Category: සුපිරි News

  • ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්

    ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්

    සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව දක්‌වා දැවැන්ත පා ගමනක්‌ සංවිධානය කර ඇත.

    ඒ අනුව කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව බෝධිය තෙක්‌ මෙම පා ගමන පැවැත්වෙන අතර කොටුව බෝධිය අසලදී සත්‍යග්‍රහයක්‌ සිදුකිරීමටද නියමිතය.

    බොදු බල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රැසක්‌ මෙම පා ගමන හා සත්‍යග්‍රහය සංවිධානය කර ඇති අතර ඒ සඳහා භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ද එක්‌වීමට නියමිතය.

  • දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

    දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

    පසුගිය සැප්තැම්බර් 19 වැනි දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවෙකුට බව ද පසුගියදා මාධ්‍යවල පළවුණා.
    මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට පැවසුනේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.
    මේ පිළිබඳ දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.
    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි වුණා.
    එම අවස්ථාවට එක්වෙමින් අදාළ සිසුවා සඳහන් කර ඇත්තේ,
    ‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.
    මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ  නැහැ. 
    මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙනි.
  • රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි

    රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි

    ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.
    අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
    මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.
  • දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි

    දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි

    දුම්රිය ගාස්තුව සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවට දුම්රිය මගීහු ඊයේ (1) චෝදනා කළහ.  

    සමස්ත දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඊයේ (1) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර ඒ අනුව නව දුම්රිය ගාස්තුව දුම්රිය ස්ථාන වෙතින් ඊයේ (1) අය කරන්නට  වූහ.

    මෙහිදී තමන්ගෙන් අයකරන ලද පැරණි දුම්රිය ගාස්තුවට සියයට 15 ක් ගණනය කර දුම්රිය මගීහු නව දුම්රිය ගාස්තුව අනුමාන කරගෙන සිටි නමුත් එම මුදලට වඩා වැඩි මුදලක් තම ටිකට් පත් සඳහා දුම්රිය ස්ථාන වෙතින් අයකර ඇති බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. උදාහරණයක් ලෙස ගාල්ල සිට කොළඹ කොටුවට මීට පෙර තිබූ රුපියල් 100 ක දුම්රිය ගාස්තුව නව දුම්රිය ගාස්තු වැඩිවීමත් සමග රුපියල් 135 ක් වී තිබේ. නමුත් සියයට 15 න් දුම්රිය ගාස්තුව වැඩි කරන්නේ නම් එම දුම්රිය ගාස්තුව රුපියල් 115 ක් විය යුතු බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. මගීහු මේ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් සමගද තර්ක කර තිබේ.

    කෙසේ වෙතත් මෙම දුම්රිය ගාස්තු වැඩිවීමේදී කිසිදු දෝෂයක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් පෙන්වා දෙන පරිදි දුම්රිය ගාස්තුව අය කරන්නේ දුම්රිය කලාප වශයෙන් බවත් ඒ අනුව බලන විට ඇතැම් දුම්රිය ගාස්තු සියයට 15 කට වඩා වැඩිවෙන බවත් එම දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවැසීය.

    එලෙසම දුම්රිය ගාස්තුවේ සියයට 15 ක වැඩිවීම ගණනය කරන්නේ දුම්රිය කලාපවල සමස්ත ගාස්තුවේ මධ්‍ය අගයට සියයට 15 ක් ලෙස බවත් ඔහු කීවේය. එමෙන්ම දුම්රිය ගාස්තුව ගණනය කිරීමේදී ආසන්න ඉහළ රුපියල් 5 ට වටයන නිසාද ඇතැම් ගාස්තුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම දුම්රිය ස්ථාන අතර පවතින දුරද ඇතැම් ගාස්තුවල බැලූ බැල්මට වෙනසක් පෙන්වීමට හේතුවන බවද ඔහු කීවේය.
    දුම්රිය ගාස්තුව සියයට 15 න් ඉහළ දමන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව වෙත පැවැසීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බව පැවැසූ ඒ මහතා දුම්රිය ගාස්තුව කලාප වශයෙන් සහ ගාස්තුවේ සමස්ත මධ්‍ය අගයෙන් සියයට 15 ක් වැඩිකරන බව පැවැසුවා නම් මගී ජනතාවට මෙවැනි මැසිවිලි නැගීමට හේතුවක් ඇති නොවන බවද ඔහු කීවේය.
    වසර 10 කට පසුව ඉහළ ගිය මෙම දුම්රිය ගාස්තුව තවමත් පවතින්නේ සියලු බස් ගාස්තුවලට වඩා පහළ අගයක බව පැවැසූ ඒ මහතා ඒ නිසා නව ගාස්තු වැඩිවීමෙන් මගී ජනතාවට අසාධාරණයක් සිදුවී නොමැති බවද පැවැසීය.

  • BOI හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය, තරු හෝටල්වල සැප ඇඳන් වල ඉඳන් කාන්තාවන්ට ආයෝජන සහන දීපු හැටි

    BOI හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය, තරු හෝටල්වල සැප ඇඳන් වල ඉඳන් කාන්තාවන්ට ආයෝජන සහන දීපු හැටි

    ඔබට මතක ඇති උපුල් ජයසූරිය කියන කළු කබාය අස්සෙ හැංගුන පට්ට චංඡාකාරයගෙ මජර වැඩ ගැන මීට කලින් කතා කරා…(මතක නැති අය ජේජ් එකේ පළවෙනි කමෙන්ට් එකෙන් ආයි මතක් කර ගන්නකෝ….) එදා විස්තරේ දිග වැඩි වුන හින්ද මඟින් නැවැත්තුවා අද ඉතුරු ටික.මේ තමයි රහම හරිය ඈ…

    ඔන්න මේ උපුල් ජයසූරිය ගැන රටේ ඇත්තො හිතන් ඉන්නෙ යහපාලනය ගේන්න පට්ට විදිහට දාඩිය කදුළු හෙළුව රට වෙනුවෙන් පණ උනත් දෙන්න දෙවැණි නොවෙන පට්ට පොරක් කියලනේ,එහෙම හිතං හිටපු සහ ඉන්න අයගෙ දෑස පලාගෙන කඳුළැලි එන සීන් එකක් තමයි තියෙන්නෙ.මොකද මේ උපුල් ජයසූරිය කියන්නෙ ජනතා මුදල් කාබාසීනියා කරල ඒවයෙන් ආතල් ගන්න කම්බ නීල හොරෙක්, නොම්බර එකේ ලිංගික අසහනකාරයෙක් කියල දැන් දැන් ඔප්පු වෙමින් යනවා.

    නරියට කුකුල් කොටුව භාරදුන්න වගේ යහපාලනේ ගේන්න ඒ වෙලාව ලෙසටම සහයෝගය දැක්වීම නිසා ඊට වඩා හෙඳ සුදුසුකම් තියෙන ගොඩදෙනෙක් හිටියත් උපුල්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති පට්ටන්තරේ හම්බෙනවා.ඔන්න ඉතිං අර ජම්මෙට වඩා මොකක්ද ලොකුයි කියන්නා වගේ මවාගෙන හිටපු හොඳ යහපත් දේශප්‍රේමියා ඇතුලෙ හිටපු නරිය හිමීට එළියට එන්න ගන්නවා.මේක මුලින්ම කරන්නෙ හොඳ ආයෝජකයින් තෝරල අරගෙන ඔවුන්ට බොරු වංඡා චෝදනා දාල නඩු හදනවා.ඊට පස්සෙ ඒ නඩු වලට කතාකරන්න උපුල්ගෙ පුද්ගලික නීති ආයතනයට දෙන්න කියල තමන්ගෙ නිළ බලය යොදාගෙන තර්ජනය කරනවා.ඒ විදිහට උපුල්ම හදපු බොරු වංඡා නඩුවට කතා කරන්න උපුල්ගෙ නීති ආයතනය අර අහිංසක ආයෝජකයගෙන් කෝටි ගණනින් අය කරනවා.. ආයෝජන මණ්ඩලෙන් නඩුව දැමීමත් ඒ නඩු කතා කරන්න උපුල් ජයසූරියට කෝටි ගණනින් ගෙවන්න සිදු වීමත් නිසා ලංකාව ඇතැර ගිය ආයෝජකයො 26 දෙනෙක් මේ වනවිටත් වාර්තා වෙනව කියල වෙබ් මාධ්‍ය වාර්ථා ගණනාවක සඳහන් වෙලා තිබුණා…

    ඒත් කාන්තාවන් සම්බන්ධයෙන් උපුල් මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරල ආයෝජන සහන ගොඩාක් ඒ කාන්තාවන්ට ලබාදීල කියල තමයි ආරංචි වෙන්නෙ.ඒ ඉතිං කොහොමද කියල අලුතින් කියන්න දෙයක් නෑනේ…. එක්කො අදාල ආයෝජනය ගේන කෙනා එක්ක එහෙමත් නැත්නම් එයා උපුල් වෙනුවෙන් එවන කාම ධේනුව එක්ක සුපිරි හෝටලයක එක පාරක් පැන්නම දෙතුන්පාරක් බම්ප් වෙන සැපම සැප ඇඳක් උඩ තියල තමයි මේ ආයෝජන සහන දෙන්නෙ.. කොහොම කොහෙම හරි ඒ විදිහට සහන වෙනුවට ලිංගික අල්ලස් දෙන්න අකමැති වුණ ආයෝජකයොත් ලංකාව දාල ගිහින් කියල තමයි වෙබ් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සඳහන් වෙන්නෙ.

    ඉතිං හත්දෙයියනේ ලංකාවට ආයෝජයකයො එන්නෙ නෑ … ලංකාවෙ ආයෝජනය කරන්නෑ කිය කිය ජනාධිපතියි අගමැතියි විදේශ ඇමතියි මුදල් ඇමතියි ඔළුව හත්පොලේ ගහන් විලාප තිබ්බට වැඩක් තියෙනවෑ උපුල් ජයසිංහ අපේ රටට එන ආයෝජකයින්ට කරපු මේ නරුම අසික්කිත වැඩේ නිසා ඒ ආයෝජකයො උන්ගෙ හත්මුතු පරම්පාරෙ ඉන්න එකෙක්ටවත් අඩුම ගානෙ උන් දන්න කියන හතුරෙකුවටත් ලංකාව දිහා බලාගෙන කෑම කටක් කන්න තියා ලංකාව දිහා බලාගෙන කොමඩ් එකක වත් වාඩිවෙන්න එපා කියනව මිසක්කා…

    මේව ආරංචි වුනාට පස්සෙ ජනාධිපති තුමන් උපුල් ජයසූරියව ආයෝජන මණ්ඩලේ සභාපති කමින් ඉවත් කරාට ඒ වෙද්දි සමස්ථයක් විදිහට ලංකාවට වැදිල තියෙන කලු පැල්ලම මකන්න පුළුවං කමක් තියෙනවද ? තියෙනවනම් ඒ එකම විදිහ උපුල් ජයසූරිය කියන මේ ජනතා ද්‍රෝහීයාව / රාජ්‍ය ද්‍රෝහියාව එල්ලුම්ගස් යැවීම නොවේද ?

     lanka gossip today / lankaCnews.lk  ඇසුරෙන්,

     

  • බන්ධනාගාර 3 කට STF ආරක්‌ෂාව

    බන්ධනාගාර 3 කට STF ආරක්‌ෂාව

    වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් යන  බන්ධනාගාර තුනෙහි ආරක්ෂාව හා පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් හා තහනම් ක්‍රියා මැඬ පැවැත්වීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

    මේ පිළිබඳව අමාත්‍යාංශය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මූලස්‌ථානයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය. 

    මෙහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහායට අලුතින් පිහිටු වූ බන්ධනාගාර පොලිසියේ නිලධාරීන්ද යෙදවීමට නියමිතව ඇත. 

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ නියෝගයකට අනුව බන්ධනාගාර බුද්ධි ආරක්‌ෂක ඒකකය විසුරුවා හැරීමෙන් පසු නව බන්ධනාගාර පොලිසිය පිහිටුවනු ලැබීය.

  • ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

    ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

    මානසික විකෘතියකින් හැසිරීම නිසා කුඩාඔය ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංක යන අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා නියෝග කළේය.

    සැකකරු ඇතිලිවැව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සිවුරක් ගෙන සිවුර ‍පොරවාගෙන විකෘති මනසකින් යුක්තව සිටින බවට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් හා ඔහුගේ ඥාතීන් කුඩා ඔය ‍පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව කුඩාඔය ‍පොලීසිය මගින් දමිත් අසංකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන හෙයින් ඔහු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස ‍පොලීසිය මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කොට ඔක්තෝබර් 9 දින වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ‍පොලීසියට නියෝග කළේය.

    කුඩාඔය ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.

  • ඩීඅයිජී නාලක අද රස පරීක්‍ෂක හමුවට

    ඩීඅයිජී නාලක අද රස පරීක්‍ෂක හමුවට

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවශ්‍ය කටහඬ පරීක්‍ෂාවක් ලබා ගැනීමට අද (28 ) පෙරවරු 10.00 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඊයේ (27 ) නියෝග කළාය.

    එම නියෝගය නාලක ද සිල්වා මහතාට සහ රජයේ රස පරීක්‍ෂකවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

    එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ නිවස අසල සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් මර්සලී තෝමස්‌ නමැති ඉන්දීය ජාතිකයාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්‌ත්‍රාත්වරියගේ නිරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එම පුද්ගලයා භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක්‌ හා දත්ත ගබඩා කාඩ් පතක්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්‌ කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

    මෙම ඉන්දියානු ජාතිකයා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මාස 3 ක කාලයක්‌ රඳවාගෙන විමර්ශනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් මේ වන විට නියෝගයක්‌ නිකුත් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

    එම නිරීක්‍ෂණයෙන් අනතුරුව එම පුද්ගලයා නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

  • ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…

    ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා ලෙස කිරුළ පලන් උපුල් ජයසූරිය මලික් සමරවික්‍රම එක්ක ගහපු ගේම්…

    වත්මන් ආණ්ඩුවේ ඩීල් දාන්නයි කොමිස් කෙළින්නයි ප්‍රසිද්ධම අමාත්‍යවරයා කවුද ඇහුවොත් ඒ ඉතිං එකෙන්ම මලික් සමරවික්‍රම කියල යාන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආව පොඩි එකත් දන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අද මේ හෙලිකරන්න යන්නෙ අන්න ඒ කොමිස් පප්පගෙ ඇඟේ එල්ලිල ඉන්න මැක්කෙක්ගෙ දහදුරා වැඩ ගැනයි.නමින් උපුල් ජයසූරිය වන මෙයා වෘත්තියෙන් නීතීඥයෙක්.ආයෝජන මණ්ඩයේ හිටපු සභාපතිත් මෙයාම තමයි.මෙයාට මේ වන විට නඩු 241 ක් තියෙනව කියල ආයෝජනය මණ්ඩලය මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු දවස් වල සිදුකරන ලද විවිධ දූෂණ ක්‍රියා හේතුවෙන් දැනට සක්‍රීය තත්වයේ පවතින නඩු 41 ක් පිළිබඳ වෙබ් මාධ්‍ය මගින් කරුණු හෙළිකරයි කියන බයට වෙබ් මාධ්‍යෙව්දීන් බොහෝ දෙනෙක්ව මිලට ගන්න මෙයා සමත් වෙලා තිබුනත් සල්ලි වලට කිසිදා නොනැමෙන අපි නීතීඥ ලෝගුවට මුවා වෙලා ජාතික ධනය මංකොල්ල කන උපුල් ජයසූරිය වන් මිනිසුන්ගේ ඇත්ත මුහුණ සමාජයට ඉදිරියේ හෙළිකිරීමට ඇප කැප වන බව ආඩම්බරයෙන් කියා සිටීමට කැමැත්තෙමු.

    උපුල් ජයසූරියගේ කතාවස්තුව ඉතා කෙටියෙන් මෙහෙමයි,

    මේ වන විට ලංකාවේ ආර්ථිකය මරණාසන්නව වැටී සිටින බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.එහෙම වෙන්න එක හේතුවක් තමයි කාලක පටං ඒ කියන්නෙ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව හිටපු කාලයේ ඉඳන් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලය. මේ මහා මුදල් මංකොල්ලයේ මහා මොලකරු වෙන කවුරුත් නෙමෙයි අපි කතාකරන උපුල් ජයසූරිය බවට සැක පහල තියෙනවා.සැකයක් කියල කිව්වට සැකයක්ම නෙමේ ඒක ඇත්ත කියල මේ ගැන ටිකක් හොයල බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙයි.

    මලික් සමරවික්‍රමගෙයි ඔහුගේ ගජයෙක් වන සිංගප්පූරු ජාතික ශ්‍රි රාම්ගෙයි ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට ශ්‍රි ලංකාව වෙතින් ආයෝජනය කරනු ලබන මලික් සමරවික්‍රමගේ කොමිස් මුදල් සිංගප්පූරුවේ ශ්‍රි රාම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ඇන්ඩ් ප්‍රොපටීස් ආයතනය වෙත යොමුකරන බව මීට කලින් අතේ මාට්ටු වෙලා තිබුන කියල ඔබට මතක ඇතිනේ.මලික් සමරවික්‍රම යටතේ තියෙන මහපොල ශිෂ්‍යත්ව අරමුදලෙන් රුපියල් මිලියන 10000 ක කොටස් ශ්‍රි රාම් ඉන්ඩස්ට්‍රීස් ආයතනය වෙත නිසි ක්‍රමවේදයකින් තොරව පවරලා කියල ඒ තොරතුරු වල සඳහන් වුණා කියලත් මතකයිනේ.

    අන්න ඒ ගනුදෙනුව පිටුපස්සෙ නීති උපදේශකයා වශයෙන් පෙනී ඉඳල තියෙන්නෙ එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයාව හිටපු උපුල් ජයසූරිය බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. 2015 මැයි මස සිට 2018 අගොස්තු මස දක්වා මේ අයතා ගනුදෙනුවේ මූලික මැදිහත්කරු වශයෙන් පෙනී ඉඳල තියෙන්නේ උපුල් ජයසූරිය වන අතර, ඒ වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

    ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුව වෙත යැවෙන මෙම කොමිස් මුදල් ශ්‍රී රාම් ප්‍රොපටීස් ආයතනය මගින් හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ ප්‍රදේශයන්වල අඹ, පොල් සහ අඹුටන් වගාවන් වෙනුවෙන් ආයෝජනය කරල තියල තමයි ආරංචිය.එ් ආයේජන මුදල රුපියල් මිලියන 76.5 ක් වන අතර, ඒ සඳහා එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය අනිවාර්යයෙන් මැදිහත් වෙලා තියෙනව කියල Merbok MDF Lanka (pvt) ආයතනය වෙතින් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කරල තියෙනවා. එම පෙත්සමට අදාල නඩුව, ගොනු අංක C.A.(writ) 49/2106 දරණ අංක යටතේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරු ආයතනය වෙත රුපියල් මිලියන 1000 කට අධික මුදලක් අයතා අන්දමින් ලබාදී ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 76.5 ක මුදලක් පමණක් මෙරටට ආයෝජනය කර ඉතිරි මුදල් මිලියන 963.5 ක මුදල් අවභාවිතාවක් සහ වංචාවක් සිදුකර ඇති බවත් එම නඩුවේ කරුණු අනුව සඳහන් වෙනවා.

    මේ ආකාරයට ශ්‍රී ලංකා රජයට සහ ජනතා බදු මුදලින් මිලියට ගණනක වංචාවක් සිදුකර ඇති වගඋත්තරකාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ නීතිඥ උපුල් ජයසූරිය හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටින බැව් සඳහන් කල යුතුය.

     

    උපුල් ජයසූරියට එරෙහිව දැනට ඇති නඩු 241න් දැනට සක්‍රීයව පවතින නඩු 41න් වැඩි කොටසක් විවිධ සමාගම් විසින් හිටපු සභාපතිවරයා වන උපුල් ජයසූරියට එරෙහිව පවරා ඇති නඩු වන අතර,නඩු කිහිපයක් පවරා ඇත්තේ හිටපු සභාපතිවරයා වගඋත්තර කරුවෙකු කරමින් ආයෝජන මණ්ඩලයට එරෙහිව බව සඳහන් වන අතර ආයෝජන මණ්ඩලයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතාවන් හේතුවෙන් එය වසන් කිරීමට මොහු ඉල්ලා අස්වූ බව තතු දන්නෝ පවසයි.

    මේ පිළිබඳව මාධ්‍ය වෙතින් කරුණු අනාවරණය වූ පසු ඔහු යම් යම් මාධ්‍යවේදීන් හට මුදල් ගෙවා තම නඩු කටයුතු වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කර ඇති බවත්  එසේම එම නඩු යට ගැසීම සඳහා විවිධ පාර්ශව හරහා පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරල තියෙනව කියලත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහුගේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ආයෝජන මණ්ඩලයට සිදු වූ පාඩුව අයකර ගැනීමට කිසිඳු ආකාරයේ නීතිමය කටයුත්තක් නොපවතින බැවින් වින්දිතයන්ට නඩු කටයුතු කඩිනම් කර තමන් හට සිදු වූ පාඩුව හෝ අයකර දෙන ලෙසට නීතියෙන් ඉදිරියේ ඉල්ලා සිට ඇත. 

    කරුණු කාරනා මෙහෙම ගලාගෙන යද්දි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසය තුල සිටි දූෂිතම සභාපතිවරයා වන්නේ උපුල් ජයසූරිය බව එඩ්නා චොකෝ පුද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මහතා කියා සිටීමත් සමඟ උපුල් ජයසූරිය යන්තමින් විලි වසාගෙන හිටිය රෙදි කෑල්ලත් ගැලවෙලා වැටුනා.

    ඔහු පැවසූ ආකාරයටම පහතින්,

    “අපි අතීතයේ සිට මේ රටට විවිධ ආයෝජන හරහා මුදල් ගෙන ආ සමාගමක්. අපි ආයෝජන මණ්ඩලය සමග සුහදව කටයුතු කර තිබෙනවා. ඒ සුහද බව හරහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අප ගැන දැඩි විශ්වාසයක් ඇති වී තිබුනා. නමුත් මෑත කාලයේ සිටි සභාපතිවරු අතරින් නීතිඥ උපුල් ජයසූරිය සමග එවැනි සුහද බවක් ඇති වූයේ නැහැ. එයට හේතුව ඔහුට නිරතුරුව අවශ්‍යව තිබුනේ ඔහුගේ පෞද්ගලික ලාභයක් මිස රටට සෙතක් ඇති වන අයුරින් කටයුතු කිරීම නොවේ.

    කිහිප අවස්තාවල ඔහු අප සමග එවැනි අයතා ගනුදෙනුවකට යෝජනා කලත්, අප සමාගමේ ඇති කීර්තිමත් ඉතිහාසය සහ රටේ ආර්ථිකයට සෘජුව දායක වූ සමාගමක් බැවින් අප එකහෙලාම ඔහුගේ යෝජනාව බැහැල කලා. එතැන් පටන් ඔහු විවිධ පුද්ගලයන් මාර්ගයෙන් අපට බලපෑම් කරන්න කටයුතු කලා. අපට ආයෝජන අවස්තා ලබා දුන්නේ නැහැ. නමුත් අප සමාගමේ ඉතිහාසය දෙස බලන ඕනම අයෙකුට බලන්න පුලුවන් අප රටේ ආර්ථිකයට දායක වූ ආකාරය කොහොමද කියල.

    කෙසේ නමුත් රටේ වාසනාවකට මෙන් ඔහු ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වුනා. නමුත් අපි සමාගම් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් එක්ව ඔහුට විරුද්ධව නඩු පවරන්න කටයුතු කලා. අපගේ සමාගමේ කීර්ති නාමයට ඔහු නිසා සිදු වූ හානියට අපි වන්දි ඉල්ලා නඩු පවරන්න කටයුතු කලා C.A. (wirt) 465\2015 පැමිණිල්ල යටතේ ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා සහ නීතිඥ සඳමාල් රාජපක්ෂ යන අයගේ මෙහෙයවීමෙන් එම නඩු ක්‍රියාත්මක වනවා. අපට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල වුනා මේ හිටපු දූෂිත සභාපතිවරයා නීතිඥයෙකු බැවින්. නමුත් අප උත්සාහය අත්හැරියේ නැහැ. උපුල් ජයසූරිය වැනි පුද්ගලයින් මෙවන් තනතුරු වලට පත්කරන අයටත් මේවට වගකියන්න සිදු වෙනවා. මේ වැනි දේ වලින් වෙන්නෙ රටට සහ ජනතාවට හානියක්.”

     

    ඔන්න ඔහොමයි උපුල් ජයසූරිය කියන පුද්ගලය කළු ලෝගුව පොරවගෙන ඒ ලෝගුවේම පිහිටෙන් නීතියේ දෙව්දුවව හිත්පිත් නැති විදිහට  දූෂණය කරල බේරිල ඉන්නෙ. මේ උපුල් ගැන කියනවනම් ඊලග කෑල්ල තවත් රසවත්  ඒ මෙයා ගත්තු ලිංගික අල්ලස් ගැන හෙළිදරව්වක්…. කෙටියෙන් කියන්න හිතුවට මේ විස්තරෙත් සෑහෙන දිග වුන නිසා උපුල් ජයසූරිය ලිංගික අල්ලස් ගත්තු ගැටි ඊලග ලිපියකින් ඔබ වෙත ගෙන එන්නම්.

     lanka gossip today / lankaCnews.lk  කරුණු කාරණා සැපයූවාට ස්තූතියි!!!

  • මින් මතුව කජු සංස්ථාවෙන් කජු ගන්න ශී‍්‍රලංකන් වෙත රජයෙන් උපදෙස්

    මින් මතුව කජු සංස්ථාවෙන් කජු ගන්න ශී‍්‍රලංකන් වෙත රජයෙන් උපදෙස්

    ර ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදීගෙන ඒවායින් මගීන්ට සංග‍්‍රහ කරන ලෙස ශී‍්‍රලංකන් ගුවන් සේවයට රජයෙන් උපදෙස් ලැබී ඇත.

    ශී‍්‍රලංකන් ගුවන් සේවය මීට පෙර කජු මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයෙනි.

    2016 වන තෙක්‌ම ශ්‍රීලංකන් වෙත කජු සපයා ඇත්තේ කජු සංස්‌ථාවෙන් වන අතර ඔවුන් හදිසියේම ඩුබායි සමාගමක්‌ වෙත තම ඇණවුම් ලබාදී ඇත.

    ජනාධිපතිවරයා “බල්ලෙකුටවත් කන්න බැරි කජු” යෑයි පෙන්වා දුන්නේ මේ ඩුබායිවලින් ලැබෙන කජුය.

    කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු කජු සංස්‌ථාවේ වෙළෙඳ සල්වල අලෙවිය 35% කින් පහළ බැස ඇත.

  • බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි

    බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි

    බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව සිය අධිකරණය විසින් ලබාදුන් සියලූම නියෝගයන් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (21) නියෝග කළේය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් පසුගිය 14 වැනිදා විමර්ශනවලට සහාය දැක්‌වීමක්‌ ලෙස නිකුත් කළ එම නියෝග ස්‌ථිරව අවලංගු කරන්නේ ද යන නියෝගය ලබන 28 වැනිදා නිකුත් කිරීමට ද අධිකරණය තීරණය කල අතර ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නීතිපතිවරයාට හා සැකකාර පාර්ශ්වයට නියෝග කළේය.

    පසුගිය වසරේ අගෝස්‌තු 02 වැනිදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කොට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබුණි.

    රවි කරුණානායක මහතාට අයත් යෑයි කියන ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් ලොජිස්‌ටික්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක්‌ ගොනු කරමින් කළ ඉල්ලීමක්‌ අනුව එම නඩුව ඊයේ (21) කැඳවිණි. එහිදී ජනාධිපති නීතිඥවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබූ නියෝගයන් පිළිබඳ නෛතික විරෝධතාවක්‌ ඉදිරිපත් කරමින් ජනාධිපති කොමිෂන් සභාවක්‌ හමුවේදී අනාවරණය වූ කරුණු මත නඩු පැවරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් විමර්ශන අංශයකට උපදෙස්‌ ලබාදීමේ නෛතික බලයක්‌ නීතිපතිවරයාට නොමැති බව සඳහන් කළේය.

  • ජනපති අනින් නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මිලියන 9000 ක්

    ජනපති අනින් නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මිලියන 9000 ක්

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000ක මුදලක් වෙන්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දී ඇත.

    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා එක්ව මෙම මුදල වෙන්කිරීමට සහ එම ජනතාවට අවශ්‍ය අනිකුත් සියලු පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.

    වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000කි. එම සමස්ත මුදල දිස්ත්‍රික් ‍ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

    එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.

  • ජනෙත් විමල යස්‌මින් සුකාව කොර කරයි…. ප්‍රතිචාර දැක්‌වීමට ද්‍රවිඩ කාන්තාවකට පවරයි!

    ජනෙත් විමල යස්‌මින් සුකාව කොර කරයි…. ප්‍රතිචාර දැක්‌වීමට ද්‍රවිඩ කාන්තාවකට පවරයි!

    ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා ඊයේ බරපතළ අසීරුතාවකට මුහුණ පෑවාය.

    ඒ ඉන්දීය සාම හමුදාව යාපනය මහ රෝහලට ප්‍රහාර එල්ල කිරීම ගැනත් වැල්වැටිතුරේ ගම්මානයම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් මගින් වැනසූ බව ඔබ දන්නේදැයි හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරි ජනෙත් විමල ඇගෙන් ප්‍රශ්න කිරීම නිසාය.

    නුඹ ඇයි එම ප්‍රහාර යුද අපරාධ ලෙස හඳුන්වන්නේ නැත්තේ යෑයි ජනෙත් විමල කෑගසා විමසූ විට ඇය නිහඬ වූවාය.

    එහෙත් විමලගේ ප්‍රශ්නයට නිහඬ වූ සූකා ඊට ප්‍රතිචාර දැක්‌වීම මුලතිව් සිට පැමිණි ද්‍රවිඩ කාන්තාවකට පැවරුවාය.

    ඉන්දීය සාම හමුදාවට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌ කිරීමට යස්‌මින් සුකා මැලිවිය.

    ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් හතළිස්‌ දහසක්‌ ඝාතනය කළ බවට චෝදනා එල්ල කළේ යසමින් සුකායි.

  • හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානයට පාත්‍රවන්නීය. මේ ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇය වේ.
    ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිතුමා  මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20) ප්‍රදානය කෙරිණි. ජනාධිපති කුමාරතුංග මැතිනිය 1994 සිට 2005 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ 4 වන විධායක ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය. ඊට පෙර ඇය බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය හා අගමැති ධුරය ඉසිලුවාය.
    වර්තමානය වන විට හිටපු ජනාධිපතිනි කුමාරතුංග මැතිනිය De Madrid සංගමයේ සාමාජිකාවක වශයෙන් ද, global leader ship Foundation සාමාජිකාවක ලෙස ද, Clinton global initiative හි උපදේශිකාවක හා සාමාජික ලෙස ද, South Asian Policy and research institute and the office for national unity and reconcilliation in Sri lanka හි සභාපතිනිය ලෙස ද ගෞරව තනතුරු රැසක් දරන්නීය.
    චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන විද්‍යාව පිළිබඳ පැරීසියේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හිමිකරගෙන තිබේ. ඇය ආචාර්ය උපාධිය සඳහා ආර්ථීක සංවර්ධනය පිළිබඳ 1970 – 1973 දක්වා කාලය තුළ පැරිසියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇත. මෙම උත්සවය සඳහා රට රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන්, මැති ඇමැතිවරුන්, විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
  • සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක්

    සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක්

    ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමට හේතුව ඇමෙරිකාව හා චීනය අතර ඇතිව තිබෙන වෙළෙද ඝට්ටනය බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

    ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.29කින් අවප්‍රමාණය වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ දකුණු ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවද කීවේය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

    ආර්ථික අර්බුදය පවතින්නේ ලංකාවේ පමණක් නොවෙයි. ලෝකයේ සෑම මුදල් ඒකකයක් සමගම සැසදූ විට ඩොලරය ඉහළ ගිහින් තිබෙනවා. ඩොලරයේ අගය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාස දක්වා 5.29කින් ඉහළ ගිහින් තිබෙනවා.

    ඉන්දියාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව 13.12කින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ 5.29ට තිබුණු අගය 08 දක්වා වැඩි වෙලා තිබෙනවා. පකිස්ථානයේ 11.22කිනුත්, ඉන්දුනිසියාවේ 9.61 කිනුත් ඩොලරයේ අගය වැඩි වෙලා තියෙනවා.

    ආසියාවේ තායිලන්තයේ හා සිංගප්පුරුවේ හැරුණු විට ලංකාවේ රුපියල පාකිස්තානය, ඉන්දියාව, ඉන්දුනිසියාව ආදි මේ සියලු රටවල්වලට වඩා විශාල ලෙස ශක්තිමත්.

    කොහොමවුණත් අපේ රටේ රුපියල ශක්තිමත්. අපි රට බාර ගනිද්දි 7.7ට පැවැති අයවැය හිගය 5.5 දක්වා අඩු වෙලා තිබෙනවා. විදේශීය සංචිතය ඩොලර් බිලියන 9 වඩා වැඩියි. ආනයනය කරද්දි ගැටලුවක් පවතින නමුත් අපනයනයේදී මෙය වාසියක්. කොහොම වුණත් සාපේක්ෂව අපි තවමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තිබෙන රටක්.

  • මෙක්‌සිකෝ ගිය අද්මිරාල් රවීන්ද්‍ර යළි රාජකාරියට එයි

    මෙක්‌සිකෝ ගිය අද්මිරාල් රවීන්ද්‍ර යළි රාජකාරියට එයි

    මෙක්‌සිකෝ රාජ්‍යයේ නිදහස්‌ දින උත්සවයට සහභාගි වීම සඳහා නිල සංචාරයකට එරට බලා පිටත්ව ගොස්‌ සිටි ඒකාබද්ධ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පෙරේදා (19) යළි මෙරටට පැමිණ තිබේ.
     
     යළි ශ්‍රී ලංකාවට පැමිණි අද්මිරාල් රවීන්ද්‍ර ඊයේ (20) කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ඒකාබද්ධ මාණ්‌ඩලික ප්‍රධානී කාර්යාලයට පැමිණ සිය රාජකාරි කටයුතු අරඹා ඇත.
     
     අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් පසුගිය 10 වැනිදා ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා කැඳවා තිබූ අතර එදින අලුයම ඔහු මෙක්‌සිකෝ සංචාරයට පිටත්ව ගොස්‌ තිබිණි.
     
     ඔහු එම සංචාරයට පිටත්ව ගොස්‌ තිබුණේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් නිල අවසර ලබා ගැනීමෙන් පසුවය.