඉකුත් වසරවලදී විශාල වශයෙන් සිදුව ඇති බව ද එම සිදුවීම් ගණන පසුගිය අවුරුදු හතේදී 200 ඉක්‌මවා ඇති බවද සඳහන් ය. 

    අලි – මිනිස්‌ ගැටුම් විශාල වශයෙන් පවතින ප්‍රදේශ අතර වයඹ පළාතේ ගල්ගමුව ඉහළ ස්‌ථානයක පවතියි. මේ වනවිට ගල්ගමුව ප්‍රදේශය වාසභූමි කර ගනිමින් ජීවත්වන වල්අලි සංඛ්‍යාව 400 – 500 අතර ප්‍රමාණයක්‌ බව ප්‍රදේශවාසීහු පවසති.

  • මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී නීති විරෝධීව උපයාගත් මුදලින් කොළඹ කිංසි පාරේ නිවසක්‌ රුපියල් ලක්‍ෂ 270 කට මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ අංක 5 දරණ උසාවියෙන් වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය. 

    කොළඹ මහාධිකරණයේ අංක 5 දරන උසාවියේ දැනට නඩු විභාග කරන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වන අතර අභියාචනාධිකරණය ඊයේ කළ නියෝගයට අනුව මෙම නඩුව පිළිබඳ විභාගය කොළඹ මහාධිකරණයේම නඩු විභාග කරන වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ පැවැත්වෙනු ඇත.

    මෙම නඩුවට ප්‍රමුඛත්වයක්‌ දී හැකිතරම් ඉක්‌මනින් විභාගය අවසන් කළ යුතු යයිද අභියාචනාධිකරණය නියෝග කළ අතර එම නියෝගය කළේ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් තමාට සාධාරණ හා අපක්‍ෂපාතී නඩු විභාගයක්‌ අපේක්‍ෂා කළ නොහැකි බව කියා සිටිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනු කළ ඇපැල් පෙත්සම හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයට මෙම නඩුව ගොනු කරන ලැබුවේ නීතිපතිවරයා විසින් වන අතර ඔහුට නීත්‍යනුකූලව ලැබුණු ආදායම් මාර්ගවලින් එම නිවස එතරම් විශාල මුදලකට මිලදී ගත නොහැකි බව පවසමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත. කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්‌. තුරෙයිරාජා මහතා හමුවේ මෙම ඇපැල් විභාගය පැවැත්විණි.

    ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා අධිනීතිඥ කාංචන රත්වත්ත යන මහත්වරු, නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ පිට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

  • පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    පාර්ලිමේන්තුවට ඔප්පු දෙයි

    ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරුම් සහතිකයක් (ඔප්පුව) පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුබ මොහොතින් සිදු කෙරිණි.

    ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

    මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා  සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින්  කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා
    නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර් දහ අටක් අයත් ය. එමෙන්ම එම භූමිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදි පවති. ශ‍්‍රි ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ය.
    මේ තත් කාර්යය සිදු කිරීමේ දි එම ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද සහාය ද බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්  හා නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් සහාය ද අගය කළ යුතුය. එමෙන්ම මෙම භූමිය නිරවුල්ව මැන
    සකස් කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය.

    ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැන් වසර හැත්තෑවකි. කොල්ලුපිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙවැදි දැන් දශක
    හතරකි.

    පාර්ලිමේන්තුව පිහිටි භූමි භාගයේ ඓතිහාසික තතු විමසා බලන කල්හි පිටකෝට්ටේ බැද්දගානට ඔබ්බෙන් කොළඹ සිට සැතපුම් දහයක් පමණ නැගෙනහිරෙන් වූ ඓතිහාසික දියවන්නා ඔය මධ්‍යයේ පිහිටා ඇති
    හෙක්ටයාර් දහ අටක මනරම් භූමි භාගය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත්ය.

    දාහතර වන ශත වර්ෂයේ තුන් වන වික‍්‍රමබාහු පාලන සමයේ දී බටහිර වෙරළ තීරය ඔස්සේ රට අභ්‍යන්තරයට  එල්ල වූ ආර්ය චක‍්‍රවර්තීන්ගේ යුධ තර්ජනයට මුහුණ දීම සඳහා නිශ්ශංක අලකේෂ්වර සෙනෙවි විසින් එදා
    ජයවඩනගම නමින් හැඳින් වූ මෙම ප‍්‍රදේශයෙහි දියෙන් වට වූ ස්ථානයක බලකොටුවක් ඉදිකෙරුණු බව ඉතිහාස මූලාශ‍්‍ර වල සඳහන් වේ.

    1976 දී මෙරට කීර්තිමත් ජන නායකයන් දෙදෙනෙකු වූ ජේ.ආර්.ජයවර්ධන සහ ආනන්ද තිස්ස ද අල්විස් යන  මහත්වරුන් සොයා ගියේ සොඳුරු දියවන්නාව මැද පිහිටා තිබූ එම බලකොටුවේම පාදම යැයි මතයක් ද පවති.

    එලෙස අලකේෂ්වරලාගේ බලකොටුව ඇසුරෙන් රටේ පාලන මධ්‍යස්ථානය ගොඩනඟන්නට තීරණය කළ  ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සිය පක්ෂ මූලස්ථානය වූ සිරිකොත මන්දිරය තැනුවේ ද ඓතිහාසික කෝට්ටේ  දිය අගලක මායිම්ව පිහිටි අලකේෂ්වරලාගේ පැරණි සටන් පුහුණු මධ්‍යස්ථානය පැවති භූමියෙහි ම බවට ද සාක්ෂි තිබේ.

    ගාලු මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත‍්‍රින් සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි විණි. ඒ සමඟ ම  පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ද සංකීර්ණ විය. 1960 දශකයේ දී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව
    පළමුව පැන නැඟුණි. ඒ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන සමයේ දී ය. කථානායක සර් ඇල්බට් පීිරිස්  මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වන පරිදි කමිටුවක් 1967 අප්‍රේල් 04 වැනි දින
    ඒකමතිකව තීරණය කළේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් තැනිය යුතු බවයි. එය පැරණි පාර්ලිමේන්තු  ගොඩනැගිල්ලට සමාන්තර වන සේ බේරේ වැවට අනිත් පසින් ඉදි කළ යුතු යැයි යෝජනා විය.

    අනතුරුව 1970 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යවරිය එවකට පක්ෂ  නායකයන්ගෙන් හා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සකසන
    ලෙසට ඉල්ලා සිටින ලදී. එදා එම කටයුත්ත භාරව සිටියේ එඞ්වඞ් රීඞ් සහ බෙග් ආයතනයේ ජෙෆ්රි බාවා මහතාට වුවත් එම ව්‍යාපෘතිය ද අතරමග නැවතුණි.

    1976 දෙසැම්බර් මාසයේ දිනක වැලිකඩ ඊ.ඩබ්ලිව්. පෙරේරා උද්‍යානයේ පැවති මහජන රැළියක දී එවකට  එක්සත් ජාතික පක්ෂයෙන් කෝට්ටේ ආසනය සඳහා තරඟ කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා එදවස විපක්ෂ
    නායක ධූරය දැරූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් එක්සත් ජාතික පක්ෂය  බලයට පත් වූ පසු නව පාර්ලිමේනතු ගොඩනැගිල්ලක් ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දී ඉදි කළ යුතු බවයි.
    කෝට්ටේ නගරයේ පැවැති අතීත ශ‍්‍රි විභූතිය යළි ඇති කිරීම ද මෙම යෝජනාවේ තවත් අරමුණකි.

    ඒ අනුව 1977 මහ මැතිවරණය ජයගත් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මනරම් භූමියක  නව ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වූ පාර්ලිමේන්තුව පිහිටුවන ලදී. 1979 ජූලි මස 04 වැනි දින කෝට්ටේ
    පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය එවකට අග‍්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ලබාදුණි.

    එසේ වුව ද පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විධිමත් නිරවුල් පැවරුම් සහතිකයක් මෙතෙක් නොතිබිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ අද කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර  දීමට කටයුතු කළ  පැවරුම් සහතිකයෙන් ශ‍්‍රි ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට හා එම සංකීර්ණය සතු භූමි භාගයන්ට නිරවුල් නීත්‍යානුකූල අයිතයක් හිමි වනු ඇත. මේ අනුව රටේ නීති සකසන උත්තරීතර ආයතනය වන ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට භූමියේ නිරවුල් නීතිමය හිමිකම ජුනි 05 වන අගහරුවාදා සිට සහතික වනු ඇත.

  • නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් බේරගන්න බන්දුල පෙරට

    නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ සිද්ධියේ සත්‍ය කරුණු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයකට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටී.
    “නකල්ස් කඳුකරයේ සංවේදී පරිසර කලාපයක්. ඒ වාගේම අපේ පරිසර සම්පතක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි අපි මාධ්‍යවේදීන් පිරිසක් එක්ක ඒ ප්‍රදේශයට යන්නේ. එහි ඇත්ත තොරතුරු අපි අදාළ අංශ  සමගත් සාකච්ඡා කරලා රටට හෙළි කරනවා” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. 
  • ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ඇමරිකානු ගැති ගෝඨාගේ ප්‍රථිපත්ති වලට අපි විරුද්ධයි

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් පවසයි.

    ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරනවා සේම වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන අතර ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

     

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ 

  • බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (19) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
    වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස රිසාඩ් බද්යුදීන් මහතා කටයුතු කරන අතර මේ අනුව ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා පත්වී ඇත.
    මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. එම අවස්ථාවේදී බුද්ධික පතිරණ මහතා විදෙස් ගතවී සිටි බැවින් තමන්ට හිමි නියෝජ්‍ය ඇමැති ධුරයේ ඔහු ඊයේ (19) දිවුරුම් දුන්නේය.‍ෙ
  • තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද(20) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

    එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සිය ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවැවසීය.

  • 2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

    2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

     ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී ඇත. අවසන් වරට තොගයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේදී වන අතර අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.

    ඒ අනුව මේ වනවිට සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ වෙනත් ක‍්‍රමවේදයකට වන අතර ඒ  මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රයේ ඊට අදාළ රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රය වලංගු වන බවට මුද්‍රණය කිරීමෙනි.

    ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ එයද ඉතා අනතුරුදායක ක‍්‍රමයක් බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණය ඕනෑම පුද්ගලයෙකුට වුවද සිදු කළ හැකි වීමත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මෙවැනි මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත‍්‍ර පිළි නොගන්නා බවත්ය. ඒ හේතුවෙන් මගියාගේ අනන්‍යතාව පිළිබඳ ගැටළුවක් මතුවීමට ද ඉඩ ඇත.

    මෙවැනි ගමන් බලපත‍්‍රයක් සතු ශ‍්‍රී ලාංකික සංචාරකයෙකු  ඕනෑම ගුවන් තොටුපලක රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද එම රටවල ආගමන විගමන නිලධාරීන්ට අවස්ථාව පැවතීම හේතුවෙන් එම මගීන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවලදී අපහසුතාවට පත්වීමටත් ගුවන් ගමන ප‍්‍රමාද වීමටත් ඉඩ පවතින බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ සඳහන් කරයි. මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික පංතියට අයත් ගුවන් මගීන්ට වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර හා මැද පෙරදිග රටවලට අදාළ ගමන් බලපත‍්‍ර, ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර වර්ග අතර ජනප‍්‍රිය වර්ග දෙක වන අතර  සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ලබා ගන්නේ සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රයයි. මැද පෙරදිග කලාපයේ රටවලට රැකියා සඳහා යන පිරිස් පමණක් අනෙක් බලපත‍්‍රය ලබා ගන්නා අතර මාසිකව නිකුත් කරන සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර සංඛ්‍යාව 35,000කට ආසන්න වේ. පිටු 64කින් යුත් එහි වටිනාකම රුපියල් 7500ක් සහ මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරේ. පිටු 48කින් යුත් එහි වටිනාකම රුපියල් 2500ක් වේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතින අතර එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණකි. ඒ, මැද පෙරදිග රටවල ගුවන් ගමන් බලපත‍්‍රය මේ වනවිට සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රය ලෙස ද නිකුත් කිරීම හේතුවෙන්. 

    මෙම තොග අද දිනයේ ඇණවුම් කළ ද එහි ක‍්‍රියාවලිය සංකීර්ණ වීම හේතුවෙන් සියලූ රටවලට අදාළ බලපත‍්‍ර මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 05ක පමණ කාලයක් ගතවන බැවින් තවත් මාස කිහිපයකින් ශ‍්‍රී ලංකාව තුළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් උද්ගත වනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසයි.

    ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම අවදානම පෙන්වා දී තිබුණද රජයේ බලධාරීන් මෙතෙක් ඊට විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ඔවුන්ගේ අදහසයි. 

  • ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම  අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
    මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි

    අම්බලන්තොට වලවේ ග‍ඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත.
    වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ග‍ඟෙන්  ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ග‍ඟේ  ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට හසු වි මහ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් වනජිවී නිළධාරීහු සැකකරන බව සඳහන් වේ.

    මිරිජ්ජවිල ආසන්න වෙරළේ කිඹුලා සිටිනු දැක පසුව වනජීවී නිළධාරින්ට දැනුම් දීමෙන් පසු වෙරළ ආසන්න මුහුදේ සිටි කිඹුලා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන බුන්දල  ජාතික උද්‍යානයට මුදාහැරීමට  පියවර ගෙන තිබූ බව වාර්ථා වේ.

    ඡායාරූපය හිරු ගොසිප් වෙතින්

  • මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

    මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ.

    අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු කළේය.

    දේහය මතුගම නවුත්තුඩුවේ ඒ මහතාගේ මුල් නිවසේ තැන්පත් කර ඇති අතර 21 බ්‍රහස්පතින්දා සවස මතුගම පාන්තිය ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කරයි.

  • නම කියල කතා කරා කියල ජනපතිට මල පනී

    නම කියල කතා කරා කියල ජනපතිට මල පනී

    තමාට ජනාධිපති ලෙස ආමන්ත‍්‍රණය නොකිරීම නිසා කෝපයට පත් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් එරට ශිෂ්‍යයෙකු හට දොස් නගන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇත.

    ප‍්‍රංශයේ පාසලක පැවැති කී‍්‍රඩා උලෙලකට ජනාධිපති මැක්රන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේදී ශීෂ්‍යයෙකු විසින් ජනාධිපතිවරයා හට ‘‘මානු’’ කියා ආමන්ත‍්‍රණය කිරීමෙන් ඔහු කෝපයට පත්වන අයුරු එම වීඩියෝවේ  දැක්වෙනවෙන අතර අවස්ථාව තෙරුම් ගෙන කතා බහ කරන ලෙසත්, විප්ලවකරුවෙකු ලෙස නොව ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපති මැක්රන් අදාළ සිසුවාට පවසා ඇත.

  • අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

    සියලුම කාර්යාල විවෘත කර රාජකාරීයට පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු වන අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ලබාගත හැකි බවත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන හා පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සදහා තවදුරටත් තැපැල් පරිපාලනය වගනොකියන බවත්  තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ අතර ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛන්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

    තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන් බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ කොළඹ වරයේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී සඳහන් කරන ලදී.
    ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැළකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සළකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කල අතර පුහුණුවෙන් පසු ආරක්ෂක නිලධාරීන් 150 දෙනෙකු විසිරයාමේ උත්සවය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති අතර එම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ආරක්ෂ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
  • සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
    මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.
    මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.
    මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.