Author: Editor

  • මැරෙන බව රඟපාන්න ගිය තරුණ පෙම්වතා මරුට

    මැරෙන බව රඟපාන්න ගිය තරුණ පෙම්වතා මරුට

    අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත.

    නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය.

    මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත යහළු කරගැනීමට හා බිය කිරීම සඳහා මිය යන බව පවසා ගෙලෙහි ලණුවක් ගැටගසා ගෙලවැලලාගන්නා ආකාරයට රඟ දක්වා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.

    එහිදී තරුණයාගේ ගෙලෙහි වූ ලණුවේ ගැටය එකවරම සිරවීමෙන් තරුණයා මරණාසන්න වී ඇති බවට පොලීසිය සැක පල කරන අතර ප්‍රදේශවසී ජනතාව විසින් තරුණයා රෝහලගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

     

  • උද්ධමනයට මොකද වෙන්නේ ? මහ බැංකුවේ අලුත්ම වාර්තාව

    උද්ධමනයට මොකද වෙන්නේ ? මහ බැංකුවේ අලුත්ම වාර්තාව

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 0.0හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේය. තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 මැයි මාසයේ පැවති සියයට 1.3හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේය. මේ අතර, අඛණ්ඩව මාස තුනක් තුළ පහළ ගිය මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 ජුනි මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව, 2024 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික ප්‍රතිශත වෙනස සියයට 0.77ක් ලෙස වාර්තා විය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 මැයි මාසයේ පැවති සියයට 3.5හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගියේය.

  • මුදල් රාජ්‍ය ඇමැති ෂෙහානුත් සුභ පණිවුඩයක් දැනුම් දෙයි

    මුදල් රාජ්‍ය ඇමැති ෂෙහානුත් සුභ පණිවුඩයක් දැනුම් දෙයි

    ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.

    ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.

    නමුත් මේ වන විට පැහැදිලි වන කරුණක් වන්නේ එම ප්‍රකාශ දේශපාලන කුහකත්වය හේතුවෙන් සිදු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන විට විපක්ෂය වෙතින් ඒ බව මනාව පෙන්නුම් කෙරුණා. එබැවින් දේශපාලනයත්,

    ආර්ථිකයත් මිශ්‍ර කර ගනිමින් රටේ ඉදිරි ගමනට අකුල් හෙළන ව්‍යාපාරවල තරම ජනතාවට පැහැදිලි විය යුතුයි.

    ඔවුන් ඝානාව, ඉක්වදෝරය සහ ආජන්ටිනාව වැනි රටවල තත්ත්වය පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදු කළා. නමුත් අඩු ආදායම් ලබන රටවල් සහ මැදි ආදායම් ලබන රටවල්වල සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තිබෙන වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. අඩු අදායම්ලාභී රටක සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා මැදි ආදායම්ලාභී රටක් වන අප රටට අදාළව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත සංකීර්ණ වන බව පැවසිය යුතුයි. නමුත් මැදි ආදායම් රටවලට සාපේක්ෂව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි.

    තව ද ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන කරුණු 03ක් අප විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව අපගේ ණය හිමියන් විසින් ණය ගෙවීම සඳහා 2024 සිට 2027 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ අපට ලැබෙන ඩොලර් බිලියන 05ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට අවකාශය ලබාදී තිබෙනවා.

    ඒ වගේම 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුව තිබෙනවා. 2027 සහ 2032 කාල රාමුව තුළ දළ මූල්‍යණ අවශ්‍යතාව 13% දක්වා අඩුකරගත යුතුයි. විදේශීය ණය සේවාකරණය 2027 – 2032 කාල පරිච්ඡේදය තුළ 4.5% දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුයි.

    මෙම ඉලක්ක 03 සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අප මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙරටට ණය තිරසරභාවය ලඟා කර ගැනීම වෙනුවෙන් පැවැති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත් වී තිබෙනවා.

    මේ ආකාරයට සිදුකළ ආර්ථික කළමණාකරණය තුළ අද වන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය 70% සිට 1.7%ක් දක්වා අඩුවී තිබෙනවා. රටේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ වසරක භාණ්ඩාගාර බිලපත්වල පොලී අනුපාතය 10% මට්ටමකට පැමිණ තිබෙනවා.

  • ජනපතිගේ ප්‍රශ්න පත්‍රය සහ සුභ-අසුභ වාදය

    ජනපතිගේ ප්‍රශ්න පත්‍රය සහ සුභ-අසුභ වාදය

    අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

    එසේම රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? කියා පෙරළා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

    ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
    එය අසුබයි.

    අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නේත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.

    දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා.

    දුප්පත්කම අසුබයි.

    ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ.

    මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?
    ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා.

    විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි.
    මම තව එකක් අහන්න කැමතියි.

    රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.

    ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?

    හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට මෙම ගිවිසුම් දෙක ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ දැන්ම හෙළි නොකරන ලෙස ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දැනුම් දී තිබෙනවා. ඒ අනිත් පාර්ශ්ව සමඟ ඇති කරගත් කොන්දේසි පිළිබඳව ඒ අය දැන ගන්නා නිසයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගිවිසුම් තුනම එකවර ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. නමුත් ඝානාව තවම එම කොන්දේසිවත් පිටතට ලබා දී නැහැ.

    විශේෂයෙන්ම මෙම කරුණු සියල්ලම හර්ෂ ද සිල්වා මහතාගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙනවා. එහිදී සියලු දෙනා සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්න. ඔබතුමා හර්ෂ ද සිල්වා මහත්මයාට ඊර්ෂ්‍යා කරනවද? ඔහු මෙය සිදු කරනවාට අකමැතිද? දැන් මෙතනට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට අප දෙපාර්ශ්වයම එකඟයි. ඒ කමිටුව මොන අන්දමේ වාර්තාවක් සකස් කරයිද කියා අප දන්නේ නැහැ. අපට පක්ෂව එම වාර්තාව සකස් කරයිද, විරුද්ධව කරයිද කියා අප දන්නේ නැහැ. දැන් විවාද නොකර ඒ වාර්තාවට අනුව කටයුතු කරමු. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැනත් විවාදයක් අවශ්‍යද? ඒ වගේම විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා පත් කරගෙන එක සැරයක් වැටුණු වලේ ආයෙත් වැටෙනවද කියා ඇසිය යුතුයි.

  • විවාහයට අකමැති වූ පෙම්වතාගේ රහස් අවයවය කපලා

    විවාහයට අකමැති වූ පෙම්වතාගේ රහස් අවයවය කපලා

    ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ (PMCH) ප්‍රතිකාර ලබමින් සිටී.

    සැකකාර වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ නමුත් ඔහු ඇයව විවාහ කර ගැනීමට අකමැති වූ බවයි. අවසානයේ උසාවි විවාහයකට එකඟ වන ලෙස ඇය ඔහුට ඒත්තු ගැන්වූ නමුත් නියමිත දිනයේ පෙනී සිටීමට ඔහු අපොහොසත් වී ඇත.

    ඊට පළිගැනීමක් ලෙස ඇය ඔහුට තම නිවසට ආරාධනා කර ඔහු පැමිණි විට ඔහුගේ රහස් කොටස කපා දැමූ බව පැවසේ. ඔහුගේ කෑගැසීම ඇසී අසල්වාසීන් පොලිසියට දැනුම් දී ඇති අතර, ඔහු ඇඳක් මත ලේ විලක් මැද වැටී සිටිනු දැක තිබේ.

    ” 25 හැවිරිදි වෛද්‍යවරියක් වන මෙම කාන්තාව ද අවිවාහකයි. අපි සැකකාරියව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා,” පොලිසිය පැවසීය.

  • පියුමි හංසමාලිගේ ක්‍රීම් සුදු කළේ කළු සල්ලි ද?

    පියුමි හංසමාලිගේ ක්‍රීම් සුදු කළේ කළු සල්ලි ද?

    නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි කලින් කලට පුවත් මවන්නියකි. ඇය මෑතක දී වඩාත්ම කතා බහට ලක් වී ඇත්තේ ඇගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙනි. පියුමි හංසමාලි උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය අවසර ලබා දී ඇත.

    කවු ද මේ පියුමි හංසමාලි?

    1992 වසරේ උපන් පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් සිය වෘත්තිය ආරම්භ කරන්නේ 2010- 2011 කාලවකවානුවේදී නිරූපිකාවක් ලෙසයි. ඒ වන විට මවක් වූ ඇය සිය දරුවා තනිව හදාවඩාගන්නා ‘සිංගල් අම්මා’ කෙනෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.

    2014 දී ඇය ඇගේ පළමු ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වූවා ය. නැවත ඇය 2018 වසරේ දී චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ අතර, 2019 දී මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අනිල් කුමාර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක ජැක්සන් ඇන්තනී සමඟ රංගනයෙන් දායක වූවා ය. මෙම කාලය අතරතුර ඇය ජාත්‍යන්තර නිරූපණ තරග කිහිපයක් ද නියෝජනය කළ අතර, වෙළඳ දැන්වීම් සහ ගීත වීඩියෝ සඳහා ද පෙනී සිටියා ය.

    සමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි. ඇගේ ටික්ටොක් ගිණුමේ ද අනුගාමිකයන් මිලියන 1.6ක් සිටියි. වර්තමානය වන විට ඇය සම පැහැපත් කරන ආලේපන අලෙවි කරන සමාගමක් පවත්වාගෙන යනු ලබයි. එමෙන් ම ඇය විසින් පසුගිය වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රොවර් රථය මිලට ගත් බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර තිබුණි. එමෙන් ම ඇය ‘The Grand’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ද මිලට ගනු ලැබුවේ පසුගිය වසරේ යි.

    සමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි.

    LIඡායාරූප ශීර්ෂ වැකිය,සමාජ මාධ්‍යයේ බලපෑම් සහගත අයෙකු (Social Media Influencer) වන ඇයට ෆේස්බුක් හි අනුගාමිකයන් 577,000ක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 2.2ක් සිටියි

    පියුමිට එල්ල වී ඇති චෝදනා මොනවාද?

    පියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇතැයි පැවසෙන රේන්ජ් රෝවර් රථයක් සහ සුඛෝපභෝගී නිවස මිල දී ගැනීම සිදු කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පැමිණිලිකාර පාර්ශවය විසින් විමසන ප්‍රධාන ප්‍රශ්නයකි. පැමිණිල්ල ඉදිරිපත් කළ ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත කියා සිටියේ එසේ නම් ඇය උපයා ඇති වත්කම්වලට ආදායම් බදු ගෙවා තිබෙදැයි සොයා බැලිය යුතු බවයි.

    ‘2023.03.07 දින පියුමි හංසමාලි, ප්‍රගීත් කියන පුද්ගලයා සමඟ ඇවිත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාවිත කළ CDM 1949 අංකය දරන රේන්ජ් රෝවර් රථය මිලට ගෙන තියෙනවා. ඇය කියන විදිහට මෙම රථය රුපියල් ලක්ෂ 780ක් වටිනවා,’ සංජය මහවත්ත පැවසුවේ ය. මෙම රථයේ හිමිකරු මධුර වික්‍රමරත්න නැමැත්තෙක් බවත්, ඔහු වසර 40ක් පුරා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින පුද්ගලයා බවත් සංජය පැවසුවේ ය. එම රථය හිමිකරු විසින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ භාවිතය සඳහා ලබා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද සැකයක් ඇති බව සංජය පෙන්වා දෙයි. එම රථයේ මුදල් ගෙවූ ආකාරය සම්බන්ධයෙන් සිය සංවිධානය සොයා ගත් කරුණු ඔහු මෙලෙස බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

    ‘2023.03.07 පියුමි සහ ප්‍රගීත් කියන අය විසින් ලක්ෂ පහක් ගෙවලා මේ මෝටර් රථය අරන් තියෙනවා. ඊට පස්සෙ තවත් ලක්ෂ 50ක් ගිණුමකට බැර කරලා තියෙනවා. ඉන්පසු නැවතත් තවත් ලක්ෂ 100ක් සම්පත් බැංකුවේ ගිණුමකට බැර කරලා තියෙනවා. ගෙවීමට ඇති ඉතුරු ලක්ෂ 400 සඳහා ඇය වැලිබල් ආයතනයෙන් කල්බදු පහසුකමක් ලබාගෙන තියෙනවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන ක්‍රමවේදය යටතේ. ඒ 2023 මාර්තු 07 දිනයේ දී. ඒ සඳහා අත්සන් තබලා තියෙන්නේ අංගම්පොඩි ප්‍රගීත් ධනුෂ්ක මෙන්ඩිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් කියලා දෙදෙනෙක්,’ ඔහු විස්තර කළේ ය.

    ‘මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක නැවත 2023 ජුනි 30 වෙනිදා අවසන් කරලා තිබෙනවා. ඒ සඳහා නැවත ඒවසරේ ම ජුලි 24 ලක්ෂ 450ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අරගෙන දෙසැම්බර් 18 අවසන් කර තිබෙනවා. ඉන් පසුව නැවතත් ලක්ෂ 250ක ලීසිං පහසුකමක් සහ ලක්ෂ 200ක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් වෙන වෙනම ආරම්භ කරලා තිබෙනවා. මේ ලීසිං වර්තමානය වන විටත් තිබෙනවා.’

    නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි කලින් කලට පුවත් මවන්නියකි.

    ඡායාරූප මූලාශ්‍රය,PIYUMI HANSAMALI

    ඡායාරූප ශීර්ෂ වැකිය,පියුමි හංසමාලි විසින් මිලදී ගෙන ඇතැයි පැවසෙන රේන්ජ් රෝවර් රථයක් සහ සුඛෝපභෝගී නිවස මිල දී ගැනීම සිදු කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පැමිණිලිකාර පාර්ශවය විසින් විමසන ප්‍රධාන ප්‍රශ්නයකි

    පියුමිගේ කෝටි 15ක නිවස

    සංජය මහවත්ත ඇතුලු කණ්ඩායම විසින් ගොනු කළ පැමිණිල්ලේ දෙවැනි කරුණ ලෙස දක්වා තිබෙන්නේ පියුමි හංසමාලි විසින් පසුගිය වසරේ දී මිලට ගත් සුඛෝපභෝගී නිවසයි. ‘මේ තැනැත්තිය පසුගිය වසරේ දී “The Grand” මහල් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවසක් රුපියල් මිලියන 148කට මිලට ගෙන තියෙනවා. එහි මුදල් අවස්ථා 15ක දී පසුගිය වසරේදීම ගෙවා අවසන් කර තිබෙනවා. 2023 දෙසැම්බර් 12 ඇය මිලියන 40ක් අවසන් වාරිකය විදිහට ගෙවලා තියෙනවා. ඊට පෙර ජුලි 26 මිලියන 50කුත් ගෙවා තිබෙනවා.’

    සංජය පෙන්වා දෙන්නේ පියුමි හංසමාලිට අයත්, බැංකු 09ක පවත්වාගෙන යන ගිණුම් 20ක තොරතුරු ඔවුන් සතුව ඇති බවත්, පසුගිය වසරේ මාර්තු මස සිට මාස හයක කාලය තුළ ඇගේ ගිණුම් හරහා කෝටි 30ක පමණ මුදලක් සංසරණය වී ඇති බවත් ය.

    මේ සල්ලි ගෙවුවේ ‘ලොලීයා’ ද?

    පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය බවට කියා සිටින්නේ ඇයගේ රූපලාවණ්‍ය ආලෙපන සමාගමයි. මෙම සමාගම 2022.04.19 දිනා ලියාපදිංචි කරන ලද සමාගමක් බව සංජය පවසයි.

    ‘අපි සතුව දැනට තිබෙන ලේඛණවලට අනුව මෙම සමාගම 2022 වසරේ අප්‍රේල් 19 දින තමයි ලියාපදිංචි කර තිබෙන්නේ. එහි අධ්‍යක්ෂකවරුන් ලෙස පියුමි හංසමාලි සහ ලොකු ලියනගේ වසන්ති පෙරේරා කියන දෙදෙනා සිටිනවා. අපට ගැටළුවක් තිබෙනවා මේ ආලේපනය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙනවා ද කියන එක. ඒ වගේ ම මෙහි සායනික පරීක්ෂණ කර තිබෙනවා ද, මේවා නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරය කොහෙද තියෙන්නේ, ආනයන හා අපනයන බලපත්‍ර වගේ ම රේගුවේ නිෂ්කාෂණය කළේ කොහොම ද කියන දේවල් සොයා බැලිය යුතුයි,’ ඔහු පෙන්වා දෙයි. සංජය පවසන්නේ පියුමි හංසමාලි විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පල කරන ඇය පාවිච්චි කරන අත්බෑග්, ඔරලෝසු, ආභරණ වැනි ඒවා ද අතිශය මිල අධික භාණ්ඩ වන බවයි. ‘ඇයගේ දිනපතා දාන ස්ටෝරිවල ඇය දානවා ලක්ෂ ගණනක් වටින ඔරලෝසු සහ අත්බෑග් වගේ දේවල්. ඒ වගේ ම ඇය වසර දහයකට පෙර සිටි රූපය නොවෙයි අද තියෙන්නේ. ඒ සඳහා ඇය කළ මිල අධික සැත්කම්වලට ගෙවුවේ කොහොමද කියන කාරණාවත් සොයා බැලිය යුතුයි..’

    ඔහු පවසන්නේ ඇය සිය නව නිවස මිලට ගැනීමට පෙර සිටි “හිල්ටන් රෙසිඩන්ස්” සඳහා මුදල් ගෙවූ ආකාරය ද සොයා බැලිය යුතු බවයි.

    ‘මේ සියලු චෝදනා අතුරින් අපි පැමිණිල්ලේ ඉදිරිපත් කරලා තිබෙන්නේ රේන්ජ් රෝවර් රථය සහ නිවස මිල දී ගැනීම සම්බන්ධයෙන්. අපි සතුව තිබෙන සියලු තොරතුරු අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා.’

    මේ පිටුපස සිටින්නේ දේශපාලනඥයන් ද?

    පියුමි හංසමාලි සිය ගිණුම් හරහා පුද්ගලයන් 50ක් සමඟ ගනුදෙනු කර ඇති බවත්, ඇය ප්‍රභල දේශපාලනඥයන්ගේ සහ රටේ ආරක්ෂක අංශයේ ඉහළම තනතුරක් දරණ පුද්ගලයකුගේ බිරිඳ ඇතුළු බිරින්දැවරුන් හතරදෙනෙකු ඉතා සමීපව ආශ්‍රය කරන බව සැකයට කරුණක් බවත් සංජය මහවත්ත පෙන්වා දෙයි. ‘මේ වන විට නඩුවක් ක්‍රියාත්මක නිසා මට ඒ අයගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් මේ සල්ලි පිටිපස්සේ ආයුධ වෙළඳාම්, අල්ලස් සහ තවත් නීති විරෝධී ජාවාරම් රැසක් සැඟවිලා ඇති කියලා අපට සැකයක් තිබෙනවා.’

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් කළ විමඊමක දී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

    ඡායාරූප මූලාශ්‍රය,PIYUMI HANSAMALI

    ඡායාරූප ශීර්ෂ වැකිය,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි

    පියුමි හංසමාලිගේ ප්‍රතිචාරය

    මෙලෙස එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පියුමි හංසමාලඉගේ ප්‍රතිචාරය විමසීමට බීබීසී සිංහල විසින් උත්සහයන් රැසක් ගනු ලැබූව ද ඇය සම්බන්ධ කරගැනීමට නොහැකි විය. දුරකතනය හරහා සහ සමාජය මාධ්‍ය ගිණුම් හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ කර ගැනීමට නොහැකි වූ විට, ඇගේ ආලේපන විකිණීම සඳහා යොදා ඇති දුරකථන අංක ඔස්සේ ද ඇය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයන් ද ව්‍යර්ථ විය.

    කෙසේ නමුත් ඇයගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පළ කිරීම් සිදු කර තිබේ. සංජය මහවත්ත විසින් අප්‍රේල් 17 දින මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් පසුව පියුමි හංසමාලි ඔහුට ප්‍රතිචාර දක්වා තිබේ.‘පැමිණිල්ල සිදු කරපු අප්‍රේල් 17 වැනිදාට පසුව ආසන්න දවසක දී ඇය මට අසභ්‍ය වචන වලින් කෙටි මැසේජ් එකක් ඒවලා තිබුණා. එය ස්ක්‍රීන්ශොට් එකක් වශයෙන් තබාගෙන සිටිනවා සාක්ෂියක් විදිහට,’ සංජය පැවසුවේ ය.

    පොලිසිය පවසන්නේ කුමක් ද?

    මේ වන විට පැණිල්ල සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන පියුමි හංසමාලි ප්‍රමුඛ පෙළේ බැංකු අටකින් පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් 19ක වාර්තා ලබා ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේ ජුනි 19වැනිදාය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

    මූලාශ්‍රය – බී.බී.සී සන්දේශය

  • IOC ඔක්ටේන් 100 අලෙවිය අරඹයි

    IOC ඔක්ටේන් 100 අලෙවිය අරඹයි

    අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සහන් වේ.

    එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව සමාගම කියා සිටියි.

  • Today Parliament: ජනපතිගෙන් සැර කතාවක් සමග ප්‍රශ්න පත්‍රයක්

    Today Parliament: ජනපතිගෙන් සැර කතාවක් සමග ප්‍රශ්න පත්‍රයක්

    • මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්.
    • පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට.
    • ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ.
    • ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම ඇතුළු සැලකිය යුතු මුල්‍ය අවකාශයක්.

    ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දින ගණන් රස්තියාදු වීම අවසන් වීම සුබ ආරංචියක් නොවේද. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. මෙම වැඩපිළිවෙළ තුළ ඉදිරියටම යා යුතුයි- කවුරු බලයට ආවත් ආපසු හැරීමක් නැහැ. වැල් පාලමෙන් වැටෙයි කියා බල සිටි පිරිසකුත් සිටියා – වැටෙන තුරු බලා නොසිට රට ගොඩනැංවීමට වෙහෙසෙමු. මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් නොව, රට වෙනුවෙන්. රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට පක්ෂ, පාට බේදයෙන් තොරව එක්වන ලෙස රටට ආදරය කරන සියලුදෙනාට ආරාධනා කරනවා. අපි එකට එක්වී මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු.

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    මෙම සුබ ආරංචිය අනාගතය දක්වා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන සාර්ථක කර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගාත්මක ව්‍යායාමට පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාට යළි ආරාධනා කළේය. තමා පසුගිය අවුරුදු දෙක පුරා දේශපාලනය නොකළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සෑම විටම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද අවධාරණය කළේය.

    මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පුර්ණ කථාව මෙසේය,

    2022 වසරේ ණය ගෙවාගන්නට බැරිවුණු රටකට යළිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංධිස්ථානයකට අපට ගිය සතියේ එළැඹෙන්නට හැකි වුණා. පසුගිය ජූනි 26 වැනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළැඹීමට අපට පුළුවන් වුණා. කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් අපේ රට නියෝජනය කරමින් මෙම එකඟතාවන්ට සහ ගිවිසුම්වලට අත්සන් කළා. එදිනම රාත්‍රියේ මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජාතියටම ඒ පිළිබඳ කරුණු පෙන්වා දුන්නා. ආර්ථිකය යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ගමන ආරම්භ වූ දවසේ පටන් මම විටින් විට පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කළා. මුලින්ම අප අනුගමනය කරන සැලසුම් ගැන පාර්ලිමේන්තුව හමුවේ විස්තර කළා. ඉන් පසුව අප ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු පැහැදිලි කළා. ඒ අනුවම යමින් මම අද මේ සභාව හමුවේ වර්තමාන තත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නට කැමතියි.

    ගරු කතානායකතුමෙනි,

    මීට අවුරුදු දෙකකට පමණ කලින්, රටේ ආර්ථිකය යළි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සෙ අපේ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

    1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

    2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී අයිඑම්එෆ් සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

    3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. රටේ ආර්ථිකය ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම

    4. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණය බරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත දේශයක් බවට පත්වීම
    එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනකට මුල පිරුවා. අනාගතය සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 සහ 2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළා.

    2023 මාර්තු මාසය වෙද්දී අයි.එම්.එෆ් විස්තීරණ ණය පහසුකම සඳහා එකඟත්වය ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වැනි දා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබා ගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වැනිදාත්, තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වැනිදාත් අපට ලැබුණා. අයි.එම්.එෆ් වැඩපිළිවෙල පටන් ගත් දා සිටම අප ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතනවල සහය අප දිගින් දිගටම ලබා ගත්තා. අපේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37 යි. එයින් ඩොලර් බිලියන 10.6 ක් ද්විපාර්ශවීය ණය. ඩොලර් බිලියන 11.7 ක් බහු පාර්ශවීය ණය. ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර.

    ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හෙවත් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත්, ඉන් පිටතදීත් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ සමහර කරුණු සත්‍යතාවයෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි. මොනවද මේ විදේශ ණය කියන්නෙ. ඒ ඒ රටවල් ණය දෙන්න සල්ලි කොහෙන්ද ලබා ගන්නෙ? අපිට ඔවුන් ණයට දෙන්නෙ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේම ඒ රටවල ජනතාවගේ ඉතුරුම්.

    අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන්නේ අපි කිසිම කැපවීමක් නොකර, විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නෑ. එය ප්‍රායෝගික නෑ. ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල ජනතාවගේ බදු මුදල් වගේම, ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම්, ඒ රටවල ජනතාව අප වෙනුවන් කැපවීමක් කරන්නෙත් නෑ.
    ඒ විතරක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු සහ

    වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණයගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත් කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්.

    නිල ද්විපාර්ශවික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු කරන්නේ නෑ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමා, පොලී අනුපාතය අඩු කිරීම් ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ.
    නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කළේ නෑ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා ඔවුන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් සියයට පණහක් කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශවයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගත යුතුයි. අප කියන දේම කරන්න ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශවලින් පේන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි.

    ණය ප්‍රතිව්‍යූහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාටවත්, ණය ගැතියාටවත් නෙවෙයි. ඒ පිළිබඳ තීරණය ගන්නේ අයිඑම්එෆ් සංවිධානයයි. රටක ණය තිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යූහගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුවකින් පසු ඔවුන් ඒ තීරණය ගන්නවා.

    අපේ රටේ ණය තිරසරභාවයක් නොමැති බව අයිඑම්එෆ් සංවිධානය අපට දැන්වූයේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නට බොහෝ කාලයකට කලින්. ඒ වගේම අයිඑම්එෆ් සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවලට තවත් ක්‍රමයක්.

    මම එක් උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර, ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම් ලබන රටවල් අතරින් එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 කට වඩා අඩු කර ගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ඝානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම මීට වෙනස්. ඒ සැලසුම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණයෙහි වර්තමාන වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 කට වඩා අඩු කර ගත යුතුයි. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. ඝානා ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් තබා අපි වගේම එම වැඩසටහන ඉදිරියට කරගෙන යනවා.ඒ අනුව අයි.එම්.එෆ් ගිවිසුම සාර්ථකව ඉදිරියට කරගෙන යන්නේ අපේ රටවල් දෙක පමණයි.

    අඩු ආදායම් ලබන රටවල් සඳහා පොදු ක්‍රියා රාමුවක් තියෙනවා. පොදු ක්‍රියා රාමුවට අයත් රටවලට තමන්ගේ ණය හිමියන් සියල්ල එක වේදිකාවට කැඳවා තීරණ ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒත් අපට එය අදාළ නැහැ. ඊට හේතුව වෙන්නේත් අප මැදි ආදායම් රටක් වීමයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සංකීර්ණ ක්‍රියාවලියක්.

    මේ පසුබිම මත අපට නිල ණය හිමි කමිටුවේ සාමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමඟත්, චීනයේ එක්සිම් බැංකුව සමඟත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශවයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශවයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි, අප ඉදිරියේ තිබුණු දැවැන්තම අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්නා භූ දේශපාලනික ප්‍රවණතා මධ්‍යයේ. ඒ නිසා අපේ ඉලක්කය වෙත ගමන් කිරීම ලේසි පහසු වුණේ නෑ.

    නමුත් අපි මේ සියළු දුෂ්කරතා සහ අභියෝග මැද අයිඑම්එෆ් වැඩසටහන ආරම්භ වී මාස 15 ක පමණ කෙටි කාලයක් තුළ විදේශීය ද්විපාර්ශවික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. සුබ ආරංචියක්.

    ගරු කතානායකතුමෙනි,

    ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි.

    • මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා.

    • පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා.

    • ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී.

    • ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.

    • මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

    ගරු කතානායකතුමෙනි,

    2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතාම පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මුල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පතුකරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි, අප දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සිදු කළේ.

    දැන් අප අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව බහුපාර්ශවීය ණය මේ වැඩ පිළිවෙලට අදාළ නැහැ. ඊළඟට අපට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා.

    තව නොබෝ දිනෙකින් මේ සියළු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්‍ෂා කරනවා. ඉන් පසු ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සියළු ගිවිසුම් හා ලියැවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නටය කියා මම රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් සිදු කරන ලෙස මම හර්ෂ ද සිල්වා මහත්මයට කියන්න කැමතියි.

    ගරු කතානායකතුමෙනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගමන් මග නිසා කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. දැනට අප ලබා ගෙන ඇති සාර්ථක ප්‍රතිඵල නිසා රටට ලැබෙන ප්‍රතිලාභ ගැනත් මම මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වන්නට කැමතියි. ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නෑ. නීත්‍යානුකූලව ඔවුන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ.

    මේ අවස්ථාවේ මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ බංග්ලාදේශය අපට කෙටි කාලීන ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරුණු විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝ කාලීන ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නෑ.

    සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතුරවනවා. මේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා.

    “ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි.”

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කරලා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න.
    මම මේ පෝස්ටුවෙන්ම ඊට අදාළ කරුණු ගෙනහැර දක්වන්නම්.

    අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා එය බිලියන 71 ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත් බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටකට අපට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබේ අනුගාමිකයන් කිසියම් දවසක ඔබේ පක්‍ෂය බලයට පත්කරන්න හදන්නේ බොරුවෙන්ද? ඒ ගැන සිතා බලන්න.

    ගරු කතානායකතුමෙනි,

    මේ අවබෝධතා ගිවිසුමෙන් පසුව අපට ද්විපාර්ශවීය විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යළිත් උදා වී තියෙනවා. අපේ නිල ණය හිමියන්, පැරිස් සමාජය, චීනයේ එක්සිම් බැංකුව ආදියෙන් යළිත් ණය ආධාර ලබා ගැනීමට අපට අවස්ථාව සැලසෙනවා.

    ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමග නැවතුණ ව්‍යාපෘති ගණනාවක් යළිත් ආරම්භ කරන්න හැකි වෙනවා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස නම් කෙරුණු නිසා, ඒ ඒ රටවල් ලබා දුන් මුදල් නැතිවීමෙන් අපේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අතර මග නැවතුණා. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති. ඒ සියල්ල යළි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. මෙය අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් වෙනවා. ඒ නිසාම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. රැකියා ආදායම් මාර්ග වැඩි වෙනවා. නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි.

    විදේශ ව්‍යාපෘති අතරමග නැවතීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ අපේ ආර්ථික සංවර්ධන වේගය පහළ වැටීමයි. මේ වන විට අප ප්‍රගතියක් ලබා තිබෙනවා. යළිත් ලෝක ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී සංවර්ධන වේගය තව තවත් ඉහළ නංවා ගැනීමට අපට හැකි වෙනවා.

    ගරු කතානායකතුමෙනි, විදේශ ණය සම්බන්ධයෙන් සමාජයේ පතුරවන මිථ්‍යාවන් පිළිබඳවත් කරුණු කීපයක් මම අවධාරණය කරන්න කැමතියි.

    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටකට තනිව යැපෙන්නට බැහැ. තනිව යැපෙන්නට තරම් ආදායමක් අප තවම උපදවා ගන්නේ නෑ. ඒ නිසා අපට ණය සහ ආධාර ලබා ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ණය සහ ආධාර අප ආයෝජනය කළ යුත්තේ එදිනෙදා කන්න බොන්න, පඩි වැඩි කරගන්න වගේ කාර්යයන් සඳහා නෙවෙයි. නිදහසෙන් පස්සේ අපේ රට වරද්දා ගත් ප්‍රධාන දෙයක් තමයි ඒ. පඩි වැඩි කරන්න ණය යොදා ගත්තා. ආණ්ඩුවේ රස්සා දෙන්න ණය යොදා ගත්තා. ආහාර නොමිලයේ දෙන්න ණය යොදා ගත්තා. ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, විදුලි බලය වගේ දේ අඩුවට දෙන්න ණය යොදා ගත්තා. රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්න ණය යොදා ගත්තා. නමුත් අපි ණය ගන්නේ නැතිව අස්වැසුම, උරුමය සින්නක්කර ඔප්පු, අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. සමහර දේශපාලන කණ්ඩායම් ඉදිරියටත් මේ ආකාරයටම ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. අපි ආවාම පඩි වැඩි කරනවා. අපි ආවාම බදු අඩු කරනවා. අපි ආවාම සහන දෙනවා. ඒ වගේ දහසකුත් එකක් පොරොන්දු. හැබැයි ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නෑ. හැබැයි, මම මේ වගකීම් බාර ගත්තාට පස්සෙ ආණ්ඩු ගණනාවක් කළ ඒ වැරදි වැඩේ නැවැත්තුවා. මීළඟට මම පෙන්වා දෙන්න යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය නිසා අපට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ පිළිබඳවයි.

    2022 වන විට විදේශ මුදලින් නාමනය කළ ණය ගෙවීම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.2 ක් අප වැය කළ යුතුව තිබුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 4.5 දක්වා අඩු කරගත යුතුයි. 2022 වෙද්දී දළ මූල්‍යයන අවශ්‍යතා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6 ක්. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 13 කට අඩුවෙන් පවත්වාගත යුතුයි. මෙමගින් රාජ්‍ය සේවාවන් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අවකාශය සැලසෙනවා. ඒ වගේම දේශීය පොලී අනුපාතිකයන් තවදුරටත් පහළ හෙළීමටත් ඉඩ කඩ ලැබෙනවා.

    ගරු කතානායකතුමෙනි,

    අගාධයකට වැටී තිබුණු අපේ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වෑයමට පක්‍ෂ භේදයකින් තොරව සහය දක්වන්න කියා මම මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. දීර්ඝ කාලයක් තිස්සේ මට දේශපාලන වශයෙන් එරෙහිව කටයුතු කළ අය පවා රට ගැන හිතලා මේ කාර්යයට ප්‍රසිද්ධියේම සහය දැක්වූවා. තවත් සමහරු නිහඬව සහය දැක්වූවා. තවත් පිරිසක් දිගින් දිගටම බාධා කළා. විවේචනය කළා. මේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ මම දැරූ ස්ථාවරය වුණේ වහාම අයිඑම්එෆ් සහය ලබා ගත යුතු බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කැඳවූ සර්ව පාක්‍ෂික සාකච්ඡාව විපක්‍ෂයේ යම් යම් කණ්ඩායම් වර්ජනය කරද්දී මම තනි මන්ත්‍රිවරයෙක් ලෙස ඊට සහභාගී වුණා. මගේ මතය මම පැහැදිලිවම ප්‍රකාශ කළා. අපට යන්න තියෙන එකම මාර්ගය අයිඑම්එෆ් සහය ලබා ගැනීම බව මම කිව්වා. ඊට මාස කීපයකට පස්සෙ රටේ ආර්ථිකය ගොඩනැංවීමේ අභියෝගය කිසිවෙකුත් බාර නොගත් පසුබිමක මම මේකට බෙල්ල තිබ්බා. ඒ අනතුරුදායක අභියෝගය මම බාර ගත්තේ මගේ රට වෙනුවෙන්. මගේ මව්බිම වෙනුවෙන්. ලක් මාතාව වෙනුවෙන්.

    ලක් මාතාව අනතුරුදායක වැල් පාලමෙන් කෙසේ හෝ එගොඩ කරන බව ජනතාව ඉදිරියේ සපථ කරමින් මම මේ අභියෝගය බාර ගත්තා. සියළු ජන කොටස් මේ වැඩපිළිවෙලට සහය දුන්නා. ඒ අයට මගේ ස්තුතිය මම යළිත් පුද කරන්නට කැමතියි. විවිධ දුෂ්කරතා මැද අයිඑම්එෆ් සාකච්ඡා අප ඉදිරියට ගෙන ගියා.ඒ අවස්ථාවේ විවේචකයන් කිව්වේ කිසි දිනෙක අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ නෑ කියලයි. හැබැයි අපි ඒ සාකච්ඡා සාර්ථක කරගත්තා. එතකොට විවේචකයන් පීල්ල මාරු කළා. අයිඑම්එෆ් සහයෝගයෙන් ගොඩ ගිය කිසිම රටක් නැති බව එක කණ්ඩායමක් කිව්වා. තමන් බලයට පත්වුණාම අයිඑම්එෆ් එකඟතාවලට ගරු කරන්නේ නැති බව තවත් අය කිව්වා.හැබැයි අපි සාර්ථකව ඉදිරියටම ගියා. විවේචකයන් ආයෙම පීලි මාරු කරා. අයිඑම්එෆ් කොන්දේසි සපුරන්න අපට බැරිවෙලා තියෙන බව සමීක්‍ෂණ වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දුන්නා. ඒ නිසා අපේ වැඩපිළිවෙල අසාර්ථක බව කිව්වා. පළමු වාරිකය ලැබුණාට දෙවැනි එක ලැබෙන්නේ නෑ කියලා කිව්වා. හැබැයි දෙවැනි වාරිකයත් අපට ලැබුණා.

    ඒ පාර ආපහු විවේචකයන්ගේ පීලි මාරු වුණා. අයිඑම්එෆ් කොන්දේසිවලින් සියයට අච්චරක් මෙච්චරක් සපුරන්න අපි අසමත් වෙලා කියලා අහවල් සමීක්‍ෂණ ආයතනය කියා තිබෙනවා. දැන් ඉතින් තුන්වැනි වාරිකය ගැන බලාපොරොත්තු තියන්න බෑ කියමින් ඒ අය රටම බය කරන්න උත්සාහ කළා.හැබැයි තුන්වැනි වාරිකයත් අපට ලැබුණා.

    පීල්ල නැවතත් මාරු වුණා. තුන්වැනි වාරිකය ලැබුණත් කිසි ලෙසකින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කරගන්නට අපට ලැබෙන්නේ නෑ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රතිව්‍යූහගතකරණයට එකඟ වෙන්න එපා කියලා අපේ ණය හිමි රටවලට විවිධාකාරයේ බලපෑම් කරන්නටත් උත්සාහ කළා.හැබැයි ණය ප්‍රතිව්‍යූහගතකරණයත් අප සාර්ථක කර ගත්තා.

    ඒ පාර ආයෙම පීලි මාරු කළා. දැන් කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිලා නැති නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පලක් නෑ කියලා. ඒ නිසා තාමත් අපි බංකොලොත් රටක් කියලා. මම ඒ ගැනත් යමක් කියන්නට කැමතියි.

    2019 වෙද්දී අප හිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල බී මට්ටමේ. 2020 දී ශ්‍රී ලංකාව සී මට්ටමට පහත දැම්මා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින්. අපි පහළම මට්ටමට වැටුණේ ණය ගෙවන්න බැරි වුණාට පස්සෙ නෙවෙයි. එයින් අපට පැහැදිලි වෙන්නේ ශ්‍රේණිගත කිරීම් සඳහා පදනම් කරගන්නා වෙනත් නිර්ණායක ගණනාවක් තියෙන බව.

    දැන් අප සාර්ථක ප්‍රතිඵල ගණනාවක් පෙන්වා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථකව නිම කළා. විදේශීය ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කර ගත්තා. ඉතිරිව ඇති වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණද කඩිනමින්ම නිම කර ගැනීමට අපට හැකි වේවි.

    මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ජාත්‍යන්තර මුල්‍ය ආයතන කටයුතු කරාවි. අපේ විවේචකයන්ට ආපහු පීලි මාරු කරන්න සිද්ධ වෙන්නේ අන්න එතකොටයි.

    ගරු කතානායකතුමෙනි, ආණ්ඩුවේ අපි සහ මේ විවේචකයන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ කයිවාරුකරුවන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ පම්පෝරිකරුවන් අතර වෙනසක් තියෙනවා.අපි රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක, නිවැරදි මාර්ගයක ඉදිරියට යනවා. ඔවුන් බලය වෙනුවෙන් දවසින් දවස එක එක කතා කියනවා.

    මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ඔවුන් මේ සියල්ල ස්වාධීනව සහ අපක්‍ෂපාතීව නිරීක්‍ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවන්තව මේ සියල්ල බලා සිටිනවා. පක්‍ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවාද, එහෙමත් නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ගැන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තියෙනවා.

    ගරු කතානායකතුමෙනි, මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තත්වය මොකද්ද? අපට ඒ තත්වය අමතක කරන්න පුළුවන්ද? ආර්ථික පැත්තෙන් පමණක් නෙවෙයි. සමාජයීය, දේශපාලනික පැතිවලින් පවා. ඒ තත්වය වෙනස් වී, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සුබ ආරංචිය එද්දී සමහරු කලබල වුණු විදිය අප දැක්කා. භූමිතෙල් ගෑවුණු ගැරඬියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? අයිඑම්එෆ් වැඩ පිළිවෙල සාර්ථක වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන එක අවසන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සියයට තිහකට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොළිය සියයට 9 ක් පමණ දක්වා පහළ වැටීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සියයට 70 ක් වගේ ඉහළ අගයකට ගිය උද්ධමනය පසුගිය මාසයේ අවසානයේදී සියයට 1.7 ක් දක්වා අඩු වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? එක දිගට කාර්තු 6 ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? 2022 මැයි මාසය වෙද්දී පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5410 ක් දක්වා ඉහළ නැංවීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? රුපියල ශක්තිමත් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? ප්‍රාථමික ගිණුමේ හිඟය, අතිරික්තයක් ලෙස පරිවර්තනය වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සල්ලි අච්චු ගහන්නේ නැතිව අයවැය හිඟය පියවා ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? ගාලූ මුවෙදාර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නොතිබුණු පක්‍ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? පාර්ලිමේන්තුවට එන්නට තියා තම තමන්ගේ ගෙවල්වල ඉන්නවත් බැරි තරම් භීෂණයක් තිබුණු රටක්, කිසිවෙකුට බයක් හැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට ගෙන ඒම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? රටට යහපතක් වෙන එක සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

    ගරු කතානායකතුමෙනි, මෙතැනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි. මේ සුබ ආරංචිය අනාගතය දක්වා රැගෙන යන්නට හැකි එකම මාර්ගය මෙයයි. පසුගිය කාලය තුළ අප ලැබූ ජයග්‍රහණ මගින් එය යළි යළිත් තහවුරු වී තියෙනවා. වැල් පාලමේ අසීරු ගමන අප ඉදිරියටම යා යුතුයි. කවුරු බලයට ආවත් ආපසු හැරීමක් අපට නෑ. ආපසු හැරී වෙන පාරක ගියොත් මාසයක් දෙකක් යන්න කලින් ඉන්ධන නෑ. ගෑස් නෑ. විදුලි බලය නෑ. මහා ව්‍යසනයකට රට ඇද වැටෙනවා. වසර 25 කට තිහකට යළි ගොඩ එන්නට බැරි ඛේදවාචකයකට මේ රට ඇද වැටෙනවා. හුණුවටයේ කතාව නාට්‍යයේ ගෲෂා දරුවා වඩාගෙන වැල්පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නෑ. ඒ වෙලාවෙ ළඟ ඉන්න කෙනෙක් ගෲෂා ගෙන් මෙහෙම අහනවා.

    ‘මැරෙන්න හදනවද? පේනවද හෙළ..! පාතාල ලෝකෙ වගේ….!!’

    ඒත් ගෲෂා අවදානම් තීරණය ගන්නවා.ඇය දරුවත් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා.හැබැයි හුඟක් දෙනා බලන් ඉන්නෙ ගෲෂා වැල් පාලමෙන් පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදි ඇය දරුවාවත් රැගෙන ආරක්‍ෂිතව වැල් පාලමෙන් එගොඩ වෙනවා.බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම.‘මං උන්නෙම වැටෙයි කියලා…. අපරාදෙ….’

    අන්න එහෙම කාලකන්නි සිතිවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතිවිල්ල වෙනස් කරගන්න කියලයි. වැටෙන තුරු බලා නොසිට අපි රට ගොඩනංවන විදිය ගැන හිතමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු. මට කැමති, අකමැති – මට ගරු කරන, මට නිගරු කරන මේ ගරු සභාවේ සියළු සාමාජිකයන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න කියායි.එකක් මතක තියා ගන්න. මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රියතාවය වෙනුවෙන් නෙවෙයි. මම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කළේ නෑ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දු ගත්තේ නෑ. මේ ගරු සභාවේ මම වගේම රටට ආදරය කරන තවත් බොහෝ අය ඉන්නවා. තම තමන්ගේ පුද්ගලික ලාබ ප්‍රයෝජනවලට වඩා රට ගැන හිතන බොහෝ අය ඉන්නවා. ඒ සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට එක් වෙන ලෙසයි. මේ මල් වට්ටියට අතගසන ලෙසයි. එන්න. අපි එකට එක්වී අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව

  • මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

    මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.

  • ජූනි 26 ණය ගිවිසුම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි

    ජූනි 26 ණය ගිවිසුම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි

    ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන් මෙම ගිවිසුම්වලට අත්සන් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.

  • ලංකාවට Starlink දෙන ‘පනත් කෙටුම්පත‘ ගැන අලුත්ම තීන්දුව

    ලංකාවට Starlink දෙන ‘පනත් කෙටුම්පත‘ ගැන අලුත්ම තීන්දුව

    ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත.

    දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම වතාවට මේ ආකාරයෙන් සංශෝධන කර ඇති අතර, උසස් තාක්ෂණයට අනුකූලව කර්මාන්තය නියාමනය කිරීම සඳහා එමගින් පහසුකම් සපයයි.

    රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත බලාත්මක කළහොත් රට තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන සැලසෙනු ඇති බවයි.

    පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, තාක්ෂණ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබාදුන් බවයි.

    ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අවශ්‍ය බවට යෝජනා කරමින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කථානායකවරයා පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරනු ලබන සංශෝධනවලට ඉඩ සැලසෙන එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළේය. ලෝකයේ තාක්ෂණික ප්‍රවණතාවලට අනුකූල වන පරිදි නීති සංශෝධනය කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

    ලෝකයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර මෙම පනත් කෙටුම්පත සකස් කළ බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව, වඩාත් තරඟකාරී වෙළඳපොළක් තුළ, පාරිභෝගිකයාට සාධාරණ වන නියාමනයක් සඳහා ඉඩකඩ තිබේ.

    තරඟකාරී ක්‍රමයක් යටතේ විදුලි සංදේශ සංඛ්‍යාත ලබාදීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අදාළ නීති සම්පාදනය කරන බව ද අනාවරණය විය. ඒ අනුව අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කළ යුතු අතර එමගින් නව තාක්ෂණය මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හඳුන්වාදීමට මෙන්ම ව්‍යාපාරයේ නිරත ආයතන නිසි පරිදි නියාමනය කිරීමට ද අවස්ථාව උදාවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍රවලට අමතරව තවත් බලපත්‍ර වර්ග 3ක් හඳුන්වා දෙන බවද අනාවරණය විය. ඒ අනුව විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමාගම්වලට බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රතිපාදන සලසනු ඇත. මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් කෙරෙන බවද එම නිලධාරීන් ප්‍රකාශ කළහ.

    තවද මෙම සංශෝධන හරහා වෙළඳපළ තරඟකාරිත්වයේ තීරුබදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවස්ථාව උදාවී ඇති බවද එම නිලධාරීන් පෙන්වා දුන්හ. මුහුද යට විදුලි සංදේශ කේබල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායකය තුළ ලබා දී ඇති ප්‍රතිපාදන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    විදුලි සංදේශ ආශ්‍රිත තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින හෙයින්, එවැනි තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සිය නීති සම්පාදනය සහතික කළ යුතු බව කමිටුවේ සභාපතිවරයා අවධාරණය කළේය. තවද, මෙම සංශෝධන මගින් විදුලි සංදේශ ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීමේ වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    තවද, මෙම පනත් කෙටුම්පත රාජ්‍ය මූල්‍ය, වෙළඳපල තරඟකාරිත්වය සහ විනිවිදභාවය සහ පාරිභෝගික සාධාරණත්වය සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලමින් සිටින බව ද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

  • පොහොට්ටුවේ මහ පළුවක් ගැලවෙන හැටි කාංචන කියයි

    පොහොට්ටුවේ මහ පළුවක් ගැලවෙන හැටි කාංචන කියයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

    එහිදී ඔහු මෙසේද පැවසීය.

    පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

    ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.

    මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    – Media unit

  • මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්

    මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය.

    තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් තමාට වෙනත් කිසිදු ව්‍යාපාරයක් නොමැති බවත් ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් 25,000ක් සමග නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව ද ඇය පැවසුවාය.

    ‘‘මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්‘ ඇය වැඩිදුරටත් පැවසුවාය.

  • රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි

    රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි

    ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ඔහු සහන් කළේ අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත මුදා හැරියහොත් පමණක් මැතිවරණ පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

    ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රමාණවත් සේවකයින් සහ ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට ද අවශ්‍ය බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    එසේම මෙම මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතු බවත් ඒ අනුව එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු පමණ ආරක්‍ෂාවට අවශ්‍ය බව ද ඔහු පැවසීය.

     

  • සුපිරි පාසල් රග්බි ප්‍රේක්ෂකයින්ගෙන් පහර කෑ විනිසුරන් හතරක් රෝහලේ

    සුපිරි පාසල් රග්බි ප්‍රේක්ෂකයින්ගෙන් පහර කෑ විනිසුරන් හතරක් රෝහලේ

    ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු විය.

    විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින් විනිසුරුවන් බිම පෙරලාගෙන පහර දී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

  • T20 වල රෝහිත් සහ කෝලිගේ ස්ථානය ගන්නේ කවුද ?

    T20 වල රෝහිත් සහ කෝලිගේ ස්ථානය ගන්නේ කවුද ?

    2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි.

    ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක සේවයෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නවවැනි විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රහණයෙන් පසු T20 ආකෘතියෙන් විශ්‍රාම ගත්හ. රෝහිත් (ලකුණු 4231) විස්සයි 20 තරගවල වැඩිම ලකුණු ලාභියා ලෙස සිය වෘත්තීය දිවිය අවසන් කරන අතර, කෝලි (ලකුණු 4188) දෙවැනි ස්ථානයේ පසුවේ.

    ඔවුන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් අතිවිශාල දායකත්වය අනුව ඔවුන්ගේ ආදේශකයන් සොයා ගැනීම පහසු නොවනු ඇත. කෙසේ වෙතත්, මීළඟ තරඟාවලියට ඇත්තේ වසර දෙකක් පමණක් බැවින් ඉන්දියාව ඉක්මනින්ම නව ක්‍රීඩකයින් හඳුනා ගත යුතුය.

    මෙම සුවිශේෂී යුගලය වෙනුවට ඉහළ පෙළට පැමිණිය හැකි පිතිකරුවන් දෙස අපි බලමු.

    යෂස්වි ජයිස්වාල් / Yashasvi Jaiswal තරඟ 17, ලකුණු 502, සාමාන්‍ය 33.46, සාමන්‍ය අනුපාතය 161.93, ඉහළම ලකුණු 100කි. යෂස්වි ඉන්දීය විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ රෝහිත් සහ කෝලිට නොගැලපෙන අයෙකි. ඔහුගේ මුල්ම ජාත්‍යන්තර තරගයේ සිට වසරකටත් අඩු කාලයකදී, ජයිස්වාල් කීර්තිමත් ආරම්භක පිතිකරුවෙකු ලෙස ස්ථාවරව ඇත.

    ජයිස්වාල් ඉහළ වේගයකින් ලකුණු රැස් කරන අතරම වඩාත් ස්ථාවර ශක්තිමත් බවක් ලබා දෙයි. ඉහළ ලකුණු රැස් කරන්නෙකු වන ඔහු බටහිර ඉන්දීය කොදෙව් සිට දකුණු අප්‍රිකාව දක්වා විවිධ තත්වයන් යටතේ සාර්ථක වී ඇත.

    ශුබ්මන් ගිල් / Shubman Gillතරඟ 14, ලකුණු 335, සාමාන්‍ය 25.76, පහර-අනුපාතය 147.57, වැඩිම ලකුණු 126.

    ශ්‍රේෂ්ඨ දකුණත් පිතිකරු පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය වයිට්බෝල් සැකසුමෙහි නිත්‍ය ක්‍රීඩකයෙකු වූ අතර 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ දී රෝහිත්ගේ ආරම්භක සහකරු විය.

     

    ඉහළින්ම ආරක්ෂිත විකල්පයක් වන ගිල් ඔහුගේ ඉනිමේ ආරම්භයේ දී බිම දිගේ හිඩැස් සෙවීමේ ඔහුගේ ප්‍රවණතාවය සඳහා කැපී පෙනෙන අතර ශක්තිමත් පසුපෙළ ක්‍රීඩාවක් ඔහු සතුව ඇත. පිරිමි විස්සයි 20 ලෝක කුසලානයේ මෙම සංස්කරණය සඳහා වන ඉන්දීය සංචිතයේ පිතිකරුට ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වුවද, එළඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ඔහු නායකත්වය දරයි. T20 තරඟ පහේදී, හිස්ව ඇති ඉහළ පෙළේ ස්ථානයට ප්‍රබල හිමිකම් පෑමට, නායකයා ලෙස මෙන්ම පිත්තෙන් ද ඔහුගේ දක්ෂතා ප්‍රදර්ශනය කළ හැකිය.

    ශුබ්මන් ගිල් ලකුණු 92ක් සමඟින් ෆෝම් වේ CWC23

    ශුබ්මන් ගිල්ගේ ලකුණු 92 හි විශේෂ අවස්ථා. මුම්බායිහිදී පිතිකරුවා හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කරමින් හොඳ පන්දු යැවීමක් පෙන්නුම් කළේය.

    අභිෂේක් ෂර්මා / Abhishek Sharma2018 වසරේ U19 ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ සාමාජිකයෙකු වූ අභිෂේක් ෂර්මා සෑම විටම ඔහුගේ ප්‍රහාරාත්මක පහරවල් සඳහා ප්‍රසිද්ධියට පත් විය. කෙසේ වෙතත්, 2024 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී වමත් පිතිකරුවා සැබවින්ම කැපී පෙනුණි.

    ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් ප්‍රධානියා සමඟ හවුල් වූ අභිෂේක්, සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) සඳහා පුපුරන සුලු ආරම්භයක් ලබා දුන්නේය. ඔහු සිය තරග 16කින් ලකුණු 484ක් රැස් කළේ 204.21ක දැවැන්ත පහර වේගයකිනි.

    මෑත වසරවලදී, ඉන්දියාව හොඳ පිතිකරණ තත්වයන් තුළ පසුගාමී වී ඇති අතර, ඔවුන්ගේ ලකුණු අනුපාතය බොහෝ විට එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව වැනි ක්‍රීඩකයින් සමඟ නොගැලපේ. අභිෂේක්ගේ සම්පූර්ණ ප්‍රහාරාත්මක ක්‍රීඩාවට ඔවුන්ගේ පිතිකරණ ප්‍රවේශය විසඳිය හැකිය.

    KL රාහුල්/ KL Rahulතරඟ 72, ලකුණු 2265, සාමාන්‍ය 37.75, පහර-අනුපාතය 139.12, ඉහළම ලකුණු 110. KL රාහුල් 2022 පිරිමි T20 ලෝක කුසලානයේ සිට තේරීම් කමිටු රේඩාර් වලින් ඉවත් වීමට ඉඩ තිබුණත් 32 හැවිරිදි ඔහු රෝහිත් සහ කෝලිගේ නික්ම යාමෙන් පසු ඉන්දියානු පරිපථවල වඩාත්ම පළපුරුදු මුල් පෙළ පිතිකරුවා වේ. ඔහුගේ අතේ ඇති පහරවල් රාශියක් සමඟ, රාහුල් පිත්ත සමඟ ඉහළම විකල්පයකි. රාහුල් යන විට ඔහුව නවත්වන සුළු දෙයක් වන අතර කඩුල්ල පිටුපස අමතර විකල්පයක් ද වේ. ඔහු අභියෝගාත්මක අවස්ථා වලදී ද දස්කම් දක්වන්නෙකු වන අතර, ඔහු ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දිවීමේදී පෙන්නුම් කළ පරිදි, එහිදී ඔහු ලකුණු 452ක් රැස් කළේ සාමාන්‍ය 75.33ක් ලෙසිනි.

    රුතුරාජ් ගයික්වාඩ් / Ruturaj Gaikwadතරඟ 19, ලකුණු 500, සාමාන්‍ය 35.71, වැඩිම ලකුණු 123. සුපරීක්ෂාකාරී ආරම්භක පිතිකරුවෙකු වන ගයික්වාඩ්ට ඔහුගේ අවධානය යොමු වූ පසු ඔහුගේ ලකුණු අනුපාතය විශිෂ්ට ලෙස ලබා ගත හැකිය. මෙම ලැයිස්තුවේ සිටින තවත් සමහරුන්ට මෙන්ම, ගයික්වාඩ්ටද ඉන්දියාවේ සිම්බාබ්වේ සංචාරය අතරතුර නිත්‍ය ස්ථානයක් මුද්‍රා තැබීමට අවස්ථාවක් තිබේ.

    ඉෂාන් කිෂාන් / Ishan Kishanතරඟ 32, ලකුණු 796, සාමාන්‍යය 25.67, පහර-අනුපාතය 124.37, ඉහළම ලකුණු 89. ඉෂාන් කිෂාන් සමඟ යාමෙන් වම-දකුණු සංයෝජනය දිගටම පවත්වා ගැනීමට පැත්තට උදව් කළ හැකිය. පිපිරුම් පහරවල් සමඟින්, කිෂාන්ට වේගවත් ආරම්භයක් ලබා දිය හැකි අතර ඔහුගේ පන්දු රැකීම ප්‍රසාද දීමනාවක් වේ. දැනට ඉන්දියානු සංචිතයේ කොටසක් නොවේ, කිෂාන් තවමත් ජාත්‍යන්තර අත්දැකීම් ඕනෑ තරම් ඇති ගුණාත්මක විකල්පයකි. ඔහුගේ දස්කම් තේරීම් කමිටුවේ අවධානයට ලක් වුවහොත්, කිෂාන් මෙම සැකසුම සඳහා අගනා එකතු කිරීමක් වනු ඇත.

    මූලාශ්‍රය – Icc Cricket.com