Category: සුපිරි News

  • ‘ඩෙල්ටා’ කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර

    ‘ඩෙල්ටා’ කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර

    මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන  ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

    ඒ අනුව,

    • එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්,
    • ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,
    • දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂන සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කරන ලදී.

    මෙම පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය සියළුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර න ලෙසට සෞඛ්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • 21 වැනිදා සිට සංචරණ සීමා ලිහිල් කෙරේ

    21 වැනිදා සිට සංචරණ සීමා ලිහිල් කෙරේ

    • පළාත් අතර සංචරණ සීමා තවදුරටත්
    • කොවිඩ් නොවන මරණ, පැය 24ක් තුළ අවසන් කටයුතු කිරීමට අවසර

    ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ  සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

    ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරේ.

    ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට  ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ  ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කෙරිණ.

    කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය  මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.  

    ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට  ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • කොවිඩ් මර්දනයට ඇති ලොකුම බාධාව කුමක් ද ? මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් සුපිරි හෙළිදරව්වක්

    කොවිඩ් මර්දනයට ඇති ලොකුම බාධාව කුමක් ද ? මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් සුපිරි හෙළිදරව්වක්

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බවත් නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව නොලැබුණහොත් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන හිතන්නවත් නොමැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

    මහාචාර්යවරයා මේ බව හෙළි කළේ අද (17) දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධවෙමිනි.

    එහිදී වැඩිදුරටත් එම තත්ත්වය පැහැදිලි කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා,

    “අපෙත් ප්‍රශ්නෙ තියෙන්නේ අමාත්‍යාංශ අතර සම්බන්ධතා හුඟාක් අඩුයි. මම දන්නම දෙයක් තමයි අපේ අමාත්‍යාංශ එකට වැඩ කරන්නෙ නෑ. අපේ රට ඉදිරියට යන්නෙ නැති ප්‍රධාන හේතුවක් තමයි ඒක. මේ වෙලාවෙ හරි පෞද්ගලික දේවල් පැත්තකින් තියලා රට ගැන හිතලා වැඩ කරන්න ඕනේ. සමහර අයට අමතක වෙලා තියෙන්නේ මේකෙන් අපි ඔක්කොම මැරෙනවා කියන එක.

    මම ආයෙත් කියන්නේ මම දකින ප්‍රධානම උවදුර තමයි අපි එකට වැඩ කරන්නේ නැති එක. අමාත්‍යාංශය තුළත් දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න. හරි විදිහෙ පරිපාලනයක් කරන්න ඩේටා ශෙයා කිරීම අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය වැඩි කරන්න අවශ්‍යයි. නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව ලැබිය යුතුයි. එහෙම නැතුව පාසල් ඇරීම වගේ කරුණු ගැන හිතන්නවත් බෑ.

    හැබැයි තව පැත්තකින් අපේ ජනතාව හැසිරෙන විදිහ වැරදියි. මොකද දැන් හදිසියෙවත් එක පාරටම රට ඇරියොත් හැමෝම එළියට බහිනවා. බටහිර රටවල ඊට වැඩිය විනයානුකූලව කරනවා. අපේ ජනතාවට පැහැදිලි ලෙස කිව්වෙ නැත්නම් මොකක් ද කළ යුතු දේ කියලා එයාලා හිතලා මතලා තීරණ ගන්න ස්වරූපය අඩුයි.” 

  • ආණ්ඩුව මැදිහත්ව ‘ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් මිල අඩු කළා’ – ඇමති බන්දුල

    ආණ්ඩුව මැදිහත්ව ‘ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් මිල අඩු කළා’ – ඇමති බන්දුල

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය තත්ත්වයක් බවත් රජය හැටියට මැදිහත්ව ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් කරවල ආදි භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ ඔරුගොඩවත්ත සතොස ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු සකස් කිරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මුළු ලෝකයේම නිෂ්පාදන සහ සැපයුම් ක්‍රියාවලි ජාලය සම්පූර්ණයෙන්ම අඩාලව ඇති බවත් කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩි වීමෙන් මුළු ලෝකයේම ආහාර නිෂ්පාදනයේ අර්බුදයක් නිර්මාණය වී ඇතිබවත්ය.

    ‘‘ මේ තත්ත්වය තුළ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා හෙළිකළේය.

  • ‘කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති අයට‘ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිගෙන් සුබ ආරංචියක්

    ‘කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති අයට‘ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිගෙන් සුබ ආරංචියක්

    කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය.

    කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි 16 වන දින විදේශ අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, එම අමාත්‍යංශයේ ලේකම් සුන්දරම් ආරුමේනිහාම්, විදේශ රැකියා කාර්යංශයේ සභාපති කමල් රත්වත්ත, එහි උප සභාපති නිමල් තිබ්බටුමුණුව හා විදේශ රැකියා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

    මෙහිදී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස දීර්ඝ කාලයක් තිස්සේ එහි රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂාවෙන් සිටින නමුත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය දිනෙන් දින මඟ හැරි ගොස් ඇති බවය. මේ නිසා ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී කොරියානු රජයේ ස්ථාවරය පැහැදිලි කළ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා පෙන්වා දුන්නේ, කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති සියලු දෙනාටම එම රැකියා අවස්ථා සලසා දීමට සැලසුම් කර ඇති බවය. කොවිඩ් වසංගත තත්වය නිසා එම අවස්ථා ලබා දීමේ යම් ප්‍රමාදයක් ඇති නමුත් හැකි පළමු අවස්ථාවේම ඔවුන්ව කොරියාවට පිටත් කිරීමට තමන් අවධානයෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ද කොරියානු රජය ආධාර උපකාර කිරීමට අපේක්ෂාවෙන් අදාල කටයුතු සැලසුම් කරමින් සිටින බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. තවද කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ පිරිසට වැඩි අවස්ථා ලබා ගැනීම, දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු කීපයක්ම මෙම සාකච්ඡාවට බඳුන් විය.

    විදේශ අමාත්‍යාංශය කොළඹ

  • ‘සැර කොවිඩ් ප්‍රභේදය’ ආසාදිත 05ක් දෙමටගොඩින් හමුවෙයි

    ‘සැර කොවිඩ් ප්‍රභේදය’ ආසාදිත 05ක් දෙමටගොඩින් හමුවෙයි

    ඉන්දියාවේ විනාශකාරී කොවිඩ් දෙවැනි රැල්ලට හේතු වූ ”ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

    මේ අතර බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පිරිසක් කොළඹ 6, කොළඹ 8 ,කොළඹ 10, මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලින් හදුනාගත් බවයි ජීවන්ද මහතා කියා සිටියේ.

    කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන්නේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතායි.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා, ‘‘ඉන්දියාවේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර නිරෝධාන මධ්‍යස්ථාන දෙකකින් හමු වුණා. මෙම ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නවා වගේම එමගින් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩියි. ඒ වගේම තමයි එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ප්‍රභේදය පාලනය කළ නොහැකියි‘‘

    මෙම සැර කොරෝනා වෛරස ආසාදනවූ පුද්ගලයන් පිළිබඳ ජාන විශ්ලේෂණ වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් අද (17) පෙරවරුවේසී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට බාරදී තිබෙනවා.

    මේ සැර කොරෝනා ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

  • Kg 400 කිරි පැකැට්ටුව රු. 135කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි !

    Kg 400 කිරි පැකැට්ටුව රු. 135කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි !

    කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 135කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. මේ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා විසින් ද තහවුරු කර තිබෙනවා.

    ‘‘කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යාම ආදි කරුණු කිහිපයක් ඔවුන් විසින් මිල වැඩි කිරීමට හේතු වශයෙන් දක්වා තිබෙනවා. නමුත් අපි මේ ගැන මෙතෙක් කිසිම තීරණයක් ගෙන නෑ‘‘ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    මේ අතර සතොස ආයතනය ද සිය භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ඊයේ ප්‍රකාශ කළා. සැපයුම්කරුවන් විසින් ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා මෙවැනි ඉල්ලීමක් කළ බවයි සතොස සභාපතිවරයා ප්‍රකාශ කළේ.

    මේ අතර ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් ද සිය මිල ගණන් ඉහළ දැමීම නිසා ඒ ඇසුරින් ද මිල ගණන් ඉහළ යාමක් සිදුවන බව වාර්තා වෙනවා.

    මේ වන විට වෙළෙදපොළේ සහල් ඇතුළු සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල සැලකිය යුතු මිල ගණන් ඉහළ යාමක් වාර්තා වෙනවා.

  • ‘Online මත්පැන් ජාවාරමට‘ යුද හමුදාපතිගේ අවසර නෑ

    ‘Online මත්පැන් ජාවාරමට‘ යුද හමුදාපතිගේ අවසර නෑ

    සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට  ලබාදීමේ වැඩපිළිවෙළට  අවසර ලබා නොදෙන බව කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

    මේ අතර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (16) මාතර දී පැවසුවේ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවයි.

    විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත් පැන් ජාවාරම ඉහළයාමට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නේ නම් තමා පුද්ගලිකව ද විරුද්ධ බව ඇය සදහන් කළා.

    මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට  අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා  මුදල් අමාත්‍යාංශයෙන්  පසුගියදා ඉල්ලීමක්  කළ අතර ඒ සදහා ඊයේ (16) මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමි වූ බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් කාර්යාලය නිවේදනය කළා.

    සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී  මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත්  එය  කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු  වෛද්‍ය ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දුන් අතර ජනතාව මෙම යෝජනාව දැඩිව විවේචනය කළා. විශේෂයෙන් මේ හරහා මත්පැන් ජාවාරමක් ඇති වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

  • දුරස්ථ අධ්‍යාපනය ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL

    දුරස්ථ අධ්‍යාපනය ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට තිබෙන නමුත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (16 ) අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වුණ අතර එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

    පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බවත් එහි ප්‍රථම පියවර එන්නත්කරණය බවත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.   

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘‘කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබුණත් මෙම කාලසීමාව තුළ සිසු දරුවන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත්කොට තිබෙනවා. මාර්ගගත දූරස්ථ අධ්‍යාපනය අනුව අධ්‍යයන කටයුතු සිදු කරමින් තිබෙනවා. එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවෙයි. ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍යයි‘‘

  • මෙරට මරණවලින් 83%කට හේතුව ‘බෝ නොවන රෝග‘ බව හෙළිවෙයි

    මෙරට මරණවලින් 83%කට හේතුව ‘බෝ නොවන රෝග‘ බව හෙළිවෙයි

    මෙරට සිදුවන මරණ වලින් 83 %ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු  රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (16) දින රැස් වූ ‘‘බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය හමුවේදීය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. මේ සදහා අනෙකුත් අමාත්‍යංශ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් ඊට අදාල නිලධාරින් Zoom තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ විය. 

    මෙහිදී බෝ නොවන රෝග පාලනයට පසුගිය වසර කිහිපය තුල සිදු කළ හා දැනට සිදු කෙරන ක්‍රියාකාරකම් සාකච්ඡාවට හා සමාලෝචනයට ලක් කෙරිනි.

    හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැළසුම සකස් කිරීම හා ඊට අදාළ සමාලෝචනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිච් මහත්මිය විසින් සිදු කරන ලදි. 

    අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත්, එම සේවාවන් කාර්යක්ෂම සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. 

    මෙරට සිදුවන මරණ වලින් 83 % ක් සිදු වන්නේ හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු  රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග හේතුවෙන් බවත්, එවැනි බෝනොවන රෝග මර්දනය සදහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා තමා නායකත්වය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලදි. 

    මෙම බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ දී පිහිටුවා ඇති අතර, මාස 06 කට වරක් රැස් වී බෝනොවන රෝග පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමාලෝචනයක නිරත වේ.

    මෙහි සභාපතිධූරය දරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන අතර. උපදේශකත්වය බෝනොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් දරනු ලබයි. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය,  බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය, බෝනොවන රෝග පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • Online හරහා මත්පැන් අලෙවියට අවසර – අද සවස සිට ඇනවුම් කිරීමටත් පුළුවන්ලු

    Online හරහා මත්පැන් අලෙවියට අවසර – අද සවස සිට ඇනවුම් කිරීමටත් පුළුවන්ලු

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෝවිඩ් – 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා  මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බවයි සුරාබදු  දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

    රජයේ මෙම වැඩපිළිවෙළට සමාජමාධ්‍ය වල ‘සුපිරි‘ ප්‍රතිචාර ලැබී ඇති නමුත් එය ආණ්ඩුව අවබෝධ කරගත යුතුය. රසායනික පොහොර මගින් මිනිසුන් මියයන බව, රෝගී වන බව කියමින් ඒවා තහනම් කිරීමට ක්‍රියාකරන ආණ්ඩුව මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ගෙන ඇති මෙම පියවර යළි සමාලෝචනය කළ යුතු බවයි සමාජමාධ්‍ය පෙන්වා දෙන්නේ.

    ‘රසායනික පොහොර නිසා මිනිස්සුන්ට පිළිකාව හැදෙනවා, මැරෙනවා කියලා ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළා. ඒත් සෞඛ්‍ය අංශ පැහැදිලිව කියනවා මත්පැන් සහ දුම්වැටි නිසා මිනිසුන් ලක්ෂ ගණනක් මිය යනවා කියලා. ඒ වගේම පවුල් අර්බුදය, ගැටුම්, අපචාර වගේම දුප්පත්කමටත් මත්පැන් සහ දුම්වැටි හේතු වෙනවා. මේක ආණ්ඩුවට එක පෑන් පාරින් නතර කරන්න පුළුවන්. ඒත් ඒ වගේම වැඩක් කරන්න ආණ්ඩුවට පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. ඇත්ත කතාව අපි දන්නවා‘ යැයි අප කළ විමසීමකදී සමාජ ක්‍රියාකාරිකයෙක් සදහන් කළා.

  • ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට

    ‘The Blue Planet Prize 2021’ මහාචාර්ය මොහාන් මුණසිංහට

    සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය.

    වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ. “පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන අතර බ්ලූ ප්ලැනට් ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය. තීරක මණ්ඩලය විසින් 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් යන මහතුන්ය. ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබා දී තිබේ.

    ලංකාවේ උපත ලැබූ මහාචාර්ය මුණසිංහ විසින් හඳුන්වා දී ඇති අද්විතීය සංකල්ප ලෙස සැලකෙන ඒකාබද්ධ සහ විෂයාන්තර ‘තිරසරාර්ථික’ රාමුව (‘Sustainomics’ framework), පරිසරය, ආර්ථිකය හා සමාජය යන ත්‍රිවිධ අංශ මත පදනම් වූ තිරසාර සංවර්ධන ත්‍රිකෝණය  (sustainable development triangle), ‘සමතුලිත හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG – balanced inclusive green growth)’ සහ ‘සහස්‍ර පරිභෝජන ඉලක්ක (MCGs)  වැනි නව්‍ය සංකල්ප අගයමින් මෙම සම්මානය පිරිනැමේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්‍ය කමිටුවේ (අයිපීසීසී) උප සභාපති ලෙස ඔහු 2007 දී නොබෙල් සාම ත්‍යාගය බෙදා ගත්තේය. එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.  ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනයෙන් (MIT) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ SM සහ වෘත්තීය EE උපාධි ද, කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන සිටී. මීට අමතරව මහාචාර්ය මුනසිංහ හට සම්මාන ආචාර්ය උපාධි කිහිපයක් ද ප්‍රදානය කෙරී ඇත. ශාස්ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු පිළිගත් විද්‍යා සඟරාවල තාක්‍ෂණික නිබන්ධ හාරසියයකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. එමෙන්ම, මහාචාර්ය මුණසිංහ ප්‍රමුඛ පෙළේ ගෝලීය විද්‍යා ඇකඩමි කිහිපයකම සාමාජිකයෙකි.

    මෙම සම්මානය පිළිගනිමින්, මහාචාර්ය මුණසිංහ මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රමුඛතම ගෝලීය පාරිසරික තිරසර සම්මානය වන 2021 බ්ලූ ප්ලැනට් සම්මානය ලැබීම ගැන මම බෙහෙවින් කෘතඥ වෙමි. මෙම සම්මානය මගින් වඩා හොඳ අනාගතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අසාහි ග්ලාස් පදනමේ කැපවීම සංකේතවත් කරයි. මගේ බුද්ධිමය සංවර්ධනයට සහ චිත්තවේගීය බුද්ධියට නොමසුරුව දායක වූ මාගේ ගුරුවරුන්, උපදේශකවරුන්, වෘත්තීය සගයන්, පවුලේ අය සහ මිතුරන් ඇතුළු බොහෝ දෙනෙකුට මම ණයගැති වෙමි.”

    තව දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මොහාන් මුණසිංහ මෙසේ සඳහන් කරයි: “දශක 5 කට ආසන්න කාලයක් පුරා මා විසින් වර්ධනය කරන ලද ප්‍රධාන සංකල්ප සහ ඒවායේ ප්‍රායෝගික භාවිතයන් ලොව පුරා පිළිගෙන ඇති බව සම්මාන කමිටුව විසින් අගය කර තිබීම දිරිගන්වන සුළුය. මගේ පර්යේෂණ ආරම්භයේදී ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි මූලික අංශවල සිට බලශක්තිය, ජලය, ප්‍රවාහන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා පාරිසරික සම්පත් වැනි යෙදුම් අංශ දක්වා පැතිර ගොස් අවසානයේ දරිද්‍රතාව, ආපදා, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය වැනි ඉතා පුලුල් සහ විෂයාන්තර ක්ෂේත්‍ර දක්වා විකාශනය වී ඇත. තිරසරාර්ථික රාමුව යන නව්‍ය සංකල්පය සමෝධානිත, විෂයාන්තර ක්‍රමවේදයක් ලෙස වර්ධනය කිරීමට මෙම පුලුල් අත්දැකීම මා හට උපකාරී විය. මගේ මෙතෙක් සිදු කරමින් සිටි ක්‍රියාදාමයන් සහ ගෞරවනීය බ්ලූ ප්ලැනට් ත්‍යාගය මගින් සපයන ලද ගෝලීය වේදිකාව ප්‍රයෝජනයට ගනිමින්, අපගේ පෘථිවිය සැමට සුරක්‍ෂිත කිරීමට මගේ නිහතමානී උත්සාහය දිගටම කරගෙන යන්නෙමි.”

    බ්ලූ ප්ලැනට් ත්‍යාගය හිමි වන සෑම සම්මාන ලාභියකුටම සහතිකයක්, සමරු කුසලානයක් සහ ත්‍යාග මුදල් පිරිනමනු ලැබේ. මෙම සම්මාන උළෙල 2021 ඔක්තෝබර් 6 වන දින ටෝකියෝ නුවර කයිකන් හිදී පැවැත්වීමට නියමිතය.  මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් බ්ලූ ප්ලැනට් ත්‍යාගය වෙනුවෙන් පවත්වනු ලබන සමරු දේශන 2021 ඔක්තෝබර් 7 සහ 9 යන දිනවල පිළිවෙලින් එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ (ෂිබුයා වෝඩ්, ටෝකියෝ) සහ කියෝතෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත.

  • ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න – අගමැතිගෙන් නියෝග

    ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න – අගමැතිගෙන් නියෝග

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළහ.

    මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු විය.

    එහිදී ණය මුදල් අය කර ගැනීමේ දී ණය කරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

    මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී.රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්.කරුණාරත්න, ඒ.ඒ.එම්.තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ සී.අමරසේකර , බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සමන් නානායක්කාර මහත්වරු එක්ව සිටියහ.

  • අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

    අමුඅමුද්‍රව්‍යවල දැඩි හිඟයක්: මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක්

    කුකුල් කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස් වල දැඩි හිඟයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසී ය.

    ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බවයි.

    ‘‘මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේ. ඒ නිසා කුකුල් කෑම ලෙස අපට යොදා ගැනීමට සිදුව තිබෙන්නේ දේශීය බඩ ඉරිගු. නමුත් දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන පිරිවැය ද අපට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දා ඉහළ දැමූ ඉන්ධන මිල ද අපේ නිෂ්පාදනවලට කෙළින්ම බලපානවා. ඒ ගැනත් අපට අවධානය යොමු කිරීමට සිදුවෙනවා. අපි කියන්නේ කුකුළු මස් සහ බිත්තර කර්මන්තය කියන්නේ මේ රටේ විශාලතම කර්මාන්තයක්. ඒක පැහැදිලිවම වී වගාවට වඩා, එළවළු වගාවට වඩා වැඩි වටිනාකමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙනවා. ඒ නිසා වහාම මැදිහත් වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න‘‘

  • 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම ගැන කෙහෙළියගෙන් ‘වැනෙන පිළිතුරක්‘

    21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම ගැන කෙහෙළියගෙන් ‘වැනෙන පිළිතුරක්‘

    දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

    ‘‘ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා. කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය වෙනසක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නවා. ඒත් කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් නිසා සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි‘ බව ද ඇමතිවරයා පැවසුවේය.

  • කොවිඩ්-19 මරණ අඩු වෙන්නේ කවදාද ? රාජ්‍ය ඇමැති සුදර්ශනී හෙළිකරයි

    කොවිඩ්-19 මරණ අඩු වෙන්නේ කවදාද ? රාජ්‍ය ඇමැති සුදර්ශනී හෙළිකරයි

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ සහ කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් දැක ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගත විය හැකි බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය. “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරන කොට ප්‍රශ්න ඇති වෙනවා. මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙන කොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි‘‘