පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ?

අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ.  බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත.  ඇත්තේ කුඩා අල…
මැතිණියගෙන් හාල් පොළු – ගෝඨාගෙන් පෝර පොළු – ඉනාමළුවේ සුමංගල හිමියෝ කළ සුපිරි දේශනාව

රජය ක්‍රියාත්මක කරන කාබනික පොහොර වැඩපිළිවෙළට කන්ඩලම ජලාශයේ වම් ඉවුර ගොවි සංවිධානය සම්පූර්ණ කැමැත්ත පළ කර සිටින බවත් එහෙත් මෙම පොහොර  ක්‍රියාන්විතය මැතිණිය  විසින් රැගෙන ආ හාල් පොල්ල මෙන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුව  කඩිනමින් නිරාකරණයය විය යුතු බව  සියම් මහා නිකායේ…
2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

කෝපා කමිටු වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වැනිදා නොවැම්බර් 08 වැනි සඳුදා සිට දෙසැම්බර් 10 සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වෙයි ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය…
ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

ලංකාගම ප්‍රදේශයට දේශීය වශයෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වන විට ඇදී එන බවත් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක…
දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන්…
ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි. එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක්…
දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු

සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන…
‘දැන් ඉතිං ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ’ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන  මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.…
මෙරටදී පළමුවරට සයදරු උපතක්

මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය. මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත. මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස…
‘CID එක මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා‘ – හිටපු ඇමති චම්පික රණවක

නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අපරාධ නඩු…
ගොවියොත් එක්ක පාරට බහින්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහත් සූදානම්ලු

කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල  අධ්‍යාපන කාර්යාලයේ පැවති  රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.…
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු  විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ…
ඇමති නාමල්  අගමැති නරේන්ද්‍ර මෝදි හමු වෙයි

ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පැවැත්වීය. ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ…
කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ. තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක්…
සහල් කිලෝවක් රුපියල් 200පනී

මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා නාඩු සහල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් යළි ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප‘ පුවත්පත සමග පවසා ඇත. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා…
පියයුරු පිළිකා වලට ගුණදායක ආහාර ගැන සුපිරි හෙළිදරව්වක්

පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම…