Category: සුපිරි News

  • කොවිඩ් මාර්ගෝපදේශ දඩය රු.5000 – රු.50,000 දක්වා වැඩි කරනවා – පවිත්‍රා අනතුරු අගවයි

    කොවිඩ් මාර්ගෝපදේශ දඩය රු.5000 – රු.50,000 දක්වා වැඩි කරනවා – පවිත්‍රා අනතුරු අගවයි

    ‘මාර්ගෝපදේශ නොපිළිපදින අය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වෙලා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.  ඒ සදහා දැනට තිබෙන රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ක් ලෙස වෙනස් කරලා හරි මේ රෝගය මර්දනය කරන්න අපි ඉළක්කගතව වැඩ කරනවා.”යැයි සෞඛ්‍ය අමාතඨ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියනවා.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 250 ක වටිනාකමකින් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය (catheterization laboratory) අද දින (23) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

    තෝරාගත් රජයේ රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේ චීන ව්‍යාපෘතිය යටතේ කළුතර නාගොඩ රෝහලට අත්‍යාවශ්‍යව පැවැති මෙම හෘද කැතීටරීකරණ රසායනාගාරය ලැබී ඇත.

    හෘදයාබාධයක් ඇති වූ විට හෘද රෝගියාගේ කිරීටක ධමනි අවහිර වේ. එම අවහිර වී ඇති කීරීටක ධමනි පැය එකහමාරක් වැනි කාලයක දී ස්ටෙන්ට්ස් එකක් දැමීමෙන් නැවත විවෘත කර ගත යුතු වේ. රෝගියාගේ ජිවිතය බේරා ගැනීම සදහා එය සිදු කළ යුතු හදිසි ප්‍රතිකර්මයකි. එම ශල්‍යකර්ම කටයුතු සදහා හෘද කැතීටරීකරණ රසායනාගාරය යොදා ගනු ලබයි. මිලියන 22 ක් වන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහ යාබද දිස්ත්‍රික්කවල සියළු ජනතාව සදහා මෙයින් අද දින සිට සේවාවන් ලබාගත හැකි වේ.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “අපේ බලාපොරොත්තුව ලංකාවේ හැම පළාතකටම අඩුම තරමේ එක් හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ලබාදීමයි. මිලියන 200 ක් වැනි විශාල මුදලක් කැබිනට් මණ්ඩලයෙන් නැවැත සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමත කළා කොවිඩ් රෝග මර්දන කටයුතු වෙනුවෙන්. කොවිඩ් රෝගය මර්දනය කර අපට මේ රට බේර ගන්න පුළුවන්. ඒ සදහා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. පළමු සහ දෙවැනි කොවිඩ් රැළි අපට මර්දනය කළ හැකි වුවා නම් තුන්වන රැල්ල මර්දනය කරනවා කියන එක අපහසු කාර්යයක් නොවෙයි. අපි එම ඉළක්කය ඇතිවයි කටයුතු කරන්නේ. ඒ සදහා අපි නීති පැනවූවාම ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනි. මාර්ගෝපදේශ නොපිළිපදින අය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වෙලා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.  ඒ සදහා දැනට තිබෙන රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ක් ලෙස වෙනස් කරලා හරි මේ රෝගය මර්දනය කරන්න අපි ඉළක්කගතව වැඩ කරනවා.”  

    කළුතර රෝහලට මෙතෙක් නොතිබුනු මෙම රසායනාගාරය තුලින් පැය 24 පුරාම සේවාව ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සදහා අවශ්‍ය ස්ටෙන්ස්, වයර්බැලුන් ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය ස්තූතිය පුද කරන බවත්, සියළුම හෘද ප්‍රතිකර්ම සිදු කළ හැකි සියළු වෛද්‍ය උපකරණ වලින් මෙම ඒකකය සමන්විත බව කළුතර මහ රෝහලේ හෘද රෝග ඒකකය භාරව කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා හ විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මිය මෙහිදී පැවැසීය.  

  • කොවිඩ්-19 මරණ 71ක් තහවුරු කරයි

    කොවිඩ්-19 මරණ 71ක් තහවුරු කරයි

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දින කොවිඩ්-19 ආසාදිත මරණ 71ක් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගිය අය අතර කාන්තාවන් 38 දෙනකු සහ පිරිමින් 33 දෙනකු වන අතර ඔවුන්ගෙන් 57 දෙනකුම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ය. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමින් 25 දෙනකු සිටී.

  • ශ්‍රී ලංකන් සහ ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ඇතුළු ආයතන කිහිපයක් ‘COPE‘ හමුවට

    ශ්‍රී ලංකන් සහ ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ඇතුළු ආයතන කිහිපයක් ‘COPE‘ හමුවට

    ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    මෙම තීරණය ගනු ලැබුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෝප් කමිවුවේ රැස්වීම් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම සහ ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම  සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.  

    ඒ අනුව ලබන ජූලි 06 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාල ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සමාජිකයන්ගේ එකඟත්වය හිමි විය.

    මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්‍රො ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතන වල වර්තමාන තත්ත්වයද විමර්ශනය කිරිමට අපේක්ෂිතය.

    එයට අමතරව ලබන ජූලි 08 වැනිදා සිට පසුගිය කාලය තුළ කැඳවීමට නොහැකිවූ ආයතන නැවත කැඳවීමටද මෙහිදී කමිටු සාමාජිකත්වයේ එකඟතාවය හිමි විය.

    දැනට පාර්ලිමේන්තු විවාදයක් සඳහා යෝජිතව ඇති මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය මෙහිදී යොමු විය.

    එයට අමතරව දැනට පවතින කොවිඩ් වසංගත අභියෝගය හමුවේ සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව කෝප් කමිටු රැස්වීම් පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි. ඒ අනුව ඉදිරි කෝප් කමිටු රැස්වීම් සඳහා ආයතන කැඳවීමේදි, අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයා, අදාල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරින් 06 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් කමිටුව හමුවට කැඳවීමටත් අනෙකුත් අදාල නිලධාරීන් මාර්ග ගත ක්‍රමයට (On Line) සම්බන්ධ කර ගැනීමටත් කමිටු සමාජිකත්වයේ එකඟතාවය හිමි විය.

    මෙම රැස්වීමට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ද, ඩී. වී චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, අනුර දිසානායක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, එස්.එම්.මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

  • විදේශ ඇමැති දිනේෂ් ඉන්දීය විදේශ ඇමතිට හදිසියේ කතා කළේ ඇයි ?

    විදේශ ඇමැති දිනේෂ් ඉන්දීය විදේශ ඇමතිට හදිසියේ කතා කළේ ඇයි ?

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබදතා ඉහළ නංවා ගැනීමට මේ දක්වා දෙරට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඵලදායි  වී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමඟ (ඊයේ) (21) පැවැති දුරකථන සංවාදයක දී සඳහන් කළේය.

    ඉන්දියාව මෙරටට ලබා දී ඇති මූල්‍ය ආධාර හා කොවිඩ් මර්ධන සහනාධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පිරිනමන බවද ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයාට දන්වා සිටියේය.

    බිම්ස්ටෙක්, අයෝරා වැනි කලාපීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද මෙම සාකච්ඡාවේදී දෙරටේ අමාත්‍යවරු එකඟතාව  පල කර තිබේ.විශේෂයෙන් කොළඹ ක්‍රමය වැනි පොදු කාරණා වලදී දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කල යුතු බවද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.

    දෙරට මුහුණ දී සිටින කොවිඩ් අවධානම පිළිබඳව  අමාත්‍යවරු දෙපල දීර්ඝව සාකච්ඡා කල අතර මේ වන විට ඉන්දියාව මුහුණ දී ඇති තත්වය කඩිනමින් යථා තත්වයට පත් කර ගැනීමට සියලු ශක්තීන් ලැබේවායි ද ගුණවර්ධන මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ සඳහන් කළේය.පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටට වැදගත් කාරණා කීපයක්ද සාකච්ඡා කළේය. 

  • දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය

    දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය

    ආර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු වල දෛනික මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) දින සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 11ක එළවළුවල තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් වීම සිදුවෙනවා.

    ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වල තොග සහ සිල්ලර මිල ගණන් පහත පළ වෙනවා.

    vegitable-price-jun-22

    vegitable-price-jun-22

  • රු. බිලියන 1000ක ‘භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා‘ මුදල් කාරක සභාවේ අනුමැතිය

    රු. බිලියන 1000ක ‘භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා‘ මුදල් කාරක සභාවේ අනුමැතිය

    දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත  රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා  මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර  පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන්  මාර්ගස්ථ ක්‍රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.

    රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්  වන   ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර,  නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට  සහභාගී වූහ.

    මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර  ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත්  පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පසුගිය ජූනි 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රෙගුලාසි ද්විත්වයක් සදහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන සදහා බදු සහන ලබාදී ඇති පසුබි‍මක බොහෝවිට එම අවස්ථාව අවභාවිත කරන බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කරුණු දක්වමින් කාරක සභාවට පැහැදිළි කර සිටියේය.

    විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන වාහන ඉන් අනතුරුව සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බව මේවන විට හදුනාගෙන ඇති බැවින්  එමගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ලේකම්වරයා මෙහිදී  පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ (Freezer trucks) 947 ක් මෙරටට ආනයනය කර  ඇති බව ද ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි ‍රථ ලෙස  භාවිතකරන බවට තොරතුරු වාර්තා වන බවද ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව මෙම රෙගුලාසි මගින්  අදාළ බදු මුදල් සංශෝධනයට පියවර‍ ගෙන ඇත.

    මෙරටට මාජරින් ගෙන්වීමේ ක්‍රමවේදය තුළද මෙලෙස යම් යම් තාක්ෂණික කාරණා මත බදු මුදල් අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව කාරක සභාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉදිරියේදී නව ක්‍රමවේදයක් යටතේ මෙය සිදුකිරීමට  අපේක්ෂා කරන බව මෙහිදී   මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට  පැවසීය.

    මේවන විට රට ආර්ථික ගැටලුවක ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියේය. පවතින  තත්ත්වය තුළ යම් ආර්ථික ගැටලු මතුවුවද ඒ සියල්ල මනා ලෙස කළමණාකරණය කිරීම සදහා  හැකි උපරිමයෙන් කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

    තවද අතුරුදහන්වූවන්ගේ කාර්යාල‍යේ සභාපතිවරයා ඇතුළු  සාමාජිකයන් සඳහා වැටුප් සහ දීමනා වැඩි කිරීමේ  යෝජනාව නිසිපරිදි හේතු නොදැක්වීම හේතුවෙන් පසුගිය කාරක සභාවේදී ප්‍රතික්ෂේප වුවද අදාළ හේතු සලකා බැලීමෙන් අනතුරුව ඊයේ පැවති කාරක සභාවේදී ඊට අනුමැතිය හිමිවිය. 

  • ‘ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න‘ සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැතිලු

    ‘ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න‘ සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැතිලු

    කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවූ කොරෝනා වයිරස් ඩෙල්ටා ප්‍රභේදය (coronavirus Delta variant) ව්‍යාප්ත වූ ආකාරයට සහ එහි පැතිරීම හදුනා ගැනීම සදහා අඛණ්ඩව PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    ඔහු පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන්ට තවමත් පැහැදිලි නැති බවයි.

    මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර රටවල් 70 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති බව ඔහු පැවසීය.

    වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද පැවසුවේය, ‘‘ඩෙල්ටා ප්‍රභේදයේ පැවැත්ම සොයා ගැනීම සඳහා විවිධ ස්ථානවල පුළුල් ලෙස PCR සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරවා. මෙම ප්‍රභේදය ප්‍රථම වරට දෙමටගොඩයේදී අනාවරණය වූ අතර එය වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වන්නට ඇතැයි සැකයක් තිබෙනවා. 

    ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබියදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසුවේ මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇතැයි යන බියක් පවතින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වයිරසයේ දෙවන රැල්ල වැඩිපුරම පැතිරෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ ඉහළ දැමීමට ද පිියවර ගත්තේය.

    ඩෙල්ටා ප්‍රභේදය මතු වේ යැයි බියෙන් දෙමටගොඩ ආරාම පාර ඇතුළු සමහර ප්‍රදේශවල පූර්වාරක්ෂාව ගෙන ඇති බව ඔහු පැවසීය.

    ආරාම පාරේ ඩෙල්ටා ප්‍රභේදය අනාවරණය වී ඇති බවට සැකයක් මතුවූ විට එම ප්‍රදේශය අගුලු දැමූ බව වෛද්‍ය විජයමුනි මහතා පැවසීය. මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකුගෙන් අනාවරණය වී ඇත. ඔවුන් අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටී.

    දෙමටගොඩ ආරාම පාරේ සහ සිරිමුතු උයන ප්‍ර දේශයෙ හි ඇල්ෆා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයින් 35 දෙනෙකු සොයා ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. 

    නව ප්‍රභේදය ඇතුළුව කොරෝන වෛරසය හඳුනා ගැනීම සඳහා අහඹු ලෙස PCR පරීක්ෂණ කොළඹදී සිදුකරන බව වෛද්‍ය විජයමුනි මහතා පැවසීය.

    “බොහෝ දෙනා PCR පරීක්ෂණයට ලක්වීමට මැලිකමක් දැක්වීම අපට ගැටලුවක්” ඔහු පැවසීය. 

    ආචාර්ය හේමන්ත හේරත් මහතා පැවසුවේ PCR පරීක්ෂණයක ප්‍රතිඵලවල සැකයක් ඇත්නම් නියැදිය ජානමය අනුක්‍රමණය සඳහා යවන බවයි

  • ළමුන් අතර බරපතළ රෝගයක් ව්‍යාප්ත වෙයි

    ළමුන් අතර බරපතළ රෝගයක් ව්‍යාප්ත වෙයි

    • රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘදයට බලපාන වඩාත් බරපතල සංකූලතා ඇති විය හැකිය

    “ළමුන් තුළ බහු පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය “Multisystem inflammatory syndrome in children”  නමින් නව රෝගයක් රට පුරා පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවන අතර තම කුඩා දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

    රිජ්වේ ආර්යාව රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ළමා රෝග විශේෂඥ. වෛද්‍ය නාලින් කිතුල්වත්ත මහතා පැවසුවේ මෙම නව සින්ඩ්‍රෝමය ප්‍රථම වරට එංගලන්තයේදී වාර්තා වූයේ 202 දී බවයි. මෙම නව සින්ඩ්‍රෝමය COVID-19 හා සම්බන්ධ බව පැවසූ ඔහු COVID ආසාදනය වී සති දෙකේ සිට හය දක්වා කාලය තුළ ළමයින්ට මෙම රෝගය ආසාදනය විය හැකි බව පෙන්වා දුන්නේය.

    මෙම පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය ආසාදනය වූ දරුවන්ට උණ, උදර වේදනාව, වැඩිපුර වෙහෙසට පත්වීම, වමනය, පාචනය, ලේ වැගිරීම්, ඇස් සහ සමේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බව වෛද්‍ය කිතුල්වත්ත මහතා පැවසීය.

    මෙය රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘදයට බලපාන අතර වඩාත් බරපතල සංකූලතා ඇති විය හැකි බව ඔහු පැවසීය. “මෙය ඊටත් වඩා මාරාන්තික විය හැකියි‘‘

     වෛද්‍ය කිතුල්වත්ත මහතා පැවසුවේ මෙම රෝගයෙන් පෙළෙන ළමුන් හය දෙනෙකු පමණ රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින බවයි.


    තම දරුවන්ට මෙම නව සින්ඩ්‍රෝම් රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

  • බස්නාහිර පළාතේ ‘සේවකයින් කැදවීම පිළිබඳ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරයි

    බස්නාහිර පළාතේ ‘සේවකයින් කැදවීම පිළිබඳ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරයි

    බස්නාහිර පළාතේ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සේවා ස්ථානවල ධාරිතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන ලද රජයේ ආයතනවල ප්‍රධානීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයේ දක්වා ඇති සේවා ස්ථාන ධාරිතාව මත පදනම්ව සේවකයින් සහ නිලධාරීන් කැඳවිය හැකි බවයි.

    එසේම, අත්‍යවශ්‍ය නොවන සේවාවන්ට අනුයුක්තව සිටින රජයේ, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ට සතියකට උපරිම වශයෙන් දින දෙකක් තම සේවකයින් හා නිලධාරීන් කැඳවිය හැකිය.

    මෙම සේවකයින්ට සහ නිලධාරීන්ට තම නිවෙස්වල රාජකාරිවලට සහභාගී වීමට නොහැකි වුවහොත් පමණක් වැඩ කිරීමට වාර්තා කිරීමට අවසර දෙනු ලබන අතර ඔවුන් සඳහා කාර්යාල ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුය.

    බස්නාහි පළාතේ පොදු ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවන්හි සේවකයින් සඳහා පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ.

  • සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි

    දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

    සහල් සංචිතයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සදහා දේශීය ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැදවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ වන විට වෙළෙද පොළේ නාඩු කිලෝවක මිල රුපියල් 120 – 130ත් අතර ද, සම්බා කිලෝවක මිල රුපියල් 160-170 අතර ද පවතින අතර කීරි සම්බා කිලෝවක මිල රුපියල් 240ක් පමණ වෙනවා. ව්‍යාපාරිකයින් පවසන්නේ මෙම මිල ගණන් ලංකා ඉතිහාසයේ වාර්තාව වූ ඉහළම මිල ගණන් වන බවයි. මේ අතර පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ගැන විවිධ අදහස් පළ වෙනවා.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද (21) බදුල්ලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විමසා සිටියේ මේ ආනයනය කරන පොන්නි සම්බා සහල් කාබනික ඒවාද ? කියයි.

    සමාජ මාධ්‍ය තුළ ද මේ තීරණය ගැන හාස්‍යජනක තත්ත්වයක් දැකගත හැකියි. ‘වාර්තාගත සහල් අස්වැන්නක් ලැබුණ බව කිව්වා. වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් අරගෙන මොල් මාෆියාව පාලනය කරන බව කිව්වා. ඒත් අන්තිමේදී තමන්ගේ ව්‍යාපාරික මාෆියාවට මේ සියල්ල යට වුණා ‘‘යැයි ඔවුන් කියනවා.

  • දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් ‘හුදකලා කරයි‘

    දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් ‘හුදකලා කරයි‘

    හෙට (21)  අළුයම 04 සිට සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24 ක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ මෙසේ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ. මේ සම්බන්ධ සියලු විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

    pr-jun-20

  • හෙට රටම අරිද්දී ‘බස්නාහිරට’ සංචරණ සීමා දැඩි වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    හෙට රටම අරිද්දී ‘බස්නාහිරට’ සංචරණ සීමා දැඩි වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් පනවා තිබූ සංචරණ සීමා හෙට (21) අළුයම සිට ලිහිල් කිරීමට තීරණය කර ඇතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) නිකුත් කළ මාර්ගෝපදේශවල බස්නාහිර පළාතට පමණක් අදාළ වන මාර්ගෝපදේශ ගණනාවක් ද එක් කර තිබේ.

    ඒ අනුව බස්නාහිර පළාතට පමණක් දක්වා ඇති සංචරණ නීති රීතිවලට අනුව බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සේවක ප්‍රවාහනයට පමණක් සීමා කර ඇති අතර පළාත තුළ ආයතනික රැස්වීම් වැඩමුළු සන්නාම දියත්කිරීම් සම්මන්ත්‍රණ තහනම්ය. පදික වෙළෙන්දන් තහනම් වන අතර සාප්පු සංකීර්ණද නිමි ඇඳුම් හල්ද වසා දමා ඇත.

    මෙම නව මාර්ගෝපදේශ හෙට 21 සිට ජුලි මස 05 වනදා දක්වා අනුගමනය කරන ලෙස දන්වා ඇත.

    මෙම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

  • ප්‍රබලයා ජීවත්වෙලා දුර්වලයා මියෑදෙන වසංගත පාලනයකට ‘සෞඛ්‍ය සේවාවක්‘ අවශ්‍ය වන්නේ නෑ

    ප්‍රබලයා ජීවත්වෙලා දුර්වලයා මියෑදෙන වසංගත පාලනයකට ‘සෞඛ්‍ය සේවාවක්‘ අවශ්‍ය වන්නේ නෑ

    කොව්ඩ් වසංගතය පාලනය කරන්න කියල දස අතින් රජයට බලපෑම් ආපු නිසා මැයි 21 අඛණ්ඩ සංචරණ සීමා දාන්න ආණ්ඩුව තීරණය කරා. සෞඛ්‍ය අංශ වලින් කරන දැඩි බලපෑම නිසා සංචරණ සීමා දැම්මට ඒක ඉවත් කර ගන්න රජයට ලොකු උවමනාවක් තිබෙන බව තමයි බැලූ බැල්මට පෙන්න තිබුනේ.

    ජුනි මස 14 වෙනිදා සංචරණ සීමාව ඉවත් කරන්න තිබුනත් බොහෝ සෞඛ්‍ය අංශ වලින් කිව්වේ ඒක නැවත දීර්ඝ කරන්න ඕන කියලා. හමුදාපතිවරයා මාධ්‍යයට ඇවිල්ලා ඒක ස්ථිර වශයෙන්ම දීර්ඝ නොකරන බවට පැහැදිලි ප්‍රකාශයක් කරල පැය 24ක් යන්නටත් මත්තෙන් ඒක දීර්ඝ කරන බව නැවත එතුමා විසින්ම කිව්වා. සංචරණ සීමාව ඉවත් කිරීම සහ නොකිරීම අතර ඇති ප්‍රභල විවාදාත්මක තත්වය පැය 24ක් ඇතුලත හමුදාපතිවරයාගේ ප්‍රකාශ දෙකේ පරස්පරයෙන්ම පමණක් උනත් අපිට තේරුං ගන්න පුළුවන්

    වසංගතය පාලනය කරන්න රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මහජනතාවටත් එක හා සමාන වුවමනාවත් තියෙනවා. සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය දාන්නේ වසංගතය පාලනය කරන්න කියලා අපි හැමෝම දන්නව නං එක හා සමාන වුවමනාවක් තියෙන පාර්ශ්වයන් අතර එහෙම විවාදාත්මක තත්ත්වයක් ඇති වන්නේ ඇයි?

    කැපවීමේ ප්‍රතිඵල තිබෙනවාද?

    රටක් විදිහට අපි දවස් 23 ක් එහෙමත් නැත්නං මාසෙකට ආසන්න කාලයක් සංචරණ සීමා දාගෙන අසීමිතව දුක් විඳිනවා, මහජනතාව විශාල කැප කිරීම් කරනවා, රජය අමතර අභියෝග ගණනාවකට මුහුණ දෙනවා, රට ආර්ථිකව පිරිහෙනවා, ඒ සියල්ල කරන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ හඬට මුල් තැන දීලා “සියල්ලට පෙර සෞඛ්‍ය” කියන ප්‍රතිපත්තියට අකැමැත්තෙන් වුනත් ඉඩදෙන්න සිදුවෙලා තියෙන නිසා.

    සාමාන්‍ය මිනිස්සුන්ගේ සරල ප්‍රශ්ණ මොනවද?

    රටම කැප වෙලා දාපු සංචරණ සීමාවෙන් වැඩක් වෙලා තියෙනවද? රෝගය අබමල් රේණුවකින් හරි පාලනය වෙලා කියල කාටහරි කියන්න පුළුවන් කමක් තියෙනවද? හැබැයි වාචාල කමට මාධ්‍ය ඉදිරියේ නෙමෙයි, විද්‍යාත්මකව දත්ත පෙන්නල, රෝගයට අදාල පුරෝකථනයන්, ප්‍රක්ෂේපණයන් ඉදිරිපත් කරල රෝග ප්‍රවණතාවයෙහි පාලනය වීමක් ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න කාටහරි පුළුවන්ද? එහෙම ප්‍රකාශයක් සිදු කිරීම සඳහා කවුරුහරි මේ වෙනකොට දත්ත එකතු කරල තියෙනවද? ප්‍රක්ශේපණයන් ප්‍රවණතාවයන් අධ්‍යයනය කරල තියෙනවද? සංචරණ සීමා දාපු නිසා රෝග ප්‍රවණතාවය වසංගතයේ පැතිරීම අවම වූ බව හා එසේ නොවූයේ නම් එය කෙසේ සිදුවිය හැකිද යන බව දත්ත ආශ්‍රයෙන් විද්‍යාත්මකව පැහැදිලි කරන්නට කවරුන් හෝ සූදානමින් සිටිනවාද? විවාදය ඇති වන්නේ එතැනින්.

    සෞඛ්‍ය විද්‍යාත්මකව කල්පනා කලයුත්තේ කවුද?

    ජනාධිපතිවරයා හෝ හමුදාපතිවරයා ඇතුළු දේශපාලන යාන්ත්‍රණය සෞඛ්‍ය විද්‍යාත්මකව කල්පනා කරන්නේ නැහැ. එසේ කල යුතුත් නැහැ. ඇත්තම කියනවනං ඒක කරන්න 150,000ක පමණ ශ්‍රම බලකායකට අමතරව 1000කට ආසන්න වෛද්‍ය පරිපාලකයන් සහ විශේෂඥයන් විශාල ප්‍රමාණයක් ඇතුළු එකී නොකී ප්‍රවීණයන් රැසක් රටක් විදිහට අපි නඩත්තු කරමින් ඉන්නව. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන තනි ගොඩනැගිල්ල ඇතුලෙ විතරක් වෛද්‍ය පරිපාලකයෝ කීදෙනෙක් ඉන්නවද?

    ශ්‍රම බලකාය මෙහෙයවලා දේශපාලන තන්ත්‍රයට අවශ්‍ය විකල්ප සහිත විද්‍යාත්මක පුරෝකථනයන් හා ප්‍රක්ෂේපණයන් මඟින් ඇතිව තිබෙන තත්ත්වය සංසන්දනාත්මකව වාර්තා කිරීම අදාල විශේෂඥයන්ගේ සහ පරිපාලකයන්ගේ වගකීමය. එය සිදු කිරීම සඳහා ලැබෙන සම්පත් වල විශාල අඩු පාඩුවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම එහෙම කරනවනං ඒ හඬට කන්නොඳෙමින් මඟහැරයමින් දේශපාලනික තීන්දු ක්‍රියාත්මක වන බවක් තියෙනව කියල පිළිගන්න තරං සාක්ෂිත් නැහැ.

    සංචරණ සිමාවේ ප්‍රතිඵලය විද්‍යාත්මකව කිව හැකිද?

    සංචරණ සීමාව දැමීම හෝ නොදැමීම, රට සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ නොදැමීම, සංචරණ සීමාව දැමීම ඇඳිරි නීතිය දැමීම, වැනි තීන්දු වලට එළඹීමේදී වසංගතය පාලනය වන්නේ කොයි ආකාරයෙන්ද? මරණ සංඛ්‍යාව අඩු හෝ වැඩි වන්නේ කොයි ආකාරයෙන්ද? වසංගතය පාලනය කිරීමට ගත වන කාලය වෙනස් වන්නේ කොයි ආකාරයෙන්ද යන්න පැහැදිලි දත්ත මඟින් පුරෝකථනය කල හැකි වූ දිනක දේශපාලන තීන්දුව සහ සෞඛ්‍ය තීන්දුව අතර විවාදයක් මතුවේ යයි අප විශ්වාස කරන්නේ නැත.

    එසේම ඕනෑම විකල්පයක් තොරා ගැනීමට දේශපාලඥයන්ට බලය ඇත්තා සේම තමන් තොරා ගන්නා විකල්පය මඟින් රටට අත්වන ඉරණම පිළිබඳව පූර්ව අවබෝධයක් සහිතව ඔවුන් එම විකල්පය තෝරා ගන්නා බැවින් එහි පූර්ණ වගකීමද ඔවුන් වෙත පැවරෙනු ඇත.

    සංචරණ සීමා මැද වසංගතය ඔඩුදුවලද?

    “සියල්ලට පෙර සෞඛ්‍ය” කියන තේමාව යටතේ මසකට ආසන්න කාලයක් රට පාලනය කරපු රජය සහ මහජනතාව ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. එසේ නම් එම ප්‍රතිඵල නිවැරදිව, පැහැදිලිව සහ විද්‍යාත්මකව නිකුත් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ භාරගත යුතුය.

    මැයි මාසේ 21 වැනිදා සංචරණ සීමා පැනවීමට පෙර සතියේ 2021.05.15 දින ඉදල 2021.06.12 කියන මාසයක කාලයක් තුල දෛනික කොරෝනා මරණ ප්‍රමාණය, දෛනික රෝගීන් ප්‍රමාණය, දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ සමස්ථ රෝගීන් ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාවට අදාල දත්ත මේ වගුවේ තියෙනවා. මේව අපි ගත්තේ ලොකයේම පිළිගත්ත worldometers.info කියන වෙබ් අඩවියෙන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියෙන්.

     දිනය2021.05.152021.05.222021.05.292021.06.052021.06.12
    දෛනික  PCR පරීක්ෂණ ප්‍රමාණය2224722824198731953919676
    පම්පූර්ණ කොරෝනා රෝගීන් ප්‍රමාණය140471161242180593202357221277
    දෛනික  කොරෝනා රෝගීන් ප්‍රමාණය23862909288231032354
    සම්පූර්ණ  කොරෝනා මරණ ප්‍රමාණය9411178140516962136
    දෛනික  කොරෝනා මරණ ප්‍රමාණය2046424063

    Source 01: https://www.worldometers.info/coronavirus/country/sri-lanka/#graph-deaths-daily

    Source 02: https://hpb.health.gov.lk/covid19-dashboard/

    මේ අනූව අපේ දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය පල්ලම් බහිනවා. මරණ ප්‍රමාණය ගත්තොත් ඒක අඛණ්ඩව වැඩිවෙනවා සති 4 ක් තුල මරණ ප්‍රමාණය තුන් ගුණයක් වෙලා සංචරණ සීමා පැනවුනු කාලසීමාව තුලදීම එහෙම සිදුවීම ඉතාම භයානක තත්වයක්. හැබැයි දෛනික රෝගීන් ප්‍රමාණය දෛනිකව වැඩිවෙලා පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමඟම නැවත අඩුවෙනවා මේක කෘතීම අඩුවීමක්. ඒක නිසා තමයි අපි කිව්වෙ පීසීආර්ම විතරක් කරන්න ගිහින් කවදහරි ඇනගන්නවා කියලා. මේ ප්‍රස්ථාර ටික බැළුවාම දත්ත වල හැසිරීම හොඳින්ම පෙනෙනවා.

    Graph 01 to  04

    වල්ඩෝමීටර් දත්ත වලට අදාලව සංචරණ සීමාව තුලදී මරණ සංඛ්‍යාව වැඩි වන විට රෝගීන් අඩුවන බවක් පෙනී යනවා. බැලූ බැල්මට එය වෛරසයේ හෝ ප්‍රභේදයේ ප්‍රභලතාවයේ (Virulence) පුරෝකථනයක් ලෙස සැළකිය හැකි වුනත් එම කාල සීමාව තුල සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ගැන සළකා බැලීමේදී වර්ඩෝමීටර් පුරෝකථනයත් උඩු යටිකුරු කළ හැකියි. ඒ අනූව එම කාලසීමාවේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම සොයා ගනු ලබන රෝගීන් ප්‍රමාණය අඩු වීමට හේතුව බව සාධාරණ ලෙස උපකල්පනය කල හැකිය. ඒ අනූව රෝගීන්ද, මරණද සමාන්තරව වැඩිවීම තුල වෛරසයේ ප්‍රභලතාවය පිළිබඳව සිදු කරන පුරෝකථනය වඩා නිවැරදි නොවන අතර පීසීආර් පරීක්ෂණ අඩු කිරීම මඟින් පුරෝකථනය සඳහා කෘතීම බලපෑමක් සිදුව ඇත. මෙය මාර්තු මස අග සති වලදී සහ අප්‍රේල් මස මුල සති කිහිපය තුල සිදුවූ වරදට සමාන වන අතර අවශ්‍ය ධාරිතාවට අනූව කොරෝනා රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු නොකිරීමෙන් විද්‍යාත්මක පුරෝකථනයන් සඳහාද බරපතල බාධාවන් ඇති කරනු ලබන බවට වැදගත් සාක්ෂියක්.

    කොරෝනා පරික්ෂණ අඩු කිරීමෙන් පුරෝකථන වලට බලපෑම් කිරීම….

    උක්ත සරල දත්තයට අදාලව පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට අපට ඇති උනන්දුව අඩුවෙමින් තිබියදී පවා හමුවන රෝගීන් සහ මරණ ප්‍රමාණය වර්ධනය වී ඇත. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳ මහා වින්‍යාස නොදන්නා කෙනෙකුට උනත් “සංචරණ සීමා දමා ගනිමින්, එදිනෙදා වේල සරිකර ගන්නට නොහැකිව මෙතරම් දුක් විඳිනු ලබන්නේ කුමක් සඳහාද” යනුවෙන් සිතීම අතිශය සාධාරණය.

    එම සරල ප්‍රශ්ණයට පිළිතුර ලෙස “මෙලෙස නිකුත් වී ඇති සියළු ප්‍රතිඵල සංචරණ සීමා දැමීමට පෙර සිදු කරන ලද වැරදි භාවිතාවන්ගේ ප්‍රතිඵල” බව පවසමින් සැබෑ ගැටළුව මඟහැර යන්නත් පුළුවන්. නමුත් කිසියම් සෞඛ්‍ය බලධාරියෙකු තවම අපි සංචරණ සීමා දැමීමෙන් ලද ප්‍රතිඵල ලබා ගෙන නොමැති බවත් ඒ සඳහා පුරෝනථන ඉදිරිපත් කිරීමට කාලය මදි බවක් පවසන්නේ නම්, එය විද්‍යාත්මක දත්ත අසුරෙන් පැහැදිලි කල යුතුය.

    “විද්‍යාත්මක පැහැදිලි කිරීම් රටේ හැමෝටම කියන්න ඕනෑ නැහැ” යනුවෙන් සැබෑ ප්‍රශ්නය මඟහරින්නත් උත්සහ කරන අය ඉන්නවා. ඔවුන්ට කියන්න තියෙන්නේ සරල දෙයකි. සියළු කැප කිරීම් සිදු කරනු ලබන්නේ රටේ සාමාන්‍ය මහජනතාව වන බැවින් ප්‍රතිඵල දැනගැනීවමටත් ඔවුන්ට අයිතියක් තියෙනවා. තවදුරටත් වසගතය ප්‍රභූ සාධකයක් නොවිය යුතුයි.

    හැබැයි සංචරණ සීමා දැමීමෙන් හෝ රට වසා තැබීමෙන් වසංගතය පාලනයට උදව්වක් නොවන බව මින් අදහස් වන්නේ නැහැ. නමුත් සංචරණ සීමා දැමීම සඳහා කරනු ලබන බලපෑමේ ප්‍රමාණයට සංචරණ සීමා දැමීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳ සංවේදීද යන්න මෙම සංවාදයේ ප්‍රධාන ගැටළුවක්. සංචරණ සීමා දැමීමට පෙර සක්‍රීය රෝගීන් සංඛ්‍යාව සහ පසු සක්‍රීය රෝගීන් සංඛ්‍යාව සමාන වුවද, වැඩි වුවද, රෝගය පාලනය වී නොතිබෙන බව එයින් කියවෙන්නේ නැත. සක්‍රිය රෝගීන් සංඛ්‍යාව සඳහා කරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයට අනූව පමණක් රෝග ව්‍යාප්තිය පැහැදිලි කල නොහැකි බවත් එය රටේ සිටින රෝගීන් සංඛ්‍යාව හඳුනාගැනීමට ඇති එකම එක නිර්ණායකය නොවන බවත් අප නිතර පවසන්නේ ඒ නිසාය.

    පුරෝකථනය නිවැරදිව කරන්නේ කොහොමද?

    සංචරණ සීමාවෙන් පැනවීමෙන් පසු අහඹු (Random) හා අක්‍රීය (Passive) පරීක්ෂණ කිසිවක් සිදු නොකල බැවින් සංචරණ සීමා හේතුවෙන් සමාජයේ රෝගීන් කොපමණ ප්‍රමාණයක් අඩු වී ඇත්ද යන්න විද්‍යාත්මකව කියන්නට අපට නොහැකිය. ඒ නිසාම “සංචරණ සීමාවෙන් මොකද වුනේ” යනුවෙන් අසන සාමාන්‍ය ප්‍රශ්ණයට අසාමාන්‍ය හේතු දක්වමින් ප්‍රශ්ණය මඟහැර යන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවී ඇත. ඒ නිසාම ලෙඩා විසින්ම ලෙඩේ හොයාගෙන පැමිණි විට කරන පරික්ෂණ වලින් පමණක් වසංගතයක් ගැන විද්‍යාත්මක අදහසක් ඇති කර ගැනීමට නොහැකි බව අප  නැවත නැවතත් කියනවා.

    සංචරණ සීමා දැමීම හෝ රට වසා දැමීම සිදු කරන ලෙස රජයට සහ මහජනතාවට බලපෑම් කරනවාටත් වඩා රජය විසින් ගනු ලබන බරපතල තීන්දු වල ප්‍රතිඵලය විශ්ලේශණය කිරීමට සහ මැන මැලීමට වසංගත රෝග විද්‍යාවයට අදාල මිනුම් දඬු ස්ථාපිත නොකරමින් සීමාවන් දැමීමට සහ රට වසා දැමීමට කරනු ලබන බලපෑම තවදුරටත් අඳුරේ අතපතගෑමක්. එනිසාම සෞඛ්‍ය තීන්දුව පරයා යන්නට දේශපාලන තීන්දුවට හැකි වීමත් එසේ සිදු කිරීමට සාධාරණ හැඟිමක් ඇති වීම පිළිබඳත් වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරිය යුතුය.

    අන්තිමට අපිට කියන්න තියෙන්නේ මොනවද?

    මෙච්චරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය මොනවත්ම නොකර හිටියත් කවදහරි දවසක කොවිඩ් අඩුවෙලා යනවා. ඒ වගේම තමයි රැලි විදිහට මතුවෙලා වැඩිවෙලා ව්‍යාප්ත වෙන කොවිඩ් තත්වයන්ද එක තැනකින් පටන් අරගෙන උපරිමයට වැඩිවෙලා එතන ඉඳං අඩුවෙලා නැති වෙලා යනවා. ඒක ස්වාභාවික තත්ත්වයක්.

    නමුත් ගැටළුව තියෙන්නේ ඒ වැඩි වීමෙදී කොච්චර රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවද? කොච්චර කාලයක් රැල්ල සමාජයේ පවතිනවද? කොපමණ අතුරු ආබාධ ප්‍රමාණයක් සමාජය තුල ඉතිරි වෙනවද? සහ කොපමණ ආසාධිතයන් ප්‍රමාණයක් රෝගයට බිලි වෙලා මියයනවද? කියන එක. සෞඛ්‍ය අංශයන්ගේ වගකීම තමයි මේ විදිහට ඇතිවන රෝගීන් සංඛ්‍යාව, අතුරු ආබාධ, මරණ සංඛ්‍යාව සහ රෝගය හෝ රැල්ල සමාජයේ පවතින කාලය අඩු කරන එක. එනිසාම උචිතයා ඉතිරිවෙලා දුර්වලයා මියයන ස්වාභාවික වසංගත පාලනයකට සෞඛ්‍ය සේවාවක් අවශ්‍යවන්නේ නැහැ. රැලි මර්ධනයට හා වසංගත පාලනයට අදාලව ස්වාභාවික වරණයට එහා ගිය යමක් සිදුකල බව විද්‍යාත්මකව හා සංඛ්‍යාත්මකව කියන්නට සෞඛ්‍ය සේවාවට පුළුවන් වෙන්න ඕන. විශාල නිළධාරීන් පිරිසක් නඩත්තු කරලා, මහ ලොකු විද්වතුන්ගෙ උපදෙස් පිළිපැදලා මදිවට රටේම ජනතා බදු වලින් වැඩිම කොටසක් වියදම් කරලත් කොරෝනා පාලනය වෙන්නේ ස්වාභවික විදියට නම් එදාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය පුස්සක් වෙනවා.

    රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

  • 21 දා රට අරින්න එපා – GMOA ජනපතිට කියයි

    21 දා රට අරින්න එපා – GMOA ජනපතිට කියයි

    දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. ඊයේ (19) යොමු කළ එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ රට අඛණ්ඩව වසා දැමීමේ පියවර ඉදිරියට ගෙන යන ලෙසයි.

    තව දුරටත් දෛිනක මරණ සංඛ්‍යාව 50 ඉක්වමා යන තත්වයක හා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය මෙරට සමාජයෙන් හමුවී ඇති තත්වය තුළ රට වසා දැමීම වඩාත් අවශ්‍ය පියවරක් යයිද එසේ නොකළහොත් පසුගිය අප්‍රේල් මාසයේ පැවැති වසංගත ව්‍යාප්ත තත්ත්වයට නැවතත් රට තල්ලු වී යනු ඇති බවද සිය ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ටග් සංමගය ජනාධිපතිවරයාට කියා සිටී.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.

  • Delta Variant ගැන ‘අලුත්ම තත්ත්වය’ කුමක්ද ?

    Delta Variant ගැන ‘අලුත්ම තත්ත්වය’ කුමක්ද ?

    පසුගිය දා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයින් 05 දෙනාට ආසාදනය වී තිබූ ‘සැර වයිරසය‘ හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘  ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇතැයි ද ඒ අනුව මෙරට වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම්  පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස  යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ද ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ සැර කොරෝනා වයිරස  ප්‍රභේදය  බොහෝ දුරට විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙන්  මෙරටට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍ය විශේෂඥයන් සැක පළ කරන බව කී අමාත්‍යවරයා ඩෙල්ටා වයිරසය මෙරටදී නිර්මාණය වීමට තිබෙන සම්භාවිතාව  ඉතාම අඩු බවට එම විශේෂඥයන් සඳහන් කරන්නේ යැයි ද  ප්‍රකාශ කළේය.

    පසුගිය දා දෙමටගොඩින් හමුවූ ආසාදිතයන්ගේ පළමු දෙවැනි හා තෙවැනි ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගේද සහය ලැබෙන බවත් ජයසුමන මහතා වැඩි දුරටත් සදහන් කළේය.

    මේ අතර දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා ප්‍ර භේදය ආසාදිතයින් පස් දෙනාගේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා   සැර කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සුවය ලබා සිටින බවත් අනෙක් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් සිටින බවත් කීවේය.

    සැර වෛරසය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය නිසා සමාජය තුළ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සදහන් කළේ , ‘‘රටේ තියෙන්නේ ඇල්ෆා ද, බීටා ද ගැමා ද ඩෙල්ටා ද කියන මොන සැර ප්‍ර භේදය තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කුමන  කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම  දැනට මෙරටේ භාවිතා කෙරෙන  සියලුම එන්නත්වලින්  පැහැදිලිවම වළක්වනවා. මේ තත්ත්වය නිසා ඉහළ ප්‍රමුඛත්වය දක්වා කොරෝනා මර්දන  එන්නත වහා ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යැයි ඇය පැවසුවාය. 

    ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශවල පවතී දැයි සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක්  ආරම්භ කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන් බවත් එම පර්යේෂණ වටය ලබන සතියේදී අරඹන බවත්  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලංකාදීප ඊ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

    ‘‘ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා  මෙතෙක් භාවිතා කළ  “ඉලුමිනා” තාක්ෂණය වෙනුවට  ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මේ පරීක්ෂණ සඳහා ප්‍රථම වතාවට  යොදා ගැනීමට නියමිතයි. එම නැනෝ තාක්ෂණය පෙර භාවිතා කළ තාක්ෂණයට වඩා  කාර්යක්ෂමතාව පැත්තෙන් ඉතා ඉහළයි‘‘ යැයි ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  සඳහන් කළේය.

    දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා ප්‍ර භේදය ආසාදිතයින් ගැන සදහන් කරමින් කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ ඩෙල්ටා  ප්‍රභේදය ආසාදනයවූ  පස් දෙනාම කොරෝනා  මර්දන එන්නත ලබා ගත් අය  නොවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි. 

    මේ ආසාදිතයන් හමුවූ පවුලක  අයකු විදේශයක සිට මෙරටට  මීට සති තුනකට පෙර පැමිණ ඇති බව හඳුනාගෙන ඇතත් ඔහුට  කොරෝනා  ආසාදනය වී  ඇතැයි තහවුරු නොවූ බවද විජයමුණි මහතා පැවසුවේය.

  • පොල් ගැසට් පත්‍රයත් රිවස් කරයි – ගැසට් එක මෙන්න !

    පොල් ගැසට් පත්‍රයත් රිවස් කරයි – ගැසට් එක මෙන්න !

    පොල් සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2020.09.25 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.