Tag: breaking post

  • කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්. 
    ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක්. ලොව පුරා වෙසෙන කාන්තාවක් 2505 දෙනෙකු සහභාගී වී මෙලෙස බිඳ දැමුයේ 2015 වසරේ කාන්තාවන් 786 දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී පිහිට වූ ලෝක වාර්තාවයි. 
    මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීමයි.
  • රවී කරුණානායක ඇතුළු 6කට ඇමති තනතුරු

    රවී කරුණානායක ඇතුළු 6කට ඇමති තනතුරු

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
    රවි කරුණානායකට යළි කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමත් සමඟ තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමනු ඇති බවත්
    මෙම පත් කිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික විදේශ සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු කෙරෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම කාරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ දැනුම් දීමට ජනාධිපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කල අතර මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් රවි කරුණානායක සිය අමාත්‍යධුරයෙන් ඉවත් විය. ඒ අනුව ඔහුට එරෙහිව චෝදනා තිබේ නම් මාස දෙකක් තුළ එය ගොනු කරන ලෙස අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර එම කාලය මේ මස 15 දායින් අවසන් වේ.

  • සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

    සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

    ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි
    පොදුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන මතයේ සිටියත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ මෙම යෝජනාව රටට ගැලපෙන යෝජනාවක් නොවන බැවින් එකඟ විය නොහැකි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
     නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බවයි.
    ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
  • සුජීව තණතුරු වලින් ඉවත් කරන්නැයි යෝජනාවක්

    සුජීව තණතුරු වලින් ඉවත් කරන්නැයි යෝජනාවක්

    පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මේ බව කියා සිටියේය.

    පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මේ වනවිට පිළිගෙන ඇති අතර 
    ඊයේ (09) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සුජීව සේනසිංහ යනු කඩුවෙල ආසනයට පැමිණි මනුස්සකමක් නොමැති පුද්ගලයෙකු බවයි.

    ඊට එක්වෙමින් අදහස් දැක්වූ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගු ප්‍රකාශ කළේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාව කඩුවෙලින් පමණක් නොව දේශපාලනයෙන් ද ඉවත් කළ යුතු බවයි.

  • ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය. එ

    කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී  මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා,

    මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ගතවූ කාලේ කපලා තියෙනවා.ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්.

    මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා.
     මටත් වාර්තා වෙලා තියන්නෙ. අදාළ ගස්‌ කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බව යෑයි පැවසුවාය.

  • ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකියි

    ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකියි

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බව ශ්‍රීලනිපයෙ විපක්‌ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක්‌ ඇත්නම් එය එජාපයට ගොස්‌ සිදුකරගත හැකි බවත් පුද්ගලික අදහස්‌ නිලතලවල සිටිමින් ඉටු කර නොගන්නා ලෙසද කිසිදු තැනක මෙවැනි සාකච්ඡාවක්‌ සිදුවී නොමැති බවද ඊයේ නිදහස්‌ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. 

     

  • උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා (6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.
     
    මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක්‌ ඉදිකොට ඇති බවයි. 
     
     සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 
     
     මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.
     
     මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි. 
     
     

  • බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    රේගුවේ සිදුවූ රුපියල් බිලියන 16 ක වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමට රේගු අධ්‍යක්‌ෂ ජනරාල් සරෝජනී චාල්ස්‌ මහත්මිය කටයුතු කර ඇත.
     
    මෙම වංචාව සිදුව ඇත්තේ චාල්ස්‌ මහත්මිය රේගුව භාරගැනීමට පෙර එය පාලනය කළ  ප්‍රධානීන් විසින් වන අතර තම තීරණය පිළිබඳව නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට දැනුම් දීමට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පියවරගෙන තිබේ. ඇයට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා විසින් එකකට රුපියල් ලක්‌ෂය බැගින් වූ දඩ මුදලක්‌ යටතේ ජර්මනියෙන් ගෙන්වන බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ 1675 ක්‌ නිදහස්‌ කිරීමට පියවර ගෙන ඇති බවද ඇය අභියාචනාධිකරණයට දන්වා ඇත.
     
     මේ පිළිබඳව රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව චූලානන්ද පෙරේරා මහතා ඉහත සඳහන් දඩ මුදල් පැනවීම සිදුකර ඇත්තේ 2017 ජූලි 14 වැනිදා ය. මඩකලපුවේ දිසාපතිනිය ලෙස කටයුතු කළ චාල්ස්‌ මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ 2017 සැප්තැම්බර් 24 වැනිදාය.2017 දී චූලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සංචිතය වෙත මාරුකර යවා ඇත.
     එංගලන්තයේ නීතිඥවරයෙක් වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්‌කු මහතා විසින් ද මේ පිළිබඳව නඩුවක්‌ පවරා ඇත.

  • හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 08 සහ 09 යන දිනවලදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර ඇත.
    පාර්ලිමේන්තු සැසියකට සහභාගී වී සිටින බැවින් ඇයට අද දිනයේ අධිකරණය වෙත පැමිණිය නොහැකි බව ඇගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිට ඇත.
    මෙම චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මීට පෙර වරද පිළි ගත් අතර ඒ අනුව ඔවුන්ට දඬුවම් ද නියම කර ඇත. 
  • ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට

    ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි.
    රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙන අතර ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් ඇත.
    නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කිටී.
  • දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    දෙකේ පංතියට විතරක් ඉගෙනගත් හොර මාහාචාරියාට සාමවිනිසුරු පට්ටමකුත් දීලා

    මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට සමාදාන විනිශ්චයකාර තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
    මහාචාර්ය ජයවර්ධන එම්. පී. අත්තනායක නමින් පෙනී සිටින මොහු වහල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැත්තකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇති අතර මෙම ව්‍යාජ මහාචාර්යවරයා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී ඔහු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණිය දක්‌වා පමණක්‌ අධ්‍යාපනය ලබා ඇති බවත් ඊයේ (6 දා) වන විටත් පාසලෙන් අස්‌වීම් සහතිකය පවා ලබාගෙන නැති බවත් හෙළිවී ඇත.
    මොහු ඇහැලියගොඩ පොලිසිය මගින් පැවරූ නඩු තුනකට වැරදිකරු වී සිරදඬුවම් ලැබූ අයකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුව ඇතුළත් අයකු බව තහවුරුවී ඇති අතර  සාමවිනිසුරු ධූරය ලබාගෙන ඇත්තේද වත්මන් ආණ්‌ඩුව යටතේ සිටි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකුගෙන් බවද අනාවරණය වී තිබේ.
  • රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එම ස්‌ථානයෙන් ඉවත් කර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 
     
     තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ අරමුණ ඇතිව නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා මහින්ද අමරවීර ඇමැතිවරයා කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මේ වනවිට රුපියල් කෝටි දහයක්‌ වැය කරමින් ගොවිජන මන්දිරය අලුත්වැඩියා කරන බවත් තව නොබෝ දිනකින් එම ගොඩනැඟිල්ලට යැමට හැකි වෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
     
     වසර පහක කුලී පදනම මත රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කුලිය වශයෙන් රුපියල් කෝටි පනහකට වැඩි මුදලක්‌ ගෙවා ඇති බවත් එයට සේවා ගාස්‌තුවක්‌ද ඇතුළත් බවත් හෙතෙම කියා සිටියේය. මසකට රු. හැටඑක්‌ ලක්‌ෂ දහඅට දහස බැගින් මේ වනවිට කෝටි 14 කට අධික මුදලක්‌ සේවා ගාස්‌තු වශයෙන් ගෙවා ඇතැයිද කී එම නිලධාරියා මේ සියලු ගෙවීම්වලට අමතරව ගොඩනැඟිල්ල විවිධ අංශවලට බෙදා වෙන් කිරීම සඳහා රු. කෝටි හතළිහක්‌ද, ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්‌ සඳහා රුපියල් ලක්‌ෂ පනහක්‌ ද, අමාත්‍යාංශයේ ගෘහ භාණ්‌ඩ සඳහා කෝටි පනහක පමණ මුදලක්‌ද රජය වැය කර ඇති බව අමාත්‍යවරයා විසින් කළ සමීක්‌ෂණයේදී හෙළිවී ඇතැයිද කීවේය. 
     
     මේ වනවිට මෙම ගොඩනැඟිල්ලේ ගිවිසුම් සහ කුලී ගෙවීම් පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇති බවත් ගොඩනැඟිල්ල ගැනීමේදී තාක්‌ෂණ නිලධාරියාගේ වාර්තාවේ සේවා ගාස්‌තු අය කර ගැනීම සඳහන් කර නොමැතිව තිබියදී ඊට පිටින් රජයේ ආයතනයක්‌ පවත්වාගෙන යැමේදී එම ගොඩනැඟිල්ල සඳහා සේවා ගාස්‌තුවක්‌ ගෙවා තිබීම පිළිබඳව වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පී. විඡේරත්න මහතා විමසීමට ලක්‌ කර ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

  • වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    කිලෝ අටක්‌ වූ ප්ලාස්‌ටික්‌ බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක්‌ මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
     
     රාත්තල් 500 ක්‌ බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික්‌ බෑග් 80 ක්‌ තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
     දින පහක්‌ තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික්‌ දිරවා ගත නොහැකිව බව වාර්තා වේ.

  • රංජන්ට එරෙහි පෙත්සම් 2  සම්පූර්ණ විභාගයට ගනී

    රංජන්ට එරෙහි පෙත්සම් 2 සම්පූර්ණ විභාගයට ගනී

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4 ) දැනුම් දුන්නේය. 
     
     රංජන් රාමනායක මහතා කළැයි කියන කතාව පටිගත කළ වීඩියෝ හඬ පටය ආශ්‍රයෙන් සකස්‌ කළ එම කතාවේ පිටපතක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකරුවන් වෙන වෙනම පරීක්‍ෂා කර බලා පසුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට රැස්‌වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙක ඊවා වනසුන්දර සහ දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී  ඔහු මේ බව දැනුම් දුන්නේ ය.
     
    පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටියේ සියලුම විනිසුරුවරුන් හා නීතිඥවරුන් දූෂිතයන් යෑයි ඔහු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුව ඇති බව නිසා ඔහු කළ එම වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඔහු උසාවියට කැඳවා විමසන ලෙසත් පසුව ඒ ගැන විභාගයක්‌ පවත්වා ඔහුට සුදුසු දඬුවමක්‌ ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
     
     රංජන් රාමනායක මහතාට එරෙහිව පෙත්සම් දෙක ගැන අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත යොමු කිරීමටද ඊයේ තීරණය කෙරිණු අතර රාමනායක මහතා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුවී ඇත යන්න නීතිපතිවරයාගේ ස්‌ථාවරය බව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ මුල් දිනයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා දැනුම් දුන්නේය.
     
    ශ්‍රී ලංකා නීතිඥ සංගමයද රාමනායක මහතා කළ කතාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයේදී තම සංගමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
     
     වැඩිදුර විභාගය ලබන 18 දාට කල් තැබුණු අතර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටී.මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී රණවක සුනිල් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.

  • විදෙස්‌ සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක්‌ කහවත්තේ

    විදෙස්‌ සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක්‌ කහවත්තේ

    විදෙස්‌ සඟරා පරිශීලනය කර ලබාගත් දැනුමෙන් අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවිකරන කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදනාගාරයක්‌ වටලා ගිනිඅවි රැසක්‌ සමඟ සැකකරුවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.
     
     අර්ධ ස්‌වයංක්‍රීය ගිනිඅවි 01 ක්‌ නිම නොකළ අර්ධ ස්‌වයංක්‍රීය අවි දෙකක කොටස්‌, ටී 56 ජීව උණ්‌ඩ 03 ක්‌ ගිනිඅවි නිෂ්පාදනයට යොදාගන්නා කොටස්‌ සහ නිෂ්පාදනයට භාවිත කරන උපකරණ රැසක්‌ සොයාගත් බවත්‍ෙසැකකරු විසින් කහවත්ත කහවතු කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 25,000 ක්‌ (විසිපන්දාහක) මුදලකට අලෙවිකර තිබූ බෝර 12 පතුරම් තුවක්‌කු 01 ක්‌ සමඟ මිලදීගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
    අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ සැකකරුවන් ඊයේ (04) පැල්මඬුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
     

  • අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

    අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

    ආගරපතනේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක හා ඇගේ අවුරුදු 5 1/2 වයසැති දියණිය හා 2 1/2 ක්‌ වයසැති පුතෙකු පැහැර ගෙන ගොස්‌ වැඩිමහල් දරුවා විකිණීම හා අදාළ කාන්තාව අතවරයට පත් කළැයි චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් ළිඳුල තලවකැලේ පුරපතිවරයාත්. එහි සභිකයකුත්, ආගරපතන ඩයගම රෝහලේ සේවකයකුත්, තලවකැලේ ත්‍රිරෝද රථ රියදුරෙකුත් පෙරේදා (03) රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

    කාන්තාවක හා දරුවන් දෙදෙනකු පැහැර ගෙන ගොස්‌ එම කාන්තාවට අතවර කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් පෙරේදා (03 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ නගරාධිපති අශෝක සේපාල සහ එම නගර සභාවේ මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුළු සිව්දෙනකු ලබන 11 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා ඊයේ (04) නියෝග කළේය. 

    රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක්‌ දෙදෙනා ආගරපතන ඩයගම රෝහලේ සේවකයකු වන හේරත් මුදියන්සේලාගේ තිලකරත්න සහ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන ආගරපතන පදිංචි ඔරාකඳ ලියනගේ ජයන්ත පීරිස්‌ යන අය වෙති.

    ආගරපතන පදිංචි ජයන්ත නමැත්තා 2017.06.04 දින දුරකථනය ඔස්‌සේ කථා කොට ආගරපතනේ සිය දරුවන් දෙදෙනා සමග වාසය කළ මෙම කාන්තාවට රැකියාවක්‌ ලබා දෙන පොරොන්දුව මත ලියකියවිළි හා ඇඳුම් පැළඳුම් රැගෙන තලවාකැලේ බස්‌ නැවතුම්පළට පැමිණෙන ලෙස දන්වා ඇත.

    ඉන් පසු ඉෂාර මංචනායක නමැත්තාගේ නිවසේ දින කීපයක්‌ අදාල කාන්තාව හා දරුවන් දෙදෙනා රඳවා තබා ඇත. එම කාලය තුළදී පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත විනාශ කර දමා ඈ හා අනෙකුත් අය අතර තිබු සම්බන්ධතා බිඳ දමා ඇති බව කියති. ඉන් පසු ඉෂාර යන අයගේ සහෝදරයකුගේ නිවසේ ද දින කීපයක්‌ රඳවා තබා ඉන් අනතුරුව අශෝක සේපාල නමැති අය හමුවට කැඳවාගෙන ගොස්‌ ඇත. එහිදී ලිපි කීපයකට අත්සන් ලබා ගෙන ඇති අතර කාන්තාවගේ වැඩිමහල් ගැහැනු දරුවා සැකකරුවන් විසින් රඳවාගෙන කාන්තාවගේ කුඩා දරුවා වෙනත් නිවසකට කැඳවාගෙන ගොස්‌ ඇත. ඉන් පසු තිලකරන්න නමැති සැකකාර ත්‍රී රෝද රථ රියදුරුගේ නිවසේ අදාල කාන්තාවත් දරුවාත් නතර කර ඇති අතර දින කීපයක්‌ එහි නතරව සිටි කාන්තාව තිලකරන්න නමැත්තා විසින් කොළඹ කැඳවාගෙන ගොස්‌ ආමර් වීදියේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකින් ගමන් බලපත්‍රයක්‌ පිළියෙළ කර දී ඇත. එහෙත් ඇය අතට ගමන් බලපත්‍රය ලබා දී නැත. මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කාන්තාවගේ සැමියා තම බිරිඳ හා දරුවන් ආගිය අතක්‌ නැති බවට ආගරපතන පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. සැකකාර තිලකරත්නගේ නිවසේ කාන්තාව රැඳී සිටින අවස්‌ථාවේදී පිරිමි ළමයා ද සැකකරුවන් විසින් රැගෙන ගොස්‌ ඇත්තේ කාන්තාව ඊට රැකියාවකට යන නිසා දරුවාගේ රැකවරණය සැපයීමට යනුවෙන් පවසමිනි. රැකියාව සඳහා අදාළ කටයුතු සම්පාදනය කිරීමට සැකකාර තිලකරත්න නමැත්තා සමග ගමන් බිමන් යද්දී ඔහු විසින් පැමිණිලිකාරිය කෙළෙසූ බවට ඇය විසින් කරුණු දක්‌වා ඇත.

    පැමිණිලිකාරියගේ සැමියා විසින් ආගරපතන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක්‌ කරන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරුවන් විසින් කාන්තාව බත්තරමුල්ලේ නිවසකටත් ඉන්පසු පිළියන්දල නිවසකත් සේවයට යවා ඇත. පිළියන්දල නිවසේ සේවය කරද්දී තමාට සිදුවූ අතවර හා දරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බව පොලිසියේ පැමිණිලි කර ඇත.

    පැමිණිලිකාරිය කුඩා කාලයේ දී මව මිය යාමෙන් අනතුරුව අවුරුදු 19 ක්‌ පිළියන්දල එස්‌ ඕ එස්‌ ළමා නිවාසයේ රැඳී සිටි නිසා ඇය තමා පත්වී ඇති තත්ත්වය පිළිබඳ එස්‌. ඕ. එස්‌ ළමා ගම්මානයේ කාර්යය මණ්‌ඩලයටද දන්වා ඇත. ඒ හේතුව මත පැමිණිලිකාරියට ඇගේ ස්‌වාමියා යළි මුණගැසී ඇත. ඉන් පසුව මෙම පැමිණිලිකාරිය විසින් පෙරේදා නුවරඑළිය මූලස්‌ථාන පොලිසියට පැමිණ සියලු සිද්ධීන් අනාවරණය කර ඇති බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

    මෙම පැමිණිල්ල පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ, නුවරඑළියේ නියෝජ්‍ය පොලිස්‌පති ඊ. ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි නුවරඑළිය පොලිස්‌ අධිකාරී අයි. බී. ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන බස්‌නායක, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. බී. අයි. ඉන්ද්‍රජිත්, පොලිස්‌ පරීක්‍ෂක චන්දන රණසිංහ, අපරාධ කොට්‌ඨාස ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක චන්දන හල්පාගොඩ, ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. පී. යොෂානි යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

    පැමිණිලිකාරියගේ අවු 5 1/2 වයසැති දැරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි යුවළක්‌ විසින් ඊයේ නුවරඑළිය පොලිසියට රැගෙන පැමිණ සිටි අතර අවුරුදු 2 1/2 ක්‌ වයසැති පිරිමි දරුවා පතන විහාරස්‌ථානයක සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.