Category: සුපිරි Politics

  • ශ්‍රී ලංකාව තුළ කොරෝනා පලනයට ගත යුතු පියවර 09ක් රනිල් කියා දෙයි

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා පලනයට ගත යුතු පියවර 09ක් රනිල් කියා දෙයි


    කොරෝන වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද  (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝජනාවක් ද ඔහු ඉදිරිපත් කර සිටියේය.

    අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

    Screenshot 20200327 184732
    Screenshot 20200327 184809

  • මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

    මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

    උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.

  • බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති  රොෂාන් ගුණතිලක

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.

    ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

  • හෙට පක්ෂ නායක රැස්වීමක්

    හෙට පක්ෂ නායක රැස්වීමක්

    හෙට (24) පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන අතර අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වේ. මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

  • කොරෝනා වසංගතය මැද්දේ ඡන්ද ගරන ‘ඊනියා දේශප්‍රේමියෝ

    කොරෝනා වසංගතය මැද්දේ ඡන්ද ගරන ‘ඊනියා දේශප්‍රේමියෝ

    කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ.

    කොරෝනා වසංගතය මෙසේ ව්‍යාප්ත වන්නේ නිසි කළමනාකාරිත්වයක්   නො කළ හෙයිනි.
    වසර 70කට පමණ පෙර ඈත දුෂ්කර ගමක රජයේ කුඩා පාසලකි. එකී  පාසල හදිසියේම වසා දරුවන් නිවෙස්වලට යැවීමට සිදුවිය.  මුළු  පාසලම පැවතියේ  එකම ගොඩනැගිල්ලක ය. ඒ නිසා පාසලේ  සීනුව එක් වරක් හඬවා රැස්වීම්  අවස්ථාවකට පාසල පත් කෙරෙයි.  එක් වරක් හැඬවූ සීනු නාදයෙන් පාසල් දරුවන් සහ ගුරුවරුන් නිහඬ විය. ලොකු ස්කෝලේ මහත්තයා  උස් හඩින් කතා කළේ ය.

    ‘‘මේ ළමයි හැකි තරම් ඉක්මනින්  ගෙවල් වලට යන්න  ඕනැ. නැවත දැනුම් දෙන තෙක් ස්කෝලේ උගන්වන්නේ නැහැ. ඊට පෙර පන්තිවල බංකු පුටු අස් කළ යුතුයි. ’’

    නිමේෂයකින් පාසලේ එක් දරුවෙක් සිය දකුණත ඉහළට ඔසවා නැගිට්ටේය. ඒ තමන්ට කතා කිරිමට අවකාශයක් ඉල්ලා සිටින සාමාන්‍ය සම්ප‍්‍රදාය විය.

    ‘‘ඇයි මොකද……? ලොකු මහත්තයා වේවැල දිගු කර අර දරුවාගෙන් නො ඉවසිල්ලෙන් ඇසීය.

    ‘‘ලොකු මහත්තයා අපේ වාර විභාගේ……..

    ‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල් වලට යනවලා…..

    ලොකු ස්කෝලේ මහත්තයා ඒ උත්තරය දුන්නේ තරමක නුරුස්නා ගතියකිනි. ඒ ලොකු ස්කෝලේ මහත්තයා  ජීවතුන් අතර සිටියි නම්,  සිය වසක් ආයු වළඳන ඒ උත්තම පුරුෂයාට ආයුබෝවන් කියනු  කැමැත්තෙමි.  

    අර වාර විභාගය සිහිපත් කළ  දරුවාගේ වයසේ පුරවැසියන් තවමත් ජීවත් වෙති. ඉහත කී පාසල් සිද්ධිය වසර 70කට පෙර කතාවකි.  හෙවත් ලංකාවට නිදහස ලැබිලා වසර 2කි. අද  අප කෙරෝනා අවදානම හමුවේ හැසිරෙන්නේ අර දරුවා මෙන් පාසල් වාර විභාග (හෝ මැතිවරණ) මානසිකත්වයෙනි.

    වර්තමාන ලංකාවේ පාලකයා ඒ ලොකු ස්කෝලේ මහත්තයා වී නම්,  2020 මාර්තු දෙවෙනිදා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ උපදෙස් පරිදි,  රටම ආපදා අවදානමක කොටු කර ගුවන් තොට වසනවාය. සෞඛ්‍ය ඇමතිවරිය අපේ ජයග‍්‍රහණය සහතික හෙයින් මැතිවරණය කල් තැබීමේ අවශ්‍යතාවයක් නැත යයි කියන්නේ නැත.

    ජනාධිපති වරයා පරිප්පු සැමන් මිල අඩු කරමින් ජනතාවගේ කොරෝනා බිය දුරු කිරීමට හිතන්නේ නැත.  තුට්ටු දෙකේ වාසියට කෑදරව, රටේ   මිනිස්සු පරිප්පු සැමන් ගැනීමට පාරට බසින්නේ් නැත.  

    ඒ ඇමතිවරිය අර පාසල් දරුවාගේ මානසික මට්ටමේය. ජනාධිපති වරයා පරිප්පු සැමන් මිල අඩු කරමින් ජනතාවගේ කොරෝනා බිය දුරු කිරීමට හිතන්නේ නැත.  තුට්ටු දෙකේ වාසියට කෑදරව, රටේ   මිනිස්සු පරිප්පු සැමන් ගැනීමට පාරට බසින්නේ් නැත.  පාස්කු ප‍්‍රහාරයට කෝපව මුස්ලිම් ගම් වලට ගහන්නේ නැත. ජාතිය අමතමින්තම සහෝදරයා අගමැති කළ යුතු බව කියන්නේ නැත. මේ රටේ කොරෝනා ව්‍යසනය බඩු අඩුවට දෙන ඡන්ද සැණකෙළියක් කළේ ලොකු ස්කෝලේ මහත්තයා වැන්නෙකු රටේ පාලකයා නොවූ නිසා ය.

    1962 රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයේදී මෙන්ම, 71 කැරැල්ලේදී රටේ සියළු දෙනා වගකීමෙන් හැසිරිණ.  පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයක් ගෙවුණ තැන තමා ජනාධිපති අපේක්‍ෂකයා බවට ගෝඨාභය ප‍්‍රකාශ කළ තැන් සිට වි පක්‍ෂය මැතිවරණ මානසිකත්වයෙන් හැසිරිණ. අවදානම අබිබවා ම්ලේච්ඡ දේශපාලනය ඉස්මතු විය. ආපදාව යනු  බරපතල හතුරෙකි.  ඒ හතුරා නිවැරදිව හඳුනා ගනු මිස, පක්‍ෂ දේශපාලනයේ පින්සලෙන් රැවුල් ඇඳ, කන්නාඩි පළඳවා,  පාට කර හැඩ බැලියු යුතු චිත‍්‍රයක්  නොවේ. පාස්කු ප‍්‍රහාරය විකුණා කා රටක් රවටා බලය ඇල්ලූ අඳ බාලයන්ට කොරෝනා වසංගතයේ  දිග පළල හඳුනා ගත නොහැකි විය.

    කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ.

    දිනෙන් දින ව්‍යාප්තවන වෛරසයක් හමුවේ කිබුහුමක් තරමට ගණන් ගත්තේ නැත.  බලයට ඉව අල්ලමින් විපක්‍ෂයේ සිටි රාජපක්‍ෂලා පාස්කු ප‍්‍රහාරය  සැණකෙළියක් ලෙස සැලකීය. එදා  මාධ්‍ය හැසිරීම ඊට නිදසුණකි. වාචාල හරින් ප‍්‍රනාන්දු තම පියා කී නිසාවෙන් පල්ලි නො ගිය බවට කළ පකිස් බූරු කතාව සහ පවිත‍්‍රාගේ අපි දිනන කතාව එකම ජාතියේ තප්පු ලෑමකි. එහෙත් රාජපක්‍ෂ වාදි  මාධ්‍ය ගද්‍රභයන්  හරින්ගේ වගකීම් විරහිත  කතාව උඩ දමා සෙල්ලම් කළාට පවිත‍්‍රලාගේ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලෙලාගේ මෙන්ම සැමන් පරිප්පු  කතා  ගැන කතා කළේම නැත.

    රෝයල් තෝමියන් මැච් එක නතර කිරිමට ජනධිපතිට ඉඩ නොදුන් එකා ගැන ඇසුවේ  නැත. ඒ නිසා, බාප්පා බයකර රෝයල් තෝමියන් මැච් එකට ඉඩ දුන්නේ ගල්කිස්ස තෝමියන් පොරක් වූ නාමල් පුතා බවට රට්ටු අනුමාන කළහ. රෝ්යල් මැච් එක නතර කිරිමට අයියාගේ පුත්තු ඉඩ නො දුන්නා කී  බාප්පා ආනන්ද නාලන්ද මැච් එක බැලීමට යාමේ බරපතලකම මාධ්‍ය රටට හෙළි කළේ නැත. ජාතික ආපදා දේශපාලනයෙන් යට ගැස්වීමට   තවත් උදාහරණ අවශ්‍යද?

    පවිත‍්‍රා වන්නිආරච්චි සුසිල් පේ‍්‍රමජයන්ත් ලක්‍ෂමන් යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ආදිහූ කළ ප‍්‍රකාශ මුහුණු පොතේ මිස, ප‍්‍රමුඛ මාධ්‍ය  ඉස්මතු  කළේ නැත. පාස්කු ඛේදවාචකය උඩ දමා සෙල්ලම් කළ උදවිය කොරෝනා අවදානමේදී ගොලූ බේත් බී බලා සිටිති. අවදානම අතර, නගරයේ  සයිකල් රේස් සංවිධානය කළ  දඹුල්ල නගරාධිපති  අත් අඩංගුවේය. රෝයල් තෝමියන්, ආනන්ද නාලන්ද මැච්   ඕර්ගනයිස් කළ එවුන් තවමත් නිදැල්ලේ ය.

    පවිත‍්‍රා වන්නිආරච්චි සුසිල් පේ‍්‍රමජයන්ත් ලක්‍ෂමන් යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ආදිහූ කළ ප‍්‍රකාශ මුහුණු පොතේ මිස, ප‍්‍රමුඛ මාධ්‍ය  ඉස්මතු  කළේ නැත. පාස්කු ඛේදවාචකය උඩ දමා සෙල්ලම් කළ උදවිය කොරෝනා අවදානමේදී ගොලූ බේත් බී බලා සිටිති. අවදානම අතර, නගරයේ  සයිකල් රේස් සංවිධානය කළ  දඹුල්ල නගරාධිපති  අත් අඩංගුවේය. රෝයල් තෝමියන්, ආනන්ද නාලන්ද මැච්   ඕර්ගනයිස් කළ එවුන් තවමත් නිදැල්ලේ ය.

    තෙල් අඩු කළේ නැත. රටේ විනය පවත්වා ගෙන යන්නේ නැත.  බක් පුන් පොහෝය තෙක් පවත්නා සිරිපාද වන්දනාව නතර නො කිරීමත් එල්ලා වෙඩි තැබිය යුතු වරදකි. තුනෙන් දෙක ඉල්ලන අයියලා අපදාවක  අටපහ තේරුම් ගැනීමට අසමත් ය.  ජනවාරි 27 දා පළමු කොරෝනා රෝගි කාන්තාව හමුවූ දින ගුවන් තොට වැසුවා නම් මේ විනාසය සිදුවන්නේ නැත.

    පාස්කු  ප‍්‍රහාරය සමග මම ඡුන්දෙට එනවා කී ජනාධිපති වරයා අයියා අගමැති කරන්න කීමෙන් ආපදා හඳුනා ගැනීමේ මැදමුලන  න්‍යාය අප තේරුම්ගත යුතුවේ. පාස්කු  ප‍්‍රහාරයට  සමගාමීව මුස්ලිම් ගම් වලට පහර දීම සංවිධානය කළෝ පොහොට්ටුව වේදිකාවේ සිටියාහ. අද රට පත්ව ඇති ව්‍යසනය ගැන හාන්කවිසියක් නැති රනිල් සජිත් කා කොටා ගන්නේ ඒ නිසාය. යූඇන්පී කාරයන් බහුතරය මාලිමාවට ඡන්දය දෙන්න හිත හදා ගෙන ඇත්තේද ඒ නිසාය.

    1965-70 නුවරඑළිය මන්තී‍්‍ර ඩොනල්ඞ් රණවිර(එජාප) ගේ  ආදායම් බදු ගැටළුට අවශ්‍ය පියවර ගැනීමට අදාල අංශවලට  අගමැති ඩඞ්ලි සේනානායක දුන්නේ එක් සතියක  කාලයකි. ඒ සමග ඩොනල්ඞ් රණවීර කැඳවා ඊළග මැතිවරණයේදී එජාප නාම යෝජනා නො ලැබෙන බව දැන්වීය.

    1958 මහ ගංවතුරට ගලා ආ  ජල කඳ නිසා ගිරිතලේ වැව කැඩෙන්න ආසන්නව තිබිණ. අමාත්‍ය සී.පි.ද සිල්වා වැව කපා වතුර බැස්සවීමට දුන්  උපදෙස කි‍්‍රයාත්මක නොවී ය. ඒ වැව කැපීමේ ප‍්‍රතිපලය තක්සේරු කළ නො හැකි නිසාය.  අවසානයේ අමාත්‍ය සී.පී. ද සිල්වා මින්නේරි දේවාලයට  බාරයක් වී බුල්ඩෝසරයක්  පණ ගන්වා තෙමේව  වැව් බැම්ම කපා වැවත්, ප‍්‍රදේශයත් ආරක්‍ෂා කළේය. එදා ඒ හරහා යම් විනාශයක් සිදුවුණා නම් සී.පි.ද සිල්වාගේ දේශපාලනය අවසන් වීමට ඉඩ තිබිණ.

    නායකයන් කියන්නේ කෑදරයන් නොවේ. බිය ගුල්ලන් නොවේ. වගකීම තේරුම් ගත් යෝධ මිනිසුන්ටය. අර ගමේ ස්කෝලේ ලොකු මහත්තයා වාගේය.

    නායකයන් කියන්නේ කෑදරයන් නොවේ. බිය ගුල්ලන් නොවේ. වගකීම තේරුම් ගත් යෝධ මිනිසුන්ටය. අර ගමේ ස්කෝලේ ලොකු මහත්තයා වාගේය.

    කොරෝනා ව්‍යසනය කළමනාකරණය නො කළ වර්තමාන පාලකයන් තම දේශපාලන සටන් පාඨ කරගත් මද්‍රසා පාසල් තහනම් නො කිරීමෙන්, මුසල්මානු බුර්කා නො කිරීමෙන්, බැංකු හොරු ගාල් නො කිරීමෙන්, දොස්තර සාපි අමතක කිරිමෙන් භික්‍ෂු දේශපාලනය අවසන් කිරීමෙන් කුණු බැනුම් අසති. ඒ ඇයි? මිනිසුන් රවටා බලය ගන්නා කිසිවෙකුට මහ පොළොව සමාව නොදෙන  නිසාය. සාප කරන නිසාය. 56 ජාතීන් අතර වෛරය පැතිරවූ බණ්ඩාරනායක විනාස වුණේ ඒ නිසා ය. බොහෝ දුර ඇවිද යා නො හැකිය.  

    යහ පාලනය භාරගත් රනිල් සජිත්ලා කිසිවෙකු රාජපක්‍ෂලාට අත තිබ්බේ නැත. 2019 රට භාරගත් රාජපක්‍ෂලා රනිල් සජිත්ලාට අත තියන්නේද නැත. කොරෝනා පැතිරුණත් බිග් මැච් නතර නො කරති. ඒ අමන දේශපාලනය නිසාය.

    අර ස්කෝලේ ලොකු මහත්තයාට විභාගයට වඩා දරුවන්ගේ ආරක්‍ෂාව වැදගත් විය.  ඔහු කල්පනා කළේ විභාග ලියන්නත් දරුවන් ආරක්‍ෂා විය යුතු බවය. චමල් රාජපක්‍ෂ කීවේ මිනිසුන් තම ආරක්‍ෂාව සලසා ගෙන ඡන්දය දාන්න ආ යුතු බවය. චමල් රාජපක්‍ෂට අනුව කුරුණෑගල හත් කෝරළේ  මිනිස්සු මහින්ද රාජපක්‍ෂ පත් කළ යුතුවේ. මහනුවරින් මහින්දානන්ද පත් කළ යුතුවේ. දෙ කෝටියක් ජීවත්වන රට කොරෝනාව ළග මරණාසන්නව සිටිත්. ඒ මිනිස්සු 225ක් පත්  කිරීමට අවදානම අමතක කළ යුතුවේ.  19 ව්‍යවස්ථා සංශෝධනයට පින් සිද්ධ වෙන්න ඡන්ද කල් දැමීම නිසා ජනතාව යම් තරමකට සුරක්‍ෂිතව සිටි.

    රොයල් තෝමියන් මැච් එකේදී මැදමුලන රාජපක්‍ෂලාත් හෙණ්ඩියගල සිද්ධියේදී සඳ ලංකාවේ සුබසිංහලාත් කල්පනා කළ ආකාරය රටේ යහපත පිණිස තෝරා බේරා ගත යුතුවේ.  

    සඳලංකාවේ සුප‍්‍රකට ටී.බී.සුබසිංහගේ  දූ වරුන් දෙදෙනා ගියේ හෙණ්ඩියගල ගමේ පාසලටය. එක් දවසක පිස්සු බල්ලෙක් පාසල් වත්තට පැන දගලන්නට විය. දරුවන්  බියෙන් කෑ ගැසූහ. ගුරුවරු පළමුව කළේ සුබසිංහ දියණියන් දෙදෙනා ගුරු නිවාසයේ සුරක්‍ෂිතව තැබීමය. මේ කතාව  ඇසූ සුබසිංහලා තිගැස්සිණ. ඒ තම දරුවන් රැකීමට යද්දී තවත් පාසල්  දරුවෙකුට පිස්සු බල්ලා හැපුවා නම් …. කියා  කල්පනා වූ හෙයිනි. රොයල් තෝමියන් මැච් එකේදී මැදමුලන රාජපක්‍ෂලාත් හෙණ්ඩියගල සිද්ධියේදී සඳ ලංකාවේ සුබසිංහලාත් කල්පනා කළ ආකාරය රටේ යහපත පිණිස තෝරා බේරා ගත යුතුවේ.  

    පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිටි විරවංශගේ දූදරුවන් ඇතුළු ශී‍්‍ර ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු ලංකාවට ගෙන්වා දියතලාවේ නිරෝධානයක කඳවුරේ රැඳවීය. රටට විදේශීය විනිමය ගෙනෙන නොවැම්බර් 16දා පොහොට්ටුවට කතිරය ගැසීමට ස්වේච්ඡාවෙන් ලංකාවට ආ විදේශීය ශ‍්‍රමිකයන්ට ලංකාවට ගෙන්වා ඔවුන් ආරක්‍ෂා කිරීමට කි‍්‍රයා කළේ නැත.

    එහෙත් සංචාරකයන් පරීක්‍ෂාවෙන් තොරව ලංකාවට පැමිණී අතර, මාර්තු 2 තෙක් ගුවන් තොටුපල වසා දැමුවේ නැත. පළමු ශී‍්‍ර ලාංකික රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වුණේ විදේශීය සංචාරකයන්ට දොර හැර දුන් නිසාය. අන්තිමේ  ඉතාලිය ගිනි ගනිද්දී විදේශීය ශ‍්‍රමික ලාංකික ජනතාව සිය ගණන් ලංකාවට පැමිණ තැන තැන සැගවුණාහ. අද ඔවුන් හොරුන් තක්කඩියන් මට්ටමට වැටී ඇත. අද රටේ මිනිස්සු එකී විදේශීය ශ‍්‍රමික ලාංකිකයන්ගේ හැසිරීම හෙළා දකිති. ඔවුන් ජාති ද්‍රෝහින් ලෙස සලකති.

    වඩාත් බරපතල ඔවුන්ගේ හැසිරිමද? රෝයල් තෝමියන් ආනන්ද නාලන්ද මැච් සංසිද්ධීන්ද?ගුවන් තොටුපල විවෘතව තැබීමද? තවමත් සිරිපාදේ යන්ට අවසර දි තිබීමද?

    ‘‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල් වලට යනවලා…..ලොකු ස්කෝලේ මහත්තයාට අනුව යමින් අඹගස්්වැවවේ රාහුල  නායක හාමුදුරුවෝ් රන්ගිරි දඹුලූ විහාරය වසා දැමූ හ. සිරිපාදේ නායක හාමුදුරුවෝ සිරිපාදය වන්දවති. මාර්තු 12 වෙනිදා රෝගින් දෙදෙනෙකි. මාර්තු 23 වෙනිදාට ලංකාවේ  කොරෝනා රෝගීන් 80 ඉක්මවා යමින් පවතී. ඉහත කී භික්‍ෂුන් දෙදෙනාගේ කි‍්‍රයා හරහා කොරෝ්නා වසංගතය පාලනය කිරීමට රටේ පාලකයන් අසමත් බවට තවත් සාක්‍ෂි උවමනාද?

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • මැකොගෙන් විශේෂ ඉල්ලීමක් සමග හෙළිදරව්වක්

    මැකොගෙන් විශේෂ ඉල්ලීමක් සමග හෙළිදරව්වක්

    මහ මැතිවරණය සඳහා දිනයක් තීරණය කරන තුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් – 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් පවසයි.

    මහින්ද දේහප‍්‍රිය මහතා විසින් සිය මුහුණුපොතේ තබා ඇති සටහනේ මෙසේද සදහන් වේ. ‘මේ වෙලාවේ අපි සැවොම එකතු වෙලා කරන්න අවශ්‍ය එකම දේ කොවිඩ් සතුරා පරාජය කරන එක. ඒ් වගේම ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේ දී නොකර සිටින ලෙසත් අපි ඉල්ලා සිටිනවා.

    මහා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම යළි සලකා බැලීම පවා කරනු ලබන්නේ කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාසයකට පසුව එනම් ලබන අප්‍රේල් මස 20 වැනි දිනය පසුවී බව ද මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කර තිබෙනවා.

  • Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි

    Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි

    සටහන – ගජබා නාගහවත්ත

    පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය.

    “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය.

    “සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය.

    “මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය.

    “හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට කථා කළා…” ප්‍රසන්න කීවේය.

    ඒ අනුව පහුගිය සදුදා සිට ප්‍රසන්න පැය 24 ම ගත කළේ නෙළුම් මාවතේය. ප්‍රසන්නගේ සහායට ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක්ද  නෙළුම් මාවතේ කාර්යාලයේ සිටියහ. රට තුළ පැතිර යමින් තිබු කොරෝනා වසංගතය හේතුවෙන් මේ සියලු දෙනා වැඩ කළේ මාස්ක් පැළදගෙනය.

    ශ්‍රීලනිපය වෙනම තරග කිරීමේ සූදානමක් ගැන ආරංචි

    නෙළුම් මාවතේ පහළ කාර්යාලයක පක්ෂ ලේකම් සාගර කාරියවසම් නීතීඥවරු කීප දෙනෙකු සමග නාම යෝජනා පත්‍ර සැකසීමේ නිරතව සිටි අතර බැසිල් නෙළුම් මාවතේ උඩු මහළේ සිය කාමරයේ රැදී සිටිමින් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් නාම යෝජනා ලබා දීමේ දී මතුවන ගැටළු නිරාකරණය කළේය. ප්‍රසන්නට සිදුවුයේ මේ කාර්යාල දෙකටම නිතර යන්නටය. බැසිල් සමග විටෙක විවිධ දිස්ත්‍රික්ක වල නාම යෝජනා ගැටළු විසදීමට එක් වූ ප්‍රසන්න ඉන් අනතුරුව පහළ සාගර කාරියවසම් සමග නාම යෝජනා සැකසීමේ කටයුතු වලට ද දායක වෙමින් සිටියේය.

    ශ්‍රී ලනිපයේ සභාපති හිටපු ජනපති මෛත්‍රී නාමයෝජනා අත්සන් කර තිබුණ ද අනෙකුත් දිස්ත්‍රික්ක වල නාම යෝජනා අත්සන් තැබීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළු මතු ව තිබුණි. මේ නිසා ශ්‍රී ලනිපය වෙනම යාමේ සුදානමක් පිළිබද කථාබහක් ආවේ ඔය අතරය. අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යෝජනා පිළිබද ගැටළු මතු ව තිබුණි. එම දිස්ත්‍රික්කවලට ශ්‍රිලනිපය ඉල්ලු අපේක්ෂක සංඛ්‍යාව ලබා ගැනීම සදහා දයාසිරි හා දුමින්ද වෙනම සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර අපේක්ෂත්වය නොලැබුණු ජීවන් ඇතුළු පිරිසක් වෙන ම ඉල්ලීමේ සුදානමක් තිබුණි.

    දුමින්ද දිසානායක පෙනේ පුප්පයි

    මේ අතර පහුගිය අගහරුවාදා  දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නව යෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.

    “මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. අර ප්‍රසන්න තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. මිනිහගේ කට වහන්න කෙනෙක් නැද්ද? ප්‍රසන්න හිතගෙන ඉන්නේ එයා කවුරු කියලද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්. ” දුමින්ද මහ හඩින් කීවේය.

    සාගර කොතරම් කරුණු කියුවත් එය දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.

    මේ අතර ඉහළ මාලයේ සිට බැසිල්ට ද මේ සද්දය ඇහුණි. ” ප්‍රසන්න අර මොකද්ද පහළ සද්දෙ කියලා බලන්න….” බැසිල් කීවේ ළග සිටි ප්‍රසන්නටය.

    ප්‍රසන්න දැක්ක ගමන් දුමින්ලදාට වුණ දේ

    ඒ අනුව ප්‍රසන්න සාගරගේ කාමරයට ආවේ දුමින්දලා බැණ වදින්නේ තමන්ට බව නොදැනය. එකවරම කාමරයට පැමිණි ප්‍රසන්න දුටු දුමින්දලා ද තුෂ්ණිම්භුත විය.

    “මොකෝ ඇමතිතුමාලා මේ සද්දේ? කියමින් දුමින්දලා අසළින් වාඩි වු ප්‍රසන්න ” මොකද අත්සන් කරන්නේ නැද්ද?” යැයි ඇහුවේය. දුමින්ද , දයාසිරි මුහුණට මුහුණ බලාගත්ත මිස කිසිවක් කීවේ නැත.

    “අත්සන් කරන්න. අත්සන් කරන්න. මේක ජාතික කර්තව්‍යයක්නේ. ප්‍රශ්නයක් තියනවනම් අන්න බැසිල් ඇමතිතුමා ඉන්නවා. එන්න යමු ගිහින් කථා කරමු.” ප්‍රසන්න කිවේය.

    දුමින්දලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔවුන් පුටුවෙන් නැගිට්ටේය. “යමු. යමු ” ප්‍රසන්න ඉස්සර විය. දයාසිරි හා දුමින්ද බැසිල් සමග සාකච්ඡා කළේ තනිවමය. ප්‍රසන්න එතැනට ගියේ නැත. බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.

    මහින්දට ගම්පහ ඉඩ දී ඉවත් වෙන්න ප්‍රසන්න සූදානම් වෙයි

    අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටළුව විසදාගැනීමට බැසිල්ට හැකි විය. ඒ එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ සාකච්ඡාවේ සිටි ප්‍රසන්න සිය හිතවතෙකු මගින් වීරකුමාරට පණිවිඩයක් දි පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැ‘යි දැනුම් දුන්නේය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටළුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු  අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි.

    “මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න.” මහින්ද බැසිල්ට කියා තිබුණි. මේ ආරංචිය ප්‍රසන්නට දැනගන්නට ලැබුණි. ඔහු වහා අගමැති මහින්ද ඇමතුවේය.

    “සර්… ඒ වැඩේ නම් කරන්න එපා. සර් මේ පාර ඡන්දය ඉල්ලලයි අගමැති වෙන්න ඕන. මිනිස්සු බලාගෙන ඉන්නේ සර්ට ඡන්දය දෙන්න. කුරුණෑගලින් ඉඩ නැත්නම් ගම්පහට එන්න. මම අයින් වෙලා සර්ට ඒ අවස්ථාව දෙන්නම්.” ප්‍රසන්න කීවේය.

    “නෑ. නෑ. එහෙම ඕන නෑ. ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයාව පාර්ලිමේන්තු යවන්න. ” මහින්ද කීවේය.

    ගම්පහ ඇපයට තබා අනෙක් දිස්ත්‍රික්කවල අතේ ගැටලු විසදූ හැටි

    ප්‍රසන්න බදාදා ගම්පහ නාමයෝජනා භාරදීමට සියල්ල සුදානම් කර තිබුණ ද ඔහු වහා ම එය අවලංගු කළේය. ඒ ගම්පහ ඇපයට තබමින් අනෙකුත් දිස්ත්‍රික්ක වල ශ්‍රිලනිපයේ ගැටළු විසදීමට බැසිල් සමග ප්‍රසන්න එළඹි එකගතාවය නිසාය. කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට නාම යෝජනා සියල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි විය.

    මුලින් විරෝධය පළ කල ද දයාසිරිලා බදාදා උදෑසන නෙළුම් මාවතට පැමිණ නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.

    බදාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රසන්න උඩුගම්පළ සිය නිවසට ආවේ පසුදින නාමයෝජනා පත්‍ර භාරදීමට යාම සදහාය. නාම යෝජනා පත්‍රය කොපමණ පරික්ෂා කළත් ඔහුගේ හිතට එය මදි විය. නැවතත් සිය හිතවත් නීතිඥ මහත්වරු කීප දෙනෙක් සමග නාම යෝජනා පත්‍රය පරීක්ෂා කළ ප්‍රසන්න නින්දට ගියේ සුළු දෝෂයක් හෝ නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

    විජිත් විජිත මුණිට සිදු වුණ අවුල

    පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ නාමයෝජනා භාරදීමට ගියේ නිමල් ලාන්සා ඇතුළු පිරිස සමගය. නීතිඥ සරණ, සරල සොහොයුරෝ ද ඒ සමග වූහ. එක්සත් ජාතික පක්ෂය වෙනමත් සජිත්ගේ ජාතික සමගි බලවේගය වෙනමත් ගම්පහට නාමයෝජනා භාරදුන්හ.

    ජාතික සමගි බලවේගයේ විජිත් විජිතමුණි සොයිසා දුටු ලාන්සා ‘දැන් මොකද එකතු වෙන්නේ නැද්දයි ?“ යි ඇසුවේය.

    ‘අපෝ කලබල වෙන්නෙපා. අපේ ආරෝව දියේ ඇන්ද ඉරක් වගෙයි. අපි කට්ටියම වෙලාවට එකතු වෙනවා‘ විජිතමුණි කීවේය.

    ‘ඔය කිවුවට දෙගොල්ලෝ මුණට මුණවත් බලන්නේ නෑනේ‘ ප්‍රසන්න කියන විට විජිතමුණි හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

  • Hot Plate:රෝයල් – තෝමියන් බිග් මැච් එක දා මම ශිරන්තිත් දැක්කා – රනිල්

    Hot Plate:රෝයල් – තෝමියන් බිග් මැච් එක දා මම ශිරන්තිත් දැක්කා – රනිල්

    මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි.

    වෙනදා මෙන් මන්ත්‍රීවරුන් රැසක් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර කාර්යබහුල තත්ත්වය හමුවේ වුවද ඔවුන් හා සුහද පිළිසදරේ යෙදීමට නායක රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

    “කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් දාන්න කියා කව්රුත් කියනවා. නමුත් ආණ්ඩුව එය ගණන් ගන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව කැදවන්න කියලා හැමෝම ඉල්ලුවා. අගමැති කියන්නේ නාමයෝජනා දුන්නට පසු හමුවෙමු කියලායි. මේකට විසදුමක් නැතිද?” නවීන් දිසානායක විමසා සිටියේ නායකයාගෙනි.

    “ආණ්ඩුව මුල ඉදළම මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. ඡන්දය කියන්නේ ජනතාව සමග කරන කටයුත්තක්. එංගලන්තයේ නම් ඡන්ද රැස්වීමකට එන්නේ 50 ක් විතර ගානකුයි. අපේ එහෙම නොවෙයි අපේ රැස්වීමකට දාහක් විතර එනවා. ඒක නිසයි, අපි කිව්වේ ඡන්දය කල් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා අවශ්‍ය මුදල් වෙන් කරගෙන මුළින් ව්‍යසනය අවසන් කරලා ඉමු කියලා. නමුත් ආණ්ඩුවට ඔනෑ ඉක්මණින් ඡන්දය තියන්න.” නායකයා පැහැදිලි කළේය.

    “ඡන්දය දාන්න පෝලීමේ ඉන්න ඕනේ. එකම පැන්සලෙන් කතිරය ගහන්නේ. ගණන් කරන තැන නිලධාරිනුත් මෙතනදි අර්බුදයට යනවා. හොදම විසදුම ඡන්දය කල් දමා සර්ව පාක්ෂික සමුළුවෙන් ගැටළුවට විසදුම් සෙවීමයි” නායකයා තවත් විස්තර එක් කළේය.

    “ජනාධිපතිගේ ජාතිය ඇමතිමේ කතාව නිසා මිනිස්සු තවත් අසරණ වුනා. මීට වඩා දෙයක් කියයි කියා මිනිස්සු හිතුවා.” චම්පිකා ප්‍රේමදාස කීවේය.

    “ඔව් ඇත්තටම එතනදි ජනතාවට විශ්වාසය තහවුරු වන යමක් කියැවුනේ නැහැ. සියලු දෙනා එකට එක්වී වසංගතය පරදවමු කියන දේ මෙතනදි එළියට ආවේ නැහැ. ඉස්සරහට සිංහල අවුරුදු එනවා. පාස්කු, රාමසාන් කාල එනවා. ඒ කියන්නේ ජනතාව පාරට එන අවස්ථාවයි. මේ ගැනත් යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ.” නායකයාගේ කතාව සැවොම අනුමත කළහ.

    “සර් රෝයල් – තෝමියන් බිග් මැච් එක බලන්න ගියාලු නේද? එතනත් ආසාදිතයෙකු ඉදලා තිබෙනවා. ඒක නවත්වන්න කියපු එක ඇහුවේ නෑ කියලාද කියන්නේ.

    ” ඔව් මට එතනදි ශිරන්ති රාජපක්ෂවත් හමුවුනා. මම වැඩිවේලාවක් හිටියේ නැහැ. කොහොමවුනත් අපිත් කිව්වේ මැච් එක නවත්වන්න තිබුණා කියන කාරණයයි.” නායකයා කීවේය.

    “ජනාධිපතිතුමාත් ආනන්ද – නාලන්ද බිග් මැච් බලනවා අප දැක්කා. එතන වරෙන්තුකාරයෙකුත් හිටියා නේද? කොහොම වුනත් මෙහෙම නම් ඡන්දය කරන්න බැහැ.” කේ.කේ පියදාස මැසිවිල්ලි ඉදිරිපත් කළේය.

    “ඔව් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම උපයෝගි කරගෙන තුනෙන් දෙක ගන්නයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රාත් එ්ක කියා තිබුණා. අප්‍රේල් 25 වැනි දායින් පස්සට යන්න යන්න ආණ්ඩුවට අවාසියි. ඒකයි මේ ඡන්දය කල් දාන්නේ නැත්තේ.” වජිර අබේවර්ධන පැහැදිළි කළේය.

    “නාම යෝජනා බාර ගත්තාට පසු මැතිවරණ කොමසාරිස්ට මැතිවරණය කල් දාන්න බලය ලැබෙනවා. ඔහු ඒ අනුව කටයුතු කරයි කියා අප හිතනවා.” නායකයා සදහන් කළේය.

    “මැතිවරණ කොමිසම ඡන්දය කල් දැම්මොත් මුදල් හොයා ගන්නේ කොහොමද?” චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

    “මුදල් ගන්න නම් පාර්ලිමේන්තුව කැදවන්න ඕනෑ. මෙහෙම මුදල් ගන්න එක නීත්‍යානුකූල නෑ. පාර්ලිමේන්තුව කැදවීම තමයි, හොදම විසදුම. නමුත් ආණ්ඩුව එය කරන්නේ නැහැ. කැබිනට් එක තියාගෙන දුවන්න බලන්නේ.” නායකයා පැහැදිළි කළේය.

    “සමගි ජන බලවේගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ පක්ෂයේ කලින් හිටපු කෙනෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිබෙන බව ආරංචියි.” වජිර අබේවර්ධන කීවේය.

    “ඔව්! එහි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේක සන්ධානයට හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. අනෙක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකකමින් හිටපු විපක්ෂනායකතුමා අයින් වෙලාත් නෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක කෙනෙක්ට ඒ පක්ෂයෙන් ඉල්ලන්න බෑ. මෙයාලා මැතිවරණ කොමිසමට ඔවුන්ගේ අලුත් ව්‍යවස්ථාව දී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් දීපු දිනයටත් පසුව දිනයකයි. මේ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා.” පක්ෂ නීති නිලධාරියෙකු පෙන්වා දුන්නේය.

    “මේ කට්ටියට කරන්න තිබුණේ කාගෙත් යෝජනාව වෙච්ච කරුණාසේන කොඩිතුවක්කු ලේකම් කරලා ඡන්දයට යන්නයි. එහෙම නම් බය වෙන්න දෙයක් දෙපැත්තටම ඇතිවෙන්නේ නැහැනේ.” නවින් දිසානායක පෙන්වා දුන්නේය.

    “ආණ්ඩුවට මැතිවරණය කල් දාන්නවත් පාර්ලිමේන්තුව කැදවන්නවත් වුවමනාවක් නැහැ. සර් දැන් අපේ මැතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙල මොකක්ද?” කේ.කේ පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

    “අර්ජුන රණතුංග, නවීන් දිසානායක, දයා ගමගේ, රවි කරුණානායක, රුවන් විජයවර්ධන වගේ අලුත් මුහුණු ටිකක් මෙවර මැතිවරණය මෙහෙයවනවා. ඩි.එස් සේනානායක මැතිදුන් හදපු පක්ෂය අලුත් පරපුරක අලුත් ගමන මේ මැතිවරණයත් සමගම ඇති වෙනවා. නයකයා සදහන් කළේය.

    “ඔව් දැන් මංගල, රන්ජන්, ඉරාන්, රිෂාඩ්, හකිම්, මනෝ වගේ අය නැහැනේ? මම නම් හිතන්නේ නායකතුමා කිව්වා වගේ මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ගේ සියලු ජාතීන්ට සෙවන වූ එක්සත් ජාතික පක්ෂය දැන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් පක්ෂය ලෙස අපට දැන් බෞද්ධයන්ට වගේම අන්‍ය ජාතීන්ටත් හොදින් ආමන්ත්‍රණය කරන්න පුළුවනි. අපට දිගින් දිගටම අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම ගොඩ නගන්න හොදම අවස්ථාව මේකයි. එදා බෙදිලා තිබුණේ දේශපාලන දර්ශනයන් අනුවයි. නමුත් මෑත කාලයේදි බෙදුනේ ජාතිය හා ආගම අනුවයි. ජාතිය හා ආගම අනුව බෙදුණු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා ගොනුවූ නිසා ඩි.එස් සේනානායක මැතිදුන් හැදු සිංහල බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයට නැති වුනා. දැන් අපට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම පක්ෂයට දිනා ගන්න.” වජිර අබේවර්ධන දීර්ඝ විස්තරයක් කළේය.

    මේ අතර සමගි ජනබලවේගයේ නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයෝ බොහොමයක් පිටකෝට්ටේ පිහිටි විපක්ෂ නායක සජිත්ගේ කාර්යාලයට පැමිණ සිටියෝය. එහිදි මහ නුවර අපේක්ෂක ලැයිස්තු සකස් කිරිම පිළිබද කතාබහක් ඇතිවිය.

    එහිදි කළුතර හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ගැටළුව පිළිබදව විමසා සිටියේය.

    සිංහල තුනක් හා මුස්ලිම් දෙකක් දිනුවොත් අපෙක්ෂක ලැයිස්තුවේ අනෙක් දස දෙනාටම එක ධූරයකට තරග කරන්න සිදුවීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

    පසුව කිරිඇල්ල හා විතාන ගොස් හොදම විසදුම තිස්ස අත්තනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දීම බවට කිරිඇල්ල කළ යෝජනාව සජිත් පිළිගැනීමත් සමග ප්‍රශ්නය අවසන් විය.

  • පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ශ්‍රීලනිපයට 2යි

    පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ශ්‍රීලනිපයට 2යි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණයට අදාළ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කළා.

    ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම්, ජනාධිපති නීතීඥ අලී සබ්රිල මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණල සීතා අරඹේපොළ, ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්, ටිරාන් අලස් සහ මොහොමඩ් මුස්ම්මිල් යන මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහත්වරුන්ටද ජාතික ලැයිස්තු නියෝජනයන් හිමිව තිබෙනවා. එම සම්පූර්ණ ලැයිස්තුව පහත සදහන් වෙනවා.

  • ඥානසාර හිමියන්ගේ දියවන්නා සිහිනය සුන් – රතන හිමිගේ පක්ෂයේ නාම යෝජනා 03ක් ඉවතට

    ඥානසාර හිමියන්ගේ දියවන්නා සිහිනය සුන් – රතන හිමිගේ පක්ෂයේ නාම යෝජනා 03ක් ඉවතට

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අතුරලියේ රතන භික්ෂුව විසින් නා​යකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    බොදුබල සේනා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන ආන්දොලනාත්මක සිදුවීම් රැුසකට මුල් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම ​සඳහා නාමයෝජනා අත්සන් කර තිබුණා.

    මේ සම්බන්ධයෙන් රතන භික්ෂුව ප‍්‍රමුඛ පිරිසක් මැතිවරණ කොමිෂම සමග සාකච්ඡුා කරමින් සිටින බවයි වාර්තා වුණේ.

  • මහ මැතිවරණය සති දෙකකින් කල් යනවා – මැකො

    මහ මැතිවරණය සති දෙකකින් කල් යනවා – මැකො

    සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා.

    වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් ​සඳහන් කළේය.

    “නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද” කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

    ”COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    “කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත” යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

  • නාමයෝජනා Hot News: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා අලියගෙන් එයි

    නාමයෝජනා Hot News: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා අලියගෙන් එයි

    මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට

    හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

    තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි.
     
    තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් මර්වින් සිල්වා පවසා තිබෙනවා.

    පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක් වන මර්වින් සිල්වා එම යුගයේ එජාපයේ දැඩි විවේචනයට ලක්වූ ඇමැතිවරයෙක් වශයෙන් සැලකුණා. විශේෂයෙන් එජාපයට හිතවත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට පහරදීම, රූපවාහිනී සංස්ථාවට කඩා පැන එහි මාධ්‍යකරුවන්ට පහරදීම, සමෘද්ධි නියාමකවරයෙකු ගස් බැදීම ආදි කුප්‍රකට චෝදනා ඔහුට එරෙහිව තිබුණා.

    රනිල් යළිත් සිරස මාධ්‍යකරුවෙක් දේශපාලනයට කැදවයි

    මාධ්‍යවේදී මහේෂ් සේනානායක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (18) නාම යෝජනා අත්සන් කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ඉහළ පෙළ නායකයින් කිහිපදෙනෙකුම සිදුකළ ඉල්ලීමට අනුව බවයි වාර්තා වුණේ.

    එක්සත් ජාතික පක්ෂ නායකයා පසුගිය කාලය පුරාම සිරිස මාධ්‍ය ජාලයට අයත් මාධ්‍යකරුවන් රැසක් දේශපාලනයට කැදලා ගත් අතර ඔවුන් සියලු දෙනාම ( ශ්‍රීරංගා, බුද්ධික පතිරණ, මනුෂ නානායක්කාර, සුසිල් කිදොලපිටිය, එස්.එම් මරික්කාර් ආදීන්) විශේෂත්වයක්.

  • සිරිසේන ‘චිට් එක වැඩිකර ගන්න’ බැසිල්ට කන්කෙදිරි ගාලා

    සිරිසේන ‘චිට් එක වැඩිකර ගන්න’ බැසිල්ට කන්කෙදිරි ගාලා

    කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි.

    ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් අමතා මෙම ඉල්ලීම කළ බවයි.

    සිරිසේන මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් පිළිතුරක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහාතා එහිදී දැනුම් දුන් බවත් ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයා ප‍්‍රකාශ කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා කියා සිටියේ කලින් තීරණය කළ පරිදි කලුතර, නුවරඑළිය, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවයි.

    දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවට දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එම රැස්වීමේදී පෙන්වා දුන් බවත් ඒ අවස්ථාවේදී හිටපු ජනපතිවරයා දුරකථනයේ බැසිල් රාජපක්ෂ මහතාට අමතා කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සදහන් කළේය.

    මේ අතර ශ‍්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක ද ‘අත’ ලකුණ යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට වෙනම අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවයි.

    මේ තත්ත්වය තුළ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලට ද මහින්ද අමරවීර හම්බන්තොටට ද ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත්වීම සඳහා මේවනවිටත් නාමයෝජනා අත්සන් කර තිබීම විශේෂත්වයකි.

  • වැලේ වැල් නැති ‘සිරිසේනගේ ශ්‍රීලනිපෙ’ පෙණේ පුප්පන්න දත කයි

    වැලේ වැල් නැති ‘සිරිසේනගේ ශ්‍රීලනිපෙ’ පෙණේ පුප්පන්න දත කයි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී මහ මැතිවරණයට තරග කිරීමේදි අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17) දහවල් පැවැත්වෙන ශ‍්‍රීලනිප දේශපාලන මණ්ඩල රැුස්වීමේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

    ශ‍්‍රීලනිපය දැනටමත් මහනුවර,කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තර​ඟ කිරීමට තීරණය කර ඇති බවත් අද දහවල් ගන්නා වූ තීන්දුවෙන් පසු බොහෝ දුරට දිස්ත‍්‍රික්ක 22ටම තනිව තරග කිරීම සදහා තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවත් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

    අද දහවල් ගනු ලබන තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම සියලුම දිස්ත්‍රික්වලට තරග කිරීමට තීරණය කළහොත් ශ්‍රි ලංකා පොදජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවක් යම් අර්බුදයකට ලක්වන බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා,

    ‘මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අපේක්‍ෂකත්වය ලබාදීමේදී සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රීයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එතුමාගේ කොළඹ, මහගම සේකර මාවතේ නිල නිවසේදී පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පැය දෙකහමාරකට අධික කාලයක් පුරා අපි දීර්ඝව සාකච්ඡා කළා. නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් අපට ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන වෙමින් තිබෙනවා. එය අපිට වටහා ගත හැකි තත්ත්වයක්’

    මෙහිදී ඊයේ (16) ශ‍්‍රීලපොපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී ඇති වූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා පැහැදිලි කළේය.

    ‘මහ මැතිවරණය සද’හා නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණ තිබෙනවා. ඒ වගේම වීරකුමාර දිසානායක හිටපු මන්ත‍්‍රීතුමත් නාම යෝජනා අත්සන් කර නැහැ’

    ‘මෙහිදී ඉතාම පැහැදිව පෙනි යන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේදී ඇති කරගත් සම්මූතීන් නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී බිඳ දමා ඇති බවයි. මේ කොන්දේසි බිද දැමීම හා තම පක්‍ෂයට අවම අවස්ථාවන් දීම සම්බන්ධවත් දුමින්ද දිසානායක මහතා එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් කරුණු විමසා තිබෙනවා. ඒත් ඒ ගැන තාම පැහැදිලි පිළිතුරක් නැහැ. ඒ අනුව තමයි අපි අද දහවල් විශේෂ රැුස්වීමක් කැදවා තිබෙන්නේ. එහිදී දැඩි තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවයි මේ වන විට ආසන සංවිධායකයින්ගෙන් සහ පාක්ෂිකයින්ගෙන් එල්ල වෙන පීඩනය අනුව අපට කිව හැකි වන්නේ’

    මේ අතර හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේ සහ මහින්ද අමරවීර පසුගිය දා නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තබා තිබිණි. නාම යෝජනා අත්සන් කිරීමට පැමිණි සිරිසේන හිටපුු ජනාධිපතිවරයාට නිසි පිළිගැනීමක් නොවුණ බවත් ඔහු දැඩි කම්පනයකින් අදාළ ස්ථානයේ සිටි බවත් මේ අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන් කිහිප දෙනකු පැවසුවේය.

  • කොරෝනා කළ අවුල සහ අවුල් කළ අය ගැන ජවිපෙ නායකයාගෙන් හෙළිදරව්වක්

    කොරෝනා කළ අවුල සහ අවුල් කළ අය ගැන ජවිපෙ නායකයාගෙන් හෙළිදරව්වක්

    අද දින (මාර්තු 16 ) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ කතාව

    ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් දින නියමයක් නොමැතිව ප‍්‍රචාරක කටයුතු දින ගණනාවකට නවතා දමන්න සිදුවෙනවා.

    මේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් මස 02වැනිදා දක්වා වලංගුව තිබුණා. එසේ තිබියදී මාර්තු 02වැනිදා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබුණු බලය උපයෝගී කොටගෙන විසුරුවා හැරියා. අපේ‍්‍රල් 25වැනිදා මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කොට තිබුණා. නාමයෝජනා බාර ගැනීම අවසන් වෙන්නේ මාර්තු 19වැනිදායි. ජාතික ජන බලවේගය මෙම මැතිවරණයේදී සෑම දිස්ති‍්‍රක්කයකටම තරග කරන්න තීරණය කර තිබෙනවා.

    අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර නම පිළිබඳ, ලකුණ පිිළිබඳව, කටුසු, උකුසු අ`ඩදබරයන් ප‍්‍රකාශයට පත්වෙන අතර ජාතික ජන බලවේගය ලෙස අපි සියලූම දිස්ති‍්‍රක්කයන් සඳහා නාමයෝජනා අත්සන් කොට අවසන්. නාමයෝජනා බාරදීමෙන් පසුව අපි අපේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් ලෙස දියත් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

    අපේ‍්‍රල් මාසයේ 25වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී විශේෂ ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට උතුරු-නැගෙනහිර ඇතුළු සියළු පලාත්වල ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයකට අවශ්‍ය මූලික සැලසුම් දියත් කරලා ඇතැම් කි‍්‍රයාමාර්ග ගනිමින් තිබුණා. සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජන හමු විශාල ප‍්‍රමාණයක්, ආසන මට්ටමේ රැුස්වීම් විශාල ප‍්‍රමාණයක්, සෑම දිස්ති‍්‍රක්කයකම ප‍්‍රධාන නගර කේන්ද්‍ර කරගත් මහජන රැුලි සූදානම් කර තිබුණා. අපි නාමයෝජනා බාරදුන් වහාම ප‍්‍රචාරක වැඩසටහන් දියත් කිරීමට සියලූ සැලසුම් සකස්කර තිබුණා.

    කොරෝනා වෛරසය පැතිරෙන තත්වය තුළ එම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු දියත් කර ගැනීටම අපහසු තත්වයක් ඇතිවෙලා තිබෙනවා. වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි විසින් තීරණයක් ගනු ලැබුවා, ප‍්‍රධාන රැස්වීම්, ජනහමු ඇතුළු ජනතාව ඒකරාශී වන සියලූ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට අවතීරණය නොවී සිටීමට. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයින්, වසංගත රෝග විශේෂඥයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී මහජන සෞඛ්‍ය පිළිබඳව වගකියන සියලූ ආයතන දැනුවත් කොට තිබෙනවා, ලංකාව තුළ ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මකයි කියලා. මේ නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තාවකාලිකව නවත්වා මෙම වසංගත රෝග තත්වය පැතිරීම වළක්වා ගැනීමට සහාය ලබාදීමට අප තීරණය කළා.

    දැන් පැන නගින ප‍්‍රශ්නය තමයි මැතිවරණයට සිදුවන්නේ කුමක්ද යන්න. මැතිවරණ ව්‍යාපාරයක ප‍්‍රධාන කාර්යය වන්නේ ඒ ඒ පක්‍ෂ ජනතාව මුණගැසෙමින් ජනතාවට තමන්ගේ දේශපාලන පණිවුඩය ගෙනයාම. ඒ නිසා තමයි මැතිවරණ ප‍්‍රචාරණ කාලයක් ලබාදී තිබෙන්නේ. මෙම මැතිවරණයේදී නම් මාර්තු 19 සිට අපේ‍්‍රල් 22 දක්වා දේශපාලන පක්‍ෂවල ප‍්‍රචාරක කටයුතු කිරීමට කාලය ලබාදී තිබෙනවා. මැතිවරණයේදී ජනතාව තමන්ට ඡුන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න තම දේශපාලන පක්‍ෂය ප‍්‍රතිපත්ති කුමක්ද යන්නත් යන දේශපාලන පණිඩුවය ජනතාව වෙත ගෙයාම තමයි මෙහි අරමුණ වෙලා තිබෙන්නේ.

    නමුත් මේ මොහොතේ මහජනයා ගැවසෙන සියලූ කටයුතු සීමා කර තිබෙන තත්වයක් තුළ දේශපාලන පක්‍ෂයක් ලෙස අපි විශාල අභියෝගයකට මුහුණ දෙනවා මෙම පණිවුඩය ජනතාව අතරට ගෙනියන්නේ කොහොමද කියලා. ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට තමන් විසින් අත්පත් කරගත් මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරණය ගෙනයාමේ හැකියාව තිබුණත් එම දේශපාලන ව්‍යාපාරවල පහළ මට්ටමේ අපේක්‍ෂකයින්ට පවා තමන් පිළිබඳව, තමන්ගේ මනාප අංකය පිළිබඳව ජනතාවට පණිවුඩ ගෙනයාමේ දුෂ්කරතාවයක් ඇතිවෙනවා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තිබෙන මාසයකට ආසන්න කාලයෙන් දින නියමයක් නොමැතිව ප‍්‍රචාරක කටයුතු දින ගණනාවකට නවතා දමන්න සිදුවෙනවා. අපේ දේශපාලන පණිවිඩය ජනතාව අතරට ගෙයාමේ බාධාවක් ඇතිවෙනවා.

    දෙවැනි ගැටලූව වන්නේ එම තත්වය නොසලකා එවැනි දේශපාලන ප‍්‍රචාරක කටයුතුවලට යම් ව්‍යාපාරයක් එළඹෙනවා නම් මෙම කොරෝනා වෛරස තත්වය ව්‍යාප්ත වීමට එය බලපානවා. ජනතාව රැස්වීම්වලට එකතුවීම, කැන්වසින් කටයුතුවලට එක්වීම, ගෙන් ගෙට යාම මගින් මෙම වසංගත තත්වය වර්ධනය වීමට හේතුසාධක වෙනවා. තුන්වැනි කාරණය වන්නේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයින් පවසන පරිදි ඉදිරි සතිදෙක ලංකාවට තීරණාත්මක කාල වකවානුවක් වීමයි.

    යම් රටක පුද්ගලයින් කිහිප දෙනෙකුට මෙම රෝගය වැළඳුණු පසුව එය ව්‍යාප්ත වීමේ කාලය සති දෙකක් ඇතුළත වන බව ලෝකයේ අනෙක් රටවල දත්ත අනුව තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම උණ රෝගය කොපමණ ප‍්‍රමාණයකින් වර්ධනය වේවිද, කොතරම් පුද්ගලයින් ප‍්‍රමාණයකට වැළඳෙයිද කියලා අවසන් නිගමනයකට එළඹෙන්න අසමත් වෙලා තිබෙනවා. එය පුරෝකථනය කළ නොහැකි තත්වයක්.

    එම නිසා මෙවැනි තත්වයන් නිර්මාණයවී තිබියදී මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා මෙම මැතිවරණය පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය රටට ප‍්‍රකාශයට පත්කරන්න. මැතිවරණයක් සර්ව සාධාරණ වන්නේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තමන්ගේම මතය ජනතාව වෙත ගෙනයාම සඳහා කිසිදු බාධාවක් නොමැති වීමයි. බොහෝ විට පසුගිය කාලය පුරාවටම මැතිවරණ කොමිසම විවිධ නීති පනවමින් යෝජනාවන් ඉදිරිපත් කරමින් දේශපාලන ව්‍යාපාර දැනුවත් කරමින් සිදුකළේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කිරීමයි.

    නමුත් මෙම වසංගත තත්වය විසින් විශාල අසමතුළිතතාවයක් ඇතිකොට තිබෙනවා. ධනය, බලය සහ මාධ්‍ය හිමිකරුවන්ට සුවිශේෂී මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමේ හැකියාවත් අනෙකුත් දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ ග‍්‍රාමීය සාමාජිකයින් හරහා මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයාමට සිදුවීමේ අසමතුළිත තත්වක් ඇතිවෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම මෙම මැතිවරණය සම්බන්ධයෙන් වහාම තීරණයක් ප‍්‍රකාශයට පත්කළ යුතුව තිබෙනවා. මොකද, ඉතාම කෙටි ප‍්‍රචාරක කාල සීමාවක් ලැබී තිබෙන නිසා දේශපාලන පක්‍ෂවලට වැඩ සැලසුම් කරගත යුතු වෙනවා. ඒ නිසා අපි මැතිරණ කොමිසම හමුවීමටත් තීරණය කොට තිබෙනවා.

    මෙම කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා සුවිශේෂී වූ පිහිටීමක් අපේ රටේ තිබෙනවා. අපට තිබෙන්නේ එක් ප‍්‍රධාන ජාත්‍යන්තර වරායක්, ප‍්‍රධාන නොවන තවත් වරායක් සහ එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පමණයි. එවිට කොරෝනා වෛසරය වැළඳුණු පුද්ගලයන් අපේ රටට පැමිණීමේ ප‍්‍රධාන දොරටු දෙකයි තිබෙන්නේ. එනම් ගුවන්තොටුපොළ සහ වරාය හරහායි. ඒ වගේම මෙම වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම ඇතැම් රටවල් තමන්ගේ ගුවන් වාර විශාල ප‍්‍රමාණයකින් අඩු කළා. ඒ වගේම සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් සංචාරයේ යෙදීම අඩු කොට තිබෙනවා. ඒ නිසා ඉතාම අඩු ප‍්‍රතිශතයක් තමයි පහුගිය කාලයේ අපේ ගුවන්තොටුපොළෙන් රටට ඇතුල් වුණේ. එවැනි තත්වයක් තිබියදී පවා ආණ්ඩුව අසමත් වී තිබෙනවා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කොට මෙම කොරෝනා වෛරසය රටට තුළට ඇතුල්වීම වළක්වා ගන්න.

    පළමු රෝගියා ලෙස චීන කාන්තාව හඳුනා ගත් පසුව ආණ්ඩුව විවිධ තාක්‍ෂණික කරුණු, උපකරණ ගැන විවිධ කතා කිව්වා. විවිධ පරීක්‍ෂණයන් සිදුකරන බව කිව්වා. නමුත් අවසානයේදී පෙන්නුම් කොට තිබෙනවා, ඒ සියල්ල අසමත්ව ලංකාව තුළට වෛරසය ඇතුළු වී තිබෙනවා කියා. දැන් එම සිදුවීම්වලට චෝදනා කරමින් විවේචනය කරමින් ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග රැුසක් තිබෙනවා. මෙම අවස්ථාව ජාතික ව්‍යසන තත්වයක් සේ සලකා සියලූ දෙනාම සාමූහිකව වසංගතය පැතිරීම වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා. වැළැක්විය නොහැකි ලෙසම එහි ප‍්‍රථම කාර්යයක් රජයට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන යාන්ත‍්‍රණය තිබෙන්නේ රජය සතුවයි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ඔබට මහජනයා පිළිබඳව පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කිරීමට රාජ්‍ය යාන්ත‍්‍රණය නිසි පරිදි මෙහෙයවන්න කියලා.

    එදිනෙදා මතුවන තත්වයන්ට එදිනෙදා තීන්දු- තීරණ ගන්නවා වෙනුවට මෙම අනතුරුකාරී තත්වය පිළිබඳව පූර්ව නිගමනයකට පිවිස මෙම වසංගතය වළක්වා ගැනීමට ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ වගේම මෙහි ප‍්‍රධාන වගකීමක් පැවරෙනවා මහජනතාවට. මෙම රෝගයෙ වාහකයා මිනිස් සිරුරයි. එම නිසා අනවශ්‍ය ගමන් බිමන්, අනවශ්‍ය ඒකරාශීවීම් වළක්වා ගන්නා අතර තමන්ට යම් රෝගී ලක්‍ෂණයක් ඇතිවුවහොත් හැකි ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවීමේ වගකීමක් මහජනතාවට තිබෙනවා. රජයට පමණක් තනිවම කළ හැකි දෙයක් නොවෙයි. මහජනතාව මෙම වසංගතයෙන් බේරීමට කොයි තරම් මානසික සූදානමක් තිබේද, කොයි තරම් කැපවීමක් කිරීමට සූදානම්ද යන්න මත මෙය වැළැක්වීම තීරණය වෙනවා. ඒ වගේම දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන තමන්ට තිබෙන යාන්ත‍්‍රණයන් උපයෝගී කරගෙන මෙම තත්වය වැළැක්වීම සඳහා කි‍්‍රයාමාර්ග ගත යුතු බව අපි විශ්වාස කරනවා. ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම කාර්යයේදී උපරිම සහාය ලබාදීමට සූදානමින් ඉන්නවා.

    අපේ රටේ විශාල ජන කොටසක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බ කර ගන්නා මුදලකින්. එවැනි ජනතාවකට එම වසංගත තත්වය නිසා ආදායම් අහිමි වී තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ.

    නීතිඥ ලාල් විජේනායක – එක්සත් වාමංශික පෙරමුණ

    අපේ රටේ සියලූ දෙනා කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මැදිහත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි. අපි අපේ පක්‍ෂ සංවිධානවල සියලූ සහෝදරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිලධාරී මහත්වරුන්ට උපරිම සහාය ලබාදෙන්න කියලා. නමුත් මේ මැතිවරණ සමයක් නිසාම ජනතාව ඒ සම්බන්ධයෙන්ද වැදගත් තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට මැතිවරණයේදී එම වැදගත් තීරණය ගැනීමට සුදුසු පරිසරය ගොඩනැගිය යුතුයි.

    මානසිකව ජනතාව මැතිවරණයට සූදානම් විය යුතුයි. පක්‍ෂවල මතයන් පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් සමාජයේ කථිකාවක් නිර්මාණය කොට ඊළඟ අවුරුදු පහේ තමන්ගේ පාලනය පිළිබඳව තීරණයක් ගත යුතුව තිබෙනවා. එවැනි තීරණයක් ගැනීමට සුදුසු පරිසරය නැත්නම් මානසික තත්වයක් නැත්නම් එවැනි අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් ලැබෙන්නේ විකෘති මැතිවරණ ප‍්‍රතිඵලයක් මෙන්ම විකෘති පාලනයක්. ඒ නිසා එම කරුණ සලකා බැලීම මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු වෙනවා. මේ වනවිට රට තුළ තිබෙන භයානක උවදුරු තත්වයක් තුළ ජනතාවට ඊළඟ අවුරුදු පහේ තමන්ගේ පාලකයා කවුද යන්න තීරණය කරන්නැයි කීම ඉතාම අසාධාරණ කරුණක්.

    ඒ වගේම අපිට පේන්නේ නැහැ මේ ආණ්ඩුව රටේ මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික තත්වය පිළිබඳව සැලකිල්ලක් දක්වනවා කියලා. අපේ රටේ විශාල ජන කොටසක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බ කර ගන්නා මුදලකින්. එවැනි ජනතාවකට එම වසංගත තත්වය නිසා ආදායම් අහිමි වී තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ. විශේෂයෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 50% කින් පමණ පහළ වැටී තිබෙන තත්වයක් තුළ ආණ්ඩුවට ලැබෙන විශාල ලාභයෙන් ජනතාවට සහනයක් ලබාදීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුව තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ බලය නැති නිසා වැඩ කරගන්න බැහැ කියන කාරණය අසත්‍යයක් බව ඔප්පු කොට තිබෙනවා. ඒ නිසා මූලිකවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය වැරදි බව ආරම්භයේම පෙන්වා දුන් බව ජාතික ජන බලවේගය ලෙස කියන්න පුළුවන්. නමුත් ඒ වැරැද්ද දැන් සිදුකර ඉවරයි.

    සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර – ජන නියමු කලාකරුවෝ

    මේ වෙලාවේ ඡුන්දයක් පැවැත්වීම කෙරෙහි අපි අවධානය යොමු කරන විට ආණ්ඩුවේ අය චෝදනා කරන්නේ මැතිවරණයට බය නිසා මැතිවරණය කල් දාන්න හදන බවයි. මෙම මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීම සමඟම අපි පසුගිය 06වැනිදා මාධ්‍ය හමුවක් පවත්වලා අපි මෙම ප‍්‍රශ්නය මතුකළා. සැප්තැම්බර් දක්වා පවත්වාගෙන යන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තිබියදී, ලෝකයේ කොරා්නා වෛරස තත්වය පැතිරෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සුදුසු තීරණයක් නොව බව අපි ප‍්‍රකාශ කළා.

    සැප්තැම්බර් මාසය දක්වා මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් තිබුනේ නැහැ. ආණ්ඩුව කරන වැඩවලට කවුරුවත් බාධා කළේ නැහැ. අද ඒක ඔප්පු වෙමින් තිබෙනවා. ආණ්ඩුව මේ වනවිට විවිධ තීන්දු තීරණ ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. මෙම තීරණ පිළිබඳව විරුද්ධත්වයක් මතුවෙලා නැහැ වගේම ආණ්ඩුවට බලය අඩුයි කියලා පේන්නේ නැහැ.

    පාර්ලිමේන්තුවේ බලය නැති නිසා වැඩ කරගන්න බැහැ කියන කාරණය අසත්‍යයක් බව ඔප්පු කොට තිබෙනවා. ඒ නිසා මූලිකවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය වැරදි බව ආරම්භයේම පෙන්වා දුන් බව ජාතික ජන බලවේගය ලෙස කියන්න පුළුවන්. නමුත් ඒ වැරැද්ද දැන් සිදුකර ඉවරයි. මේ වෙනකොට ජනතාවගේ පැත්තෙන් විශාල දුෂ්කරතාවයකට මුහුණදී තිබෙන මොහොතක මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාරවණයක් තිබෙනවාද යන්න මැතිවරණ කොමිසම තීරණය කළ යුතු වෙනවා. ලෝකයේ සෑම රටක්ම මෙවැනි මොහොතක තමන්ගේ ජාතික සැලසුම් වෙනස් කරමින් ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.

    අපේ රටේ මැතිවරණයක් කරන්නේ වෙනත් රටවල සිදු කරනවා වගේ නෙවෙයි. ප‍්‍රචාරක රැස්වීම්, පති‍්‍රකා බෙදීම්, ගෙයින් ගෙට යෑම් වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ තමයි අපි මැතිවරණය කරන්නේ. එවැනි ප‍්‍රචාරක යාන්ත‍්‍රණ නතරවන තත්වයක් යටතේ අපේ මැතිවරණ යාන්ත‍්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ජනතාවට තමන්ගේ නිවැරදි තීන්දුව ගැනීමට අවස්ථාව අහිමි වෙනවා. ජනතාවට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සීමා වෙනවා. මෙම තත්වය ආණ්ඩුවේත් මැතිවරණ කොමිසමේත් අවධානයට ලක්කරනවා.

    අපි මැතිවරණයට සූදානම්. නමුත් අපි කල්පනා කරන්නේ මැතිවරණය පිළිබඳව නෙවෙයි. ජනතාව මුහුණදී තිබෙන අර්බුදකාරී තත්වය යටතේ ඔවුන් මැතිවරණයකට තල්ලූකිරීම සුදුසු නැහැ. ඒ වගේම අපි මාධ්‍ය ආයතනවලින් විශේෂ ඉල්ලීමක් කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපිට මැතිවරණයේදී ජනතාවට පණිවිඩය ගනෙ යෑමට ඇත්තේ මාධ්‍යයි. එනිසා මාධ්‍ය ආචාරධර්ම ආරක්‍ෂා කරමින් ඔබගේ හෘදසාක්‍ෂියට අනුව සාධාරණ ප‍්‍රචාරයක් මැතිවරණ ව්‍යාපාරය තුළදී ජාතික ජන බලවේගයටත් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලන්න කැමතියි.

    මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට අනුර දිසානායක පිළිතුරු ලබාදෙමින්

    අපි යෝජනා කරන්නේ රට තුළ ඇතිවී තිබෙන තත්වයට අනුව මැතිවරණ කොමිසම තීරණයක් ගත යුතු බවයි. අපි අවසන් නිගමනයක් දෙනවා නොවෙයි. මොකද මේ වනවිට බොහෝ දෙනාට ඡුන්දය තියයිද නැද්ද කියලා සැකයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන ව්‍යාපාරවලත් මහජනතාව තුළත් තිබෙන මැතිවරණය පිළිබඳ අවිනිශ්චිතභාවයව දුරුකිිරීමට තමන්ගේ තීරණය රටට ප‍්‍රකාශයට පත්කළ යුතුයි.

    මේ වනවිට ඇතැම් රූපවාහිනී ආයතනවල වෙළඳ දැන්වීම්වලට ඉතා අධික මිල ගණන් නිකුත් කොට තිබෙනවා. සමහර නාළිකාවල ප‍්‍රවෘත්ති විකාශය අතරතුර තත්පර 15 දැන්වීමක් එක් වරක් ප‍්‍රචාරය සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක පමණ මිලක් සඳහන් කොට තිබෙනවා. එවැනි වියදමක් දරන්න ජාතික ජන බලවේගයට කිසිදු හැකියාවක් නැහැ. එවැනි තත්වයක් තුළ මාධ්‍ය වාර්තාකරණය ඉතාම සාධාරණ එකක් කළ යුතු බව අපි මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. සමාජ ජාලා ගත්තත් එහි හැසිරීම තීරණය වෙන්නේ වැය කිරීමට හැකි මුදල මතයි. එනිසා අපි වැනි වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට ප‍්‍රචාරණයේ ප‍්‍රධානතම මෙවලම වන්නේ ගෙන් ගෙට ගොස් ජනතාව සමඟ කරන සංවාදයයි. දැන් මැතිවරණය සඳහා අපිට තිබෙන මූලික මෙවලම තමයි ඇහිරිලා තිබෙන්නේ.

    මැතිවරණය කල් දැමීම පිළිබඳව කතා කරන්නේ මැතිවරණයට තිබෙන බිය නිසා කියලා අපිට එල්ල වන චෝදනාව ගැන මාධ්‍යවේදීන් ලෙස ඔබ මොකද හිතන්නේ? මිනිස් ජීවිතද වටිනාකම තිබෙන්නේ, බලයද? සාක් රාජ්‍ය නායක හමුවේදී සෑම රාජ්‍ය නායකයෙක්ම ගෝලීය වශයෙන් මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා තමන්ගේ දායකත්වය ප‍්‍රකාශ කරනකොට අපේ රාජ්‍ය නායකයා මොනවා වුණත් අපි ඡුන්දය පවත්වනවා කියලා ප‍්‍රකාශ කරනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් අපේ රටේ නායකයින් මේ ප‍්‍රශ්නය තේරුම් ගන්නේ කොහොමද කියලා. ජාතික ජන බලවේගය එකට තබන්නේ බලය නොව ජනතාවයි. අපි නියෝජනය කරන්නේ ජනතාව. ජනතාව අමතක කරමින් තමන්ගේ පටු බල උවමානව වෙනුවෙන් කටයුතු කිරීමට අපිට උවමනාවක් නැහැ.

    සාමාන්‍යයෙන් මේ වනවිට පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයකින් ආණ්ඩුව රු.30ක පමණ අමතර ලාභයක් ලබනවා. අයි. ඕ.සී.ය දිනකට පෙට‍්‍රල් ලීටර් මිලියන 2කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කරනවා. එවිට ඔවුන්ගේ දෛනික අතිරේක ලාභය මිලියන 06ක් පමණ වෙනවා. මාසයකදී එම ලාභය ලක්‍ෂ 18,000ක්. අඩුම තරමේ ආණ්ඩුවට තිබුණා, බද්දක් මගින් එය ආණ්ඩුවට අයකර ගන්න. මාසයක් තිස්සේ මේ අතිරේක ලාභය අයි. ඕ.සී. සමාගම ඩොලර්වලින් ඉන්දියාවට රැුගෙන ගොස් තිබෙනවා.

    තෙල් මිල අඩුකොට එම සහනය ජනතාවට ලබා ගැනීම හෝ බද්දක් නියම කර අමතර ලාභය ආණ්ඩුවට ලබාගැනීම කියන කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන අයි. ඕ.සී. සමාගමට මෙම අමතර ලාභය ලබාගැනීමට ආණ්ඩුව ඉඩ ලබාදුන්නේ ඇයි? මේ ලාභය අයි. ඕ.සී. සමාගම පමණක්නොව තීන්දු තීරණගත් අය අතර බෙදී ගිය බවත් අපි සැක කරනවා. දැන් ආණ්ඩුව කියනවා තෙල් මිල සහනය පරිප්පුවලට ලබාදෙනවා කියලා. අපි ආණ්ඩුවට යෝජනා කරනවා මීට පසුව තෙල් මිල වැඩිවන විට පරිප්පු මිල වැඩි කරන්න කියලා.

    ආණ්ඩුවට සැලසුමක් තිබිය යුතුයි තෙල් මිලෙන් ලැබෙන අමතර සහනය ජනතාවට ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් ආණ්ඩුව කරන්නේ ජනතාවට විහිලූ සැපයීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුව සමාජය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි. තවමත් අපිට පැහැදිලි නැහැ පරිප්පුවල මිල අඩු කරන්නේ කුමණ ආකාරයෙන්ද කියලා. කළ හැකිව තිබෙන්නේ පරිප්පුවලට ආණ්ඩුව විසින් අය කරන බද්ද අඩු කිරීමයි. ඒ වගේම අද ජනතාව ගෙවන තෙල් මිල පෙර පැවති ආණ්ඩුව මිල සූත‍්‍රයෙන් ඉහළ දැමූ මිලයි. සුත‍්‍රයෙන් මිල ඉහළ දමා මිල සූත‍්‍රය අනුව තෙල් මිල අඩුවීම වැළැක්වීම අසාධාරණයි. ජනතාවට අයිතියක් තිබෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සහනය ලබාගැනීමට.

  • මහ මැතිවරණයේ වෙනසක් නෑ – ජනපති

    මහ මැතිවරණයේ වෙනසක් නෑ – ජනපති

    සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් අද (15) සවස වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා සාකච්ඡුා කළහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වූ අතර එහිදී ජනපතිවරයා කියා සිටියේ මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවයි.

    වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝන වෛරස වසංගත තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට ඇතැම් පාර්ශ්ව යම් යම් අදහස් දක්වමින් සිටිති. මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සිය ජනහමු ද මේ වන විට අවංගු කර ඇත.