(under the courtesy of adaderana news web)


(under the courtesy of adaderana news web)




දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ, කළුතර, මඩකලපුව, කල්මුණේ, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටියේය.
මේ නිසා තද උණ සමග හිසරදය, මස්පිඬු වේදනාව, වමනය ආදී රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඇය ජනතාවට දන්වයි.

දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
පසුගිය මාසයක කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ දරුවන්ට නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර එම දරුවන්ට උණ සහ ශ්වසනාබාධ ලක්ෂණද දක්නට ලැබුණි. මෙහිදී කරන ලද රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනා මේ වන විට මියගොස් ඇත.පවතින තත්ත්වය අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.රෝගීන් කළමනාකාරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර පැතිර යාම වැළැක්වීමටද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර ශ්වසනාබාධ සහිත රොගීන් වෙනත් ස්ථානවල රඳවා ප්‍රතිකාර කරනු ලබයි.
එමෙන්ම මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා සිටින ලෙසත් දෑත් සබන් දා සෝදා පිරිසිදුව තබාගන්නා ලෙස ජනාකිර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. තවද අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි. වයස අවුරුදු 2ට අඩු දරුවන් ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටියන් ඉහළ අවධානමක් සහිත පිරිස් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.

පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟ ඉහළ ගංඟා ධාරා ප්‍රදේශයේ එනම්තවලම ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද බද්දේගම ආශ්‍රිත පහල ගංගා ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් රත්නපුර, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නායයෑමේ අවදානම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ.
“බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.

මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත.
මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ කළ දිසා විනිසුරුවරයා එම ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරණ ලෙස පොලීසියට නියෝග කළ අතර මේ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ලබා ගන්නා ලෙස නියෝග කොට ඇත. දිසා විනිසුරුවරයා කැණීම් සිදු කරණ ස්ථානයට අධිකරණ නිලධාරීන්ද යොදවා ඇත.
යම් හෙයකින් මෙම ස්ථානයෙන් තවදුරටත් මිනිස් ඇටසැකිළි කොටස් හමු වුවහොත් සතොස තොග ගබඩාවෙන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.


නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත.
ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහා වන අතර එම අවස්ථාවේ දර්ශන පහතින්……

උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරුද්ධ පොල්ගම්පොලව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක් තුළ ජනපතිවරයා ඔහුව තනතුරෙන් ඉවත් කළ අතර ඔහුට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ පී. දිසානායකද රුපියල් මිලියන 20 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්විය.

කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, ආදී ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින් තුවාල ලබා සිටිනු දක්නට ලැබුණි.
කිංග්ස්වුඩ් කණ්ඩායම ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 10 – 05 ක් ලෙස පරජයට පත්වීමත් සමග මෙම සිද්ධිය ඇතිවී ඇත.
https://www.facebook.com/supirigossip1/videos/1685299071505692/

ඊයේ (13) රාත්‍රියේ එජාප ප්‍රභල ඇමති වරු දෙදෙනෙක් සහ මෛත්‍රී වරුන් 4 දෙනෙක් සමග සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රහසිගත හමුවක් තිබී ඇත.අගමැති රනිල් වික්‍රමසිංහව එම තනතුරින් පහ කිරීමටත් එජාප පක්ෂ නායකත්වය සජිත්ට ලබා ගැනීමේ ඊලඟ කුමන්ත්‍රනය මෙසේ ඇරඹුන බව මෙම කුමන්ත්‍රනය සැලසුම් කරන අතරතුර පාවිච්චියට ගත් ඩබල් බ්ලැක් බෝතලයේ රැස් ඒවන විටත් අැඟෙන් පිටවෙමින් තිබූ එක් පසුපෙල මන්ත්‍රී වරයෙකුගෙන් දැන ගැනීමට ලැබුණි.
මෙම කුමන්ත්‍රණය පිටුපස රටේ නම ගිය කැසිනෝ ව්‍යාපිරිකයෙක් වන කැසිනෝ රවී හෙවත් රවී විජේරත්න සිටීමත් මේ වෙනුවෙන් ඇතිපදම් වියදම් කිරීමට ඔහු මැලි නොවීමත් සහ ඊයේ මෙම හමුව ඔහුගේ නිවසේ පැවතීමත් හේතුවෙන්
මෙවර නම් රනිල් වික්‍රමසිංහට ජාමෙ බේරගන්න බැරි වන බව එහිදී ඔවුන් කතා වූ බව එම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් කියවූ අතර රනිල් නෙරපා සජිත් ගෙන ඒමට දැන් අපිට ඕන තරම් සල්ලි විසි කරන්න පුළුවං.. 2020 පක්ෂෙ නායකය විදිහට සජිත්ව ජනාධිපති වරණයට ඉදිරිපත් කර එජාපය දිනවීම ඔවුන්ගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් සජිත් බලේට ආවම එජාපයේ දැනට ඉන්න බලකණු ගොඩක් ගලවා දමා පසුපෙල මන්ත්‍රීවරුන් කරලියට ගෙන ඒමටත් මේ වෙනුවෙන් ඇතිපදම් සල්ලි විසිකරන රවී විජේරත්නට ලංකාවේ ලංකාවෙ කැසිනෝ එකාධිකාරය හදල දෙනන්නත් සජිත් එකඟ වූ බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අවධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
21වන සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ බරපතළම පනත් කෙටුම්පත මේකයි. සාකච්ඡාවකටවත් කිසිම ඉඩක් ඉතිරි කරන්නේ නැතිව රාජ්‍ය සරසවි පුද්ගලීකරණය කිරීමට රාජ්‍ය මුදල්වලින් පෞද්ගලික සරසවි ඇති කිරීමට මේ පනතින් ප‍්‍රතිපාදන සලසාගෙන තිබෙනවා. ඒ නිසා, ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය හැටියටත් අපි මෙය පරාජය කිරීම සඳහා මේ රටේ සියලූම බහුජන සංවිධානත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍ය සංගම්, සරසවි ශිෂ්‍ය මාපිය සංගම් ආදී මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අමතරව රටේ මුළු මහත් ජනතාව මේ වෙනුවෙන් පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරනවා.
ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහි කරන්න, පවත්වාගෙන ගිය සයිටම් ආයතනය අහෝසි කරන්න විශාල උද්ඝෝෂණයක් මුළු ජනතාවගෙන්ම ඇති වී තිබෙනවා. එය අහෝසි කරන බව පසුගිය නොවැම්බර් මාසයේ ආණ්ඩුව සහතික වුණා. මේ තත්ත්වය යටතේ සයිටම් ආයතනයේ ඉගෙන ගත් ශිෂ්‍යයන් එසේ දඩුවම් විඳිය යුතු නැති බව මානුෂික හේතූන් මත සයිටම් විරෝධී අරගලයේ සිටි සියලූම දෙනා පිළිගත්තා. ඒ අනුව වෛද්‍ය සභාවේ නිර්දේශ මත සුදුසුකම් ලත් සයිටම් සිසුන් තාවකාලිකව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න එකඟ වුණා. මේ ක්‍රියාවලිය සඳහා කමිටුවකුත් පත් කළා. ඒ කමිටුවේ කටයුතු කෙරෙමින් තිබියදී තුට්ටුදෙකේ හොර වැඩවලට ආණ්ඩුව යොමු වී මේ පනත ගෙනත් තිබෙනවා.
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ 1981 අංක 68 දරන ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාල පනතට අනුවයි. එය ආරක්ෂක අංශවල උසස් අධ්‍යාපනය සඳහා පිහිටුවිය යුතු බව ජෝන් කොතලාවල මහත්මයාගේ අන්තිම කැමති පත‍්‍රයේ පවා සඳහන් කර තිබෙනවා. නමුත් ආණ්ඩුව ලෑස්තිවෙන්නේ මේ පනතට පිටින් ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත යොදාගෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වේගවත් කිරීමටයි. මේ වෙනුවෙන් 1978 විශ්වවිද්‍යාල පනතට බාහිරව රාජ්‍ය මුදල් පවා යෙදවීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙනවා. මේ පනත ක්‍රියාත්මක කළොත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට දේශීය හෝ විදේශීය ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ රටේ ටියුෂන් කඩවලට පවා ගිවිසුමක් මඟින් කොතලාවල එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හරහා කිසිම අධ්‍යාපන නිර්ණායකයකින් තොරව මේ ආයතනයෙන් සල්ලි දීලා උපාධි ගන්න අවස්ථාව ලැබෙනවා. උසස් පෙළ සමත්වීම හෝ ඉසෙඞ් ඉස්කෝර් අගය වගේ මොකුත්ම නිර්ණායක අදාළ වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට ප‍්‍රමිතියෙන් තොර උපාධියක් ලබාගෙන ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල පවතින තත්ත්වයක් මේකෙන් ඇති කළ හැකියි.
මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල වගේ අය සයිටම් සිසුන් ගැන කිඹුල් කඳුළු හෙළපු හැටි අපි දැක්කා. ඔවුන්ට අසාධාරණයක් සිදුවෙන්න නොදෙන බව ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ සිසුන් යොදාගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනත් ආකෘතියකින් ඇති කරන්න මේ පාලකයන් උත්සාහ කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් හමුදාව යොදවාගෙන, හමුදාවලට බලපාන අණපනත් යටතේ ආයතනයක් පිහිටුවා මේ රටේ අධ්‍යාපනය නොසිතූ විරූ ලෙස විනාශයට ගෙනියන්න මේ කෙටුම්පතින් ඉඩ සලසා තිබෙනවා. මේකට විරුද්ධව අධිකරණය ඉදිරියට යන්න නම් සභානායකවරයා පළමුවර කියවීම වශයෙන් මේ ගැන වාචිකව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. නමුත් සිකුරාදා කළේ මන්ත්‍රීවරුන්ගේ මේස මත මේ පනත් කෙටුම්පත තියල තිබුණු එක විතරයි. ඒ නිසා උසාවි යන්නත් බැහැ. නමුත් මේ වන විට අපිට ලැබෙන ආරංචි අනුව සයිටම් විරෝධී ජනතා පවුර, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සංවිධානවල විරෝධය හමුවේ කෙටුම්පත අයින් කරගන්න සූදානම් වන බව කියැවෙනවා. මේ ආණ්ඩුව කර තිබෙන්නේ ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත‍්‍රයටත් ෂොට් එකක් දීලා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පාවිච්චි කරන එකයි. සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක කෙනෙකුගේ අන්තිම කැමති පත‍්‍රයට ගෞරවයක්, වටිනාකමක් දෙනවා. මේ ආණ්ඩුව ඒකටත් වංචා කරන තත්ත්වයක ඉන්නේ.
මේ පනත අනුව බලාත්මක කරන විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. මේ දක්වා කොතලාවල පීඨය තිබුණේ ආරක්ෂක අංශයට උසස් අධ්‍යාපන කටයුතුවලටය. නමුත් ලෝකයේ පළමුවෙනි වරට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවන ආයතනයකින් සිවිල් පුරවැසියන්ගේ දරුවන්ට උපාධි ලබාදෙන්න සූදානම් වෙනවා. කොතලාවල මහත්තයාගේ අන්තිම කැමති පත‍්‍රය උල්ලංඝනය කරලා අධ්‍යාපන කඩ දාන්න සූදානම් වෙන්නේ මේ නිසයි. මේ අනුව පිහිටුවන ආයතනයට සන්නද්ධ හමුදාවලට අයත් නොවන රාජ්‍ය සේවයේ අනිකුත් නිලධාරීන්ට ලැබී තිබෙන ආයතන සංග‍්‍රහය ඇතුළු නීති-රීතිවලට අමතරව ත්‍රිවිධ හමුදා පිහිටුවීමේ පනත් කෙටුම්පත්වලට අදාළව නීතිත් ඇතුළත් වෙනවා. ඒ වගේම ලංකාවේ විශ්විවිද්‍යාලවලට බලපාන සියලූ තීන්දු තීරණ ගන්නා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවත්, එය නොතකා ක්‍රියාකිරීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙනවා. සිසුන් බඳවා ගැනීම්, විභාග පැවැත්වීම, ප‍්‍රතිඵල නිකුත් කිරීම ආදී හැමදේම කරන්න සූදානම් වෙන්නේ විශ්වවිද්‍යාල පනතට පිටින්. ඒ අනුව බඳවා ගන්නා අයට නිශ්චිත සුදුසුකමක් නැතිවා වගේම ඕනෑම කෙනෙකුට උපාධි, ආචාර්ය උපාධි ලබාදීමේ හැකියාවත් මේ මඟින් ඇති වෙනවා.
අපේ රටේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වගේ වෘත්තීයමය ක්ෂේත‍්‍රවලට ඇතුළත්වන කෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂාකර බලන්න වෘත්තීයමය සභා පිහිටුවා තිබෙනවා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ රටේ වෛද්‍යවරුන් සම්බන්ධ ප‍්‍රමිතීන් තීරණය කරනවා. ලංකාවේ රජය පිළිගෙන තිබෙන පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබා එන අය වගේම මේ රටේ වෛද්‍ය උපාධිය ලබාගත් අයත්, වෛද්‍ය සභාවේ නිර්ණායක සම්පූර්ණ කළ යුතුයි. නමුත් මේ පනතට අනුව කොතලාවල ඇකඩමියට එවැනි කිසිම ප‍්‍රමිතියක් අයත් නොවන විශේෂ වරප‍්‍රසාද ලබාදෙනවා. නමුත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒවගේ අවස්ථාවක් නැහැ. මේ පනත කි‍්‍රයාත්මක කළොත් සිද්ධ වෙන්නේ මහජනතාවගේ බදු මුදල් යොදවා පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට පුළුල් ඉඩකඩක් ලබාදීමයි. ඒවගේම හමුදාකරණය වූ විශ්වවිද්‍යාල බිහිකරන්නත් මේකම යොදා ගැනීමේ අනතුර තිබෙනවා. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් නම්, ආරක්ෂක හමුදාවලට අදාළ උපාධි පිරිනැමීම සාමාන්‍ය දෙයක්. නමුත් මේ වනවිටත් කොතලාවල ඇකඩමියේ පෞද්ගලික පාඨමාලා හදාරණ සිසුන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අනෙක් කිසිම විශ්වවිද්‍යාලයක සිසුන්ට වියදම් නොකරන විශාල මහජන මුදලක් ද, යොදවමින් තිබෙනවා.
අනික් පැත්තෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යොදාගැනීමටත් ආණ්ඩුව මේ හරහා උත්සාහ කරනවා. මේ වනවිට සයිටම් විරෝධී ශිෂ්‍ය අරගල වගේම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙනයන අරගලවලට ඍජුවම මුහුණ දෙන්න සිදුවෙන්නේ ආණ්ඩුවට. නමුත් මේ පනත ක්‍රියාත්මක කිරීම හරහා ඒවගේ ශිෂ්‍ය විරෝධතාවලට විරුද්ධව කෙළිින්ම ආරක්ෂක හමුදා යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ශිෂ්‍යන්ගේ විරෝධය එල්ලවෙන්නේ ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වීම ඒකට හේතුවයි. ආණ්ඩුව මේ තක්කඩි විදිහට උත්සාහ කරන්නේ මේ දක්වා පෞද්ගලීකරණය කරන්න බැරිවූ රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතියට ආරක්ෂක හමුදා යොදවා ගන්නයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම මෙය පරාජය කිරීමේ සියලූම සංවිධාන එකතු කරමින් මේ දක්වා අධ්‍යාපනය වෙනුවෙන් නොතිබූ තරම් මහජන බලවේග පෙළගස්වනවා. අපි ජනතාවටත් අවධාරණය කරන්නේ මේ විනාශකාරී පනත් කෙටුම්පත පරාජය කිරීමට පෙළ ගැසෙන්න කියලයි. දැනටමත් විවිධ මට්ටම්වලදී අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, මාපිය සංගම්, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සියලූම බලවේග එකට එකතු වී මෙය පරාජය කළ යුතුයි. ඒ සටනේ පෙරමුණේම ජනතා විමුක්ති පෙරමුණත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයත් ඉන්න බව අපි අවධාරණය කරනවා.


අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහල වෙතද මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රයත් මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා බව ද වාර්තා වී තිබේ.
පෙට්ස්කෑන් පරීක්ෂණයක් සඳහා විශාල මුදලක් වැය වන අතර මෙම වියදම කිසිසේත්ම රෝගියෙකු හට දරාගැනීමට නොහැකි බැවින් පිළිකා රෝගීන්ට සහනයක් ලෙස මේ විශේෂිත රසායනික වර්ණක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පෞද්ගලික අංශය මගින් ආනයනය කොට ලබාදී මේ යන්ත්‍ර දෙක රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පවසයි.