Author: Editor

  • ජනපතිවරණය කල්දැමීම:  ජනපතිගේ නිල ස්ථාවරය මෙන්න

    ජනපතිවරණය කල්දැමීම: ජනපතිගේ නිල ස්ථාවරය මෙන්න

    2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (04) දින නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

    අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

    පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

    තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි.CKM

  • විල්පත්තුව යළි බිහිසුණු අනතුරක – සම්පූර්ණ කතාව මෙන්න !

    විල්පත්තුව යළි බිහිසුණු අනතුරක – සම්පූර්ණ කතාව මෙන්න !

    ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වේ. එම සැලැසුම මේ වන විට ඉතා සූක්ෂම ව සකස් කර ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ, සිල්වත් සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ විහාරගල විජයකිත්ති හිමි, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය, කේ. කාදර් මස්තාන් ඇතුළු පිරිසකි.  

    මේ වන විට ඔවුන් ගේ සැලැසුම වී ඇත්තේ 2010 වසරේ දී නාවික හමුදාව විසින් නීති විරෝධී ව බලහත්කාරයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් කිලෝමීටර 35 ක් විහිදෙන පරිදි සකස් කළ නමුත් අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ මාර්ගය විවෘත කර ගැනීම සඳහා බලපෑම් කිරීම ය. ඒ සඳහා ජූලි මස 07 වන ඉරිදා පුද්ගලයන් 300 ක ගෙන් පමණ සමන්විත පිරිසක් ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වී තහනම් කළ මාර්ගය භාවිත කිරීමට සූදානම් වේ.

    අධිකරණය විසින් විල්පත්තුව හරහා අලුතින් ඉදි කරන ලද මාර්ගය භාවිත කිරීම තහනම් කර ඇත්තේ නීති විරෝධී ව ඉදි කරන ලද මාර්ගයක් වීම හා ඒ තුළින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැවැත්මට හානි කර බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරමිනි. මෙම අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්, අධිකරණය හෑල්ලුවට ලක් කරමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් මෙම කණ්ඩායම් විසින් අයුතු ලෙස ජනතාව ඒකරාශී කරමින් සිදු කිරීමට නියමිත මෙම නීති විරෝධී ක්‍රියාව තුළින් නැවත වරක් රට තුළ ජාතිවාදී අරගල ඇති වීමේ අවධානමක් උද්ගත විය හැකි ය.

    විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් මරිච්චික්කඩ්ඩි, කරඩික්කලි හා මොල්ලිකුලම් නම් ගම්මානවල පාරම්පරික ව බුක්තිවිදි ජනාවාස, වගා බිම් හා වැව් බලහත්කාරයෙන් අත්පත් කර ගෙත කඳවුරු හා හෝටල් පවත්වාගෙන යාම නිසා එම ගම්මානවල ජනතාව අවතැන් ව සිටී. මෙය පදනම් කර ගෙන රිශාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය නැතහොත් වර්තමානයේ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය විනාශ කර ජනතාව පදිංචි කිරීම සිදු කෙරින. නමුත් නාවික හමුදාව විසින් අවතැන් කළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වනාන්තර පද්ධති විනාශ කිරීම නතර කර එම ජනතාව ගේ පාරම්පරික භූමිය නැවත එම ජනතාවට ලබා දීමට බලපෑම් නොකර මේ ආකාරයෙන් වනෝද්‍යානයට හානි කර බලපෑම් ඇති වන නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට වගකිවයුතු දේශපාලඥයන් කටයුතු කිරීම ඉතා ම ගැටළු සහගත ය. එයින් පෙනී යන්නේ ඔවුන් ගේ උත්සාහය වී ඇත්තේ අයිතිවාසිකම් අහිමි වූ ජනතාව ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නොව ජාතිවාදී අරගලයක් රට තුළ ඇති කිරීම මෙන් ම ලංකාවේ පැරණිත ම හා සුවිශේෂී ම ජාතික වනෝද්‍යානයක් හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීම ය.

    විල්පත්තු ජාතික වනෝද්‍යානය වටා ප්‍රදේශයේ වර්තමානයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් හා මහ පරිමාණ වාණිජ වගා ව්‍යාපෘති හේතුවෙන් දැඩි තර්ජනයකට ලක් ව තිබේ. ඒ අතුරෙන් ප්‍රධාන වන්නේ පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය හා අවුරා ලංකා සමාගමේ කෝමාරිකා වගා ව්‍යාපෘතියයි. මීට අමතර ව ජාතික භෞතික සැලැස්මට අනුව මන්නාරම කර්මාන්ත පුරය ඉදි කිරීම හා කල්පිටියේ සිට කිලිනොච්චිය දක්වා වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ව්‍යාපෘතිය නිසා ද මෙම වනෝද්‍යානය අවධානමට ලක් ව තිබේ. මෙම ව්‍යාපෘති හා සමගාමී ව විල්පත්තු වනෝද්‍යානය තුළින් මාර්ගය සකස් කිරීම හා එය විවෘත කර ගැනීමට දරන උත්සාහය අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගැනීම ද ඉතා ම වැදගත් වේ. මේ ආකාරයෙන් බලයට පත් වන ආණ්ඩු විසින් උත්සාහ දරන්නේ ද වත්මන් හා අනාගත පරපුරේ රැකවරණය සඳහා ප්‍රකාශයට පත් කර ඇති මෙම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවට අධිකරණ නියෝග හා අණ පනත් උල්ලංඝනය කරමින් හෝ මෙම රක්ෂිතවල ඉඩම්, සංවර්ධන හෝ ආයෝජන ක්‍රියාවලීන් හෝ ඒ සඳහා වන යටිතල පහසුකම් සැපයීම සඳහා හෝ යොදා ගැනීමට ය. ඒ සඳහා බලයේ සිටින ආණ්ඩුව විවිධ අවස්ථාවල විවිධ දේශපාලඥයන් හා විවිධ සංවිධාන සම්බන්ධ කර ගෙන උත්සාහ දරනු ලැබේ.

    විල්පත්තුවේ නීති විරෝධී මාර්ග ඉදි කිරීමේ ඉතිහාසය

    ඈත අතීතයේ සිට ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳ ව දෙස් විදෙස් සංරක්ෂණවේදීන්, සිංහරාජ අඩවිය මෙන් ම මහත් අභිමානයකින් යුතු ව කතා කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ලාංකීය ඉතිහාසයේ අක්මුල් සැඟවගත්, වන ජීවීන්ගෙන් පරිපූර්ණ වියළි කලාපීය පරිසර පද්ධති සංකීර්ණයක් වූ නිසා ය. වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුරන් වීමත් සමඟ ම මෙම වනෝද්‍යානය තව දුරටත් දෙස් විදෙස් වන සත්ත්ව ලෝලීන් ගේ අවදානයට යොමු වනු ඇතැයි අප විශ්වාස කළෙමු. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යැයි සඳහන් කරමින් 2010 වසරේ දී විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වනාන්තර, විල්ලු හා පුරාවස්තු පිරි භූමි ප්‍රදේශ ගොඩ කරමින් හා කැණීම් කරමින් මාර්ග දෙකක් ඉදි කෙරින. මෙම මාර්ග දෙක ම ඉදි කෙරුනේ පරිසර නීති උල්ලංගනය කරමින් නාවික හමුදාව විසිනි. ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙනි. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පරිසර නීති, රාජ්‍ය අංශය විසින් ම මෙලෙස අමු අමුවේ උල්ලංගනය කරද්දී වනජීවීන්ට සිදු වූයේ  අසරණව බලා සිටීම පමණි. එවකට පැවති ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිසක ගේ අවශ්‍යතාව මත නාවික හමුදාවෙන් සිදු කළ නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ව විල්පත්තු වනාන්තර පද්ධතියට බලපෑම් එල්ල වන නීති විරෝධී ක්‍රියා අඛණ්ඩ ව වර්ධනය විය. වර්තමානයේ නීති විරෝධී ව භාවිත කිරීමට ඉල්ලීම් කරන්නේ ද නාවික හමුදාව විසින් ඉදි කළ මෙම නීති විරෝධී මාර්ග යයි.

    පාලන් තුනකින් සමන්විත ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා ඉදි කළ, සාවද්‍ය ලෙස පරණ මන්නාරම මාර්ගය යැයි සඳහන් කළ මාර්ගයේ දිග වනෝද්‍යානය තුළ දී පමණක් කිලෝමීටර 35 කි. මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භවන අතර උප්පුආරු (මෝදරගම් ආරු), පූකුලම් ප්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලු, පෙරිය විල්ලු, සින්න ඔප්පුවිල්ලු, මොල්ලිකුලම, මයිල විල්ලු, කාලි විල්ලු, පූකුලම් හරහා මෝදරගම්ආරු දක්වා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය ඉදි කර ඇත. මෙම මාර්ගයේ සිට වනාන්තරය තුළට තවත් මාර්ග ජාලයක් ඉදි කර තිබුණි. මේ සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලු ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර තිබේ. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලු පරිසර වල විශාලවල වල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම ද සිදු කෙරින. පූකුලම් ප්‍රදේශයේ ජාතික වනෝද්‍යානය තුළ අක්කර 8 කට වඩා වැඩි ප්‍රදේශයක වනාන්තර එළි කර පස් කඳු කපා, විශාල වලවල් හාරා මාර්ගය ඉදිකිරීමට පස් ලබා ගැනුනි. මෙම ප්‍රදේශයේ කොටියා හෙවත් දිවියන් ගැවසුණු බවට සාධක පවා අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. පස් ලබා ගැනීමට කැණීම් කළ මෙම විශාල වලවල් අලි – ඇතුන් ගේ මර උගුල් බවට පත් විය.

    සාවද්‍ය ලෙස පරණ මාර්ගය හා අලුත් මාර්ගය එකක් යැයි සඳහන් කිරීම

    අලුතින් ඉදි කළ මෙම මාර්ගය සමහරුන් හඳුන්වන්නේ පරණ මන්නාරම මාර්ගය ලෙස ය. තවත් අවස්ථාවක A32 මාර්ගය ලෙස ද හැඳින් විය. 2010 හා 2011 වසරවල දී මෙම මාර්ගයේ තැනින් තැන B379 මාර්ගය ලෙස සඳහන් කළ පුවරු දක්නට ලැබුණි. නමුත් මේ සියල්ල සාවද්‍ය ය. පරණ මන්නාරම මාර්ගය ලෙස ඈත ඉතිහාසයේ දී සඳහන් වූ කරත්ත පාරක් විල්පත්තුව හරහා විහි දී තිබී ඇත. නමුත් මෙම මාර්ගය බොහෝ කලක සිට පොදු ජනතාව ගේ භාවිතයෙන් ඉවත් වී ඇති අතර එය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන විට ජාතික වනෝද්‍යානයට අයත් ව තිබේ. නමුත් මෙම මාර්ගය බහුල ව ජනතාව විසින් භාවිතයට ගත් මාර්ගයක් ලෙස පැවත නැත. ඊට හේතුව මෙම කරත්ත මාර්ගය කිලෝමීටර 40 ක් පමණ වනාන්තරය තුළින් ව්‍යාප්ත ව පැවතීමයි. ඉතිහාසගත කරුණු විශ්ලේෂණාත්මක ව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගය ඈත ඉතිහාසය තුළ ඉදහිට භාවිතයට ගෙන  ඇති බවකි. නමුත් දැනට අළුතින් ඉදි කර ඇත්තේ මේ මාර්ගය ලෙස සාවද්‍යව සඳහන් කරමින් වෙනත් අළුත් ම මාර්ගයකි. මෙම මාර්ගය පිළිබඳ ව නිවැරදි තතු මාර්ග සංවර්ධන අධිකාරියේ ද සඳහන් ව නොමැත. එසේ තිබිය දී වැරදි කරුණු ගෙනහැර දක්වමින් අන්තවාදී පිරිස් ඉදිරි යටි අරමුණකින් යුතු ව විල්පත්තුව දෙකඩ කරමින්, වනජීවී වාසස්ථාන වනසමින් මෙම මාර්ගය ඉදි කිරීම සාධාරනීකරණය කෙරිනි.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා පුරාවස්තු වනසමින් පරිසර නීති උල්ලංගනය කරමින් සිදු කළ නව මාර්ග ඉදි කිරීම් කටයුතු එතෙකින් නතර නොවුනි. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරම සිට පුත්තලම දක්වා සම්බන්ධතාවය ඇති කිරීමට තවත් අළුතින් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ විය. මෙම මාර්ගය හා මුහුදු වෙරළ අතර කලාපය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට  සුදානම් විය. ඒ සඳහා සියලු සැලසුම් සකස් කර අවසන් ව තිබුණි. ඒ වන විට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇරඹීමට ආයෝජකයන්ට ද ආරාධනා කර තිබුණි. ඒ අනුව හොර රහසේ මාර්ග ඉදි කරනු ලැබුවා සේම සංචාරක හෝටල් ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට සූදානම් විය.

    වෙරළබඩ මාර්ගය ඉදි කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරයේ ව්‍යාප්ත ව ඇති වැලි කඳු, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප්‍රදේශ ඩෝසර් යන්ත්‍ර මගින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබුණි. කිලෝමීටර 40 ක් පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මෙම වෙරළබඩ මාර්ගය සැකසීමට මීටර 70 කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක් විනාශ කෙරින. විජය රජු ගොඩබට තම්බපණ්ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප්‍රදේශ මෙම දැවැන්ත මාර්ගය ඉදි කිරීම සඳහා ඩෝසර් යන්ත්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුණි. මේ හේතුවෙන් සිදු වන දැවැන්ත විනාශය අවබෝධ කර නොගත් පුද්ගලයන් පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීමට කෙටි ම මාර්ගය ලෙසත් සංචාරක කර්මාන්තය වෙරළ තීරයේ ව්‍යාප්ත කිරීම සඳහාත් වන ඉදිරි දැක්මකින් යුක්තව මෙය සාධාරනීකරණය කෙරින. ඊනියා සංවර්ධනයේ නාමයෙන් මෙසේ සාධාරනීකරණය කරන්නේ ලෝකයේ දියුණු ශිෂ්ඨාචාරයක අක්මුල් ජගත් ප්‍රජාව වෙත ගෙන යාමට ඇති එක ම සාධක සහිත භූමියක් බව ඔවුන් අවබෝධ කර ගෙන නොතිබුණි.

    2010 වසරේ දී ආරම්භ කළ විල්පත්තු වන විනාශය හා නීති විරෝධී ක්‍රියා මින් නොනැවතුනි. 2014 වසරේ දී වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කළ මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් හා කිලෝමීටර 5 ක පමණ පළලින් යුත් විශාල වනාන්තර ප්‍රදේශයක් නාවික හමුදාව විසින් කම්බි කණු යොදා වෙන් කෙරින. ඊට අමතර ව ඒ හා සම්බන්ධ ව පවතින ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි අක්කර 1000 කට වැඩි විශාලත්වයකින් යුත් වනාන්තර ප්‍රදේශයක් වෙරළ සීමාව ද ඇතුළත්වන පරිදි වෙන් කර තිබූ භූමියට අයත් විය. මේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශය ආවරණය වන ලෙස පස් බැම්මක් ඉදි කර එම භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරින. මෙම ප්‍රදේශය බහුල වශයෙන් අලි ගැවසුම් ප්‍රදේශයකි. මෙම වෙන් කළ වනාන්තරය කොටස්වලට බෙදී වෙන් වන ආකාරයට මාර්ග ජාලයක් සකස් කර තිබුණි. මෙම මාර්ග පද්ධතියේ සම්පූර්ණ දිග කිලෝමීටර 3 ක් පමණ වූ අතර පළල මීටර 10 – 15 අතර විය. එම සම්පූර්ණ ප්‍රදේශයේ ම වනාන්තර, ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් එළි කර තිබුණි. තවත් ස්ථානයක අක්කර 3 ක පමණ වනාන්තරය ප්‍රදේශයක් පස් ලබා ගැනීම සඳහා එළි පෙහෙළි කර කැණීම් කෙරින. මෙම ප්‍රදේශයේ ජීවත් වූ නිජබිම් අහිමි වූ අලි – ඇතුන් සකස් කළ මාර්ග දිගේ ගමන් කර ඇති බවට සළකුණු ප්‍රදේශය පුරා ම දැක ගත හැකි විය. මෙම නීති විරෝධී ක්‍රියා එම කාල වකවානුවේ අනාවරණය කිරීමත් සමඟ නතර කිරීමට හැකි විය.

    වනාන්තර කුට්ටි වීම හා මාර්ග අනතුරු හේතුවෙන් වන සතුන් දැඩි තර්ජනයක

    නීති විරෝධී මාර්ග සකස් කිරීම සඳහා අක්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලුමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය. එපමණක් නොව වනෝද්‍යානය කොටස් වලට වෙන් වන ලෙස සකස් කළ මාර්ග හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසේ වනජීවී වාසස්ථාන සම්පූර්ණයෙන් ම කුට්ටිකරණය වූහ. ඉන් සිදු වූ ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවුනි. 2010 වසරේ ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම වාහන ගමනා ගමනය ඉතා අධික විය. ඒ දේශීය සංචාරකයන් ගේ පැමිණීම නිසා ය. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වීම සිදු විය. අලි –  ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය විය. කොටින් ගේ ගොදුරු බිම් ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන් ගේ ගහණ ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී තිබුණි. මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමෙන් පසුව මාර්ග අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති සත්ත්ව විශේෂ ගණන අධික බව වාර්තා වුනි. මාර්ගය විවෘත කිරීමෙන් පසු ගෙවීගිය මාස කිහිපයක කාලය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසු වී මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමකින් හෝ තොරව වල දැමීම් සිදු විය. මීට අමතර ව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යාම සිදු වුනි. මේවා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ වනජීවී වාසස්ථානයක් තුළ සිදු නොවිය යුත්තකි.

    වනෝද්‍යානයට ඇතුළු වූ පිරිස් නීති වීරෝධී ක්‍රියා රැසක

    ජාතික වනෝද්‍යානය තුළ අළුතින් ඉදි කළ මාර්ගය භාවිතය තහනම් කිරීමට ප්‍රථම එය කෙටි කාල සීමාවක් භාවිත කළ ජනතාව විසින් වනෝද්‍යානයේ ගස්වැල්වලට හානි සිදු කෙරින. පලු ශාකවල ඵල හටගන්නා කාලයේ දී පලු ගෙඩි කැඩීම සඳහා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය භාවිත කරන පිරිස් පලු ශාකවල අතු කැපීම සිදු කෙරින. ඒ සඳහා විවිධ හානි කර ක්‍රම ද භාවිත කරනු ලැබුණි. ගස්වලට නැග පලු අතුවල ලණු හෝ කඹ ගැට ගසා අනෙක් කෙළවර වාහනවල ගැට ගසා ඇඳීමෙන් පලු අතු කැඩීම සිදු විය. එවිට පලු ගස්වල විශාල අතු පවා කැඩීම සිදු වූ ආකාරය නිරීක්ෂණය විය. එසේ කඩා දමා තිබූ අතුවල ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන වර්ණ ප්‍රභේද වැඩි ම ගණනක් සහිත රාස්සන (Vanda tessellata) උඩවැඩියා විශේෂය බහුල ව තිබෙනු දැක ගත හැකි විය. මීට අමතර ව ජාතික වනෝද්‍යානය තුළ සකස් කර ඇති මාර්ගවල මිනිසුන් අනවසරින් ඇතුළු වීම ද සිදු විය. ඒ හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ වෙනත් අනවසර ක්‍රියා ද සිදු වුනි. මෙවන් හානි කර ක්‍රියා ජාතික වනෝද්‍යානය තුළ සිදු වූයේ අනවසරින් වනෝද්‍යානය තුළ මාර්ග ඉදි කර ජනතාවට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම හේතුවෙනි.

    මේ ආකාරයෙන් වනෝද්‍යානය තුළ මාර්ගය භාවිතය හේතුවෙන් තවත් හානි කර ක්‍රියා රැසක් දැකගන්නට ලැබුණි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ක්‍රියාත්මක ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් ගේ වාහනවලින් දඩමස් ප්‍රවාහනය කර ඒවා කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ වෙළඳසැලක තිබිය දී හමු විය. මෙය අප ඉතා වගකීමෙන් යුතු ව ලියා තබන අතර ඒ පිළිබඳ ව සාක්ෂි සහිත ව අප අදාළ අංශ එම කාල වකවානුවේ දී දැනුම්වත් කෙරිනි.

    ජාතික වනෝද්‍යානය තුළට ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම

    අළුතින් ඉදි කළ මාර්ග හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළට ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් ඇති විය. වනෝද්‍යානය මැදින් සකස් කළ මාර්ගයේ ජාතික වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශ නිරීක්ෂණය කළ අවස්ථාවේ දී අපට පෙනී ගියේ ගිනි තණ (Megathyrsus maximum) හා ගඳපාන (Lantana camara) යන දැඩි ආක්‍රමණික ශාක විශේෂ ව්‍යාප්ත ව ඇති බවයි. මෙම ශාකවල බීජ වාහනවල රෝදවල තැවරී ජාතික වනෝද්‍යානය තුළට ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එසේ ව්‍යාප්ත වුවහොත් වනෝද්‍යානයේ කටු පදුරු සහිත ලදු කැලෑ බිම් ගඳපාන ශාකයේ ආක්‍රමණයටත් විල්ලු පරිසර පද්ධති ගිනිතණ ශාකයේ ආක්‍රමණයටත් ලක් විය හැකි ය.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ, විශේෂයෙන් ම පුත්තලම සිට එළුවන්කුලම දක්වා ප්‍රදේශයේ වෙරළාශ්‍රිත පරිසර පද්ධතිවලට දැඩි තර්ජන එල්ල කරන ආක්‍රමණික ශාකයක් වන කලපු අන්දර (Prosopis juliflora) ශාකය ව්‍යාප්ත ව තිබේ. මෙම ශාකය විල්පත්තුව ජාතික වනේද්‍යානයේ වෙරළබඩ තීරය දිගේ ඉදි කර ඇති මාර්ගය ඔස්සේ ජාතික වනෝද්‍යානය තුළ වෙරළබඩ පරිසර පද්ධතිවලට ව්‍යාප්ත විය හැකි ය. එසේ ව්‍යාප්ත වුවහොත් වෙරළබඩ පරිසර පද්ධති දැඩි තර්ජනයකට ලක් විය හැකි බව අප විසින් එම කාල සීමාවේ දී අවධාරණය කෙරින. වර්තමානය වන විට අප සඳහන් කළ ආකාරයෙන් ම කෙටි කාලයක් මෙම මාර්ගය විවෘත කර තැබීම හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ග ආශ්‍රිත ව පිහිටි පරිසර පද්ධති තුළ ගිනි තණ ශාකය ව්‍යාප්ත වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.

    ලුණුගම්වෙහෙර, බුන්දල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවල ව්‍යාප්ත ව ඇති ආක්‍රමණික ශාකවන හඳපාන, ගිනිතණ හා කලපු අන්දර ශාක ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැරීමට සිදු ව තිබේ. ඒ ඔස්සේ ඇති වී තිබෙන අනෙක් තර්ජන නම් මෙම ජාතික වනෝද්‍යානවල ජීවත්වන සතුන් ගේ ගොදුරු බිම් හා වසම් ප්‍රදේශ සීමා වීම හේතුවෙන් එම සතුන් ගේ ගහනයන් දැඩි ලෙස තර්ජනයට ලක් ව තිබීමයි. මීට අමතර ව එම ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වීමට ද හේතු වී ඇත්තේ ජාතික වනෝද්‍යානය තුළ ආක්‍රමණික ශාක ව්‍යාප්තිය හේතුවෙන් සතුන් ගේ ආහාර බිම් සීමා වීම ය. මෙම තත්ත්වයට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද අනාගතයේ දී ගොදුරු කිරීමට මෙම මාර්ගය විවෘත කිරීම හේතු විය හැකි ය.

    වනෝද්‍යානයේ ජෛව සම්පත් හා පුරා වස්තු අනතුරේ

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් වනාන්තර ගණනාවක් හා සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය, මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය හා වීරක්කුලිචෝලේ වන රක්ෂිතය වැනි රක්ෂිත වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා සම්බන්ධ ව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු, කල් ආරු වැනි ගංඟාවන් ගේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු රැකවරණය මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් බලපෑමට ලක් වී ඇත.

    ලෝක සංරක්ෂණ සංගමය මගින් 2006 වසරේ දී සකස් කළ Resource Inventory of Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලු තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. සමනලුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ විල්පත්තුවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.

    විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත භූමියකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.

    සම්පත් ගුණතිලක විසින් 2006 වසරේ දී සකස් Archaeologically important sites in Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ හඳුනාගෙන තිබේ. ඒ අතර පොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළින්  හමු වී තිබේ. පොම්පරිප්පු ප්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3½ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මෙම අක්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් අහිමි විය. මේ සියල්ල නැවත අනතුරට ලක් වන ආකාරයෙන් තීන්දු තීරණ ගැනීමට හෝ නීති විරෝධී ක්‍රියා වනෝද්‍යානය තුළ සිදු කිරීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව ලබා දිය යුතු නැත.

    ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වීම වැළැක්වීම

    විහාරගල විජයකිත්ති හිමි, අලි සබ්රි රහීම් හා කේ. කාදර් මස්තාන් ඇතුළු පිරිස මේ වන විට ජනතාව සංවිධාන ගත කරමින් සිටින්නේ ජූලි මස 7 වන ඉරිදා බලහත්කාරයෙන් ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මෙම මාර්ගය භාවිත කිරීමට ය. මෙය 2022 අංක 07 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කිරීමකි. මෙම පනතේ 5(1) උප වගන්තියට අනුව අවසර පත්‍රයක බලය යටතේ හැර ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම හා රැදී සිටීම නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 67ආ.(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය  සංඥේය වරදකි. පනතේ 63 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු ව වැරදිකරුවකු කරනු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා පනස් දහසකට නොවැඩි දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව මෙවන් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන පුද්ගලයකු ද පනතේ 59 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගත හැකි අතර වැරදිකරුවකු කරනු ලැබූ විට මෙම දණ්ඩනයන්ට ම යටත් කළ හැකි ය.

    මෙම මාර්ගය විවෘත කර ගැනීමේ අරමුණින් ජාතික වනෝද්‍යානයට අනවසරින් ඇතුළු වී නීති විරෝධී ලෙස ක්‍රියා කරන ඕනෑ ම පුද්ගලයකුට එරෙහි ව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ක්‍රියාවේ යෙදවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු ය. එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය, නීතියේ සමානාත්මතාව යන සියල්ල බිඳ වැටී නීතියේ පාලනය කෙරෙහි සමාජයට ඇති විශ්වාසය අහිමි වී යනු ඇත.

    සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • LPL 2024: ‘කුසල් ජනිත් LPL වාර්තා පොත අලුත් කරයි

    LPL 2024: ‘කුසල් ජනිත් LPL වාර්තා පොත අලුත් කරයි

    වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.

    ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 50 කදී එම දක්ෂතාවය දැක්වීමට කුසල් සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉකුත් 2023 වසරේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ බාබර් අසාම් වේ. ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව අසාම් එම දක්ෂතාවය පන්දු 57 කදී දක්වා තිබේ.

    මේ අතර කුසල් අද වාර්තා කරන ලද්දේ මෙතෙක් එල්.පී.එල්. තරගාවලිවල පිතිකරුවකු වාර්තා කරන ලද පස්වැනි ශතකය වෙයි. ඔහුට පෙර ලොරී එවන්ස්, (පන්දු 60 කදී), අවිශ්ක ප්‍රනාන්දු (පන්දු 63 කදී), සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (පන්දු 66 කදී) එල්.පී.එල්. තරග වලදී ශතක ලද පිතිකරුවෝ වෙති.

  • කොළඹ රාජකීය විද්‍යලයට මානව හිමිකම් කොමිෂම කළ දේ

    කොළඹ රාජකීය විද්‍යලයට මානව හිමිකම් කොමිෂම කළ දේ

    2023/2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කොළඹ 7 රාජකීය විද්‍යාලයට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

    27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබා ඇති බැවින් පැමිණිලිකාර ශිෂ්‍යයෙකු වන එම්.ජී.ජයවර්ධන ශිෂ්‍ය නායකයෙකු ලෙස රාජකීය විද්‍යාලයට පත් කළ යුතු බව HRCSL සිය නිර්දේශවල අවධාරණය කරයි.

    ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන් අයථා ලෙස සැලකූ බවට පැමිණිලිකාර එම්.පත්බේරිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විමර්ශනය කරන ලෙස ද කොමිසම නිර්දේශ කර ඇත.

    තවද, අදාළ නිර්ණායක සපුරාලන්නේ නැති ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් නිබන්ධන කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන ලෙස HRCSL යෝජනා කර ඇත.

    ශිෂ්‍ය නායකයින් දෙදෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශනයට රාජකීය විද්‍යාලය විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලයක් ද කොමිසම අපේක්ෂාවෙන් පසුවේ.

    රාජකීය විද්‍යාලය අදාළ පත්වීම් ඵලදායි හා විනිවිදභාවයකින් සිදු නොකළ බවත්, එමගින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවත් HRCSL අවධාරණය කරයි. එබැවින් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශිෂ්‍ය නායකයින් පත් කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙස රාජකීය විද්‍යාලයෙන් ඉල්ලා සිටියි.

    2023/2024 ශිෂ්‍ය නායකයින් පත්කිරීමේ ක්‍රියාවලියේදී අයිතිවාසිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් ගොනු කරන ලද පැමිණිලි හතකට අනුව මෙම ක්‍රියාව සිදු කෙරේ.

  • උදයංග වීරතුංග ගැන සාගර කළ හෙළිදරව්ව – උදයංගගේ පටි රෝල්

    උදයංග වීරතුංග ගැන සාගර කළ හෙළිදරව්ව – උදයංගගේ පටි රෝල්

    රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා ලංකා තානාපති උදයංග වීරතුංග මහතා  ශ‍්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි ද, එම නිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

    ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවත්‘ කියමින් උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු වශයෙන් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මේ වනතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැති බවත්, අනිවාර්යෙන්ම එම අපේක්ෂකයා පොදු ජන පෙරමුණේ ‘පොහොට්ටුව‘ ලකුණ යටතේ තරග කරනු ඇති බව ද කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

  • 2026 T20 ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියමුද ?

    2026 T20 ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියමුද ?

    ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු වූ අතිවිශිෂ්ට සංදර්ශනවලින් පසුව, මීළඟ පිරිමි T20 ලෝක කුසලානය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක විමසා බැලීමකි.

    එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි කණ්ඩායම් 20ක තරඟ ඉසව්වක් ලෝකය භුක්ති වින්ද බැවින්, 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තවත් ICC පිරිමි T20 ලෝක කුසලානයක් සමඟ එය නැවත වරක් භුක්ති විඳීමට කාලය පැමිණෙනු ඇත.

    නැවතත් තරග 55කින් සමන්විත තරගාවලියක්, සුපිරි අට කාණ්ඩ දෙකකට පෙර, අවසන් පූර්ව වටය සහ මීළඟ ශූරයා කිරුළු පළඳා ගැනීමට අවසන් මහා තරගයට පෙර, පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හතරකින් තරගාවලිය එකම ආකෘතියකින් පැවැත්වේ.

     

    කෙසේ වෙතත්, ඊට පෙර, තරඟාවලිය සඳහා අවසන් කණ්ඩායම් අට තීරණය කළ යුතුය.

    දැනටමත් සිටින්නේ කවුද?

    සත්කාරකයන් ලෙස, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 සඳහා පළමු ස්ථාන දෙක ලබා ගනී. එතැන් සිට, මීළඟ ස්ථාන 10 තීරණය කරනු ලැබුවේ 2024 තරඟාවලියේ සුපිරි අට සුදුසුකම් ලැබීමේ ක්‍රීඩකයින් සහ ICC පිරිමි T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජුනි 30 කඩඉම් දිනයෙනි.

    ඔවුන්ගේ ප්‍රබල පළමු වටයේ ක්‍රීඩා කිරීම සහ සුපිරි අට වටයට පිවිසීම හේතුවෙන් ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන සියලු දෙනාම 2026 T20 ලෝක කුසලාන ස්ථාන ලබා ගත් අතර, සුපිරි ඕවරයේදී පාකිස්තානයේ ජයග්‍රහණය සොරකම් කිරීමට සමත් වූ ඇමරිකා එක්සත් ජනපදය ද ලබා ගත්හ.

    සුපිරි අට වටය අහිමි වුවද, නවසීලන්තය (6 වැනි) සහ අයර්ලන්තය (11 වැනි) සමඟින් ඔවුන්ගේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම් (7 වැනි) හේතුවෙන් බබාර් අසාම්ගේ ක්‍රීඩකයින් මීළඟ තරඟාවලියේදී ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත්හ.

    2026 තරඟාවලිය සඳහා අවසන් කණ්ඩායම් අට තීරණය කරනු ලබන්නේ 2024 සුදුසුකම් ලැබීමට සමාන මාර්ගයක් තුළ කලාපීය සුදුසුකම් ලබන්නන් විසිනි. එක් කලාපයක් සඳහා සුදුසුකම් ලැබීමේ ස්ථාන ගණන තහවුරු කිරීමට නියමිතය.

    එක් එක් කලාපය විමසීම

    අප්‍රිකාව

    උගන්ඩාව කලාපීය දැවැන්තයින් වන සිම්බාබ්වේ අභිබවා ගිය පසුගිය තරඟාවලියේ කලාපීය සුදුසුකම් ලැබීමේ විශාලතම කැළඹීම දුටු කලාපයකි. අප්‍රිකානු කණ්ඩායම් T20 ලෝක කුසලාන 2026 වරප්‍රසාද සඳහා සටන් කරන විට දැඩි තරඟයක් පවතිනු ඇත.

    2024 T20 ලෝක කුසලානයේ සුපිරි අට අදියරට පැමිණීමට අපොහොසත් වුවහොත්, උගන්ඩාව සහ නැමීබියාව නැවතත් කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟවලට පැමිණෙනු ඇත. සිම්බාබ්වේ 2026 ස්ථානය සඳහා හොඳම ස්ථානයේ සිටින අභියෝගකරුවා විය හැකිය. නයිජීරියාව, ටැන්සානියාව සහ නැවත ගොඩනැගීමේ කෙන්යානු කණ්ඩායම කලාපය තුළ තර්ජනයක් එල්ල කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ඇමරිකාව

    තරඟාවලියට සත්කාරකත්වය ලබා දීමෙන් ඔවුන් සුදුසුකම් ලබා ඇති 2024 මාර්ගය මෙන්ම, එක්සත් ජනපදය ඔවුන්ගේ මව් තරඟාවලියේ අවසන් ස්ථානයට ස්තූතිවන්ත වෙමින් කලාපීය සුදුසුකම් ලැබීම් මඟ හරිනු ඇත. එහි ප්‍රතිඵලය කලාපයේ අනෙකුත් කණ්ඩායම් සඳහා විශාල ජයග්‍රහණයක් වන අතර, ඔවුන්ට ඇමරිකාවේ සුදුසුකම් නැවත පැමිණෙන විට කනස්සල්ලට පත් වීමට එක් කණ්ඩායමක් අඩු සංඛ්‍යාවක් ඇත.

    කැනඩාව 2024 ස්ථානය ලබා ගැනීම සඳහා ශුද්ධ ධාවන අනුපාතය මත බර්මියුඩාව අභිබවා ගියේය. මේ අතර බර්මියුඩියානුවන් තවත් කිහිප දෙනෙකු අතර Kamau Leverock විශ්‍රාම ගැනීමෙන් පසු නැවත ගොඩනැංවීමක යෙදී සිටින අතර, කේමන් දූපත්, ආර්ජන්ටිනාව සහ පැනමාව තරඟ කිරීමට මීළඟ හොඳම කණ්ඩායම් ලෙස නැගී සිටියි.

    ආසියාව

    2026 සඳහා යුරෝපීය සුදුසුකම් ලැබීමට අමතරව, ආසියාවට වඩාත්ම අභියෝගාත්මක සුදුසුකම් ක්‍රියාවලියට හිමිකම් පෑමට හැකිය. 2024 T20 ලෝක කුසලාන තරඟාවලියට තරඟ කිරීමෙන් පසු කලාපීය අවසන් තරඟයට කෙලින්ම යන නේපාලය සහ ඕමානයෙන් පිටත, අනෙකුත් සියලුම කණ්ඩායම් උප-කලාපීය ක්‍රීඩා හරහා තරඟ කර සුදුසුකම් ලැබීමට සිදුවේ.

    ක්‍රීඩකයින් ගණනාවක් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ පසුපෙළේ සිටින සහ අභියෝග කිරීමට බලා සිටින තරුණ, ප්‍රබෝධමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායමක් සමඟින්, විශේෂයෙන් ඕමාන ජාතිකයින්ට සුදුසුකම් ලැබීමේ ස්ථානයක් නැවත ලබා ගැනීම ඉහළ සටනක් බව පෙනේ.

    ගල්ෆ් සහ අග්නිදිග ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයත් සමඟ ක්‍රියාදාම අතිශය තරඟකාරී බවට පත් කිරීමට නියමිතව තිබියදීත්, එමිරේටිස් කලාපයේ එකම තර්ජනයෙන් පැමිණේ.

    බහරේනය, කුවේට් සහ කටාර් කණ්ඩායම් තුනක් ලෙස ක්‍රීඩාවේ තම සලකුණ තැබීමට බලා සිටින අතර, කලාපයේ අනෙක් පැත්තෙන් හොංකොං සහ මැලේසියාව වැනි කණ්ඩායම් දෙකක් අභියෝග කිරීමට සූදානම්ව සිටිති.

    නැගෙනහිර ආසියා-පැසිෆික්

    පසුගිය කලාපීය අවසන් තරගයේ දෙවන ස්ථානයට පත්වීමෙන් පසුව, ජපානය දැන් PNG හි විශාලතම තර්ජනය ලෙස පෙනී සිටින කණ්ඩායම වන අතර, ඔවුන්ගේ උප-කලාපීය කණ්ඩායම තුළ ඔවුන් ජය ගනී යැයි උපකල්පනය කරමින් එම අදියරේදීම අභියෝගයට නැවත පැමිණිය යුතුය.

    Kendel Kadowaki-Fleming ගේ කණ්ඩායමට ඔවුන්ගේ උප කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟයේදී ඉන්දුනීසියාව, පිලිපීනය සහ දකුණු කොරියාව අභිබවා යාමට අවශ්‍ය වනු ඇති අතර, අනෙක් උප-කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟයේදී ඉහළින්ම පැමිණීමට හැකි වනාටු කණ්ඩායමට අභියෝගකරුවන් වන සැමෝවා, ෆීජි සහ කුක් දූපත් ඉවත් කළ යුතුය.

    යුරෝපය

    T20 ලෝක කුසලාන 2026 ශ්‍රේණිගත කිරීම් සඳහා සුදුසුකම් ලැබීමට, අයර්ලන්තය T20 ලෝක කුසලාන 2026 සුදුසුකම් සඳහා දැඩි යුරෝපීය මාවතක් මඟ හැරීමෙන් නිදහස් වනු ඇත. ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය වැනි අයට, ස්ථාන දෙකක් සඳහා වන තරඟයකදී පෝල් ස්ටර්ලිංගේ කණ්ඩායමට මුහුණ දීමට සිදු නොවන බව දැන සිටීමෙන් සහනයක් ලැබෙනු ඇත.

    කලාපීය අවසන් තරගයට, යුරෝපීය ස්ථාන පැමිණීමට ස්කොට්ලන්තය සහ ලන්දේසීන් ප්‍රියතමයන් වනු ඇති නමුත් කලාපයේ ස්ථාන සඳහා කණ්ඩායම් 21ක් සිටින හෙයින් තියුණු තරඟයක් පවතිනු නිසැකය.

    මූලාශ්‍රය – icc cricket.com

     

     

     

     

     

  • Sri Lankan Air lane:  විකුණනවාද ? ප්‍රතිව්‍යුහගත කරනවාද ? අලුත්ම තීන්දුව

    Sri Lankan Air lane: විකුණනවාද ? ප්‍රතිව්‍යුහගත කරනවාද ? අලුත්ම තීන්දුව

    • ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි.
    • ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා කරනවා – වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

    නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    මේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන හේතූන් මත විපක්ෂය එය අසුබවාදී යැයි පැවසුවත් රට ගැන හිතනවා නම් ඒ හරහා ඉතා සුබදායී පණිවිඩයක් ලැබුණු බව කිව යුතුයි.

    ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නීති, රෙගුලාසි හා නිර්ණායක මත පදනම්ව මිස කාගේවත් මුහුණු බලා ගෙන නොවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොවෙයි. ඒ වාණිජ ණය ( Commercial Loans) සඳහායි. මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතිනවා. ඔහු නොදැනුවත්කම හේතුවෙන් මේ කියන්නේ තවමත් තීරණයක් ලැබී නැති සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් ගැනයි. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය තක්සේරු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව මෙම නිර්ණායක වෙනස් වෙනවා. මෙවැනි ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද පැවසිය යුතුයි.

    මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.

    මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නෙවෙයි.

    ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.

    මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.

    තවද අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා. ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා.

  • ගුරු වර්ජන ස්මබන්ධයෙන් ජනපති විපක්ෂයෙන් කළ ඉල්ලීම

    ගුරු වර්ජන ස්මබන්ධයෙන් ජනපති විපක්ෂයෙන් කළ ඉල්ලීම

    ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.

    දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

    එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.

    අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.

    ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.

    රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.

    ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.

    අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.

    පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා,

    බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.

    අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.

    දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.

    ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

    උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.

    ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.

    ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.

  • රු. 20,000ක වැටුප් වැඩි කිරීමක් ඕනෑ – රාජ්‍ය සේවයේ පොඩ්ඩෝ වර්ජනයට සූදානම්

    රු. 20,000ක වැටුප් වැඩි කිරීමක් ඕනෑ – රාජ්‍ය සේවයේ පොඩ්ඩෝ වර්ජනයට සූදානම්

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරයි.

    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද මුණසිංහ මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.

    ‘මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුව ද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ජූලි 08 සහ 09 යන දින දෙක තුළ දී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

  • ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘මූලික අයිතිවාසිකම් පෙත්සමක්‘

    ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘මූලික අයිතිවාසිකම් පෙත්සමක්‘

    ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරන තුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ව්‍යාපාරිකයකු වන සී.ඩී ලෙනින් නම් පුද්ගලයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

  • 121කට දිවි අහිමි කළ ‘සට්සංග්’ – සම්පූර්ණ වාර්තාව

    121කට දිවි අහිමි කළ ‘සට්සංග්’ – සම්පූර්ණ වාර්තාව

    උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සට්සංග්නමැති හින්දු ආගමික උත්සවයකදී ය.

    කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මුගල්ගාර්හි නම් ගම්මානයේ පැවති මෙම උත්සවයෙන් පිටව යාමට උත්සහ කිරීමේදී පුද්ගලයින් අනතුරට ලක් වූ ආකාරය දිවි ගලවා ගත් අය විස්තර කර ඇත. මෙම තෙරපීම ඇතිවීමට හේතුව කුමක් ද යන්න තවමත් අපැහැදිලි ය. ඇසින් දුටුවන් පැවසුවේ, පිටවීමේ මාර්ගය ඉතා පටු වූ අතර මිනිසුන් පිටව යන විට දරුණු දූවිලි වළාවක් ඇති වී ඔවුන් ව්‍යාකූලත්වයට හා කලබලයට පත් වූ බව ත් ඒ හේතුවෙන් අවසානයේ බොහෝ දෙනෙකු පෑගීමට ලක් වුණු බවත් ය.

    නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බීබීසීයට පැවසුවේ, සියල්ල “හොඳින් සිදුවෙමින් තිබුණේ,” නමුත් එක පාරට කෑගහන සද්දයක් ආවා. ඒ මොකක් ද කියලා මට තේරුම් යන්නත් කලින් මිනිස්සු එකා මත එකා ඇදගෙන වැටුණා.”

    ‘ගොඩක් අය තෙරපීමට ලක් වුණා. මට මහ දෙයක් කරගන්න පුළුවන් උණේ නැහැ. මට දිවිගලවා ගන්න ලැබුණ එක වාසනාවක්. දේශනාව ඉවර වුණා ම හැමෝම එළියට දුවන්න පටන් ගත්තා,’ ඉන්දියාවේ ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා’ ප්‍රවෘත්ති ඒජන්සියට ශකුන්තලා නම පමණක් ඇති කාන්තාවක් පැවසුවා ය.

    ‘මිනිස්සු පාර අයිනේ කාණුවට ඇදගෙන වැටුණා. එකා පිට එකා වැටෙන්න පටන් අරන් තෙරපිලා මැරුණා.’

    අසල්වැසි ඒටා දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී උමේෂ් කුමාර් ත්‍රිපාති වාර්තාකරුවන්ට පැවසුවේ, ‘තෙරපීම’ හේතුවෙන් අවම වශයෙන් ළමුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ය.

    ‘අවසාන සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමට පැය ගණනක් ගතවනු ඇති’ බව උත්තර් ප්‍රදේශ්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසීය.

    තෙරපීම සිදුවූ ස්ථානයේ කම්පනයට පත් කරවනසුලු ඡායාරූප ඉන්ටර්නෙට් පුරා සංසරණය වෙමින් පවතී. ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ, තුවාලකරුවන් පික්-අප් ට්‍රක්, ටුක් ටුක් සහ යතුරුපැදිවලින් පවා රෝහල් වෙත ගෙන යන ආකාරය යි.

    බීබීසීය විසින් නිරීක්ෂණය කරන ලද එක් වීඩියෝවක සටහන් වී තිබුණේ, මළ සිරුරු කිහිපයක් ළඟ තබා ගෙන ප්‍රාදේශීය රෝහලක දොරටුව අසල ඥාතීන් උදව් ඉල්ලා කෑගසන අයුරු ය.

    ‘මෙච්චර ලොකු සිද්ධියක් වෙලත් එක පොලිස් ලොක්කෙක් නෑනේ මෙතන,’ තවත් වීඩියෝවක ඥාතියෙක් පැවසුවේ ය. ‘කෝ මේ පරිපාලන නිලධාරීන්?’

    එම ස්ථානයේ පමණ ඉක්මවා විශාල පිරිසක් රැස්ව සිට ඇති බව පැවසූ කුමාර්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර ඇති බව පැවසීය.

    ‘ආණ්ඩුවේ මූලික අරමුණ වන්නේ තුවාල ලැබූවන්ට සහ මියගිය අයගේ ඥාතීන්ට හැකි සෑම උපකාරයක් ම ලබා දීමයි,’ ඔහු පැවසීය.

    ප්‍රවෘත්ති ඒජන්සියක් වන පීටීඅයි විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලකට ගෙන එන ආකාරය යි.

    ‘පශ්චාත් මරණ පරික්‍ෂණ සිද්ධ වෙමින් තියෙන්නේ සහ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා,’ අසල්වැසි ඒටා දිස්ත්‍රික්කයේ නිලධාරියෙකු වන සත්‍ය ප්‍රකාශ් පැවසීය.

    හත්‍රාස්හි, වේදනාවට පත් පවුල්වල සාමාජිකයින්ගේ වැළපුම් ප්‍රාදේශීය රෝහල්වලින් ඇසිය හැක. බොහෝ දෙනෙක් තම ආදරණීයයන් සොයා ගැනීමට උත්සාහ කරති. නමුත් මෘත දේහ බොහොමයක අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

    ගිලන්රථ හිඟයක් පවතින අතර එක් ගිලන්රථයකින් ප්‍රවාහනය කෙරෙන්නේ සිරුරු දෙක තුනක් පමණි. හත්‍රාස් දිස්ත්‍රික්කය බලාපොරොත්තු සුන් බවින් සහ සහ වේදනාවෙන් පිරී ගොස් ඇත. ඉන්දියාවේ ආගමික උත්සවවලදී අනතුරු සාමාන්‍යයෙන් වාර්තා වන්නේ, ආරක්‍ෂිත ක්‍රමවේද එතරම් පිළිපැදීමකින් තොරව විශාල ජනකායක් ඉඩකඩ අඩු අවකාශයන්හි රැස්වන බැවිනි.

    2018දී හින්දු ආගමික උත්සවයක් වන දුසේරා උත්සවය නරඹමින් සිටි පිරිසක් වෙත දුම්රියක් කඩාවැදී 60 දෙනෙක් පමණ මිය ගියහ. 2013 වසරේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 115 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

    මූලාශ්‍රය – BBC Sadesaya

  • තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි

    තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි

    2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සහන් කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් ද මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුන් දර්ශන පොරොත්තු ලේඛණයේ පසුවන බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.

    ‘අරුන් දර්ශන දැනට වේටින් ලිස්ට් එකේ ඉන්නේ. අනිද්දා (ජුලි 04 වැනිදා) වෙද්දී අපිට එයා සුදුසුකම් ලබනවද නැද්ද කියන එක ගැන අවසන් තීරණය දැනුම් දෙනවා.’ ඔහු කියා සිටියේය.

    ස්පාඤ්ඤයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 600 තරග ඉසව්වෙන් නව ආසියානු වාර්තාවකට හිමිකම් කී තරුෂි කරුණාරත්න ගැන මෙරට ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවකින් පසුවේ. ඒ ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාවෙනි. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ෂා වැනි ක්‍රීඩිකාවන් ගෙන් පසුව මෙරට ජනතාවට මලල ක්‍රීඩාව හරහා වඩාත් සමීප වූ ක්‍රීඩිකාවක් ලෙස තරුෂිව හැඳින්විය හැකිය.

  • ජැෆ්නා කිංග්ස්  Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි

    ජැෆ්නා කිංග්ස් Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි

    LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත යුතු වූ අතර පන්දුවට පහර දුන් සහන් ආරච්චිගේ ෆයින් ලෙග් කලාපයට ඉහළින් එල්ල කරන හතරේ පහරත් සමඟ කඩුලු 5 ක ජයක් ගෝල් කණ්ඩායමට හිමිවිය.

    පැතුම් නිස්සංක (51), සහ අවිශ්ක ප්‍රනාන්දුගේ (59) අර්ධ ශතක වලින් හැඩ වුණු දෙවැනි කඩුල්ලේ ලකුණු 80 ක සම්බන්ධතාව පෙරටුකොට ගෙන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 178 ක ඉලක්කයක් ගෝල් හමුවේ ලබා දුන් නමුත් කඩුලු 5 ක් දැවී ගොස් තිබියදී ඔවුහු ඉලක්කය සපුරා ගත්හ.

    ගෝල් කණ්ඩායමට අවසන් පන්දුවාර 4 දී ලකුණු 49 ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුවත්, පවර් බ්ලාස්ට් අවස්ථාවට හිමි එක් පන්දුවාරයක් වන 17 වැනි පන්දුවාරයත්, අනතුරුව යැවුණු 18 වැනි පන්දුවාරයත් අවසන් වන විට එම පරතරය පන්දු 12 කදී ලකුණු 20 දක්වා අඩු පරතරයකට රැගෙන ඒමට භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ දෙදෙනා සමත්වූහ. ඊට පෙර පළමු කඩුල්ල වෙනුවෙන් නායක නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන්පන්දු 43 කදී වේගවත් ලකුණු 66 ක අඩිතාලමක් එක් කර දුන් අතර එහිදී දික්වැල්ලගේ දායකත්වය පන්දු 27 කදී ලකුණු 47 ක් විය. හේල්ස් ගේ ලකුණු 65 ක ඉනිම සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය.

    අවසන් පන්දු 6 දී ලකුණු 09 ක ඉලකක්යක් ගෝල් පිලට හිමිවූ අතර දෙවැනි පන්දුවම හතරේ සීමාව වෙත යැවීමට ජනිත් ලියනගේ සමත්වූවේය. එහෙත් එවැනිම පහරක් එල්ල කිරීමට යෑමේදී ජනිත් ලියනගේ තෙවැනි පන්දුවේදී දැවී ගියේය. කෙසේ වෙත්ත අවසන් පන්දුවේ ලකුණු 3 ක අභියෝගය හතරේ පහරක් එල්ල කරමින් තරගය නිමා කිරීමට ආරච්චිගේ සමත්වූවේය.

    කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 04 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වුණු අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක සමගින් ලකුණු 81 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ. පන්දු 48 කට මුහුණ දුන් අවිශ්ක හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 59 ක්ද පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ද සමගින් පන්දු 33 කදී ලකුණු 51 ක්ද රැස් කළහ.

    නිස්සංකගේ දැවී යෑමත් සමඟ ලකුණු 25 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳ වැටුණු නමුත්, අනතුරවු පිටියට පිවිසි චරිත් අසලංක (33) සහ ධනංජය ද සිල්වා (18) වැටී සිටි ජැෆ්නා පිල ඔසවා තැබූහ. මෙවර වෙන්දේසියේදී ඩොලර් ලක්ෂයක මුදලකට අලෙවි වුණු ඉසුරු උදාන යවන ලද පන්දුවාර 4 දී ලකුණු 60 ක් උදුරා ගත් ජැෆ්නා පිතිකරුවෝ අද දිනයේදී ඔහුට කලකට අමතක නොවන මතකයක් එක් කර දුන්හ.

    ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 177 යි –

    (අවිශ්ක ප්‍රනාන්දු 59, පැතුම් නිස්ංක 51, චරිත් අසලංක 33, ධනජය ද සිල්වා 18, ඩ්වයින් ප්‍රි ටෝරියස් 23/2, ඉසුරු උදාන 60/2, සහූර් ඛාන් 34/3)

    ගාල්ල මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 179 යි –

    (නිරෝෂන් දික්වැල්ල 47, ඇලෙක්ස් හේල්ස් 65, ටිම් සීෆර්ට් 10, භානුක රාජපක්ෂ 13, ජනිත් ලියනගේ 25, අසිත ප්‍රනාන්දු 40/2, ෆේබියන් ඇලන් 33/2) 

    Sources – Sri Lanka Cricket

  • පාසල් වෑන් රථවල ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීන්දුව

    පාසල් වෑන් රථවල ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීන්දුව

    පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය.

    පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

    ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද එම සංගමය කීවේය.

  • NMRA නව ඖෂධ මිලකරණ පනත කැඩුවොත් වෙන දේ මෙන්න

    NMRA නව ඖෂධ මිලකරණ පනත කැඩුවොත් වෙන දේ මෙන්න

    ඖෂධවල නිශ්චිත මාත්‍රා සහ ප්‍රබලතා සඳහා උපරිම සිල්ලර මිල (Maximum Retail PriceMRP) තීරණය කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory AuthorityNMRA) නව මිල යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත.

    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ ගැසට් පත්‍රයක දක්වා ඇති මෙම නියාමන මුලපිරීම, මිල කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ විවිධ පාර්ශ්වකරුවන් සමඟ කරන ලද පුළුල් උපදේශන පිළිබිඹු කරයි. මෙම රෙගුලාසි සකස් කිරීම පාරිභෝගික ආරක්ෂණ නීති සඳහා තීරණාත්මක සාධක ඉතා සූක්ෂම ලෙස සලකා බලයි.

    මෙම රෙගුලාසි වල මූලික පරමාර්ථය වන්නේ ඖෂධවල MRP තීරණය කිරීම සඳහා ව්‍යුහගත මිලකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට දැරිය හැකි සහ ප්‍රවේශවීමේ හැකියාව සහතික කිරීමයි.

    තවද, නිවැරදි මිල මිණුම් සලකුණු සොයා ගැනීම සඳහා රට පුරා ඔසුසල්වල සිල්ලර මිල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) දත්ත පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

    අලුතින් පනවන ලද රෙගුලාසිවලට අනුව, ඖෂධයක නිශ්චිත මාත්‍රා ආකෘතියක් සහ ප්‍රබලතාවය සඳහා MRP ගණනය කරනු ලබන්නේ පවතින සියලුම වෙළඳ නාමවල මධ්‍ය සිල්ලර මිල සහ වටිනාකම අනුව වෙළඳපළ කොටසෙන් 80% හෝ ඊට වැඩි ප්‍රමාණයක් සාමූහිකව දරන සාමාන්‍ය අනුවාද මත පදනම්වය.

    ක්‍රමවේදයට මෙම මිල ගණන් ආරෝහණ අනුපිළිවෙළට සකස් කිරීම සහ මධ්‍ය අගය තීරණය කිරීම, වෙළඳපළ යථාර්ථයන්හි සාධාරණ නියෝජනයක් සහතික කිරීම ඇතුළත් වේ.

    ගණනය කළ පසු, තීරණය කරන ලද MRP ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එය නිෂ්පාදකයින්ගේ සිට සිල්ලර වෙළෙන්දන් දක්වා ඖෂධ සැපයුම් දාමයේ සියලුම පාර්ශ්වකරුවන් සඳහා නීත්‍යානුකූලව බැඳී ඇත. මෙම රෙගුලාසි වල කිසියම් උල්ලංඝනයක් කර්මාන්තය තුළ අනුකූලතාව සහ වගවීම සහතික කරමින් NMRA පනතේ 131 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වේ. එබැවින්, රට පුරා වඩාත් සාධාරණ සෞඛ්‍ය සේවා පරිසරයක් පෝෂණය කරමින් මෙම රෙගුලාසිවලට අනුගත වන ලෙස NMRA සියළුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී.

     

  • ජනපති සමග ජාතික ආණ්ඩු නෑ – සජබ ඒකමතික තීන්දුව

    ජනපති සමග ජාතික ආණ්ඩු නෑ – සජබ ඒකමතික තීන්දුව

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය.

    “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

    අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් යෝජනා කර ඇත.