සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට
Spread the love

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින සිදුකළ ඇති බවට වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් සිටි ඳුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් තිදෙනකු ට තනතුරු වලින් එකවර ඉවත් කරමිනි.

මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරැන් සඳහන් කරති