Author: Editor

  • සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි

    සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි

    ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා.

    2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් 39.02 % ක් සිදු කර තිබෙන බවත් තවත් ආයතන 06ක් මෙරට සීනි ආනයනයෙන් 46%ක් සිදු කර තිබෙන බව එම වාර්තාවේ සදහන් වෙනවා. එසේම මෙරට සීනි ආනයනයෙන් 85%ක් සිදු කර තිබෙන්නේ ආයතන 07ක් විසිනි. 

    විපක්ෂය කියන්නේ මේ බදු වංචාව බැදුම්කර වංචාවටත් වඩා වැඩි බවයි.

  • බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

    2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන අද (9) ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට නින්දා කරමින් බැණ වැදුණා.

    කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු ඉහළ යන බඩුමිල ගැන ප්‍රශ්න කළා.

    මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ මාස 6ක් 7ක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවත් වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවයි.

    එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා දැඩි ආවේගාත්මක සහ සුපුරුදු නින්දාසහගත ස්වරයෙන් “උඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඔන නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.

  • මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

    මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

    සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය වැය කරනවා නේද?

    ඒ නිසාමයි ඒ දවස තවත් ලස්සන කරගන්න ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන, මාළඹේ, Salon AKROO හි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අනූධා දහනායක මහත්මිය ඔබට උපදෙස් ගෙන එන්නේ.

    මෙන්න මේ විදියට සූදානම් උනොත් ඔබේ දිවියේ සොදුරුම දවස තවත් ලස්සන එකක් කරගන්න ඔබට හැකියාව ලැබේවි.

    1. මාස 6කට පෙරවත් සූදානම්වීම වැදගත්

    ඹබ විවාහය සැලසුම් කිරීම අවම මාස 6කට පෙරවත් පටන්ගැනීම වැදගත්. උත්සවයේ අනෙක් අංග වගේම ඔබ කැමති ඔබට ගැළපෙන රූපලාවණ්‍ යශිල්පියා හමුවෙන්න. ඔහු හෝ ඇය සමග ඔබේ අවශ්‍යතාව කතාබහ කරන්න. ඔවුන්ට හැකියාව තියෙනවා ඔබට වඩාත් ගැළපෙන සහ ඔබට අවශ්‍ය දේ වෘත්තීය පළපුරුද්ද සහ දැනුම මත තෝරා බේරා දෙන්න.


    2. මුහුණ පමණක් නොවේ මුළු සිරුරටම අවධානය දෙන්න

    ලස්සන ගැන කතා කරනකොටම ඔබට මුලින්ම මතක් වෙන්නෙ මුහුණ. ඒත් මනාලියක් වෙන්න සූදානම් වන ඔබ මුළු සිරුරේම සම පිළිබද සැලකිලිමත් වීම වටිනවා. මේ නිසා ඔබ ඔබේ රූපලාවණ්‍ යශිල්පියාගේ උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.

    3. ශරීර හැඩය පවත්වා ගැනීම

    ඔබේ ශරීරයේ හැඩය මේ වෙන කොටත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ලහැඩයට නැත්නම් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්න. ඒ පිළිබද අවශ්‍ය උපදෙස් ලබා ගන්න. මාස කිහිපයක් මේ සදහා අවශ්‍ය වන නිසා කල් ඇතිව ශරීර සුවතා අභ්‍යාස ආරම්භ කිරීම ඔබට පහසුවක් වේවි.

    4. වියළි සමට තිත තබන්න.

    ඔබට ඇත්තේ වියළි සමක් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මංගල දිනයේදී ඔබ මොනතරම් මේකප් භාවිතා කළත් ඔබට ඇත්තේ වියලි සමක් නම් සුන්දර පෙනුමක් ලබා ගැනීම පහසු නැහැ. මේ නිසා නිතර සම පිරිසිදු කිරීමෙන් අනතුරුව මොයිස්චරයිස් කිරීම වැනි සත්කාර මගින් ඔබේ සමේ මෘදුබව රැකගැනීමට හැකියාව තිබෙනවා.

    5. හැකි තරම් ජලය පානය කරන්න

    සුන්දරත්වය රැකගන්න නම් ජලය පානය කිරීම අනිවාර්යය වෙනවා. අවම වශයෙන් ඔබ දිනකට වතුර ලීටර 2ක්වත් පානය කළ යුතුයි. හැකි තරම් ජලය පානය කිරීම ඔබේ මංගල දිනයට වගේම එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් මග පාදනවා.

    6. දැඩි හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

    මංගල උත්සවය වෙනුවෙන් ඔබට බොහෝ රාජකාරි පැවරුනත් ඒ සියල්ල මැද්දේ ඔබේ සම ආරක්ෂා කරගන්නත් අමතක කරන්න එපා. හිරු රශ්මියෙන් පිලිස්සුන සම යථා තත්වයට පත් වෙන්න කාලයක් ගතවන නිසා හැකි තාක් සුදුසු Sun protection ආලේපන භාවිතා කරන්න.

    7. නිය පිළිබදවත් සුළුවෙන් හිතන්න එපා.

    යුවතියන් සුන්දරත්වය ගැන සැලකිලිමත් වුනත් ඔවුන්ට මගහැරෙන දෙයක් තමයි දෑත් සහ දෙපාවල නිය පිරිසිදුව අලංකාරව පවත්වා ගැනීම. දිනපතා නිය පිරිසිදු කිරීම වගේම අවශ්‍ය පරිදි සකස් කර සත්කාර කිරීම මගින් මංගල දිනයට විශේෂයෙන් මුදල් ගෙවා නිය අලංකරණය කරගැනීමට ඔබට අවශ්‍ය වෙන්නෙ නැහැ.

    8. හිසකෙස් සත්කාර කරන්න

    ඔබේ හිසකෙස් අවශය දිග ප්‍රමාණයට ඔබේ රූපලාවණ්‍යශිල්පියා හෝ ශිල්පිණිය සමග සාකච්ඡා කර සකසා ගන්න. සතියකට වරක් තෙල් සත්කාර වැනි සත්කාර කිරීම තුළින් මංගල දිනයේදී ඔබේ හිසකෙස් සැකසීමට පහසුවක් වගේම ඔබේ පෙනුම වැඩි කරන්න හේතු වෙනවා.

    9. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

    මංගල දිනයට සමීපම දිනයක් යොදා ගෙන ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ උපදෙස් මත මුහුණේ බෙල්ලේ සහ පිටතට නිරාවණය වන සමෙහි අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කරන්න. මෙමගින් ඔබේ සම පැහැදිලි වගේම භාවිතා කරන මේකප් හොදින් සම මත දීර්ඝ වෙලාවක් රැදී සිටීමත් සිදු වෙනවා.

    සටහන – මධුභාෂිණී උරේෂා

  • කාන්තාවන් අතර සුලභ රෝගය ‘PCOS’ ගැන ඔබ දැනගත යුතුම කරුණු

    කාන්තාවන් අතර සුලභ රෝගය ‘PCOS’ ගැන ඔබ දැනගත යුතුම කරුණු

    “මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක් කළ කාන්තාවක සිය අදහස් බෙදා ගත්තාය.

    “අදාළ ටෙස්ට් කළ පසු මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියන රෝග තත්වය තියෙනවා කියලා දොස්තරලා හඳුනාගත්තා. මම ඊට කලින් එහෙම දෙයක් ගැන කවදාවත් අහල තිබුණේ නැහැ. නමුත් මේක කාන්තාවන් අතර අතිශය බහුල, ඒ වගේම උපදෙස්, ප්‍රතිකාර අවශ්‍ය රෝගයක් කියලා පසුව දැනගත්තා.”

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (Polycystic ovary syndrome /PCOS) යනු කුමක්ද?

    Polycystic ovary syndrome

    පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයකි.

    කාන්තාවන් කොපමණ සංඛ්‍යාවකට PCOS ඇතිදැයි නියත වශයෙන් දැන ගැනීම අපහසුය. නමුත් සෞඛ්‍ය සේවා දත්තවලට අනුව එය ඉතා සුලභ යැයි සිතන අතර ලෝකයේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකු තුළම මෙම තත්වය දැකිය හැකිය.

    ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් නිසි ගණනයක් සිදු කර නොමැති නමුත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළවත් මෙම තත්වය දැකිය හැකි යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    මෙම තත්වය දැරියක මල්වර වීමේ සිට ආර්ථව හරණය දක්වා ඕනෑම අවස්ථාවක ඇති විය හැකිය.

    කෙසේනමුත්, මෙම කාන්තාවන්ගෙන් අඩකට වඩා පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැත.

    මෙහිදී සිදුවන්නේ ඩිම්බකෝෂ වල මිලිමීටර් 8 (දළ වශයෙන් අඟල් 0.3ක්) දක්වා වූ හානිකර නොවන කුඩා බිබිළි (follicles) විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබීමය.

    මේ හේතුවෙන් ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවන අතර, නිසියාකාරව ඩිම්බ මෝචනය නොවේ.

    ‘ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම නැත්නම් ඉදිමීම’ යනුවෙන් ද මෙම තත්වය සාමාන්‍යය ව්‍යවහාරයේ හඳුන්වයි.

    “බටහිර වෛද්‍ය විද්‍යාවේ Polycystic Ovary Syndrome/ Disease (PCOS/PCOD) යනුවෙන් සඳහන් රෝගී තත්ත්වය ඩිම්බ නොමේරීමේ රෝගී තත්වයක් වන අතර, ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල එක් නිශ්චිත නමක් සඳහන් කර නැහැ,” යැයි සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසීය.

    “මෙය ස්ත්‍රියකගේ ආර්තව චක්‍රය හා බැඳුනු රෝගී තත්වයක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්තව ව්‍යාපත්” අතර “ආර්තව ක්ෂය” යටතේ මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පිළිබඳව විස්තර කෙරෙනවා.”

    “ආයුර්වේදයේ ආර්තව යන වචනයෙන් ස්ත්‍රී බීජ (ඩිම්බ), ස්ත්‍රී අම්බු (හෝර්මෝන) සහ ඔසප් වීමේදී පිටවන රුධිරය නිරූපනය කරනවා. මෙම රෝගී තත්වයේදී ස්ත්‍රී බීජ, ස්ත්‍රී අම්බු සහ ඔසප් රුධිරය යන ත්‍රිත්වයේම වෙනස් කම් සිදුවන නිසා ආර්තව ව්‍යාපත් යටතේ සඳහන් කර තිබෙනවා,” ආයුර්වේද වෛද්‍යවරිය තවදුරටත් පැහැදිලි කළාය.

    Eating Disorders and Women With PCOS

    PCOS හි ප්‍රධාන ලක්ෂණ තුන නම්:

    • අක්‍රමවත් ඔසප් වීම් හෝ ඔසප් වීම සිදු නොවීම – මෙයින් අදහස් වන්නේ ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීම සහ නිසියාකාරව ඩිම්බ මෝචනය නොවීමය.
    • ඇන්ඩ්‍රොජන් වැඩිවීම – ඔබේ ශරීරයේ “පිරිමි” හෝමෝන ඉහළ මට්ටමක පවතින අතර එමඟින් මුහුණ හෝ ශරීරයේ අධික ලෙස රෝම වර්ධනය වීම වැනි ශාරීරික සංඥා ලබා දෙනු ඇත.
    • පොලිසිස්ටික් ඩිම්බකෝෂ – ඔබේ ඩිම්බකෝෂ විශාල වී ඒවා මත දියර පිරුණු බිබිළි විශාල ප්‍රමාණයක් තිබීම (නමුත් මෙය ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීමක් ලෙස හැඳින්විය නොහැකිය)

    අවම වශයෙන් මෙම ප්‍රධාන රෝග ලක්ෂණවලින් දෙකක් හෝ තිබේ නම්, ඔබට PCOS යන රෝග තත්වය තිබෙන බවට වෛද්‍යවරුන් විනිශ්චය කරනු ඇත.

    Polycystic ovary syndrome

    PCOS තවත් රෝග ලක්ෂණ තිබේ ද?

    පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය හේතුවෙන් කාන්තාවකට පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැකිය:

    • හිසකෙස් තුනී වීම හා ගැලවී යාම
    • සිරුරේ බර වැඩිවීම
    • මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම
    • කුරුලෑ ඇති වීම
    • ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම
    • භාවමය ගැටලු, සාංකාව හා විෂාදය වැනි තත්ත්වයන්
    • ගැබ් ගැනීමට අපහසු වීම
    • ගබ්සා වීම
    • දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ ඉහළ අවදානම

    කෙසේනමුත්, මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, කාලයත් සමග ද රෝග ලක්ෂණවල වෙනස්කම් සිදු විය හැකිය.

    එමෙන්ම, මේ කිසිදු ලක්ෂණයක් මතු නොවුණු PCOS රෝගීන් ද සිටින බව වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසීය.

    Polycystic ovary syndrome

    “දරුවෙක් හදාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් තත්වය තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. මේක අපි සාමාන්‍යයෙන් කියනවා වගේ වඳ තත්වයක්ම නෙමෙයි, නමුත් දරුවෙක් පිළිසිඳ ගැනීම ටිකක් අපහසු වෙන තත්වයක් කියලා මට ඔවුන් පැහැදිලි කළා,” මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිදිරි කාන්තාවක පැවසුවාය.

    “දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තියෙන රෝග ලක්ෂණය තමයි ඇඟ සහ මූණ පුරා මයිල් සෑහෙන්න වැවෙන එක. පීරියඩ්ස් වල දී ලේ පිට වුණේ බින්දුවක් වගේ. හැබැයි දරුවෝ හදන්න ලෑස්ති වෙනකම්ම මම දොස්තර කෙනෙකුට පෙන්නුවේ නැති නිසා තත්වය ටිකක් නරක අතට හැරුණා,” ඇය තවදුරටත් පැවසුවාය.

    PCOS ඇතිවීමට හේතුව කුමක්ද?

    PCOS ඇතිවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් එය බොහෝ විට පාරම්පරික ජානවලින් ඇති විය හැකියි.

    මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් විශාල පිරිසට PCOS රෝගී තත්වය ඇති මවක්, ඥාතීවරියක් හෝ සහෝදරියන් සිටීමට ඉඩ ඇත.

    එමෙන්ම, එය ශරීරයේ අසාමාන්‍යය හෝමෝන මට්ටම් සහ ඉන්සියුලින් ඉහළ යාම ද මෙම තත්වය ඇතිවීම හා සම්බන්ධ වේ. ඉන්සියුලින් යනු ශරීරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයකි.

    PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීරය ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධී වන අතර මෙය මඟහරවා ගැනීම සඳහා ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමක් සිදුවේ.

    මෙය ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිෂ්පාදනය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට දායක වේ.

    එමෙන්ම, අධික බර හෝ තරබාරු වීමෙන් ද ඔබේ ශරීරය නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවේ.

    Polycystic ovary syndrome

    “තරබාරු කෙනෙක්ගේ ශරීරයේ කොටස්වල, විශේෂයෙන්ම උදරයේ මේදය තැන්පත් වෙනවා. එවිට වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය වෙනවා. එහෙම ඉන්සියුලින් අවශ්‍යතාව වැඩි වෙනකොට එහි ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. එතකොට ශරීරය තව ඉන්සියුලින් නිපදවන්න ගන්නවා. එයින් තවත් ශරීරය මහත් වෙනවා,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැහැදිලි කළේය.

    PCOS ඇත්දැයි දැනගන්නේ කෙසේද?

    වෛද්‍යවරයා ඔබේ සිරුර සහ රෝග ඉතිහාසය ගැන අවධානය යොමු කරන අතර, රුධිරය පරීක්ෂාව සහ ‘අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan)’ පරීක්ෂණයක් ද සිදු කරනු ඇත.

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කියන්නේ කිසිම සංකූලතා නැති පරීක්ෂණයක්. ඩිම්බකෝෂවල මෝරලා නැති, පිට වී නැති බිත්තර බිබිළි විදිහට තිබෙන ආකාරය මේ පරීක්ෂණයෙන් බලා ගන්න පුළුවන්. සමහර විට ඩිම්බකෝෂ මහත් වෙලා තියෙනවා නැත්නම් වතුර පිරිණු ගැටිති වගෙත් තියෙන්න පුළුවන්.”

    “අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් අපිට ගොඩක් දුරට මේ රෝගී තත්වය විනිශ්චය කරන්න පුළුවන්, හැබැයි ඒක මතම තීරණයකට එන්න අපහසුයි. අපිට අනික් ලක්ෂණත් අනිවාර්යයෙන් සොයා බලන්න වෙනවා. හෝමෝන් පරීක්ෂණයක් ද සිදු කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් තත්වයේ බලපෑම නිසා ඉන්සියුලින් පරීක්ෂණයක් ද සිදු කර මේ රෝගය සොයා ගන්න පුළුවන්,” වෛද්‍ය එස් සිවසුමිත්‍රන් පැවසුවේය.

    බුබුලු ලෙස පෙනෙන ගැටිති යම් ප්‍රමාණයක් තිබීම ගැටලුවක් නොවන අතර, ඔබේ වයසට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් තිබීම මෙම රෝගී තත්වය යැයි සැක කිරීමට ඉඩ ඇත.

    PCOS සුව කළ හැකිද?

    මෙය සුව කළ නොහැකිය. නමුත් එය පාලනය කර ගත හැකිය.

    ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම ඉතා වැදගත්ය. එම උපදෙස් අනුව රෝගය පාලනය සඳහා යම් පියවර අනුගමනය කළ හැකිය:

    • ඔබ උසට සාපේක්ෂව ශරීරයේ බර වැඩි නම්, එය අඩුකර ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකිය. ඒ සඳහා නිසි ව්‍යායාම සහ ආහාර පාලනය අත්‍යවශ්‍ය වේ.
    • අක්‍රමවත් ඔසප් වීම, හෝමෝන උපත් පාලන පෙති හා වෙනත් ඖෂධ මගින් කළමනාකරණය කළ හැකිය. නමුත්, මෙය ලබා ගත යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි.
    • ශරීරයේ අධික රෝම ඉවත් කිරීමේ ක්‍රම භාවිත කළ හැකිය. උදාහරණ: වැක්ස් කිරීම, ලේසර් කිරීම හෝ වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රම. එමෙන්ම, මෙය ඖෂධ මගින්ද පාලනය කළ හැකිය.
    • අධික ලෙස හටගන්නා කුරුලෑ බිබිලි ද ඖෂධ මගින් පාලනය කළ හැකිය.
    • නිරෝගීමත් ජීවන රටාවක් අනුගමනය කිරීම, සමබර ආහාර වේලක් නිසි වෙලාවට ගැනීම.
    Polycystic ovary syndrome

    “මට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රම් කියලා දැනගත්තේ අවුරුදු දහ අටේදී. ඒ කාලේ දීපු කිසි බෙහෙතක් මම ගත්තේ නැහැ. ඒ වගේම කිසිම සෞඛ්‍ය උපදෙසක් පිළිපැද්දේ නැහැ. අද මට වයස 35ක්. ලෙඩේ සෑහෙන වැඩි වෙලා දැන් මට බොහොමයක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්න වෙලා. මම ඉල්ලන්නේ හැමෝගෙන්ම මේ ගැන දැනුවත් වෙන්න, සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වාගෙන යන්න කියලා,” මේ වන විට විදෙස් රටක දිවිගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    මෙය ‘වඳ’ තත්වයක් ද?

    PCOS රෝගී තත්වය සහිත කාන්තාවෝද එවන් තත්ත්වයක් නොමැති කාන්තාවන් ලබන දරුවන් ගණනම ලබති.

    එහෙත් ගර්භණී වීමේ දී ඔවුනට අතිරේක වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර අවශ්‍යය වන බව වෛද්‍යවරු පවසති. එහෙයින්, රෝගය කළින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

    මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ සීමාවාසික ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා පැවසුවේ, “මේ රෝගය නොසලකා හැරියොත් හෝ නිසි ප්‍රතිකාර නොකලහොත් ඒ නිසා කෙනෙකුට මදසරුභාවය හෝ වන්ද්‍යභාවය (subfertility or infertility), ගර්භනී කාලයේ ඇතිවන දියවැඩියාව (Gestational diabetes), ගබ්සා වීම් හෝ නොමේරු දරු උපත් සිදුවීම (abortions or premature childbirths) මෙන්ම අධිරුධිර පීඩනය (Hypertension ), හෘද රෝග (Heart diseases) වැනි රෝග රාශියකට මුහුණ දීමට ද ඉඩ තිබෙනවා,” යනුවෙනි.

    Polycystic ovary syndrome

    ආයුර්වේද උපදෙස් මොනවාද?

    ආයුර්වේද වෛද්‍ය කේශානි රන්දිමා මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළාය:

    ඩිම්බ නොමේරීමේ රෝගයෙන් වැලකීමට පිළියම් වශයෙන්,

    • දිනපතා සමබර ආහාර වේලක් ගැනීම
    • ආහාර වේල සදහා වැඩිපුර එළවළු, පළා වර්ග සහ පලතුරු වර්ග එකතු කරගැනීම
    • දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයේ උසට සරිලන බරක් පවත්වා ගැනීම
    • සතියකට වරක් වත් කොල කැද පානය කිරීම
    • හැකිතරම් උෂ්ණ, අම්ල හා විදාහී ආහාරවලින් වැලකීම (ඉස්සෝ ,දැල්ලෝ ,බල මාලු, අන්නාසි, අච්චාරු වැනි)
    • ශරීරය සිසිල් කරන ආහාර පාන ගැනීම
    • හැකිතරම් මානසික නිදහස්බව සහ සුවතාවය පවත්වා ගැනීම
    • ක්ෂණික ආහාර සහ පෙර පිසින ලද මස් වර්ග ආහාරයට ගැනීම හැකිතරම් සීමා කිරීම

    “එක් එක් පුද්ගලයා සඳහා විශේෂිතවූ චිකිත්සා පද්ධතියකින් සමන්විත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා. ඒ අතර එක් එක් පුද්ගලයගේ ප්‍රකෘතිය, දෝෂ තත්ත්වය සහ රෝග ලක්ෂණ අනුව සිදුකරන මෘදු ශෝධන ප්‍රතිකාර, නස්‍ය ප්‍රතිකාර, වස්ති ප්‍රතිකාර, ශරීරයේ අග්නි දීපනය සදහා වන ප්‍රතිකාර, හෝමෝන අසමතුලිතතාවය නිවැරැදි කිරීම සඳහා ඖෂධ ලබාදීම, ඩිම්බ මේරීම සදහා ශරීරය තුළට ඖෂධ ලබා දීම හා බාහිරින් සිදුකරන ප්‍රතිකාර විශේෂ වෙනව,” වෛද්‍යවරිය පැවසුවාය.

    Polycystic ovary syndrome

    Text by bbc

  • බස්නාහිර පාසල් ආරම්භය ගැන අවසන් තීන්දුව

    බස්නාහිර පාසල් ආරම්භය ගැන අවසන් තීන්දුව

    මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙහදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අප වෙත ලැබී තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ ලිඛිත නිර්දේශය. ඒ අනුව ලැබී තිබෙන උපදෙස් තමයි ලබන සඳුදා එනම් මාර්තු 15වැනි දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ යුත්තේ 5, 11 සහ 13 ශ්‍රේණිවලට පමණක් බවයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව. ඒ නිසා සෙසු ශ්‍රේණි සඳහා පාසල් අප්‍රේල් 19 ආරම්භ කරනවා.
    1වන ශ්‍රේණියේ පන්ති සඳහා සිසුන් මේ වනවිටත් පාසල්වලට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් එම පන්ති තවම ආරම්භ කර නැහැ. බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම පන්තිත් ඇතුලු ව අනෙකුත් සියලු ම පන්ති ඒ අනුව අප්‍රේල් 19 පැවැත්වීමට කටයුතු කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව මාර්තු 15වන දින බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කෙරෙනවා. යනුවෙන් ද පැවසී ය.

  • කෝප් කමිටුවේ වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

    කෝප් කමිටුවේ වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

    එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත.

    2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් අගුරු සමාගම මඟින් සිදු කරන ලද ගල් අගුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධික්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත්ය

    මෙයට අමතරව ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැලණි ගඟේ දූෂණය සම්බන්ධ  විශේෂ විගණන වාර්තාව, 2016 වර්ෂය තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇඳීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සහ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්‍යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුලත් ය.

  • ඔබේ ලපය ගැන යළි අවධානය යොමු කරන්න: ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

    ඔබේ ලපය ගැන යළි අවධානය යොමු කරන්න: ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

    ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා අනතුරු අඟවයි.

    ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැවසීය. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

    “හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ලාදුරු ලංකාවේ නැහැ කියල. ඇතැම් වෛද්‍යවරුන් පවා හිතාගෙන ඉන්නේ ලංකාවේ දැන් ලාදුරු නැහැ කියල. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් හිටියා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් අපිට හමුවෙනවා. මගේ අත්දැකීම අනුව මමනම් හිතන්නේ මේ ගණන මීටවඩා වැඩි වෙන්න ඕනා. ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ.”

    Getty Images
    “ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි”

    2019 වසර තුළ වාර්තා වුණු සමස්ත ලාදුරු රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය.

    “මේක භයානක තත්ත්වයක්. මේ ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10ත් 14ත් අතර සිටින ළමුන්. ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි. බොහෝ විට ළමයින්ට බෝවෙන්නේ නිවසින් ඈතක සිටින කෙනෙකුගෙන් නොවෙයි. අනෙක් අනතුර තමයි මේ ළමයින්ගෙන් තවත් ළමුන්ට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම.”

    මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම ද බරපතල ප්‍රශ්නයක් වී ඇති බව වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය. පමා වී ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් රෝහලට පැමිණෙන්නේ “ආපස්සට හැරවිය නොහැකි” සංකූලතා ද සමඟයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, ප්‍රතිකාර ගැනීමට පමා වුවහොත් ඒ වනවිට ස්නායු පද්ධතියට සිදු වී ඇති හානි සමඟ එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවනු ඇත.

    “රෝගීන් හමුවෙන්නෙත් පමා වෙලා. 2019දී රෝගීන් 93 දෙනෙක් ම හමුවෙන්නේ බරපතල සංකුලතා එක්කමයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මිනිසුන් දසලක්ෂයකට සිටිය හැක්කේ එවැනි එක් ලාදුරු රෝගියක් පමණයි. අපේ රටේ ජනගහනය මිලියන 22ක් නම් අපිට සංකුලතා සහිතව හමුවෙන්න ඕන ලාදුරු රෝගීන් 22ක් පමණයි. ඒත් 2019දී 93 දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ පමා වෙලා වැඩියි.”

    “මේ රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් ම සනීප වෙනවා. කිසිම සංකුලතාවයක් නැතිව.” විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

    “මේකේ තියෙන භයානක කම”

    මෙම රෝගයේ ඇති “භයානක කම” සහ කාලය “තීරණාත්මක සාධකයක්” වන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැහැදිලි කළේ මෙසේය.

    Getty Images
    “රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා”

    “මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්.”

    “ලාදුරු පවුලකින් කසාදයක්…?”

    ලාදුරු යනු සුව කළ නොහැකි රෝගයක් යැයි සමාජගත වී ඇති දුර්මතය හේතුවෙන් බොහෝ දෙනා අනියත බියක් ඇතිකරගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය.

    “සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් හිටිය පවුලකින් කසාදයක්වත් කරගන්න හොඳ නැහැ කියල.”

    ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් රජයේ රෝහලකට ම යායුතු බවය. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

    Getty Images

    “මේ රෝගයට බෙහෙත් තියෙන්නේ රජයේ රෝහල්වල පමණයි. පෞද්ගලික රෝහල්වල බෙහෙත නැහැ. ප්‍රයිවෙට් චැනල් කරලා බැලුවත් එයාව ලාදුරු ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන්නේ රජයේ රෝහලට.”

    ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.

    “ලාදුරු රෝගීන් වර්ග දෙකක් ඉන්නවා. බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් ලෙස මේ කාණ්ඩ දෙක හඳුන්වන්න පුළුවන්. බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ඇඟේ ඉන්න අයගෙන් තමයි රෝගය පැතිරෙන්නේ. අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරෙන්නේ නැහැ. අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ බැක්ටීරියා වැඩි කාණ්ඩය. ඒ නිසා මේ රෝගය රටේ ව්‍යප්තවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

    ලාදුරු තුරන් කළ හැකි මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කීපයකට පෙර නිවේදනය කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ජනතාව එම නිවේදනය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය.

    Getty Images

    “මිනිසුන් ලක්ෂයකට රෝගීන් 10කට වඩා අඩුනම් අපි කියනවා ලාදුරු රටින් තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියල. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය. 1995 දී ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට මිනිස්සු අතර මතයක් ඇතිවුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියල. ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි.”

    රෝගියා සමඟ වාසේ…?

    ලාදුරු රෝගියෙකු සමඟ එකම නිවසක වාසය කළ හැකිද? නිවසේ සිට ප්‍රතිකාර ගත හැකිද? බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළවීමට කෙතරම් කාලයක් ගත වේද? විශේෂඥ වෛද්‍ය කපිල පියසේන ඒ සියලු ප්‍රශ්නවලට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    “මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි, අද මම ඔයා ළඟින් වාඩිවෙලා හිටිය කියල හෙට ඔයාට ලාදුරු හැදෙන්නේ නැහැ. අද බැක්ටීරියාව ශරීරගත වුනත් අඩු තරමින් අවුරුදු දෙකක්වත් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. රෝග ලක්ෂණය කියන්නෙත් ඇඟේ එන ලපයක් විතරයි. ඒ ලපය හඳුනා ගත්තේ නැත්නම් තවත් වසර තුනක්වත් ගිහින් තමයි ස්නායු ආබාධ ඇති වෙන්නේ. ඒකත් මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්.”

    “ඒ වෙනකොට මේ පුද්ගලයා වයසට ගිහින් හිටියොත් එයා හිතනවා මේක වයසට එන ලෙඩක් වෙන්න ඇති කියල. එහෙම නැත්නම්, මේ පුද්ගලයාට දියවැඩියාව තිබුනොත් එයා හිතනවා මේක දියවැඩියාව නිසා හිරි වැටීමක් වෙන්න ඇති කියල. මේ වගේ දේවල් නිසා ලාදුරු කලින් හඳුනා ගැනීම තවදුරටත් අපහසු වෙනවා. ඒ වෙනකොට රෝගය සනීප කළත් අර හානිය ආපස්සට හැරෙන්නේ නැහැ.”

    Getty Images
    සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ

    ලපයක් මතුවීමට පෙර රෝගය හඳුනා ගැනීම සඳහා මේ දක්වා සාර්ථක වෛද්‍ය පරීක්ෂණයක් සොයාගෙන නොමැති බව ඔහු පැවසීය.

    ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ මොහොතේ පටන් මෙම රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම නවතින හෙයින් නිවසේ සිටින අන් කිසිවෙකුට බිය වීමට කාරණයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබැවින් රෝගියාට ද නිවසේ සිටම ප්‍රතිකාර කරගෙන යාමට හැකියාව පවතී.

    ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.

    වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

    ලපය:

    සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ. නමුත් ලපයක් ඇතිවූ විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය උපදේශයයි. ලාදුරු ලපයක් හඳුනා ගන්නේ කෙසේදැයි විමසු විට වෛද්‍යවරයා එය පැහැදිලි කළේ මේ ආකාරයටය.

    “හමේ පාටට වඩා අඩු පාටක් හෝ තද පාටක් විය හැකියි. පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් විය හැකියි. මුහුණේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනෑම තැනක විය හැකියි.”

    “මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැහැ. ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ, දාඩිය දමන්නේත් නැහැ.”

    මේවා පොදු ලක්ෂණ වන නමුත් මීට වඩා වෙනස් වූ ලක්ෂණ සහිත ලපයක් ද ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා අවධාරණය කළේය. එම හේතුව නිසාම වෛද්‍යවරුන්ට පවා මෙය විනිශ්චය කර ගැනීම අපහසු විය හැකි බව ඔහු පැවසීය.

    “ඒකයි අපි කියන්නේ, යන්තමින් හෝ සැකයක් පවතිනවානම් ලාදුරු රෝහල වෙත යොමු කරන්න කියල. එතැනදී අපට විශේෂ පරීක්ෂාවක් කරන්න පුළුවන්.”

    දීර්ඝ ඉතිහාසයක්

    ලාදුරු රෝගය ඇතිකරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් සිරුරට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. මෙම රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. එය වසර 5000ක් තරම් ඈතට දිව යන්නකි. වෛද්‍ය කපිල පියසේන එම ඉතිහාසය සංක්ෂිප්ත කළේ මෙලෙසිනි.

    “බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ. මේ රෝගය එහෙම තමයි. ඇඟිලි පුරුක් ගැලවෙන්නේ කිසිම වේදනාවක් නැතිව.”

    “අද කාලේ කොරෝනා නිසා සති දෙකක් නිරෝධායනය වෙන්න බැහැ කියල සමහරු මැසිවිලි නගනවා. ඒ කාලේ ලාදුරු හැදුනනම් මුළු ජීවිත කාලෙම හුදෙකලා කරනවා.”

    “හැඳල රෝහල පටන් ගත්ත කාලේ රෝගීන් දහස් ගණනක් ඒ රෝහලේ ඉඳල තියනවා. ඇතුළට ආපු කෙනෙක් ආයේ එළියට ගිහින් නැහැ. මැරුණම පෙට්ටියෙන් තමයි එලියට ගෙනිච්චේ. ඒ දවස්වල තිබුණා ලාදුරු කොලනි කියල ස්ථාන වෙන්කරලා.”

    හැඳල නගරයේ පිහිටා ඇති ලාදුරු රෝහලේ ඉතිහාසය ද ලන්දේසි යුගය දක්වා දිව යන බව වෛද්‍යවරයා පැවසීය.

    “ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. එයාට ලාදුරු රෝගය හැදිලා. එයාව හුදෙකලා කරලා තියන්න තමයි මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ. 1708 දී තමයි මුල්ගල තියල තියෙන්නේ. කුමාරයෙක් තියන්න ඕන නිසා මේක ඉතා සුඛෝපභෝගී ලෙස තමයි හදල තියෙන්නේ. මෑතකදී අලුත්යාවැඩියාවක් කරද්දී වහලේ උළුකැට හම්බවුණා. ඒවා හදල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1860දී. අද තියෙන උළුකැටවලට වඩා තවමත් ඒවා ශක්තිමත්.”

    රෝගීන් මිය ගිය විට ඔවුන්ගේ සිරුරු ගෙන යාම සඳහා වෙන්වූ කරත්ත තිබුණු බවත් ඉන් කරත්ත දෙකක් දැනටත් රෝහල තුළ දක්නට හැකි බව වෛද්‍ය කපිල පියසේන පැවසීය.

    ඈත අතීතයේ රෝගීන්ගේ රෙදි සේදීම සඳහා හැඳල ලාදුරු රෝහල තුළ යන්ත්‍රයක් සවිකර තිබුණු බවත් එය ලෝකයේ පැරණිතම රෙදි සෝදන යන්ත්‍රයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “මේක දැන් කාලේ වගේ පොඩි යන්ත්‍රයක් නොවෙයි. විශාල කාමරයක් වගේ යන්ත්‍රයක්. ඒක තමයි ලංකාවේ භාවිතා කළ පළමුවැනි රෙදි සෝදන යන්ත්‍රය.”

    ලාදුරු ගැන ඔබ දත යුතු දේ:

    • ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
    • ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාදිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
    • මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
    • ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
    • ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
    • ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
    • ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
    • ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
    • මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක, එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
    • කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.

    (මූලාශ්‍ර: ලාදුරු මර්දන ව්‍යාපාරය – බී.බී.සී සන්දේශය)

  • ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

    ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

    ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ.

    ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි.

    මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය (SVP නොඑසේනම්, Swiss People’s Party) සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේය.

    මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු දිනයක්” වූ බව ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ ඉස්ලාමීය කණ්ඩායමක් විසින් හඳුන්වා දෙනු ලැබිණි.

    “අද තීරණය පැරණි තුවාල විවර කරන්නක්, නෛතික අසමානතාව පිළිබඳ ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බැහැර කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සුළුතරයට යැවුණු පැහැදිලි සංඥාවක්,” යැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළ මුස්ලිම් ප්‍රජාවේ මධ්‍යම මණ්ඩලය, මෙම තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බව කියා සිටියේය.

    කාන්තාවන් පැළඳිය යුත්තේ කුමක්ද යන්න නිගමනය කිරීම රාජ්‍යයට අයත් කාර්යයක් නොවන බව දක්වමින් තහනමට එරෙහිව ස්විස් ආණ්ඩුව තර්ක කර තිබිණි.

    ජර්මනියේ ලුසර්න් විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව, ස්විට්සර්ලන්තය තුළ කිසිවකු හෝ බුර්කාව නොපළඳින තරම් වන අතර කාන්තාවන් 30 දෙනෙක් පමණ නිකාබය පැළඳ සිටියහ. මිලියන 8.6ක් වන ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක පමණ මුස්ලිම් ජනතාවක් වෙති. ඉන් බොහෝමය තුර්කිය, බොස්නියා සහ කොසොවෝ යන රටවල සම්භවය සහිත වූවෝ වෙති.

    BBC

    රටේ පවතින සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව, සිය කටයුතු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ජනතාවට සෘජු මැදිහත්වීමක් කිරීමේ හැකියාව ලබාදී තිබේ. විවධ කරුණු සම්බන්ධයෙන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හෝ කලාපීය වශයෙන් වන ජනමත විචාරණ සඳහා නිතර ඔවුහු සහභාගී කර ගැනෙති.

    මෙය ස්විස් ජනමත විචාරණයක දී ඉස්ලාම් සම්බන්ධ වූ පළමු අවස්ථාව නොවේ. 2009 දී ආණ්ඩුවේ උපදෙස්වලට එරෙහිව ගිය ස්විස් පුරවැසියෝ, මුස්ලිම් දේවස්ථානවල කුළුණු ඉදිකිරීම තහනම් කිරීමට ඡන්දය භාවිත කළහ. SVP පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකින් කියැවුණේ අදාළ කුළුණු ඉස්ලාමීයකරණය පිළිබඳ ලකුණක් වන බවකි.

    ඉරිදා ජනමත විචාරණයට පදනම් වූ යෝජනාවෙන් සෘජුව ම ඉස්ලාම් පිළිබඳ සඳහනක් නොකෙරුණු අතර මුහුණු ආවරණ පැළඳි ප්‍රචණ්ඩකාරී වීථි උද්ඝෝෂකයින් නැවත්වීම ඉන් අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත් ජනමත විචාරණය “බුර්කා තහනම” ලෙස විශාල වශයෙන් සඳහන් කෙරිණි.

    මුස්ලිම් කාන්තාවන් නිරූපිත පෝස්ටර මෙන්ම මෙම ජනමත විචාරණ ප්‍රචාරක වැඩපිළිවෙල කනස්සල්ල ඇතිකරන්නක් වූ බව ස්විට්සර්ලන්ත මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකා සනිජා අමෙති බීබීසී සමග පැවසුවාය.

    “තමන් අවමානයට ලක්වූ බව මෙන්ම මේ සමාජයේ කොටසක් නොවන බවක් ස්විට්සර්ලන්තයේ සිටින බොහෝ මුස්ලිම්වරුන්ට දැනේවි. තමන් අයත් නොවන මුල්ලකට ඇද දැමුවා සේ දැනේවි. අපි, පෙනුමෙන් මේ පින්තුරවල ඉන්න කාන්තාවන් වගේ නෙවෙයි.” ඇය සඳහන් කළාය.

    කෙසේවෙතත්, මුස්ලිම් ප්‍රජාවට අයත් වෙනත් අය මෙම තහනමට සහය දක්වයි.

    “සමහරවිට ඉස්ලාම් භීතිකාව” මෙම වැඩපිළිවෙල පසුපස තිබිය හැකි යැයි තමන් සිතූ බව බර්න් නගරයේ වෙසෙන ඉමාම් මුස්තාෆා මෙමෙති බීබීසී සමග පැවසීය. නමුත් මෙය ස්විට්සර්ලන්තයේ සිටින මුස්ලිම් කාන්තාවන් නිදහස් කිරීමට ඉවහල් විය හැකි බැවින් තමන් එම තහනමට සහය දුන් බව ඔහු කීය.

    මුස්ලිම් හිස් ආවරණ “අන්තගාමී බවේ සංකේතයක්, දේශපාලනික ඉස්ලාමය යුරෝපයේ වේගයෙන් ප්‍රමුඛව මතුවෙමින් තිබෙන අතර ඊට ස්විට්සර්ලන්තයේ ඉඩක් නැහැ” යැයි SVP පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනමත විචාරණ කමිටුවේ සභාපති වොල්ටර් වොබ්මාන් ඡන්දයට පෙර පැවසීය.

    “ස්විට්සර්ලන්තයේ අපගේ සම්ප්‍රදාය වන්නේ ඔබ ඔබේ මුහුණ පෙන්වන්න. එය අපගේ මූලික නිදහස් තත්ත්වයන් පිළිබඳ ලකුණක්” ඔහු සඳහන් කළේය.

    යෝජිත තහනමට එරෙහිව අදහස් පළකරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය, “මෙය ප්‍රකාශනයේ නිදහස හා ආගමට ඇතුළත් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන භයානක ප්‍රතිපත්තියක්” යැයි කියා සිටියේය.

    ප්‍රසිද්ධියේ ඉස්ලාමීය හිස් ආවරණ පැළඳීම යුරෝපයේ අනෙකුත් රටවල ද අර්බුදකාරී මාතෘකාවක් බවට පත්ව ඇත. ප්‍රසිද්ධියේ පූර්ණ වශයෙන් මුහුණ වැසෙන ආවරණ පැළඳීම ප්‍රංශය විසින් 2011 වසරේදී තහනම් කරන ලද අතර එවැනි පූර්ණ හෝ අර්ධ වශයෙන් තහනම් පැනවීමට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා බල්ගේරියාව ද පියවර ගෙන තිබිණි.

    බී.බී.සී ඇසුරිණි

  • අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

    පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය.

    මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

    ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගය කොදෙව් කණ්ඩායම මත පැටවිණ. එහෙත් අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3 ක් එල්ල කළ ෆේබියන් ඇලන්, ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගත්තේය. ජයග්‍රාහී හයේ පහර ඇලන්ගේ පිත්තෙන් එල්ල වන විට කොදෙව් ලකුණු පුවරුවේ පන්දු 6 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිණ.

    පිත්තෙන් දක්වන ලද දක්ෂතා වලට අමතරව පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමටද ඇලන් සමත්වූවේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 න් 3 ක්ම පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද ඒවා විය. එම දක්ෂතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 27 ක් වන අතර එහිදී කඩුලු 3 ක්ම දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද ෆේබියන් ඇලන් පිදුම් ලැබීය.

    පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී කඩුල්ලක් දැවී ලකුණු 53 ක් රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුවද වනිඳු හසරංගගේ පන්දු යැවීමට කැඳවීමත් සමඟ යළිත් වරක් කොදෙව් පිතිකරුවෝ පසුපසට තල්ලු වූහ. එහිදී සාර්ථක වුණු වනිඳු එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා දීමට සමත්වූවේය. සිය සහායකයා ලබාගත් ආරම්භය එලෙසින්ම පවත්වාගත් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් පිට පිට පන්දු දෙකකදී රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝගේ කඩුලු ද සමඟ දවාගත් කඩුලු 3 ත් දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු 2 ත් හේතුවෙන් කොදෙව් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු තරගයේ පරිදිම දැවැන්ත ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ පන්දුවාර 4 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියද 5 වැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර ලකුණු 85 ක් රැස් කරමින් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. පන්දු @ කදී වාර්තා වුණු මෙම නොබිඳුණු සම්බන්ධතාවය වාර්තා වූයේ විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙසිනි. එම සම්බන්ධතාව මත නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 131 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර විය.

    පළමු තරග 2 ට ම වඩා මන්දගාමී වුණු කූලිජ් තණතීරුවේදී ඇලන්ට අමතරව වැඩි වාසි ලබා ගත් කෙවින් සින්ක්ලෙයාර් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම අඩපණ කළේය. පන්දු යැවී ෆේබියන් ඇලන් පෙරළා රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු ගුණතිලකගේ ඉනිම ලකුණු 9 කදී නිමාවට පත්විය.

    එසේ ලබා ගත් සාර්ථක ආරම්භය 10 වැනි පන්දුවාරය වන තෙක්ම රඳවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු පුවරුව ලකුණුඅ 47 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් චන්දිමාල්ට එක් වුණු අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. බණ්ඩාර සමඟ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් හතරේ පහර 3 ක් සමඟින්පන්දු 46 කදී ලකුණු 54 ක් ලබා සිටියේය.

    දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

  • ‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ – ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම ඇරඹේ !

    ‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ – ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම ඇරඹේ !

    ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සතිය මාර්තු අද (08) ආරම්භ වුණා. එය ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙ වසරේ තේමාව “ලුණු අඩුවෙන් – රස වැඩියෙන්” යන්නයි.

    ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් 83%ක් බෝනොවන රෝග නිසා සිදුවේ. එයින් 34% සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා වන අධික රැධිර පිඩනය,හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) නිසාය. අධික රුධිර පිඩනය ඇතිවිමට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ අධික ලුණු භාවිතයයී.

    අධික සිනි භාවිතය නිසා දියවැඩියාව ඇති වන බව බෝහෝ දෙනා දැනසිටියත්, අධික තෙල් සහිත ආහාර  හා අධික ලුණු භාවිතය නිසා අධික රුධිර පිඩනය ඇති වන බව බොහෝ දෙනා නොදනිති.

    එමෙන්ම  ආහාර රස  කිරිමට ලුණු අධිකව භාවිතයේ අහිතකර ඵලවිපාක ගැන ප්‍රජාවට එතරම් අවබෝධයක් නැති බව පෙනී යයී. අධික රුධිර පීඩනයට ලක් වු පසුව ලුණු අඩු  ආහාර  ගැන අවධානය යොමු කළත් ඊට පෙර ඒ ගැන දක්වන සැලකිල්ල ඉතා අඩුය.ලෝකය පුරාවට මෙන්ම ලංකාවේ ද ජනතාව එක් පුද්ගලයෙක් සඳහා  දිනකට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන   ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ට (කැපු තේ හැඳි 01 ක ප්‍රමාණය) වඩා දෙතුන්  ගුණයක ලුණු ආහාරයට ගනිති. ලංකාවේ එම ප්‍රමාණය දිනකට ග්‍රෑම් 9 සිට 12 දක්වා ප්‍රමාණයක් දක්වා වන ඉහළ අගයකි.

    ලුණු භාවිතය අඩු කිරිම තුලින් වසරකට ලෝකයේ සිදුවන මරණ වලින් මිලියන 2.5ක් අඩුකර ගත හැකි බව පෙන්වා දී ඇත.

    Is processed food bad for you? Study says yes, absolutely | Well+Good

    අප ලුණු වැඩිපුර ආහාරයට ගන්නේ කෙසේද ?

    1. බත් පිසින විට ලුණු එකතු කිරිමෙන්
    2. අධික ලෙස සකස් කල ආහාර (Ultra Processed Foods) එනම් රෝල්ස්, පැටිස්, ප්‍රේස්ටිස් සහ පීට්සා වැනි දේ ආහාරයට ගැනිමෙන්
    3. බේකරි නිෂ්පාදන, බිස්කට් වැඩිපුර ආහාරයට ගැනිමෙන්
    4. පෙර පිසින ලද ආහාර (pre-cooked) වන සොසේජස්, මීට් බෝල්ස්, චිප්ස් වැනි ආහාර වලින්
    5.  “රයිස්”, කොත්තු, බිරියානි වැනි කැම වර්ග නිතර භාවිතයෙන්
    6. කරවල, හාල්මැස්සන් චට්නි, ටින් කල ආහාර නිතර භාවිතයෙන්

    අධික ලුණු භාවිතයේ අහිතකර ප්‍රතිඵල මොනවාද ?

    1. අධික රුධිර පිඩනයට ඉතා අඩු වශයෙන් ගොදුරු විම නිසා හෘදයාබාධ ,ආඝාතය.කාලික වකුගඩු රෝග වලට ගොදුරු විමේ අවධානම වැඩිවීම.
    2. අමාශයේ පිළිකාවන්ට ගොදුරුවිමේ අවධානම
    3.  ඔස්ටියොපොරොසිස් නැතිනම් අස්ථි ගෙවීයාමේ තර්ජනයට ලක්විම (ඒ හේතුවෙන් අස්ථීවල ඇති කැල්සියම් දියවි‍ම නිසා අස්ථී තුනිවිම හේතුවෙන් භග්න ඇතිවිම)
    4.  “ඇදුම” වැනි රෝගි තත්ත්වයන් ඇතිවිමට ඇති අවධානම හා ඇදුම රෝගින්ගේ රෝගි තත්ත්වය උත්සන්න වීමට ඇති අවධානම වැඩිවිම.
    Eating Vegetarian Diet during Pregnancy - Nutrition & Menu Plan

    ආහාරයෙන් ගන්නා ලුණු ප්‍රමාණය අඩුකරන්නේ කෙසේද ?

    •  බත් පිසින විට ලුණු එක් නොකිරිමෙන්.
    • කෑම මේසයේදි ලුණු එකතු කිරිමෙන් වැලකිම. ඒ වෙනුවට ස්වභාවික රසකාරක
    • ලෙස,මින්චි,කොත්තමල්ලි කොළ එකතු කිරිම හා කුරුඳු, කරපිංචා, රම්පෙ, සේර,     ඉඟුරු, කොත්තමල්ලි සුදුරු, සුදු ලුණු, සියඔලා, දෙහි වැනි දැ ආහාර පිසින විට එකතු කිරිම.
    •  ලුණු එකතු කරන ලද කෙටි කෑම වර්ග වන චිප්ස්, ඇට වර්ග, බේකන්, චිස් හා පෙර සකස්  කල  ආහාර හැකිතාක් අවම කිරිම.
    • එළවළු සහ පළතුරු වැඩිපුර අනුභව කිරිම (දිනකට එළවළු / පළතුරු 05 ක් වත්)05. හැකි තාක් දුරට  ලුණු අධික සෝස් වර්ග භාවිතය අඩු කිරිම.
    • ආහාර ලේබලයේ ඇති වර්ණ සංඥා (රතු, කහ,කොළ) කියවා ආහාර මිළදි ගැනීමට හුරු කිරිම.

    අපි ලුණු අඩුවෙන් – රස වැඩියෙන් ආහාර අනුභව කරන්නේ නෙසේද ?

    • ලුණු එකතු කරනු වෙනුවට ස්වභාවික රසය දනවන සුදු ලූණු, ඉඟුරු, ලූණු , දෙහි , සියඔලා මෙන්ම කොත්තමල්ලි,  සූදුරු, උළුහාල්, ගම්මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ, සේර හා අබ ආහාර පිසින විට එකතු කරමු.
    • විවිධ රස ඇති පළතුරු එලවළු සලාද පිළියෙල කරන විට එකතු කරමු

    ඕනෑම පුරුද්දක් වෙනස් කරන්නට සති 2-3 ක කාලය ප්‍රමාණවත්

    • ඒ නිසා වැඩිපුර ලුණු කැමට හුරු වු ඔබේ දිවට අඩුවෙන් ලුණු කැමට පුරුදු කරන්න.
    • සිතන්න, වැඩිපුර ලුණු රසට ඇබ්බැහි වී අධික රුධිර පිඩනයට ගොදුරු වෙනවාද, නැතිනම් ජිවිත කාලය පුරාවට නියමිත සෞඛ්‍ය  ආරක්ෂිත රුධිර පිඩනය පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව.
    • මවක, ගෘහනියක වන ඔබට, පවුලේ ආහාර වේලට ලුණු අඩු කිරිම තුලින් පවුලේ සියළු දෙනාම සෞඛ්‍ය  සම්පන්න කරවිමේ වගකීම, යුතුකම ඉටු කිරිමට හැකි බව.
    • බල ගන්වන්න ඔබේ දරුවා, ලුණු අඩුවෙන් ආහාරයට ගන්න, ලුණු අඩු ආහාර ගන්න,අනාගතයේදි අධික රුධිර පිඩනය,හාදයාබාධ,ආඝාතය (අංශභාගය) අවධානම අඩු පුද්ගලයෙකු වන්නට.
    •  ගෙදර හදන කෑම වේල තුලින් සෞඛ්‍ය සම්පන්න ජිවන රටාවකට යොමු වෙමු.

    බෝ නොවන රෝග ඒකකය – සෞඛ්‍ය අමාත්‍යාංශය – වෛද්‍ය ශාන්ති ගුණවර්ධන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ බෝ නොවන රෝග ඒකකය – සෞඛ්‍ය අමාත්‍යාංශය

  • බස්නාහිර පාසල් ආරම්භය ගැන තීන්දුව දින 2කින් – අධ්‍යාපන ඇමති

    බස්නාහිර පාසල් ආරම්භය ගැන තීන්දුව දින 2කින් – අධ්‍යාපන ඇමති

    දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරු ව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (08) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    දිවයිනේ සියලු ම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරලා ඉවරයි. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලා තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව හැකි දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා.

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. එය තව දින දෙකකින් එනම් මාර්තු 10වන දින අවසන් වෙනවා. මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් මේ විභාගයට පෙනී සිටිනවා. ඉතා ම සාර්ථක ව අ.පො.ස උසස් පෙළ විභාගය, 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ත් මේ විදියට ම පවත්වා අවසන් කරන්නට අපට හැකි වුණා. මේ පිළිබඳ සෘනාත්මක සහ අසුබවාදී අදහස් ප්‍රකාශ කරන අයට අපි සවන් දුන්නා නම් මේ විභාගය පවත්වන්නට අපට හැකියාව ලැබෙන්නේ නැහැ.

    රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වුණු දේ සහ බලාපොරොත්තු වන දේ නිවැරදිව ඉටු කරන්නට අපි කැපවී සිටිනවා. රජය මේ අසීරු මොහොතේත් දැඩි තීරණ ගත්තේ අපේ දරු දැරියන්ගේ අනාගතය පිළිබඳ සලකා බලලා. මේ අසීරුතාවයන් මැද්දේ අපේ සහ රටේ අනාගතය වෙනුවෙන් අපේ නිලධාරීන්‍ සහ සියලු දෙනාගේ සහයෝගය ඇතිව කටයුතු කරන්නට අපට හැකියාව ලැබුණා.

    විභාගය පවත්වාගෙන යන කාලය තුළ එනම් දවස් 09ක් ආසාධිත දරුවන් 56ක් පෙනී සිටියා. ඒ දරුවන් විශේෂ මධ්‍යස්ථාවවලට යොමු කරන්නට අපිට හැකි වුණා. එවැනි මධ්‍යස්ථාන 40ක් රට පුරා පිහිටුවලා තිබුණා. සෑම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයක් සූදානම් කරලත් තිබුණා. නිරෝධායනයට ලක්වුණු සිසුන් 321ක් විභාගයට පෙනී සිටියා.

    අපි රජයක් විදියට සහ අමාත්‍යංශය විදියට දුර දිග බලලා මේ සියල්ල ඉතා සාර්ථක ව සැලසුම් කළ බව කියන්නට කැමතියි. ප්‍රථම දවස් තුනේ උත්තර පත්‍ර ඇගයීමට දැනුත් සූදානමින් සිටින්නේ. මේ සියල්ල කරන්නේ විභාග ප්‍රතිඵල ‘ජුනි’ මාසයේ ලබා දීමට සහ අ.පො.ස උසස් පෙළ පන්ති ‘ජූලි’ මාසයේ අරම්භ කිරීමට. යනුවෙන් ද පැවසී ය.

  • හිමිකමක් නැතිව මෙතෙක් භුක්ති විඳි ‘රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර’

    හිමිකමක් නැතිව මෙතෙක් භුක්ති විඳි ‘රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර’

    නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

     “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව  සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමේ.

    මේ වැඩසටහන ගොවිතැනින් ජිවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩි කර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි.

    දීමනා පත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකිය. ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකවීම ඉඩම්ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ.

    ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍රලාභීන්ට හිමි වෙයි. මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිතුමා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණ.

    ජනාධිපති කාර්යාලය, ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

  • ලංකාව ගෙවතු වගාවට පල්ලම් බසිද්දී ලෝකය පුරා පැතිරෙන නවීන වගාක්‍රම

    ලංකාව ගෙවතු වගාවට පල්ලම් බසිද්දී ලෝකය පුරා පැතිරෙන නවීන වගාක්‍රම

    ගෝලීය වශයෙන් ආහාර නිෂ්පාදනය මුහුණ දී ඇති අභියෝග හමුවේ වඩාත් ඵලදායී හා තිරසර කෘෂිකාර්මික භාවිතයන් වෙත ලෝකය වේගයෙන් ගමන් කරන ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන් ලෝකයේ ප්‍රමුඛතම කෘෂිකාර්මික රටක් වන අප අසල්වැසි ඉන්දියාව ඒ අතර ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇත.

    නිමක් නැති කෘෂිකාර්මික ගැටලු, ගොවි උද්ඝෝෂණ, සහනාධාර ලබාදීම් මැද දිනෙන් දින අර්බුදයට යන සම්ප්‍රදායික කෘෂිකාර්මාන්තය වෙනුවට වඩාත් නවීන, තාක්ෂණික කෘෂිකර්මාන්තය අනාගත ලෝකයේ ආහාර අර්බුදයට තිරසර විසදුමක් බව වත්මන් කෘෂි ආර්ථික හා පරිසර විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත.

    මේ ලිපිය ගෝලීය කෘෂිකර්මාන්තයේ නව ප්‍රවණතාවක් වන Urban hydroponic farming නැතහොත් නාගරික කෘෂිකර්මාන්තය ගැනය.

    මුම්බායිහි අන්දරේහි පිහිටි Herbivore Farms, ගොවිපල වර්ග අඩි 1,000 ක් පුරා පැතිරී ඇති අතර ශාක 2500 ක් පමණ වගා කරයි

    මුම්බායි හි අන්දරේ Andheri  ප්‍රදේශයේ නැගෙනහිර අසල්වැසි කාර්මික ගොඩනැගිල්ලක් මධ්‍යයේ පිහිටි ගොවිපළකි. එය වර්ග අඩි 1,000 ක් පුරා පැතිරී ඇති අතර පැළ 2,500 ක් වගා කර ඇත. 

    එය සාමාන්‍ය ගොවිපළක් නොවේ. වායුසමීකරණ යන්ත‍්‍රයක් කාමරයට පැමිණෙන අමුත්තන්ට සුබ පතයි, නල විදුලි පහන් හිරු එළිය වෙනුවට ආදේශ කරයි. එහි වගාව සදහා පස් ඇත්තේම නැත.

    Herbivore Farms ( මෙහි සරල සිංහල අදහස ශාකභක්ෂක ගොවිපල යනුයි. නිවැරදි සහ වඩාත් සුදුසු වචනයක් සොයා ගන්නා තෙක් ඉංග්‍රීසි වචනය වන Herbivore Farms යොදන බව කාරුණිකව සලකන්න) යනු අලුතින් ජනප්‍රිය හා සාර්ථක නාගරික ගොවිතැනකට (urban farming) උදාහරණයකි. –

    හයිඩ්‍රොපොනික් hydroponics වගා ක්‍රමය යනු සරලව කිවහොත් ජලයේ පැලෑටි වැඩීමයි. පස් වෙනුවට නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස්, කැල්සියම් නයිට්රේට් සහ මැන්ගනීස්, සින්ක් වැනි ක්ෂුද්‍ර පෝෂක වලින් පොහොසත් වන ජල ද්‍රාවණයකින් එය ප්‍රතිස්ථාපනය වේ. ‘වර්ධන ක්‍රමයක් -grow system’ මගින් පෝෂණය, ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වයේ සමතුලිතතාවය පාලනය කරයි. පස පදනම් කරගත් ගොවිතැන මෙන් නොව ජල භාවිතය ඉතා අල්ප අතර රසායනික ද්‍රව්‍ය හෝ පළිබෝධනාශක නොමැතිව ඉහළ අස්වැන්නක් ලබා දෙයි.

    නාගරික ගොවිතැනේ වාසි

    පස මත පදනම් වූ සාමාන්‍ය ගොවිතැනට සාපේක්ෂව නාගරික ගොවිතැනට බොහෝ වාසි ඇත. ඒවා අතර,

    1. ඉඩම් අවශ්‍යතාවය තරමක් අඩුය,
    2. ජල පරිභෝජනය සියයට 80 කින් අඩුය,
    3. ජලය ප්‍රතිචක්‍රීකරණය කර ඉතිරි කර ඇත,
    4. එය පළිබෝධ නාශක රහිතය.
    5. අධි තාක්‍ෂණික ගොවිපලවල කාලගුණය මත සැබෑ යැපීමක් නොමැත, යනුවෙන් ගෝවාහි සත්තාරි දිස්ත්‍රික්කයේ ලෙට්සෙට්‍රා ඇග්‍රිටෙක් හි හයිඩ්‍රොපොනික් ගොවියෙකු වන අජේ නායික් පවසයි.

    හයිඩ්‍රොපොනික් ගොවිතැන ඉන්දියාව පුරා මුල් බැස ගෙන ඇත. 

    Herbivore Farms හි සකිනා රාජ්කොට්වාලා සහ ජෝෂුවා ලුවිස් පසුගිය වසරේදී අවධානයට ලක්ව තිබේ. මනෝරි හි දී ලිනේෂ් පිල්ලෙයි Terra Farms නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළේ මෙම අදහස රටපුරා ගෙන යාමට පෙර ය. 

    චෙන්නායි හි ශ්‍රීරාම් ගෝපාල්ගේ Future Farms  සහ රාහුල් ධෝකාගේ  Acqua Farms ගුරුග්‍රම් පදනම් කරගත් බාර්ටන් බ්‍රීස් හි හර්යානා, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කන්ඩ් යන ප්‍රදේශවල Hydroponic ගොවිපල හයක් ඇත. g_118537_herbivorefarms (10) _280x210.jpgසකීනා රාජ්කොට්වාලා රැකියාවෙන් ඉවත් වී Herbivore Farms ආරම්භ කළාය‍

    “හයිඩ්‍රොපොනික් සහ වෙනත් පාංශු-අඩු ගොවිතැන් ක්‍රම (soil-less farming techniques) මගින් අපගේ කෘෂිකාර්මික හා ගොවි කර්මාන්තය ඊළඟ මට්ටමට ගෙනයාමට උපකාරී වේ” යැයි නායික් තවදුරටත් පවසයි.

    නව ගොවියා

    හයිඩ්‍රොපොනික් ගොවිතැන සඳහා මාවත සකස් කර ඇත්තේ හොඳ චේතනාවෙනි. තිරසාර ගොවිතැන සහ නැවුම්, කාබනික, ශුන්‍ය කාබන් ආහාර අනුභව කිරීමට ඇති ආශාව ඒ අතර ප්‍රමුඛ වේ.

    රාජ්කොට්වල සහ ලුවිස්ගේ ගමන ආරම්භ වූයේ රැකියාවෙන් ඉවත් වී ඔවුන්ගේ ජීවිතයේ අරමුණ සෙවීමට තීරණය කිරීමෙන් පසුවය. 

    ‘අපි කවුරුන්ද’ යන ප්‍රශ්නය ඔවුන් අනුභව කරන්නේ කුමක්ද ? සහ එය වගා කරන්නේ කෙසේද ?යන්න පරීක්ෂා කිරීමට මඟ පෑදූ අතර, අරොවිල් ගොවිපලක වැඩ කිරීම සහ නැවුම් නිෂ්පාදන අනුභව කිරීම ඔවුන් බලාපොරොත්තු වූ වෙනස බවට පත්විය. 

    ලුවිස් මෙසේ පවසයි. “එය හෙළි කිරීමේ අත්දැකීමක් විය. එය ආහාරයේ වැදගත්කම පිළිබඳව අපගේ මනස විවර කළේය. නාගරික අවකාශයේ එළවළු උදුරා ගෙන ඒවා නැවුම් ලෙස අනුභව කිරීමට අපට අවශ්‍ය විය‘‘

    හයිඩ්‍රොපොනික්ස් වඩාත් අර්ථවත් වූ අතර, ඔවුන් 2017 දී ජුහු හි රාජ්කොට්වාලාගේ ටෙරස් මත කුඩා ගොවිපලකින් ආරම්භ කර 2018 දී අන්දරේ වෙත සංක්‍රමණය විය.

    Herbivore Farms පිහිටුවීම හයිඩ්‍රොපොනික් ගොවිපලක ක්‍රියාකාරිත්වය පිළිබඳ හොඳ උදාහරණයකි. එය පැළෑටි පැළ කිරීම සඳහා ජෛව දිරාපත් කළ හැකි ස්පොන්ජියක් භාවිතා කරන ආවරණය කරන ලද ප්‍රරෝහණ කුටියක්, දැල් කෝප්ප (කුඩා වැවිලිකරුවන්) ආධාරක හා ව්‍යුහය සඳහා මැටි ගල් කැටවලින් පුරවා ඇති තවානක් සහ ශාක සම්පූර්ණයෙන්ම වැඩෙන වැඩෙන පද්ධති වලින් සමන්විත වේ. 

    එයට ලෝහ නැවතුම්, පීවීසී පයිප්ප ආවරණය කර ඇති පෝෂක ටැංකියකට සවි කර ඇති අතර ශාකවලට ජලය පොම්ප කරයි. ශාකයේ මුල් වැඩුණු පසු එය ජලයේ වැඩි පෝෂ්‍ය පදාර්ථ සහිත පද්ධතියකට මාරු කරනු ලැබේ.

    ආර්ද්‍රතාවය සහ උෂ්ණත්ව මට්ටම්වල සිට ආලෝකය, පෝෂ්‍ය පදාර්ථ හා ජලය ප්‍රමාණය දක්වා සියල්ල පාලනය වේ. බොහෝ හයිඩ්‍රොපොනික් පද්ධති ක්‍රියාත්මක වන්නේ සමාන ආකාරයකින් වුවද, සෑම ගොවියෙකුටම ඔහුගේ / ඇයගේ අභිමතකරණය කළ වර්ධන පද්ධති, විදුලි පහන්, බීජ සහ වැඩෙන ක්‍රම තිබේ. 

    ගොවිපලවල් ගෘහස්ථ හෝ එළිමහනේ (හරිතාගාරයක්) විය හැකිය. සිරස් පද්ධතිය මඟින් නිෂ්පාදන බහුල බව සහතික කරන අතර ( සිරස්ව ඇති පැලෑටි වලින් අදහස් වන්නේ ඒවායින් වැඩි ප්‍රමාණයක් එකම ප්‍රදේශයක පවතින බවයි) වර්ධනය ඉක්මන් වේ.

    සමහර විට දින හතක් ඇතුළත, ( ආලෝකය ලැබෙන විට) හර්බිවෝර් හි නිෂ්පාදිත වන සෝරල්, බැසිල්, මයික්‍රොග්‍රීන්, ආහාරයට ගතහැකි මල්, සලාද කොළ ප්‍රභේද, ස්විස් චාර්ඩ් සහ මිරිස් ඵලදැරීම ආරම්භ වේ.

    බොහෝ ගොවීන් තම නිෂ්පාදන වෙළඳපල, සුපිරි වෙළඳසැල්, අවන්හල්, කැෆේ සහ සලාද බාර් සහ ව්‍යාපාර සඳහා විකුණති.

    මනෝරි හි යූජීඑෆ් ෆාම්ස් (කලින් ටෙරා ෆාම්ස්) හි පිල්ලෙයි, තම නිෂ්පාදන මුම්බායි හි වෙළඳපලවල විකුණන්නේ නැත, ඔහු අවන්හල්, හෝටල් සහ ප්‍රජා අවකාශයන්හි අලෙවි සැල් පිහිටුවා ඇති අතර නගර පහක ස්ථාන 30 කට අධික සංඛ්‍යාවක ඒවා අලෙවි කරයි.  ඔහු මෙය කරන්නේ ගොවිපලෙන් පාරිභෝගිකයා වෙත ආහාර ගමන් කිරීම අඩු කිරීම සඳහා ය. 

    වර්ග අඩි 500 ක මූලාකෘතියක් බවට පරිවර්තනය කරමින් පිල්ලෙයි 2014 දී තමාගේම ගොවි ගමනක් ආරම්භ කළ අතර එය දැන් බොහෝ දෙනෙක් ඔහු අනුකරණය කරයි. ඔහු පිහිටුවා ඇති ගොවිපලවල් මයික්‍රොග්‍රීන්, මයික්‍රොහර්බ් සහ කොළ වර්ග නිෂ්පාදනය කරයි. 

    අපේ ගොවිපොළ නිෂ්පාදන පාරිභෝගිකයින් අසලම වගා කරන නිසා ඒවා අලෙවිය මෝටර් රථ, ශීතාගාර, අලෙවි නියෝජිතයින් සහ වෙළෙදුන් අවශ්‍ය නැත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව වගා කරන එළවළු වර්ග වෙළෙදසැල් වෙත ළඟා වීමට බොහෝ කාලයක් ගත වන අතර එම ක්‍රියාවලිය තුළ ඒවා බොහෝ වටිනා පෝෂ්‍ය පදාර්ථ නැති වී යයි. අපගේ ගොවිපොළ ක්‍රමවේදය අනුව, අස්වැන්න නෙළූ වහාම ආහාර පරිභෝජනය කරයි… එයට නැවුම් බවක් ලබා ගත හැකිය‘‘ රාහුල් ඨෝකා කියයි.g_118539_acquafarms (9) _280x210.jpgරාහුල් ධෝකා චෙන්නායි හි වර්ග අඩි 80 ක ටෙරස් terrace farm ගොවිපලක දී

    චෙන්නායි හි රාහුල් ධෝකා වර්ග අඩි 80 ක ටෙරස් ගොවිපලක් ඇති අතර ඔහුගේ හයදෙනාගේ පවුල සඳහා කැලේ, බොක් චෝයි, ඉතාලි බැසිල්, සහ මින්ට් නිෂ්පාදනය කරයි. 

    කාර්මික ජෛව තාක්‍ෂණ උපාධිධාරියෙකු වන ඔහු පසුගිය වසරේ හයිඩ්‍රොපොනික් ගොවිතැනට යොමු වීමට පෙර කාබනික ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහුට දැන් මිතුරන් හා පවුලේ අය විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් තුනක් ඇති නමුත් ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ ඔහුගේ hydroponic farming  ගොවි උපදේශනය වන ඇක්වා ෆාම්ස් වෙත ය.

    ආහාර සමඟ අත්හදා බැලීම්

    සමහර පාංශු රහිත ගොවීන්  soil-free farmers තමන්ගේම එළවළු වගා කර විකිණීමෙන් සෑහීමකට පත් නොවේ. වැඩමුළු, කට්ටල සහ පද්ධති විකිණීම සහ උපදෙස් මගින් හොඳ වචනය පතුරුවා හැරීමට ඔවුන්ට අවශ්‍යය. ගොවීන් වීමට වැඩි පිරිසක් ධෛර්යමත් කිරීම ධෝකා විශ්වාස කරයි. 

    “අපි 2016 දී ආරම්භ කිරීමෙන් පසුව, බැල්කනි සහ ටෙරස් වැනි සීමිත අවකාශයක වැඩ කළ හැකි පද්ධති තැනීමට මිනිසුන්ට උදව් කිරීම සඳහා අපට බොහෝ ඉල්ලීම් ලැබුණා,” ඔහු පවසයි. 

    ඇක්වා ෆාම්ස් විසින් රුපියල් 750 ත් 7,500 ත් අතර දැරිය හැකි මිලකට සූදානම් කළ හැකි කට්ටල අලෙවි කරන අතර ඒවාට පයිප්ප, කෝප්ප, වැඩෙන මාධ්‍ය, බීජ වර්ග හතරක්, මාස තුනක් සඳහා පෝෂ්‍ය පදාර්ථ සහ උපදෙස් අත්පොතක් ඇතුළත් වේ. 

    “අපි අස්වැන්න දෙකක් සඳහා උපදේශන ලබා දෙනවා. ගනුදෙනුකරුවන් සෑම සතියකම අපට යාවත්කාලීනයන් යවන අතර අපි උපදෙස් ලබා දී දේවල් වෙනස් කරනවා‘‘ 

    ධෝකා සහ අනෙකුත් උපදේශකයින් ද විකුණන්නේ ‘ඕනෑම කෙනෙකුට මෙය කළ හැකිය – anyone can do this’ යන අදහසයි. එම මතයට අවාසියක් විය හැකිය. 

    “අද, මිනිසුන් උපකරණ විකිණීම හා ගොවිපලවල් පිහිටුවීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන නමුත් ඒවා වර්ධනය කිරීමට ඔබට උදව් කරන්නේ නෑ. එය නවීන හා පහසුවෙන් කළ හැකි බවට පොදු වැරදි වැටහීමක් ඇති අතර ඔබ පද්ධතියක් සැකසූ පසු සෑම දෙයක්ම තමන් ගැනම බලා ගැනීමට සිදුවෙනවා. එය යහපත් නෑ. ”රාජ්කොට් පවසයි. 

    හර්බිවෝර් ෆාම්ස් ආරම්භ කරන විට, දෙදෙනාට බාහිර උපකාරයක් හෝ පළපුරුද්දක් නොතිබූ අතර, අත්හදා බැලීම් සහ වැරදි, මාර්ගගත නිබන්ධන, වීඩියෝ සහ ලිපි මගින් නොපසුබට උත්සාහයක් දැරීය. 

    හයිඩ්‍රොපොනික්ස් යනු අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක් බව ඇය විශ්වාස කරයි. එය එක් ප්‍රමාණයකට ගැළපෙන සංකල්පයක් නොවේ.

    විජය යෙල්මලේ 2016 දී නවී මුම්බායි හි විකල්ප ගොවිතැන් තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය Center for Research in Alternative Farming Technologies (Craft) ආරම්භ කළ අතර, නාගරික ගොවීන් දෙදහසකට අධික පිරිසකට හයිඩ්‍රොපොනික් හා ජලජ විද්‍යාව පිළිබඳ පුහුණුව ලබා දුන්නේය.

    දෙවැන්න මාළු ටැංකියකින් ජලය මුල්වලට පොම්ප කරන පද්ධතියකි. ඊට ඉහළින් වැඩෙන ශාක පෝෂණය වේ. යෙල්මලේ රයිගාඩ් හි අක්කර 15 ක ඉඩමක් ඇති අතර එහිදී ඔහු ජලධර හා හයිඩ්‍රොපොනික් සඳහා මූලාකෘතිකරණ ක්‍රමවේදයන් සකස් කරයි. 

    ඔහුගේ සමාගම ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලය Indian Council of Agricultural Research  (ICAR) විසින් පුර්ව ලියාපදිංචි තක්සේරු කරනු ලැබේ. පුහුණුව සති අන්තයේ සිදුවන අතර කෘෂිකර්මාන්තය, කාබනික ගොවිතැන, නිෂ්පාදන වෙළඳපොල සහ සැපයුම්කරුවන්, ජල හා ඇක්වා-පොනික්ස් සහ සරල පද්ධති ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා ඇතුළත් වේ. 

    ක්ෂේත්‍ර ප්‍රවීණයන් ඇතුළත් වන WhatsApp කණ්ඩායම් වලට පුහුණුවන්නන් පසුව එකතු කරනු ලැබේ. 

    “මෙහි පැමිණෙන නාගරිකයන් හයිඩ්‍රොපොනික් ගැන කියවා තිබේ. ඔවුන්ට හිස් ඉඩමක් හෝ නිවාස ඇති අතර ඔවුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යයි. ඔවුන් සිතන්නේ කෘෂිකර්මාන්තය ඉතා පහසු බවයි. මගේ අභිප්‍රාය වන්නේ හොඳ සහ නරක යන සියලු අංශ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ට තීරණය කිරීමට ඉඩ දීමයි. ඔවුන් ඉදිරියට ගියොත් සියයට 40 ක් පමණ මම සහයෝගය ලබා දෙනවා. මෙය අර්ධකාලීන රැකියාවක් නොවන අතර ඔබට එය වෙනත් කෙනෙකුට පැවරිය නොහැක.”

    බැරෑරුම් ගොවියා සඳහා, ඉගෙන ගැනීමට ස්ථාවර සැකිලි නොමැති අතර, බොහෝ දෙනා තමන්ගේම පර්යේෂණ හා අත්හදා බැලීම් කිරීමට කැමැත්තක් දක්වයි. 

    නෛතික ගැටළු සහ අවසරයන් ගවේෂණය නොකළ ප්‍රදේශයකි. මෙම ක්‍රමය භාවිතා කරමින් ඉන්දියානු එළවළු වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැත, මේ නිසා බොහෝ ගොවීන් ආනයනික බීජ සමඟ ‘විදේශීය එළවළු’ වගා කිරීම මගින් අවසන් කරයි. මෙම කාබන් පද්ධති ගොඩනැගීමට අවශ්‍ය බොහෝ සංරචක ආනයනය කළ යුතු අතර, අඩු කාබන් වගා ක්‍රමයක් low-carbon cultivation method වන කාබන් අඩිපාර වැඩි කරයි increasing the carbon footprint. 

    ගොවිපල සඳහා ආරම්භක ආයෝජනය තරමක් ඉහළ විය හැකිය; අක්කරයක ඉඩමක් සැකසීමේ පිරිවැය ඩොලර් ලක්ෂ 30-35 සිට ආරම්භ කළ හැකිය.

    දිල්ලිහි Triton Foodworks හි ධරව් ඛන්නා පවසන්නේ “මෙම ක්‍රමයේ ඇති එකම අවාසිය නම් එය ප්‍රාග්ධන අවශ්‍යතා ඇති බවයි. එහෙත්, ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින්, ගතානුගතික සංඛ්‍යාලේඛන අනුව ඔබට වසර තුනක් හෝ ඊට අඩු කාලයකදී පවා බිඳ දැමිය හැකියි.” 

    ඔහු සහ ඔහුගේ මිතුරන් තම නවතම ව්‍යාපාරය ආරම්භ කළේ 2014 දී දිල්ලිය අසල සයිනික් ෆාම්ස් හි වර්ග මීටර් 750 ක භූමි භාගයක ස්ට්රෝබෙරි වගා කිරීමෙනි. එතැන් සිට එය රෝලර්කෝස්ටර් සවාරියක් විය: ආයෝජකයෙකු පැමිණ ඉක්මනින් පිටත්ව ගියේය. මුල් ආරම්භකයින් සිව් දෙනාගෙන් එක් අයෙකු අතහැර දැමූ අතර, ඔවුන්ගේ පළමු හරිතාගාරය නාගරික බලධාරීන් විසින් පහතට ඇද දමනු ලැබුවේ ඔවුන් නිවසක් ඉදිකරන බව විශ්වාස කරමිනි. 

    ට්‍රයිටන් පසුව ගොවිපල නිෂ්පාදන විකිණීමෙන් ලැබෙන ආදායමට අතිරේකව පිරිවැටුම් ව්‍යාපෘති ආරම්භ කළේය. 2018 දී ඔවුන් ගුරුග්‍රම් හි එළිමහන් හයිඩ්‍රොපොනික් ගොවිපලක් ආරම්භ කළ අතර ට්‍රයිටන්ස් විසින් Chop Chop ලේබලය යටතේ එළවළු අලෙවි කළහ. 

    ඔවුන් දේශීය ද්‍රව්‍ය භාවිතා කරමින්, ඒවායේ විදුලි පහන්, නැවතුම් සහ පද්ධති අභිරුචිකරණය කිරීමෙන් පිරිවැය අඩු කරයි; ඔවුන් ආනයනය කරන්නේ හරිතාගාර සඳහා සිසිලන පද්ධති පමණි. 

    “වසර හතරක් තුළ අපගේ තාක්ෂණය උපයෝගී කරගනිමින් ජලය ලීටර් බිලියන 2.5 කට වඩා ඉතිරි කර තිබෙනවා” යැයි ඛන්නා පවසයි. සාම්ප්‍රදායික ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රදේශයෙන් අටෙන් එකක් පමණ අපගේ සිරස් ක්‍රම මගින් ආහාර වගා කෙරේ. ” 

    ටෙරා ෆාම්ස්, ලිනේෂ් පිල්ලෙයි විසින් මුම්බායි හි මනෝරි හි පසුගිය වසරේ ආරම්භ කරන ලදී

    විශාල පින්තූරය

    හයිඩ්‍රොපොනික්ස් ප්‍රයෝජනවත් වන්නේ පළිබෝධ නාශක රහිත, නැවුම් නිෂ්පාදන අනුභව කරන පාරිභෝගිකයාට පමණක් නොව, කාලගුණය, ස්වාභාවික ජල මට්ටම සහ පාංශු දූෂණය මත යැපෙන්නේ නැති ගොවීන්ට ය. 

    “දේශගුණික විපර්යාස ආහාර නිෂ්පාදනයට විශාල අභියෝගයක්” යැයි නායික් පවසයි. පාලිත පරිසරවල සහ හරිතාගාරවල ආරක්ෂාව තුළ හයිඩ්‍රොපොනික් පැවැත්විය හැකිය. 

    රාජ්කොට්වල සහ ලුවිස් විශ්වාස කරන්නේ මෙම තිරසාර ගොවිතැනට රටේ කෘෂිකාර්මික අංශය වෙනසක් කළ හැකි බවයි. 

    හර්බිවෝර් ෆාම්ස් හයිඩ්‍රොපොනික් මගින් දේශීය ඉන්දියානු නිෂ්පාදන වගා කරන්නේ කෙසේද සහ ඔවුන්ගේ වර්තමාන නිෂ්පාදන ජනතාවට අදාළ කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමට හෝ “පලක් පනීර් සෑදීමට ස්විස් චාර්ඩ් භාවිතා කරන ආකාරය ජනතාවට උගන්වයි”. 

    මේ අතර, වෙනස සිදු කිරීම සඳහා පිල්ලෙයි නගරය, ප්‍රජාව සහ පුද්ගලයා මත වගකීම පැවරේ. වසරකට වර්ග අඩි 1,000 ක් වැනි සුළු ප්‍රමාණයක් තුළ මසකට කිලෝග්‍රෑම් 100ක් තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. නිවසක සාමාන්‍ය කවුළුවකට සෑම සතියකම කිලෝග්‍රෑම් 1ක් පමණ නිපදවිය හැකිය. 

    ‘සෑම නිවසකටම එතරම් වර්ධනය විය හැකි නම් අපට අත් කරගත හැකි දේ ගැන සිතා බලන්න. ”

    2021 මාර්තු මස 06 වැනි දින Indian Forbes ඇසුරිණි – සකස් කළේ – තුෂාර වල්ගම

  • මුහුදට ඉහළින් ‘පාවෙන නැවක්’ ?

    මුහුදට ඉහළින් ‘පාවෙන නැවක්’ ?

    මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්.

    නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි.

    කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.

    බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට මේ “අති සුවිශේෂී මිරිඟුව” හටගන්නේ “ආලෝකයේ නැම්මක් ඇති කරන විශේෂ වූ වායුගෝලීය තත්ත්ව” හේතුවෙන් බවටයි.

    ආර්ක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී “ඉතා දුර්ලභ” ලෙස දැකිය හැකි බවයි.

    ‘ගිලන්’ නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී මුහුද දෙසට දෑස් යොමා සිටින අතරේ මෙම ඡායාරූපය ගැනීමෙන් පසු තමන් මහත් විමතියකට පත් වූ බව ඩේවිඩ් මොරිස් සඳහන් කළා.

    මේ අතර ඩේවිඩ් බ්‍රේන් කියා සිටින්නේ, “සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් නිසා මේ අති සුවිශේෂ මිරිඟු ඇතිවනවා” යනුවෙනුයි.

    “උණුසුම් වාතයට වඩා සිසිල් වාතය ඝනවීම හේතුවෙන් එයින්, භූමියේ හෝ වෙරළේ සිටගෙන ඉන්න කෙනෙකුගේ දෑස වෙත ආලෝකයේ නැම්මක් ඇති කරන්නේ වස්තුවක් පෙනෙන දුරස්ථභාවයේ වෙනසක් කරමින්” යැයි මේ අතර ඩේවිඩ් බ්‍රේන් පැහැදිලි කළා.

    පාවෙන නැවක්

    ඔහු තවදුරටත් මේ තත්ත්වය පැහැදිලි කළේ, “අති සුවිශේෂ මිරිඟු, ආකාර කිහිපයක සේයා මවනවා. මෙහිදී දකින්නට ලැබුනේ ඈතින් ඇති නැවක් එහි සැබෑ ස්ථානයට වඩා ඉහළින් පාවෙන ස්වභාවයක්. නමුත් සමහර විටෙක ක්ෂිතිජයට පහළින් ඇති වස්තුවක් පෙනෙන්නටත් ලැබේවි.” යනුවෙන්.

    Text by – bbc

  • සමාජ අසාධාරණයට එරෙහිව ‘සමාජ මාධ්‍ය භාවිතා කරන’ බොලිවුඩ් තරු

    සමාජ අසාධාරණයට එරෙහිව ‘සමාජ මාධ්‍ය භාවිතා කරන’ බොලිවුඩ් තරු

    ඔබත් නිරන්තරයෙන් සමාජමාධ්‍ය භාවිතා කරන බවට සැකයක් නැහැ. ඔබ ඒවා මගින් කරන්නේ මොනවාද ? කියා කල්පනා කරන්න කැමති ද ? ‘ඔව්‘ නම් ඒ ගැන කල්පනා කරන ගමන් අපි තවත් ගමනක් යමු. ඒ තමයි අපි වඩාත් කැමති සුන්දර බොලිවුඩය වෙත.

    ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා බොලිවුඩ් සුපිරි තරු සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද ? නැතිනම් කාලයක් ගෙන මේ අපූරු ලිපිය කියවන්න.

    සමාජමාධ්‍ය මගින් වඩාත් ප්‍රයෝජන ගන්නා අය අතර ඉහළින්ම සිටින්නේ ‘සුපිරි තරු‘ ඔවුන් සිනමාව, සංගීතය හෝ ක්‍රීඩකයින් විය හැකියි. ඒත් ඔවුන් සමාජමාධ්‍යවලත් සුපිිරි තරු බව අප අමතක නොකළ යුතුයි.

    මේ ගැන ප්‍රවීණ බොලිවුඩ් විචාරක ආකාෂ් නිහාලානි පසුගිය දා අපූරු හෙළිදරව්වක් කළා. ඔහු මෙසේ ලියනවා.

    ‘සමාජ මාධ්‍යවල නැගීමට ඔවුන් වඩ වඩාත් ස්තූතිවන්ත වන අතර බොලිවුඩ් තරු ඔවුන්ගේ රසිකයන් සමඟ සම්බන්ධ වීම වෙන කවරදාටත් වඩා මෙනිසා පහසු වී ඇත.  අපගේ තරු එය ඔවුන්ගේ ජනප්‍රියතාවය වැඩි කිරීම සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස හඳුනාගෙන තිබේ. 

    සමාජ මාධ්‍ය ඔවුන්ගේ චිත්‍රපට සහ සිදුවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සංඛ්‍යාත්මක වේදිකාවක් ලෙස ඉස්මතු වී ඇති අතර සමහර තරු එය යහපත්කම ව්‍යාප්ත කිරීමේ මෙවලමක් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන් එය භාවිතා කර ඇත්තේ සමාජ හේතූන් ප්‍රවර්ධනය කිරීමට, සමාජයේ වර්ධනය වන අදාළ ගැටළු ගැන කතා කිරීමට සහ මෙම අඳුරු කාලවලදී ධනාත්මක බව වැඩි කිරීමට ය. පරාර්ථකාමී හේතූන් මත අප නිසැකවම සමාජ මාධ්‍යවල බලය අගය කළ යුතුය.

    ප්‍රියංකා චොප්රා – කුඩා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිටී. ඇය තම වැඩපිළිවෙළ ගැන මෙසේ පැවසුවාය.

    ‘‘COVID-19 වසංගතය යනු ලොව පුරා විනාශයට හේතු වූ දෙයක්. මූල්‍ය මන්දගාමිත්වය සෑම රටකම සුලභව දක්නට ලැබෙන අතර, විශේෂයෙන් කුඩා ව්‍යාපාර හිමි කාන්තාවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා. මේ වගේ දුෂ්කර කාලවලදී සටන් කිරීමට ඔවුන්ට මූල්‍යමය හැකියාවක් නැහැ‘‘

    ඉන්දියාව පුරා ව්‍යාප්ත වී සිටින කුඩා ව්‍යවසායිකාවන්ගේ දුෂ්කර  තත්ත්වය මනසේ තබා ගනිමින් සුපිරි තරුවක් වන ප්‍රියංකා චොප්රා ඔවුන්ට උදව් කිරීම සඳහා ඇයගේ උපරිමය කිරීමට තීරණය කළාය. 

    වසංගතයේ උදහසට එරෙහිව සටන් කරන ඉන්දියාවේ මෙන්ම එක්සත් ජනපදයෙන් කුඩා ව්‍යාපාර ආරම්භ කරන කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා තම සමාජ මාධ්‍ය පිටුව භාවිතා කරන බව ප්‍රියංකා නිවේදනය කළාය. 

    ඇය මෙම ප්‍රකාශය කළේ තම ගිණුමේ වීඩියෝවක් සහ ප්‍රකාශයක් සමඟිනි.

    ලොව පුරා සිටින පුද්ගලයින් මෙම වසංගතයෙන් ඇදහිය නොහැකි තරම් පීඩාවට පත්ව ඇති බව අපි කවුරුත් දනිමු. මෙම ව්‍යාපාර වසා දැමීම හෝ විශ්වාසවන්ත, වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් ඉවත් කරනු දැකීමෙන් මගේ හදවත සැබවින්ම බිඳී යයි. ඒ නිසා, මට සැබවින්ම අවශ්‍ය වන්නේ අප සැමට සහයෝගය දැක්විය හැකි කාන්තා ව්‍යාපාර ආරක්ෂා කර දීමත්, ඔවුන්ගේ ශක්තිය නැවත ලබා ගැනීමට සහාය දීමත්ය ”

    මේ දක්වා ප්‍රියංකා විලාසිතා ලේබල්වල සිට ග්‍රාමීය හස්ත කර්මාන්ත සමාගම් දක්වා විවිධ ව්‍යාපාර සඳහා සිය මූල්‍ය දායකත්වය සහ ව්‍යාපාරික සම්බන්ධතා මත සහන ලබාදී තිබෙ.

    කාර්තික් ආර්යන් – සැබෑ ජීවිත වීරයන් සොයා යෑම

    වසංගතය අතරතුර, කාරණා වල ධනාත්මක පැත්ත කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ එක් නළුවෙකු වූයේ කාර්තික් ආර්යන් ය. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම හාස්‍යජනක මතක සටහන් කිහිපයකින් සහ කොරොන වයිරස් රැප් එකකින් පිරී තිබූ අතර එය මිනිසුන්ගේ මුහුණු වලට සිනහවක් ගෙන ආවේය. 

    මේ හැරුණු විට ඔහු සිය යූ ටියුබ් නාලිකාව වන කොකි පූචෙගා සඳහා නව ලිපි මාලාවක් ඉදිරිපත් කළේය. මෙම ලිපි මාලාවේදී, කාර්තික් COVID-19 හි සැබෑ ජීවිත වීරයන් සමඟ කතාබස් කළ අතර, වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන්, සමාජ සේවකයින් සහ මාරාන්තික වෛරසයෙන් සටන් කොට දිවි ගලවා ගත් පුද්ගලයන් ද ඇතුළුව පුද්ගලයින් රැසක් ඔහුගේ ලිපිවලින් හදුන්වා දුන්නේය.

    එපමණක් නොවේ, ඔහුගේ දැවැන්ත ජනප්‍රියතාවයට ස්තූතිවන්ත වන පරිදි කොරොන වයිරස් පිළිබඳ පොදු ජනතාව අතර දැනුවත්භාවය වැඩි කළේය. සංවාදය පෙරළීම සඳහා ඔහු දන්නා හඳුනන හාස්‍යයක් එක් කිරීමට ද නළුවා සමත් විය.

    දීපිකා පදුකෝන් – මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීම

    දීපිකා පදුකෝන් යනු මානසික අවපීඩනය සමඟ ඇයගේ සටන ගැන විවෘතව කතා කිරීමට ධෛර්යය ලැබූ නිළියකි. මානසික අවපීඩනයේ තත්වය බොහෝ විට ‘නිරන්තරයෙන් දුක්ඛිත’ කෙනෙකු ලෙස සලකනු ලැබේ.

    නමුත් ගැටලුව ඊට වඩා විශාලය. මානසික ගැටළු වලට මුහුණ දෙන අය කෙරෙහි අපගේ සංවේදනය නොමැතිකම නිසා ඔවුන් තව දුරටත් කූඩාරමකට යාමට බල කරන අතර ඔවුන්ගේ තත්වය පිළිබඳව කිසි විටෙකත් විවෘත නොවනු ඇත. 

    මෙම සටන තනිවම කර ඇති දීපිකා සිය සමාජ මාධ්‍ය පිටුව හරහා තම හැඟීම් ගැන කතා කිරීමට ජනතාව දිරිමත් කිරීමට උත්සාහ කර තිබේ. 

    සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ දීපිකා පදුකෝන් විසින් ‘ගයිඩ්ස්‘ නමින් වෙනම අංශයක් නිර්මාණය කරන ලද අතර එය මූලික වශයෙන් ඇගේම ගිණුමෙන් පළ වූ ලිපි මාලාවකින් සම්පාදනය කරන ලද්දකි. මේ තුළින් දීපිකා දුර්වල මානසික සෞඛ්‍යයෙන් පෙළෙන අයට භාවනා කිරීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාකාරකම් කිරීමට උනන්දු කරයි.

    මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ට තමන් ගැන පහත් හැඟීමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දීපිකා “#NotAshamed” නම් හැෂ් ටැගය ආරම්භ කළාය

    ඩියා මිර්සා – පරිසරය රැකබලා ගැනීම

    ඩියා මිර්සා ඉන්දියාව පුරා ක්‍රියාත්මක වැදගත් පාරිසරික ව්‍යාපාර කිහිපයකම නායකත්වය ගෙන ඇති අතර පරිසරය වෙනුවෙන් ස්ථාවරයක් ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සැමවිටම සිය මතය ප්‍රකාශ කළ අයෙකි. 

    ඇයගේ වැඩවලින් පෙනී ගියේ ඇය ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ පරිසර හිතකාමී තානාපති ලෙස පත් කරන බවයි. 

    අගුලු දැමීමේදී ඩියා ඩවුන් ටු අර්ත් විත් ඩී නමින් ඇගේම වෙබ් මාලාවක් ආරම්භ කළාය. ඇයගේ පළමු කථාංගයේ දී ඇය රෙහානා හයි ටෙරේ දිල් මෙයින් සම-රංගන ශිල්පී ආර්. මාධවන් සමඟ කතාබස් කළාය. 

    ආලියා භට් – සතුන් කෙරෙහි සංවේදනය පැතිරවීම

    ආලියා භට් යනු බොලිවුඩ් රසිකයින් වඩාත්ම ආදරය කරන නිළියකි. මෙම ආදරය ඇය තිරය මත ලබා දෙන දීප්තියට පමණක් නොව ඇගේ කරුණාවන්ත හදවත සඳහා ද වේ. 

    ආලියාට සතුන් කෙරෙහි ගැඹුරු අනුකම්පාවක් ඇති අතර සතුන්ගේ සහ පරිසරයේ සුභසාධනය සඳහා දරන උත්සාහයන් ඉස්මතු කරන ‘සහජීවනය’ යන සමාජ මාධ්‍ය පිටුවක් පවා ඇය විසින් ආරම්භ කළාය. 

    ‘‘සෑම සුරතල් සතුන්ගේ හිමිකරුවෙක්ම දීපවාලි වැනි උත්සව දිනවලදී ඔවුන්ගේ කුඩා මිතුරන්ට නිවසේදී ගෙන එන භීෂණය ගැන දැන සිටිය යුතුය. විශේෂයෙන් නාගරික ශබ්ද දූෂණය මෙම සුරතල් සතුන්ගේ සංවේදී ශ්‍රවණයට දැඩි ලෙස බලපායි‘‘ ඇය කියයි.

    මෙම තත්වය මනසේ තබා ගනිමින් ආලියා භට් විසින් #PoochOverPataka ව්‍යාපාරය ආරම්භ කළ වීඩියෝවක් බෙදාහදා ගන්නා ලදී. සමාජ මාධ්‍යවල ආලියාගේ ජනප්‍රියතාවය මෙම ව්‍යාපාරය පිටුපස ඇති කාරුණික චින්තනය සමඟ සම්බන්ධ වී එය ක්ෂණික පහරක් බවට පත් කළේය. 

    සොනාක්ෂි සිංහ – සයිබර් හිරිහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම

    ප්‍රවෘත්ති, විනෝදාස්වාදය සඳහා අපගේ මූලාශ්‍රය වූයේ සමාජ මාධ්‍යය වන අතර අගුලු දැමීමේ කාලය තුළ එය ලෝකය සමඟ සම්බන්ධව සිටීමට ඇති එකම ක්‍රමය බවට පත්විය. කෙසේ වෙතත්, මෙය අන්තර්ජාලය තුළ ඍණාත්මක බව පැතිරවීමට ද හේතු විය. 

    ඇත්ත වශයෙන්ම, සොනාක්ෂි සිංහ ට්‍රෝලර්වලින් කොතරම් වෙහෙසට පත් වූවාද කිවහොත් ඇය ට්විටර් එකෙන් ඉවත් වූවාය. පසුව ඇය සිය ගිණුම මකා දැමීමට වඩා බොහෝ දේ කිරීමට තීරණය කළාය. සයිබර් හිරිහැර කිරීම නැවැත්වීමේ අරමුණින් ඇය ‘අබ් බාස්‘ නමින් ව්‍යාපාරයක් දියත් කළාය. 

    ඇය මහාරාෂ්ට්‍ර පොලිසියේ විශේෂ පොලිස්පති ප්‍රතාප් දීව්ව්කාර් සමඟ එක්වී මෙහෙයුම ආරම්භ කළේ මිෂන් ජොෂ් සංවිධානයේ සහායෙනි. කිසිදු ප්‍රතිවිපාකයකට බිය නොවී ට්‍රෝලර් අනෙක් අය, විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ව්‍යාපාරය අවධානය යොමු කළේය. 

    උද්ඝෝෂණය අතරතුර, සොනාක්ෂි සිංහ ඔවුන්ගේ ක්ෂේත්‍රයේ විශාල පිළිගැනීමක් ඇති කාන්තාවන් සමඟ මාර්ගගත සාකච්ඡා කිහිපයකට සහභාගී වූවාය. 

    ‘‘අන්තර්ජාල හිරිහැරවලට ලක්ව සිටින මට හැකි තරම් පිරිසකට උපකාර කිරීම සඳහා මෙවැනි ව්‍යාපාරයක කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි.  මම මෙම පියවර ගත්තේ වැරදිකරුවන් වාර්තා කිරීම සඳහා වන අතර අනෙක් අය පවා එසේ කිරීමට ධෛර්යය ලබා ගනී. අබ් බාස්, අපට හෝ වෙනත් අයට සබැඳි අපයෝජනයන් නැරඹීමට අපි ඉඩ නොදෙමු‘‘

    සමාජ මාධ්‍ය භාවිතා කරන තරු

    ෆ්ල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි

    කොදෙව් පිලට එරෙහි ‘ටෙස්ට් සටනට’ පැතුම් නිස්සංකවත් නම් කරයි

    විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකේදී ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ලකුණු ලබා ගැනීමට සමත්වූවේ විස්සයි-20 තරග අංශයටද වඩාත් සුදුසු බව පෙන්වා දෙමිනි.

    කෙසේ වෙතත් නම් කරන ලද ටෙස්ට් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාද එක්ව සිටියි. ඉකුත් දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජයට මේ දක්වා පැවැති සියලුම ජාත්‍යන්තර තරග වලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව ධනංජය ද සිල්වාට අමතරව ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු අද අළුයම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියහ.

    මෙම ක්‍රීඩකයන් 5 දෙනා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එක්වන අතරතුරදී එක්දින සහ විස්සයි-20 තරග සඳහා පිටත්ව ගිය ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ ඩිල්ෂාන් මදුශංක එක්දින තරගාවලිය අහවර වීමත් සමඟ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටිති.  

    ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්.