පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..

පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..
Spread the love

පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.

මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම කර තිබිණ.

මහ මැතිවරණයක් කැදවුවහොත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් පමණක් තරග කිරීමටද තීරණය කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථාවේ ඇති පරිදි පළමුව ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්වෙනු ඇති බවය.