Category: සුපිරි Politics

  • ආණ්ඩුවේ රෙදි ගැළවූ බිමල් රත්නායකගේ සුපිරි කතාව මෙන්න

    ආණ්ඩුවේ රෙදි ගැළවූ බිමල් රත්නායකගේ සුපිරි කතාව මෙන්න

    මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ මෙම රැුකියා ලබාදීමේ වැටසටහන ගැටලූ ගණනාවක් මතුකර තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව උපාධිධාරීන්ට රැුකියා ලබානොදුන් නිසා විශාල ප‍්‍රමාණයක් රැුකියා විරහිතවත් ඌණ රැුකියාලාභීන් ලෙසත් සිටිනවා.

    උපාධියට ගැලපෙන රැුකියාවක් ලබාදෙන්න ආණ්ඩුවලට වැඩපිළිවෙළක් නැති නිසා උපාධිධාරීන් දැඩි පීඩාවකට ලක්වෙලා. ඇතැම් උපාධිධාරීන් රැුකියාවක් ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබාදුන්්නා. ආණ්ඩුවේ කළමනාකරණයේ දුප්පත්කමත් ආණ්ඩුකරණය නොදන්නා නිසාත් උපාධිධාරීන්ට රැුකියාව ලබාදෙන්න අසමත් වෙලා. උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරලා ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරලා තිබෙන නිසා ඔවුන්ගේ තොරතුරු ආණ්ඩුව සතුව තිබුණා. ජනාධිපති පත්වෙලා මාස 04ක කාලයක් පසුවෙමින් තිබියදී එම පොරොන්දුව ඉටුකරගන්න බැරිවෙලා තිබෙනවා.

    මේ ආණ්ඩුම මුලින්ම උපාධිධාරින්ට රැුකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත්කරගත්තා. උපාධිධාරීන් මැතිවරණයේදී කැන්වසින්වලට යොදාගන්නා දේශපාලන හෙංචයියන් බවට පත්කරගන්න උපාධිධාරීන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගෙන්වලා ලියාපදිංචි කරන්න උත්සාහ කළා. නමුත් එම කටයුතුවලට එල්ල වූ විරෝධය නිසා උපාධිධාරීන් ආණ්ඩුවේ දේශපාලන අතකොලූවක් කරගැනීම වැළකුණා. ආණ්ඩුව ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුව පෙබරවාරිවලට කල් දැම්මා. ආණ්ඩුව කිව්වේ මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පත්වීම් දෙනවා කියලා. අවසානයේදී ලිපි යැව්වේ පෙබ.28වැනිදා. ඇතැම් අයට ලිපි ලැබිලා නැහැ. ඇතැම් අයට ලැබුණු ලිපිවල විශාල අඩුපාඩු තිබෙනවා. ඉතාම පහසුවෙන් ලබාදිය හැකි උපාධිධාරීන්ගේ පත්වීම් ටිකවත් ආණ්ඩුවට දෙන්න බැරිවුණා. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙම පත්වීම් අත්හිටවනු ලැබුවා.

    ඕනෑම කෙනෙක් දන්නවා, මැතිවරණ සමයකදී පත්වීම් ලබාදීම මාරුකිරීම් සහ උසස්වීම් දේශපාලන අල්ලස් බවට පත්වන නිසා ඒවා නවත්වන බව. මේ නිසාම දැන් උපාධිධාරින් විශාල අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් කෝටි ගණන් වියදම් කරලා රජයේ ආයතන විශාල ගණනක් මැදිහත් වෙලා ගෙනගිය වැඩසටහන අසාර්ථක වෙලා. උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව උපාධිධාරීන් රැුවටීමකට ලක්කළා. හෙම්බත් කළා. ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණනම් පාර්ලිමේන්තුව මාර්තු 02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්වීම් ටික දීලා විසුරුවන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා.

    මෙවැනි තත්වයක් තිබියදී ජනාධිපතිවරයා තමන්ගේ මඩ බලකාය යොදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාලා තුළ මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඬ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්‍ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළා.

    මා, පෙබරවාරි මාසයේදී අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ ගැටලූව පිළිබඳව විමසීමක් කළා. ඒ වගේම පෙබරවාරි මාසයේදීම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප‍්‍රශ්න කළා. ඒ වගේම මා සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැුස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගැමැතිවරයාගෙන් මෙම රැුකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුන්ගේ වයස සීමාව පිළිබඳවත් ඌණ සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරත් රුකියා විරහිත උපාධිධාරී සංවිධාන එක්ව රැුකියා ලබාදීමේ අඩුපාඩු පිළිබඳව විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළා. ජවිපෙ මන්තී‍්‍රවරු විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳව විමසලා තිබෙනවා. රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුවට වැඩ බැරි නිසා තමයි වැඩ කරන්න මේ ආණ්ඩුව ආවේ. දැන් මේ ආණ්ඩුවත් වැඩ බැරිකම නිසා ජවිපෙට එරෙහිව මඩ අවලාද ගහනවා. දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ. උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.

    ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුණේ සා.පෙළ අසමතුන් ලක්‍ෂයකට ආණ්ඩුවේ රැුකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්‍ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. සම්මුඛ පරීක්‍ෂණවලට සාපෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරීන් පවා එනවා. ඇතැම් සාපෙළ අසමතුන්ට සම්මුඛ පරීක්‍ෂණවලදී විවිධ සීමාකම් පනවනවා. උදාහරණයක් ලෙස මව සනීපාරක්‍ෂක කම්කරුවෙකු නම් පුතාට රුකියාව නැහැ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා හමුදා නිලධාරීන් යොදා ගන්නවා. රැුකියා ලක්‍ෂයේ වැඩසටහන හමුදා ඒජන්සියක් බවට පත්කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. හමුදාව සිවිල් කටයුතුවලට යොදා ගැනීම රටේ පරිපාලනය බිඳ වැටීමක්. ලෝකයේ කිසිදු රටක් තමන්ගේ හමුදාව සිවිල් පරිපාලන කටයුතුවලට යොදා ගන්නේ නැහැ. ඒ වගේම මොවුන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇතිකරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියනවා, තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.

    ජනාධිපති ධූරයට පත්්වීමෙන් පසු ගතවූ දින 100 සෑහීමකට පත් නොවන බවත් අසාර්ථක බවත් ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා. එයට හේතුවක් ලෙස ජනාධිපතිවරයා සඳහන් කරන්නේ 19වැනි සංශෝධනයයි. 19වැනි සංශෝධනය කියන්නේ මොකක්ද? ජනාධිපතිවරයා සතුව තිබූ බලතල අගමැතිවරයා යටතටත්, ස්වාධීන කොමිෂන් සභා යටතටත් යම් ප‍්‍රමාණයක් ජනාධිපතිවරයා යටතටත් පත්කරමින් ගෙනාපු සංශෝධනයක්. අපි අහනවා, ගෝඨාභය රාජපක්‍ෂ මේ කියන්නේ තමන්ගේ අයියත් එක්ක වැඩ කරන්න බැහැ කියලද? වෙන වෙන කතා නොකියා ඒක කෙලින් කියන්න. ජනාධිපතිවරයාට කොමිෂන් සභා එක්ක වැඩ කරන්න බැරිද? මීට පෙර හිටපු ජනාධිපතිවරු කොමිෂන් සභා එක්ක වැඩ කළා. අපි පැහැදිළිව අහනවා, මහින්ද එක්ක වැඩ කරන්න බැහැ කියලද මේ කියන්නේ? ඒ වගේම 2/3 ගැනත් කතා කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා,

    රැුකියා ලක්‍ෂය ලබාදෙන්න බැරිවුුණේ උපාධිධාරී රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තේ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ, මහ කන්නයේ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරිවුණේ, වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරන්න බැරි වුණේ 2/3 නැති නිසාද කියලා. ඒ වගේම විල්පත්තුව ආසන්නයේ කැලෑ කපන එක වළක්වන්න බැරිවුණේ, කිසිදු පරිසර වාර්තාවක් නැතිව විවිධ ව්‍යාපෘති සඳහා කැලය විනාශ කරන එක වළක්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? මේ වනවිට බැංකු සේවකයින් වැඩ වර්ජනයක් දියත් කොට තිබෙනවා, බැංකුවේ ඉහළ තනතුරුවලට ¥ෂිතයින් එපා කියලා. අපි අහනවා, ¥ෂිතයින් පත්කරන එක නවත්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? එයාර් බස් ගනුදෙනුවට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න බැරිවුණේ 2/3 නැති නිසාද? ඒ වගේම අපි ජනාධිපතිරයාගෙන් අහනවා, 2/3 නැති නිසා කරගන්න බැරිවුණු ජනතාවාදී කි‍්‍රයාමාර්ග මොනවාද කියලා.

    අපි පැහැදිළිවම කියනවා ජනාධිපතිවරයා මේ ආරම්භ කරන්නේ ඒකාධිපති ගමනක්. ඔහු කියා තිබුණා, උසාවියත් පාර්ලිමේන්තුවත් ඔහුගේ කටයුතුවලට බාධා කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ආයතනය. ජනතාවගේ ඡුන්දයෙන් පත්වන නියෝජිතයින් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිවරයා කියන්නේ තනි පුද්ගලයෙක්. ජනාධිපතිවරයා එක ඡුන්දයක් දිනලා ඇවිත් කියනවා, උසාවියත්, පාර්ලිමේන්තුවත්, නීතිපතිත් තමන්ගේ වැඩවලට බාධා කරන්න එපා කියලා. ඔහු මේ ප‍්‍රකාශය කරන්නේ නොදන්නාකමටද? තමන්ට වැඩ කරන්න බැරිකමටද කියලා අපි දන්නේ නැහැ. ඔහු 19 ගැනත් නීතිය ගැනත් අවබෝධයක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒනිසා තමන්ගේ බැරිකමට 19 බිලිබාන්න උත්සාහ කරන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන කිසිදු කි‍්‍රයාමාර්ගයකට අපි ඉඩ තබන්නේ නැහැ.

    2/3 බලය නොමැතිව පහසුවෙන්ම කරන්න පුළුවන් තව එක දෙයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න කැමතියි. 2/3 නොමැතිව ජනාධිපතිවරයාට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන්න පුළුවන්. අපි ජනාධිපතිවරාගෙන් අහනවා, එම්.සී.සී. ව්‍යාපෘතියට සම්බන්ධ ඇමරිකන් නියෝජිතයෝ තවමත් ලංකාවේ ඉන්නවා නේද? ඔවුන්ට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ නේද? සෝෆා, ඇක්සා ගිවිසුම් අහෝසි කරන්න 2/3 බලය අවශ්‍ය නැහැ නේද? නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියනවා. ජනාධිපතිවරයාත් තමන්ගේ බැරිකම වහගන්න විවිධ කතා කියනවා.

    ඒ වගේම මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරනවා කියලා. එම වැටුප මාර්තු 02වැනිදා සිට ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. නමුත් අද මාර්තු 08වැනිදා. තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. වතු කම්කරුවන් කියන්නේ අපේ රටේ ඉතාම දුප්පත් කම්කරුවන් පිරිසක්. ඔවුන්ට පොරොන්දු ලබාදීලා ඔවුන්ගෙන් ඡුන්දය ලබාගෙන පොරොන්දු ඉටු නොකිරීම ඔවුන්ට කරන බරපතල නිග‍්‍රහයක්.

    මේ වනවිට මුලූ ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ වැඩි පිරිසක් සිටින ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල ව්‍යාප්තිය වැඩි වෙමින් තිබෙනවා. උතුරු ඉතාලියේ ලොම්බාඩියා ප‍්‍රාන්තයට පිටතින් ඇතුල්වීම සහ ප‍්‍රාන්තයෙන් එළියට යාම නවත්වා තිබෙනවා. එක් ශී‍්‍ර ලංකා කාන්තාවකට රෝගය වැළඳුණු බවට වාර්තා වෙනවා. මිලානෝ සහ ලොම්බාඩියා ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ ශී‍්‍ර ලාංකිකයින් 20,000-30,000ක් ජීවත්වන බව වාර්තා වෙනවා. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් අත්‍යාවශ්‍ය වෙලා තිබෙනවා. මෙහි ප‍්‍රධාන ගැටලූව වෙලා තිබෙන්නේ එම ප‍්‍රාන්තයේ සියලූම නිවේදන නිකුත් කරන්නේ ඉතාලි භාෂාවෙන්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා, එම ප‍්‍රාන්තයේ තිබෙන කොන්සියුලර් ජෙනරල් කාර්යාලය එම සියලූ නිවේදන හැකි ඉක්මනින් සිංහල භාෂාවෙන් නිකුත් කිරීමට මැදිහත් වෙන්න කියලා. මොකද, එම නිවේදනවල තිබෙන උපදෙස් ශී‍්‍ර ලාංකේය ජනතාවට හැකි ඉක්මනින් සම්පේ‍්‍රෂණය කිරීම වැදගත් වන නිසා. අනෙක් පැත්තෙන් එම කොන්සියුලර් ජෙනරල් කාලර්යාලට ස්ථිර ජෙනරල්වරයෙක් නැති නිසා කටයුතු කරගැනීම බාධාවක් වෙලා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබියදී එම තනතුරුවලට පත් නොකිරීම ගැටලූසහගත තත්වයක්.

    ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බවේගය මාලිමාව ලකුණින් මැතිවරණයට ඉදිපත් වෙනවා. මේ වනවිට සියලූම දිස්ති‍්‍රක්කවල නාමයෝජනා 99%ක්ම අවසන් වෙලා තිබෙනවා. ලබන 17,18, 19 යන දින තුනේම සියලූම දිස්ති‍්‍රක්කවලට නාම යෝජනා බාර දීමට කටයතු කරනවා. ලබන 10වැනිනාද වනවිට ජාතික ලැයිස්තුව නම් කිරීමට කටයුතු කරනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

    රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ නාටකයක්. අපි පැහැදිළිව කියනවා, හොරු විසින් හොරු අල්ලන්නේ නැහැ කියලා. මෙය ඡුන්දය ඉලක්ක කරගෙන කරන නාටකයක් පමණයි. ඒ වගේම මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන චූදිතයා බවට චෝදනා එල්ල වන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නියෝගයක් නිකුත්කර නැහැ. රවී කරුණානායක අත්අඩංගුවට ගන්න කියලා දැන් පැය 48කට වැඩියි. එජාප ආණ්ඩුව කාලයේ වර්තමාන ආණ්ඩුවේ හොරු හැංගිලා හිටියේ එජාප ආණඩුවේ ඇමතිලාගේ ගෙවල්වල. ඒ නිසා අපට දැඩි විශ්වාසයක් තියෙනවා, රවී කරුනානායකත් හැංගිලා ඉන්නේ මේ ආණඩුවේ ප‍්‍රබලයෙක්ගේ ගෙදර කියලා. ඒ වගේම මේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව මහින්ද කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ට ගැර`ඩියන්ට භූමිතෙල් වගෙයි. විගණන පාර්තාව පිළිබඳ දින දෙකේ විවාදයේදී රාජපක්‍ෂ කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ගේ කළබලය අපි හොඳටම දැක්කා. ඒ වගේම මේ බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ මහින්දගේ හොරු කණ්ඩායම රනිල්ගේ හොරු කණ්ඩායමත් දෙගොල්ලම ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණ සමයේ රවී සහ රාජපක්‍ෂ නාට්‍යය බලාගන්න ජනතාවට පුළුවන්.

    එජාපයේ බල පොරයත් තනතුරු පොරයත් දිගටම තිබෙන එකක්. මේ නිසාම ඔවුන්ගේ පාලන කාලයත් අසාර්ථක එකක් බවට පත්වුණා. දැනුත් ඔවුන්ගේ එම අසාර්ථකභාවයන් පෙන්වමින් තිබෙනවා. ඒ නිසා එජාපය දැන් රට ගැනවත් ඔවුන්ගේ පාක්‍ෂිකයින් ගැනවත් හිතන්නේ නැහැ. ඒ නිසා එජාපය දියවෙලා යන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ බවට එජාප පාක්‍ෂිකයින් තේරුම් ගත යුතුව තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙක පමණක් නෙවෙයි. එජාපයේ බල පොරය නිසා ආණ්ඩුවට වාසියක් වෙනවා කියලා කල්පනා කරන්න ඕන නැහැ. සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය වටා ජනතාවට ඒකරාශී වෙන්න අවස්ථාවක් දැන් උදාවෙලා තිබෙනවා.

    රාජපක්‍ෂලාට වැඩ බැරි නිසා අධිකරණයට ගහන්න පටන් අරගෙන තිබෙනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම අපි හෙළා දකිනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම ජාත්‍යන්තර වශයෙන් ලංකාව වටලෑමකට හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජිනීවාවලට ගිහින් ඔහුගේ ප‍්‍රකාශයේදී කිව්වේ 31 වගන්තියෙන් ඉවත් වෙනවා කියලා පමණක් නොවෙයි. මානව හිමිකම් පිළිබඳ කි‍්‍රයාමාර්ග ලංකාවේදී ආරම්භ කරන බව ඔහු ප‍්‍රකාශ කළා. ඒවා කළ යුත්තේ ලංකාවේ අධිකරණ මගින්. ඒ නිසා ලංකාවේ අධිකරණවලට කරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් අභියෝගයක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.

  • සජිත් ප්‍රේමදාසට ගැළපෙන ‘නියම ලකුණ’  ප්‍රසන්න යෝජනා කරයි

    සජිත් ප්‍රේමදාසට ගැළපෙන ‘නියම ලකුණ’ ප්‍රසන්න යෝජනා කරයි

    ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය.

    අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය ඉල්ලන බවත් ඇමතිවරයා කීවේය. රැස්ව සිටි ජනතාව එවිට කීවේ ලකුණ ලෙස බූරුවා යොදා ගැනීම වඩාත් හොද බවයි. ඊට ප්‍රතිචාර දැක් වු රණතුංග මහතා සජිත්ට බූරුවා හොද වැඩි යැයි කීවේය.

    ඒ වෙනුවට හිස හංසයෙකු වැනි බෙල්ලේ දුරකතනයක් ගැට ගැසු හදවත පශ්චාත් භාගයේ ගසා ගත් අලියෙකුගේ ලකුණ එක්සත් ජාතික පක්ෂයට වඩාත් ගැලපෙන බවත් වලිගයේ සීනුව ගැට ගැසුවොත් එය තවත් සුදුසු බවත් ඇමතිවරයා කීවේය.

  • Hot Plate: බොරු චෝදනාවකට  රවීව පටලවලා – කිරිඇල්ල

    Hot Plate: බොරු චෝදනාවකට රවීව පටලවලා – කිරිඇල්ල

    සටහන – ගජබා නාගහවත්ත

    මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි

    පාර්ලිමේන්තුව විසුරුවා නාම යෝජනා කැදවීමට දින නියම වී තිබුණ ද එ.ජා.ප අර්බුදයට විසදුමක් ලැබී නැත. එහෙත් විපක්ෂ නායක සජිත් පසුගිය සදුදා නෙළුම් පොකුණේ දි සිය සන්ධානය උත්කර්ෂවත් ලෙස ජනගත කළේය. ඉන් අනතුරුවද දෙපාර්ෂවය අතර සමගිය තහවරු කිරිමේ සාකච්ඡා වට ගණනාවක්ම දියත් විය.

    සජිත්ගේ උත්සවයට පෙරවරුවේ ගිය ඇතැම් මන්ත්‍රීවරු සවස එ.ජා.ප නායකයා හමුවීමට පැමිණියහ. ජේ.සි අලවතුවල, ගයන්ත කරුණාතිලක, සුජිත් පෙරේරා, මුජුබර් රහුමාන් ඇතුළු පිරිස් ඒ අතර වූ බවද වාර්තා වේ.

    තවත් අය නායකයාට දුරකතන ඇමතුම් ලබාදුන් බවද කියවේ. එසේම රනිල් පිළේ ඇතැමුන් ප්‍රතිපාර්ශවය සමගද රහසේ ගණුදෙනු කරන බවටද ආරංචි තිබේ. දෙපිරිස එකතු කොට නාම යෝජනා ලබාදීම රනිල් පාර්ශවයේ මූලික ඉලක්කය බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියාපායි.

    බදාදා සවස කැදවා තිබු කෘත්‍යාධිකාරිය ඉතා තීරණාත්මක විය.

    “එ.ජා.ප මහලේකම්කමේ මම සිටිම අර්බුද විසදන්න බාධාවක් නම් මම බිලි වෙන්න කැමතියි” රැස්විම ආරම්භයට පෙරම අකිල විරාජ් රටට ප්‍රකාශ කළේය.

    එහෙත් එම තීරණාත්මක රැස්වීම සජිත් පිල වර්ජනය කළේය. සිදුවන දේ වාර්තා කිරිමට දෝ මලික් සමරවික්‍රම පමණක් ඊට එක්ව සිටියේය. සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත කිරිම හා ඡන්ද ලකුණේ තීන්දුව ගැනීම මෙන්ම නව එ.ජා.ප මහා ලේකම්වරයෙකු පත් කර ගැනීම අරමුණ වුවද ඇති වූ වර්ජනය හේතුවෙන් එම රැස්වීම ද ප්‍රතිඵලයකින් තොර විය. එහෙත් එ.ජා.ප නාම යෝජනා මණ්ඩලයක් පක්ෂයේ නායකයා හා විපක්ෂ නායක ඇතුළු ප්‍රබලයන්ගෙන් සමන්විතව පත් කරනු ලැබිනි.

    “අපේ ජාතික පෙරමුණේ ටෙලිෆෝනයෙන් තරඟ කරනවා නම් සියළු දෙනා ඒ පක්ෂයේ සාමාජිකයන් වෙන්න ඕනේ. කාටවත් පක්ෂ දෙකක සාමාජිකත්වය දරන්න බැහැ. මැතිවරණ කොමිසම කියලා තිබුණා ඒ පක්ෂයේ වගන්තිය සංශෝධනය කරන්න කියලා” මලික් කීවේ එවැන්නකි.

    එහෙත්  රනිල් පාර්ශවයෙන් ප්‍රකාශ වූවේ කොමිසමේ ස්ථාවරය අනුව එම පක්ෂයේ වගන්ති සංශෝධනය කළ නොහැකි බවය. නමුත් මීට පෙර රංජිත් මද්දුම බණ්ඩාර කියා තිබුණේද අවශ්‍ය  නම් වගන්ති වෙනස් කළ හැකි බවය.

    “කොමිසමේ ස්ථාවරය ගැන අපි අතර මත දෙකක් තියෙනවා. නාම යෝජනා දෙනකොට මේවා පුපුරලා ගිහින් කැන්සල් වෙන්නත් බැරි නැහැ.” එ.ජා.ප නායකයා කී විට එහි සිටි ජනාධිපති නීතිඥවරුද එම මතය තහවුරු කළහ.

    එසේම සන්ධානය හා එ.ජා.ප ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ තීන්දුවට ද කෘත්‍යාධිකාරි එළැබින. එදින රැස්වීමේදි කරුණු 6 ට අදාළ එකඟතා ඇති විය. දෙපාර්ශවය අතර එකඟතාවයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම එහි වඩාත්ම අත්‍යාවශ්‍ය තීන්දුව ලෙස ප්‍රකාශ විය. අකිල මහාලේකම් ධූරයෙන් ඉවත්වූවේ නම් දෙපාර්ශවයටම පිළිගත හැකි ලක්ෂ්මන් කිරිඇල්ල වැන්නෙකු පත්වීමට ඉඩ තිබු බවටද ආරංචි පැතිර ගියේය.

    තවද පාර්ශව දෙකේම පිරිස් කරු ජයසූරිය හමුවී ප්‍රශ්නය සමතයකට පත් කිරිමට මැදිහත් වන ලෙස ආරාධනා කළේය.

    “මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි” කරු ගේ ස්ථාවරය එය විය.

    කෘත්‍යාධිකාරිය නිම කළ එ.ජා.ප නායකයා ගියේ රවි කරුණානායකගේ ගෙදරටය. රවි ඇතුළු පිරිසකට රට යාම තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබදව ආරංචිය සැලවීම ඊට හේතුව විය. නීතිඥයන් කණ්ඩායමක් ද රවි සමග විය.

    “අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආවාරණයක් ලබාගන්න අපි උත්සාහන කරනවා.” රවි මෙන්ම නීතිඥයින්ද කීවේ එවැන්නකි.

    “බැදුම්කර සිද්ධියට ගණනය කිරිම් රාශියක් තියෙනවා. හරි මොකක්ද කියලා කව්රුවත් දන්නේ නැහැ. ඒ නිසා බැදුම්කර ප්‍රශ්නය උසාවියට ගෙනියන්න අමාරුයි. නමුත් රවි ගේ පිට පැටලැවිලා තියෙන්නේ බැදුම්කරයට අදාළ නැති වෙන දෙයක්. ඇත්තටම බැදුම්කරවලට සම්බන්ධ ගිය ආණ්ඩුවල හා අපේ ආණ්ඩුවල අය නිදැල්ලේ සිටිද්දි වෙන කොනක් අල්ලගෙන රවීව පීඩනයට ලක්කිරීම මහ ඡන්දය ලග ජනතාව නොමග යවන ක්‍රියාවලියක්.” මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ස්ථාවරය එය විය.

    බදාදා රාත්‍රියේ එ.ජා.ප නායකයා ඩුබායි බලා පිටත්ව ගියේ ගෝලිය අර්බුද නිම වීමේ සමුළුව සදහා කලින් ලැබුණු ආරාධනාවකට ය. සමාරම්භක උත්සවයේ දේශනය ද එ.ජා.ප නායකයා සතුවිය. එහෙත් එම රාජකාරිය නිමවා පැය කිහිපයකින් යළිත් සිය රට පැමිණිමට අවශ්‍ය ගුවන් යානා ඔහු සුදානම් කර ගත්තේය.

    “රැකියා ලක්ෂයක් දෙනවා කියලා ඉල්ලුම්පත් බෙදුවා. උපාධිධාරීන් 45,000 ට පත්විම් ලිපි යැව්වා. මැකෝ ඒවා තහනම් කළා. මේවා ඔක්කොම මිනිස්සු රවටන ඡන්ද මගඩි. අද අපේ මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල් මිල රුපියල් 50 ට වඩා අඩුවෙන්න ඕනෑ.” චම්පිකා ප්‍රේමදාසගේ මතය සිරිකොතේ සිටි සියළු එ.ජා.ප ප්‍රබලයන් අනුමත කළහ.

  • Hot Plate: සිරිසේන 2015 දී කළ ජඩවැඩ  ප්‍රසන්න හෙළි කරයි

    Hot Plate: සිරිසේන 2015 දී කළ ජඩවැඩ ප්‍රසන්න හෙළි කරයි

    මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෝ ලහි ලහියේ සුදානම් වෙන්නේ ඉදිරි මැතිවරණටය. හිටපු මැති ඇමතිවරු මෙන්ම අලුත් අපේක්ෂකයෝ ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රචාරක කටයුතු ද අරඹා ඇත්තේ මැතිවරණ දින නියම වීමත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සීමා වන නිසාය.

    ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය බදාදා සිය මැතිවරණ ඡායාරූප ගන්නට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ලගටය. ප්‍රසන්නගේ පියා වන රෙජීගේත් මැතිවරණ වලට පිංතූර ගත්තේ හෙන්නායකගෙනි.

    ඡායාරූප ගැනීමට පෙර කථා කරමින් සිටිය දී ප්‍රසන්නගේ අතේ තිබු ඔරලෝසුව දුටු හෙන්නායක ඇහුවේ ‘ආ ඔය වගේ ඔරලෝසුවක් තාත්තාටත් තිබුණා නේදැ‘යි’ කියාය.

    ‘ඔව්… මේක තාත්තාගේ ඔරලෝසුව තමයි අයියේ ‘ ප්‍රසන්න කීවේය.

    ‘තාත්තා අන්තිමට මෙයාට කථා කරලා තියෙන්නේත් ඔය ඔරලෝසුව නිසානේ’. ප්‍රසන්නගේ බිරිද මොරීන් කීවාය.

    ‘ඒ මොකක්ද ඒ කථාව ‘ හෙන්නායක ඇසුවේය.

    ‘නෑ අයියේ තාත්තා මේ ඔරලෝසුවට හරි ආසයි. දවසක් මම මැලේසියා යද්දි තාත්තා මට මේ ඔරලෝසුව දුන්නා සර්විස් කරන් එන්න කියලා ‘. ප්‍රසන්න කිවේය.

    ‘ඉතිං ඉතිං…. ‘ හෙන්නායක ඇසුවේ ප්‍රසන්නව තවත් උනන්දු කරමිනි.

    ‘ මැලේසියාවේ දී මේ ඔරලෝසුව සර්විස් කරන්න හෙණ ගාණක් ඉල්ලුවා. පස්සේ මම ඕක තාත්තාට කියන්න තමයි කථා කළේ. එතකොට තාත්තා ඉස්පිරිතාලේ. තාත්තා කිවුවා ඔරලෝසුව ආපහු ගේන්න කියලා’ . ප්‍රසන්න කීවේය.

    ‘ හැබැයි තාත්තා මට තව දෙයක් කිව්වා…ඉක්මණට ඇවිත් මේ මිනිසුස් ගැන බලන්න. මොකද ඒ අය අපි ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ කියලා’. ඒක තමයි තාත්තා මා එක්ක කරපු අන්තිම කථාව.  ප්‍රසන්න කීවේය.

    ‘මම මේ ඔරලෝසුව බදින්නේ ඉතාම විශේෂ අවස්ථාවක. මම හොද වැඩක් කරන්න පටන් ගන්න හැමවෙලාවකම මම බදින්නේ තාත්තාගේ ඔරලෝසුව. තාත්තා මා එක්ක ඉන්නවා වගේ හැගීමක් මට එතකොට තියෙනවා ‘. ප්‍රසන්න කීවේ හැගීම්බරවය.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උකුස්සා කථාව ද පසුගිය සතියේ දේශපාලන ලෝකය කළඹන්නට සමත් වූයේ ය. මේ ගැන ප්‍රසන්න කට ඇරියේ මහර සහන් ප්‍රදීපගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී ය. ඒ පසුගිය බ්‍රහස්පතින්දා ය.

    ‘ මෛත්‍රී කියලා තියෙනවා එයා දියකාවගේ කටේ තිබුණ මාළුවා ඩැහැ ගන්න උකුස්සා වගේ කියලා. මෛත්‍රී ඔය ජඩ වැඩේ තමයි 2015 දීත් කළේ. මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය උදුර ගත්තා. මොන සන්ධාන ගැහුවත් කමක් නෑ. පොහොට්ටුවෙන් එන මෛත්‍රීගේ නම ගෑවුණු එකෙකුටවත් ඡන්දේ දෙන්න එපා ‘. ප්‍රසන්න මෙහි දී දැඩි ව කීවේය.                                                                                                                                                                                            

  • මහ මැතිවරණයෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් සහ පළාත් ඡන්දය එනවාලු

    මහ මැතිවරණයෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් සහ පළාත් ඡන්දය එනවාලු

    මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී පැවසුවා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19 වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බව පැවසුූ අගමැතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද සදහන් කළා.

  • සිරිසේන පවා දුන් ශ‍්‍රීලනිපය වෙනුවට වෙල්ගම ‘පිරිසිදු ශ‍්‍රීලනිපයක්’ හදයි

    සිරිසේන පවා දුන් ශ‍්‍රීලනිපය වෙනුවට වෙල්ගම ‘පිරිසිදු ශ‍්‍රීලනිපයක්’ හදයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වූ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් අද දින (6) පිහිටුවා ගත්තා.

    නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක ‘උත්සවය පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙනුවෙන්‘ නම්කර තිබූ අතර එම උත්සවය පක්ෂයේ නායක කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේදී පැවැත් වුණා.

    එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතා වෙත පිළිගැන්වීමද සිදු වුණා.

    එහිදී සභාව අමතමින් වරාගොඩ මහතා මෙසේ සදහන් කළා.

    ‘මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩගැනීම සඳහා සියලු දෙනාම එකතු වී සිටිනවා. බණ්ඩාරනායක මහතා විසින් නිර්මාණය කළ පක්ෂය කුමාරතුංග මැතිණිය විසින් රැක දුන්නා. එය කිසිදු උවදුරකින් තොරව 2015 වසර දක්වා සුරැකුණත් අද වන විට එය වෙනස් වෙලා තිබෙනවා. ඊට හේතුව වුණේ මෛත්‍රීපාල සිරිසේන පක්ෂය පවාදීමයි. අපි 2015 දී සිරිසේනගෙන් වෙන්ව ගියේ පක්ෂය පවා දුන් නිසා එයට විරෝධය දැක්වීමටයි. හිටපු ජනපතිනී චන්ද්‍රිකා මැතිණියගේ ආශිර්වාද මැද අද දිනයේ මෙම නව පක්ෂය පිහිටවනු ලැබුවා.

    ඉදිරි මහ මැතිවරණයේ දී අප සියලු දෙනාම එකතු විය යුතුයි. ඒ තුළින් ආණ්ඩුව හෙල්ලීමට අවස්ථාව හිමි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බොහෝ සෙයින් බලවත් යැයි පැවසුවත් පාර්ලිමේන්තුවේ දී එම මතය වෙනස් කළා. ඒ නිසා ඉදිරියේ දී ආණ්ඩුව දණගැස්වීමට ‘මහසෝනා’ සමඟ වුණත් අපි එකතු විය යුතුයි.

    මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයේ දී ඉදිරිපත් වුවහොත් ඡන්ද යම් ප්‍රමාණයක් හිමි වෙනු ඇති බවයි. ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් වෙල්ගම මහතා කියා සිටියා.

  • තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

    රජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ මෙවැනි නායකයින් රටේ සිටීම ගැන කණගාටු වන බවත්, තරුණ ජීවිත තව තවත් අදුරු කරන්නට කටයුතු නොකරන ලෙස තමන් එතුමාගෙන් ඉල්ලා සිටින බවත්, හිටපු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    රජය තරුණයින්ගේ රැකියා ගැටළු විසදීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව පෙන්වා දුන් ඉන්දික අනුරුද්ධ මහතා, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ නොකර හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවද එතුමා පැවසීය.  

    ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළකලේ දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවට අද (06) දින සහභාගී වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා “ රජය තරුණයින් රවටන වැඩ පිළිවෙලක නියැලෙන බවත්, පෙබරවාරි මාසය වන තුරු රජය තරුණ ගැටලු වලට විසදුම් ලබා දීමට සමත් වි නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවත්, තරුණ පරපුරත් රවටමින් මෙවැනි ප්‍රකාශ නිතුත් කරන නායකයින් රටේ සිටීම ගැන මා කණගාටු වෙනවා.

    තරුණයින් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් තරුණ තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා. දේශපාලන භේදයකින් තොරව උගත්කමට, හැකියාවට අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙන වැඩ පිළිවලක් ආරම්භ කළා. උපාධිධාරින්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට ලබා දීමට කටයුතු කළා. දැන් පත්විම් ලබා දී අවසන්. එම වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමේ අරමුණින් එතුමා මැතිවරණ කොමසාරිස්ට, මාධ්‍යයට හා ජනතාවට පිණිවිඩයක් දෙනවා මැතිවරණය ඉලක්ක කරගෙන රැකියා ලබා දෙනවා කියා. ආණ්ඩුව බලයට ආ දින සිට ක්‍රමානුකූලව රැකියා ලබා දිමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කළා. මෙය මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කළ එකක් නොවෙයි.

    සජිත් සියඹලා ගස් යට සිටි උපාධිධාරින්ව හෑල්ලුවට ලක් කළා. දේශපාලන සම්බන්ධකම් මත උපාධිධාරීන්ව පොලිම් ගැස්සුවා. උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ලෙස තරුණයින්ව අපහාසයට ලක් කලා. එහෙම කරපු තැනැත්තා අද කියනවා තමන් අගමැති වී සතියෙන් රැකියා ලබා දෙනවා කියා. පසුගිය කාලයේ එතුමා අමාත්‍යවරයෙක් ලෙස සිටියදී දී දින 180 ක් යන්නට මත්තෙන් පත්වීම් අහෝසිවෙන ලෙස තරුණයින්ට පත්වීම් ලබා දී තරුණ පරපුර රවටා විශාල පිරිසක් පාරට ඇද දමා ඔවුන්ව අසරණ කළා. රටේ තරුණ තරුණියන් සාප කරන නායකයෙක් බවට එතුමා අද පත්වී සිටිනවා. එතුමාගෙන් රැකියා ලබා ගත් තරුණයින්, එතුමාට ගමට එන්න එපා කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තියෙනවා. 23% අඩු ඡන්ද ලබා ගත් සජිත්ට තම දිස්ත්‍රික්කය පවා වෙනස් කිරීමට සිදුවිම නිසා දැන් මානසික ආතතියෙන් මෙන් කටයුතු කරනවා.

    එතුමාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 88 – 89 කාලයේදී තරුණ කැරළි දරුණු ලෙස මැඩ පවත්වා ඔහුගේ බලය තහවුරු කර ගැනීම සදහා තරුණ ජිවිත දහස් ගණනක් විනාශ කලා. එදා පියා සිදු කළ එම වැඩපිළිවෙල අනුගමනය කරමින්  අද සජිත් ප්‍රේමදාස මහතා තරුණ ජිවිත සමග සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිටි අසාර්ථකම අමාත්‍යවරයා ලෙස තරුණ තරුණියන් අසරණ කළේ සජිත් ප්‍රේමදාස මහතා. රාජ්‍ය ආයතන වල සම්පත් විනාශ කළා. තම ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සදහා රුපියල් බිලියන ගණන් මුදල් වියදම් කර රට පුරා පෝස්ටර් ගසා තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය ආයතන වලට රුපියල් කෝටි ගණන් ණය වී තිබෙනවා. රාජ්‍ය ආයතන විනාශ කිරීමට එතුමා කටයුතු කරලා. එහෙම කරපු එතුමා අද රජයට බොරු චෝදනා කරනවා.

    2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්විමත් සමග රටේ තරුණ තරුණියන් පිබිදුනා. තරුණයින්ගේ ශක්තිය එතුමාට ලැබුණා. තරුණයින් පාරට බැහැල චිත්‍ර අදින්න, පරිසරය පිරිසිදුව තබා ගන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වැනි යහපත් වැඩසටහන් ආරම්භ කළා. එතුමාගේ දැක්ම ප්‍රතිපත්තිය තරුණයින් හදුනා ගත්තා. ඒ නිසා තමයි කිසිදු දේශපාලනඥයෙක් ලග පෝලිම් ගසන්නේ නැති රැකියා සංකල්පය තරුණ පරපුර වෙනුවෙන් එතුමා ආරම්භ කළේ. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් රැකියා ලබා දී තිබෙනවා. උපාධිධාරීන්ට පත්විම් ලබා දී අවසන්. දැන් තිබෙන්නේ ඔවුන්ගේ රැකියා පුහුණුව ලබා දීම පමණයි.

    යූ.එන්.පී ය තරුණ ජීවිත පෝලිම් ගැස්සුවා. තරුණයින් දේශපාලනඥයින්ට කඩේ යන සංස්කෘතිය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නේ එතුමා. එම වැඩ පිළිවෙලට බාධා කර තරුණ ජිවිත තව තවත් අදුරට ඇද දමන්න එපා කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට ගැටළුවක් තියෙනවා නම් ඕනෑම මාධ්‍යයක මුහුණට මුහුණ වාද විවාද කරන්නට මා සූදානම්. මම එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා. එතුමා පසුගිය කාලයේ කරපු දේවල් රටට හෙළි කරන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් අසරණ වී සිටන එතුමාගෙන් ඉල්ලා සිටින්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගසන්න එපා කියා. තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා අසාර්ථක ලෙස අමාත්‍යාංශය මෙහයවීම නිසා රටට යහපතක් සිදුවූයේ නැහැ. එහෙම කෙනෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද ?

    හිතක් පපුවක් ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද ජනතාව පෙළ ගැසී සිටිනවා. එතුමාගේ වැඩපිළිවෙලට අභියෝගයක් වෙන්න සජිත්ට හැකියාවක් නැහැ. අප දිගින් දිගටම එතුමා සිදු කළ නීති විරෝධී ක්‍රියා රටට හෙළි කරනවා. තව තවත් සමාජයේ දෝශ දර්ශනයට, උපහාසයට ලක් වෙන්න එපා කියා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම පාර්ලිමේන්තුවේදී එතුමාට විවාදයට පැමිණෙන ලෙස අභියෝග කළා. එදා එතුමා පැනලා ගියා. මම නැවත එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා.

    එක්සත් ජාතික පක්ෂයේ දැන් තිබෙන අර්බුදය හමුවේ අපේ රජය 2/3 ක බලය ලබා ගැනීම වලක්වන්න බැහැ. සමගි ජනබලවේගයේ  නායකයින්ට අද ගමට යන්න බැහැ. ඉතින් කොහොමද මැතිවරණය මෙහෙයවන්නෙ. යූ.එම්.පී. ය විනාශ කරල, ජනතාවත් විනාශ කරල ඔවුන් මරාගෙන මැරිල අවසන්. නැවත ප්‍රකෘති තත්වයට ගේන්න කිසිම බලවේගයකට හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට යා හැකි අතලොස්සක් දෙනා අපි සමග රහසිගතව සාකච්චා කරමින් සිටින්නේ 2/3 ක බලයෙන් රජය පිහිටුවන්නට දායක වෙන්න. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙ සූදානමින් සිටිනවා”  යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.

  • 3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

    තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    මාධ්‍යවේදීහු විවිධ පැතිකඩ සහ ක්ෂේත්‍ර අලලා ජනාධිපතිතුමාගේ ප්‍රශ්න විමසූහ. ජනාධිපතිතුමා ඒවාට සරල, ඝෘජු සහ පැහැදිළි පිළිතුරු ලබා දුන්නේය.

    • ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය නූතන තාක්ෂණයයි…

    කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම සඳහා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම ආර්ථිකයට හඳුන්වා දීමට ඉහළ ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. සංවර්ධන ක්‍රියාදාමයේ ගාමක බලවේගය තාක්ෂණය බව එතුමා කීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය පරිදි තාක්ෂණය හඳුන්වා දීම සිය ඉලක්කය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “සන්නිවේදන තාක්ෂණ ක්ෂ්ත්‍රයේ වත්මන් ආර්ථික වටිනාකම ඩොලර් බිලියනයක් එය ඉදිරි වසර දෙක තුන ඇතුලත ඩොලර් බිලියන 3 දක්වා වැඩිකරන්න පිළිවන්. උත්පාදනය කළහැකි රැකියා සංඛ්‍යාව තුන්ලක්ෂයක් පමණ අප කළ යුත්තේ අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම” ජනාධිපතිතුමා කීය.

    • තුනෙන් දෙකක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න

    ළග එන මහ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා බලයට පත්කළ ජනතාව අපේක්ෂා රැසක් සපුරා ගැනීමට බලා සිටින බව කීය. ඔවුන්ගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ ජනාධිපතිතුමා තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය මේ බාධකය ඉවත් කිරීමට බව පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ʽස්වාධීනʼ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයයි කියා සිටියේය. 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා එසේ නොවන බව එතුමා කීය.

    • උපාධීධාරීන්ගේ රැකියා පුහුණුව ගැන මැතිවරණ කොමිසම සමග කතාකරනවා.

    මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. “රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක් එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කරනවා”, ජනාධිපතිතුමා පැවසීය.

    • ජීනිවා යෝජනා ජාතියේ ස්වාධීනත්වයට අභියෝගයක්

    ජීනීවා යෝජනාව හෙවත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීම නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණු දෙන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙක් විමසීය. “ ජීනිවා යෝජනාව ජාතියේ ස්වාධීනත්වයට සහ අභිමානයට අභියෝගයක්. තමන්ගේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව පිළිගත් ඉතිහාසයේ එකම අවස්ථාව මෙයයි. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම අවශ්‍ය වුයේ ඒ නිසා. අපි මේ ප්‍රශ්නයේ මුලට යන්න ඕනෑ. උමා මහේෂ්වරන් තම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ ආර්ථික දුක්ගැනවිලි ගැන කියමින්. පසුව මේ සත්‍යය වසන් කොට බෙදුම්වාදය ඉස්මතු කළා. අප ඇත්ත ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි”, ජනාධිපතිතුමා කීය. 

    අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්දැයි තවත් ප්‍රශ්නයක් අසනු ලැබීය. අතුරුදන් වූ පිරිස් දෙපාර්ශ්වයේම සිටින බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා සිදුවීමක් දෙකක් මුල්කරගෙන දේශපාලන අරමුණු ඇතිව එය සමස්තය බවට ආරෝපණය කර ඇතැයි සඳහන් කළේය. අතුරුදන් වූ පිරිස් හඳුනාගැනීමෙන් පසු ඔවුනට මරණ සහතික නිකුත් කළ හැකි බව එතුමා පැවසීය. අතුරුදන්වූවන් ගැන යුනිසෙෆ් කළ සමීක්ෂණයකදී හෙළි වූයේ  ආයතනය අතුරුදන් බව කියන විශාල පිරිසක් එල්ටිටීඊ විසින් යුද්ධයට බඳවා ගනුලැබීමෙන් පසු සටනේදී මිය ගොස් ඇති බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේය.

    • වාර්ගික හා ආගමික අන්තාවදයට ඉඩ තබන්නේ නැහැ.

    “ පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බොහෝ සෙයින් කතාකළා. ඊට වගකිව යුතු අයට දඬුවම් කිරීමට තවමත් හැකිවී නැත්තේ ඇයි? මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ”

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසක් පත්කර තිබේ. එහි අතුරු වාර්තා දෙකක් මා වෙත ලැබී ඇත. අවසන් වාර්තාව ලැබුණු පසු එහි ඇතුළත් නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගැනීමට පිළිවන. ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තවේ ද වැදගත් නිර්දේශ ඇතුළත් විය. ඒ සියල්ල සැලකිල්ලට ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා දැනට සිදුවන පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමිපාණන් ද සෑහීමට පත්ව සිටිතියි කීය.

    • බදු අඩුකිරීමෙන් ව්‍යාපාර රැසක් ආරක්ෂා වුණා.

    වැට් ඇතුළු ඇතැම් බදු අඩුකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී නැතැයි මාධ්‍යවේදියෙක් සඳහන් කලේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා අසීරු තත්වයක සිටි ව්‍යාපාර රැසක් බදු කපාහැරීම නිසා ආරක්ෂා කරගැනීමට හැකිවිණැයි පෙන්වා දුන්නේය.

    • රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස කළ පත්වීම් බහුතරය සතුටුදායකයි.

    රාජ්‍ය සංස්ථා සහ වෙනත් ආයතනවල ඉහළ තනතුරු සඳහා තේරීම් කමිටුවකින් නිර්දේශ ලබාගැනීමට ජනාධිපතිතුමා හඳුන්වා දුන් ක්‍රමය සාධනීය එකක් බව කී මාධ්‍යකරුවෙක් මෙතෙක් කර ඇති පත්වීම් ගැන සෑහීමකට පත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය.

    ආයතන රැසක ඉහළ තනතුරු සඳහා කළ පත්වීම් ගැන සෑහීමට පත්විය හැකි බව කී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඇතැම් පත්කීරීම් ගැන ගැටලු තිබෙන බව පැවසීය. ඉහළ තනතුරුවලට පත්වූවන් නිශ්චිත කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්විය යුතුය. එසේ නොකළහොත් ඔවුන් ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එතුමා කීය.

    අයහපත් චර්යාවක් ඇති මන්ත්‍රීවරුන් සමග ඔබතුමා අපේක්ෂා කරන ගමන යා හැකි දැයි විමසීමක් කෙරිණ. “මන්ත්‍රීවරුන් තෝරාගන්නේ ජනාධිපති නොවේ. එහි වගකීම තනිකරම ඇත්තේ ජනාතවට. ඔවුන් වඩාත් ම යෝග්‍ය නියෝජිතයා තෝරාගත යුතුයි” එතුමා පිළිතුරු දුන්නේය.

    • කලින් ආණ්ඩුව අපටත් වැඩියෙන් හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කළා.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස හිටපු හමුදා නිලධාරීන් පත්කිරීමේ යෝග්‍යාතව ගැනද ප්‍රශ්නයක් මතුවිය. පසුගිය රජය විශ්වවිද්‍යාල බලධාරියෙකු ලෙස හමුදා නිලධාරියෙකු පත්කළ බව කී ජනාධිපතිතුමා එදා නිහඬව සිටි විපක්ෂය දැන් කලබල වී ඇතැයි සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව වත්මන් රජය පත්කලාට වැඩි හමුදා නිලධාරීන් පිරිසක් විවිධ තනතුරුවලට පත්කර තිබූ බව කී ජනාධිපතිතුමා ඉහළ ශ්‍රේණිවලට අයත් හමුදා නිලධාරීන් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මනා දේශීය විදේශීය පුහුණුවක් ලැබූ අය බව එතුමා පෙන්වා දුන්නේය.

    කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන නගනු ලැබූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා අතරමැදියන්ගේ සූරාකෑම තුරන් කොට ගොවියාටත් පාරිභෝගිකයාටත් යුක්තිය ඉටුකිරීම සිය අරමුණ බව ප්‍රකාශ කළේය.

  • පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා  – ඇමති ප්‍රසන්න

    පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ඇමති ප්‍රසන්න

    ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

    මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින හිටපු පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    මම කියපු කාරණා 03ක්ම මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු සන්ධානය ද මොකක්ද එක හදන කොට කිව්වා අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් විතරයි කියලා. මෛත්‍රිපාල සිරිසේන ඒ සන්ධානයේ සම නායකකම ඉල්ලන කොට  කිවුවා අපිට සම නායකයෝ නෑ. අපිට ඉන්නේ එකම එක අසමසම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා පමණයි කියලා. ඒ වගේ ම මම කිවුවා අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔය එක එක සන්ධාන වලින් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියලා. මම ඒ කියපු හැම දෙයක්ම අද හරිගිහින් තියෙනවා. එදා  2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා.පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවා. එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ. මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත්  ජනතාව පෙළ ගැහිලා ඉවරයි.

    කළ ගුණ දන්න ජනාතාව හැමදාම හිටියේ පොහොට්ටුවත් එක්කයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා. දැන් මං මේක කිවුවාම හෙට ඉදලා මඩ ගහන්න පටන් ගනියි. හෙට පක්ෂ නායක රැස්වීමේ දී මාව ඉවර කරයි. හැබැයි මම දන්නවා  කවුරු නැතත් ජනතාව මාව රකිනවා. කවුරු නැතත් ජනතාව මං වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මගේ ස්ථාවරය කියන්න මම බය නෑ.

    අපි කණ්ඩායමක් විදිහට මෙවර මහා මැතිවරණයට ගම්පහින් තරග කරන්නේ. මනාප වලට රණ්ඩු වෙන්නේ නෑ. ජනතාව ජයග්‍රහණය කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනේ. මේ තුනෙන් දෙකක බහුතර බලය ගත්තාම තමයි අපිට පුළුවන් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් අන්තවාදී සංවිධාන අපිව යට කරගන්න හදන එක වළක්වන්න. අපි අන්තවාදී සහයෝගය නැතිවයි මෙවර ආණ්ඩුව පිහිටවන්න කටයුතු කරන්නේ. අනතවාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා අපිට වැඩක් නෑ. මොකද අපි රටට ආදරේ නිසා. පහුගිය දවසේ අපි පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ මේ රටේ නතර වෙලා තිබුණු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න. 2019 වෙනකම් කෙරිලා තිබිච්ච දේවල් වල මුදල් පහුගිය ආණ්ඩුව ගෙවලා තිබුණේ නෑ. ඒ හින්දා ඒ මුදල් ගෙවලා රට වැඩ කරන රටක් බවට පත් කරන්නයි අපි පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ.

    නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුහකකම එළියට ආවා. ඔවුන් පරිපූරකයට විරුද්ධ වෙලා මේ රටේ ජනතාවට මුදල් ලැබෙන එක වැළැක්වුවා. උපාධිධාරීන්ට රැකියා ලබා දීම මේ මැතිවරණය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නෙමේ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පහුගිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක්. ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු කීරිම සදහා මේ උපාධිධාරී පත්වීම් ලබා දෙන්න කටයුතු කරේ. උපාධිධාරින්ට අපි මේ දුන්නු රැකියා නැතිව පාරේ බැහැලා ඉන්න තත්ත්වයට පත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය නැවතත් උත්සාහ කරන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.

    මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහන් ප්‍රදීප් මහතා ද මෙම රැස්වීමේ දී කථා කළේය.

  • උපදේශකයාගේ වෛරය පිරිමසා ගන්න ‘පරපුටුවා’ රවීට බොරු චෝදනා ගෙතූ බව හෙළිවෙයි

    උපදේශකයාගේ වෛරය පිරිමසා ගන්න ‘පරපුටුවා’ රවීට බොරු චෝදනා ගෙතූ බව හෙළිවෙයි

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් 2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි.

    ඊයේ (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රවී කරුණානායක මේ බව සඳහන් කළ අතර ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට තමන් මුදල් ඇමති ලෙස කටයුතු කළ නමුත් බැංකු හෝ මහ බැංකුව යන කිසිවක් තම විෂය පථය යටතේ නොතිබූ බවත් පෙන්වා දුන් කරුණානායක මහතා මේ සිදුකර ඇත්තේ ජන්දය ආසන්නයේ එක්සත් ජාතික පක්ෂයට, ජනතාවට සහ තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් බවත් පැවසීය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහි වගකීමක් ඇති බව පැවසූ කරුණානායක මහතා කිසිදු විමර්ශනයක තමන්ට චෝදනා කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

    මේ අතර නීතිපතිවරයා විසින් තමා ඇතුළු 12 දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නිකුත් කළ වරෙන්තුව ගැන අදහස් දක්වමින් රවී කරුණානායක මහතා සදහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක වරෙන්තු ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් වීම දැඩි ප්‍රහේලිකාවක් බවයි.

    මේ අතර හිටපු ජනපතිවරයාට සමීප ආරංචි මාර්ග දක්වන්නේ රවී කරුණානායක මහතාට එරෙහිව ජනපතිවරයා කුපිත කිරීම පිටුපස කලක් එජාප සමග කටයුතු කළ ජනාධිපති උපදේශකවරයෙකු සිටින බවයි. ඔහුගේ පුද්ගල කෝන්තරයක් මත පසුගිය ආණ්ඩු සමය පුරාම හිටපු ජනපති සිරිසේන රවී කරුණානායක මහතාව පීඩනයට පත් කළ බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.

    සිරිසේන පසුගිය දා පොළොන්නරුවේදී සිදුකළ ‘උකුසු’ කතාව මේ සමග ගෙන කතා කිරීමට කැමැති දේශපාලන විචාරකයින් බොහෝ දෙනකු සදහන් කළේ තමා උකුස්සෙකු යැයි සිරිසේන සිතා සිටියත් ඔහු සැලකිය හැකිකේ පරපුටුවෙකු වශයෙන් බවයි.

    මාදුලුවාවේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සමාජය විසින් ද එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ද නිර්මාණය කළ රාජපක්ෂ විරෝධය හමුවේ ජනපති ධුරයට පත් සිරිසේන ජනාධිපති වූ දා සිටිම යහපාලන ආණ්ඩුව නම් කූඩුවේ ශ‍්‍රීලනිප පැටව් පෝෂණය කිරීමට තැත් කළ බව පෙන්වා දෙන ඔවුන් එජාප ආණ්ඩුවේ සියලුම සංවර්ධන කටයුතුවලට (සජිත් හැර) අඛණ්ඩව බාධා කළ බවත් ඔහුගේ පරපුටු න්‍යාය අනුව පොළොන්නරුවට සියල්ල කළ බවත් පෙන්වා දුන්නේය.

    මොරගහකන්ද, පිබිදෙමු පොළොනන්රුව ඇතුළු එදා යහපාලන ආණ්ඩුව සමයේ සිදුකළ සියලු සංවර්ධන වැඩවල ලකුණු දා ගන්න අද සිරිසේන කැසකවන බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ එදා යහපාලන ආණ්ඩුව සමයේ සිදුකළ සංවර්ධන කටයුතුවල (පොළොන්නරුවට) තනි බුක්තිය සිරිසේන විසින් ලියා ගෙන මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව පෙන්වා දුන්නේය. මෙය උකුසු න්‍යාය නොව පැහැදිලිව පරපුටු න්‍යාය බව ද අවධාරණය කරන ඔවුහු පොළොන්නරුවේ ජනතාව මේ පරපුටුවා ගැන පැහැදිලි දේශපාලන තීන්දුවක් ගත යුතු බව ද පෙන්වා දුන්නේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොහොට්ටුවේ තරුණ ඇමැතිවරයෙකු පෙන්වා දුන්නේ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවට අපමණ කෙනෙහිලිකම් කළ මේ පුද්ගලයා යළි පොහොට්ටුවේ අපේක්ෂකත්වය ඉල්ලා සිගමනේ ඒක දෛවයේ සරදමක් බවයි. එනිසා ඉතාම පැහැදිලිව 2015 මහ මැතිවරණයේදී බුද්ධිමත් ඡුන්ද දායකයින් ගත් තීන්දුව ඔවුන් මෙවර ද ගනු ඇති බවට විශ්වාස යැයි ද පරපටුවන්ට පොහොට්ටුව තුළ බිජු ලෑමට තමන් ඇතුළු පාක්ෂිකයින් කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ද අවධාරණය කළේය.

  • එජාපය සමගි කරන්න සජිත් ඇතුළු කල්ලිය සූදානම් නැති බව අදත් ඔප්පු කරයි

    එජාපය සමගි කරන්න සජිත් ඇතුළු කල්ලිය සූදානම් නැති බව අදත් ඔප්පු කරයි

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4)සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

    කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායම නොපැමිණි නිසා එම තීරණය දැනුම් දීමට නොහැකි වූ බවයි.

    පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මෙම තිරණය ගත් බවත් පැවසූ මහලේකම්වරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවත් කිසිදු හේතුවක් මත අලියා හැර වෙනත් ලකුණුවලින් තරඟ කිරීමට තමන් සූදානම් නොමැති බවත් කියා සිටියා.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බවයි.

  • දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට

    දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට

    අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (4) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව 19ක් වන වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව 18ක්. අඩුම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තෝරාපත්කර ගනු ලබන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය 04ක්.

    මේ සමග නාම යෝජනා පත්‍රයකට ඇතුළත්විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල පිළිබඳවත් එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මැතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කිරිමක් අවශ්‍ය නොවන බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

  • ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිර්මාණය වුණේ ඇයි ? – ජනපති පහදා දෙයි

    ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිර්මාණය වුණේ ඇයි ? – ජනපති පහදා දෙයි

    වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි ජනපතිවරයා සිය විශ්වාසය පළකරයි.

    තමා යෝජනා කර ඇති ජනතා කේන්ද්‍රීය ආකෘතිය මේ සාධකය සැලකිල්ලට ගෙන සකස් වූවකැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග අද (04) ජනාධිපති කාර්යාලයේ පැවති සංවාදයකදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

    “ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියළු දෙනාට, විශේෂයෙන් දිළිඳු ප්‍රජාව වෙත ළඟා වන බවට අප විසින් සහතික කරගත යුතුයි. ඔවුන් දිළිඳු බවින් මුදාගෙන ආර්ථිකයේ සාධනීය දායකයන් බවට පත් කොට ඔවුන්ගේ ජීවන තත්ත්වය කඩිනම් හා තිරසාර ලෙස වර්ධනය කළ යුතුය” ජනාධිපතිවරයා පැවසීය.

    නවීන ඩිජිටල් යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක වඩා ප්‍රශස්ත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය ජනතාවට පහසු කිරීමේ අභියෝගය තම රජය භාරගෙන තිබෙන බවත් කීය.

    “අපේ පාසල්, පුහුණු ආයතන හා විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොල ඉල්ලුම අතර ඇත්තේ සැලකිය යුතු නොගැලපීමක්. අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය එය පෙන්නුම් කරන එක් අවස්ථාවක්. එබැවින් අපේ අධ්‍යාපන පද්ධතියට ආවේණික ගැටලු සඳහා කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවක්”, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    රාජ්‍ය අංශයේ ගුණාත්මක පරිහානිය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා අනවශ්‍ය සීමා ලිහිල් කර හෝ ඉවත් කර බාධා විරහිත ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉවහල් වන පරිසරයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛතාවක් බවත් මේ අරමුණ කරා ළඟාවීම සඳහා නූතන තාක්ෂණය ආර්ථිකයට බද්ධ කළයුතු බවත් පෙන්වා දුන්නේ ය.

    කතිකාවට එක් වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලයේ සභාපති චින්තක විජේවික්‍රම මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින් ගතික අංශයක් බවත් වසර 28 කට පසු මේ ක්ෂේත්‍රය ආමන්ත්‍රණය කළ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවත් සඳහන් කළේය. අපගේ මෘදුකාංග සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන් කවුන්සිලයේ මහ ලේකම් ශාන්ත යාපා මහතා ක්ෂේත්‍රයේ දේශීය ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

    Global Sourcing Association විසින් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සංගමයට පිරිනමන ලද ‟The Delivery Destination of the Year” සම්මානය සංගමයේ සභාපති රනිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.

    තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද කතිකාවට එක්ව සිටියහ.

  • පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ

    පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් රජයක් බිහි කර ගැනීම අතවශ්‍ය බව ද රණතුංග මහතා අවධාරණ කරයි.

    වත්තල ආසනයේ පමුණුගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

    මෙහි දී තව දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

    ‘යහපාලනය කියන බොරුව ගෙනෙල්ලා, රටේ මිනිසුන් ව රවට්ටලා බලයට ඇවිල්ලා මේ රටේ සෑම ක්ෂේත්‍රයක් ම විනාශ කළා. 2009 වන විට මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා. යුද්ධය අවසන් කරලා සාමය ගෙනාවා. හැබැයි යහපාලන ආණ්ඩුව තුළින් නැවත බෝම්බ පත්තුවෙන්න ගත්තා. තමන්ගේ ආගම අදහන්න ආපු අහිංසක මිනිස්සු අමු අමුවේ මරලා දාන කොට ආණ්ඩුව ඇහැ කණ පියාගෙන හිටියා. ජාතික ආරක්ෂාව විනාශ වුණා. මහපාරවල්වල බල්ලෝ බළල්ලු වගේ වෙඩි තියලා මරන්න පටන් ගත්තා. රටේ කෘෂි කර්මාන්තය විනාශ කළා. පරිසරය විනාශ කළා. අද මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන පානීය ජල ප්‍රශ්නය උග්‍ර වුණේ මේ පරිසර විනාශයත් එක්කයි. රටේ ආර්ථිකය කඩන් වැටුණා. ජනතාවට ලැබුණ සහානාධාර නැති වුණා. ජනතාව යහපාලන බොරුව තේරුම් ගත්තා.

    පළාත් පාලන මැතිවරණයේ දී බොහෝ දෙනෙක් කිවුවා එකතු වෙලා තරග කරොත් අපිට හොදයි කියලා. මම ඒකට විරුද්ධ වුණා. අපි පළාත් පාලන මැතිවරණය පොහොට්ටුවෙන් තනිවම ඉල්ලුවා. අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය ස්ථාපිත කරලා අපට දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. එදා පළාත් පාලන මැතිවරණයෙන් එකතු වෙලා ඉල්ලුවා නම් මෙච්චර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නෑ. අපි තනිවම ඉල්ලලා ලංකාවේ වැඩිම මන්ත්‍රීවරුන් දිනා ගත්තා. ඒක අපේ පළමු ජයග්‍රහණයයි.

    ජනාධිපතිවරණයේ දී අපිට විවිධ ප්‍රශ්න ආවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මහින්ද මහත්තයව ඉල්ලන්න බැරි තැනට පත් කළා. හැබැයි අපි පක්ෂයක් විදිහට ස්ථාපිත වෙලා තිබුණ නිසා අපිට පොහොට්ටුවෙන් ඉල්ලලා අපේ අපේක්ෂකයා දිනවන්න හැකි වුණා. අපි පළාත් පාලන මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළ බව ඇත්ත. ඒත් රට ඉදිරියට ගෙන යන්න මේක ප්‍රමාණවත් නෑ. ඒක අපිට තේරුණේ පරිපූරකය ඉදිරිපත් කරපුවාම. පරිපූරකය ඉදිරිත් කරපුවාම එක්සත් ජාතික පක්ෂය කකුලෙන් ඇද්දා. 2019 දෙසැම්බර් 31 වන විට වැඩ කරපු මිනිසුන්ගේ බිල් ආණ්ඩුව ගෙවලා  තිබුණේ නෑ. ඒ  නිසයි අපි පරිපූරකයක් දැම්මේ. ඉදිකිරිම්වල ගෙවීම් හා විශ්‍රාමිකයන්ට ගෙවන්න තියෙන හිග මුදල් ගෙවන්නයි අපි පරිපූරකය දැම්මේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒකට ඉඩ දුන්නේ නෑ. මේ විදිහට කකුලෙන් ඇද්දම රටක් ඉදිරියට ගෙනියන්නේ කෙහොමද ? ඒකයි ගෝඨාභය මහත්තයයි, මහින්ද මහත්තයයි කියන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා.

    සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ජනාධිපති වුණොත් වාහන ගන්නේ නෑ. ගෙවල් ගන්නේ නෑ. හැබැයි විපක්ෂ නායක වුණු ගමන් සජිත් වාහන ටිකත් ගත්තා. නිළ නිවාසයත් ගත්තා. ජනාධිපතිවරණ කාලෙ නම් කිව්වා රෑට රෑට හොරෙන් එනවා කියලා සතුටින් ද කියලා බලන්න. දැන්නම් එනවාද මම දන්නේ නෑ. කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ. දෙමළ ඩයස්පෝරාව එක්ක එකතු වෙලා බලය ගන්න දගලපු සජිත්ලට ආපහු බලය දෙන්න මේ රටේ ජනතාව සුදානම් නෑ. පක්ෂයේ ලකුණවත් දාගන්න බැරි සජිත් කොහොමද ආණ්ඩු බලය ගන්නේ. පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ. සජිත්ලා සමගි ආණ්ඩු ගහන්න හදන්නේ ර්ෂාඩිලා එක්ක, TNA එකත් එක්ක. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නෑ.

    මේ රටේ අනන්‍යතාවය අභිමානය රැකෙන්නේ ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුව දිනෙව්වොත් විතරයි. අද ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලැබෙන්නේ ශක්තිමක් ආණ්ඩුවක් පිහිටෙවුවොත් විතරයි. හැමෝම අහනවා අපි කොහොමද තරග කරන්නේ කියලා. අපි තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහෙට්ටුව ලකුණින්. මේක හරි තීරණත්මකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා ඉන්නවා. ඒක හොදයි ද නරකයි ද කියලා තීරණය කරන එක ඔබට බාරයි.

    ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා ද මෙහි දී කථා කළේය.

  • කට නිසා නහින ‘පුළතිසි කුස්සා’

    කට නිසා නහින ‘පුළතිසි කුස්සා’

    ‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ.

    කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි.

    පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා ‘කට’ බොහෝ විට ‘ඇනගත්තා.

    ඔහු ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරය දරන සමයේ මර්වින් සිල්වාගේ මැරකම් නිසා ඇති වුණ අවුලේදී ‘මම බම්බු ගහන්නද?’ කියලා ඇසුවා අපි කාටත් මතකයි. එදා සිට බොහෝ මාධ්‍යකරුවන් ඔහුව හැඳින්වූයේ ‘බම්බු සිරිසේන’ කියලයි.

    බම්බු සිරිසේන ජනාධිපති වුණට පස්සෙත් ‘කට’ පරිස්සම් කරගත්තෙම නැහැ. ‘මඩුවළිඟ කතාව’ ‘තනපට කතාව’ ‘කජු කතාව’ වගේම ‘සමනල කතාව’ත් ඔහුට ලබා දුන්නේ නිමක් නැති අපකීර්තියක්.

    ඒ හැම අවස්ථාවකදී ඔහු පුද්ගලිකව අගතියට පත් වුණත් පසුගිය දා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ පොදුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යනඑන මං නැති කරන බවයි මේ වන විට දේශපාලන කරළිය තුළ දැඩිව අවධාරණය වෙන්නේ.

    විශේෂයෙන් ලංකාවේ දේශපාලනයේ ජනමතය නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛ චරිතයක් වන විමල් වීරවංශ සිරිසේනගේ උකුසු කතාවට එරෙහිව ‘අවි අමෝරා ගැනීම’ කිසිසේම යහපත් තත්ත්වයක් නෙමෙයි.

    මේ තත්ත්වය තුළ බොහෝ දෙනෙක් කියන්නේ ‘සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිඟාකන තැනට/ යනඑන මං නැති තැනට’ පත් කළා කියයි.

    ‘මේ මනුස්සයා අපක්ෂය නන්නත්තාර කළා’ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.
    සිරිසේනගේ දියකා – උකුසු කතාව බොහොම පහසුවෙන් වටහා ගත හැකි බව මේ අතර පොහොට්ටුවේ ප‍්‍රබලයින් කියනවා. ඔවුන් කියන්නේ 2014 දී ‘මහා පාවාදීම කළ’ පුද්ගලයා 2020 දී පාර්ලිමේන්තුවට කැඳවා ගැනීම ‘කොරෝනාවලට’ වඩා වසංගත තත්ත්වයක් විය හැකි බවයි.

    ‘ඔහු ජනාධිපතිවරයාව සිටිදී කළ කිසිවක් නැහැ. එවැනි පුද්ගලයෙක් යළිත් පාර්ලිමේන්තුවට ඇවිත් මොනවා කරන්නද ?’ ඔහු ප‍්‍රශ්න කළා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ (3) මාධ්‍ය හමුවකදී කිව්වේ සිරිසේන ජනාධිපතිවරයාගේ උකුසු ගැහිලා නිසා මුළු යහපාලන ආණ්ඩුවම විනාශ වූ බවයි. අවසානයේ එජාපවටත් (කා සමග සන්ධානගත වීද කියලා නැති වුණත්) උකුසු ගැහිල්ලක් ගහන්න සිරිසේන මහතා උත්සාහ කළ බවට රංගේ බණ්ඩාර චෝදනා කළා.

    ‘සජිත් පේ‍්‍රමදාසව කාර් එකේ දාගෙන මුරුංගා අත්තේ තිබ්බේ මේ උකුසු ගැහැල්ලට තමයි’ එජාප ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.

    කොහොම වුණත් සිරිසේන සමීප ආරංචි මාර්ග කියන්නේ ඔහුට පොළොන්නරුවෙන් මනාප ලබා ගැනීම හිතන තරම් පහසු නැති බවයි. ඔහු ‘පරාජය කළ යුතු’ අපේක්ෂකයෙක් ලෙස පොළොන්නරුවේ ගොවි ජනතාව සිතන බව ද ඔහු සඳහන් කළා.

    ‘කට නිසා නහින මාළුවා’ කතාව යළි සංශෝධනය කිරීමට කාලය ඇවිත් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

  • වත්මන් ආණ්ඩුව ජනපතිවරණ සමයේ කී කතා අද පුස්සක් වෙලා – සජිත්

    වත්මන් ආණ්ඩුව ජනපතිවරණ සමයේ කී කතා අද පුස්සක් වෙලා – සජිත්

    පසුගිය ජනාධිපතිවරණයේදී  වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද  කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත්  සැපක් සන්තෝසයක්  ලැබී නැතැයි සජිත් ප්‍රේමදාස මහතා අද (3) කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රකාශ කළා.

    ජනතාවට බොරු පොරොන්දු දී අකාර්යක්ෂම පාලනයක් ගෙන ගිය රාජපක්ෂ රජය පෙරලා දමා සැබෑ ජනතාවවාදි පාලනයක් පත්කර ගැනීමට මෙවර මහමැතිවරණයෙන් ජනතාවට අවස්තාව ලැබී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතා මෙසේද කීය.

    ‘‘අද දවසේ අපි විපක්ෂනායක වගකීමෙන් බැහැර වුනත් මේ කෙටි කාළය තුලදී යම් වගකිවයුතු කාර්යභාර්යයක් ඉටුකිරීමට අපට හැකිවුණා.

    දැන් මේ ආණ්ඩු බලය ලබා සිටින පිරිස පහුගිය ජනාධිපතිවරණයේ දී ඉතාම ඉහළින් දේශීයත්වය, අපේකම, ස්වදේශීකත්වය,  රටටත් ජනතාවටත් මුල්තැන දිම ගැන ඉතාම ඉහලින් කතා කළා. අද මේ වනවිට ඒ කතා පුස්සක් බවට පත්ව තිබෙනවා.

    අද අපේ රටේ ජනතාව  බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම  අපේ ධීවරයින් ගැටලූ රැසකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ මත්සය කර්මාන්තයේ නියැලෙන විදේශීය යාත‍්‍රා රාශියක් මේ වනවිට  අපේ රටේ වරායන් උපයෝගී කරගැනීම හේතුවෙන් දේශීය  ධීවර කාර්මිකයාට විශාල ප‍්‍රශ්ණයකට මුහුන දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

    අපේ රටේ  බහුදින යාත‍්‍රා 6000ක් පමණ තිබෙනවා. 40000 කට ආසන්න පිරිසක් සෘජුව ධීවර කර්මාන්තයේ යෙදෙනවා. වක‍්‍රව ගත්තොතේ අපේ රටේ ලක්ෂ දෙකකට පමණ මේ තත්වය බලපානවා.

    දීර්ඝ කාලයක්  අක‍්‍රමවත් ලෙස මත්ස්‍ය කර්මාන්තයේ  නියැලූණු නිසා යුරෝපා සංගමය අපේ රටේ අපනයන වලටත් තහංචි දැම්මා.  විදේශීය යාත‍්‍රා අපේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ නැයැලිලා අපේ  ධීවර වරායන් පාවිච්චි කිරීම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තය  බරපතල කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා.

    බහුතර ධීවර  ජනතාවකගේ ආශිර්වාදයකින් බිහිවුන මේ  වර්ථමාන රජය බලයට පත්ව දින 100 ඉක්මවලා යනවිට  අපේ  රටේ ධීවර පවුල මේ තරම් ඉක්මණට අමතක වුණාද කියලා මම අහන්න කැමතියි.

    වත්මන් රජය දේශීය ධීවර කර්මාන්තය මුළුමනින්ම අමතක කරලා ධීවර පවුල් සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා දේශීයත්වය වෙනුවට විදේශීය යාත‍්‍රා වලට  මේ විශේෂ  සැළකිල්ල ලබාදෙන්නේ තමන්ට දේශාභිමානය අමතක වෙලාද කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

    විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළ මේ කෙටි කාළය තුළ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත්  මම නිතරම ජනතා ගැටලූ මතුකලා.  විපක්ෂනායකවරයා ලෙස ප‍්‍රශ්න නැගීමට මට  ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගෙන මම ක්ෂේත‍්‍ර අටක ගැටලූ මතුකළා.

    බලයට පත්වුන ගමන් එම්. සී. සී ගිවිසුම ඉරා විසිකරනවා කියලා බලයට ආපු ගමන් ඒ ගැන සලකා බලන්න කමිටුවක් දැම්මා. පස්සේ සියට 70ක් ඒ ගිවිසුම හොඳවුණා. ඉදිරි මහමැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම 100% හොදවෙලා අත්සන් කරන්නත් මේ අය සැලසුම් කරලා තියෙනවා.

    එදා වේදාකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝස ද  වගේ වචන මාලාවක් මේ අය ඉදිරිපත් කලා. මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ දිහා බලපුවහම රටටත් ජනතාවටත්  කිසිම සැපක් නැහැ, කිසිම සන්තෝසයක් නැහැ හැම තැනකම පේන්න තියෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක්’’යැයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවා.