Category: සුපිරි News

  • නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

    නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

    නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

    නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    • ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා              – අමාත්‍ය මණ්ඩල ලේකම්
    • ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා                – මහාමාර්ග අමාත්‍යාංශය
    • එස්.ආර්. ආටිගල මහතා                        – මුදල් අමාත්‍යාංශය
    • ජේ.ජේ. රත්නසිරි මහතා                       – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන
    • ජගත් පී.විජේවීර මහතා                        – ජනමාධ්‍ය අමාත්‍යාංශය
    • රවින්ද්‍ර හේවාවිතාරණ මහතා                 – වැවිලි අමාත්‍යාංශය
    • අනුර දිසානායක මහතා                         – වාරිමාර්ග අමාත්‍යාංශය
    • ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා         – කර්මාන්ත අමාත්‍යාංශය
    • වසන්තා පෙරේරා මහත්මිය                   – විදුලිබල අමාත්‍යාංශය
    • එස්. හෙට්ටිආරච්චි මහතා                     – සංචාරක අමාත්‍යාංශය
    • ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා               – ඉඩම් අමාත්‍යාංශය
    • එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා   – කම්කරු අමාත්‍යාංශය
    • ආර්.එම්.අයි. රත්නායක මහත්මිය          – ධීවර අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
    • එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා                – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
    • එන්.බී. මොන්ටි රණතුංග මහතා           – ප්‍රවාහන අමාත්‍යාංශය
    • ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා          – ජලසම්පාදන අමාත්‍යාංශය
    • ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය             – වෙළෙඳ අමාත්‍යාංශය
    • මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා   – සෞඛ්‍ය අමාත්‍යාංශය
    • මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
    • අනුරාධ විජේකෝන් මහතා                   – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
    • කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය                 – බලශක්ති අමාත්‍යාංශය
    • අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
    • වෛද්‍ය අනිල් ජාසිංහ මහතා                 –  පරිසර අමාත්‍යාංශය
    • මහාචාර්ය කපිල පෙරේරා මහතා           – අධ්‍යාපන අමාත්‍යාංශය
    • සිරිනිමල් පෙරේරා මහතා                     – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය
  • ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන් චීනෙට ගිය 23කට කොරෝනා..!

    ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන් චීනෙට ගිය 23කට කොරෝනා..!

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනුව සති හතරක කාලයක් සඳහා කොළඹ – ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය කටයුතු කර තිබේ.

    මීට අමතරව එතිහෑඩ් ගුවන් සෙවයේ අබුඩාබි – ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 දා චීනයට ගිය ගුවන් මගීන් 6කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී හේතුවෙන් එම ගුවන් ගමන සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.

    මීට අමතරව මැනිලා – ෂැංහායි ගමන් කරන MU 212 චයිනා ඊස්ටන් ගුවන් යානයෙන්ද අගෝස්තු 05 වැනිදා කොවිඩ් ආසාදිතයන් 6ක් වාර්තා වීමත් සමගින් එම ගුවන් ගමන්ද තාවකාලිකව සතියක කාලයක් අත්හිටුවා තිබේ.

    අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

    ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට  පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න !

    කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න !

    අද (12) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට අයත් අදාළ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සුරක්ෂිතබව සහතික කරමින්, අපරාධ හා සමාජ විරෝධී හා ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම්වලින් තොර වු නීතිය හා සාමය ස්ථාපිත රටක් ඇති කිරීම.

    02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    මුදල් අමාත්‍යාංශය – සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විෂර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා අයෝජන, රාජ්‍ය ණය, බැංකු, මූල්‍ය හා රක්ෂණ කටයුතු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ හා ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම.

    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවය තුළ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමින්, අනෙකුත් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂක කිරීම හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා කටයුතු කිරීම හා ශ්‍රී ලාංකීය ප්‍රෞඩත්වය හා අනන්‍යතාවය ස්ථාපිත කරමින් ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍ය, කලාව ආදී සංස්කෘතිමය විහිදීම් සංරක්ෂණය කිරීම හා උසස් රසඥතාවයක් උදෙසා එම අංශයන්හි ධනාත්මක ප්‍රගමනය තහවුරු කිරීම

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය – භෞතික අවකාශයේ නව ප්‍රවේශයක් හරහා ආර්ථීක කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙන්ම, සුවපහසු, සුපිරිසිදු නගර ඇති කිරීම සහ ජනතාවට ඇවැසි නේවාසික හා නාගරික පහසුකම් ලබා දීම.

    03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

    කම්කරු නීති ප්‍රඥප්ති ප්‍රමිති සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ සබඳතා පවත්වා ගනිමින්, කම්කරු ප්‍රජා ආරක්ෂණය, සුබසාධනය සිදු කිරීම හා කාර්මික සාමය හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.

    04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

    දැනුම පදනම් කරගත් සමාජ ආර්ථීකයක් කරා ශ්‍රී ලාංකීය ජනතාව නගා සිටුවීම සඳහා තිරසර අධ්‍යාපන ක්‍රමෝපායන් මගින් ළමා මිතුරු අධ්‍යාපන,නවෝත්පාදන පදනම් කරගත් දැනුම හා විශිෂ්ට උසස් අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය ඉඩප්‍රස්ථා අනාගත පරපුර වෙත විවෘත කරදීම.

    05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

    කායික, මානසික, සාමාජීය සුවතාව මෙන්ම, ආධ්‍යාත්මික සුවතාව ද ඉලක්ක කර ගනිමින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මත පදනම්ව බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගීතාවය තුළ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම සඳහා කටයුතු කිරීම.

    06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

    මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් මත ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරමින් සමාජ, ආර්ථීක, දේශපාලන හා සංස්කෘතිමය වපසරියන් තුළ ද්වි පාර්ශවික හා බහුපාර්ශවික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීම.

    07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

    දේශීය වශයෙන් මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලමින්, දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකරලමින් ධීවර ප්‍රජාවගේ සමාජ හා ජීවන මට්ටම් ඉහළ නංවමින් ජාතික ආර්ථීකයට ඉහළ දායකත්වයක් දක්වන ධීවර කර්මාන්තයක් ඇති කිරීම.

    08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

    මගී හා භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක මගී පහසුකම්, අදාල යටිතල පහසුකම්, සේවා ප්‍රමිතීන්, මාර්ග තදබද හා අනතුරු වලක්වා ගැනීමේ සමස්ථ ප්‍රවාහන සේවය පොදු කාලසටහනකට ක්‍රියාත්මක වන ජනතා විශ්වාසය තහවුරු වන ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම හා මහා මාර්ග හා දුම්රිය මාර්ග පදනම් කරගත් පරිසර හිතකාමී මෙන්ම මහජන හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම.

    09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

    පාරිභෝගිකයින් ගේ අයිතීන් ආරක්ෂා කරමින් තරගකාරී දේශීය වෙළෙඳ ජාලයක් හරහා ජනතාව වෙත අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීම සඳහා කටයුතු කිරීම.
    10. සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

    වනජීවි හා වන සම්පත් සංරක්ෂණය මගින් ජෛව විවිධත්වය පෝෂණය කිරීම හා පරසර සංවේදී වන වගාවන් තුළින් ජාතික වන වැස්ම පුළුල් කිරීම හා වන සතුන් ජීවත්වන ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීම.

    11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    සියලූ රාජ්‍ය සේවාවන්හි පූර්ණ ධාරිතා සංවර්ධනයක් සිදු කරමින් නව තොරතුරු තාක්ෂ‚ක ක්‍රමෝපායන් ඔස්සේ කාර්යයන් ද්විකරණය වළක්වාලමින් සේවා දායකයින් වෙත ප්‍රශස්ථ සේවාවක් ලබා දීම හා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පවතින අසමානතා අවම කරමින් ජනතාව වෙත උසස් සේවා සැපයීමක් ලබාදීම.

    12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

    භාෂාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළුව නිවැරදි තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය තහවුරු කරන තොරතුරු දැනුම හා මතවාදයන් සමබර සන්නිවේදනයක් සඳහා උචිත ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය කුසලතා සංවර්ධනයට කටයුතු කිරීම.

    13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

    දිවයින පුරා ඇති වැව් හා වාරිමාර්ග, ජලාශ පද්ධතිය හා ආශ්‍රිත ඇළ වේලී සංරක්ෂණය කරමින් කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම ජල විදුලි බලාගාර හා පානීය ජලසම්පාදනයට අවශ්‍ය කළමනාකරණය, වාරිමාර්ග පද්ධතිය පුළුල් කිරීම. ජලය කාර්යක්ෂමව පාවිච්චි කිරීමේ නව තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ හා අදාළ කටයුතු.

    14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම උපයෝගී කර ගනිමින්, සියලූම නාගරික හා ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි බල අවශ්‍යතා සපුරාලීම හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වෙළඳපළ තරගකාරීත්වය තහවුරු වන විදුලි බලය සැපයීම හා බලශක්ති සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම.

    15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

    මහජනතාවට යාම් ඊම් සඳහා අවශ්‍ය මාර්ග පහසුකම් සැපයීම හා ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්ථීකයක් කරා රැගෙන යාමට අවශ්‍ය සහසම්බන්ධිත මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීම.

    16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

    කර්මාන්ත විවිධාංගීකරණයක් හරහා දේශීය, කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් ගෝලීය තරඟකාරීත්වය තුළ සාපේක්ෂ ලාභයන් වෙත ළඟාවීම සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නවීන ක්‍රමෝපායන් හරහා ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය.

    17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

    තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වභාවික සෞන්දර්යය රැක ගනිමින් ස්වභාවික සම්පත් පරිහරණය කිරීම මෙන්ම වන, වෘක්ෂලතා, වෙරළ, වගුරු බිම්, ඇළ, දොළ, ගංගා හා වන ජීවින් කිරීම, කැලිකසළ වලක්වා ගැනීම හා ඉවත් කිරීම, පිරිසිදු නේවාසික පරිසරයක් හා තිරසාර ආර්ථීක සංවර්ධනයකට ගැලපෙන පරිදි පරිසර ප්‍රතිපත්ති හා ආයතනවලට අදාළ කටයුතු.

    18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

    ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හරහා ප්‍රශස්ත ඉඩම් කළමනාකරණයක් තුළින් සංවර්ධන කාර්යයන්, නේවාසික කටයුතු හා පොදු අවශ්‍යතා සඳහා කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ඉඩම් ලබා දීම හා අනාගත පරපුර සඳහා භූමියේ අයිතිය සුරක්ෂිත කිරීම.

    19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය 

    ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මත පදනම්ව, නවීන තාක්ෂණ උපයෝගීතාවය තුළ සමෘද්ධිමත් දේශීය කෘෂි සංස්කෘතියක් හා කෘෂි ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කරමින් රටේ දළ ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දීම හා දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත ප්‍රමාණවත් වස විසෙන් තොර ගුණාත්මක ආහාර හා කෘෂි නිෂ්පාදන සැපයීම, කෘෂිකාර්මික සම්පත් ඉහළ ඵලදායිතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීම තුළින් ආහාර සුරක්ෂිතතාවය, ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීම, යැපුම් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙනුවට වාණිජමය වශයෙන් ඵලදායී නව තාක්ෂ‚ක කෘෂි නිෂ්පාදනයකට පරිවර්තනය වීම හා කෘෂිකාර්මීකරණ ක්‍රියාවලියට (Agro industrialization) ප්‍රවේශ වීමෙන් සියලු පාර්ශවයන් ඇතුළත්වන ආර්ථීක සංවර්ධනයක් ඇති කර ගැනීම.

    20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

    දිවයිනේ සියලූ නිවෙස් ආවරණය වන පරිදි ජල සම්පාදනය කිරීමත්, පවත්නා ජල සම්පාදන හා ජල ප්‍රවාහන පද්ධති ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ධාරිතාව පුළුල් කිරීමත්, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන දිරි ගන්වමින් ප්‍රමිතියෙන් යුත් පානීය ජල සම්පාදනය හා ඛෙදා හැරීම.

    21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

    බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම හා ඉන්ධන ආනයනය අඩුකර ගැනීම සඳහා ජාතික අවශ්‍යතා සැපිරෙන පරිදි ඛනිජ තෙල් හා ගෑස් ඇතුළ අතුරු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම හා බෙදා හැරීම් කටයුතු හා අදාළ ප්‍රමිතීන්වල නියාමන කටයුතු හා අදාළ රාජ්‍ය ව්‍යපාර කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම.

    22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

    පර්යේෂණාත්මක විධි ක්‍රමයන් නව තාක්ෂ‚ක මෙවලම් හා ප්‍රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගීකරණයක් තුළින් අපනයන වෙළඳපළ ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්‍රය නව මානයක් වෙත යොමු කිරීම.

    23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ජෛව විවිධත්වය, පරිසර හිතකාමීත්වය හා මිත්‍රශීලී ජන අනන්‍යතාවය මතු කරමින් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශිත රටක් බවට පත්කරමින්, ඉහළ ආදායම් ලබන රැකියා හා ජීවනෝපාය ක්ෂේත්‍රයක් හා උසස් විදේශ විනිමයක් උපයන ආර්ථීක ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම.

    24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

    ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ජාලයත්, වාණිජ සහ මුදල් කේන්ද්‍රස්ථානයක්, ජාත්‍යන්තර කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙසත් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වරාය හා නාවුක සැපයුම් පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම.

    25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

    අභිමානවත්, තුලිත පෞරුෂත්වයකින් හෙබි, ජවසම්පන්න තරුණ ප්‍රජාවක් ඇති කිරීම, බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ළමා හා තරුණ පිරිසක් බිහිකිරීම, ක්‍රීඩා හිතකාමී ජන සමාජයක්, නාගරික සංවර්ධන, සංචාරක, වාණිජ හා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟන ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම.

    26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

    ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වය තබා ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින්, නීතිය වෙත ප්‍රවිෂ්ඨ වන හා නීතියේ රැකවරණය සැමට සර්ව සාධාරණ වන සේ කටයුතු කිරීම උදෙසා නෛතිකමය පසුබිම සකස් කිරීම හා භෞතික පහසුකම් සලසාලීම.

    Text Copied by ada derana
  • ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති

    ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති

    රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අද (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.

    අද පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිවරු ඇතුළු  කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද  පළ කළහ.

    මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට ස්වාධීනව ඉදිරියට යාමට හැකි බලයක් ජනතාව දී ඇතැයි සඳහන් කළ නියංගොඩ විජිතසිරි අනු නායක හිමියෝ එය මනාව හඳුනා ගනිමින් අභියෝග ජය ගැනීමට ආශිර්වාද කළහ.

    අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අනුනායකහිමිවරුන් වන අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු බැහැ දුටුහ.

    රටට යහපත් පාලක දෙපළක් පත්ව ඇතැයි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියෝ අනුශාසනාවක් කරමින් කියා සිටියහ. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා පත් කිරීම් සිදුකර ඇති ආකාරය ගැන උන්වහන්සේ සිය ප්‍රසාදය පළ කළහ.

    රටට, ජාතියට සේවය කිරීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ නව රජයට ආශිර්වාදය පළ කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපන පේමසිරි නා හිමියෝ සඳහන් කළහ.

    මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

    පසුගිය කාලයේ පිරිවෙන් අධ්‍යාපනයට නිසි තැන හිමි නොවූ බව  රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නා හිමියෝ පෙන්වා දුන්හ.

    ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ගෙන යන නව වැඩපිළිවෙලත් සමග දේශීයත්වයට සහ රටට නව පණක් ලැබී ඇතැයි සඳහන් කළ ප්‍රේමවංශ නා හිමියෝ රටට අවශ්‍ය මොනවාද යන්න ඔබතුමන්ලා දෙපළට පෙනෙන බව පැවසූහ. දේශීය දේ නගා සිටුවීමට නව අමාත්‍යවරුන්ට වගකීම භාරදී ඇති බව පෙනෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

    ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විහාරාධිපති අතිපුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියෝ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්හ.

    මෙවර මහ මැතිවරණයේ දී ජනතාව සිය යුතුකම ඉටුකර ඇති අතර නව රජයට පැවරී ඇති යුතුකම ඉටුකිරීමට සියලුදෙනා කැපවෙනු ඇති බවත්, එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ කියා සිටියහ.

  • කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !

    කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !

    අගමැතිතුමා ඇතුළුව කැබිනට්ඇමතිවරු 25යි

    රාජ්‍ය  අමාත්‍යවරු 39 දෙනෙක්

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය.

    අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබිණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යතුමා ඇතුළුව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන  39කි.  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස 23 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

    මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අමාත්‍ය මණ්ඩලයට හා තේරිපත් වූ මන්ත්‍රිවරුන්ට ආශිර්වාද පළ කළහ.

    දිස්ත්‍රික් කමිටු සභාපතිවරු වෙත පත්වීම් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් ප්‍රථමයෙන් සිදු කෙරිණ.

    දිස්ත්‍රික් කමිටු සභාපතිවරු

    • ප්‍රදීප් උදුගොඩ මහතා                                         –           කොළඹ දිස්ත්‍රික්කය
    • සහන් ප්‍රදීප් විතාන මහතා                                   –           ගම්පහ දිස්ත්‍රික්කය
    • සංජීව එදිරිමාන්න මහතා                                   –           කළුතර දිස්ත්‍රික්කය
    • වසන්ත යාපා බණ්ඩාර මහතා                             –           මහනුවර දිස්ත්‍රික්කය
    • එන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා     –           මාතලේ දිස්ත්‍රික්කය
    • එස්.බී. දිසානායක මහතා                                   –           නුවරඑළිය දිස්ත්‍රික්කය
    • සම්පත් අතුකෝරළ මහතා                                 –           ගාල්ල දිස්ත්‍රික්කය
    • නිපුණ රණවක මහතා                                       –           මාතර දිස්ත්‍රික්කය
    • උපුල් ගලප්පත්ති මහතා                                     –           හම්බන්තොට දිස්ත්‍රික්කය
    • අංගජන් රාමනාදන් මහතා                                 –           යාපනය දිස්ත්‍රික්කය
    • ඩග්ලස් දේවානන්ද මහතා                                  –           කිලිනොච්චිය දිස්ත්‍රික්කය
    • කේ. දිලීප මහතා                                               –           වව්නියාව දිස්ත්‍රික්කය
    • කේ. කාදර් මස්තාන් මහතා                                –           මන්නාරම සහ මුලතිව්
    • ඩී. වීරසිංහ මහතා                                              –           අම්පාර දිස්ත්‍රික්කය
    • කපිල අතුකෝරල මහතා                                   –           ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • ගුණපාල රත්නසේකර මහතා                             –           කුරුණෑගල දිස්ත්‍රික්කය
    • අශෝක ප්‍රියන්ත මහතා                                      –           පුත්තලම දිස්ත්‍රික්කය
    • එච්. නන්දනසේන මහතා                                   –           අනුරාධපුර දිස්ත්‍රික්කය
    • අමරකීර්ති අතුකෝරළ මහතා                             –           පොළොන්නරුව දිස්ත්‍රික්කය
    • සුදර්ශන දෙනිපිටිය මහතා                                  –           බදුල්ල දිස්ත්‍රික්කය
    • කුමාරසිරි රත්නායක මහතා                                –           මොණරාගල දිස්ත්‍රික්කය
    • අකිල එල්ලාවල මහතා                                      –           රත්නපුරය දිස්ත්‍රික්කය
    • රාජිකා වික්‍රමසිංහ මහත්මිය                                –           කෑගල්ල දිස්ත්‍රික්කය

    නව රාජ්‍ය අමාත්‍යවරු

    1. චමල් රාජපක්ෂ මහතා               – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
    2. පියංකර ජයරත්න මහතා            – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ
    3. දුමින්ද දිසානායක මහතා            – සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    4. දයාසිරි ජයසේකර මහතා           -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    5. ලසන්ත අලගියවන්න මහතා      – සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    6. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය     -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
    7. අරුන්දික ප්‍රනාන්දු මහතා           -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
                                                       කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    8. නිමල් ලන්සා මහතා                  -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    9. ජයන්ත සමරවීර මහතා              -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්
                                                     බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10. රොෂාන් රණසිංහ මහතා           -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා
                                                      දේපළ සංවර්ධන
    11. කනක හේරත් මහතා                 -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
                                                      තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12. විදුර වික්‍රමනායක මහතා            – ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
    13. ජානක වක්කුඹුර මහතා             -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
                                                      වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    14. විජිත බේරුගොඩ මහතා – දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
    15. ෂෙහාන් සේමසිංහ මහතා           – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන
                                                       හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
    16. මොහාන් ද සිල්වා                     – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක
                                                       භාවිත නියාමන
    17. ලොහාන් රත්වත්තේ මහතා       – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    18. දිලුම් අමුණුගම මහතා                –  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්
                                                       රථ කර්මාන්ත
    19. විමලවීර දිසානායක මහතා         –  වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත
                                                        වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත්         
                                                        සංවර්ධන
    20.   තාරක බාලසූරිය මහතා            – කලාපීය සහයෝගිතා කටයුතු
    21. ඉන්දික අනුරුද්ධ මහතා             – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත
                                                       ප්‍රවර්ධන
    22. කංචන විජේසේකර මහතා         – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය
                                                       සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    23. සනත් නිශාන්ත මහතා               – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
    24. සිරිපාල ගම්ලත් මහතා               – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම්
                                                       සංවර්ධන
    25. සරත් වීරසේකර මහතා              – පලාත් සභා හා පළාත් පාලන කටයුතු
    26. අනුරාධ ජයරත්න මහතා            -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
    27. සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා   -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
    28. තේනුක විදානගමගේ මහතා      – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
    29. සිසිර ජයකොඩි මහතා               – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා
                                                       ප්‍රජා සෞඛ්‍ය
    30. පියල් නිශාන්ත ද සිල්වා මහතා  –  කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,
                                                        පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
    31. ප්‍රසන්න රණවිර මහතා              – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
    32. ඩී.වී. චානක මහතා                   – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
    33. ඩී.බී. හේරත් මහතා                   – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
                                                       කර්මාන්ත
    34. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා            – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
                                                       අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
                                                       කෘෂිකර්ම
    35. නාලක ගොඩහේවා මහතා         – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා
                                                       ප්‍රජා පවිත්‍රතා කටයුතු
    36. ජීවන් තොණ්ඩමන් මහතා          – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
    37. අජිත් නිවාඩ් කබ්රාල් මහතා      – මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
    38. සීතා අරඹේපොළ මහත්මිය        – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
    39. චන්න ජයසුමන මහතා               – ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

    කැබිනට් අමාත්‍යවරු

    1. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක
    2. මහින්ද රාජපක්ෂ මැතිතු මා                                  – මුදල්
    3. මහින්ද රාජපක්ෂ මැතිතුමා                                 – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
    4. මහින්ද රාජපක්ෂ මැතිතු මා                                 – නාගරික සංවර්ධනය හා නිවාස
    5. නිමල් සිරිපාල ද සිල්වා මහතා                            –  කම්කරු
    6. ජී.එල්. පීරිස් මහතා                                           – අධ්‍යාපන
    7. පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය                     – සෞඛ්‍ය
    8. දිනේෂ් ගුණවර්ධන මහතා                                  – විදේශ
    9. ඩග්ලස් දේවානන්ද මහතා                                  – ධීවර
    10. ගාමිණි ලොකුගේ මහතා                                    – ප්‍රවාහන
    11. බන්දුල ගුණවර්ධන මහතා                                  – වෙළෙඳ
    12. ආර්.එම්.සී.බී. රත්නායක මහතා                         -වනජීවි හා වන සංරක්ෂණ
    13. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා                – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
    14. කෙහෙළිය රඹුක්වැල්ල මහතා               –           ජනමාධ්‍ය
    15. චමල් රාජපක්ෂ මහතා                           –           වාරිමාර්ග
    16. ඩලස් අලහප්පෙරුම මහතා                     –           විදුලිබල
    17. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා                   –           මහාමාර්ග
    18. විමල් වීරවංශ මහතා                              –           කර්මාන්ත
    19. මහින්ද අමරවීර මහතා                           –           පරිසර
    20. එස්.එම්. චන්ද්‍ර සේන මහතා                   –           ඉඩම්
    21. මහින්දානන්ද අළුත්ගමගේ මහතා           –            කෘෂිකර්ම
    22. වාසුදේව නානායක්කාර මහතා              –           ජලසම්පාදන
    23. උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා                –           බලශක්ති
    24. රමේෂ් පතිරණ මහතා                           –           වැවිලි
    25. ප්‍රසන්න රණතුංග මහතා                         –           සංචාරක
    26. රෝහිත අබේගුණවර්ධන මහතා             –           වරාය හා නාවික
    27. නාමල් රාජපක්ෂ මහතා                         –           තරුණ හා ක්‍රීඩා
    28. අලී සබ්‍රි මහතා                                       –           අධිකරණ

    දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්හ.

    දළදා මාළිගා පරිශ්‍රයේ පත්තිරුප්පුව ඉදිරිපිට සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව උත්සවයේ කටයුතු සමාප්ත විය.

  • ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    පසුගිය රජයයන් හි අමාත්‍යධුර දරන ලද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම මෙවර කිසිදු අමාත්‍යධුරයක් නොලැබුණි.

    ඒ අතර, පසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.

    තවද ආණ්ඩු කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.

    විවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.

    එසේම ඔවුන්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරුද හිමි නොවුන අතර එස්. බී දිසානායක මහතාට රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුරයක් හිමි නොවුන අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරක් පමණක් හිමිවිය.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර අමාත්‍යධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.

  • රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න

    රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න

    නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු මෙහිදී දිවුරුම් දුන් අතර එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ.

    චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    02.පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    03.දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    04.දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය 

    05.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ –  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

    06.ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

    07.අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

    08.නිමල් ලාන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    09. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 

    10.රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 

    11.කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය  හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    12.විදුර වික්‍රමනායක – ජාතික උරුම,ප්‍රාසාංග  කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ

    13.ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය 

    14.විජිත බේරුගොඩ – දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

    15.ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

    17.ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

    18.දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

    19.විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    20.තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

    21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

    23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    24.සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    25.සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

    26.අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    27.සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    28.තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    29.සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

    30.පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය 

    31. ප්‍රසන්න රණවීර – වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය

    32. ඩී.වී.චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

    33. ඩී.බී.හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

    34. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය 

    35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

    36. ජීවන් තොණ්ඩමන් – වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

    38. සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

    39.චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ

    දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත‍්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය.

    එම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

    කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ

    ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන

    කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න

    මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර

    මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

    නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක

    ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ

    මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක

    හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති

    යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්

    කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා

    වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්

    මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්

    ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ

    අම්පාර – ඩී. විරසිංහ

    කුරුණෑගල – ගුණපාල රත්නසේකර

    පුත්තලම – අශෝක ප්‍රියන්ත

    අනුරාධපුරය – එච්. නන්දසේන

    පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ

  • ‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’

    ‘ශ්‍රී ලංකාවට ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’

    විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ. එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ. 

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සහතිකය ශ්‍රී ලංකාවට හිමි ව ඇත. ඒ අනුව වසංගතය මධ්‍යයේ වුවද සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයින් අතර විශ්වාසය තහවුරු කර තිබේ. 

    තවද, සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ස්ථාන, ව්‍යාපාර හා අවශ්‍ය වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳවද සහතිකයක් නිකුත් කෙරෙන බවද සඳහන්වේ.

    මේ සම්බන්ධයෙන් සිය ට්වීටර් ගිනුවේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ සාර්ථකත්වයට ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් පසුගියදා සංචාරය සදහා ආරක්‍ෂිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම හේතු වනු ඇති බවත් එමගින් කොවිඩ් 19 බලපෑම් අවම කරගැනීම සදහා විශාල රුකුලක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි.

  • සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    ලියාපදිංචිය නොකළ විදුලි සංදේශ උපකරණ ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවීමට තීරණයක්

    විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි. කෙසේ වෙතත් දැනට භාවිතා කරන සිම්පත් සහිත උපකරණ සඳහා මෙය අදාල නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.

    මේ අතර විදුලි සංදේශ උපකරණ අලෙවි වෙළඳ මහතුන් වෙත වෙළඳ බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකාව තුල විදුලි සංදේශ උපකරණ වෙළඳාම් කිරීම සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් වෙළඳ බලපත්‍රයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. විදුලි සංද්ශ පනතට අනුව මෙය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි‚ එමනිසා අදාල වෙළඳ බලපත්‍රයක් ලබාගෙන තම ව්‍යාපාරය නිසි ලෙස පවත්වා ගෙන යමින් මහජනතාව වෙත සේවාවන් ලබාදෙන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.“

  • රත්‍රං මිලේ වාර්තාගත ඉහළයාමක් – දැන් පවුමක් රු. 110,000යි

    රත්‍රං මිලේ වාර්තාගත ඉහළයාමක් – දැන් පවුමක් රු. 110,000යි

    මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ.

    නව රත්‍රං මිල ගණන් සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් කිහිපයක් සහ උකස්කරුවන් කිහිප දෙනකුම සදහන් කළේ රටේ විවිධ ප්‍රදේශවල මෙම මිල ගණන් වලටත් වඩා ඉහළ අගයකට රන් පවුමක් මිල වන බවයි.

    ‘මේ තත්ත්වය ඇති වුණේ කොවිඩ් වසංගතය සමගයි. මේ වන විට ලෝක වෙළෙදපොලේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 දක්වා ඉහළ ගොස් තිබෙනවා‘ යැයි ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් ජාලයක කළමනාකරුවෙක් පැවසීය.

    ‘මේ තත්ත්වයෙන් ඇතැම් පුද්ගලයින් වාසි ගන්න බවක් පේනවා. ඊට හේතුව වන්නේ බොහෝ දේවල් සම්බන්ධයෙන් නියාමන ආයතන තිබුණත් රත්‍රං සම්බන්ධයෙන් එවැනි නියාමන ආයතනයක් නැහැ. ව්‍යාපාරිකයින් අතර ඇතිවන පොදු සම්මුතියක් තමයි තියෙන්නේ ‘ඔහු වැඩි දුරටත් පැවසීය.

    දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති ගෝලීය සාධක ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ, රන් ප්‍රමාණ හා මැණික් පර්යේෂණාගාර උපදේශක ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා වත්මන් තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

    ‘ලෝකයේ ප්‍රධාන රන් නිෂ්පාදකයින් වන්නේ කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාවයි. ඔවුන් මේ වන විට සිය නිෂ්පාදන සීමා කිරීමක් කර තිබෙනවා. නමුත් රත්‍රං නිෂ්පාදනයේ සැලකිය යුතු ස්ථානයකට කිර්කිස්ථානය, ටජිකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් හිමිකම් කියනවා.

    උස්බෙකිස්ථානයේ තමයි ලෝකයේ විශාලතම open pit gold mine එක තියෙන්නේ. ඊට අමතරව කසකස්ථානයත් ලෝක වෙළෙඳපොළට විශාල රන් ප්‍රමාණයක් අවුරුදු පතා එකතු කරනවා. ඒත් මේ රටවල රත්‍රං වෙළෙදපොළ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ චීන ජාතික ව්‍යාපාරිකයින්. කොඩිව් වසංගතය නිසා මේ දවස්වල චීනයේ රතුං වෙළෙදපොළ අකර්මණ්‍ය වෙලා තියෙන නිසා ලෝක වෙළෙඳපොළෙහි රන් මිලෙහිත් විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. එය අපි වගේ කුඩා රටකටත් ඉතා තදින් දැනෙනවා.

    ඒ වගේම තමයි සිංගප්පූරුවේ සහ ඩුබායි සිට මෙරටට ගුවන් මගින් පැමිණෙන මඟීන් හරහා සැලකිය යුතු රත්‍රං ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට එනවා. නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන්ගමන් සීමා වීම තුළ මෙරටට එයාකාරයෙන් ඇදී එන රන් ප්‍රමාණය ඇණහිට තිබෙනවා. මේ හේතුවත් එක්තරා විදියකට රන් මිල වැඩිවීමට බලපාලා තිබෙනවා‘ ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම ගෝලීය කරුණුවල බලපෑමට අමතරව දේශීය වශයෙන් ද තවත් බලපෑම් කිහිපයක් රන් මිල ඉහළයාමට හේතු වූ බව සදහන් කරමින් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා පැවසුවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික බැංකු, පුද්ගලික බැංකු හා උකස් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුකෙරෙන රන් වෙන්දේසි අකර්මණ්‍ය වීම ද රන් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වූ බවයි.

    සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ජනපති නිසා මන්ත්‍රීවරු 30කගේ විශ්‍රාම වැටුප් අහිමිවෙයි

    ජනපති නිසා මන්ත්‍රීවරු 30කගේ විශ්‍රාම වැටුප් අහිමිවෙයි

    නියමිත කාලයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු අතර එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීමය හේතුවෙන් ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි නොවේ.

    පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා මනාපයෙන් හා ජාතික ලැයිස්තුවලින් නවක මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔවුන්ගේ මන්ත්‍රීධූරය වසර හතරයි මාස අටකට පමණ සීමා විය.

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ 23 දෙනෙකුගේත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ සහ ජවිපෙ එක් මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වී තිබේ.

    විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වෙයි.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මලික් සමරවික්‍රම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, ආනන්ද අලුත්ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම ගමගේ, කරුණාරත්න පරණවිතාන, දයා ගමගේ, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, මොහොමඞ් මන්සුර්, සිසිර කුමාර, රහුමාන් ඉස්තාන්, නාලක කොලොන්නේ, තුසිතා විජේමාන්න, සන්දිත් සමරසිංහ , එම්. නවාවි, එම්. සල්මන්, ඒ. හෆිස් යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි වේ.

    පාර්ලිමේන්තුව විසිරවීමට පෙර මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ද විශ්‍රාම වැටුප් අහිමි වේ.

    සමඟි ජන බලවේගය නියෝජනය කළ මයන්ත දිසානායක මහතා මෙවර එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ බැවින් ඔහු එයින් පාර්ලිමේන්තුවට පත්වුවහොත් විශ්‍රාම වැටුප අහිමි නොවනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂාන් ප්‍රේමරත්න, මනෝජ් සිරිසේන හා ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුප අහිමිව ඇත.

    ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට ද විශ්‍රාම වැටුප අහිමි වේ.

    දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සහ සිවප්‍රකාශම් සිවමෝහන්, කවීන්ද්‍රන් කෝඩීෂ්වරන්, ඊෂ්වරන් සරවනපවන් යන මහත්වරුන්ය.

    -දෙරණ අරුණ ඇසුරින්-

  • කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබේ.

    එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    ඔබට අදාළ ගැසට් නිවේදනය මෙම Link එක ඔස්සේ කියවිය හැකිය. Gazette Sinhala 

  • අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙති.

  • ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ.

    ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ  අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක්  හදාරා තිබේ.

  • නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.