Category: සුපිරි Politics

  • 20ත් හරියට එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ – රෝහිණී කවිරත්න

    20ත් හරියට එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ – රෝහිණී කවිරත්න

    ‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා.  තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි මාතලේ පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට දී පැවසුවාය.

    කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ,  20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා.  අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි.අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කලාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි. 

    ඒ විදිහට පාර් ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. 

    විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා. 

    මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රු. ලක්ෂයකට දඩයක් ගහන්න, වසර 3 ක සිර දඩුවමක් දෙන්න දැන් පුළුවන්.  මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි.  මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේ දී කැපුවා.  දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවට ද? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද? කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය‘ කියලා කියනවා.  මේ වගන්තියට ඉවත් කරලා තියෙනවා.  මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ.  ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ.  කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්‘ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය. 

  • 20 වැනි සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

    20 වැනි සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15)5 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

    කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

    විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අගමැතිවරයා දැනුවත් කළේය.

    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අගමැතිවරයා මෙම කමිටුව පසුගිය දා පත් කර තිබිණි.

  • එජාප නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධනට – සටනට ආ රවී පරාදයි

    එජාප නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධනට – සටනට ආ රවී පරාදයි

    අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා.

    එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෑණා කෙනෙකු වන රුවන් විජේවර්ධන විජය පුවත්පත් සමාගමේ හිමිකරු රංජිත් විජේවර්ධන මහතාගේ පුතුයෙකු ද වෙනවා.

    එජාප නායකයා තමා බෑණා වන රුවන් විජේවර්ධන පක්ෂ නායකත්වයට රැගෙන එනු ඇති බවට කාලයක් තිස්සේ මතයක් තිබුණා.

    මේ ගැන අප කළ විමසීමේදී එජාපයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම පාක්ෂිකයින් ද සදහන් කළේ එය ඉතාම ‘බාල වර්ගයේ‘ තෝරා ගැනීමක් බවයි.

  • රජයේ ඉදිරි ගමනට සහාය වන්න –  ජනපති වියත්මගෙන් ඉල්ලයි

    රජයේ ඉදිරි ගමනට සහාය වන්න – ජනපති වියත්මගෙන් ඉල්ලයි

    රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.

    “වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.  2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග”  ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.

    දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස ඊයේ (13) පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ ජනාධිපතිවරයා එසේ පැවසීය.

    ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමා “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

    උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය.

    “වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

  • 20 සංශෝධනයේ කර්තෘ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්

    20 සංශෝධනයේ කර්තෘ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්

    20 වන ව්‍යවස්ථා සංශෝධනය කරුණා – පිල්ලෙයාන් වගේ මරාගෙන මැරෙන්න පුුරුදු වූ කෙනෙකුගේ වැඩක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා විශාරදයෙකු ගේ නිර්මාණයක් වෙන්න බෑ.  20 සංශෝධනයේ කර් තෘ හැංගිලා.   නීතිය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය ගැන හැගීමක්, අවබෝධයක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කිසිම ව්‍යවස්ථා විශාරදයෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් සකස් කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර් ති තෙන්නකෝන් මහතා පවසයි.

    අද (13) නාරාහේන්පිට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තෙන්නකෝන් මහතා පැවසූවේ, 20 සංශෝධනයෙන් ගෙනෙන්නේ මේ රටේ කවුරුවත් ඉල්ලපු දේවල් නෙවෙයි.  ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරන්න ‘ජාතික විගනණ කොමිසම‘ වහන්න ඕනි ද?  ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහන්න ඕනි ද? මේ රටේ කවුරුවත් ජනාධිපති කාර් යාලය, අගමැති කාර් යාලය විගණනයෙන් ඉවත් කරන්න ඉල්ලනවා ද? මේ වගන්ති ලිව්වේ කවුද? කාගේ අවශ්‍යතාවයට ද, මේවා 20ට ඇතුළත් කළේ යැයි?  මේ රටේ ජනතාව දැනගත යුතු යැයි ද තෙන්නකෝන් මහතා පවසයි.

    ආණ්ඩුවේ නලීන් සිල්වා, ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අසංග නවරත්න, විමල් වීරවංශ පමණක් නොවෙයි රාජපක්ස පවුලේ සමීපතම මන්ත්‍රීවරු පවා මේ සංශෝධනයට විරුද්ධයි.  ශ්‍රීලනිප මෙයට විරුද්ධ වේ යැයි මම සිතන්නේ නෑ. නමුත්, ආණ්ඩු පක්ෂ කණ්ඩායම තුලම මෙයට විරුද්ධව මතයක් දැන් ඇති වෙලා තියෙනවා. යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

    අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස සම්ප්‍රදායක් ලෙස පත් කරනු ලැබූවේම අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනා යි. මේ රටේ කවුරුත් කණිෂ්ඨ විනිසුරුවරු ‘අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කරන්න කියලා ඉල්ලා තියෙනවා ද? මෙවැනි කටයුතු වලින් සිදුවෙන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු ගෝඨාභය ජනාධිපතිවරයාත්, මේ රටේ අදටත් ජනප්‍රියම දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ මහතාත් දේශපාලන විනාශ කිරීමට පාර කැපීම පමණයි. 

    20 වගේ බලකාමී ලියවිල්ලක් ලියන්නට පුළුවන් කරුණා – පිල්ලෙයාන් වගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කළ අයෙකුට පමණයි.  ආණ්ඩුක්‍රම විශාරදයෙකුට,  විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර තුලන හා සංචරණ ක්‍රියාවලිය ගැන විශ්වාස කරන කිසිවෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් ලියන්නේ නෑ.

    වත්මන් ව්‍යවස්ථාවේ 33 වගන්තියේ තියෙනවා, ජනාධිපතිවරයා ගේ කාර්යය විය යුත්තේ,

    ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,

    නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීමට සඳහා උචිත වාතාවරණය නිර් මානය කිරීම කියලා.

    මේ රටේ කවුරුත්, ජනාධිපතිවරයා ‘ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවයෙන්‘ ඉවත් කරන්න ඉල්ලා සිටියා ද?

    නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර් මානය කිරීමෙන් ඉවත් කරන්නට යෝජනා කළා ද? මේ වගේ යෝජනාවලින් ගම්‍ය වන්නේ කුමක් ද? ජනාධිපතිවරයා මෙවැනි ‘ජාතික ප්‍රතිසන්ධානයට, ජාතික ඒකාබද්ධතාවයට, ‘නිදහස් හා සාධාරණ මැතිවරණවලට‘ අකමැති බව කියන්නට නේද?

    මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නට පුළුවන්ම ‘කරුණා – පිල්ලෙයාන් වගේ තමනුත් මරාගෙන, තමන්ගේ හතරවටේ ඉන්න හැමෝම මරාදමන්නට සුදානම් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට පමණයි.

    අදත්, මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බව එතුමාගේ විරුද්ධවාදීන් පවා පිළිගන්නවා.  වරක් අගමැති ආර්.ප්‍රේමදාස මහතා කිව්වා, තමන් ගේ අගමැතිකම පියන් තනතුරක් වගේ බව.  ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවේ පියන් අගමැති, විධායක අගමැති මට්ටමට ගෙනාවේ 19 යි.  අගමැතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය, කලින් හිටපු රත්නසිරි වික්‍රමනායක, දී.මු. ජයරත්න ට විතරක් නෙවෙයි, අර ලෙඩ ඇදේ හිටපු සිරිමා බණ්ඩාරනායක මහත්මියටත් වඩා අඩු කරන්න යෝජනා කිරීමෙන් මේ රටට සිදුවන යහපත කුමක් ද? අගැමතිවරයාට විතරයක් නෙවෙයි කැබිනට් මණ්ඩලයට තිබෙන බලතල විශාල ප්‍රමාණයක් 20 සංශෝධනයෙක් කපා දමා තිබෙනවා. 20 සම්මත වුනොත්, මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලය නැවත ‘පියන්‘ ගේ තත්වයටම වැටෙනව.  මේ රටේ කවුරුත් අගමැති මහින්ද මහත්තයා පියන් කෙරෙක් කරන්න ඉල්ලලා තියෙනවා ද?

    මේ රටේ කවුරුවත්, ඇමති මණ්ඩලය 30 ට වැඩිය අසීමිතව වැඩි කරන්නට ඉල්ලනවා ද?  රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක සැරයක් හිටියා වගේ සීයයට වැඩි ගානක් පත් කරන්න ඉල්ලනවා ද? නැතිනම්, ආමත්‍ය මණ්ඩලය අඩු කරන්නට ද ඉල්ලන්නේ?  2015 ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා විනාශ වුනේ අති විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට එල්ල වූ ජනතාව විරෝධය නිසා කියලා 20 සංශෝධනය ලියපු අයට අමතක වෙලා තියෙනවා. 

    20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුද්දකට පස්සේ පාර් ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා.  70 (1) වගන්තියෙන්, අවුරුදු 5 කින් විිසුරුවන්න ජනතාව ඡන්දය දෙන ආණ්ඩුව අවුරුද්දකට පස්සේ විසිරුවන්න ජනාධිපතිට බලය දෙන්න මේ රටේ කවුරුහරි ඉල්ලුවා ද? මේවා කාගේ උවමනාවට ලියන දේවල් ද?

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අහේසි කරනවා කියන්නේ 

    ජනාධිපතිවරයාගේ විධායක බලය සීමා කරන වගන්ති 13 ක්
    විධායකය, පාර් ලිමේන්තුව, අධිකරණය කියන ආයතන අතර තුලන හා සංචරනය ක්‍රියාවලිය පාලනය කරන වගන්ති 26 ක්,

    මානව හිමිකම් පිළිබඳ වගන්තියක්

    අගමැති හා කැබිනට් මණ්ඩලයට බලය ජනාධිපතිවරයාගේ බලය ලබා දුන් වගන්ති 3 ක්, කියන සියල්ලම අහෝසි කිරීමක්.

    මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලය අඩු කරන්න ජනමත විචාරණයක් තිබ්බොත් මේ රටේ මිනිසුන් එයට අනිවාර්යයෙන්ම පරද්දනවා. මොකද එතුමා තවමත් මේ රටේ ජනප්‍රිතම දේශපාලනඥයා නිසා.

    කවුද මේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම දේශපාලනිකව විනාශ කරන 20 වන සංශෝධනය ලිව්වේ?

    මේ රටේ රාජ්‍ය සේවයට පැමිණෙන කම්රුවෙක් වුනත් 53 වන වගන්තියේ 7 වන උප ලේඛනයේ තියෙන මේ රට බෙදන්නේ නෑ කියන දිවුරුම ලබා දෙනවා. දැන් ඒකත් අයින් කරලා.  මේවැනි උවමනාවක් තියෙන්න පුළුවන් පිල්ලෙයාන් – කරුණා අම්මාන් ට වගේ මරාගෙන මැරෙන්න පුහුණු කරපු අයට විතරයි.

    පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒම, නැවැත්වීම අත්‍යවශ්‍යයි.  ඉතිහාසය පුරාම ගෙනපු හදිසි පනත් මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. 

    නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදය දිලා තියෙන දින 14 ක කාලය, දින 7 දක්වා අඩු කරන්නේ  සංශෝධනය ලිපිය කවුරුහරි බල උන්මත්තකයෙක් මිසක් මහජන වරමක් තියෙන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ගේ අවශ්‍යතාවයට වෙන්න බෑ.

    මම දැක්කා, මේ ආණ්ඩුව හදන්න මැදිහත් වුණු බල කේන්ද්‍ර යේ ඉන්නවා කියලා අපි හිතාගෙන හිටපු ගුණදාස අමරසේකර, නලීන් සිල්වා වගේ අය පවා මේ යෝජනාවලට විරුද්ධ වෙනවා.

    මේ මරාගෙන මැරෙන 20 වන සංශෝධනය ගුණදාස අමරසේකර ලා, බල කේන්ද්‍ර යෙන් පරිධියටම තල්ලු කරලා දාලා තියෙනවා. දැන්, බල කේන්ද්‍ර යේ ඉදන්, මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයට මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලියවිල්ල සකස් කළේ කවුද කියලා දැනගන්න පොහොට්ටුවට ඡන්දය දුන් සෑම රටවැසියෙකුට අයිතියක් තියෙනවා.

    විගණකාධිපතිගේ ඉරණම

    ලෙකෝ, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකන්, ලෙට්රෝ ගෑස්, ලංකා සතොස, ගල්අගුරු සමාගම, වතු සමාගම්  මෑත කාලයේ දුෂණ වංචා පිළිබඳ චෝදනා එල්ලවූ ආයතන වෙනවා.  20 න් මෙවැනි ආයතන 127 ක් විගණනය කිරීමට ඇති බලය විගණකාධිපතිගෙන් ඉවත් කරලා තියෙනවා. ලෙකෝ, ලෙට්රෝ ආයතන කාගේ කාගේ හරි බිල් ගෙවන එකයි මේකෙන් වෙන්නේ.  බංකොලොත් වෙන එකයි මේකෙන් වෙන්නේ.  මේ ආයතන ටික මරාගෙන මැරෙන්න හදන කෙනෙකුට මිසක් මෙවැනි යෝජනාවක් කරන්න පුළුවන් ද?

    ජනාධිපති, අගමැති කාර් යාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ විගණනය කළ යුතු ආයතන වෙනවා. සිල්රෙදි වගේ වැඩක් දෙන්නට නොවේ නම්, ඇයි මේ වගන්ති ඇතුළත් කරන්නේ.  ජනාධිපති ලේකම්, අගමැති ලේකම් මරාගෙන මැරෙන්න නොවේ නම්, ආයෙත් සැරයක් හිරේ දාන්න නේද මේ උත්සහ කරන්නේ?

  • 20 අවුල් ?: අගමැතිගෙන් කමිටුවක් – සභාපති ජී.එල් පීරිස්

    20 අවුල් ?: අගමැතිගෙන් කමිටුවක් – සභාපති ජී.එල් පීරිස්

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත  කමිටුවක් පත් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද (12) දින පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.

    කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ.

    1. අමාත්‍ය ජී.එල්.පීරිස්
    2. අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල
    3. ගරු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි
    4. ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
    5. ගරු අමාත්‍ය විමල් වීරවංශ
    6. ගරු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
    7. ගරු රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන්
    8. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා
    9. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

    මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින ගරු අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිතය.           

  • Supiri Politacal Week – සජිත් පුවත්පත් කතුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

    Supiri Politacal Week – සජිත් පුවත්පත් කතුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

    සටහන – ගජබා නාගහවත්ත

    පසුගිය සතියේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විපක්ෂ නායක සජිත් ගිය ඉරිදා අගරදගුරුතුමා හමුවූවේය.ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

    “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු ගැන ඔබ කළ කැපවීම අගයනවා. රට ගැන මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනත් අවධානයෙන් ක්‍රියාකරන බව පේන නිසා මම ඔබට ආශිර්වාද කරනවා.” අගරදගුරු හිමියන් කීවේය.

    සදුදා සවස ස.ජ.බ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදි කිහිප දෙනෙකු ඇසුවේ 20 ගැන අපේ ස්ථාවරය කෙබදු විය යුතුද යන්නය. 19 හා 20 ගැන සංසන්දනාත්මක නිති විග්‍රහයක් සිදු කිරීමට නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැමිණ තිබින.

    අනතුරුව 20 ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දැඩි විරෝධයක් පළ කිරීමට තීන්දු කෙරින. ඒ සදහා ස.ජ.බ දෙමළ හා මුස්ලිම් නියෝජිතයන්ගේ ද පූර්ණ සහාය පළ වීම විශේෂත්වයක් විය. රට තුළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා 2015 දී සෝභිත නාහිමි කළ කැපවීම සිහිපත් කිරීම සදහා උන්වහන්සේගේ අපේගම පරිශ්‍රය අභියස ඇති පිළිරුව අබියස 20 ට එරෙහි විරෝධතාව ආරම්භ කිරීමටත් එහිදි තීන්දු විය. ඒ අනුව පසුගිය අගහරුවාදා එම විරෝධතාව සාර්ථකව පැවැත්විනි.

    අගහරුවාදා උදේ මාකස් මාවතේ විපක්ෂ කාර්යාලයේදි පුවත් පත් කර්තෘවරුන් හා විපක්ෂ නායක සජිත් අතර උදෑසන ආහාර ගැනීමේ හමුවක් පැවැත්විනි.

    “ඒකාධිපති 20 ට අපි විරුද්ධ මේ රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතලයි. දැන් ඡන්ද අවසන් නිසා ජනමාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.” සජිත්ගේ ඉල්ලීම එය විය.

    එදින සවස මිනිමැරුමක වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතව තිබින. ඒ සදහා දැඩි විරෝධයක් සංවිධානය කිරීම සදහා වගකීම් බාර ගත්තේ හරීන් ප්‍රනාන්දුය. සාටක ලෙස සැකසු කළු පටි විරෝධතාවක් දැක්වීමටත් ඒවා රැගෙන ඒමේ වගකීම බාර ගත්තේ ද හරීන්ය.

    ඒ අනුව කළු පටි සාටක පැළදු ස.ජ.බ පිරිස ප්‍රේමලාල්ගේ දිවුරුමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පාර්ලිමේන්තුව තුළ පැවැත්විය. කිරිඇල්ල, ෆොන්සේකා හා හරීන් උද්වේගකර කතාද පැවැත්වීය.

    “2010 දී මන්ත්‍රී ෆොන්සේකා පාර්ලිමේන්තු ගේනවට විරුද්ධව නීති විශාරද ජි.එල් පීරිස් තර්කයක් ගෙනාවා. ව්‍යවස්ථාවේ 89 (ඈ) තර්කය මත උසාවියකින් වරදකරුවෙකු වූ කෙනෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව ඔහු එදා කිව්වා. කතානායකට අභිමතයක් නෑ වහාම පාර්ලිමේන්තු ලේකම් ඒ මන්ත්‍රීධූරය අහෝසි බව මැතිවරණ කොමසාරිස්ට දැන්විය යුතුයි කියලාත් ඔහු එදා කිව්වා. එදා ඒ තර්කය හරි ගියා. ෆොන්සේකාට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැ. එහෙනම් ප්‍රේමලාල් අද පාර්ලිමේන්තු ආවේ කොහොමද කියලා ජි.එල් අපිට උත්තර දෙන්න ඕනේ.” ලක්ෂ්මන් කිරිඇල්ල මතු කළ දැවැන්ත තර්කය හමුවේ ජි.එල් පිරිස් නිහඩව සිටියා මිසක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නැත.

    ප්‍රේමලාල් දිවුරුම් දෙන අවස්ථාවේදී මෙන්ම ඔහු සභාව අමතා කතා කරන අවස්ථාවේදී ද ස.ජ. බ මන්ත්‍රී කණ්ඩායම සබා ගැබෙන් ඉවත්වීම ද විශේෂත්වයකි.

    විපක්ෂ නායක සජිත් ඇතැම් අවස්ථාවල පක්ෂ නායකයන්ට නොදන්නවා අතුරුදහන් වීම පිළිබදවද ස.ජ.බ තුළ තිබුණේ විචිකිච්ඡාවකි. එහෙත් එම රහස පසුගිය දා එළිදුටු විට සියළු දෙනාම මහත් විමතියට පත්විය. එදා සිටම කැලයේ ගහ කොල සතා සිව්පාවා ඇතුළු පරිසරයට වඩාත් ඇළුම් කළ සජිත් කාටත් නොකියා අතුරුදහන් වීමේ හේතුව වූවේ ඔහුට සුපුරුදු යාල හා වෙනත් කැලෑවල සංචාරය කිරීම ගහ කොල හා වන සතුන් නැරඹීම මෙන්ම පරිසරයට ඇළුම් කිරීමට ඔහු කාටත් රහසේ ක්‍රියාකර තිබීමය. එසේම ඔහු පසුගිය දා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය.

    “ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නේ 19 විනාශ කරලා ඒකාධිපති 20 ගේන්න නෙවෙයි. ඒ වගේම සිංහරාජය, ආනවිලුන්දාව හා වනාතවිල්ලුවේ අක්කර සිය ගණනක පරිසරය ගහ කොල සතා සිවුපාවා විනාශ කරන්නට නෙවෙයි. මේ පිටුපස පොහොට්ටුවේ දේශපාලකයන් ඉන්නා බවට චෝදනා තියෙනවා. ඒත් ආණ්ඩුවේ බලවතුන් මේ ගැන පියවර ගන්නේ නැහැ. අන්තිමට වැරදිකාරයා වෙන්නේ ඩෝසර් එකද?” සජිත් ප්‍රශ්න කළේ ඉතා හැගීම්බරවය.

    පාස්කු ප්‍රහාරය කොමිසමට ගියපු හකීම් කියලා තියෙන්නේ අයි.එස්.අයි.එස් නොව මේ රටේ අදිසි බලවේගයක් සහරාන් පාවිච්චි කරලා පාස්කු ප්‍රහාරය කළ බවය. ඔවුන් සහරාන් ඉත්තෙක් කරගත් බවත් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුවූ නිසා යළිත් එවැනි ප්‍රහාර ලංකාවේ සිදුවීමේ කිසිදු ඉඩක් නැති බවත් ඔහුගේ ස්ථාවරය වී තිබේ. එම අදිසි බලවේගය කව්දැයි ජනමාධ්‍ය නොමැති අවස්ථාවක එළි කළ හැකි බවද හකීම් කියා තිබින. එම කොමිසම හමුවට ගිය මන්ත්‍රී මුජුබර් රහුමන් කීවේ ඉන්දියාවට පැන ගිය සාරා නම් කාන්තාව ගෙනඒමට රජය උනන්දු නැත්තේ ඇයිද කියාය. ඇය සැගව සිටීමට කාගේ අනුග්‍රහය ලැබෙනවා දැයි අප ප්‍රශ්න කරන බවද මුජුබර් ජනමාධ්‍ය හමුවේද ප්‍රශ්න කළේය.

    “20 වෙනි සංශෝධනය කැබිනට් එකට ආපු වෙලාවේ ඒකේ විශේෂ සටහනක් තිබිලා තියෙනවා. මෙය අනුමත කිරිමට මිස සාකච්ඡා කිරීමට නොවේ කියලා එහි සදහන් වෙලා තිබෙනවා. පවුලේ ඒකාධිපතිත්වය අද සමස්ත ජනතාවට විතරක් නොවෙයි කැබිනට් එකටත් විශාල අභියෝගයක් වෙලා.” මරික්කාර් කීවේ එවැන්නකි.

    පසුගිය දා ස.ජ.බ තීන්දු කළේ ඔවුන්ට වඩාත්ම අවාසි සහගතවූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කොට රටපුරා බිම්මට්ටමේ දැවැන්ත දේශපාලන වැඩපිළීවෙලක් දියත් කිරීමය ඒ සදහා විපක්ෂ නායක සජිත් ඇතුළු සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම 19 හා 20 දා සිදුකිරීමට තීන්දු විය. තවද ගාල්ල මාතර දිස්ත්‍රික් දෙකේ මන්ත්‍රීවරු හා ස.ජ.බ සංවිධායකවරු ගේ විශේෂ රැස්වීමක් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් මාකස් මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදි පැවැති අතර ඊට මද්දුමබණ්ඩාර, තිස්ස හා හරීන් ප්‍රනාන්දු ද එක් වූහ. තවද ස.ජ.බ වෘත්තීය සමිත් ජාලයත් ස්ථාපිත කිරීමේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් ස.ජ.බ කෝට්ටේ කාර්යාලයේදි දියත් වූවේ වෘත්තිය සමිති ප්‍රබලයන් රැසකගේ සහභාගීත්වයෙනි. මද්දුමබණ්ඩාර හා තිස්ස ඒ සදහා එක්වූහ.

    සටහන – ගජබා නාගහවත්ත

  • Supiri Politics Week: එජාපයේ අනාගතය ගැන රනිල් කළ විශේෂ හෙළිදරව්ව !

    Supiri Politics Week: එජාපයේ අනාගතය ගැන රනිල් කළ විශේෂ හෙළිදරව්ව !

    සටහන – ගජබා නාගහවත්ත

    එ.ජා.ප නායකත්වය හා ජාතික ලැයිස්තු අර්බුදයට අවසන් විසදුම් ලැබී නැති හෙයින් නායක රනිල් සිරිකොත මෙන්ම වෙනත් ස්ථානවලට ගිය විටද බොහෝ දෙනෙකු විමසන්නේ ඒ පිළිබදවය.

    “ජාතික ලැයිස්තුව පත් කිරීමට කලින් අනිත් ප්‍රශ්න විසද ගන්න ඕනේ. ඒකට සියළු දෙනා එක්ක කතා කරනවා. පක්ෂ සභාපති හා නියෝජ්‍ය නායක ආදී ප්‍රධාන තනතුරු මාස දෙකකට වඩා හිස්ව තියන්නත් බැහැ. නව උපක්‍රම හරහා පක්ෂ ප්‍රතිසංවිධානය ගැනත් අවධානය යොමු කරනවා.” නායකයා පිළිතුරු දුන්නේය.

    “එ.ජා.ප මහාලේකම් නායකත්වයත් ඉල්ලුවා. ඔහු දිගටම වැඩකරනවාද?” එය නායකයාට යොමුවූ තවත් ප්‍රශ්නයකි.

    “අකිල නායකත්වයට ඒම් කලාට දැන් එතන නෑ වගෙයි පේන්නේ. මහාලේකම්කමටත් පූර්ණ කාලීන කෙනෙක් පත් කරන්නයි යෝජනා තියෙනවා. වෙනසක් වුනොත් අකිලට දෙන තනතුර ගැන වෙනමම හිතන්න වේවි. දිගටම තනතුරු පුරප්පුඩු තියාගෙන පක්ෂය අඩපණ කරන්න බෑ. පළාත් සභා ආවොත් ඒකට මුහුණ දෙන්න තියෙනවා.” නායකයාගෙන් ඊට ලැබුනේ එවැනි ප්‍රතිචාරයකි.

    ප්‍රේමලාල් පාර්ලිමේන්තු ගෙන ඒම ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට නීතිමය පදනමක් තියේද කියන එකයි වැදගත් වෙන්නේ. විපක්ෂය මතු පිටින් අත ගාන විරෝධතා දක්වලා බෑ.

    “පළාත් සභා ගැනයි, බැසිල් පාර්ලිමේන්තු ගෙන ඒම ගැනයි ආණ්ඩුව ඇතුලේ ගිනියම් වෙලා කියලා ආරංචියි. ඒ වගේම 20 වෙනි සංශෝධනය හා ප්‍රේමලාල් පාර්ලිමේන්තු ගෙන ඒම ගැනත් ආණ්ඩුව ඇතුලේ මත දෙකක් තියෙනවා නේද?” එය නායකයාට යොමු වූ තවත් ප්‍රශ්නයකි.

    “ප්‍රේමලාල් පාර්ලිමේන්තු ගෙන ඒම ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට නීතිමය පදනමක් තියේද කියන එකයි වැදගත් වෙන්නේ. විපක්ෂය මතු පිටින් අත ගාන විරෝධතා දක්වලා බෑ. නීතිමය පදනමක් තුල කටයුතු කිරීම හා සදාචාරාත්මක හා නිවැරදි දේ කරන්න කතානායකට බල කරන තත්ත්වයකුයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ආණ්ඩුවට තුනෙන් දෙක තිබුණා කියලා 19 යේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය විනාශ කිරීමට හා වරදකරුවෙකු පාර්ලිමේන්තු ගෙනඒම සුදුසු දැයි සමාජය නගන ප්‍රශ්නවලින් පලා යන්න බෑ.” නායකයාගේ විග්‍රහය එය විය.

    2010 දී සිරගතව සිටි මන්ත්‍රී සරත් ෆොන්‍සේකා පාර්ලිමේන්තු ගෙන ඒමට එරෙහිව ජි.එල් පීරිස් නැගු 89 (ඈ) තර්කය මත පදනම්ව ප්‍රේමලාල් ජයසේකර කිසිසේත්ම පාර්ලිමේන්තු ගෙන ආ නොහැකි බවට විශාල තර්ක පවතියි. සිරිකොතේදි ඒ ගැන අදහස් පළ කළ එ.ජා.ප නීති නිලධාරියෙකු කීවේ අමතු කතාවකි.

    “ජි.එල් ගේ නීති තර්ක හැමදාම අනාථ වුනා. චන්ද්‍රිකාගේ පැකේජ් එකටත් අත්වූ ඉරණම රටට මතකයි. ඒ නිසා ඔහුගේ 89 (ඈ) තර්කයත් කතාවක් විතරයි. ඒ වගේම එංගලන්තය, ඉන්දියාව වැනි රටවල් වල පූර්වාදර්ශ හා නිතිමය පදනමයි බැලිය යුත්තේ. තුනෙන් දෙකක් තිබුණා කියා සියල්ල බැරි බව ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. තුනෙන් දෙකක් ලැබුණහම ආණ්ඩුවකට එය ශක්තියක් වගේම විනාශයක ආරම්භයක් බවත් ඒකාන්තයි. විපක්ෂයට කරන්න පුළුවන් සමාජ මතයක් හැදීම විතරයි.” එහිදි කියවින.

    2015 පරාජයේදී මහින්ද, ගෝඨාභය හා නාමල් රටතුල සිටියදී බැසිල් රටින් පිටව යාමත් ඊට පෙර ගාමිණි දිසානායක සමග එ.ජා.ප යේ සිටි අවස්ථාවේදීත් ගාමිණිගේ වැටීමත් සමග ඔහු රට හැර යාම වැනි කරුණු බැසිල්ට අවාසි සහගත ලෙස බලපාන බවද එහිදි සංවාදයට ලක්විය.

    තවද ආණ්ඩුව තුල මෙන්ම පිටතත් බැසිල් ට එරෙහි විශාල විරෝධතා පවතින බවටද එහිදි මත පළවිය. 2015 පරාජයේදී මහින්ද, ගෝඨාභය හා නාමල් රටතුල සිටියදී බැසිල් රටින් පිටව යාමත් ඊට පෙර ගාමිණි දිසානායක සමග එ.ජා.ප යේ සිටි අවස්ථාවේදීත් ගාමිණිගේ වැටීමත් සමග ඔහු රට හැර යාම වැනි කරුණු බැසිල්ට අවාසි සහගත ලෙස බලපාන බවද එහිදි සංවාදයට ලක්විය.

    “එ.ජා.ප යේ 74 වෙනි සංවත්සරය දියාරු ලෙස කලා කියලා ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ගෙනිච්චා.” එය නායකයාට යොමුවූ තවත් ප්‍රශ්නයකි.

    ” ලංකාවේ කොරෝනා ඉවරයි කියලා හිතුවොත් එය භයානක මානසිකත්වයක්. එ.ජා.ප සංවත්සරයට සෙනග නොගෙනාවේ කොරෝනා අනතුර නිසයි. ජනමාධ්‍යයට දැන් කොරෝනා ගැන රුදාවක් නැතිවීම අවාසනාවක්. අතලග තියෙන ඉන්දියාව කොරෝනා නිසා විනාශ වෙලා. එංගලන්තයේ 6 දෙනෙකුට වඩා රැස් වෙන්න බෑ කියලාත් ගෙවල් දෙකක අයට පමණක් එකතු විය යුතු බවටත් සිමා පනවලා තියෙනවා. රෑ 10 ඉදලා ඇදිරි නීතිය දැමිම ගැනත් ඔවුන් හිතනවා. ඒත් ලංකාවේ ආණ්ඩුවයි ජනමාධ්‍යයි දැන් කොරෝනායි ඩෙංගුයි අමතක කරලා තුනෙන් දෙකයි 20 වෙනි සංශෝධනයයි ප්‍රේමලාලුයි කරේ තියන් යනවා.” නායකයා කළ විග්‍රහය කාගේත් පැසසුමට ලක්විය.

    “ඒ වගේම “ෆොරින් පොලිසි” සගරාවට අයි.එම්.එෆ් එකේ ප්‍රධානීන් දෙන්න විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. ලෝක ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 12 කින් අවපාතයට ලක්වෙලා කියලා ඔවුන් දැඩි ලෙස ඉස්මතු කලා. ඒ වගේම ලංකාවේ ආර්ථිකය දැන් සෘණ 1.6 ට වැටිලා. බඩු මිල 63% කින් ඉහළට ගිහිල්ලා කියලා මහ බැංකු ආරංචි මාර්ග කියනවා.” එ.ජා.ප නායකයා වැඩිදුරටත් කීවේය.

    තවද ආණ්ඩුව සිදු කරන පරිසර විනාශය මෙන්ම ගව ඝාතනයට අදාල තීන්දුව ගැනද එහිදි අවධානය යොමු විය.

    “හරක් මස් ගැන තීන්දුව සිංහල බෞද්ධයන් තවදුරටත් රවටා ගැනීම මෙන්ම මුස්ලිම්වරුන්ටත් සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම යටි අරමුණ විය හැකියි. හරක් මස් පරිභෝජනය කරන්නේ ඔවුන් විතරක් නොවෙයි කතෝලික මෙන්ම සිංහල සමාජය තුලත් ඒ මස් පරිභෝජනය වෙනවා. පිටරටින් හරක් මස් ගෙනත් අඩු මිලට දෙන්න බෑ. බදු ඉවත් කළොත් ආර්ථිකය ඉවරයි. සංචාරකයන් එන්න පටන් ගත්තහම ඔවුන් ඉල්ලන මස් දෙන්නේ කොහොමද? ඉන්දියාව තුලින් මස් පිටට යවන්නත් බෑ ඇතුළට ගේන්නත් බෑ. එහෙම නම් අපිට යුරෝපය දකුණු ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාවෙන් අධික මිලට මස් ගෙන ඒමේ හැකියාව තියෙනවද? අනෙක එක හරකෙකු වෙනුවෙන් කුකුල්ලු 200 ක් විතර බිලි දෙන්න වේවි. පරිසරය වනසලා. කැලෑවේ ඉන්න අපේ මුව ගෝන්නු සහ වල් ඌරන්ගේ ඉරණමත් මේකෙන් විශාල අභියෝගයකට ලක් වෙනවා. සිංහල බෞද්ධ රටක ගව ඝාතනය නැවැත්වීම දිරි දිය යුත්තක්. ඒත් ඒකට විකල්ප ක්‍රියාමාර්ග නොයොදා ක්ෂණිකව මෙවැනි තීන්දු ගැනීමෙන් නැති අවුල් ඇති වෙනවා.” එ.ජා.ප ඉහල නිලධාරියෙකු කළ විග්‍රහය නායකයා ඇතුළු සියළු දෙනා අනුමත කළහ.

    සටහන – ගජබා නාගහවත්ත

  • රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති

    රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති

    රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ.

    ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා සිටියහ.

    ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයා  විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වූයේය.

    ජනාධිපතිවරයා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිතුමා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසීය.

  • ‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ’ ඉතිහාසය සහ විකාශනය A 2 Z

    ‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ’ ඉතිහාසය සහ විකාශනය A 2 Z

    1977 වරේදී 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය මගින් පළමුවරට ශ‍්‍රි ලංකාව තුල විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. පසුව 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුල වඩාත් ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී.

    මෙම ජනාධිපතිධූරයේ අසීමිත බලතල නිසා සියළුම රාජ්‍ය ආයතන විධායකයට පාලනය කල හැකි තත්වයක් උද්ගත වන ලදී. 1980 දශකය වන විට රාජ්‍ය ආයතන සියල්ලම දැඩි ලෙස දේශපාලණිකරණයට ලක්වූ බව පෙනී යන ලදී. එම හේතුවෙන් මැතිවරණ, රාජ්‍ය සේවය සහ අධිකරණ දේශපාලනයෙන් ඇත් කර ස්වාධින කල යුතු බවට ජනතා මතයක් ඇතිවිය.

    තරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව-1990

    රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සම්බන්ධව පළමු නිල ලේඛනය දක්නට ලැබෙන්නේ ර්‍ණතරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව යි” . 1989 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති ආර්.පේ‍්‍රමදාස විසින් පත්කල මෙම කොමිෂන් සභාවේ සභාපති වූයේ මහාචාර්ය ලක්‍ෂමන් ජයතිලකය, මහාචාර්ය ජී.එල්.පීරිස්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ඒ.එස්.මුහමඞ් අලි, ආර්.අයි.ටී.අලස්, මොනිකා රුවන්පතිරණ, ෂවීන්ද්‍ර ප‍්‍රනාන්දු, සහ ලාල් කුරුකුලසූරිය යන මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරණ ලදී. 1990 මාර්තු මාසයේදී ප‍්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවේ පළමු පරිච්ඡේදය වෙන්වී තිබුනේ පොදු සමාජය දේශපාලනකරණයෙන් ඈත් කිරීම පිලිබදවය එහි සදහන් වූයේ රාජ්‍ය සේවාවන්ට පුද්ගලයන් බදවා ගැනීමේදී දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, පාලක පක්‍ෂයේ ආධාරකරුවන්ට රජයේ කොන්ත‍්‍රාත්තු හා බලපත‍්‍ර දීමේදී දේශපාලන බලය අයුතු ලෙස යොදා ගැනීම. පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයන් අපකීර්තියට ලක් කිරීමෙහිලා දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජ්‍ය ආයතනයන්හි එදිනෙදා පරිපාලනයහි දේශපාලන ඇගිලි ගැසීම්, පිටුදැකිය යුතු බවය. ඒ සදහා කොමිෂන් සභාව විසින් යෝජනා කල එක් ක‍්‍රියාමාර්ගයක් වූයේ කොමිෂන් සභාවන්ට සාමාජිකයනි පත් කිරීමේ ජනාධිපතිගේ බලය සීමා කිරීම සදහා ර්‍ණ නාම යෝජනා කොමිෂන් සභාවක්” පිහිටුවීමයි. මෙම කොමිෂන් සභාවේ කාර්යය වන්නේ ඇතැම් වැදගත් බදවාගැනීම්, උසස් කිරීම්, ස්ථානමාැ හා සේවයෙන් පහකිරීම් පිළිබදව කටයුතු කරන කොමිෂන් සභා සහ ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබදව වගකිව යුතු වැදගත් කොමිෂන් සභාව වල සාමාජිකත්වය දැැරීමට සුදුසු පුද්ගලයන් ජනාධිපති වෙත නිර්දේශ කිරීමයි . එවැනි නිර්දේශ ඉදිරිපත් කලයුතු කොමිෂන් සභා 9ක ලැයිස්තුවක් නිර්දේශ තුල ඇතුලත් විය. ඒ අතරින් ඇතැම් ඇතැම් කොමිෂන් සභාවන් ඒ වන විට පැවති අතර ඇතැම් කොමිෂන් සභාවන් පසුව ස්ථාපනය වී ඇත, ඇතැම් කොමිෂන් සභාවන් මේ වනතෙක් ස්ථාපනය වී නැත.

    පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය-1993

    ආණ්ඩුවේ බලය හිතුවක්කාරව පාවිච්චි කිරීම වැළැක්වීමේ ශක්තිමත් සංවරණ සහ තුලන ක‍්‍රමයකින් තොරව පුද්ගලික නිදහස ආරක්‍ෂා කළ නොහැකි බව 1993 පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ ප‍්‍රකාශයේද සදහන් විය. එසේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට චන්ද්‍රකා බණ්ඩාරණායක මහත්මිය පොරොන්දුවක්ද ලබාදුන්නාය.

    රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය-1995

    රාජ්‍ය ආයතන නිර්දේශපාලණිකරණය පිලිබද මීලග නිළ ලේඛනය අපට හමුවන්නේ 1995 වසරේ අගෝස්තු මාසයේදී රජය විසින් එළිදක්වන ලද ‘රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය” තුළය. එහි VII වන කොටස වන රාජ්‍ය සේවය යටතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවන් පාළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කල යුතු බවයි. ර්‍’ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව” යන ආයතනය පිලිබදව පළමු නිල සදහන වන්නේ ‘පැකේය‘ ලෙසින් ජනප‍්‍රිය වු මෙම ලේඛනයයි.

    රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යොජනාවලිය-1997

    ඉන් පසුව එම දේශපාලන යෝජනාවලිය තවදුරටත් සංශෝධනය කරමින් 1997 ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙන ආ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිලිබදව වඩාත් විධිමත් ප‍්‍රතිපාදන ඇතුලත් විය. එහි වන පරිච්ඡේදය වෙන්වී තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිළිබද ප‍්‍රතිපාදන වෙනුවෙනි. කථානායක. අගමැති,විපක්‍ෂනායක, ප‍්‍රධාන අමාත්‍ය සම්මේලනයේ සභාපති, සෑම ජනවර්ගයක්ම නියෝජනය VIX වන පරිදී තෝරාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 7 දෙනෙක්, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත විය. ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චොද්නා විමර්ශන කොමිෂන් සභාව, රාජා්‍ය භාෂා කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, යන කොමිෂන් සභාව සදහා සුදුසු සාමාජිකයින් ජනාධිපති වෙත නිර්දේශ කිරීම මෙම කොමිෂන් සභාවේ එක් කාර්යයකි. නීතිපති, යුධ හමුදා නාවික හමුදා ගුවන් හමුදා සහ පොලිස් ප‍්‍රධානියා, මැතිවරණ කොමසාරිස්. ඔම්බූඞ්ස්මන්, විගනකාධිපති යන ධුරයන් සදහා ජනාධිපති විසින් නිර්දේශ කරන පුද්ගලයන්ට අනුමැතිය ලබාදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන කාර්යයි.

    එක්සත් ජාතික පක්‍ෂයේ 43 වන වාර්ෂික සම්මේලනය-1997

    1997 දෙසැම්බර් 21 වන දින පවත්වන ලද එක්සත් ජාතික පක්‍ෂයේ 43ව වාර්ෂික මහා සම්මේලනයේදී සම්මත කරගත් යෝජනාවක් වූයේ ර්‍ණනව දේශපාලන සංස්කෘතියක් උදෙසා ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවීම, ස්වාධීන පොලිස් කොමිසමක් පිහිටුවීම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන බලතල තවදුරටත් ශක්තිමත් කිරිම සිදුකළයුතු” බවයි.

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහ ප‍්‍රධාන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සඳහා වූ පුරවැසි උපදේශන කමිටු වාර්තාව-1988

    1998 සැප්තැම්බර් 14 වනදින ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදී විද්වතුන් 18 දෙනෙකුගෙන් සමත්විත ර්‍ණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහ ප‍්‍රධාන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සඳහා වූ පුරවැසි උපදේශන කමිටුව” නම් කමිටුව මගින් වාර්තාවක් එලිදැක්වූ විය. එකී වාර්තාවේ 8 වන ඡේදය වෙන්ව පැවතියේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන පිළිබඳවය. ඒ අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව,ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පිළිබඳව මෙන්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පිළිබඳව යෝජනාවන් ද එහි ඇතුළත්ව තිබිණි. මෙම පුරවැසි උපදේශන කමිටුවේ වාර්තාව කෙටුම්පත් කරන ලද්දේ කේ.එච්.ජේ.විජේදාස, බ‍්‍රැඞ්මන් වීරකෝන්, ඞී.එම්.ස්වාමිනාදන්, ස්වර්ණා ඔබේසේකර, ආනා සෙනවිරත්න, සිබ්ලි අසීස්, ඩබ්ලිව්.ඞී.අයිලප්පෙරුම, ඔස්වල් ෆර්ත් පියතුමා, ඒ.සී.එම්.හෂීම්, වෙල්වින් විජේසේකර, හෙන්රි ගුණතිලක, ඔස්ටින් ප‍්‍රනාන්දු, මොනිකා රුවන්පතිරණ, කිංග්ස්ලි රොඩි‍්‍රගො, ඒ.එල්.එම්.තන්ගවේල්, එල්මෝ පෙරේරා, ජානකී ගුණවර්ධන, ඞී.එස්.එස්. මායාදුන්න යන විද්වතුන්ය. මෙම උපදේශන කමිටුවේ කැදවුම්කරු වූයේ කරූ ජයසූරියය.

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 2000

    2000 අගෝස්තු 3 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා කෙටුම්පතේ 110 ව්‍යවස්ථාව තුළ මැතිවරණ කොමිෂන් සභාව පිළිබදව ප‍්‍රතිපාදනද, 216 ව්‍යවස්ථාව තුළ ජාතික පොලිස් කොමිසම පිළිබඳව ප‍්‍රතිපාදන සහ පළාත් කොමිෂන් සභා පිළිබඳ ප‍්‍රතිපාදනද ඇතුළත් විය. එහි ඞෂඪ වන පරිච්ඡේදය වෙන්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙනි. 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 122(1) ව්‍යවස්ථාවට අනුව එකී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වූයේ උප ජනාධිපතිවරුන් දෙදෙනා, අග‍්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විෂය භාර අමාත්‍යවරයා, ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා සහ අගවිනිසුරුගේ අදහස අනුව ජනාධිපති විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස සේවය කළ විශ‍්‍රාමික විනිසුරුවරුන් තිදෙනෙකුගෙන්ය.

    විද්වත් වෘර්තිකයන්ගේ සංගම් සම්මේලනයේ 17 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත-2001 ජනවාරි

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව බලාපොරොත්තු තබාගත නොහැකි බැවින් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය සදහා ප‍්‍රතිපාදන ඇතුලත් කිරීම සදහා විද්වත් වෘර්තිකයන්ගේ සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන ලද එල්මෝ පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් යුක්තව දේශපාලන පක්‍ෂ කිහිපයකද සහභාගීත්වයෙන් යුක්තව 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තු මණ්ත‍්‍රිවරුන් 225 වෙතම යොමු කරන ලදී (2001 ජනවාරි මස) මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් යෝජනා කර තිබිණි. එහි සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට අමතරව දේශපාලනඥයින් නොවන සාමාජිකයින් 7 දෙනෙතුගෙන්ද සමන්විත විය යුතු බවට යෝජනා විය. කොමිෂන් සභා සදහා සුදුසු පුද්ගලයන්ගේ නම් ජනාධිපති වෙත නිර්දේශ කිරීම සහ ජනාධිපති විසින් නිර්දේශ කරන ඉහල රාජ්‍ය නිළධාරීන්ගේ නම් අනුමත කිරීම මෙහි කාර්යයි. එසේම ස්වාධින මැතිවරණ කොමිෂන් සභාවක් පිලිබද වූ ප‍්‍රතිපාදනද මෙම වාර්තාවේ ඇතුලත් විය.

    පොදු ජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම-2001 සැප්තැම්බර්

    2001 සැප්තැම්බර් මස 05 වන දින පොදුජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගන්නා ලදී. මෙකී ගිවිසුමේ කොන්දේසි අතර ගිවිසුමේ උපලේඛනයේ සදහන් 17 වන ආණ්ඩුක5ම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝබර් මාසයට පෙර සම්මත කල යුතු බවයි. මෙම ඇමුණුම සදහා භාවිතා කරන ලද්දේ විද්වත් වෘත්තියන්ගේ සංවිධාන සංගමය විසින් සම්පාදනය කරන ලද කෙටුම්පතයි.

    17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2001

    අවබෝධතා ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙස 2001 000 දින පාර්ලිමේන්තුව විසින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලදී. මෙම සම්මත කරගැනීමේ විශේෂත්වය වූයේ කිසිදු මන්ත‍්‍රීවරයකු එකී කෙටුම්පතට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ නොකිරීමයි. පාඨලී චම්පිත මන්ත‍්‍රිවරයා ඡුන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලදී. මෙම සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට නීතිගත විය. මෙම සභාවේ සාමාජිකයින් 10 දෙනෙකු වූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයින් 3 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන සමාජ පිලිගැනීමට ලක්වූ පුද්ගලයන් 7 දෙනෙකුගෙන්ද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත විය. කොමිෂන් සභා සදහා සාමාජිකයන් ජනාධිපති වෙත නිර්දේශ කිරීමද අගවිනිසුරු ඉහල අධිකරණවල විනිසුරුවරු නීතිපති වැනි ඉහල නිධාරීන්ද පත් කිරීමේදී ජනාධිපතිගේ නිර්දේශ අනුමත කිරීමද මෙම සභාවට පැවරිනි.එසේම මෙම ව්‍යවස්ථා සංශෝදනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව සදහා ප‍්‍රතිපාදන ඇතුලත් විය.
    මෙම පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන සාමාජිකයින්ගේ නිල කාලය 2005 මාර්තු 5 වන දින අවසන් වීය. ජනාධිපති විසින් ඒ සදහා නව සාමාජිකයින් පත් නොකිරීම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට රැුස්වීමට අවශ්‍ය ඝන පූර්ණය නොවීම නිසා අකර්මන්‍ය විය.

    18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2010

    2010 සැප්තැම්බර් 08 වන දින සම්මත කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිකර ඒ වෙනුවට ර්‍ණපාර්ලිමේන්තු සභාව” ස්ථාපනය කරන ලදී. එකී සභාව සමන්විත වූයේ කථානායක අගමැති විපක්‍ෂනායක අගමැතිගේ විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ විපක්‍ෂනායක විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකුගෙනි. මෙම පාර්ලිමේන්තු සභාව කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මෙන් බලැති ආයතනයක් නොවූ අතර ජනාධිපති විසින් සිදුකරන පත් කිරීම් සදහා නීරීක්‍ෂණ ලබාදීමක් පමණක් සිදුකිරිමට බලය පැවරිනි.
    ඔයට අමතරම මෙම සංශෝධණය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමක්ද සිදුකරන ලදී.

    19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2015

    2015 අපේ‍්‍රල් 28 වන දින සම්මත කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ආණ්ඩක‍්‍රම ව්‍යස්ථා සභාව පිහිටුවන ලදී. එහි සාමාජිකයන් වූයේ කථානායක අගමැති විපක්‍ෂනායක ඇතුලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 7ක් සහ අගමැති හා විපක්‍ෂනායක විසින් යෝජනා කර ජනාධිපති විසින් පත්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් නොවන විශිෂ්ඨත්වයට පත් දේශපාලන පක්‍ෂ සාමාජිකයන් නොවන තිදෙනෙකුගෙනි. කොමිෂන් සභා සදහා ජනාධිපති වෙත සාමාජිකයින් නිර්දේශ කිරීම සහ අගවිනිසුරු ඉහල අදිකරණවල විනිසුරුවරුන් නීතිපති පොලිස්පති ඇතුලූ ඉහල නිළධාරීන් පත් කිරීමේදී ජනාධිපති විසින් නිර්දේශ කරන නම් සදහා අනුමැතිය ලබාදීම මෙම සභාවේ කාර්යයි. එසේම ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගනන සේවා කොමිෂන් සභාව නම් කොමිෂන් සභා 2ක් මෙම සංශෝධනය මගින් අලූතින් ස්ථාපනය කරන ලදී. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල වැඩි කරන ලදී,

    20 වන ආණ්ඩකු‍්‍රම ව්‍යවස්තා සංශෝධන කෙටුම්පත 2020 සැප්තැම්බර්

    2020 අගොස්තු මස 28 වන දින 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධණය සදහා වන කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමයෙන් ගැසට් පත‍්‍රයේ අතිරේකයන් ලෙස පලකරන ලදී, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කර ඇත. ඒ වෙනුවට පත් කරන ර්‍ණපාර්ලිමේන්තු සභාව” කිසිදු බලයක් නොමැති ආයතනයක් වේ. එසේම 19 වන සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරිමට යෝජනා කෙරේ. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමක්ද සිදු කෙරේ. එසේම විගනකාධිපතිගේ මෙන්ම පාර්ලිමේන්තුවේද මූල්‍ය පාලනය පිලිබද විෂය පථය පටු කිරීමක් මේ මගින් සිදුවේ. සියලූම කොමිසන් සභාවල ස්වාධිනත්වය ඉවත්වන අතර ඒවා විධායකයට යටත් කොමිෂන් සභා බවට පත්වේ.

    1980 අගභාගයේදී ආරම්භ වූ රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ ක‍්‍රියාවලිය සදහා අද පාර්ලිමේන්තුව නියෝජනය කර බොහෝ මන්ත‍්‍රිවරුන් දායක වී ඇති බව ඉතිහාසය පිලිබද විමසා බැලීමේදී පැහැදිලි වේ. මෙම ක‍්‍රියාවලිය 17 හා 19 සංශෝධන මගින් ශක්තිමත්වූ බවද 18 වන සංශෝධනය මගින් දුර්වල වූ බවද පෙනේ, ප‍්‍රසිද්ධ කර ඇති 20 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් වෙන කවරදාකටත් වඩා බලවත් වූ විධායක ජනාධිපතිධූරයක් බිහිවන අතර එකී ජනාධිපතිධූරයට සියලූම රාජ්‍ය ආයතනවල ස්වාධිනත්වය පමණක් නොව ජනතා ඡුන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවද යටත් වනු ඇත. සරලව කිවහොත් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ යන ආයතන එකක් බවට පත්වේ,

    නීතිඥ ජගත් ලියන ආරච්චි

  • 20 කෙටුම්පත්කරුවන්ට පැෆරල් සංවිධානයෙන් දැඩි විවේචනයක්

    20 කෙටුම්පත්කරුවන්ට පැෆරල් සංවිධානයෙන් දැඩි විවේචනයක්

    ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතු වූ බවත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව සිය නිරීක්ෂණය බවත් පැෆරල් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එම සංවිධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම

    නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව කටයුතු කිරීමට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට, එකී ආණ්ඩුවට ඇති වගකීම අපි පිළිගනිමු. එමෙන්ම ඊට යම් බාධා තිබේනම් ඒවා කළමනාකරණය කරගැනීමද කලයුතුව ඇත. එහෙත් එහිදී මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන මූලධර්ම නොසලකා කටයුතු කිරීම යහපත් පාලන තන්ත‍්‍රයකදී නොකල යුත්තකි.

    එමෙන්ම ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපතිතුමාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතුවිය. 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව අපගේ නිරීක්ෂණයයි.

    ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් රජයට පැහැදිලි ජනවරමක් හිමිවූ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමද ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ප‍්‍රධාන මාතෘකාවක් විය. ඒ අර්ථයෙන් සැලකීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ජනවරමට අනුව යාමකි. එහෙත් 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගෙන එන  ඕනෑම සංශෝධනයකට ජනතා වරම ලබා දී නැති බව අවබෝධ කර නොගතහොත් ජනතා අප‍්‍රසාදයට ලක් වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව 20 ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේදී ඉතා ප‍්‍රවේශමෙන් ජනතා අභිලාශය අනුව තීරණ ගත යුතුව ඇත. එමෙන්ම නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රටාවක් ක‍්‍රියාත්මක ලංකාවේ සංවරණ හා තුලන ක‍්‍රමය නොසලකා ව්‍යවස්ථා සංශෝධනය සිදුකල සෑම අවස්ථාවකම එකී ආණ්ඩු මහජන අප‍්‍රසාදයට ලක්වූ අතර රට තුළ අර්බුධකාරී තත්ත්වයන්ද නිර්මාණය විය.  

    එබැවින් අප පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා විශේෂයෙන්ම රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමට පෙර එය නැවත නැවතත් කියවා බලන ලෙසයි. ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට බැ`දි සිටින ඔබ මේ මොහොතේ ගනු ලබන තීරණ ඔබේ දේශපාලනයත් අපේ රටේ අනාගතයත් තීරණය කරන බැවින් 20 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සාධනීය කරුණු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට නොගැලපෙන කරුණු සාකච්ඡා කර සංශෝධනය කරන ලෙසයි.

    පැෆ්රල් සංවිධානය 20 වන සංශෝධනයේ ඉතා බරපතල කරුණු 22 ක් හඳුනාගෙන ඇති අතර, ස්වාධීනව පැවැතිය යුතු ආයතන දේශපාලනීකරණයට ලක්වීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගනු ලබයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීම, මැතිවරණ කාලය තුළ රාජ්‍ය සේවයේ පත්වීම්, මාරු කිරීම්, උසස් කිරීම් හා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීමට තිබූ බලතල ඉවත් කිරීම බරපතල තත්ත්වයකි. අනාගතයේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත රාජ්‍ය සේවා කොමිසම විසින් මැතිවරණ කාලය තුළ නිලධාරීන් මාරුකලහොත් මැතිවරණ කොමිෂන් සභාව අර්බුධයකට යනු ඇත. එවැනි වටපිටාවක ඉදිරි මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වුවහොත් එහි වගකීමෙන් බැහැර වීමට ඔබට නොහැකිවනු ඇත.

    එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 154 ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට තිබූ අයිතිය අහිමි කිරීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට තිබූ වගකීම හා අයිතිය අහිමි කර ඇත. එමගින් ශී‍්‍ර ලංකා ගුවන් සමාගම, ලිට්රෝ සමාගම, සීනි සමාගම්, විදුලි සමාගම් වැනි රාජ්‍ය මුදල් බිලියන ගණනින් හුවමාරුවන රාජ්‍ය සමාගම් 100 ට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවට දැනගැනීමට තිබූ අයිතියද යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අහිමි වී ඇත.

    මෙම කෙටුම්පතෙහි නැවත සංශෝධනය විය යුතු ප‍්‍රධාන කරුණු අතර ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන ප‍්‍රතිපාදනය අහෝසි කිරීම, ඇමති ධුර සංඛ්‍යාවට තිබූ සීමා ඉවත් කිරීම, වසරක් අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම, විදේශ පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට ජනාධිපති මැතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදීම පෙන්වාදිය හැකිය.  

    යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම තේමා කරගනිමින් පාර්ලිමේන්තුවට පත්වූ උගත් බුද්ධිමත් නවක මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වනුයේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදන වගකීම මැනැවින් වටහාගෙන හෘදසාක්ෂියට එකඟව සම්ප‍්‍රදායික මන්ත‍්‍රීවරුන්ට ආදර්ශමත්ව හා මගපෙන්වීමක් වන සේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී කටයුතු කිරීමයි.

    එබැවින් අප ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත්, පක්ෂ නායකයන්ගෙන් සහ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන කඳවුරුවලින් බැහැරව 20 ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ඝතව ඇති සාධනීය හා නිශේධනාත්මක කරුණු පිළිබඳව මනා අධ්‍යනයක් සිදුකර, නව කෙටුම්පතක් සකස් කිරීම හෝ කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන සහිතව සම්මත කරගන්නා ලෙසයි.

    එහිදී කරුණු දෙකක් ඔබේ අවධානයට යොමුකරනු කැමැත්තෙමු. 18 වන සංශෝධනයට අත් එසවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පසුව මහජනතාවගෙන් සමාව ඉල්ලූ අතර 19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැර සියයට 99.5 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එනම් 224 ක් ඊට සහාය දැක්වූහ. අද එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් 20 වන සංශෝධනයට සහාය පලකරමින් සිටියි. එබැවින් ඔබ අනාගතයේ පසු නොතැවෙන ආකාරයට කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔබගේත් උත්තරීතර පාර්ලිමේන්තුවේත් ගෞරවයට හේතුවනු ඇත.  

    එමෙන්ම ඉතිහාසයේ පටන් රටේ මූලික නීති ලියවිල්ල පුද්ගල සාධක මත ඒ ඒ මොහොතේ පැවති දේශපාලන තත්ත්වය මත හා අහඹු වෙනස්වීම් මත සිදුකරන සංශෝධන වලට තිත තබා රටේ හා ජනතාවගේ යහපැවැත්ම අරභයා දීර්ඝකාලීන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ව්‍යවස්ථා සංශෝධන සිදුකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

  • 20 ගැන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය

    20 ගැන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය

    යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පුලුල් ජනතා සංවාදයකට භාජනය කිරීමෙන් තොරව සම්මත නොකළ යුතු යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිළි කිරීමේඊයේ (10) කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය විය.

    මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    ගරුතර මාදුලුවාවේ සෝභිත හිමියන් සමාරම්භ කරන ලද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 10 දින පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විණි.

    පසුගිය මහ මැතිවරණයෙන් ආණ්ඩු  පක්ෂයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ජනතාව ලබා දී ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කටයුතු කිරීමේ හැකියාව ද ජනවරම ද ඊට ඇති බව පිළිගත යුතු අතර එය වඩාත් ජනහිතකාමී සහ රටට යෝග්‍ය පරිදි සිදු කළ යුතු අන්දම පිළිබඳව පුලුල් සංවාදයක් අවශ්‍ය වේ. එහිදී, එය සමස්ත රටේ ව්‍යවස්ථාව වන බැවින්, හුදෙක් එය ජයග්‍රාහකයාගේ අභිමතය නොව සමස්ත ජනතාවගේ ව්‍යවස්ථාවක් බව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

    යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙර කිසිදා නොවූ විරූ අන්දමින් ජනාධිපති තනතුර වටා බලය සංකේන්ද්‍රණය කරයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය  ජනාධිපතිවරයා යහපත් අරමුණින් ගෙන ඒමට අදහස් කර ඇතැයි සිතුව ද, ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාව ගැන සමස්ත තීරණ ගැනීමට එක් පුද්ගලයකු අතට පත් වීම ඉතා භයානක ප්‍රතිඵල අත් කර දිය හැකි බව සිහිපත් කළ යුතුය.

    වර්ෂ 2001 දී සම්මත කර ගන්නට යෙදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය සහ 2015 දී සම්මත වූ 19 වන සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය ශක්තිමත් කරන්නට කටයුතු කරනු ලැබූ අතර, සාධාරණ සමාජයක් ව්‍යාපාරය සෑම විටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේය. දැනට සක්‍රීය 19 වන සංශෝධනයේ අඩංගු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කොටතවත් පුලුල් කිරීම විනා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට කටයුතු කිරීම සෑම විටම අනිටු ප්‍රතිඵල ගෙන දෙයි.

    රටේ පාලනය සඳහා විශ්වසනීය ආයතන ශක්තිමත් කළ යුතුය. යෝජිත 20 වැනි සංශෝධනය ආයතන වෙනුවට එක් පුද්ගලයකු මත බලය සංකේනද්‍රණය කරයි. වර්තමාන කෙටුම්පත මගින් රට ඒකාධිපති ක්‍රමයකට නතු වී ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පරිහානියට යාමේ විශාල අවදානමක් පවතී.

    ·         “එක රටක් – එක නීතියක්” යන ප්‍රධාන තේමාව මුල් කර ගත් රටක, කිසිවකු නීතියට ඉහළින් සිටිය යුතු නෑ. ජනාධිපතිවරයාටත් එය පොදු විය යුතුය. මේ ජනාධිපතිවරයාට පමණක් නොව, වෙනත් ජනාධිපතිවරුන්ටත් මෙය අදාළයි. මේ යෝජිත සංශෝධනය මගින් නීතියට ඉහළින් ජනාධිපතිවරයා තබනවා. ඊට අමතරනව ඔහුට පාර්ලිමේන්තුව, උසාවිය සහ සමස්ත ජන ජීවිතය භාර දී, ඔහුගේ ඍජු පාලනයට යටත් කොට තිබීම හානිකරය.

    ·         රටක් නොව පුද්ගලයකු දෙස බලා ව්‍යවස්ථා සම්පාදනය විනාශකාරීය. විසි වන සංශෝධනය මගින් රටේ නීති සැදීමත්, ඒවා ක්‍රියාවට නැංවීමත්, යුක්තිය පිසඳලීමත් රාජ්‍යයේ යන සියලු කටයුතු තනි පුද්ගලයකු වන ජනාධිපතිවරයා යටතට පත් කොට තිබෙනවා. කිසිදු අන්දමකින් ජනාධිපතිවරයාගේ කටයුතු නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාවත් ඉවත් කර පූර්ණ මුක්තියක් ලබා දී ඇති තත්ත්වය, අත්තනෝමතික පාලනයට පාර කැපීමකි.

    ·         ස්වාධීන ආයතන කිසිවක් නොපවතිනු ඇත. ව්‍යවස්ථා සභාව ඉවත් කර බල රහිත නීරීක්ෂණ මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තු සභාවක් පත් කිරීම කිසිදු ස්වාධීන පත් කිරීමක් සිදු නොවන තැනට පාර කැපීමක්. ඉන් මතු, රටේ කිසිදු සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වන ඇති.

    ·         අධිකරණයට සහ අධිකරණ සේවා කොමිසමට පත් කිරීමේ බලය සහ විනිසුරුවන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාගේ තනි මතය යටතට ගැනීම ස්වාධීන අධිකරණයේ අවසානය අඟවයි.

    ·         ද්විත්ව පුරවැසි භාවය ලබා ගනිමින්, වෙනත් රටවල් වෙනුවෙන් “අවි දැරීමට” පවා දිවුරුම් දුන් අයට මේ රටේ ප්‍රමුඛ තනතුරු දැරීමට නෙහැකි විය යුතුයි.

    ·         ප්‍රසම්පාදන කොමිසම සහ විගණන කොමිසම් ඉවත් කිරීම මගින් කිසිදු ආණ්ඩුවකට ජය ගත නොහැකි වූ අර්බුදය වන දූෂණය තවත් ඉහළ යනු ඇති.  

    යෝජිත විසි වන සංශෝධනය ධවල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා නම්, ඊට අවශ්‍ය ජනතා මත විමසීම සිදු කළ හැකිව තිබුණි. එබැවින් පුලුල් ජනතා සංවාදයකින් තොරව ආණ්ඩුව කටයුතු නොකළ යුතු බව අවධාරණය කරමු. 

  • විස්ස සහ ප්‍රේමලාල් ගැන විපක්ෂයේ බොරු ප්‍රචාරවලට  ජනපති පිළිතුරු දෙයි

    විස්ස සහ ප්‍රේමලාල් ගැන විපක්ෂයේ බොරු ප්‍රචාරවලට ජනපති පිළිතුරු දෙයි

    විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පිළිතුරු දුන්නේය.

    රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පැවසීය.

    “සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

    ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොට ගෙන විපක්ෂය නඟන චෝදනා ගැන අවධානය යොමු කළ ජනාධිවරයා තමා හෝ අග්‍රාමාත්‍යතුමා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේය.

    “බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි” ජනාධිපතිවරයා විග්‍රහ කළේය.

    අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේද එකී ව්‍යවස්ථා සභාවම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විපක්ෂය අසත්‍ය ප්‍රචාරයක නිරතව සිටින බව කීය.

  • සැලසුම් ෆයිල් එකේ තිබී ඵලක් නැහැ –  බිමට ගේන්න ඕනෑ – ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

    සැලසුම් ෆයිල් එකේ තිබී ඵලක් නැහැ – බිමට ගේන්න ඕනෑ – ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

    “සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න  පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.

    සියලු රාජ්‍ය ඇමතිවරු රැස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.

    “ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි පැවසීය.

    “ හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්,  ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” එතුමා කීය.

    ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම ගැන සඳහන් කළ එතුමා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීය.

    “සමහර කුඹුරු  පුරන් වෙලා.  ඒවායේ වී  වගා කරන්න බැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මසකට වරක්වත් රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිතුමා ඉදිරියට යන විට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.

  • මේ අවුරුද්දට එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා – එතනෝල් ආනයන තහනම බොරුවක්

    මේ අවුරුද්දට එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා – එතනෝල් ආනයන තහනම බොරුවක්

    2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා.  හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 

    රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා.  එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා.   ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් කියලා.

    2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන  8,817 යි.  2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා. 2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා. රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා.  හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.

    දඹුල්ලේ වෙළෙදපොළේ  කහ ටිකක් ගන්න නෑ.  හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා. ගොවියට පොහොර ටික නෑ.  හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා.  අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි  විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ  ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. 

  • 20 සංශෝධනයේ කර්තෘ අඥාතයි – රකින්න මුල් ඇවරියේ කවුරුත් නෑ

    20 සංශෝධනයේ කර්තෘ අඥාතයි – රකින්න මුල් ඇවරියේ කවුරුත් නෑ

    එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට  කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය.  ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  දැන් සතියකට වැඩියි.  රටම බලාගෙන ඉන්නේ මේ ලියවිල්ලේ කර්තෘ සොයා ගැනීමටය.  නිර්මාතෘ සොයා ගැනීමට ය.  කර ගසා ගෙන යන්නෝ සොයා ගැනීමටය.  කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    1972 ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර්. ද සිල්වා ය. 1978 ව්‍යවස්ථාව  හැදුවේ එච්.ඩබ්ලිව්. ජයවර්ධන, ජේ.ආර්.ගේ සහෝදරයා ය.  චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව හැදුවේ ජී.එල්. පීරිස් ය. 19 ව්‍යස්ථාව  හැදුවේ ජයම්පති  වික්‍රමරත්නය. හැබැයි,  20 සංශෝධනය ලියපු කෙනෙක් නැත. කර්තෘ අඥාත යි.

    20 රකින්නට කවුරුත්ම ඉදිරිපත් වෙන්නේ නෑ.   20 ට විරුද්ධව එල්ල වෙන විවේචන, පරාද කරන්නට එය රැකගන්නට විෂයානුබද්ධ ශාස්ත්‍ර ඥානයක් සහිත කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ ඇයි? 

    ලංකා ඉතිහාසයේ අශිෂ්ඨතම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ අය කවුදැයි රටම දැන ගත යුතුව ඇයි යි, රජිත් කීර්ති තෙන්නකෝන මහතා පවසයි.

    රජිත් කීර්ති තෙන්නකෝන්