Tag: breaking post
-

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද (04) ආරම්භ වුණි.අදාළ සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි 14 වනදා විශේෂ කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කෙරුණි.මේ වන විටත් ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම වෙත මහජන පැමිණිලි ලැබී ඇති අතර සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිලධාරියෙකුගෙන් අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේයඅභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි. -

දකුණේ වසංගතයට හේතුව සොයා ගනී
දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි.
සිය ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලට අනුව මෙම රෝග තත්ත්වයට හේතුව වී තිබෙන්නේ “ඉන්ෆුවෙන්සා A” නම් වෛරසය බව ද එම ආයතනය තවදුරටත් අනාවරණය කර සිටියි.
-

ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”
මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.
ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.
ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.
Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….
මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.
මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!
වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,
https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be
-

අගමැති රනිල් හා තිස්ස අත්තනායක එකට
නුගේගොඩ – නාලන්දාරාම විහාරස්ථානය නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ(2) සිදුකෙරිණු අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.බුද්ධ මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමිණ. -

ශ්‍රීලනිප තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව ඇත.මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ තාවකාලික කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. -

තවත් IMF ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.
-

2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි
එජාප ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පත්වීමේ ලිපිය ප්‍රදානය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් 2015 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූයේත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ කැපකිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,
“එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.
රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.”
-

රටේ ඉන්න හැම දේශපාලනඥයාම දූෂිත නෑ…
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අකිල විරාජ් කාරිවසම් අමාත්‍යවරයා කියාසිටියේ සෑම දේශපාලනඥයෙකු සම්බන්ධයෙන්ම සමාන අයුරින් සිතා කටයුතු කිරීම යුක්තිසහගත නොවන බවයි.එහිදී සෑම අයෙකුම දූෂිත දේශපාලනඥයෙකු ලෙස සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දෙන ලදී. -

පොලිස් කොස්තාපල් වරියට රහසඟ පෙන්වූ මැනේජර් මහත්තයාට වැඩ වරදී
සිවිල් ඇඳුමකින් සැරසී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් වරියකට තවත් මෝටර් සයිකලයක ගමන් කරමින් සිටියදීම නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයෙකු ඉමදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
පසුව තොරතුරු අනාවරණවූ අන්දමට ඔහු පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකි. මීට පෙරද ඔහු මෙම පොලිස් නිළධාරිනියට තම නිරුවත පෙන්වා ඇති අතර මේ අයුරින් ඔහු තවත් කාන්තාවන් විශාල පිරිසක් ඉදිරියේ මෙලෙස අසභ්‍ය ලෙස හැසිරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
මෙලෙස කාන්තාවන් හමුවේ තම නිරුවත ප්‍රදර්ශනය කරන පුද්ගලයන් පිළිබඳව ඉඳහිට අසන්නට ලැබේ. එහෙත් මෙය බොහෝ විට ‘ප්‍රදර්ශන කාමුකත්වය’ නම් වන මානසික රෝගී ලක්ෂණයක් බව බොහෝ දෙනෙක් නොදනිති. මෙම ප්‍රදර්ශන කාමුකත්වය නම් මානසික රෝගී තත්වයට නතුවනුයේ රස්තියාදු කාරයන් වශයෙන් සළකන සමාජයේ පහළ පැලැන්තියේ අයැයි බොහෝ දෙනෙක් සිතති.
එහෙත් එහි සැලකිය යුතු සත්‍යතාවයක් නැත. සමාජීය වශයෙන් ඉහළ තත්වයන්හි පසුවන්නවුන් තුළින් පවා මෙම රෝගී තත්වය ඉස්මතු වීමට පුළුවන. ලිංගික අවවර්ථන ගණනයට අයත් වන මෙවන් අස්වාභාවික ලිංගික අශාවන් අැතිවීමට නිශ්චිත හේතුවක් අනාවරණයවී නැත. එමෙන්ම මෙම මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් කාන්තාවන් හමුවේ තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කරවනුයේ ඔවුන් ලිංගිකව පොළඹවා ගැනීමට යැයි අදත් සමාජයේ බොහෝ දෙනෙක් සිතති.
එහෙත් ඔවුන් එසේ කරනුයේ එය දකින කාන්තාවන් බිය වැද්දීමටය. එම පුද්ගලයන් සතුටු වනුයේ එසේ කතුන් තම ක්‍රියාවෙන් බිය වැද්දෙනු දැකීමෙනි. එහෙත් එවන් දර්ශනයක් දකින කාන්තාවක් බැරි වේලාවත් ඉන් සතුටට පත්වී තමන් සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට එම පුද්ගලයන්ට ඇරයුම් කළා යැයි සිතමු. (නමුත් එවැනි දර්ශනයකින් කාන්තාවෝ ලිංගික උද්දීපණයක් නොලඹති)
එවිට එම පුද්ගලයෝ බොහෝ විට එම ඇරයුම පිළිනොගනිති. ඊට හේතුව එම රෝගීයකුගේ අරමුණ එම කාන්තාව සමඟ යහන්ගත වීමක් නොවන බැවිනි. ඒ කෙසේ හෝ මෙවන් පුද්ගලයකු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ හොත් ඔහු මෙම පුරුද්දෙන් ඉවත් කිරීමේ යම් හැකියාවක් පවතී. නමුත් ඒ සඳහා දිගුකාලීනව මනෝ චිකිත්සක ක්‍රම වලට ඔහු යොමු කළ යුතුය.
– දමයන්ති ගමගේ
-

ආණ්ඩුවෙන් එළියට ගිය 16 දෙනා සම්බන්ධන් හමුවෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායම ඊයේ (30) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.එහිදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූ හේතුව මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට සහයෝගය දැක්වීමට හේතුව පිළිඳව විපක්ෂ නායකවරයා දැනුම්වත් කළ බවද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායම දරන ස්ථාවරය පිළිබඳව දැනුම් දුන් බවද කීය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ වෙනම සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීම ඵලක් නොවන බවද මෙහිදී තම කණ්ඩායම පෙන්වා දුන් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය. -

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්
මේ වන විට සාමාන්‍ය වැසි තත්වයක් යටතේ උවද වතුරෙන් යටවන කොළඹ නගරයට පිළියමක් වශයෙන් අලුතින් උමන් මාර්ග දෙකක් ඉදිකිරිමට රජය තීරණය කර ඇත.යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන ඇති අතර මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ මෙම උමං මාර්ග ඉදිකරන්න නියමිතව ඇත.ඒ සඳහා වන ගිවිසුම් ඊයේ(30) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කරන ලදී. -

මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකරව ඊයේ(30) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තාවේ. -

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි.
අද උදෑසන 9.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිව්ස්ෆස්ට් කළ විමසීකදී කියා සිටියේ ය.
-

විසඳුම් නොලැබුනොත් ජුනි 12 සිට තැපෑල වර්ජනේ
තැපැල් සේවා ව්‍යවස්‌ථාව කඩිනමින් සම්මත කර තැපැල් සේවකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කිරීම සඳහා ජුනි මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා අඛණ්‌ඩ තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
ආණ්‌ඩුව මෙසේ දිගින් දිගටම තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් නොදී තැපැල් සේවකයන් රැවටීමට ලක්‌කිරීම නිසා අකමැත්තෙන් වුවත් මෙම තීරණය ගත් බව හෙතෙම පැවසූ අතර 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20,000 ට අධික සියලුම සේවකයන් සහභාගි වන බව ද තැපෑලට ආණ්‌ඩුව දක්‌වන කුඩම්මාගේ සැලකිල්ල නිසා සමස්‌ත තැපැල් දෙපාර්තමේන්තුවම දැන් කඩා වැටී ඇති බවද මේ සඳහා දිය හැකි හොඳම නිදසුන තැපැල් පරිගණක පද්ධතිය අක්‍රිය වීම බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. -

ටෙලිකොම් පාලනාධිකිරියට කත් අදින යූනියන් ලොක්කො දෙන්නෙක්ට සුපිරි රට සවාරියක්
ටෙලිකොම් ආයතනයේ පාලන අධිකාරිය වෙනුවෙන් වැඩි වශයෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට එංගලන්ත සවාරියක් සදහා වියදම් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙසේ එංගලන්ත සවාරියක් ලබාදී ඇත්තේ සමස්ථ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සභාපති අනුර පෙරේරා මහතාට හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ලේකම් රෝහන් ලාල් නිශ්ශංක මහතාටය.
අදාළ වෘත්තීය සමිති නායකයින් දෙදෙනා රාජ්‍ය නොවන සංවිධානයයක් විසින් පවත්වන සම්මේලනයකට සහභාගිවීමට ටෙලිකොම් සමාගමින් අනුග්‍රහකත්වයක් ඉල්ලා ඇති අතර ඒ සඳහා නිල වශයෙන් අනුග්‍රහයක් ලබාදීමට ටෙලිකොම් හට හැකියාවක් නොමැති බැවින් ඔවුන් පුහුණු සැසියකට යන බවට ලිපි ලේඛන සකස්කර අනුග්‍රාහකත්වය දී ඇතැයි සඳහන් වේ.
එම සංගමයේ ම සමාජිකයෙකු වන නියෝජ්‍ය සමාන්‍යධිකාරි දිප්ත් විජේවර්ධන මහතා ඒ සදහා යන වියදම අනුමත කර ඇති බවත් ගුවන් ටිකටිපත් සදහා රුපියල් 126,000ක්ද, විසා ගාස්තු සඳහා රුපියල් 22,000ක්ද, නවාතැන් පහසුකම් සදහා රුපියල් 274,500ක් වශයෙන් රුපියල් 422,500ක මුදලක් එක් අයෙකු සදහා ලබාදීමට තීරණය කර ඇති බවත පැවසේ.
එම සංගමයෙන් ආරධානා ලබා දෙන අයට නොමිලේ ගුවන් ටිකටි පත් හා නවාතැන් පහසුකම් ලබාදීම සිරිත වුවද පසුගිය වර ඉන්දුනිසියාවේ පැවැති එම සම්මේලනයේ සැසියකට සහභාගිවූ මොවුන් එහිදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් මෙවර එම අවස්ථාව ලැබී නොමැති බවද පැවසෙන අතර සාමාන්‍ය පෙළවත් සමත් නොවී උසස්වීම ලැබු ඉංජිනේරුවෙකු වන මෙහි එක් අයෙකුද, අනෙක් අය සනීපරක්ෂක කම්කරුවෙකු ලෙස කටයුතු කරන අතර ඔවුන්ට එංගලන්තයේ ඇති පුහුණුවීම් කුමක්ද යන්න ටෙලිකොම් ආයතනයේ සෙසු සේවකයින් පාලන අධිකාරියෙන් ප්‍රශ්න කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.
-

වැඩට නොපැමිණෙන දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු
සියලුම දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී ඇති අතර එසේ සේවයට වාර්ථා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බව අවධාරනය කරයි.