Category: සුපිරි Politics

  • ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.

    මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත.

    දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

  • 20ට පක්ෂ වෙලා SJB ඩයනා ගමගේ ‘කාන්තාවන්ට පස්ස පැත්ත’ පෙන්නුවා

    20ට පක්ෂ වෙලා SJB ඩයනා ගමගේ ‘කාන්තාවන්ට පස්ස පැත්ත’ පෙන්නුවා

    මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා – රංජිත් මද්දුමබණ්ඩාර

    නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“

    ඊයේ (22) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළ මද්දුමබණ්ඩාර මහතා,

    ඒකාධිපතිවාදී ආරම්භයක් වගේම, ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භයත් සටහන් කළා. මේ රට ඒකාධිපතිවාදයට විරුද්ධයි. පවුලක් රජකරන්න, ඒ වගේම ඇමෙරිකන් පුරවැසියෙක් ගේන්න සම්මත කරපු පනතක් විදියට අපි මේක දකිනවා. ස්වාමින් වහන්සේලා මේ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන කොට බෞද්ධ ආණ්ඩුව කළේ, මුස්ලිම් අය අරන් ස්වාමීන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වුණා. හකීම් මන්ත්‍රීතුමත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිතුමත් අපිත් එක්ක හිටියා. අනෙක් අය අනිත් පැත්තට ඡන්දය දුන්නා.

    මම හිතන්නේ මේ රටේ සුළු ජාතීන් එපා කියලා සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටවපු අය ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සුළු ජාතීන් එකතු කරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගත්තා. අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ, 28 ලක්ෂයක් සමගි ජන බලවේගයට ඡන්දය දුන්න පාක්ෂිකයින්ට කරපු අවමානයක්. මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.“

    තමන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට හේතු පැහැදිලි කළ ඩයනා ගමගේ මහත්මිය,

    “ජනාධිපතිවරණ තියන්නේ මොකට ද? ජනාධිපතිවරයෙක් ගේන්න. රටේ ජනාධිපතිවරණයක් ගේන්නේ මොකට ද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැදලා ගඟට විසික් කරලා තියෙනවා නම් අපි පීනන්න කියලා හරි ද? එතුමා ගිලෙනකල් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඔබ තුමා ගිලෙනවා කියලා. මොකද්ද මේකෙ විහිළුව. ජනාධිපතිවරයෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“

    තොරතුරු මූලාශ්‍රය – අද දෙරණ

  • 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා.

    මන්ත්‍රීවරුන් 221 දෙනක් ඡන්ද විමසීමට සහභාගී වුණා.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

    හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවයි වාර්තා වන්නේ.

  • ජනමතයට නිගරු කරමින් ‘ද්විත්ව පුරවැසියන්ට’ රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

    ජනමතයට නිගරු කරමින් ‘ද්විත්ව පුරවැසියන්ට’ රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

    වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු.

    රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට ගන්නා ලැජ්ජා සහගත උත්සාහයක් ලෙසටය. එය මිලියන 21 පමණ වූ මේ රටේ ජනතාවගේ ආත්ම අභිමානයට සිදු කරන බලවත් නිග්‍රහයක් මෙන්ම බුද්ධියට කරුණු ලබන අපහාසයක්ද වන්නේය.

    අප මේ බව අවධාරණය කරන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්තිය කිසිදු ලෙසකින් හෝ වෙනස් නොවන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම සිදුකර ඇති ප්‍රකාශය සැලකිල්ට ගනිමිනි.

    20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුවද ඒ පිළිබදව රජයේ ස්ථාවරය සේ සැලකිය හැකි අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුවද වෙනත් රටක පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට එක්වීමට අවස්ථාවක් නිර්මාණය කිරීම වනාහි තම දේශය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන ලද දේශමාමක වීරෝදාර ලාංකීය විරුවන්ට කරන්නාවූ බරපතලම නිග්‍රහයකි. අතිගෞරවණීය වාරියපොල ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ වැනි මේ රටේ දෑහිතකාමී මාහාසංඝරත්නයට සිදුකරන්නාවූ බලවත් අවමානයකි.

    මේ රටේ සුජාත සැබෑ පුරවැසියන්ට පමණක් හිමිවිය යුතුවූ විශේෂ වූ වරප්‍රසාදයක් විදේශීය රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන් වෙත ලබාදීමේ ඇති අමනෝඥ තීරණයේ ඇති බිහිසුණු බව තේරුම් ගැනීම සදහා අප රටේ පුරවැසියෙක් වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම සදහා දෙනු ලබන දිවුරුමේ ඇති බරපතලකම අවබෝධ කරගත යුතුය. උදාහණයක් ලෙස ගන්නේ නම් එවැන්නෙක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීමේදී දෙවියන් වහන්සේගේ නාමය පෙරදැරිව කරුණු ලබන දිවුරුම මෙසේය.

    මා මින් පෙර වැසියෙකු හෝ පුරවැසියෙකු ලෙස ජීවත් වූ කිසිදු විදේශීය කුමාරයෙකුට, රාජ්‍යත්වයකට, රාජ්‍යයකට හෝ ස්වාධිපත්‍යයකට මා දැක්වූ සියලු පක්ෂපාතීත්වය සහ අනුරාගය පූර්ණ ලෙස අත්හැරීමට සහ ප්‍රතික්ෂේප කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු දේශීය සහ විදේශීය සතුරන්ට එරෙහිව ඇමෙරිකාවේ ව්‍යවස්ථාව සහ නීතිය සුරැකීමටත් ඊට අනුකූලවීටත් නීතියෙන් අවශ්‍ය වු විට එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමටත් ඇමෙරිකාවේ සන්නද්ධ හමුදාවන්ට සේවය ලබාදීමටත් ජාතික වශයෙන් වැදගත් කාර්යයන් හි යෙදීමටත් මා මෙසේ නිදහස්ව, කිසිදු මානුෂික සංරෝධනයකින් හෝ මග හැරීමේ චේතනාවකින් තොරව දිවුරා පොරොන්දු වන බැවින්, දෙවියනි මාහට උදව් කරනු මැනව  

    එමගින් පැහැදිලිවම පෙනී යන්නේ ඇමෙරිකාවේ පුරවැසිභාවයද හිමි ද්විත්ව පුරවැසියෙකු යම් හෙයකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවහොත් ඔහුට ඇමෙරිකාවේ අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව අවි එසවීමට පවා සිදුවන බවය. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙකුට එසේ ක්‍රියාකාරීවීමට හැකිවන ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාවද ලබාදෙමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කර ඇති බවද අවධාරණයෙන් සදහන් කළ යුතුය. ඒ අප රටේ බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය මගින් ඇතිකර ඇති විශේෂ බැදීමක්ද ඉවත් කිරීමට කටයුතු කිරීම මඟිනි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද රටේ රාජ්‍ය නායකයා තවදුරටත් බැදී නොසිටින ආකාරයට 20 වන සංශෝධන කෙටුම්පතෙහි 5 (3) වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය ඉවත් කිරීම මගිනි.

    ඒ අනුව ආණ්ඩුවේ මෙම උත්සාහය අපගේ මාතෘභූමිය විදේශයන් වෙත පාවාදීම සඳහා ඉතා සැලසුම්ගතව හා සූක්ෂම ලෙස සිදුකරන පාපකාරී කුමන්ත්‍රණයක් ලෙසටද සැලකිය හැකිය.

    අතිශයෙන් භයානක වු මෙම තත්වය පිළිබදව ජාතියේ මුර දේවතාවන් වන අතිගෞරවණීය මහා සංඝරත්නයේද  අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාගේද ජාතිමාමක සියලු පුරවැසියන්ගේද අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.

    එමෙන්ම 20 වන සංශෝධනය සම්මත කරගන්නේ නම් අවම වශයෙන් රටට අතිශයින්ම අහිතකර වගන්ති හෝ ඉවත් කරගනිමින් එම කාර්යය සිදුකරන ලෙස අප සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර මේ මොහොතේ අප ආණ්ඩුවෙන් ඉතා බලවත් ලෙස ඉල්ලා සිටින්නේ 20 වන සංශෝධනය ඉවත් කරගනිමින් ජනතාවට පොරොන්දු වූ පරිදි රටට ගැලපෙන හා රටේ ස්වාධීනත්වය ආරක්ෂා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය කටයතු සලසන ලෙසය.  

    ­කරු ජයසූරිය – සභාපති, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

  • මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

    මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

    මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යාම බරපතළ වරදක් යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

    විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය විරුද්ධ බවත්, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප බොහෝ දෙනෙකු ඊට සහය නොදී සිටිනු ඇති බවත් කිහිප දෙනෙකු සහය දෙනු ඇති පැවසූ ඔහු පක්ෂය ඊට බලපෑම් නොකරන බවත් පැවසීය.

    ජනතාව ඉල්ලුවේ විසිවන සංශෝධනය නොව අලූත් ව්‍යවස්ථාවක් බවත් විසිවන සංශෝධනය මේ රටට අවශ්‍ය දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

    මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා නිසා බවත් ඔවුන් ඉවත් වුවහොත් ආණ්ඩුව බිඳ වැටෙන බවද තව දුරටත් පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

  • රිෂාඩ් බදියුද්දීන් ගැන පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

    රිෂාඩ් බදියුද්දීන් ගැන පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

    වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

    මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  වෙතද යොමු කොට තිබේ. අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන තිබේ.

    පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුද්දීන් මහතාව හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවියයුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

    එබැවින් ගරු මන්ත්‍රීවරයා හෙට සහ අනිද්දා දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද ලිපියේ තවදුරටත් සඳහන් වේ.

    රිෂාඩ් බදියුද්දීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.  

  • කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

    කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

    ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

    ඒ අනුව එදිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් නොකෙරෙනු ඇත.

    කෝවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ සභාගර්භයේදී කරුණු විමසූ අතර, ඉන්පසු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඒ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.

    ඒ අනුව එළඹෙන 23 වැනි සිකුරාදා සභාව කල් තැබීමේ විවාදයක් ලෙස එම විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාවය පළ කල අතර, එදින පෙරවරුවේ වාචික පිළිතුරුඅපේක්ෂා කරන ප්‍රශ්න සහ දිවා විවේකය නොමැතිව පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

  • බැසිල්ගේ බල්ලා විමල්ට බුරයි..?

    බැසිල්ගේ බල්ලා විමල්ට බුරයි..?

    ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය.

    අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි.

    මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ.

    එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය.

    – reporter-

  • 20 ගෙනා හේතු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට කියා දෙයි

    20 ගෙනා හේතු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට කියා දෙයි

    විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) ද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන 20 වැනි සංශෝධනය ගෙනවිත් රට අරාජික කරන 19 වැනි සංශෝධනය පරාජය කරන බව පෙන්වා දුන්නේය.

    20 වැනි සංශෝධනය ගෙනඑමින් රජය සූදානම්වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොවන බව කී අග්‍රාමාත්‍යවරයා චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගෙන එන බවට විශ්වාසය පළ කළේය.

     අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ගරු කථානායකතුමනි,

    මේ සභාව නියෝජනය කරන අපට අද ඉතාම වැදගත්වන දවසක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03ක් යටතේ ‍‍මේ ගරු සභාව නියෝජනය කරන්න කටයුතු කරන්න අවස්ථාව ලැබුණ කෙනෙක් මම. තව කෙනෙක් ඉන්නවා නම් ඒ වාසුදේව නානායක්කාර ගරු මන්ත්‍රීතුමා විතරයි.

    කථානායකතුමනි,

    මම මේ පාර්ලිමේන්තුවේ 1970 දි දිවුරුම් දුන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ මහ රැජිණටත් බ්‍රිතාන්‍ය කිරීටයටත් පක්ෂව.

    එයින් පස්සේ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙලා පූර්ණ ජනරජයක් වුණ ජනරජ ව්‍යවස්ථාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යටතේ සම්මත කරගත්ත ආකාරයත් මට මතකයි.

    එදා 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර අපි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ රැස්වුණේ නෑ. එදා නවරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ රඟහලේ රැස්වෙලා. එතන රැස්වෙලා තමයි අපි ජනරජ ව්‍යවස්ථාව සම්මත කළේ. අධිරාජ්‍යයෙන් පූර්ණ නිදහස ලැබුණ ව්‍යවස්ථාවට බොහොම ගෞරවයෙන් අපි අත් ඉස්සුවා.  රටට පූර්ණ නිදහස ගේන එබඳු ව්‍යවස්ථාවකට ඔසවපු අතක් මට තියෙනවා කියලා මම කියන්නේ ආඩම්බරයෙන්.

    කථානායකතුමනි,

    ඊළඟට 1977 මහමැතිවරණයෙන් ජය ගත්ත ජේ.ආර්. ජයවර්ධන අලුත් පාර්ලිමේන්තුවක් පිහිටෙව්වා. එදා තිබුණ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලා ජේ.ආර් ජයවර්ධන මැතිතුමා 1978 දී අද අපි පාලනය වන මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා. එදා තිබුණ රජය කේවල මැතිවරණ කොට්ඨාස ක්‍රමයට ඡන්දය පවත්වලා ඒ අනුව ලැබුණ 2/3 බලයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා.

    මේ ව්‍යවස්ථාව සම්මත කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපිට පාර්ලිමේන්තුවේ ඉන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුවේ සිටියා නම් මේ ව්‍යවස්ථාවට එරෙහිව මුලින්ම මගේ අතත් එසවෙන්න ඉඩ තිබුණ බව මම කියන්න ඕනේ. ඒකට හේතුව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා විරුද්ධ වීම නිසා.

    ගරු කථානායකතුමනි,

    මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම් විවේචනයට ලක්වුණ ව්‍යවස්ථාවක් තවත් නෑ.

    මේ ව්‍යවස්ථාවට මුලින්ම විරුද්ධ වුණ ආචාර්ය එන්.එම්.ලා, කොල්වින්ලා සරත් මුත්තෙට්ටුවේගමලා අද ජීවතුන් අතරින් නෑ. එහෙත් තවමත් මේ ව්‍යවස්ථාව පවත්වාගෙන යන්න අපට සිද්ධ වෙලා තියෙනවා.

    මේ ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණත් මේ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජනාධිපතිවරු හතර දෙනෙක් බිහිවෙලා තියෙනවා. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීලනිපයට බලයට එන්න බැරි වෙන විදිහට මේ ව්‍යවස්ථාව හැදුවත් එයින් වැඩිම ජනාධිපතිවරු බිහි කරලා වැඩිම කාලයක් රට පාලනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

    ඒ නිසා අපි කවුරුත් මේ ව්‍යවස්ථාව යටතේ දේශපාලන සරදමකට ලක්වෙලා තියෙනවා. ඒත් අපිට මේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න බැරිවෙලා තියෙනවා. එහෙම ව්‍යවස්ථාව වෙනස් කරගන්න අසීරු වුණේ එක පක්ෂයකට මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න බැරි වීම නිසායි.

    ඒත් කවදාවත් මේ ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක ඡන්ද බලයක් දිනා ගන්න බෑ කියන කාරණය ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බොරුවක් බවට පත් කරලා තියෙනවා.

    මේ රටේ ජනයාට ඕනෑ කළේ ස්ථිර, නොකැඩෙන නොයෙක් කල්ලි කණ්ඩායම්වලට විදේශ බලවේගවලට යට වෙන්නේ නැතිව ජනතා පරමාධිපත්‍යය බලය රැකෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒකට තමයි මේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේත් 2/3 ක බලයක් අපිට ලබා දෙන්න ජනතාව පෙළඹිලා තියෙන්නේ. අපි මේ 20 වැනි සංශෝධනය ගෙනත් සූදානම් වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නෙවෙයි චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩකටයුතු අනුව ඉදිරියට ගෙන යාමයි.

    ගරු කථානායකතුමනි,

    ව්‍යවස්ථාවක් වගේම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන කොටත් පාර්ලිමේන්තුවේ නොයෙක් වාද විවාද ඇතිවෙනවා. නමුත් ඉතිහාසයේ ඇතැම් සංශෝධන ගෙනත් තියෙන්නේ මන්ත්‍රීවරුන්ට විශාල බලපෑම් කරලා. මේ 20 වැනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ එබඳු කිසිඳු බලපෑමක් හරහා දේශපාලන ඩීල් එකක් දාලා ඡන්දය උදුරාගෙන නෙවෙයි. ඒ නිසාම තමයි 20 වැනි සංශෝධනය ගෙනෙන මේ මොහොතේ අපේම පාර්ශ්වයෙන් විශාල වාද විවාද ඇති වුණෙත්. මම අහන්න කැමැතියි 19 වෙනි සංශෝධනයේදී එහෙම වුණාද? මහා සංඝරත්නයටවත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් තියලා නෙවෙයි 19 ගෙනාවේ. ඒක එහෙම වුණේ 19 වෙනි සංශෝධනය මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂියට එකඟ නිසාද? නෑ. විරෝධයකට වාද කරන්න ඉඩක් තිබ්බේ නෑ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතිව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙනෙන මේ 20 වැනි සංශෝධනය ගැන අපි සතුටු වෙනවා.

    කථානායකතුමනි,

    අපි විසිවෙන සංශෝධනය මඟින් විශේෂ දෙයක් ඇති කරන්නේ නෑ. අපිට 20 වැනි සංශෝධනය ගෙනෙන්නේ ජනතාවට එපා වුණ රට, අරාජික කළ 19 වැනි සංශෝධනය ඉවත් කරන්න. දින සියයක් තුළ කළ මේ 19 වැනි සංශෝධනය ගැන හිටපු ජනාධිපතිතුමාගෙත් ප්‍රසාදයක් ඇත්තෙත් නෑ. ඒක හදපු අයත් ඒක බෝම්බයක් බව, වැරදීමක් බව කිව්වා. මේ දිනවල ඇසෙන පාස්කු කොමිසමේත් සාක්කිවලින් පෙනෙනවා රට මොනතරම් අරාජිකත්වයට 19 නිසා මුහුණ දුන්නාද කියලා. ජාතික ආරක්ෂාව මොනතරම් දුර්වල වුණාද කියන කාරණය අපි අත්දැක්කා. 19 මේ රටේ ජනතා පරමාධිපත්‍යයට ඇති කළ හානිය ගැන ඔබ දන්නවා.

    කථානායකතුමනි,

    ඒ විතරක් නෙමෙයි මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එක පවුලකින් පළිගන්න. රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අහෝසි නොකර, අහෝසි කරන්න. නමුත් ඒකෙන් සිද්ධ වුණේ මේ  රටේ ඒකීය භාව‍යට, ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල කිරීම. ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ රාජ්‍ය දුර්වල කළා.

    කථානායකතුමනි,

    මට මතකයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණය එදා ප්‍රකාශ කළා, 13වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට බලතල බෙදීම නිසා අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා වෙන්නේ විධායක ජනාධිපති ධූරය තිබෙන නිසා බව. විධායක ජනාධිපති ධුරයේ බලතල තිබෙන නිසා තමයි රටේ ඒකීයභාවය ආරක්ෂා වෙන්නෙ.

    නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් කළේ මොකක්ද? මට මතකයි 19 ගෙනාපු දවස්වල විශාල වශයෙන් උදම් වුණා ජනාධිපතිගේ තටු කැපුවා කියලා. ජනාධිපතිගේ තටු නෙමෙයි ජාතික ආරක්ෂාවේ, ඒකීයභාවයේ බෙල්ල කපන එකයි වුණේ.

    දහනමයෙන් කළේ රටේ ඒකීය බව ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිගේ බලය සීමා කිරීම. ඒ සීමා කරලා වසර තුනක් ඇතුළත ප්‍රතිඵල ආවා. පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන බුද්ධි අංශ ප්‍රධානියා කියනවා දහදාහකට ආසන්න පිරිසක් ප්‍රහාරය ගැන දැනගෙන හිටියයි කියලා. දහදාහකට ආසන්න පිරිසක් දැනගෙන හිටියත් ප්‍රහාරය නවත්තගන්න බැරි වුණා.

    දැන් පාස්කු කොමිසමේ කියවෙන දේවල් ඇහුවම මේ උත්තරීතර සභාවේ වගකිවයුතු අපි කාටත් ලැජ්ජාවක් ඇති වෙනවා. ජනාධිපතිට රට ආරක්ෂා කරන්න දෙයක් නෑ. අගමැතිට කරන්න දේකුත් නෑ. ආරක්ෂක ලේකම්ට කරන්න දේකුත් නෑ. පොලිස්පතිට කරන්න දේකුත් නෑ. ආරක්ෂක ඇමැතිවරයා ගැන දන්න කෙනෙකුත් නෑ. මේ නිසා හයක් හතරක් නොදන්නා දරුවෝ සෑහෙන පිරිසක් මේ පොළොවේ වැළලුණා.

    ඇයි මෙහෙම වුණේ?

    ගරු කථානායකතුමනි,

    රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් වුණ රාජ්‍ය නායකයාට මේ වගේ විපතක් සිදුවුණාට පස්සේ වත් පොලිස්පතිව ඉවත් කරගන්න බැහැ. පාර්ලිමේන්තුවටත් එතුමාව ඉවත් කරන්න බෑ. මේ තරම් විපතක් වෙලා තියෙද්දි පොලිස්පතිට ඉවත් වෙන්න කියලා ජනාධිපතිතුමා කීවත්  ඉවත් නොවී පොලිස්පති ඉන්නවා.

    දළදා පෙරහැරේ නැටුවත්, තමන්ට ඕන හැටියට නීතිය නැමුවත් පොලිස්පති ව ඉවත් කරන්න බෑ. ජනාධිපතිවරයාට අදටත් පොලිස්පතිව ඉවත් කරන්න බෑ. හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය දෙන්නේ පොලිස්පති කෙනෙක්ව ඉවත් කරගන්න බැරි ජනාධිපතිකමකට ද?

    ඒ විතරක් නෙමෙයි පොලිස්පතිත් දන්නෙ නැතිව පොලීසියට අයත් තනතුරුවලට පත් කිරීම් කරන්න පුළුවන්. පොලිස්පතිටත් අකාර්යක්ෂම පොලිස් නිලධාරීන් මාරු කරගන්න බෑ. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාපු පොලිස් කොම්සම වගකියන්නේ කාටද කියන ප්‍රශ්නය දැන් ජාතිය හමුවේ තියෙනවා.

    ගරු කථානායකතුමනි,

    මේ ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ධූරය දෙවරක් දරපු කෙනෙක් මම. විධායක ජනාධිපති ධූරය නොතිබුණා  නම් 2006 දී පාර්ලිමේන්තුවේ පැත්ත මාරු කළ අය නිසා යුද්ධය කරන එක නතර කරන්න වෙනවා. ජාතික ආරක්ෂාවට වගකියන්නේත් රටේ ඒකීයභාවයට වගකියන්නේත් ජනාධිපති. එදා දහස් ගණනක් කොළඹ හිටපු මරාගෙන මැරෙන කොටි ප්‍රහාරකයෝ ඉලක්ක වෙත යන්න කලින් අපි නතර කළා. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ඝාතනය වුණේ මගේ කාලේ නෙමෙයි. නමුත් මගේ කාලේ ඒ ඝාතකයෝ සියලු දෙනාවම අල්ලා ගන්න අපිට පුළුවන් වුණා.

    ඒ සඳහා අපේ කාලේ රාජ්‍ය ඔත්තු, සේවා බුද්ධි සේවා බොහොම ශක්තිමත් ව තිබුණා. නමුත් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ CID එක යෙදෙව්වෙ විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෝ පස්සේ පන්නන්න. ඒ නිලධාරීන් ලබල තිබුණු පුහුණුව එදා කඩා බිඳ දැම්මා. පොලිස් කොමිසම මේ සේවාවන් දියුණු කරන්න මැදිහත් වෙන්නේ නෑ. ඒ නිසා CID  බුද්ධි අංශ වගේ සේවාවල දක්ෂතා පිරිහුණා. දැන් රිෂාඩ් බදියුදීන් අල්ලගන්න CID එකට බෑ. ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වූවාය කියන රිෂාඩ්ගේ මල්ලිට පොලීසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්වන්න දැන් කාටවත් බෑ.

    ගරු කථානායකතුමනි,

    20 වැනි සංශෝධනය ගෙනත් මේ තරම් හානිකර 19 අහෝසි කරන මේ මොහොතෙත් ඒකේ තිබුණ ස්වාධීන විගණන කොමිසම බොහෝම දුක්වෙනවා 20 වැනි සංශෝධනයේ විගණන කොමිසම නැතැයි කියලා විශාල ආන්දෝලනයක් පසුගිය දවස්වල මේ රටේ සිද්ධ වුණා. කවුරුත් හිතන්නේ විගණන කොමිසමෙන් රටේ කිසිම වංචාවක් සිද්ධ වෙන්නේ නැති තැනට රට ගොඩනැගුවා කියලයි. මේ කොමිසමට අරලියගහ මන්දිරය ජනාධිපති මන්දිරය පවා විගණනය කරන්න බලය තිබුණු බව තමයි කිව්වේ. නමුත් මේ ස්වාධීන විගණන කොමිසම ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය විගණනය කළාද?

    ගරු කථානායකතුමනි,

    පහුගිය කාලේ අරලියගහ මන්දිරයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වලා දූෂණ විරෝධී කමිටුවක් පවත්වාගෙන ගියා. වසර පහක් තිස්සේ ඒ කමිටුව නඩත්තු කරන්න විශාල වියදමක් අරලියගහ මන්දිරය කරගෙන ගියා. ඒ කමිටුව නීති විරෝධී බව එදා හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේ කමිටුවට ගිය මහා වියදම ගැන ස්වාධීන විගණන කොමිසම  විගණනය කරලා තියෙනවද? එහෙම විගණනය කරලා මේ රටට ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවද?

    ඒ විතරක් නෙවෙයි ස්වාධීන විගණන කොමිසම මේ රටේ අමාත්‍යාංශවත් හරියට විගණනය කළේ නෑ. බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ තිබුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන සිය ගණනක් අවභාවිත කරලා තියෙනවා. මේ කියන ස්වාධීන විගණන කොමිසම ඒ ගැන විගණනය කරලා තියෙනවද කියලා අපි දැනගන්න කැමැතියි.

    ගරු කථානායකතුමනි,

    ඒ විතරක් නෙමෙයි මේ ස්වාධීනයි කියන විගණන කොමිසම කිසිම කොමිසමක කටයුතු විගණනය කරලා නෑ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වාහන දෙකක් පාවිච්චි කරනවා. නිල නිවසක් පාවිච්චි කරන ගමන් නිවාස කුලිය වෙනම අරගන්නවා. ඒවා සුප්‍රසිද්ධ දේවල්. නමුත් ඒවා එකක්වත් ස්වාධීන විගණන කොමිෂමෙන් විගණනය කරලා තියෙනවද? මොනවද විගණන කොමිසමෙන් ස්වාධීනව කරලා තියෙන වැඩ. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය විගණනය කරලා තියෙනවද?

    ගරු කථානායකතුමනි,

    මේ කොමිෂන් ස්වාධීනව ක්‍රියාත්මක වුණාද? මේ කමිෂන්වලින් මහජන බලය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න ඉඩක් ලැබුණද? ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වෙන්න ඕනෑ ඒ රටේ ජනතාවගේ නියෝජිතයෝ. මන්ත්‍රීවරු. නමුත් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වුණේ ජනතාවගෙන් තේරී පත්වුණ නියෝජිතයෝ නෙමෙයි. NGO නියෝජිතයෝ. ඒ අය රටේ ජනතාවට වග කියන අයද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ  පිළිවෙළට වැඩ කරන්න නම්, ඡන්දය දීලා ජනතාව පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා තෝරා පත් කර ගන්නේ ඇයි?

    ගරු කථානායකතුමනි,

    විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාලේ අපි මැතිවරණ පිට මැතිවරණ පැවැත්වූවා. එදා විපක්ෂයේ හිටපු අය එක දිගට මැතිවරණ පවත්වන එක ගැන බලවත් විරුද්ධත්වය පළ කළා. එබඳු තත්ත්වයක් තිබුණ රටේ මැතිවරණය ස්වාධීනව පවත්වන්න ඕන කියලා ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කළා. නමුත් මේ මැතිවරණ කොමිසම ස්වාධීන ද? එකේ සාමාජිකයෙක් ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල යෙදෙනවා විතරක් නෙමෙයි මැතිවරණය පවත්වන්න එපා කියලා අධිකරණයටත් යනවා. ඒ කටයුත්ත ස්වාධීනයි කියලා මේ සභාවට පිළිගන්න පුළුවන්ද? ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙද්දී තමයි රිෂාඩ් පුත්තලමේ ජනතාව ඡන්දෙ දාන්න නැගෙනහිරට රජයේ සල්ලිවලින් ගෙන ගියේ. යහපාලන ආණ්ඩුව ජනතාව වෙනස් කළේ නැතිනම් අදටත් රිෂාඩ නිදහස්.

    ගරු කතානායකතුමනි,

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අය මහ උජාරුවෙන් කියන දෙයක් තමයි ජම්බෝ කැබිනට් මිනි කැබිනට් බවට පත් කර ගත්තාය කියන එක. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තියක් තියෙනවා ඇමැතිවරු තිහකට සීමා විය යුත්තේය කියලා. එහෙත් ජාතික ආණ්ඩුවකදී ඇමැති තනතුරුවලට සීමාවක් නැත්තේය කියලා. මේ වගන්තිය ගෙනාපු 19වැනි සංශෝධනය යටතේ තමයි මේ රටේ වැඩිම ඇමැතිවරු සංඛ්‍යාවක් පත්වෙලා හිටියේ. ඇමැතිවරු එකසිය ගාණක් මේ වගන්තිය තියෙද්දිත් පත් කර ගත්තා. ඒ නිසා මේක විශාල ප්‍රෝඩාවක් බව මම කියන්න ඕන.

    කථානායකතුමනි, විසිවෙනි සංශෝධනය අපි ගේන්නේ මේ ප්‍රෝඩාකාරී 19 වැනි සංශෝධනය ඉවත් කරන්න. ආණ්ඩුවක් කරගෙන යන්න තුනෙන් දෙකක් ඕන නෑ. ඡන්ද එකසිය පහළොවක් තියෙනවා නම් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. ඡන්ද දෙක තුනක් තිබිලත් අපි යුද්ධයක් කරලා රට නිදහස් කර ගත්තා. එහෙව් අපි තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා හිටියේ ඇයි ? මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, යළිත් එදා තිබුණු මරණ බිය නැතිව ජීවත් වන රටක් හදන්න.

    කථානායකතුමනි,

    මේ මහ මැතිවරණය විතරක් නෙවෙයි, පසුගිය ජනාධිපතිවරණයත් මේ සභාවට බලපානවා. පාර්ලිමේන්තු ඡන්දෙදි වගේම ජනාධිපතිවරණයේදිත් ජනතාව ජනාධිපතිට දුන්නේ ජනවරමක්. පාර්ලිමේන්තුවට ජනවරමක් ලබා දුන්නා වගේම ජනාධිපතිටත් ජනවරමක් ලබා දී තිබෙන බව කියන්න ඕනෑ. අද පාර්ලිමේන්තුව විතරයි ජනවරම තිබෙන බව හිතන්නේ. ජනාධිපතිටත් ජනවරමක් තිබෙන බව අපි පිළිගන්න ඕනෑ. මේ ඡන්ද දෙකේදීම කියවුණා. ජනතාව අපේක්ෂා කළේ 19 සංශෝධනය ඉවත් කරන්න. ඒක මේ ඡන්ද දෙකේදීම කියවුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ජනතාව දැඩි සේ විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාව. රටේ ඒකීයභාවය නිරූපණය කරන්නේ සාමූහිකත්වය නිරූපණය කරන්නේ ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිට ඡන්දෙ දීලා ජනතාව අපේක්ෂා කරන්නේ එක නීතියක් යටතේ රටක් ඉදිරියට ගෙන යාම. එහෙම නම් ජනාධිපතිවරයාගේ ජනවරම ගැනත් මේ සභාව සිතා බලන්න ඕනෑ. පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ වේදිකාවේ අපි කිව්වේ මොනවාද? ජනාධිපතිට වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න කියලා. එහෙම නම් පාර්ලිමේන්තුවට ලැබුණ ජනවරම තුළත් ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තියෙනවා. ඒ නිසා 20 ගෙනත් ජාතික ආරක්ෂාව තහවුරු කරන, රට අරාජික කරන 19 පරාද කරන්නේ.

  • 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

    20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

    20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය මීට සුළු වේලාවකට පෙර කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වු කථානායකවරයා, 

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 – 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්,  එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති  අනනූකූලතාවය යෝජිත කාරකසභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්,  5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේෂ්ඨධිකරණය විසින් තීරණය කර ඇත.“

  • GLගේ අතීත පැටිකිරිය සහ ’20 ගැන තිත්ත ඇත්ත’

    GLගේ අතීත පැටිකිරිය සහ ’20 ගැන තිත්ත ඇත්ත’

    එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය.

    සුනිල් ජයසේකර

    පසුගිය 13 වන අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාය. එහිදී ඔහුගේ මූලික අවධානය යොමුව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සිය අර්ථ දැක්වීමකටය. “19 මිරිඟුවක් විජ්ජාවක්” යනුවෙන් ඒ සඳහා යොදා ඇති සිරස්තලයම 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ඔහු තුළ පවත්නා ආකල්පයෙහි ස්වභාවය මැනවින් කියාපායි.

    ලංකාදීප විමසුමට ඔහු දක්වා ඇති අදහස් ප්‍රශ්ණ නොකරසිටීමට නොහැකි තරමටම මහජනතාව නොමඟ යවන සුළු කරුණුවලින් ගහනය. අසත්‍ය හා වැරදි නිගමනයන් සහිත එකී කරුණු දැක්වීම අප රටේ සාමාන්‍ය දේශපාලකයෙකුට හෝ තරම් නොවන විවරණයක් ලෙස සැලකිය හැකිය.

    ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා දක්වා ඇති අදහස් පිළිබදව අවධානය යොමුකළ යුත්තේ ඔහුගේ මතවාදී විකාශණයද අමතක නොකරමිනි. ඒ කෙසේ වෙතත් ලංකාදීප විමසුමට ඔහු දක්වා ඇති අදහස් ප්‍රශ්ණ නොකරසිටීමට නොහැකි තරමටම මහජනතාව නොමඟ යවන සුළු කරුණුවලින් ගහනය. අසත්‍ය හා වැරදි නිගමනයන් සහිත එකී කරුණු දැක්වීම අප රටේ සාමාන්‍ය දේශපාලකයෙකුට හෝ තරම් නොවන විවරණයක් ලෙස සැලකිය හැකිය.

    එහිදි සිය විවරණය මගින් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරන මුඛ්‍යතම කරුණ වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු කරන සියලුම චෝදනා පදනම් විරහිත වන බවය. එහිදි ඔහු අපූරු තර්කයක්ද ඉදිරිපත් කරඇත. එනම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කිසිවක් එකතු නොවන බවයි. එමගින් සිදුවන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් මේ රටේ දශක තුනකට අධික කාලයක් පැවැති නීතිමය තත්වයට රට නැවත ගමන් කරවීමක් පමණක් වනබවය. ඒ ගැන බොහෝ දෙනෙකුට වාද විවාද කළ හැකිය. ඇත්තටම ප්‍රධාන ප්‍රශ්ණය එය නොවේ. විස්සෙන් භයානක තත්වක් ඇතිවන බව කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේනම් වසර තිස් ගණනක් පුරා අතීතය තුළ  එම චෝදනා ඉදිරිපත් නොවුනේ ඇයිද යනුවෙන් ඔහු කරන විමසීමයි. ජී.එල්.පීරිස් මහතා එයින් කියන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුගිය වසර තිස් ගණනාවක කාලයක් තිස්සේ විවේචන ඉදිරිපත් නොවූ බව නොවේද ?

    මේ රටේ බුද්ධිමත් පුරවැසියාට ඒ බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ නම් මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ අතීත දේශපාලන විවරණ පිලිබදව නැවත විමසිලිමත්වීම ඒ සඳහා හොදටම ප්‍රමාණවත් ය.

    එයට අමතරව මෙම ව්‍යවස්ථාව පිළිබදව 1978 අගෝස්තු මස 28 වනදින ගරු සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරණායක මැතිණිය ජාතික රාජ්‍ය සභාවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පිළිබදව පමණක් හෝ අවධානය යොමු කරවීම වැදගත්ය.

    “මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම රජය හිට්ලර් අකුරටම අනුගමනය කලා වනු ඇත. ඒ මගින් මේ රජය පාර්ලිමේන්තුව විහිළුවට ලක්කර හිට්ලර් කලාක් මෙන් පාර්ලිමේන්තු ක්‍රමයේ ආධාරයෙන්ම ඒකාධිපතියෙකු බිහිකිරීමට ක්‍රියාකර තිබේ. එහෙත් හිට්ලර්ගේ ඉරණම ගැන සලකන විට ඉතා පැහැදිලි වන කරුණක් නම් පැසිස්ට්වාදී නීතිවලින් හෝ අවි බලයෙන් හෝ මිනිස් නිදහස මැඩලිය නොහැකි බවයි. මිනිසා ඉවසීමේ සීමාවේ අන්තයටම පැමිණි විට හා මානසික පීඩනයේ උපරිම අවස්ථාවට එළැඹි විට කොතරම් දරදඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණත් මිනිස් නිදහසට හා රටේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන මෙම දරුණු පාපාකර්මයේ ප්‍රතිවිපාක වලින් මිදීමට මේ රජයට කිසිසේතම නොහැකි වන බව එක එල්ලේම කියා සිටිනු කැමැත්තෙමු”

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිදුකළ පුරෝකතනය අපට සිහිපත් කරවන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ආරම්භයේදීම සාමාජය තුළින් මතුවූ විරෝධය යි.

    ආචාර්ය ඇන්.එම්.පෙරේරා මැතිතුමාගේ චිවේචනාත්මක විශ්ලේෂණයක් නැමැති කෘතිය මෙහිදී උපුටා දැක්වීම අමුතුවෙන් අවශ්‍ය නොවේ. පසු කලෙක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා,මහාචාර්ය තිස්ස විතාරණ, සී.වී.විග්නේෂ්වරන්,ඩිව්.ගුණසේකර, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, වික්ටර් අයිවන්, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වැනි දේශපාඥයන් හා විචාරකයන් පමණක් නොව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද උපුටා දක්වමින් ඒ සදහා ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය.

    එහෙත් අද අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතාට අනුව වසර තිස් ගණනක කාලයක් තිස්සේ මේ ව්‍යවස්ථාවට එරෙහිව චෝදනාවක් එල්ලවී නැත. එසේ චෝදනා ඉදිරිපත් නොවුයේ ඇයි යනුවෙන් ඔහු අපෙන් විමසා සිටින්නේ ඒ නිසා විය යුතුය.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ස්වාධීන විගණන කොමිසමට අත්වන ඉරණම පිළිබඳව මතුවන චෝදනාවලටද ජී.එල්.පීරිස් මහතා මතුකර ඇති කරුණු සත්‍ය විකෘති කරන සුළුය. ඔහු කියන ආකාරයට 19 වන සංශෝධනය ගෙන ඒමට පෙරද මේ රටේ විගණන ක්‍රියාවලියක් තිබී ඇත.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ස්වාධීන විගණන කොමිසමට අත්වන ඉරණම පිළිබඳව මතුවන චෝදනාවලටද ජී.එල්.පීරිස් මහතා මතුකර ඇති කරුණු සත්‍ය විකෘති කරන සුළුය. ඔහු කියන ආකාරයට 19 වන සංශෝධනය ගෙන ඒමට පෙරද මේ රටේ විගණන ක්‍රියාවලියක් තිබී ඇත. 20 වන සංශෝධනයෙන් එයට වන කිසිවක් නැත. රජය සතු ව්‍යාපාර පමණක් නොව ජනාධිපති කාර්යාලය හා විගණනය කරන්නටද 20 න් කිසිදු බාධාවක් නැත යනුවෙන් එහිදි ඔහු බොහෝ කරුණු කියයි.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් ඇසිය යුතු සරල කාරණා දෙකක් තිබේ. එනම් රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කල යුතු බවට 154(1) ව්‍යවස්ථාව තුල ඇතුලත්ව තිබූ වගන්තිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව මගින් ඉවත් කර ඇත්තේ ඇයිද යන්නය. එමෙන්ම ව්‍යවස්ථාවේ උක්ත වගන්තිය මඟින් රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිෂන් සභාව, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය විගණකාධිපතිවරයා විසින් විගණනය කල යුතු බවට 19 වන ව්‍යවස්ථා සංශෝධන තුළ පනවා තිබූ නියමය 20 වන සංශෝධනය මගින් ඉවත්කර ඇත්තේ ඇයිද යන්නය.

    එමෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ රටේ ජනතාව නොමඟ යැවීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අභූත හා අසත්‍ය චෝදනා ගණනාවක්ම විමසුමට දක්වා ඇති කරුණු දැක්වීම තුළ සිදුකර තිබේ. ඉන් එකක් වන්නේ මේ රටේ බලගතුම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධනය ක්‍රියාත්මක වූ යුගයේ වන බවය.

    එහෙත් 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක යුගයේ සිදුවූවායැයි කියන රටේ ලොකුම මූල්‍ය වංචාව කුමක්ද යන්න පෙන්වා නොදීමට ජී.එල්.පීරිස් මහතා එහිදී වගබලාගෙන තිබේ. එසේ ඔහු කියන මේ රටේ සිදු වූ ලොකුම වංචාව මහබැංකු බැදුම්කර ගනුදෙණුවට අදාලව එල්ල වී ඇති චෝදනාව වන්නේ නම් එය එක් අතකින් වැරදිය. අනෙක ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදා ගැනීම ඊටත් වඩා වැරදිය. එය එසේ වන්නේ කරුණු දෙකක් හේතුවෙනි. 2015 වසරේදී සිදුව ඇති මහබැංකු බැදුම්කර ක්‍රියාවලියට අදාලව හෙළිවී ඇති වංචාව මේ රටේ සිදුවී ඇති ඒ ආකාරයේ එකම හෝ විශාලතම වංචාව නොවේ. එවැනි වංචා සිදුව ඇත්තේ 2008 වසරේ සිටය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරාගේ පාලන සමය තුළදීය.

    2015 මහබැංකු බැදුම්කර ගනුදෙණුව සිදුව ඇත්තේ යහපාලන රජය බලයට පත්වී මුල් මාස කිහිපය තුළදීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබුවේ 2015 අප්‍රේල් මස 28 වනදාය. කතානායකවරයා ඊට අත්සන් තබා එය නීතියක් බවට පත්කලේ ඊටත් පසු දිනකය.

    අනෙක 2015 මහබැංකු බැදුම්කර ගනුදෙණුව සිදුව ඇත්තේ යහපාලන රජය බලයට පත්වී මුල් මාස කිහිපය තුළදීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබුවේ 2015 අප්‍රේල් මස 28 වනදාය. කතානායකවරයා ඊට අත්සන් තබා එය නීතියක් බවට පත්කලේ ඊටත් පසු දිනකය. එබැවින් මේ රටේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධන ක්‍රියාත්මක වූ යුගයේදීය යනුවෙන් ජී.එල්.පීරිස් මහතා කරන චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය. එහෙත් 19 වන ව්‍යවස්ථාව මඟින් මේ රටේ විගණකාධිපති සේවාවට ලබාදුන් ස්වාධීනත්වය හා නිදහස නොවුනේ නම් එකී වංචා පිළිබඳ තොරතුරු හා විමර්ශණ සාර්ථකව සිදුකිරීමට නොහැකිවන බව නම් ඉතා පැහැදිලිය.

    විමසුම කරුණු දැක්විම තුළ ජී.එල්.පීරිස් මහතා සත්‍යයට ආසන්න වූ යම් හෝ සදහනක් කර ඇත්නම් එය සිදුකර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට අදාලව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත සීමා පැනවීම පිළිබඳවය. එහිදී ඔහු මෙසේ කියයි අමාත්‍යමණ්ඩල සීමාවට අදාලව 19 වන සංශෝධනයේ සදහනක් තිබුණද එයට ව්‍යතිරේක සපයා තිබේ. එය සත්‍යයකි. එය නොවිය යුතු දෙයකි. එහෙත් පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකිවීම හා පාස්කු ප්‍රහාරය සිදුවීමට රට තුළ මතු වු අරාඡිකත්වය වැනි කරුණු පදනම් කරගනිමින් ඔහු 19 වන සංශෝධනයට එරෙහිව නගන චෝදනාවලට කිසිදු පදනමක් නැත.

    පාස්කු ප්‍රහාරයට අදාලව හෝ වේවා විනය කරුණු පදනම් කරගනිමින් හෝ වේවා පොලිස්පතිවරයා හෝ වෙනත් ඕනෑම රාජ්‍ය නිළධාරියෙකු ඉවත් කිරීම සඳහා 19 වන සංශෝධනය මඟින් කිසිදු බාධාවක් පනවා නැත. අදවන විටත් වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පතිවරයා එකී තනතුරෙන් ඉවත් කිරීමට පෙර පැවැති රජයට හැකියාවක් තිබුණා පමණක් නොව වර්තමාන රජයට අද පවා  ඕනෑම මොහොතක එය සිදුකල හැකිය.

    කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඑමින් එය සාමාන්‍ය බහුතර ඡන්දයකින් අනුමත කරවාගැනිම පමණි. එහෙත් වර්තමාන රජය පවා  ඒ සඳහා කටයුතු කර නොමැත.

    ඒ සඳහා කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඑමින් එය සාමාන්‍ය බහුතර ඡන්දයකින් අනුමත කරවාගැනිම පමණි. එහෙත් වර්තමාන රජය පවා  ඒ සඳහා කටයුතු කර නොමැත. එමෙන්ම පාස්කු ප්‍රහාරය හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතර කිසිදු සම්බන්ධයක් නැත. ජී.එල්.පීරිස් මහතා කියන ආකාරයට පාස්කු ප්‍රහාරය සිදුවූයේ  බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වී තිබීම නිසා නොවේ. අදාල වගකිව යුතු පුද්ගලයන් හා ආයතන ඔවුන් සතු වගකීම ඉටු නොකිරීම තුළය. අනෙක් අතට පාස්කු ප්‍රහාරයටද වඩා අතිශයින්ම දරුණු හා බිහිසුණු ප්‍රහාර ගණනාවකට අතීතයෙහි අප රට ගොදුරු වී තිබීම සැලකිල්ට ගැනීමේදී එම ප්‍රහාරයන් සිදුවන කාලය තුළ 19 වන සංශෝධනය බලාත්මකව නොතිබු බව සිහිපත් කරගැනීම ද වැදගත්ය.

    එමෙන්ම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද ඇතැම් කමිටුවල අසාර්ථකත්වයට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදමින් එහි වගකීම 19 මත පැටවීමට ජී.එල්.පීරිස් මහතා ක්‍රියාකර තිබේ. එයද ජනතාව නොමඟ යැවීමට ගත් තවත් එක් උත්සහයකි.

    19 වන සංශෝධනය ක්‍රියාත්මක නොවූ කාලවලදී පවා අග්‍රාමාත්‍ය වරයා මෙන්ම ජනාධිපතිවරයාද තම බලතල යොදාගනිමින් විවිධ කමිටු හා ආයතන ස්ථාපිත කල බවට බොහෝ නිදසුන් තිබේ. ඒවා සාර්ථකවීම හෝ අසාර්ථක වීම ඒවායේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව සිදුවූවක් මිසක පත්කරන ලද පුද්ගයන්ගේ හෝ බල කේන්ද්‍ර හේතුකරගෙන සිදු නොවූ බව මේ රටේ බුද්ධිමත් ජනතාවට අමුතුවෙන් කරුණු පැහැදිලි කලයුතු නොවේ. ජී.එල්.පීරිස් මහතා මැතිවරණ කොමිසමේ හා ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයන්ට එල්ල කරන චෝදනාද එසේමය. ඒවාට කිසිදු පදනමක් නැත.එමෙන්ම ඒ සඳහා දක්වන උදාහරණ සහ තොරතුරුද නිවැරදි නොවේ.

    අවසානයේ ජනාධිපති බලය හා එහි සීමා ගැනද යම් විග්‍රහයක යෙදෙන ජී.එල්.පිරිස් මහතා 20 වන සංශෝධනය බලාත්මකවීමෙන් පසු පාර්ලිමේන්තුවට හිමි බලය පිළිබදවද කරුණු දක්වා තිබේ. පාර්ලිමේන්තුව සතු මුදල් පාලන බලතල හා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට ඇති හැකියාව වැනි කරුණු ජී.එල්.පීරිස් අමාත්‍යවරයා එහිදී උදාහරණ වශයෙන් දක්වා තිබේ.

    වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙන්ම මේ රටේ ජනතාව බොහෝ කාලයක සිට මහාචාර්යවරයෙකු ලෙස හොදින් දන්නා ජි.එල්.පීරිස් මහතාට එහිදී සිහිපත් කලයුතුව ඇති කරුණු කිහිපයක් තිබේ. අවසාන වශයෙන් එයද පෙන්වාදෙනු කැමැත්තෙමි. මේ රටේ බලාත්මකව පවත්නා ව්‍යවස්ථාව හා ඒ මඟින් රටට අත්පත් කර ඇති දුර්විපාක පිළිබඳව ඉතා පැහැදිලිවම කරුණු දක්වා ඇති අවස්ථා ගණනාවක්ද ඒ සඳහා ප්‍රතිකර්ම ලෙස යෝජනා කරන ලද උත්සහයන් කිහිපයක්ද ඉතිහාසය තුළ මැනවින් දැකගත හැකිය.

    1989 ඔක්තෝබරයේදී ජී.එල්.පීරිස් මහතාද සාමාජිකයෙකු ලෙස නම් කරමින් පත්කරන ලද ‘තරුණයන් පිළිබඳව ජනාධිපති කොමිසමේ’ නිර්දේශ කෙරෙහි අද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතාගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය

    1989 ඔක්තෝබරයේදී ජී.එල්.පීරිස් මහතාද සාමාජිකයෙකු ලෙස නම් කරමින් පත්කරන ලද ‘තරුණයන් පිළිබඳව ජනාධිපති කොමිසමේ’ නිර්දේශ කෙරෙහි අද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතාගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය. එමෙන්ම ඔහුගේ සුවිශේෂී භූමිකාවක් තුළ ඉදිරිපත් වූ 1993 පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහිද ජී.එල්.පීරිස් මහතාගේ සුජාතකත්වයේ 1995 වසරේදී ඉදිරිපත් කළ රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය කෙරෙහිද 2000 වසරේදී ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කෙරෙහිද ජී.එල්.පීරිස් මහතා අද නැවත අවධානය යොමුකල යුතුය.

    ඒ සියල්ලම ඔහුගේ නායකත්වය, මඟපෙන්වීම හා සහභාගිත්වය ඇතිව රට හමුවේ ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවන් ය. ඒ සියලු අවස්ථාවල එවැනි උත්සහයන්ට හේතු වූ කරුණු කාරණා ලෙස  ජී.එල්.පීරිස් මහතා රටට පෙන්වා දුන්නේ විධායක ජනාධිපති වෙත සංකේන්ද්‍රණය වී ඇති අනිසි බලය රට මුහුණ දෙමින් සිටින බොහෝ දුර්භාග්‍යන්ට ඉවහල්ව ඇතිබවය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 19ට පෙර තිබූ තත්වයට නැවත යාමට ගනුලබන සරල උත්සහයක් නොව විධායක ජනාධිපතිවරයා සතු පවත්නා බලය තවදුරටත් ඉක්මවා යමින් බලය තව තවත් සංකේන්ද්‍රණය කරගැනීමට දරණ උත්සහයක් ලෙස  ඒ අනුව පැහැදිලි වනු ඇත.

    එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය.

    සුනිල් ජයසේකර – මාධ්‍ය ප්‍රකාශක -සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

  • 20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සිටියදීය.

  • අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

    අපි දැන් කොහොමද සිවුරක් ඇඳන් පාරේ බැහැලා යන්නේ..? බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්..

    වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

    එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

    එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    උපුටා ගැනීම: ලංකා සී නිවුස්

  • BOI යටතේ ඇති ආයතන තුළ පමණක් PCR 15,000ක්

    BOI යටතේ ඇති ආයතන තුළ පමණක් PCR 15,000ක්

    කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

    මෙහිදී ආයෝජන කලාප තුල දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇත. සේවක සුරක්ෂිතභාවය පවත්වාගෙන යාමටත් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇතැයි ඒ මහතා පවසයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරයා

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කොවිඩ් අවධානමට මාස කිහිපයකටම පෙර සිටම ‍මෙවැනි අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට සූදානම් වූ බවද පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය පරීක්ෂාණායතනය, මහජන සෞඛ්‍ය නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් කරගනිමින් සෑම ආයෝජන කලාපයකම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ සටහන් ක්‍රියාත්මක කල බව හෙතෙම පවසයි. කර්මාන්තශාලා වල මානව සම්පත් කළමණාකරුවන්ට සියලු සේවකයන්ගේ ජීවදත්ත යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබිනි. එසේම කම්හල් තුළ කුඩා කණ්ඩායම් වශයෙන් වැඩකිරීම, සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම, කලාපයෙන් බැහැරව සිටින අවස්ථාවේ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම වැනි අංශයන් පිළිබඳව නියාමනයන් හා දැනුවත් කිරීම් මෙම වැඩසටහන් හරහා සිදු කෙරිනි.

    කොවිඩ් අවධානමෙන් රට මුදා ගන්නවා මෙන්ම ආර්ථිකය සතුට දායකව පවත්වාගෙන යාමත් තම අමාත්‍යාංශය කැප වන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා. අපනයන ආදායම ඉහල නංවා ගැනීම තම අපේක්ෂාව බවද පවසයි. 2019 වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 11.8කි. ඉන් 70%ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලාවලින් සිදු කල අපනයන්ය. කර්මාන්තශාලා 1800ට වැඩි ප්‍රමාණයක් මෙම අපනයන නිශ්පාදනයන්ට දායක වේ. එම ආයතන තුළ ලක්ෂ 5ට වැඩි ශ්‍රම බලකායක් සේවය කරති. පවතින අර්බුදය හමුවේ වූවද පසුගිය මාස තුන තුළ මසකට ඩොලර් බිලියන 1ට වැඩි අපනයන ආදායමක් ඉපයීමට අපට හැකි විය. එය රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. අනෙක් රට වල ඇණවුම් පවා මෙරටට ලැබුනි. ලෝකයේ පවතින මෙම අර්බුද අවස්ථාව තුළ අප රටට වාසි අත්කරගත හැකි ලෙස උපායශීලී විය යුතු බවද ඩී වී චානක මහතා පවසයි

  • ආණ්ඩුවට එරෙහි විවේචන සිදුකළ විජේදාසට කහ එළියක්!

    ආණ්ඩුවට එරෙහි විවේචන සිදුකළ විජේදාසට කහ එළියක්!

    ගෙවීගිය සති කිහිපය තුළ දිගින් දිගටම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි.

    මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසෙයි.

    ආශ්‍රිත පුවත්: ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

  • ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

    ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි

    හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

    එසේම මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

    විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එෙරහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

    ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

    -ලංකා සී නිවුස්-