Category: සුපිරි News

  • මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසනවලට ගනන් හදපු හැටි මෙන්න

    මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසනවලට ගනන් හදපු හැටි මෙන්න

    2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය. මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17 කින් සමන්විත විය.

    ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 1 බැගින් හිමිවූයේ කෙසේද යන්න, බොහෝ දෙනාගේ විමසුම් ඇස යොමු වූ කරුණකි.

    පාර්ලිමේන්තුවට පත්වන මුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 29 කි. මෙය ගණනය කෙරෙනුයේ එක් එක් පක්ෂය ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව, මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් බෙදා 29 න් ගුණ කිරීමෙනි. එහිදී එන අගයයන් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වැටයීමෙන් පසු ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ සඳහා හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කෙරේ. මෙම ගණනයෙන් පසු ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ඇත.

    ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු පහත පරිදි ගණනය කර පෙන්විය හැකිය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ; (6,853,698/11,598,929) x 29 = 17.13 ♎︎ 17

    සමගි ජන බලවේගය ; (2,771,980/11,598,929) x 29 = 6.93 ♎︎ 7

    ජාතික ජන බලවේගය ; (445,958/11,598,929) x 29 = 1.11 ♎︎ 1

    ඉලංකෙයි තමිල් අරුසු කච්චි ; (327,168/11,598,929) x 29 = 0.81 ♎︎ 1

    එක්සත් ජාතික පක්ෂය ; (249,435/11,598,929) x 29 = 0.62 ♎︎ 1

    ඉහත පක්ෂ 5 අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 27 ක් බෙදී ගොස් ඇති අතර තවත් මන්ත්‍රී ධූර 2 ක් ඉතිරිව ඇත. මෙම ආසන 2 මීළඟට වැඩිම ඡන්ද ලබා ඇති අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් හා අපේ ජන බල පක්ෂය වෙත බෙදී ගොස් ඇත. නමුත් මෙම පක්ෂ දෙකම ලබා ඇත්තේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 0.58% ක් බැගිනි.

    එමෙන්ම 0.58% ක ප්‍රත්ශතයක් ලැබූ තමිල් මක්කල් විදුතලයි පුලිකල් පක්ෂය සමස්ත මැතිවරණයෙන් ඡන්ද 67,692 ක් ලබා ඇති අතර එක් මන්ත්‍රී ආසනයකට හිමිකම් කියනු ලබයි. කෙසේ වෙතත් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය අහිමිව ඇත්තේ අපේ ජන බල පක්ෂයට වඩා ඡන්ද 66 ක් පිටුපස සිටීම හේතුවෙනි.

  • ආයේ ඉල්ල ඉල්ල අඬන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; ජනතාව අත පුරෝලා පොහොට්ටුවට තුනෙන් දෙකම දෙයි (මෙන්න සුපිරි ප්‍රතිඵලේ)

    ආයේ ඉල්ල ඉල්ල අඬන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; ජනතාව අත පුරෝලා පොහොට්ටුවට තුනෙන් දෙකම දෙයි (මෙන්න සුපිරි ප්‍රතිඵලේ)

    ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ඉටු කරමිනි.

    මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි.

    ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි.

    ඉලංගෙයි තමිල් අරුසු කච්චි මෙවර මැතිවරණයේදී ඡන්ද 327,168 ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 10 කි.

    ඡන්ද 249,435ක් පමණක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදී හිමි වූයේ, එක් මන්ත්‍රී ධුරයක් පමණි.

    2020 මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක අනුව එක් එක් පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව සහ ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.


  • කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී

    කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%) ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 14,033 (2.81%) ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක් (2.43%) දිනා ගත්තා.

  • බදුල්ල දිස්ත්‍රික්කය – පොහොට්ටුවට 6යි – දුරකථනය 3යි – අලියට බින්දුවයි

    බදුල්ල දිස්ත්‍රික්කය – පොහොට්ටුවට 6යි – දුරකථනය 3යි – අලියට බින්දුවයි

    එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන බදුල්ල දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රීධුර 9/6ක් ජයග්‍රහණය කරමින්. සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 3ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 309,538 (62.06%) ක්ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 144,290ක් (28.93%) ක්ද ජාතික ජන බලවේගය විසින් ඡන්ද 19,308ක් (3.87%)ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 9163ක් (1.84%) දිනා ගත්තා.

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක් පොහොට්ටුවට

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක් පොහොට්ටුවට

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9න් 07ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 344,458ක් (67.95%) ද, සමගි ජන බලවේගය විසින් ඡන්ද 119,788 (23.83%) ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් (4.83%) ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 8254 (1.63%) දිනා ගත්තා.

  • නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ

    නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8/5ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 3ක් ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රීධ්‍රරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 280,389 (54.47%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 132,008 (31.21%)ක් ද දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 12,974ක් (3.07%) දිනා ගත්තා.

  • කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්

    කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්

    කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 10/8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධූර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 448,699ක් (64.08%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 171,988ක් (24.56%)ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් (4.77%) ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,485ක් (2.35%) ද දිනා ගත්තා.

  • මාතලේ දිස්ත්‍රික්කය 4/1ක් ලෙස පොහොට්ටුවට

    මාතලේ දිස්ත්‍රික්කය 4/1ක් ලෙස පොහොට්ටුවට

    මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 5/4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 188,779ක් (65.53%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 73,955 (25.67%)ක් ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් ඡන්ද 7542ක් (2.62%) ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 6592ක් (2.29%)ක් ද දිනා ගත්තා. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 407,569ක් වූ අතර 312,576 (76.69%) ඡන්ද ප්‍රකාශ කර තිබුණා.

  • මාතරත් ආසන 7න් 6ක් පොහොට්ටුවට

    මාතරත් ආසන 7න් 6ක් පොහොට්ටුවට

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්‍යාෙව වන 6/7ක් ජයග්‍රහණය කරමින්.

    සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රීධුරයක් දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද සංඛ්‍යාව 352,217ක් (ආසන 06) ද සමග ජන බලවේගය විසින් ඡන්ද 72,740ක්ද (ආසන 01) දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 37,136ක්.

    අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක්.

    මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438ක්.

    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක්.

    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578ක්.

    මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක්.

  • පොහොට්ටුව ගාල්ලේ ආසන 9න් 7ක් ජය ගනී

    පොහොට්ටුව ගාල්ලේ ආසන 9න් 7ක් ජය ගනී

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7/9 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තා.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430, 334ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 115,456ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 29,963ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගත්තේය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826939ක්.

    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645803ක්.

    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක්.

    ගාල්ල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 610052ක්.

    ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්.

    සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තේය.

    ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබේ.

    එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.

  • වරාය සේවක වැඩ වර්ජනය අවසන්

    වරාය සේවක වැඩ වර්ජනය අවසන්

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර යළි සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති අද (02) තීරණය කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සදහන් කළේ අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බවයි.

  • පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර

    පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර

    මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන්  ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    පාසල් ප්‍රමුඛ  අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර,  දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන  ප්‍රවර්ධනයට, භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතර ව, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කෙරෙන අතර, මෙරට දරුපරපුර මත් උවදුරෙන් වළක්වාගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇත.

  • ‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

    ‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

    රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • ‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ දී ඉහළට

    ‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ දී ඉහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය.

    ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

    ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 10.9 දක්වා ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ජුනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 ජුනි මාසයේ පැවති සියයට 4.7හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

  • සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන මාධ්‍ය වාර්තා  සාවද්‍යයි – මහ බැංකුව

    සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන මාධ්‍ය වාර්තා සාවද්‍යයි – මහ බැංකුව

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.  

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. කොවිඩ්-19 වසංගතය මගින් නිර්මාණය කර ඇති තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික පුරෝකථන සඳහා නිරන්තර යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන අතර, එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සම්මත දර්ශක ලැබෙන අයුරින් අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් සිටී. එසේ ම, තත්කාලීන ව ලබා ගත හැකි සාම්ප්‍රදායික නො වන දර්ශක ද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සඳහා යොදා ගනිමින් සිටී. 

    කෙසේ වෙතත්, මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පුළුල් ලෙස සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතඩය. එම දත්ත නිකුත් වූ පසු මහ බැංකුව විසින් සංශෝධිත පුරෝකථන ප්‍රකාශයට පත් කරනු ඇත. එම නිසා, 2020 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ප්‍රමාණයකින් සංකෝචනය වන බව සහ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වන බව මහ බැංකුව විසින්  පුරෝකථන සංශෝධනය කර ඇතැයි පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය සහ මහජනතාව නො මග යවන සුළු බවට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තරයේ අවධාරණය කරයි.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ගිනස් වාර්තා පොතට’ ඇතුළත් වීමට සූදානම් වෙයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ගිනස් වාර්තා පොතට’ ඇතුළත් වීමට සූදානම් වෙයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

    වසර 71 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක්කිරීමේ අරමුණින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.

    එකම දිනක උපත ලබමින්, එකම දිනක පාසලට ඇතුලත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව, එකම දින අධිකාරියට පත්ව පකිස්තානයේ ක්වේටා (Quetta) හි විදේශීය පාඨමාලාවක් හදාරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම දින උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යුද්ධ හමුදා දිවියෙන් ද එකම දින විශ්‍රාම ගැනීමට නියමිතය.

    බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම විධිමත් උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ කෙරුණු අතර ගිනස් ලෝක වාර්තා පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා විසින් මෙහිදී හඳුන්වාදීමේ දේශනය සිදුකරමින් ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක පෙන්වාදුන් අතරම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ඒ සඳහා සම්පුර්ණ කළයුතුවන්නේ කෙසේදැයි සඳහන් කළේය.

    ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිදු කළ සිය දේශනයේදී, “මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණය කොට යුද්ධ හමුදාව වෙත ඇතුලත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන අතරම ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව මම ඔවුන්ට සුබපතමි. යැයි පැවසීය. මෙම ඓතිහාසික අවස්ථාවට යුද්ධ හමුදාවේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිම පිළිබඳව ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජත සමන් අමරසිංහ මහතාට ද සිය ස්තූතිය පුද කළේය.

    ඉන් අනතුරුව, නිවුන් සහෝදරයන් දෙපලගේ හමුදා දිවිය හා සිවිල් ජිවිතය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කළ අතර පසුව, ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට නිවුන් සහෝදරයන් දෙපළ විසින් නිල ලිපිලේඛණවලට අත්සන් තැබුහ.

    මෙම උත්සවයේදී, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කර ජාතික ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත භාර දුන්නේය.

    පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපලගේ යුද්ධ හමුදාවට අදාල නිල ලේඛණ සැබෑ පිටපත් ලෙසට සහතික කොට ගිනස් වාර්තා කමිටු නියෝජිතයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එමෙන්ම, ගිනස් ලෝක වාර්තාවට සුදුසුකම් ලැබීමට ගත් උත්සාහය අගයමින් සමන් අමරසිංහ මහතා නිවුන් සහෝදරයන් දෙපල වෙත ඇගයීම් ලිපි දෙකක් ද මෙහිදී ප්‍රදානය කළේය.

    උත්සව කටයුතු අවසානයේ, නිවුන් සහෝදරයන් දෙපල වෙනුවෙන් ස්තූතියි කථාව මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න විසින් සිදුකළේය. මෙම උතසවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සභාගි වූහ.