වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..
Spread the love

ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය විසින් අරාජික කොට බංකොලොත් කරන ලද රටට එම අසීරු මොහොතේ නායකත්වයක් දෙමින් භාරගන්නා ලෙසට ජනතාව සිදුකල ඉල්ලීම භාරනොගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා නායකත්වය දැන් විවිධ කතන්දර කියමින් බලය ඉල්ලීම හාස්‍යයට කරුණකි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවා පළමු කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු තීරණ රාත්‍රියේ රූපවාහිනියෙන් ඇහෙද්දී බත් පිඟන් බිම වැටෙනු ඇති බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වැටුප් සියල්ල පළමු කැබිනට් මණ්ඩලයේදීම අහෝසි කරන බවත් ඒ ආකාරයේ තීන්දු තීරණ ප්‍රවෘත්ති මගින් විකාශය වෙද්දී අතේ ඇති බත් පිඟන් බිමට වැටෙනු ඇති බවත් ඒ සතුටට බවත් ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම තම රජයක් යටතේ සම්පූර්ණයෙන්ම අතහරින් ලබන බවත් ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන් භාරදී බලාගන්නැයි දැනුම් දෙන බවත් හිටපු ජනාධිපති නිල නිවාස සංචාරක කර්මාන්තය ආදී වෙනත් ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“ආයෙ දිනනකන් ඉන්න ඕනෙ නෑ..මන්ත්‍රීල 42ක් ගන්න පැන්ශන් එකයි ලාල්කාන්ත නැවතිලා ඉන්න මාදිවෙල මන්ත්‍රී නිල නිවාසෙයි එපා කියලම පටන් ගන්න පුලුවන්..
එතකොට මිනිස්සුන්ට තවත් විශ්වාස වැඩි වෙලා 95%වගේ ඡන්ද වලින් අනුරයියට කැබිනෙට්ටුව හදාගන්න පුලුවන් වෙයි..”

-මේ ගැන රුවින් ප්‍රනාන්දු සිය මුහුණු පොතෙහි දක්වා තිබූ අදහසකි.-