Category: සුපිරි Politics

  • දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

    එසේම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව ගැන තමා කිසිසේත්ම නොදන්නා බව එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් සඳහන් වූ හිටපු ඇමැති සහ එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වූ මලික් සමරවික‍්‍රම මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    තමාගේ නම එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස සඳහන්ව තිබුණත් තමාට එහි රැුස්වීම්වලට කතා කළේ නැති බවද ඒවාට තමා සහභාගි නොවූ බවද මලික් සමරවික‍්‍රම මහතා කීවේය.

    එසේම අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ එම දූෂණ විරෝධි කමිටුව යටතේ පිහිටුවා තිබෙන ක්‍ෂණික ප‍්‍රතිචාර අනුකමිටුවේ සම්බන්ධීකාරක ලෙස තම නම සඳහන්ව තිබුණත් තමා එවැනි කමිටුවක් තිබෙන බවක් නොදැන සිටි බවය.

    මෙම කොමිසම ඊයේ උදේ 11.00 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මැදහත්භාවයෙන් රැුස් විය.

  • වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස: ජනපති – අගමැති අවධානය

    වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස: ජනපති – අගමැති අවධානය

    වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති.

    ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කරති.

    වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබේ. එම නිසා ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දෙති.

    සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  

    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

    වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ටNVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

    438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් විය.

    වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ. 

    ( ඡායාරූප : ඩී. සමරකෝන්  ඩී. සමරකෝන් | උපුල් නිලංග – ජනාධිපති මාධ්ය අංශය )  

  • 20 වෙනි සංශෝධනයට කිසිඳු ගැටලුවක් වෙන්නේ නෑ – අගමැති මහින්ද

    20 වෙනි සංශෝධනයට කිසිඳු ගැටලුවක් වෙන්නේ නෑ – අගමැති මහින්ද

    විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේදී පැවසීය.

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මතය කුමක්ද ?

    අග්‍රාමාත්‍යතුමා – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින  පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?

    අග්‍රාමාත්‍යතුමා – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?

    අග්‍රාමාත්‍යතුමා – නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.

    මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බලකළා කියලා මාධ්‍ය වාර්තා ඉදිරිපත් වුණා.

    අග්‍රාමාත්‍යතුමා – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක. 

    මාධ්‍යවේදියා –  අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.

    මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?

    අග්‍රාමාත්‍යතුමා – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.

    අග්‍රාමාත්‍යතුමා – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

    මාධ්‍යවේදියා – කොවිඩ්-19 නිසා ලෝකයේ සෑම රටකම ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කීරීමට ගන්න පියවර මොනවාද ? විදෙස් ණය ගෙවා ගත හැකිද ?

    අග්‍රාමාත්‍යතුමා – දේශීය ආර්ථිකයට මුල්තැන දීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් ආණ්ඩුව දේශීය කර්මාන්ත නගා සිටුවීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. අපි මොනදේ තිබුණත් වෙලාවට ණය ගෙවලා තිබෙනවා.

    මාධ්‍යවේදියා – පොල් ගැන ලොකු ආන්දෝලනයක් තිබෙනවා.

    අග්‍රාමාත්‍යතුමා –  කවදත් පොල් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයන් තිබුණා. අපට පාරිභෝගිකයා වැදගත්. ඒ නිසා පාලන මිලක් සම්බන්ධයෙන් වන යෝජනාව හොඳයි. එය විධිමත්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

    මාධ්‍යවේදියා – ආණ්ඩුව ගැසට් ගහනවා. ආයෙ හකුළගන්නවා කියලා චෝදනාවක් තියෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – ඒකෙන් පෙනෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන මොකුත් නෙමෙයි.පොල් පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කරන්න විෂය භාර අමත්‍යවරයාට මම ඒ බව දන්වනවා.

    මාධ්‍යවේදියා – කහ ප්‍රශ්නය නිරාකරණයවනතුරු රටින් කහ ආනයනය කළ නොහැකිද ?

    අග්‍රාමාත්‍යතුමා – දේශීය ගොවියා දැන් කහ වගා කරමින් සිටින්නෙ. ඔවුන්ව අධෛර්යමත් කරන්න අපට බැහැ. ඒ නිසා දේශිය කහ ගොවියා ධෛර්යමත් කරන්න නම් මේ තත්ත්වයට මුහුණ දෙමින් අප ඉදිරියට යා යුතුයි. පිටරටින් ආයෙමත් කහ ගෙන්නුවොත් ගොවීන් වගාව අත්හරිනවා.

    මාධ්‍යවේදියා – වාහන සහ වාහන අමතර කොටස් ඉතා අධික මිලක් යටතේ අලෙවිවීමෙන් දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – අමතර කොටස් ගෙන්වන්න කියලා තියෙන්නෙ. අමතර කොටස් ගෙන්වීමේ බාධාවක් නැහැ.

    මාධ්‍යවේදියා – ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එය කළ යුත්තෙ. අපි ඉන්දියාවේ තත්ත්වය යුරෝපයේ තත්ත්වය සැළකිල්ලට ගෙන ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා.

    මාධ්‍යවේදියා – පාසල්වල ළමුන් ඇතුළත් කිරීමේදී පදිංචියට අදාළව ළමුන් ඇතුළත් නොකර ගැනීමෙන් අසාධාරණයක් වී තිබෙනවා.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබීම ප්‍රමාණවත් කියලා දැනට කැබිනෙට්ටුවේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබෙනවා.

    මාධ්‍යවේදියා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන විසදුමක් තිබේද ?

    අග්‍රාමාත්‍යතුමා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. රටක් විධියට ගත යුතු ක්‍රියාමාර්ග අපි නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා – ඉන්දීය අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නාම පැහැදිලි පිළිතුරක් ලැබුණෙ නැහැ. දකුණු ඉන්දියාවේ මහ ඇමැතිතුමා එක්ක කතා කරලා විසඳුමක් දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා.

    මාධ්‍යවේදියා – තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද ? පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙයිද ?

    අග්‍රාමාත්‍යතුමා – එහෙම එකක් නැවත ඇතිවෙන්නෙ නැහැ. රට ආරක්ෂිතයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි බොහෝ අවධානය යොමුකර කටයුතු කරනවා. නැවත උතුරේ එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් පසුගිය කාලේ දුන්න උත්තරේම තමයි උත්තරේ.

    මාධ්‍යවේදියා – එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ යටින් යන වැඩපිළිවෙළක් තියෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපි යටින් වැඩ කරන්නෙ නැහැ. එම්.සී.සී ගැන අපි යටින් සාකච්ඡා කළේ නැහැ. දැනට එහෙම සාක්චඡාවක් වෙලත් නැතිව එහෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්නෙ මොකටද ?

    මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?

    අග්‍රාමාත්‍යතුමා – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා. අග්‍රාමාත්‍යතුමාගේ සංශෝධන සහ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැන ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිලයි තිබෙන්නෙ.

    මාධ්‍යවේදියා – මත් කුඩු ජවාරම සමාජයට පිළිලයක් වී තිබෙනවා. මේ සදහා ස්ථීර විසඳුමක් ගෙන එනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපි මේ උවදුර හැදිනගෙන වැටලීම් කරන්න පටන්ගෙන තිබෙනවා. දැන් අපට අහුවෙන්නෙ මේ ජාවාරමේ පොඩි අය. ප්‍රධාන අයයි අල්ලගන්න උවමනාවෙන්නෙ. අප ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ අය අත්අඩංගුවට ගෙන අපට මෙම මත් කුඩු උවදුර මර්දනය කළ හැකියි.

    මාධ්‍යවේදියා – වතු කම්කරුවන්ට රුපියල් දහසේ දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපියි ඒ ගැන කතා කළේ. දැනටමත් විෂය භාර අමාත්‍යතුමා එම උපදෙස් දී තිබෙනවා.

    මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා ගමින් ගමට යන්නෙ ඇමැතිවරුන්ගෙන් වැඩ වෙන්නෙ නැති නිසාද ?

    අග්‍රාමාත්‍යතුමා – එහෙම එකක් නැහැ. ජනාධිපතිවරුන් ගමට යන එක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – ජනාධිපතිතුමා ගමින් ගමට යන එක වැරදිද ?

    මාධ්‍යවේදියා – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්වව සිදුවෙනවා. ජාත්‍යන්තර නීතිය අනුවයි ඇතැම් කටයුතු සිදුවන්නෙ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා – පසුගිය ආණ්ඩුව වගේ අපි අධිකරණ කටයුතු සඳහා පෞද්ගලික මැදිහත්වීම් සිදු කරන්නෙ නැහැ. අධිකරණ කාර්ය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – පහුගිය ආණ්ඩුව දූෂණ විරෝධි කමිටුවක් හැදුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ටත් වෙනමම මුදල් දීලා. රුපියල් කෝටි තුනක් අයතා වියදම් කරලා. ඒ අනුව දූෂණ විරෝධි කමිටුවෙත් දූෂණයක් කරලා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකියන්න උවමනා එතුමාව පත්කරපු අයයි.

    මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම අද අමාත්‍යවරුන්ව සිටින බොහෝ දෙනා නිකරුනේ සිරභාරයට පත් කළ අවස්ථා පසුගිය කාලේ තිබුණා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවාද ?

    අග්‍රාමාත්‍යතුමා – පෞද්ගලික ප්‍රශ්න ගැන හිතුවෙ නැහැ. අපි එකට එක කරන්න කැමැති අය නෙමෙයි. අපි ඉතිහාසයේ කවදාවත් පළිගත්තෙ නැහැ. තව දෙයක් අපි ඉදිරියේදී හැම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි ගෙවල් 100 යුතු මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා.

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

  • 20 ගැන අවසන් තීන්දුව දෙන්න ‘පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    20 ගැන අවසන් තීන්දුව දෙන්න ‘පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    රජය විසින් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා.

    පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

    1. අගවිනිසුරු ජයන්ත ජයසූරිය 
    2. බුවනෙක අලුවිහාරේ
    3. ප්‍රියන්ත ජයවර්ධන
    4. විජිත් මළල්ගොඩ
    5. සිසිර ද ආබෲ .

    මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිත අතර අද (25) දිනය අවසන් වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 18ක් ඉදිරිපත්ව තිබෙනවා.

    මෙම සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන්නේ නීතිපතිවරයායි.

  • ‘ජනතාව ජීවත් කරවීම යුද්ධයක්’ – ජනපති හල්දුම්මුල්ලේදී කියයි

    ‘ජනතාව ජීවත් කරවීම යුද්ධයක්’ – ජනපති හල්දුම්මුල්ලේදී කියයි

    ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපතිවරයා කියා සිටී.

    බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    “රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කළේය.

    හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ   “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නේය.

    මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.

    කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඕව්හු සඳහන් කළහ.

    අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබීය.

    සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

     වසර ගණනාවකට පෙර  ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිතුමා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ගෝෂා කරමින් පැවසූහ.

     කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිතුමා  ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිතුමා විසින් විසඳුම් මගට යොමු කරනු ලැබීය.

    කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්,  හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිතුමා විසින් නියම කරන ලදී. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ  සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරිණ.

    ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මැතිතුමා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළේය.

    කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරිණි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම් දීමට පියවර ගන්නා ලදී.

    වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ  සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේය.

    රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිතුමා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසීය.

    ප්‍රදේශයේ මහා සංඝරත්නය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ආයතන රැසක නිලධාරීහූ ඇතුළු පිරිසක් සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ.

    ( ඡායාරූප : උපුල් නිලංග සහ සුමින්ද කීර්ති  – ජනාධිපති මාධ්‍ය අංශය)

  • ආණ්ඩුව මේ පල්ලම් බහින්නේ ’70-77 පොළු’ යුගයටද ?

    ආණ්ඩුව මේ පල්ලම් බහින්නේ ’70-77 පොළු’ යුගයටද ?

    ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය වැඩිම රටවල්, ආහාර වවන රටවල් නොවන බවත් පෙන්වා ඇත. විශේෂයෙන් ආහාර පිළිබඳ කතාවේදී අතිබහුතරයක් වන පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව දිය යුතුය.

    විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු යැයි යෝජනා කළේය. ඒ ආනයනය කළ ආහාර වෙනුවට දේශීය ආහාර කන්නැයි යෝජනා කරන ආණ්ඩුවේ අලුත් රැල්ල නිසාය.

    අලුත් රැල්ල යැයි කීවාට මේ රැල්ල අලුත් එකක් නොවේ. ‘මැතිණි අපට කියනව නම් සීනි නැතිව තේ බොන්නම්’ යැයි කියමින් පුරවැසියන්ට හැත්තෑගණන්වල පාරිභෝගික භාණ්ඩ හිඟයක් තිබුණු කාලයේ මහපාරේ උද්ඝෝෂණ කරන්නට සිදු වූ හැටි අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

    අලුතෙන් දේශපාලනයට ආ උද්දික ප්‍රේමරත්න නොදන්නවා විය හැක. 2017 අයවැය වාර්තාවට අනුව ලංකාවේ වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 225,000 කි. දේශීය වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 400,000කි. බිත්තර නිෂ්පාදකයන්ගේ බඩඉරිඟු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 500,000ක් පමණ වේ.

    අප ඒ අවශ්‍යතා සපුරාගන්නේ පිටරටින් ගෙන්වාගනිමින්ය. දැන් බඩඉරිඟුද ආනයනය නොකොට, ශ්‍රී ලංකාවේ හිඟයක් ඇති භාණ්ඩයක් බවට පත්ව තිබේ. ලංකාවේ බිත්තර නිෂ්පාදකයන්ට බඩඉරිඟු අවශ්‍ය වන්නේ සත්ව ආහාරයක් ලෙසය. බඩඉරිඟු නැතිකම ලංකාවේ බිත්තර වෙළඳාමට පවා බලපාන ප්‍රශ්නයක් වී ඇත.

    පාරිභෝගික භාණ්ඩ හිඟ වීම, මිල ඉහළ යෑම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න ඇති වීම පසුගිය කාලසීමාවෙහි බරපතළ ලෙස වර්ධනය වී තිබේ. බිත්තර, පාන්වලටත් ප්‍රශ්නය බලපා තිබේ.

    ‘බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ පිටි, සීනි, මාගරින්, ලුණු, පොල්තෙල්. ඒවායෙන් පාන් පිටි හැර අනෙක් සේරම මිල වැඩි වෙලා තියෙන්නේ. වෙනදා ගත්ත ගානට වඩා කිලෝ එකට රුපියල් 50 ක් 60 ක් විතර වැඩි වෙලා තියෙනවා. බිත්තර මිල වැඩි වුණා. සීනි වැඩි වුණා. කොරෝනාවලට කලින් සීනි තිබුණේ රුපියල් 119 ට වගේ. දැන් කිලෝ එකට රුපියල් 10 ක් විතර වැඩි වෙලා තියෙනවා. මෙහේ බිත්තර ගණන් නිසා පිටරටින් ගෙන්නන්න හැදුවාම රුපියල් 22 ට තිබුණු බිත්තර රුපියල් 20 ට අඩු වුණා. මාගරින් වගේ ආනයනය කරන අනෙක් දේවල්වලත් මිල අඩු කරනවා කියලා ආණ්ඩුව කියලා තියෙනවා. මූලිකව බේකරි කර්මාන්තයට බලපාලා තියෙන්නේ බිත්තර, මාගරින් හා සීනි මිල වැඩි වීමයි.’

    එසේ කීවේ බේකරි හිමියෙකු වන තරිඳු දනුෂ්කය.

    බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය අතරින් සීනි, මාගරින් හා බිත්තරවල මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයට දැනුම් දී තිබුණි. සැප්තැම්බර් මාසය වන විට සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 23 ට 24 ට ඉහළ ගොස් තිබුණි. ඒ නිසා බිත්තර පිටරටින් ආනයනය කරන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා ඇත. කිසිසේත් බිත්තර ආනයනය නොකරන බව පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් සැප්තැම්බර් 8 වන දා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සැප්තැම්බර් 4 වන දා අගමැතිවරයා හමු වී බිත්තර මිල රුපියල් දෙකකින් අඩු කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 19.50 ක් හා රතු බිත්තරයක තොග මිල රුපියල් 20 ක් විය. එහෙත් බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ රුපියල් 12 ට 12.50 ට අලෙවි කළ හැකි බිත්තරය බිත්තර නිෂ්පාදකයන් අධික මිලකට අලෙවි කරන බවත් බිත්තර මාෆියාවක් ඇති වී තිබෙන බවත්ය.

    මේ ආරවුල සමථයකට පත් කිරීම සඳහා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, අගමැතිවරයා, සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ සාකච්ඡාවෙන් පසුව මූලික කොන්දේසි දෙකකට යටත්ව රුපියල් 16.50 ට බේකරිවලට බිත්තර ලබා දීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාව පළ කර ඇත. ඒ හෙජින් ගිවිසුමේ කොන්දේසි දෙක වූයේ වසරක් ගතවන තුරු මිල පහළ ගියත් බේකරිකරුවන් රුපියල් 16.50 ට බිත්තර මිලදී ගත යුතු බවත් මිල ඉහළ ගියත් නිෂ්පාදකයන් බේකරි සඳහා රුපියල් 16.50 ට බිත්තර සැපයිය යුතු බවත්ය.  ගිවිසුම අත්සන් කිරීමට තිබුණේ පාරිභෝගික අධිකාරියේදීය. ඒ සැප්තැම්බර් 15දාය.

    එහෙත් අත්සන් කරන්නටත් කලියෙන් ගිවිසුම බකල් වූයේය.

    ‘2020.09.15 දින පාරිභෝගික අධිකාරියේදි ගිවිසුම අත්සන් කරන්න යොදාගෙන තිබුණා. අපි ගිවිසුම අත්සන් කරන්න ගිහින් බලනකොට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එළියේ බිත්තර තොග මිල රුපියල් 15 ට අඩු කරලා. රුපියල් 15 ට බිත්තර එළියේ තියෙනකොට අපි රුපියල් 16.50 ට බිත්තර ගන්න එකේ  තේරුමක් නෑනේ. ඒ නිසා අපි ගිවිසුම අත්සන් කරන්න බෑ කිව්වා. මාසයක් බලලා තීරණයක් ගනිමු කියලා අපි ආවා.’

    එසේ කියන්නේ ගිවිසුම් හදන්නට පෙරමුණ ගත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධනය.

    රුපියල් 20 සීමාවේ සිට රුපියල් 16.50 ට මිල අඩු කළත් බේකරි හිමියන් ඊට එකඟ නොවන්නේ බිත්තර මිල තවත් අඩු කිරීමේ අදහසින් බවත් බේකරි හිමියන් මිලදී ගන්නේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 25%ක් පමණක් බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් පැවසීය.

    බැලූ බැල්මට ම පැහැදිලි වන කාරණය බේකරිකරුවන් සේම බිත්තර නිෂ්පාදකයන්ද සිටින්නේ දැඩි අර්බුදයක බවය. එක් පැත්තකින් බේකරි නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය මාගරීන් ආනයනය අත්හිටුවා ඇත. අනෙක් අතට බිත්තර නිෂ්පාදකයන්ට අත්‍යවශ්‍ය බඩඉරිඟු ආනයනය අත්හිටුවා ඇත. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වරදක් නැත. එහෙත් හීනෙන් ඇහැරුණා සේ, සිය රට දේ සිරි සැප දේ කියා අන්ධව සිතාගෙන සිටින ඡන්දදායකයන් සතුටට පත්කිරීම සඳහා කිසිදු වගවිභාගයක් නැතිව නිසි කළමනාකරණයකින් තොරව මේවා කරන්නට යාමෙන් සිදු වන්නේ තිබෙන දේශීය කර්මාන්ත පවා කඩා වැටීමය.

    ආනයනය-අපනයනය එකිනෙක වෙන් කළ හැකි දෙයක් නොවේ. ආනයනය සීමා කරද්දී, දේශීය කර්මාන්ත බංකොළොත් වෙන ආකාරය ගැන මේ බිත්තර කතාව හොඳ උදාහරණයකි. යම් ආනයන භාණ්ඩයක්, රට ඇතුළේ නිෂ්පාදනය කරන තවත් භාණ්ඩයක යෙදවුමකි. බඩඉරිඟු එවැන්නකි. දේශීය බිත්තර කර්මාන්තය පවතින්නේ ආනයනය කරන බඩඉරිඟු මතය.

    බඩඉරිඟු වවා, අස්වැන්න එනතුරු ටික කාලයක් බලා ඉන්නට සිදුවනු ඇති බවත්, දේශීය අස්වැන්න ලැබුණු පසු සාමාන්‍ය ලෙස කර්මාන්තය පවතිනු ඇති බවත් දැන් තවත් කෙනෙකු කිව හැකිය. එය එසේ සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිද? මෙලෙස කාලය ගතවෙද්දී දේශීය කර්මාන්ත දේශීය වශයෙන් ශක්තිමත් වනු ඇතැයි කියමින් 1970 සිට 1977 දක්වා මිනිසුන්  අවුරුදු හතක් පමණ බලා සිටි නමුත්, තත්වය තව තවත් බරපතළ වූවා පමණි. එදා අවුරුදු හතකින් කරන්නට බැරි වූ මහා වෙනස අද කරන්නේ කෙලෙසද?

    2019 පාස්කු ප්‍රහාරයෙනුත් 2020 කොරෝනා ප්‍රහාරයෙනුත් බැට කා සිටින කර්මාන්තකරුවන් හා නිෂ්පාදකයන් බොහෝමයක් සෞභාග්‍යයේ දැක්මෙනුත් බැට කන්නට පටන්ගෙන ඇති සැටියකි.

    2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ඉහළ පෙළේ සංචාරක හෝටල් ඇතුළු කුඩා පරිමාණ හෝටල් ව්‍යාපාරවලට සපයමින් තිබූ බිත්තර ඇණවුම් ඇණහිටියේය. එය යථා තත්වයට පත්වන්නට කාලයක්  ගතවුණේය. රට තුළ බිත්තර අතිරික්තයක් ඇති විය. බිත්තර විකිණෙන්නේ නෑ කියා කිකිළියන් බිත්තර නොදමා ඉන්නේ නැත. වෙනදා මෙන්ම ඔවුන්ගේ ආහාර සලාකය ද සැපයිය යුතුය. බිත්තර නිෂ්පාදනය කරන්නේ යන්ත්‍රයකින් නම් වෙළෙඳපොළ යහපත් වන තෙක් නිෂ්පාදන ක්‍රියාවලිය නවතා තැබිය හැකිය. කඩයක් නම් කඩය වසා තැබිය හැකිය. බිත්තර නිෂ්පාදනය එසේ නවතා තැබිය හැක්කක් නොවේ.

    කුකුල් ගොවිපොළවලට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබේ. රුපියල් 50 ට 55 ට තිබුණු බඩ ඉරිඟු කිලෝව දැන් රුපියල් 85 ක් 87 ක් වේ. රුපියල් 42 ට 45 ට තිබුණු සහල් රුපියල් 72 ක් වී තිබේ. රුපියල් 90 ට 92 ට තිබුණු සෝයා දැන් 107 ට 110 ට ගිහින්ය. රුපියල් 38 ට 40 ට තිබුණු රයිස් පොලිස් දැන් රුපියල් 57 ක් 58 ක් වේ.

    ‘අපේ ලංකාවේ සතුන්ට අවුරුද්දකට බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 500,000 ක් ඕනෑ. අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ අවුරුද්දකට මෙටි්‍රක් ටොන් 225,000ක් විතර. කෘෂිකර්ම දේපාර්තමේන්තුව මේ වසරේ නිෂ්පාදනය වැඩි කරනවා කියලා කියනවා. වගා කරලා අස්වැන්න එනකන් සත්තුන්ට කන්න දෙන්නේ නැතුව ඉන්න බෑනේ. ඒ නිසා අපි කියන්නේ මෙහේ ප්‍රමාණවත් ගණනට බඩ ඉරිගු අස්වැන්න වැඩිවෙන තුරු ආනයනය කිරීම නවත්වන්න එපා කියලා.’

    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් එසේ පැවසීය.

    මේ වෙනකොට බඩ ඉරිඟුවලට ආදේශකයක් ලෙස පිටරටින් තිරිඟු ගෙන්වයි. කිකිළියන්ගේ ආහාර සලාකයට බඩඉරිඟු වෙනුවට තිරිඟු එක් කිරීම 100% ක් සාර්ථක නොවන බව බිත්තර නිෂ්පාදකයන්ගේ අදහසයි. බඩඉරිඟු මෙන් ඒවා පහසුවෙන් දිරවන්නේ නැති බව ඔවුහු කියති. එම නිසා ආහාර සලාකයට තිරිඟු එක් කරන්නේ 20% ක පමණ ප්‍රතිශතයක් පමණි. ඉතිරි 30% වෙනත් දේවල්වලින් සපුරාගැනීමට සිදුවේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආහාර සලාකයේ වියදම ඉහළ යාමය. අනෙක් අතට තිරිඟු ආනයනය කළත් බඩඉරිඟු ආනයනය කළත් මුදල් යන්නේ පිටරටටය. කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ බඩඉරිඟුය. ඔවුන්ගේ ආහාර සලාකයේ 50% පවතින්නේ බඩඉරිඟුය.

    පාස්කු ප්‍රහාරයෙන් පසුබිත්තර මිල අස්ථාවර වන විට අහාර වියදම අඩු කරගැනීම සඳහා බිත්තර නිෂ්පාදකයන් කළේ කිකිළියන් මසට විකිණීමය. වෙළඳපොළ තත්ත්වය යළිත් යහපත් වන විට කිකිළියන් යළි මිලදී ගන්නට ඔවුන් කටයුතු කරමින් තිබුණි. යාන්තම් ඔළුව උස්සාගෙන එන විට 2020 මාර්තුවේ කොරෝනා පැමිණියේය. අප්‍රේල් මාසය වන විට බිත්තරයක් රුපියල් 10 ට දෙන්නැයි රජය බිත්තර නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා තිබිණි.

    සාම්ප්‍රදායික වෙළෙන්දන් බිත්තර මිලදී ගැනීමට ගොවිපොළවලට නොයාම හේතුවෙන් බිත්තර මිල රුපියල් 8 ට 9 ට බැස්සේය. අවසානයේ බිත්තර නිෂ්පාදකයෝම පරට බැස බිත්තර විකුණන්නට පටන් ගත්තෝය. ආයෙත් කිකිළියන් මසට විකුණන්නට සිදු විය. ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වේ.

    කන බොන දේවල් ගෙන්වීම නැවැත්වීමෙන් ආර්ථිකය ගොඩදැමීම කළ හැක්කක් නොවන බවත්, ආහාර සුරක්ෂිතභාවය සහ ආහාර තමන්ගේ රටේ වැවීම එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් බවත් ඕනෑ තරම් ආර්ථික විශේෂඥයන් පෙන්වා තිබේ. ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය වැඩිම රටවල්, ආහාර වවන රටවල් නොවන බවත් පෙන්වා ඇත. විශේෂයෙන් ආහාර පිළිබඳ කතාවේදී අතිබහුතරයක් වන පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව දිය යුතුය. පාරිභෝගිකයන් අමාරුවේ දමමින්, ‘හෙට දවස හරියාවි’ කියා බොරු බලාපොරොත්තු ලබා දී සිටීමෙහි ප්‍රතිඵලය භයානක වනු ඇත.■

    ■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර – අනිද්දා – ඊ පුවත්පතින් උපුටා ගන්නා ලද ලිපියකි

  • 20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක්

    20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක්

    අධිකරණ ඇමැතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වී තිබෙනවා.

    අද දිනයේ ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී  ප්‍රනාන්දු  සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 06 ක් ගොනුකර කළා.

    ඊයේ (23) දිනය වන විට නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි  විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන  අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු  යන පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.

    මෙම සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි.

    එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම සියලුම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උතත්රකරු ලෙස නම්කර තිබෙන්නේ නීතිපතිවරයායි.

  • 20 සම්මත කරන්න ‘ජනමත විචාරණයක් ඉල්ලා’ අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

    20 සම්මත කරන්න ‘ජනමත විචාරණයක් ඉල්ලා’ අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

    එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිය මූලික අයිතිවාසිකම් සහ ව්‍යවස්ථා උල්ලංඝනය වන බව පවසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්කමක් ගොනු කළා.

    පෙත්කම්කාර දෙමළ ජාතික සන්ධාන නායකයා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් කියා සිටින්නේ රජය විසින් ඊයේ පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතිකකර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවයි.

    ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

    අද දින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකත් සමග 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 07ක් ඉදිරිපත්ව තිබෙනවා.

    සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබෙනවා.

  • ලෝක ප්‍රජාව ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව සමග නැගී සිටිය යුතුයි  – මහා මණ්ඩල සමුළුවේදී ජනපති කියයි

    ලෝක ප්‍රජාව ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව සමග නැගී සිටිය යුතුයි – මහා මණ්ඩල සමුළුවේදී ජනපති කියයි

    ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

    කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ  රාජ්‍ය නායක සමුළුව  ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (22) රාත්‍රී 9.00 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කෙරිණ.

    “අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන්: බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම (The Future We Want, the UN We Need: Reaffirming our Collective Commitment to Multilateralism) සමුළුවේ මෙවර තේමාවයි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් යන මහත්වරුන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් සමුළුව ආරම්භ විය.

    බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සහ ඇමරිකා  එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරු පළමු සහ දෙවන දේශන  කළහ.

    ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) අළුයම 4.45 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

    මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ, ආර්ථික ගැටළු විසඳීමට ශ්‍රි ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරයි. දරුවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමත්  තම අවශ්‍යතාව බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද රාජපක්ෂ මැතිතුමා පැවසීය.මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර, සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ අතර, එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    “දශක 03කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳි ශ්‍රී ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිනවා ජනාධිපතිතුමා පැවසීය.

    ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කළද කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණ ගෙන යමින් ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික ජාලය තවමත් ක්‍රියාත්මකව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ දුර්මත සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අඛණ්ඩව පවත්වාගෙන යන මේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් නොඉවසනු ඇතැයි අපේක්ෂාව පළ කළේය.

    “පටු දේශපාලනික ප්‍රේරණ නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රි ලංකාව සමග සහයෝගයෙන් නැගී සිටිය යුතුයි එතුමා කීය.

    “මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව කොවිඩ් 19හි බලපෑම අවම කිරීම සඳහා ජාතික දේශසීමා අතර සහයෝගීතාවේ වැදගත්කම පිළිබිඹු කරයි. “කොවිඩ් -19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම සහ කොවිඩ් 19 ප්‍රතිචාර සහ ප්‍රතිසාදන අරමුදල පිහිටුවීම ඇතුළු අභියෝගයට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් ගත් ව්‍යායාමය අගය කළයුතුය. වැඩිදියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු කොවිඩ්-19 එන්නත සියලුදෙනාට ගත හැකි එන්නතක් වනු ඇති බව සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක් යැයි එතුමා පැවසීය.

    රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, බහුවිධ අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ එම රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම අවධාරණය කරන බව සිය දේශනය අවසන් කරමින් ජනාධිපතිතුමා කියා සිටියේය.

  • 20 සම්මත කරන්න ඉඩ නොදෙන ලෙස ඉල්ලා නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

    20 සම්මත කරන්න ඉඩ නොදෙන ලෙස ඉල්ලා නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

    අද (22) දින රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්ති ද උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මාර්ගයෙන් හඳුන්වාදුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබාදී තිබු බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විගණනයන් ඉවත් කිරීම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමි වන ප්‍රතිපාදන යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම්කරු චෝදනා කරනවා.

    එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධනය තුළින් යළි හඳුන්වා දී ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

    එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශන කිරීමටත් තිබෙන අවස්ථාව ද යෝජිත විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් අහෝසි කර ඇති බවත් විගණකාධිපති තනතුර සඳහා තේරීපත්වීමට තිබිය යුතු සුදුසුකම් ද ඒ තුළින් ඉවත් කර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටිනවා.

    නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

  • රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට යයි

    රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට යයි

    ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ (21) දින පැවැත්විණි.

    ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.

    සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ‘සුරක්ෂිත ජල අවශ්‍යතා සැපිරීමේ වැඩපිළිවෙළ‘ යටතේ  අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව ලබන සතියේ පත් කිරීමට නියමිතව තිබේ.

    කාර්යක්ෂම හා සාධාරණව ජාතික ජල සම්පත් සංරක්ෂණය හා වෙන් කිරීම තුළින් සමාජයේ හා පරිසරයේ සංස්ථාවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම මෙම කමිටුව පත් කිරීමේ මූලික අරමුණකි.

    ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, ප්‍රධාන රේඛීය ආයතන අතර සහයෝගීතාවයන් ඇති කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීම, සියලු දෙනාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම, පවතින ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය හා ඊට සම්බන්ධ ආයතන බලාත්මක කිරීම, ඒකාබද්ධ ජල සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය දිරිමත් කිරීම මෙහි අපේක්ෂිත අනෙකුත් අරමුණුය.

    තවදුරටත් පවතින ජල ගැටලු විසඳීම සඳහා වගකීමක් සහ බලයක් සහිත පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම, ජල සම්පත් සපුරා ගැනීමේදී ඇති වන විෂමතා සමනය කිරීම සහ ජලය ආශ්‍රිත ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම, ජල සැපයුම් කළමනාකරණ ගැටලු සඳහා සාර්ථකව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික ජල සම්පත් කළමනාකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, භූ ගත ජල කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නළ ළිං ඉදි කිරීම අවිධිමත්ව සිදුවීම නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හා නියාමනයක් ඇති කිරීම යනාදී කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වුණි.

    නිවාස යෝජනාවල ජීවත්වන ජනතාව මුහුණ පාන ජල ගැටලු සම්බන්ධව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම නිවාස යෝජනා ක්‍රමවල ක්‍රමවත් ජල හා මළ ප්‍රවාහන පද්ධති නොමැති බව පෙන්වා දුන්නේය.

    අක්‍රමවත් ඉදිකිරීම් ඔස්සේ ජලය පොළවට උරා ගැනීමට ඇති අවස්ථා අවහිර කිරීම  ජල ගැලීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, නීති විරෝධී ඉදි කිරීම් පාලනය  විය යුතු බවත් මෙහිදී සාකච්ඡා විය.

    බස්නාහිර පළාතේ වාර්ෂිකව සිදුවන ජල ගැලීම් නිසා සිදුවන අලාභය ඇ.ඩොලර් මිලියන 300කට අධිකය. අක්‍රමවත් ඉදිකිරීම් ඊට හේතු වී තිබේ. මෙරට ජල හිඟයක් නොමැති  අතර, සමස්ත ජලයෙන් 50% ක් පමණක් ප්‍රයෝජනයට ගෙන ඉතිරිය මුහුදට එකතු වන බවද මෙම හමුවේදී හෙළි විය.

    නිසි ජල කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඇතිවන මෙම ගැටලු මඟහරවා ගැනීමට ලබන සතියේ පත් කරන නව කමිටුව මසකට වරක් රැස්වීමට නියමිතය. එක් එක් ආයතනවල කරන ලද ව්‍යාපෘති යෝජනා, සමීක්ෂණ වාර්තා මෙම කමිටුවට ඉදිරිපත් කර ජල ගැටලු අවම කිරීම සඳහා කඩිනම් විසදුම් ගැනීමට මෙහිදී තීරණය විය.

    මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩි. එම්. අනුර දිසානායක,  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී. ඩී. අරියරත්න, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. ඩී. පලුගස්වැව, වාරි මාර්ග අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (ඉදි කිරීම් හා සංවර්ධන)  ඉංජිනේරු ටී. ජේ. මීගස්තෙන, වාරි මාර්ග අධ්‍යක්ෂ (ජල සම්පත් හා සැලසුම්) ඩබ්ලිව්. සී. එන්. වික්‍රමසිංහ,  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු  ටී. එස්. විජේතුංග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මංජුල අමරරත්න, කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චම්පිකා ධර්මසේන, කෘෂිකර්ම අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත වීරසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක  සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ඉංජිනේරු ආචාර්ය එම්. එන්. එස්. පෙරේරා,  ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එස්. එච්. මිදිගස්පේ මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

  • මුදල් අය නොකරන පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක් – ජනාධිපති

    මුදල් අය නොකරන පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක් – ජනාධිපති

    අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි.

    කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ  නොතිබිණ. එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා කීය.

    “නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්.  පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කළා. දිවයිනේ සියලු පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය  නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රධානතම වගකීමක්”  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටළු හඳුනාගෙන විසඳුම් දිය යුතුය.  ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටළුවලට විසඳුම් දීමේ ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    සිය වෘත්තියට අදාළ විවිධ අවශ්‍යතා සඳහා කලාප කාර්යාල වෙත යන ගුරුවරුන්ට විඳීමට සිදුවන ගැහැට පිළිබඳව කණගාටුව පළ කළ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට සහය විය යුතු බව පැවසීය.

    සියලු පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක අවශ්‍යතා කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

     ආබාධ සහිත දරුවන් සමාජගත කිරීමට ඉවහල් වනු අයුරින් ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය පිණිස විශේෂ අධ්‍යාපන ඒකක දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ. එවැනි දරුවන් සිටින පවුල් පත්ව සිටින මානසික සහ ආර්ථික කඩාවැටීමෙන් ඔවුන් මුදා ගැනීමට මූල්‍යමය දායකත්වය දිය යුතු බව  බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස  කාන්තාව පිළිබඳ ජාතික කමිටුවක අවශ්‍යතාව සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම අද රැස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

    අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය පිළිබඳවත් අවධානය යාමු විය.

    පංති කාමරයෙන් පිටව යන දරුවා තම පුටුව සහ මේසය නිසි අයුරින් තබා යාමට පුරුදු කිරීමේ සිට  රටට, සමාජයට ආදරය කරන ආකල්පමය වෙනසක් සහිත පුරවැසියෙකු බවට පත් කෙරෙන අධ්‍යාපනයක් සකසන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

     ඡායාරූප : ශාමික වක්වැල්ල | උපුල් නිලංග  – ( ජනාධිපති මාධ්ය අංශය)

  • ලංකාව පරිසරය මරා දමමින් සිටිනවා – රෝහිණී කවිරත්න

    ලංකාව පරිසරය මරා දමමින් සිටිනවා – රෝහිණී කවිරත්න

    මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර.  මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි  මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

    සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු  කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ,  ‘‘ගාල්ල, මාතර, හම්බන්තොට තමයි මේ ආණ්ඩුවට වැඩියෙන්ම ඡන්දය දුන්නේ.  ඒ ඡන්ද අරගෙන හම්බන්තොට අලි සංරක්ෂිතය කෙරවලක ඉදන් සුද්ධ කරනවා.  ගාල්ල – මාතර සිදුවන විනාශය ගැන මෙතැන කරුණු කිව්වා. 

    ලෝකයට ගස්, වැල් පරිසරය ආරක්ෂා කරන හරිත දේශපාලනයකට යොමු වන අතර, ලංකාව පරිසරය මරා දමමින් සිටිනවා.  ලංකාවේ සංරක්ෂිත වනාන්තරවලට අමතරව හෙක්ටාර 694000 ක් වන බිමක් අවශේෂ වනාත්තර විදිහට තියෙනවා.  නිල්ගල වනය, විතරයක් නෙවෙයි කිකිළියමාන කන්ද, කිරිබත්ගල අයත්වන්නෙත් අවශේෂ වනාන්තරවලට. වතු වගාව නිසා සිදු වූ විනාශය වලක්වන්නට එදා යුරෝපා ජාතීන් 1885/10 දරණ දැව හෙළිවේ සහ වානාන්තර හෙළි කිරීමේ ආඥා පනත ගෙනාවා.  එයින්, රටේම වනාන්තර ආරක්ෂා වුණා.  5/2001 චක්‍ර ලේඛනය නිසා ආරක්ෂා වු ඉඩම්  රාජපක්ෂ සමයේ 2/2006 වක්‍ර ලේඛනය මගින් නිදහස් කරන්නට උත්සහ ගත්තා.  අනුරාධපුර විතරයක් හෙක්ටාර 25,000 ක් ගොවිතැනට කියලා නිදහස් කරන්නට යනවා. හම්බන්තොට අලි මංකඩ අක්කර 15,000 ක් ද මෙයට ඇතුළත්.  මේ විනාශ කරන්නේ රටේ වනාන්තර ටික විතරක් නෙවෙයි.  රටේ ඉතිරිවෙලා තියෙන, අලි ඇත්තු ඇතුළු වන ජීවින් ද එක්කයි.  මේ හිනිදුම අල්ලපු වැටේ සිංහරාජය පුළුල් කරන්න ගැසට් නිවේදනයක් සකස් කලා.  එය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට උවමනාවත් තිබුණේ නෑ. දැන් ඒක මැදින් පාරක් කපනවා. 

    මුළු රටේම තියෙන වටිනාම ඉඩම්, දේශපාලන හයිය අරගෙන උදුරා ගන්නවා.  කියන්නේ නම්, කෘෂිකර් මාන්තයට ඉඩම් දෙනවා කියලයි.  2006 දී  වන සම්පත් හ පරිසර අමාත්‍යාංශයේ ලේකම් එන්.පත්මනාදන් “නොවටිනා වශයෙන් පවත්නා කැලෑ ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කිරීම පිණිස‘‘ උත්සහ කළා. ප්‍රා දේශීය ලේකම්වරුන්ට දැන් පුදුමාකාර විදිහට දේශපාලන බලපෑම් එල්ල වෙනවා.  ඔවුන්ට තනියෙන් වනාන්තර රකින්න බෑ. දේශපාලනඥයෝ ඉඩම් බෙදා දෙන්න බලපෑම් කරනවා. බහුජාතික සමාගම්වලට රට පුරාම ඉඩම් කුණු කොල්ලයට ලබා දෙන්නට කටයුතු කරනවා.

    බල ලෝභයයි, ධන ලෝභය යි රටේ ස්වභාවික සම්පත් විනාශ කරමින් සිටිනවා.  මෙය වැලැක්වීම සඳහා සියළු දෙනා මැදිහත් විය යුතු යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

  • දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවෙයි

    දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවෙයි

    රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන (2015-2019) කමිටුවේ නව සභාපති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර එතුමා කථානායක ධූරයට පත්වීමත් සමඟ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත් කෙරිණි.

    නව සභාපතිවරයා පත්වීමෙන් පසු පැවති පළමු හමුව මෙය වේ.

    රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 කි. ඉන් අභියාචනා 2365ක් කමිටුවට සෘජුවම ලැබී තිබේ.

    2015-2019 කාලයේ රාජ්‍ය සේවය තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කමිටුවට පත් කර තිබිණි. මෙම කමිටුවේ මූලික වාර්තාව පසුගිය දා අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නේය.

    මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අතිරේක ලේකම් චමින්ද කුලරත්න, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ, කමිටු සාමාජිකයින් වන ඒ.ඒ.ආරියරත්න සහ මහින්ද සෙනවිරත්න මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

  • ලෝකයේ කිසිම රටක් විගණකාධිපතිට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ

    ලෝකයේ කිසිම රටක් විගණකාධිපතිට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ

    20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ.  ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට උත්සහ කරලා නෑ. 

    20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෝකයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකල මුල්‍ය විනිවිද භාවය අහෝසි කිරීමේ උත්සාහයක් ගත් ලියවිල්ලක් ලෙස ඉතිහාසයට එක් වනු ඇතැයි ද තෙන්නකෝන් මහතා පවසයි. 

    ලෙකෝ, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකන්, ලෙට්රෝ ගෑස්, ලංකා සතොස, ගල්අගුරු සමාගම, වතු සමාගම් ඇතුළු ආයතන 127 ක් විගණනාධිපතිවරයාගෙන් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා.  අපි දැක්කා, දඹර අමිල හිමියන්ට ලෙට්රෝ ගෑස් සමාගමෙන් දීමනා ගෙවන කොට විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් බව.

    මේ සමාගම් කොළඹ හෝටල් හදන්න ගිහින් සිදු කරපු දුෂණ වංචා හෙළි වුණේ විගණකාධිපතිවරයා නිසයි.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා දුෂණ හෙළිකළේ විගණකාධිපතිවරයා යි.  බැදුම්කර වංචාව ගැන විගණකාධිපතිවරය සිදු කළ විමර්ශන නිසා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, එදා විගණකාධිපති ගේ වැටුප් ගෙවන එක පවා නවත්වන්න උත්සහ කළා.  හැබැයි, 19 න් විගණන කොමිසම පිහිටුවන්නට එදා ආණ්ඩුවට සිද්ධ වුනේ ජනතාවගේ බලපෑම නිසයි.  නැතිව, අගමැතිවරයා ගේ කැමැත්ත නිසා නෙවෙයි.

    මේ රටේ කොයි පුරවැසියා ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරන්නට යෝජනා කළේ?  කවුරුවත් මේ රටේ විගණන ක්‍රියාවලිය අඩපන කරන්න ඡන්දය ඉල්ලුවේ වත්, ඡන්දය දුන්නේ වත් නෑ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කළ යුතු වෙනවා.  රටේ ම තියෙන සම්පත් මේ ආයතන දෙකට ඕනෑම වෙලාවක ගෙන්වා ගන්නට පුළුවන්.  ජනාධිපති, අගමැතිටවත් තමන්ගේ කාර්යාලය විගණනයෙන් ඉවත් කරන උවමනාවක් තියෙන්න බෑ.    

    20 කොත්තුවක් කියලා මාධ්‍ය වේදී  කුසල් පෙරේරා කියලා තිබුණා.  අපිට කොත්තුගේ ගුණ අගුණ වගේම, මේ කොත්තු බාස් හොයා ගන්නත් ඕනි.   ලෝක ඉතිහාසයේ පළමු වරට  විගණකාධිපතිගේ බලය කපන්න යෝජනා කරපු ව්‍යවස්ථා විශාරදයාගේ නමින් පිළිරුවක් දියත උයනේ විගණකාධිපති ගේ කාර්යාලය ඉස්සරහ හදන්න ඕනි යැයි ද තෙන්නකෝන් මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.

  • එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 පතුරු ගසයි

    එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 පතුරු ගසයි

    ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ (Michelle Bachelet) මහත්මිය පැවසුවාය.

    එහිදී ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමයට සහ ප්‍රතිසංධානයට එල්ල වී ඇති තර්ජන වළක්වා ගැනීම සදහා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස තමා මානව හිමිකම් පිළිබද කොමිෂමෙන් ඉල්ලා සිටින බවයි. ” ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වෙමින් පවතින අතර ඔවුන් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා.

    යෝජනාවී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වු හමුදා සෙබලෙකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමිවුණා. වැදගත් සිවිල් තනතුරුවලට යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වු බවට චෝදනා ලබාසිටි හමුදා නිලධාරින් පත්කර තිබෙනවා‘ යැයි ද ඇය වැඩි දුරටත් පැවසුවාය.