Category: සුපිරි Politics

  • කොවිඩ් 19 හේතුවෙන් ගම්පහ පොහොට්ටු රැස්වීම් නතර කරයි

    කොවිඩ් 19 හේතුවෙන් ගම්පහ පොහොට්ටු රැස්වීම් නතර කරයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බළධාරීන්ට දැනුම් දෙයි.  කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ මතු ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම  තීරණයට එළඹි බව ඇමතිවරයා කියා සිටී.

    කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා ජනතාව රැස්වන සියලු උත්සව හා රැස්වීම් සති 02 ක කාලයක් සදහා අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ එම තීරණයට අනුව ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිය පක්ෂයේ සියලු දේශපාලන රැස්වීම් අවලංගු කිරීමට තීරණය කළ බවත් රණතුංග මහතා කීවේය.

    ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දොම්පෙ බියගම ආසන බල මණ්ඩල රැස්වීම් හි දිවුලපිටිය කාන්තා හා තරුණ බල මණ්ඩල රැස්වීම් ද අවලංගු කෙරිණි. ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් හා බල මණ්ඩල රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ අනුව සංවිධානය කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

  • ලංකාවට නීතියක් එපාද ?

    ලංකාවට නීතියක් එපාද ?

    අද සජිත් ප්‍රේමදාසලා මහින්දට ණය ය. රනිල්ට එරෙහිව පිටකෝට්ටේ පාර බ්ලොක් කිරිමට යුඇන්පි කාරයන් ආ දවසේ පිට කෝට්ටේ පාරට තාර දැමීමට පාර වසා රනිල් බේරුවේ මහින්ද විසිනි. ඒ උදව්වට රාජපක්‍ෂලාගේ සියථ දූෂණ රනිල් වික්‍රමසිංහ විසින් යටපත් කළේය. විරවංශ බේරුවේත් රනිල්මය. අර්ජුන් මහේන්ද්‍රන් රට පටවා නිතියෙන් බේරුවේද රනිල්මය. මේවා අවකල් ක්‍රියා වෙති. ඔවුන් බලය එකිනෙකාගේ වාසියට හුවමාරු කර ගනිමින් සිටිති.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි


    රාජපක්‍ෂලා නිරාවරණය වෙමින් පවතී. රාජපක්‍ෂවරු  රාජ්‍ය පාලනය සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. රාජපක්‍ෂලා රාජ්‍ය සේවක පුහුණුව ආරම්භ නො කර ඡන්දයක් දිනන්න බැරි තැනට  පත්ව ඇත. එය  බෙහෙවින් ඛේදජනකය.  පුහුණුව නතර කළ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය.

    ඊටත් වඩා සැර කතාවක් හෙතෙම  නිදහස් දවසේ ජාතිය අමතමින් කිය. එහි අර්ථය රටේ ජනතා අවශ්‍යතා ඉටු කිරිමේදී රාජ්‍ය සේවය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය බාධාවක් නොකළ යුතු බවය. එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමතා පසුගිය පෙබරවාරි 14 වෙනිදා මීගමුවේදි සංවර්ධනය සඳහා විධායකය ගනු ලබන ප්‍රයත්නවලදි අධිකරණය බාධා නොකළ යුතු ය යන  බරපතල පණිවිඩය නිකුත් කළේය.  

    මැතිවරණ කොමිෂම පාලකයන්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසීය. ඔය වැඬේ ඉවර කර පාර්ලිමේන්තුව විසුරුවා නො හැරියේ ඇයි? එයින් කියැවෙන්නේ  අතපය හයියෙන් සහ ඔළුවෙන් කළ හැකි දේ පටලවා නො ගත යුතු බවය. හෝ වෙනම තේරුම් ගත යුතු බව ය. රටේ නීතියක් පවත්නා බව සහ ඊට ඉහළින් කිසිවෙකුට යා නොහැකි බව ගෝඨාභය රාජපක්‍ෂ නො දන්නවා නොවේ. වීරකැටිය සොහොනට වැය කළ රාජ්‍ය මුදල් පරීක්‍ෂණ ආරම්භ කළ වහාම ආපසු ගෙවන ලද්දේ ඒ නිසාය.  එය විනයකි. වරද තේරුම් ගැනිමකි.  පරම්පරා නාමය රාජපක්‍ෂ වුණාට මහින්ද කළ දේ ගෝඨාභයගෙන් මේ රටේ මිනිස්සු අපේක්‍ෂා නො කරති. එසේම කරන්නත් බැරිය. රටේ ජනාධිපති මහින්ද නො වන බව රටම දනිති. ගෝඨාභය රාජපක්‍ෂත් ඒ ටික දැනටම යම් ප්‍රමාණයකට තේරුම් ගත යුතුවේ. නීතිය අතට ගත් මහින්දට වැරදුණේ ඒ ටික නො දැන සිටි නිසාය. පාලකයන් ලෙස රාජපක්‍ෂලාගේ කැරැට්ටුව යහපත් නැත. රනිල් වික්‍රමසිංහට පින් සිද්ධ වෙන්න එකදු රාජපක්‍ෂ කෙනෙකු හෝ හිරේ විලංගුවේ නො වැටුණේ නැත. ඒත් නඩු කෝටියකි. මේ කතා කරන්නේ දේශපාලනය නොවේ.

    තෝමස් හොබ්ස්ට අනුව ලෝකයේ ආණ්ඩු ක්‍රම තුනකි. ඒ රාජාණ්ඩු රදළ ආණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු යනුවෙනි. හොබ්ස් මේ න්‍යායන් දක්වා සිය ලෙවියානන් කෘතියෙන් වඩාත් යහපත් යයි වර්ණනා කළේ රාජාණ්ඩු ක්‍රමයයි. හොබ්ස් අගය කළ රාජාණ්ඩු ක්‍රමයේ ලාංකේය අත්දැකීම කුමක්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ කුදලා එංගලන්තයේ රජුට භාරදී,  රටේ අයිතිවාසිකම් ගිවිසුමකකින් තහවුරු කර ගැනීමට රටේ ජනතාවට සිදුවිය.  විනිසුරුවන් එළවා, විවේචකයන් මරා පවත්වා ගෙන ගිය මහින්ද රාජපක්‍ෂගේ රදළ ආණ්ඩුව 2015දී ජනතාව විසින් පළවා හැරියාහ.  අද රටේ ඇත්තේ ව්‍යවස්ථාදායකය, අධීකරණය විධායකය වෙන්ව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයකි. කුඹුරක් වපුරා අස්වැන්න ගෙට ගැනීමේ  ක්‍රියාවලිය ගොවියාට භාරය.  එහෙත් මීයාටත් වවුලාටත් ගැඩවිලාටත් පැවරුණ  කුඹුරේ කිසිදු රාජකාරියක් ගොවියා පවරා නොගත යුතු බව තුන් සිංහලයම දනිති.

    පසුගිය නොවැම්බර් මැතිවරණය ප්‍රතිපලය සාධාරණ මෙන්ම නිදහස් නිවහල් එකකි. හේතුව රටේ මැතිවරණ නීතිය හරියටම ක්‍රියාත්මක වීමය. ඒ ගෞරවය එළඹෙන මහ මැතිවරණය ප්‍රතිපලයට  නො ලැබෙන බවට කරුණු පෙළ ගැසෙනු පෙනේ. බත් දන්සැල් විවෘත වේද? සිල් රෙදි බෙදයිද? ජනාධිපති මැතිවරණය දිනුවේ රටේ නිතියක් පැවති නිසාය. ඒ නෛතික රාමුව තුළ මහ මැතිවරණය ජයගත යුතුව ඇත. රටේ නිතිය එයයි.

    2010දී මහින්දට තුනෙන් දෙක නො ලැබිණ. අල්ලස්දී රනිල්ගේ ගෝලයන් බාගෙන තුනෙන් දෙක හදා ගත්හ. 18 වෙනි සංශෝධනය හරහා  රාජපක්‍ෂවරු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළහ. 19 වෙනි සංශෝධනය හරහා යළි ස්වාධින කොමිෂන් සභා නැවත ස්ථාපිත විය. ඒ කොමිෂන් සභා ක්‍රියාත්මක රටේ ඡන්ද නීතියට  අත තැබීමට 2015 බැංකු කඩා අසුවූ  රනිල්ලාට නොහැකි විය. ඒ හපන්කම 2020 කර පෙන්විිමට 2015ට පෙර බැංකු කැඩූ රාජපක්‍ෂලා සැලසුම් කරමින් සිටිති.

    17 වෙනි සංශෝධනයේ ගෙළ මිරිකිමට පෙර  මහින්ද රාජපක්‍ෂ කීවේ වීරකැටියේ පොලිසියේ ඕඅයිසි මාරු කිරීමට මට බැරි නම් ඒ නිතියෙන් පලක් නැති බවය. ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදි කීවේ අපේ මිනිහෙක් නම් මම ශේප් කරලා දානවා කියාය. නීතිය යනු පාලකයා කැමති දේ කිරිමට නොහැකි කමය. පාලකයාට නීතිය යටත් විය යුතුද? අකුරැස්සේ සාරුව සුනිල්ලා හිච්චි කෙල්ලන් විනාස කර පාටි දැමුවේ මහින්ද රාජපක්‍ෂගේ ඕඅයිසී මාරු කරන ක්‍රමය යටතේය. එය නැවත මේ රටේ ඇති නොවිය යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ තේරුම් ගත යුතුව ඇත. නිදහස් දින ප්‍රකාශ කළ පරිදි  ජන වරමක් ලැබි ඇති බව සැබෑය. ජන වරම යනු ගම් දනව් විනාස කරන ලැව් ගින්නක් නොවේ. ජනාධිපති පත් වුණේ රටේ නීතියට අනුවය.  

    නීතියට අනුව පත්වූ ජනාධීපති රටේ නිතියට යටත් ය. හෙතෙම  රටේ නිතිරිති ගණන් ගත යුතු නැතැයි කෙහේවත් ලියා නැත.  ගෝඨාභයගේ ලොකු අයියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවෝ කියා කෑ ගැසුවා මතකද? ඒ රටේ නීතිය කඩා සෙල්ලම් පෙන්නූ මහින්ද ලෝක නීතියක් පවත්නා බව පිළිගත් හෙයිනි. ප්‍රංශ ජනතාව කැරළි ගසා රජු සහ පවුල මරා දැමීය. හිට්ලර් සිය පවුලට වස කවා වෙඩි තබා දිවි නසා ගත්තේය. ඉතිහාසය යනු නැවත නැවත නොවෙනස්ව සිද්ධවන ක්‍රියාදාමයකි. ව්‍යවහාර වසර පනහක් යනු ඉතිහාසයේ සමහර විට එක දවසකි. ඒ අර්ථයෙන් විධායක ජනාධිපතිගේ සිව් අවුරුදු කාලය ඉතිහාසය අනුව නම් තත්පර ගණනකි.

    යම් නීතියකින් බැරි නම්…….? එහි අර්ථය කුමක්ද? අර්ථය කුමක් වුනත් සිරිසේන වැනි කඩ මාල්ලක් වනවා, ජනතාව මහින්ද ගෙදර ඇරියේ ඒ අවකල් ක්‍රියා නිසාය. නීතියක් ඇති නිසාය. නැවත එතැනට තල්ලු වෙන්නේ මහින්ද නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ය. ගෝඨා ඊට කැමතිද? වියත් මග ඊට කැමතිද? එළිය ඊට කැමතිද? සිංහල බෞද්ධයන් ඊට කැමතිද? මල්වත්ත අස්ගිරිය  ඊට කැමතිද? කාදිනල් මැල්කම් රන්ජිත් ඊට කැමතිද? මේ කී සියලු පාර්ශ්ව නොවැම්බරයේ පොහොට්ටුවට කතිරය ගසා බලය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂටය.

    ස්වාධීන කොමිෂන් සභා හරහා කොණ්ඬේ දිග ගැහැනු  ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ නොහැකි විය. විධායක ජනාධිපත සිරිසේනට අගමැති මාරු කිරිමට තබා පොලිස් කාරයෙකු මාරු කිරිමට ඉඩ නො ලැබිණ. එය නරකද? මේ අවස්ථාවේ ඉල්ලා සිටින තුනෙන් දෙක ගැනද යමක් කිව යුතුවේ. පාර්ලිමේන්තුව ඒකමතිකව බල ගැන්වූ 17 වෙනි සංශෝධනය අහෝසි කොට  18 සංශෝධනය පාස් කර ගත්තේ  කුලියට ගත් එජාප මන්ත්‍රී කට්ටන් ලවාය. 19 වෙනි සංශෝධනයට තුනෙන් දෙක ගෙනාවේ පාර්ලිමේන්තුවේ එකෙක් පමණක් විරුද්ධ වූ අති බහුතරයක් විසිනි. ඒ ටික නැවත සිද්ධ වෙනවාට රටේ ජනතාව කැමති නැත.

    මහින්ද චින්තනය යනු බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මෙන් ඉතිහාසය ඉරා විසි කළ කොළ කිහිපයකි. යහ පාලනයත් වචන හරඹයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ තහවුරු කළේය. රනිල් වික්‍රමසිංහලා සජිත්ලා පරදවා ගොඨාභය රාජපක්‍ෂ පත් කළේ යහ පාලනය අහවර කිරිමට නොවේ.   දේශපාලනඥයන්ගේ අව කල්ක්‍රිය නතර කිරිමටය. අවකල් ක්‍රියා යනු කුමක්ද? දුලාංජලී ප්‍රේමදාස  අත පැවති හොර සල්ලි කොළ සිද්ධියෙන් ඇය බේරුණේ මහින්දගේ අවකල් ක්‍රියා හෙවත් නීතිය යටපත් කිරිම  නිසාය.

    අද සජිත් ප්‍රේමදාසලා මහින්දට ණය ය. රනිල්ට එරෙහිව පිටකෝට්ටේ පාර බ්ලොක් කිරිමට යුඇන්පි කාරයන් ආ දවසේ පිට කෝට්ටේ පාරට තාර දැමීමට පාර වසා රනිල් බේරුවේ මහින්ද විසිනි. ඒ උදව්වට රාජපක්‍ෂලාගේ සියථ දූෂණ රනිල් වික්‍රමසිංහ විසින් යටපත් කළේය. විරවංශ බේරුවේත් රනිල්මය. අර්ජුන් මහේන්ද්‍රන් රට පටවා නිතියෙන් බේරුවේද රනිල්මය. මේවා අවකල් ක්‍රියා වෙති. ඔවුන් බලය එකිනෙකාගේ වාසියට හුවමාරු කර ගනිමින් සිටිති.

    ගෝඨාභය දිනූ දවසේම 19 වෙනස් කිරිමට එජාපය කැමති බව ලක්‍ෂමන් කිරිඇල්ල කීවේ ඒ නිසාය. එහි තේරුම් සජිත් ආවත් රනිල් ආවත් 19ට එරෙඑිව තුනෙන් දෙක දෙන බවය. ඒ නිසා එන මහ මැතිවරණයේදී එජාපයේ ලක්‍ෂ ගණනක් ජනතා විමුක්ති පෙරමුණට කතිර ගසනවාය. ජවිපෙය ආසන 10ක් ලැබුණත් ඔවුන් ආසන සියක හයියෙන් විරුද්ධ වෙනවාය. ඒ රටට නිතිය යහ පාලනය උවමනා නිසාය.  රනිල් සජිත් සමග ආසන සියක් දිනුවත් ඒ සියලු දෙනාම රාජපක්‍ෂලාට අත ඔසවනවාය. රනිල් ආවත් සජිත් ආවත් දෙන්නාම මැදමුලනට හීලෑ අපතයන් බව රහසක් නොවේ. පෝලිං ගස්වා හිර කාරයන් මැරූ කාලය නැවත අවශ්‍ය නැත

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
  • Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි

    Hot Plate: මහ ඡන්දේ ගැන මැකො තීන්දුවක් ගත යුතු බව රනිල් කියයි

    සටහන – ගජබා නාගහවත්ත

    මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය

    මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය අත ලගටම පැමිණ තිබුණ ද මාස තුනක් තිස්සේ පැවැති එ.ජා.ප සීතල අරගලය තවමත් නිම නැත. දෙපාර්ශවයේ කඹ ඇදිලි හා සාකච්ඡා තවමත් පවතී.

    “අපි එකතු වෙලා යන්න තමයි හදන්නේ. සමහරු කඹ අදිනවා”. එ.ජා.ප නායකයා බ්‍රහස්පතින්දා සිය නිවසට පැමිණි අයට කීවේ එවැන්නකි.

    “එකතු වෙන්න තියෙන බාධාව මොකක්ද? මාස ගාණක් කතා කරලා කෙරුවේ මොනවාද?” චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නායකයාගෙනි.

    “එ.ජා.ප ලකුණ අලියායි. දශක ගාණක් මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ලකුණට පයින් ගහලා ලකුණකින් යන්න මන්ත්‍රීවරු වගේම පාක්ෂිකයොත් කැමති නෑ. අලියාගෙන් යමුයි කියන්නේ ඒකයි.” නායකයා පිළිතුරු දුන්නේය.

    “එකට ගියත් බෙදිලා ගියත් දැන් නොමිනේෂන් සුදානම් වෙන්න ඕනා නේද?” දයා ගමගේ ඇසුවේය.

    “ඔව් නාමයෝජනා හදාගෙන යනවා. එහේ ගිය සමහරු යළි හිතන්න පටන් අරන් කියලාත් පේනවා. අන්තිම දිනය දක්වා අපේ නාම යෝජනා විවෘතයි. රට පිළිගත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා.” එ.ජා.ප නායකයා කීවේය.

    “මන්ත්‍රීවරු වැඩි පිරිසක් සජිත් පිලට හිටියට පහළ කොටස්වලින් බහුතරයක් ඔවුන් එක්ක නෑ. එ.ජා.ප නායකත්ව අරගලය වසර 10 ක් පක්ෂයට අවාසි ගෙනාවා. නායකයා ඡන්දය ඉල්ලලා පැරදුනාම එයාට ඉවත් වෙන්න කියනවා. වෙන කෙනෙක් ඡන්දය ඉල්ලලා පැරදුනාමත් නායකයාට යන්න කියනවා. මේක පුදුම වැඩක්නේ.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

    “මම දක්ෂයන්ට පක්ෂයේ අනාගතය හදලා දීලා යන්න හිතාගෙන ඉන්න කෙනෙක්. දේශපාලනයේ දිගටම ඉන්න හිතන අය පක්ෂයට අවංක වෙලා දක්ෂ ටීම් එකක් හදා ගන්න ඕනේ. පක්ෂය බෙදුනොත් ඊට අනුබල දෙන සියළු දෙනාට එහි වගකීම බාරගන්න වෙනවා.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

    “කොරෝනා ලංකාවටත් අභියෝග කරනවා. පිටරට ඉදලා එන අපේ කට්ටියගෙන් රුපියල් 7500 ගානේ එකතු කරන බංකොලොත් ආණ්ඩුවක් මේක. සල්ලි එකතු කරන්නේ එයාලට කට්ටලස් පැටිස් කන්න කියලා කෙහෙළිය කියනවා.” චම්පිකා ප්‍රේමදාස කීවේ සිනා මැදය.

    “කොරෝනා පැතිරුනොත් මහ ඡන්දයට මොකද වෙන්නේ. වසංගත මැද ඡන්ද පවත්වන්න පුළුවන්ද?” නවීන් දිසානායක ඇසු ප්‍රශ්නයට කාගේත් අවධානය යොමු විය.

    “මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය.

    “පළාවෙනි වතාවට අපේ කොටස් වෙළෙද පොල වහලා. මේ රටේ ආයෝජනකයෝ රු. කෝටි 800 රටෙන් ගෙනිහිල්ලා. සංචාරක ව්‍යාපාරය අඩපණයි. මේ ආණ්ඩුව එල්ලෙන්න හිටපු චීනයත් අනාථ නිසා විශාල ආර්ථික අහේනියක් අත ලගයි. අපි ඉවත් වෙනකොට ඩොලර් 74 ට තිබුණු තෙල් බැරලය දැන් 30 ට බැහැලා. ඒකේ වාසියවත් ජනතාවට නොදෙන තරමට මේ ආණ්ඩුව බංකොලොත් අඩියක ඉන්නේ.” නවීන් දිසානායක කීවේය.

    “බදාදා නුවර පැවැති විවාහ උත්සවයකට පැමිණි එ.ජා.ප නායකයා කෙලින්ම ගොස් වාඩි වූවේ මෑතකදී සජිත් පිලට එක්වූ ලක්ෂ්මන් කිරිඇල්ලට සමීප අසුනේය.

    “මේ පාර බිග් මැච් යනවාද?” කිරිඇල්ල ඇසුවේය.

    “කොරෝනා නිසා පරිස්සම් වෙන්න වෙනවා. බිග් මැච් ගැන වෙනම හිතන්න ඹ්නේ.” නායකයා කීවේය.

    “සන්ධානයට එ.ජා.ප යත් එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහන්න නැත්නම් රටේ පැරණිම පක්ෂයට හානි වෙන්න බැරි නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල නායකයාගෙන් ඉල්ලුවේය.

    “අද හවස මලික් හම්බ වෙනවා. එකතු වෙලා යන්න තමයි අපිටත් ඕනේ”. නායකයා පිළිතුරු දුන්නේය.

    තවත් විවාහ උත්සවයකදි මෑතකදී සජිත් පිලට එකතු වූ දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමය මතුගම දී ඉදිකළ එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන හමුවිය.

    “කළුතර තත්ත්වය කොහොමද? ඔයා ඉතින් හොද ව්‍යවසායකයෙක් නිසා ඡන්දය කරන්න සල්ලිවල ප්‍රශ්නෙකුත් නැහැනේ.” කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

    “ඔබතුමා සභානායක ලෙස අපේ ආණ්ඩුවට කළ සේවය විශිෂ්ටයි. පක්ෂය හා නායකයා වෙනුවෙන් කැප වුනත් හිටපු ජනාධිපතිගෙන් කැපිලි ආපු වෙලාවේ ඔබතුමා බලාගන්න කෙනෙක් හිටියේ නැතිවිම ගැන මටත් පුදුමයි. නුවර අධිවේගේ හදන්නත් අපේ ආණ්ඩුවෙන් ඔබතුමාට ලැබුණු සහාය මදි බව ජනතා මතයයි” ජගත් විතාන කීවේ එවැන්නකි.

  • Hot Plate: බැසිල්ගෙන් ප්‍රසන්න ගැන හෙළිදරව්වක්

    Hot Plate: බැසිල්ගෙන් ප්‍රසන්න ගැන හෙළිදරව්වක්

    සටහන – ගජබා නාගහවත්ත

    අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.

    මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචනා කරන ලද “ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කතාව ග්‍රන්ථය ‍පසුගිය බදාදා එළිදැක්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. 2015-2019 කාල පරිච්ඡේදය තුළ විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ප්‍රසන්න රණතුංග දැක් වූ දායකත්වය ඇසුරෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල මිනුවන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර්හි දි පැවැත්විණි.

    මෙම උළෙල පැවැත්වීමට අදහස් කර තිබුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහෙත් එදින  විශේෂ සාකච්ඡා කිහිපයක් නිසා මහින්දට උත්සවයට සහභාගී වන්නට නොහැකි බව කලින් දැනුම් දී තිබුණේය. අගමැති මහින්ද සහ දිස්ත්‍රික් නායකයන් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමේ උත්සවයේ දී ප්‍රසන්නට මහින්ද මුණගැසුණේය. මහින්ද ප්‍රසන්නගේ වැඩේ ගැන එහිදී මතක් කළේය.

    “ප්‍රසන්නගේ වැඩෙත් අද නේද? බලන්නකෝ ප්‍රසන්න නාමයෝජනා ගැන සාකච්ඡා වගයක් නිසා අද හවස් වරුවම කොළඹ ඉන්න‍ වෙලානේ” මහින්ද පැවසීය.

    “මම දන්නවා සර්. පොතේ වැඩේට නාවට කමක් නැහැ සර් කොළඹ ඉඳලා ඔය වැඩ ටික කරගන්නකෝ” ප්‍රසන්න කීවේය.

    “ඒ වුණාට ප්‍රසන්නගේ වැඩකට මම නොගිහින් ඉඳලම නැහැ. මම තාමත් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා” මහින්ද පැවසීය.

    “ආයෙත් ඒ ගැන කල්පනා කරන්න දෙයක් නැහැ සර්. ඔබතුමා වැඩ ටික කරගන්න. බැසිල් මහත්තයා ආවම ඇති මගේ වැඩේට” ප්‍රසන්න යළි කීවේය.

    “බැසිල් නම් කොහොමත් එයි. ප්‍රසන්නගේ වැඩක් කිව්වම අපි කාටත් මගහරින්න බැහැ. ප්‍රසන්නත් අපේ සටනේ පෙරමුණේ රාළ කෙනෙක්නේ” මහින්ද සිනාසෙමින් පැවසසීය.

    බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය

    පොදු ජන අරගලයේ නොකී කතාව අතර අපූරු දේශපාලන කතා

    එදින සවස පහට ප්‍රසන්න – පොදු ජන අරගලයේ නොකී කතාව එළිදැක්වීමේ උළෙල ආරම්භ කෙරිණි. බැසිල් සමඟ උදය සහ වාසු ද මෙම උත්සවයට එක්ව සිටියහ. උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසිනි. උන්වහන්සේ සිය දේශනයේ දී කීවේ රට පාලනයට උගතුන් අවශ්‍ය යැයි නියමයක් නැති බවය. දේශපාලනයේ දී අවශ්‍ය මූලික සුදුසුකම උගත්කම නොව රටට ඇති ආදරය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

    බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය.

    තමා පළමු වතාවට පළාත් සභාවට තේරී පත් වූ විට සෑම මන්ත්‍රීවරයකුම තමා දෙස බැලුවේ ගෙට ඇතුළු වී ගේ විනාශ කිරීමට ආ රකුසකු දෙස බලන ආකාරයෙන් බව ගම්මන්පිල මෙහිදී කීවේය. ඊට හේතු වී තිබුණේ තමා දැඩිව පළාත් සභා ක්‍රමයට විරෝධය පළ කළ නිසා යැයි කී ගම්මන්පිල ඒ සියල්ල නොසලකා මන්ත්‍රීවරුන් සමඟ මුහු වීමට අවස්ථාව උදා කර දුන්නේ ප්‍රසන්න බවත් කීවේය. එසේම සියලු මන්ත්‍රීවරුන් කී පරිද්දෙන් තමා උඩුගම්පොළ උපාධිය සමත් වූ බවත් ගම්මන්පිල කීවේ සිනාසෙමිනි‍

    රස කතාවලින් හෙබි උත්සව සභාවේ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ දී මුල්ම පිටපත ධනුෂ්ක ගොඩකුඹුර විසින් ප්‍රසන්න පිළිගැන්වීමටත් අනතුරුව ප්‍රසන්න අනෙක් පිටපත් මැති ඇමැතිවරුන්ට පිළිගැන්වීමටත් නියමිතව තිබුණේය. එහෙත් පළමු පිටපත ධනුෂ්කගේ අතින් ගත් ප්‍රසන්න අනෙක් ආරාධිතයන්ට පිටපත් පිළිගැන්වීමේ කටයුත්තත් ධනුෂ්කටම පැවරුවේය.

    කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න

    මටවත් මගේ පොත බලන්න දුන්නෑ – ප්‍රසන්න

    උත්සවය අවසන් වීමෙන් අනතුරුව බැසිල් ඇතුළු පිරිස සමඟ ප්‍රසන්න රාත්‍රි ආහාරය ගැනීමට ගියේ අසළ තිබුණු හෝටලයකටය. එහිදී විපක්ෂයේ සිටි වසර පහේ දී මුහුණපෑ රස කතා රාශියක්ම මැති ඇමැතිවරුන්ගෙන් කියැවිණි. බැසිල් කීවේ තනිව තරග කරමු, පොහොට්ටුව විතරයි කියමින් ප්‍රසන්න දිවා රෑ තම්නට වද දුන් හැටිය.

    “අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.

    “ඒ කතා ටිකත් මේ පොතේ ඇති නේද? ඩුලිප් ඇසුවේය.

    “කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

  • පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

    පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

    සටහන – සුමිත් චාමින්ද

    දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි.

    ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් වීම සහ වෙනස්වීම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉතාම කැපී පෙනෙන නිදර්ශකයක් ලෙස සැලකිය හැකිය. 

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ සැබවින්ම පක්ෂ ලෙස හැඳින්විය හැකිද යන කාරණයට අදාළව දේශපාලන විද්‍යාඥයින් අතර පවතින්නේ නොකඟතාවක් නොහොත් විවාදයක් බව සැබවි. නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එක්කෝ යමෙකුට යුරෝපාකරයේ හෝ වෙනත් කොතැනක හෝ පවතින ඊනියා පරමාදර්ශී පක්ෂ මොඩලයක් උපකල්පනය කරන්නට සිදුවේ; නොඑසේනම්, පක්ෂ පිළිබඳ මනෝමූලික නොහොත් ප්ලේටෝනික පරම ආකෘතියක් උපකල්පනය කරන්නට සිදුවේ.

    එම උපකල්පන දෙකම අතිශයින් ප්‍රශ්නකාරීය. එබැවින් මගේ ප්‍රවේශය වන්නේ පක්ෂ යනු කතිකාමය ගොඩ නැංවීමක් ලෙස සැලකිය යුතුය යන්නයි. සරලව, සමාජ කතිකාව තුළ මෙරට පවතින පක්ෂ ‘පක්ෂ’ ලෙස පිළිගනු ලැබීම ඒවා පක්ෂ ලෙස සැලකීම සඳහා ප්‍රමාණවත්ය.

    ඒ අරුතින් මෙරට සංවිධානාත්මක බහුජන දේශපාලන පක්ෂ පවතිනවා පමණක් නොවේ; මෙරටටම ආවේණික ද්වි-පක්ෂ, ද්වි-සන්ධාන නැතහොත් බහු-පක්ෂ දේශපාලන සම්ප්‍රදායන්ද ගොඩ නැගී විකාශනය වී ඇත. එබැවින් තරුණ දේශපාලන විද්‍යාඥයින් විසින් කළ යුතුව ඇත්තේ මෙරට දේශපාලන පක්ෂ නොපවතීය යන පහසු නිගමනයට පැමිණීම නොව ලාංකීය පක්ෂ දේශපාලනයට අදාළ සුවිශේෂකත්වයන්ද, එහි නව්‍ය ප්‍රවණතාද සංකල්පගත කරන්නට ප්‍රයත්න දැරීමය      

    මේ කෙටි ලිපියේ අරමුණ ලාංකීය පක්ෂ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන පරිවර්තන කිහිපයක් වටහාගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි සංකල්පීය කටු සටහනක් ඉදිරිපත් කිරීමය.  

    දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ

    පක්ෂ ඓන්ද්‍රීය ශරීර ලෙස 

    දේශපාලන පක්ෂ පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය අනුව පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් ලෙසය. වෙනත් ආකාරයකින් කිව හොත්, ඒවා නොවෙනස්ව පවතින්නේ නැත. ඒවාට ඇත්තේ සමාජයීය පැවැත්මක් බැවින් සමාජ වෙනස්කම් සමග ඒවා පරිණාමයට, විකාශනයට, වෙනස්වීම්වලට ලක් වේ. නමුත්, ඇතැම්විට පක්ෂ තුළ පවතින ඝනීභූත ආයතනික ව්‍යුහයන් හේතු කොටගෙන ඒවාට හැමවිටම සමාජයීය වෙනස්කම්වලට සුඛනම්‍ය ලෙස හැඩ ගැසීමට සමත් වන්නේ නැත. වත්මනෙහි එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින තත්ත්වය ඒ සඳහා කදිම නිදසුනකි.

    ග්‍රාම්ස්චි දේශපාලන පක්ෂ ස්වකීය ඓතිහාසික ජීවිතයේදී මුහුණ දෙන පරිවර්තන ගැන ඔහුගේ කාලයේ ඉතාලියට සහ යුරෝපයට අදාළව පරීක්ෂා කොට ඇත. අපට එම විග්‍රහය එලෙසින්ම අදාළ නොවූවත් එයින් යම් ආලෝකයක් ලබා ගත හැකිය. ඔහු දේශපාලන අර්බුදයක් නොහොත් ඓන්ද්‍රීය අර්බුදයක් තුළ පක්ෂවල සිදුවන පරිවර්තන සලකා බලන ආකාරය මෙහිදී ඉතාම වැදගත්ය. 

    ග්‍රාම්ස්චිට අනුව ඓන්ද්‍රීය අර්බුදයක් යනු යම් යම් සමාජ පංතීන් නොහොත් කණ්ඩායම් තමන් එතෙක් සාම්ප්‍රදායිකව පිළිගත් පක්ෂවලින් කැඩී වෙන්වීමේ තත්ත්වයක් තුළ පැන නගින්නකි. ඔවුන් සාම්ප්‍රදායිකව පිළිගත් නායකත්වයන් එලෙසම පිළිගැනීමට තවදුරටත් සූදානම් නැත. මෙවන් අර්බුදයේ මොහොතක් තුළදී පක්ෂ විවිධ ආකාරයෙන් එයට ප්‍රතිචාර දක්වයි. පක්ෂවල නායකත්ව ශ්‍රේණීන් වෙනස් කර ගැනීම, පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම්, නව වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කිරීම සහ මින් පෙර නොවූ විරූ ආකාරයේ සංධාන ඇති කර ගැනීම යනාදිය මෙහිදී අපේක්ෂා කළ හැකිය. නමුත්, කලින්ද පැවසූ ලෙස පක්ෂ ව්‍යුහයන්හි ඇති ඝනීභූත ස්වරූප හේතු කොටගෙන යම් පක්ෂයක් මෙසේ වෙනස්කම්වලට ලක් වන්නට අසමත් වන්නේ නම් එම පක්ෂය පරිහානියට පත් වනු ඇත. 

    මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ. 

    පක්ෂ අර්බුද ඓතිහාසිකව විමසා බැලීම 

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයක් තුළම පාහේ වත්මනෙහි පවතින අර්බුද පළමුව අප ඓතිහාසික පර්යාලෝකයක් තුළ ස්ථානගත කොට විමසා බැලිය යුතුය යන්න මගේ යෝජනාවයි. මන්ද යත්, මෙම අර්බුද එක්තරා ඓතිහාසික ගැටළුවක් සමග සම්බන්ධ බැව් නිරීක්ෂණය කළ හැකි බැවිනි.

    එම ගැටළුව නම් මා මින් පෙර කිහිප වරක්ම පැහැදිළි කොට ඇති ලාංකීය ධනේශ්වර හෙජමොනියේ අසාර්ථකත්වය පිළිබඳ ගැටළුවයි. එයින් අදහස් වන්නේ මෙරට පශ්චාත් යටත් විජිත ධනේශ්වරය පොදු සමාජය මත තම නායකත්වය ස්ථාපිත කර ගන්නට ඓතිහාසිකව අසමත් වීමයි. එම අසමත්භාවයට විසඳුමක් ලෙස ආගමික සහ ජනවාර්ගික ජාතිකවාදය වෙත හැරෙන්නට ඔවුනට සිදු විය. නමුත්, එහි ප්‍රතිපලය වූයේ මෙරට පක්ෂ ක්‍රමය ආගමික සහ ජනවාර්ගික පසමිතුරුතා අනුව හැඩ ගැසීමයි. ඒ අනුව, 1930 දශකයේ සිට 1950 දශකයේ මැද භාගය දක්වා මෙරට දේශපාලන ජීවිතයේ ප්‍රමුඛ පසමිතුරුතාව වූ වම දකුණ යන බෙදීම වෙනුවට ආගමික සහ ජනවාර්ගික බෙදීම් ප්‍රමුඛත්වයට පැමිණියේය. මෙය ලාංකීය දේශපාලන ක්‍රමය අස්ථාවරත්වයට පත් කරන ව්‍යුහාත්මක සාධකයකි. 

    වත්මන් ආණ්ඩුව ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය යැයි නිතරම පාහේ පැවසුවද, මෙරට දේශපාලන අස්ථාවරත්වයේ ව්‍යුහාත්මක සාධකයක් වන ජාතික ප්‍රශ්නය නොතකා හරී. ජේ.ආර්. ජයවර්ධන පවා ධනවාදී සංවර්ධනය සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගොඩ නැගීමට අසමත් විය. ඒ ඔහු ලී කුවාන් යූ ගෙන් ඉගෙන ගැනීමට අසමත් වූ වැදගත් පාඩමක් විය හැකිය. 

    මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් ඇත. එනම්, පක්ෂ අර්බුද ඓතිහාසිකව වටහා ගන්නවා යනු අප සෑම විටම ඓතිහාසික අඛණ්ඩත්වයන් සොයා යනු ලබනවාය යන්න නොවේ. මිචෙල් ෆූකෝ අවධාරණය කළ පරිදි ඓතිහාසික ක්‍රියාදාමයේ ඛණ්ඩනයන්, හිඩැස්, පරතරයන් සහ කැඩී බිඳී යාම් දෙස අවධානය යොමු කිරීම දේශපාලන පරිවර්තනයන් වටහා ගැනීමේදී ඉතාම වැදගත් වේ.        

    මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ.

    ධනවාදය සහ දේශපාලන ස්ථාවරත්වය

    විශේෂයෙන්ම 1977 වසරේ ජයවර්ධන ව්‍යාපෘතිය මගින් සලකුණු වන්නේ එවන් වැදගත් ඓතිහාසික ඛණ්ඩනයකි. එහිදී ඔහු ධනවාදී සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද යළිත් වරක් මා ඉහත තේරුම් කළ හෙජමොනික ගැටළුවට මුහුණ දුන්නේය. එනම්, ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙලට ජන සමාජය තුළ කැමැත්ත ගොඩ නැංවීමේ බුද්ධිමය සහ සදාචාරාත්මක නායකත්වයක් නොමැති වීමයි; ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ස්ථරයක් නිර්මාණය කර ගැනීමට අසමත් වීමයි.

    ග්‍රාම්ස්චියානු අරුතින් පක්ෂයම සමෝධානික බුද්ධිමතෙකු (integral intellectual) බවට පත් කිරීමටද ඔහු අසමත් විය. එයට විසඳුමක් ලෙස ජනවාර්ගික ජාතිකවාදය සහ යුදවාදය වැළඳ ගැනීමත්, මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණ යොදා ගැනීමත් ඔහුගේ තෝරා ගැනීම් විය. නමුත්, අප දැන් දන්නා පරිදි මෙම තෝරා ගැනීමේ ප්‍රතිපලය වී ඇත්තේ දේශපාලන ක්‍රමය මුළුමනින්ම අස්ථාවරත්වයට පත් වීමයි.

    මගේ නිරීක්ෂණය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ධනේශ්වර නායකයින් දෙදෙනා ඉහත ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය ජයවර්ධනගේ ප්‍රවේශයෙන් වෙනස් බවය. ජයවර්ධන සහ වික්‍රමසිංහ අතර ඛණ්ඩනයක් තිබේ. ඔවුන් පොදුවේ ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයන් වූහ. නමුත්, ඇතැම්විට, ජයවර්ධනගේ අසමත්භාවය හේතු කොටගෙන ඔහුගේ අනුප්‍රාප්තිකයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මගක් ගත්තේය.

    ධනවාදී සංවර්ධනයත් ජාතික ගැටළුව දේශපාලනිකව විසඳීමත් අතිනත ගෙන යා යුතුය යන ලිබරල් සාම ප්‍රවේශය වික්‍රමසිංහ සේම කුමාරතුංගද පිළිගත්තේය. ඒ සඳහා තෘෂ්නි යුද්ධයෙන් පසුකාලීන ලෝක පර්යාය තුළ එක්සත් ජනපද, ඉන්දීය සහ යුරෝපා ධනවාදී බලවතුන්ගෙන් සේම ගෝලීය මූල්‍ය ආයතනවලින් එල්ල වූ තෙරපුමද නිසැකවම බලපෑවේය. නමුත්, තම ආර්ථික වැඩ පිළිවෙලට සේම ජාතික ප්‍රශ්නය පිළිබඳ ප්‍රවේශයටද මහජනයා අතර සුජාතභාවයක් ලබා ගැනීමේ දෘෂ්ටිවාදී නායකත්වයක් සැපයීමට චන්ද්‍රිකා කුමාරතුංග සේම රනිල් වික්‍රමසිංහද මුළුමනින්ම අසමත්ව තිබේ. රාජපක්ෂ ව්‍යාපෘතිය දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස පෙරට පැමිණෙන්නේ මෙම සංධර්භය තුළය. (එය ගෝලීය වශයෙන් ගත් කල, නව-ලිබරල් හෙජමොනිය අර්බුදයට ලක් වෙමින් පැවතුනු සහ චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික ධනවාදයේ නැගීම සිදුවෙමින් පැවති කාල වකවානුවක් බවද සැලකිය යුතුය). 

    අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත.

    ව්‍යුහාත්මක විග්‍රහයක් 

    අප සමකාලීන ලාංකීය පක්ෂ අර්බුද වටහා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පක්ෂ සැදී ඇත්තේ විවිධ නායකත්ව ශ්‍රේණීන්ගේ හවුලක් ලෙසින් බවයි. එහෙයින්, පක්ෂ තුළමත් එකිනෙකට පරස්පර අභිලාෂ සහ බල ව්‍යාපෘතීන් පවතී. පක්ෂ සමජාතීය නැත. වත්මන් පාලක පක්ෂය නිදසුනක් ලෙස ගනිමු. ඒ තුළ නායකත්ව ශ්‍රේණීන් කිහිපයක් ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන බව පෙනෙන්නේ සිංහල නව ධනේශ්වර ව්‍යාපාරික, කළමනාකරණ සහ වෘත්තීයවේදී කණ්ඩායම්වල අභිලාෂයන්ය. එම පංති ස්ථරය ආර්ථිකමය වශයෙන් බලවත් වුවද, තමන්ට ප්‍රමාණවත් දේශපාලන නියෝජනයක් ලැබී නොමැත්තේ යැයි කල්පනා කරන බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කෙරෙන ධනවාදී සංවර්ධනය පිළිබඳ දැක්මට පොදු ජන සමාජයෙහි සුජාතභාවයක් ලබා දෙන ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කාර්ය භාරය භාර ගත් පිරිසක්ද ඇත. (මෙය ජේ.ආර් ජයවර්ධනට නොතිබුණු වරප්‍රසාදයකි). 

    නමුත්, ඔහුගේ ව්‍යාපෘතියට දැන් අභ්‍යන්තර බාධාවක් මුණ ගැසී තිබේ. ඒ, මහින්ද රාජපක්ෂගේ ජනතාවාදී නායකත්වයෙන්ද, බැසිල් රාජපක්ෂගේ අනුග්‍රාහකවාදී දේශපාලන ජාලයෙන්ද සැදුම් ලත් පොහොට්ටු පක්ෂයයි. එම පක්ෂය සමන්විතව ඇත්තේම දේශපාලන අනුග්‍රහය පදනම් කොටගත් ආර්ථික කටයුතු මගින් ධනය උපයන දේශපාලන-ව්‍යාපාරික පැලැන්තියකිනි.

    ජනාධිපති විසින් ඉදිරිපත් කෙරෙන යහපාලන ප්‍රතිසංස්කරණ සඳහා පොහොට්ටු පක්ෂයේ දේශපාලක-ව්‍යාපාරික කණ්ඩායම් වෙතින් එල්ල වන්නේ බාධාවකි. එහෙයින්, ඔවුන් අතර ඇති ගැටුම අතිසරලව සහෝදරයන් අතර ගැටුමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍යය. ඒ වෙනුවට එය සිංහල නව ධනේශ්වරයේ ස්ථර දෙකක් අතර මෝදු වෙමින් පවත්නා අභිලාෂයන් අතර ගැටුමක් ලෙස වටහාගත යුතුය යන්න මගේ යෝජනාවයි.

    හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි

    නව-ලිබරල් සංස්ථාපිතයේ බිඳ වැටීම 

    අවසන් වශයෙන්, වත්මන් එජාප අර්බුදය වටහා ගැනීමේදී විශේෂයෙන්ම සමකාලීන ගෝලීය දේශපාලනයේ ප්‍රවණතා සැලකිල්ලට ගැනීම වැදගත්ය. මන්ද යත්, එජාපයේ වික්‍රමසිංහ නායකත්වය පැහැදිලිවම ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතය සමග සම්බන්ධ නිසාත් ඔහුගේ ආර්ථික දැක්ම ඒ අනුව හැඩ ගැසී පැවතීම නිසාත්ය.

    මා කලින් පැහැදිලි කළ සුවිශේෂී ලාංකීය ඓතිහාසික සාධක හේතු කොටගෙන වික්‍රමසිංහට ඔහුගේ ආර්ථික දැක්මට සමාජයීය සුජාතභාවයක් ගොඩ නගා ගත නොහැකි වී තිබේ. ඊට අමතරව, කොහොමටත් 2008 වසරෙන් පසුව ලොව පුරාම උදාවෙමින් ඇත්තේ නව-ලිබරල් සංස්ථාපිතයේ පරාජයේ කාල වකවානුවකි. එය වටහා ගන්නට දුර ඈත යුරෝපය හෝ එක්සත් ජනපදය දෙස බැලිය යුතු නැත. අපගේ අසල්වැසි ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රභූ නායකත්වයට සිදු වූ දෙය දෙස බැලීම පවා ප්‍රමාණවත්ය. කෙසේ වුවත්, එජාපයේ අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකුගේ අර්බුදයක් ලෙස අර්ථකථනය කිරීම අතිශයින්ම සරලමතිකය. සැබෑ අර්බුදයේ මූල හේතූන් පවතින්නේ දේශපාලන ආර්ථිකය තුළය. 

    එහෙයින් හුදෙක් මුහුණු මාරුවකින් එජාප අර්බුදය විසඳිය හැකි යැයි සජිත් ප්‍රේමදාස වටා ගොණුවෙමින් සිටින කණ්ඩායම කල්පනා කරන්නේ නම් එය බරපතල මුලාවකි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් පමණි. රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් නියෝජනය කෙරෙන දක්ෂිණාංශික ජාතිකවාදය පැමිණෙන්නේ නව-ලිබරල් හෙජමොනියේ අර්බුදයට දක්වන ධනවාදී ප්‍රතිචාරයක් ලෙසය. එනම්, ආර්ථික ආරක්ෂණවාදය සමග මුසු වූ අධිකාරීවාදී ධනවාදය වෙත හැරීමයි. ඊනියා ආසියාතික වටිනාකම් සහිත ධනවාදය යනු එයයි. අද ලොව පුරා මෙවන් දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාරවලට විකල්ප ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ වාමාංශික ජනතාවාදී සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයන්ය. 

    පැහැදිලිවම රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් අනතුරට ලක් කෙරෙන්නට ඉඩ ඇත්තේ සුළුතර ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික ප්‍රජාවන්ය; ආර්ථිකමය සහ සමාජයීය නිර්ධනයන්ය. එසේම, නිදහස, බහු-විධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන ඇගයුම්ය. අනාගත ඓන්ද්‍රීය දේශපාලන නායකත්වය බවට පත් විය හැක්කේ මෙසේ රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් බැහැර කෙරෙන සමාජ කණ්ඩායම්, අනන්‍යතා, අභිලාෂයන් සහ වටිනාකම් යනාදිය විකල්ප ව්‍යාපෘතියක් වටා සංවිධානය කර ගන්නට සමත් වන බලවේගයකට පමණි.     

                   සුමිත් චාමින්ද                  

  • 2020දී පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක කාන්තා නියෝජනයක් තහවුරු කරමු

    2020දී පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක කාන්තා නියෝජනයක් තහවුරු කරමු

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ‘අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනමේ’ සභාපති, හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සියලූම දේශපාලන පක්ෂ නායකයින් අමතා යවන ලද ලිපියක් මගින් ඉල්ලීමක් කරයි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහාකරනු ලබන ඉල්ලීමයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය ලෙස එක් අතකින් සතුටුවිය හැකි මට්ටමේ ප‍්‍රගතියක් කාන්තාව තුළ අප ඇතිකරගෙන තිබේ. දේශපාලනික වශයෙන් ගත් කල්හි ලොව පළමුවෙන් ම කාන්තාවට ඡුන්දබලය ලබාදුන් රටක් වීමත්, ලොව පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් ඒ ප්‍රගතිය කියාපාන සාධක වී තිබේ.

    එසේම අප රට තුළ රාජ්‍ය අංශයේ කාන්තාවගේ නියෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති අතර ග්‍රාමසේවා නිළධාරිණියගේ පටන් අමාත්‍යංශ ලේකම් ධුරය දක්වා බහුතරයක් විධායක තනතුරු කාන්තා පාර්ශවය විසින් අත්කරගෙන සිටිති. රටක් ලෙස සෑම ක්ෂේත්‍රයකම කාන්තාව වැඩි නියෝජනයක් ලබා ගෙන තිබීම සතුටු විය යුතු කරුණකි. එහෙත් ලාංකික සමාජය තුළ ඇයට බලපාන ඇතැම් ප්‍රශ්නවලට ස්ථිරසාර විසදුම් සෙවීමට නොහැකී වීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ රටේ නීති කෙටුම්පත් කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අවම මට්ටමක පැවතීමයි.

    එකී තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන එමෙන් ම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක කාන්තාවන් සඳහා පාර්ලිමේන්තුව තුළ පවතින නියෝජනය වැඩිකිරීම කාලෝචිත ක්‍රියාවක් බව අපගේ විශ්වාසය වන අතර ඒ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර තිබු කාන්තාවන් සඳහා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් 20%ක් වෙන්කිරීමට අදාල යෝජනාව ද සැලකිල්ලට ගන්නා ලෙස දන්වනු කැමැත්තෙමු.

    එමෙන් ම අපට අද අවශ්‍යව ඇත්තේ කාන්තා ප්‍රශ්න සෘජු ලෙස සාකච්ඡාවට හා විසදුම් සෙවීමට ශක්‍යතාවය ඇති ගුණාත්මක කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීමටයි. දැනටමත් පලාත් පාලන ආයතනවල කාන්තාවන් 25‍%ක නියෝජනයක් ඇතිකර ඇති මෙවන් පසුබිමක එළැඹෙන මහමැතිවරණයේ දී ඔබතුමන්ගේ දේශපාලන පක්ෂයෙන් වෘත්තීය හා සමාජ ක්‍රියාකාරී කාන්තාවන් සදහා නාමයෝජනා ලබා දීමට ද, ජාතික ලැයිස්තුවෙන් (නම් කළ මන්ත්‍රී) පත්කිරීම් සිදුකිරීමේ දී ද වැඩි ඉඩක් කාන්තාවන්ට ලබා දීමට ද කටයුතු කරනා ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම කාන්තා නියෝජනය විහිලුවට ලක්වන ලෙස නොව එය ගුණාත්මක ලෙස උපයෝගීකර ගත හැකිවන පරිද්දෙන් සිදුකරනා හැටියට ද ඔබ පක්ෂ නායකත්වයෙන් අප ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

    ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන අදවන් දිනක ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස අප ඉල්ලා සිටිනුයේ එයයි.

  • සිරිසේන ‘පඹයාට’ සමකළ හේතුව ඇමැති ප‍්‍රසන්න පැහැදිලි කරයි

    සිරිසේන ‘පඹයාට’ සමකළ හේතුව ඇමැති ප‍්‍රසන්න පැහැදිලි කරයි

    සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා.

    “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කළ සම්පූර්ණ කතාව

    ඉතාම කෙටිකලක් තුළ මේ වැඩසටහන සංවිධානය කළා. දිනය පිළිබඳ නොයෙක් මතවාද තිබුණා. ප්‍රමාද කළොත් මැතිවරණයට බාධාවක් වන නිසා ඉතා ඉක්මණින් සංවිධානය කරන්න කටයුතු කළා. අද වෙනදාට වඩා වෙනස් ආරාධනාවක් කළේ. මේ ආරාධනාව කළේ විශේෂයෙන්ම මේ අරඟල කාලසීමාව තුළ අරගලය සම්බන්ධයෙන් නොකියපු හා මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා රචනා කළ ග්‍රන්ථය තුල සිදුවූ දේ ගැන ලොකු කතාවක් තිබෙනවා.

    ජනාධිපවරණ ජයග්‍රහණයනේ පසුව අපි පැරදුනු දවසේ සිට අපි විහිළුවට වගේ කතා කළා. ඒ වෙලාවේ ධනුෂ්ක කිවුවා මේ ටික එකතු කරලා පොතක් ලියමු කියලා. අපි ලියන්නම් ඔබතුමා අපිට උදව් කරන්න කියා කිවුවා. එදා සිට ලියූ පොත තමයි අද එළිදක්වනවා. ඒ නිසා මේ කාලය තුළ කටයුතු කළ ධනුෂ්කට මගේ ස්තුතිය පිරිනමනවා. සමහර කතා යටපත් වෙන්න තිබුණා. අපි කළ ඒ අවුරුදු හතරහමාරක අරඟලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ප්‍රතිඵල එනවිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ අපි සිටියේ අත්තනගල්ලේ ගණන් කරන මධ්‍යස්ථානයේ. පාන්දර 4, 5 වනවිට අපි දැනගෙන සිටියා ඒ වනවිට අපි පරදිනවා කියා. අපි එතන සිටි කණ්ඩායම සමඟ බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසෙන්න අරලියගහ මන්දිරයට ගියා. ඒ අනුව උදේ 6.00 වනවිට මහින්ද මහතා ඉන්න සිටි ස්ථානයට යනවිට 6.00 ට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත් වෙන්න ඕන කියා පණිවුඩයක් ආවා.

    අපි ඒ මහතා සමඟ ජනාධිපති මන්දිරයට ගියා. අපිත් ගියා. අපිට ලොකු සංවේදිත්වයක් තිබුණා. නමුත් මහින්ද මහත්තයා හිනාවෙන් සිටියා. රටක් බේරා ගත් නායකයාට වෙච්ච දේ ගැන ජනතාව කම්පාවෙන් සිටියා. ඊට පස්සේ දහවල් 12.00 ට පෙර ජනාධිපති මන්දිරයෙන් ඉවත් වෙන්න කියා පණිවුඩයක් ආවා. මහින්ද මහත්තයා හදපු බුදු පිළිම තිබුණා. මම ඇහුවා සර් මේ බඩුත් අරගෙන යනවා ද කියා. නමුත් ඒ කිසිවක් අරගෙන යන්නේ නැහැ කිවුවා. මේවා මට තෑගි හම්බ වුණු ඒවා. ඔහොමම තියන්න කිවුවා. එතුමා ඒ සියල්ල දාලා තංගල්ලට ගියා. එයින් පසුව කොළඹට පළමුවෙන්ම ආවේ මගේ නිල නිවාසයට. එතැන් සිට සිදුවූ මොහොතේ සිට අපිට තිබුණු අභියෝග දන්නවා. මහින්ද මහත්තයා ළඟ සිටි අය මහින්ද මහත්තයා දාලා ගිහින් මෛත්‍රීපාල මහතාත් සමඟ එකතු වුණා. අපි ළඟ සිටි අය දවස ගානේ එක එක්කෙනා අඩු වෙවී එතනට ගිය හැටි අපි දන්නවා. අපිට පක්ෂයක් නොමැතිව සිටි වෙලාවේ බැසිල් රාජපක්ෂ මහතා තමයි අපිට හුස්ම් ගන්න, දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කලේ. නමුත් එදා මහින්ද මහත්තයා පැරැදුනේ බැසිල් නිසා යැයි ඇතැමුන් කිවුවා. මහින්ද මහත්තයා පරද්දලා රට ගියා කිවුවා. ඒ වෙලාවේ මට දුරකතනයෙන් කතාකර කිවුවා මම ලංකාවේ හිටියොත් අත්අඩංගුවට ගන්නවා, හිරිහැර කරනවා ඒ නිසා ටික දවසකට රට යනවා.

    පොඩ්ඩක් ගම්පහ බලාගන්න කිවුවා. මහින්ද මහත්යාට සිදුවුණු හිරිහැර අපි දන්නවා. පවුලේ අයට හිරිහැර කළා. සිර ගෙවල්වල දැම්මා. මඩ ගැසුවා. මහින්ද මහත්තයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න උත්සාහ කළා. කළගුණ දන්නා මිනිසුන් මහින්ද මහතා සමඟ සිටියා. ඔහුව අතහැරියේ නැහැ. එතුමාට ගහන්න ගහන්න ප්‍රතිරූපය ගොඩනැඟුණා. බැසිල් මහත්තයා මට කතා කරලා කිවුවා මම ලංකාවට එනවා කියලා. මම කිවුවා එන්න එපා තවම හිරිහැර වෙනවා කිවුවා. මේ දේවල් වනවිට මට එහේට වෙලා ඉන්න බැහැ මම එනවා කිවුවා. එදා අපි ගුවන් තොටට ගිහින් බැසිල් මහත්තයා කොළඹට ගෙනාවා. එතුමා මාස 6කට ආසන්න කාලයක් සිර ගෙදර සිටියා. අපි වැටුණු තැනින් ගොඩ ගන්නේ කොහොමද කියා එතුමා සිර ගෙදර සිට කල්පනා කළා. එතුමා කිවුවා මහින්ද මහත්තයා පැරැද්දුවා කියලා. එතුමා හිර ගෙදරින් එළියට පැමිණ මේ පක්ෂය හදන්න සූදානම් කළා. අපි පොහොට්ටුවෙන් වෙනම ඉල්ලන්න ගම්පහ අපිට දිනන්න පුළුවන් කිවුවා. මේ ජනතාව තමයි ඒ ශක්තිය ලබාදුන්නේ. මම ගම්පහ තනියම ඉල්ලන්න ඕන කිවුවා. අපි මැතිවරණයට ගියා. උදය හා මමයි අපේ ගෙදර සිට සර් අපි සතියක් ගුටි කමු මේ පක්ෂය බාර දෙන්න එපා කිවුවා. හැම තැනම අපේ අයට ගහනවා හැමෝම මට කතා කරලා කියනවා මේක බාරදෙන්න කියලා ඒ නිසා පක්ෂයේ සභාපතිකම බාරදෙමු කියලා මහින්ද මහත්තයා කිවුවා. මිනිසුන්ට හොඳක් වෙනවා නම් අපි බාර දෙමු කිවුවා. අපි සතියක් ගුටි කමු කිව්වත් අන්තිමටම අපි කතානාක නිල නිවෙසට ගිහින් මේක බාරදුන්නා.

    එයින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ද අපි එක් ස්ථාවරයක සිටියා. අපි එකට යමු කියා බහුතරයක් කිවුවා. නමුත් මම දැනගෙන සිටියා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙහෙම ගමනක් යන් බැහැ කියලා. කවදා හරි අපිට එතුමාගේ යටතේ ඉන්න වෙනවා කිවුවා. අපි මහින්ද දිනන්න අගමැතිකම දෙන්නේ නැහැ කිවුවා. මේ අයට ඒක මතක ඇති. අපි එදා තමයි වැටුණේ. ඒ නිසා මෛත්‍රී විශ්වාස කරන්න බැහැ කියා මම කිවුවා. අපි වෙනම ඉල්ලමු කිවුවා. අපි අද සතුටු වෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට කිවුවාම ගම්පහ ගැන විශ්වාසයක් තිබෙනවා. අවසානයේ දී අපිට අවස්ථාව ලැබුණා. ලංකාවේම බහුතර පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පත්කරලා අපිට මැතිවරණය දිනන්න අපේ ශක්තිය පෙන්වන්න එය අවස්ථාවක් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණය එනවිට තවත් මතවාද ආවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියා අපි කිවුවා. මේ සියලු දෙනාම අපි සමඟ එම ස්ථාවරයේ සිටියා. මහින්ද මහත්තයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කළ පසුව අපි සියලු දෙනාම එකතු වෙලා එකට සිට මැතිවරණය මෙහෙයවා මේ දිස්ත්‍රික්කය 365,000 කින් දිනෙව්වා. 2015 දී පැරැදුණු දිස්ත්‍රික්කය මේ මන්ත්‍රීවරු නිසා අපි දිනුවා. ඒ හයිය මහින්ද මහත්තයා වෙනුවෙන් දුන්නා. සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා.

    අපේ අරඟලය තුළ අවසානයේ මහින්ද මහත්තයා නායකයා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී මහත්තයා සභාපති කළා. එයාට වටිනාකමක් නොමැති නිසා තමයි මම පඹයාගේ කතාව කිවුවේ. අද වනවිට අපිට මේ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරඟ කරන්න දැන් තීරණය කරන්න. සියලුම දිස්ත්‍රික් නායකයින් අද අත්සන් කළා. අපිව මහ පාරේ ඇවිද්දවනවා කියූ අය අද අපේ පක්ෂයෙන් තරඟ කරන්නත් එනවා. අපි පොහොට්ටුවෙන් සියලුම දිස්ත්‍රික්ක්වලට තරඟ කරනවා. මහින්ද මහත්තයාට ගහන්න ගහන්න් ප්‍රතිරූපය තවත් දිලිසෙනවා. තව තව ප්‍රතිරූපය වැඩි වෙනවා. පසුගිය කාලයේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන පහර දුන්නා. නමුත් ඒ අයට ඒවා සාර්ථක කර ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ තුළ ප්‍රබල සන්ධානයක් රටේ පොදු ජනතාව තුළ ගොඩනැඟුණා. ගහන්න ගහන්න ජනතාව එතුමන්ලා ආරක්ෂා කළා. ඒ නිසා නැවත මහින්ද යුගයක් ආරම්භ කරන්න හැකිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා පවුලේ සමඟියක්ම අපි දකිනවා. අද ගෝඨාභය මහත්තයා ආවා. මහින්ද මහත්තයා එනවිට නැඟිට්ටා. පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. එකිනෙකට ගරු කරන නායකයින් අද රටේ ඉන්නවා. මේ පසුපස ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අපේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වෙනුවෙන් විශාල ශක්තියක් වී තිබෙනවා.

    ඒ නිසා බැසිල් මහතා කරන ලද සේවයට මම හැමදාම ගරු කරනවා. අද අපිට දේශපාලනය කරන්න පක්ෂයක් පිහිටුවන්න කළ සේවය අගයනවා. ඒ නිසා මේ හැම දෙයක්ම කරනවිට දිස්ත්‍රික්කයක් හැටියට අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනගියා. ඉදිරි මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයෙන් පසුව මේ ගැන කතා වනවාට වඩා අපිට ලොකු දේවල් කරන්න තිබෙනවා. මේක යටපත් වෙන්න හොඳ නැහැ. අවුරුදු හතරහමාරක අරඟලයේ අවසානය තමයි ඉදිරි මහා මැතිවරණය. රට ගැන හිතන්න පුළුවන් නායකයින් පත්කර ගන්න අපි කටයුතු කරනවා. මහින්ද මහත්තයා අත නොහැර ගිය පිරිසක් අපි සමඟ ඉන්නවා. ලක්ෂ තුන හමාරකට වැඩි ජයක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න පියවර ගන්න කියා ඉන්නවා.

    ප්‍රසන්න රණතුංග ලංකා ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල

    ප්‍රසන්න රණතුංග මහතා ලංකා ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක්. මේ පොත කියවන්න ලැබුණොත් වීර පුරන් අප්පු දැක්වූ දායකත්වයට වඩා වැඩි දායකත්වයක් අපේ රටට ලබාදී තිබෙනවා. 1818 වසරේ දී වීර පුරන් අප්පු තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණේ නැහැ. නමුත් ප්‍රසන්න රණතුංග මහතා තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණා. අපේ රට විවිධ අවස්ථාවල පාවා දුන්නා. ඒ වගේම් අපේ මවුබිම 2015 වසරේ දී බටහිර රටවලට පාවා දෙන්න කටයුතු කළා. අපි දන්නා හදුනන අය තමයි එදා රට පාලනය කළේ. ඔවුන්ගේ කටින් ආවේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අභිමතයටයි. අපේ රටේ ෆෙඩරල් ව්‍යාවස්ථාවක් ඔවුන් කරලියට ගෙනාවා. ඔවුන් අපේ රටේ ඇතැම් සම්පත් විකුණන විට අපේ ජනතාව සතුටු කරවන උදාසීන මානසිකත්වයක් ඒ අයට තිබුණා. රණවිරුන් දඩයම් කළා. ලෝකයේ සියලු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබන අතරේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ලැබුවා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ඇතිව මෙතෙක් ආණ්ඩු පිහිටුවා නැහැැ. ඒ නිසා 2015 වසරේ පෙබරවාරි 18 අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. මෙය පුංචි රැළියක්.

    මහින්ද මහත්තයා යළි ගෙන ආයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැන සියියේ නැහැ. නිලා පැහැය මුසු වුණේ නැතිනම් මේ සටන දිනන සටනක් වෙන්නේ නැහැ. මේ නිසා අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා නිදිහස් පක්ෂය මේ වෙනුවෙන් එකතු කරගත යුතු වුණා. ඒ නිසා මේකට ඔවුන් එකතු කර ගන්න අපේ පාර්ලිමේන්තු සටන් සඟයන් මේ අරඟලය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි ප්‍රසන්න රණතුංග මහතා මේ වෙනුවෙන් දායක කර ගත්තා. ඔහු ගැන අපිට තිබෙන්නේ ලොකු ගෞරවයක්. 1993 වසරේ සිට ඔවු බස්නාහිර පළාත් සභාවේ ඉන්නවා. ප්‍රසන්න මේ රටේ දැවැන්ත දේශපාලන චරිතයක්. මේ අවස්ථාවේ තිබෙන අවධානම ගණන් හදන්න තරම් තීක්ෂණ බුද්ධියක් ඔහුට තිබුණා. මම පළාත් සභා විරෝධියෙක් විදියට පැමිණ පළාත් ඇමැතිවරයෙක් වුණා. නමුත් ප්‍රසන්න රණතුංග මහතා මාව රකිමින් මට ගුරු හරුකම් කියා දුන්නා. ඔබට විවිධ රටවල විවිධ උපාධි තිබෙනවා. නමුත් උඩුගම්පොල ප්‍රසන්න උපාධියත් තිබෙන්න ඕන කියනවා. ඒ තරම්ම ප්‍රසන්න රණතුංග මහතා ඇඅසුරු කළයුතු වෙනවා. ගැඹුරු දේශපාලන අවබෝධයක් ඔහු සතු වෙනවා.

    ප්‍රසන්න රණතුංග මහතා තමයි මිනිහා කියා අපි සිතුවා. මේ සටනට හොඳම පුද්ගලයා කියා අපි සිතුවා. ඔහු එකතු වුණොත් මේ සටන සාර්ථකයි කියා කිවුවා. මම මේ අවස්ථාවේ රට බේරා ගන්න සටනකත් කරන්න වුණා. ඒ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා මේ සටනේ සිටිය යුතුයි කිවුවා. මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගේන්න ඕන කියන මතයේ ඔහු ඉන්නවා. මම එක්තරා අවස්ථාවක මහ ඇමැතිතුමා හමුවන්න ඕන කිවුවා. ඔහු කමිසයත් නැතිව ගෙදර හිටියේ. කෑම කකා අපි මේ ගැන කතා කළා. මහින්ද මහත්තයා බලෙන් හරි ගෙනත් රට ආරක්ෂා කරන මතයේ අපි සිටියා. ඒ මහතා එදා විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එක්තරා කාන්තාවක් විවිධ ප්‍රකාශ කළා. මන්ත්‍රීවරියක් පැමිණ මහින්ද මහත්තයාටා කළ අපරාධය ගැන කණගාටුවෙන් කතා කළා. බහුතරය මහින්ද මහත්ත්යා යළි ගෙන එන්න් අවශ්‍යයි කියන මතයේ විශාල පිරිසක් සිටියා. ප්‍රසන්න රණතුංග මහතා එදා කිවුවේ විමල් වීරවංශ මහත්තයාත් මේකට සම්බන්ධ කර ගනිමු කිවුවා. පසුවදා අපි විමල්, මම, ප්‍රසන්න හමුවුණා.

    අවසානයේ අපි සැලැස්ම්ක් සකස් කර ගත්තා. බස්නාහිර මන්ත්‍රීවරු එකතුකර ගනිමු කිවුවා. ඒ අය මේ සටනට එකතුකර ගත්තා. පසුව අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. ඒ අනුව නුගේගොඩට විශාල ජනකායක් එකතුකර ගන්න හැකිවුණා. 2015 වසරේ පෙබරවාරි 18 අපේ රැළිය ආරම්භ වී ටික වෙලාවක් යනවිට විශාල සෙනඟක් සිටියා. එක්තරා අවස්ථාවක අපේ කෙනෙක් මේ සටනට එක් වෙනවා කියා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස පිළිගත්තා. ජනතාවට අවශ්‍ය වුණේ තමන්ගේ නායකයන් වේදිකාවට එනවා දකින්නයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණේ ප්‍රසන්න රණතුංග මහතා පමණයි. එයින් පසුව අපි මහනුවර, රත්නපුර රැස්වීම් සංවිධානය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ රටට යම් යහපක් වෙනවා නම් එහි උල්පත ප්‍රසන්න රණතුංග මහතා වෙනවා. මේ ගමන අතිශයින්ම සුබ දායක වුණේ නැහැ. මේ ගමන නවතන්න අධිරාජ්‍යවාදීන් විවිධ බාධා එල්ල කළා. ප්‍රසන්න රණතුංග මහතා සහ මොරින් රණතුංග මහත්මිය එක දවසක් හෝ කූඩුවට දාන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා.

    ඒ අනුව මේ සියලු දෙනා වෙනදාට වඩා මේ සටනට එකතු වුණා. අපේ පවුල පුංචි කලයේ ්සිට එකට තියන්න අම්මා ලොකු උත්සාහයක් ගත්තා. නමුත් අපේ රට දෙකඩ වෙනවා නම් අම්මාගේ කඳුළු ගැන විතරක් මට හිතන්න බැහැැ කියා ප්‍රසන්න රණතුංග මහතා මට කිවුවා. එතුමා කිවුව ආකාරයටම පවුල දෙකට බෙදුණා. නමුත් අද මේ රට සංවර්ධනය කරා යනවිට ප්‍රසන්න රණතුංග මහතාගේ මෑණියන් කොතැනක හෝ සිට සතුටු වෙනවා ඇති. ගම්පහ සමස්ත ජනතාවගේ හදවත් තුළ ඒ සටහන රන් අකුරියන් ලියවෙනවා. සිංහලයාටා මතක තිබෙන්නේ සති දෙකයි කියා වෙළුපිල්ලේ ප්‍රභාකරන් කිවුවා. නමුත් අපි එළඹෙන අප්‍රේල් 25 වනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

    හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නිදහස් වෙළද කලපෙ වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු විධිමත් ව සිදු වන්නේදැ‘යි  සොයා බැලීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබද ව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

  • සමාව දෙන්න පුළුවන්, ඒත් අපි ඔවුන් කළ දේ අමතක කරන්නේ නෑ – බැසිල්

    සමාව දෙන්න පුළුවන්, ඒත් අපි ඔවුන් කළ දේ අමතක කරන්නේ නෑ – බැසිල්

    අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා.

    ‘ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කථාව ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදි බැසිල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව

    වැරදි කළ අයට සමාව දිය හැකි වුවද ඔවුන් කළ වැරදි අමතක කළ නොහැකි යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටටුව පාරේ ඇවිද්දෙව්වා කිව්ව අයත් අද පොහොට්ටුව ලකුණට පැමිණ සිටින බවයි. පොහොට්ටුව පැරදුනොත් රටක් ඉතිරි නොවන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම අපෙක්ෂාව බවද පෙන්වා දුන්නේය. 

    ඒ මහතා මේ බව සඳහන් කළේ “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමිනි.

    “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය “දිනමිණ” පුවත්පතේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින් රචනාකර තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව පසුගිය 2019 වසරේ නොවැම්බර් මස 16 දා පැවැති ජනාධිපතිවරණය තෙක් කාල පරිච්ඡේදි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ දායකත්වයෙන් මෙම ගෘන්තය මගින් අනාවරණය කරයි.  සිදුකළ අරඟලය කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා දකින ආකාරය මෙම ග්‍රන්ථය මඟින් පෙන්වාදෙයි.

    එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ බැසිල් රාජපක්ෂ මහතා,

    ප්‍රසන්න රණතුංග මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොකී කතා ගොඩක් කියන්න පුළුවන්. ඒ මහතා තමයි මේ පක්ෂය නිසි මඟ ගන්නටත් එඩිතර තීන්දු තීරණ විටින් විට ගන්න මට සිටි ප්‍රධාන කෙනෙක්. මොකක් හෝ සිදුවන විට මම ප්‍රසන්නගේ ඉරියව් බලනවා. ප්‍රසන්න අපිට වඩා ජනතාව සමඟ සිට හරි දේ කියනවා. අපි තරඟ කරන්නේ මොන ලකුණින් ද කියා අපි බැලුවා. මට ප්‍රසන්න තමයි මුලින්ම කිවුවේ අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕන කියලා.

    පළාත් පාලන ආයතනවලටත් තරඟ කරන්නත් මිනුවන්ගොඩින් තමයි යෝජනාව සම්මත කර ගත්තේ. අපිට ප්‍රසන්නගේ නොකියන කතාව කියවන්න ආසයි. එතුමා අපිට අමතක කරන්න බැරි කාර්යයක් පසුගිය ජනාධිපතිවරණයේ දී කළා. ඇත්තටම ඒ මැතිවරණායේ දී අපි දිස්ත්‍රික්ක සාකච්ඡා කරනවිට අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවලින් විශාල ලෙස පසුබසින බව දැන සිටියා. ඒ අවස්ථාවේ ප්‍රසන්න කිවුවා ගම්පහින් ඒ සියල්ල පරාජය කරන්න අවශ්‍ය ඡන්ද අරන් දෙනවා කිවුවා. ඒක ඒ ආකාරයෙන්ම ඉටුකළා. ඒකට සහාය දුන් සැමට මගේ ගෞරවය පිරිනමනවා. ප්‍රසන්න රණතුංග මහතා හොඳින් තමන්ට පැවරෙන වැඩ කොටස ඉටුකරනවා. ජනතාව සමඟ ඉන්නවා. ඔහු ජනතා උපාධිය ලැබූ කෙනෙක්.

    ඒ සඳහා ඒ මහතාට තමන්ගේ බිරිඳගේ සහායත් ලැබෙනවා. දියණියගෙනුත් විශාල ශක්තියක් ලැබෙනවා. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. දිස්ත්‍රික්කයේ සියලු දෙනා නියෝජනය කරමින් ඒ කාර්යය කරනවා. ඒ ශක්තිය තමයි ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. මේ අය දක්වන සහාය අපි අගය කරනවා. අපිට දැන් මේ පක්ෂය පිහිටුවලා ජාතික මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. ඒ දෙකම අපි ජය ගත්තා. මුලින්ම පළාත් පාලන ඡන්දය, දෙවැන්න ජනාධිපතිවරණය. අපි දැන් තෙවැනි ඡන්දයට පැමිණ තිබෙනවා.

    පසුගිය කාලයේ අපි පළාත් පාලන ඡන්දයට යනවිට මහින්ද අගමැති කරමු කියා පෝස්ටර් ගැසුවා මම දැක්කා. එම ඡන්දයෙන් මහින්ද අගමැති කරන්න නොහැකි බව හොඳටම දන්නවා. නමුත් ඒක තමයි බලාපොරොත්තුව අපි ඇති කළේ. ජනාධිපතිවරණය කරද්දී රටට අවශ්‍ය සංවර්ධනය, ආර්ථිකය, ජනතා අපේකෂාවන් ඉටුකරන්න පුළුවන් වෙයි කියා කිවුවා. නමුත් අපිට ඒක කරන්න අපහසු බව අපිට පෙනුනා. එක්සත් ජාතික පක්ෂය හොඳටම දැන සිටියා ඒ අය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බව. ඒ නිසාම සෑම ආණ්ඩුවක්ම නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් නොකර සිටියා. එය සිතාමතා කළේ. ඔවුන් දැන සිටියා නොවැම්බර් මාසයේ 17 දා පත්වන ජනාධිපතිවරයාට මාර්තු මාසයේ පළමු වැනිදා වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියා. පාර්ලිමේන්තුව සතු මුදල් බලය නොමැති නම් මේ රටේ ජනතාවට අවශ්‍ය සේවාවන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

    ඒ නිසාම ඔවුන් අයවැය ඉදිරිපත් නොකර සිටියා පමණක් නොව අයවැයේ සඳහන් නොවුණු බොහෝ වැඩ මැතිවරණ සමයේ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලකට රජය සිරවුණා. ඒ අවස්ථාවේ ඇමැතිවරු මහන්සි වී රජය බාරගත් හිස් භාණ්ඩාගාරය සහ කඩා වැටුණු ආර්ථිකය යම් ආකාරයට ගෙනයන්න උත්සාහ ගත්තා. නමුත් ප්‍රතිපාදන නොමැතිකමින් සිරවී තිබුණා. එතන දී පැහැදිලිව දැක්කා ඉතා ඉක්මණින් මහා මැතිවරණයකට ගොස් එහි බලය අපි ලබාගත යුතුබව. අන්න ඒ කාර්යය අද වනවිට ඇතිව තිබෙනවා. අද සුබ මොහොතින් අපේ දිස්ත්‍රික් නායකයින් නාමයෝජනා අපි අත්සන් කළා. ඒ අත්සන් කළේ පොහොට්ටුව ලකුණින්. වෙන අයත් අපි සමඟ ආවා. ඒ අයත් පොහොට්ටුව පාරේ ඇවිද්දවනවා කිවුවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා.

    අපිට ඕන කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. නමුත් අපි අමතක කළයුතු නැහැ. අපි අමතක කරන්නෙත් නැහැ. අපි අමතක කරන්නේ නම් හරිමඟ යන්නේ නැහැ. මේ ඡන්දයෙන් පත්වන මැති ඇමැතිවරු සමඟ අපි කටයුතු කරන්න ඕන. අපිට වගකීම් රාශියක් තිබෙනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, නගර සභාවට, ප්‍රාදේශීය සභාවට යන සියලු දෙනාටම මේ වගකීම හරියට කරන්න ඕන. අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා.

  • ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපානයෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසනවා.

    ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ඉහළ යා හැකි බවයි ඔහු සදහන් කළේ.

  • වීරකුමාර වල්ගේ පාගාගෙන – ඇමති ප්‍රසන්න

    වීරකුමාර වල්ගේ පාගාගෙන – ඇමති ප්‍රසන්න

    මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද ව කථා කීරීමට අයිතියක් නොමැති බවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් ඊයේ (09) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. අද මහර දී මේ සම්බනෟධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇමතිවරයා කීවේ වීරකුමාරලා වැනි මෛත්‍රීෙග් ඩීල් කාරයන් පිළිබද ව ජනතාව ඉදිරි මැතිවරණයේ දී තීන්දුවක් ගනු ඇති බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

    “වීරකුමාර මන්ත්‍රීතුමා වල්ගේ පාගගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා යැයි මම කීව්වේ නෑ. මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු යහපාලන ආණ්ඩුවක් හදාගෙන රට විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උකුස්සා කථාව කිව්වට පස්සේ ඔහු නැවත ඒ දේ කරන්නයි සුදානම් වෙන්නේ. ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලයි. 2015 දි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද මහතත්යාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්කු ගිය වීරකුමාර රටට ණය වෙලා ඩීල් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අරගෙන අද කටමැත දොඩවනවා. මාගේ කථාවට එයාට රිදිලා. ඩීල්කාරයන්ට මගේ කථාව රිදෙනවා. එතුමා බල්ලෙකුගේ කථාවක් කියනවා. බල්ලෝ කියන්නේ කළ ගුණ දන්න ජාතියක්. හැබැයි මෛත්‍රී වෙනුවෙන් හරියට හූ කියන්න පුළුවන් නරියෙකුවත් නෑ කියලා  වීරකුමාර ඔප්පු කළා. එතුමාගේ කථාව නරියෙක්ගේ වගේ.

    මාධ්‍ය වේදියා – එතුමා කියනවා ඔබතුමාගේ මොළේ හොද නෑ කියලා.?

    උත්තරය – රටේ ජනතාව ඔහොම කියන අය ගැන තීන්දුවක් ගනී. මම කොතනද ඉන්නේ කියලා මේ රටේ ජනතාව දන්නවා අපිට තිබුණේ එක ස්ථාවරයයි. අපි ඔය වීරකුමාරලා වගේ දෙපැත්තට වැනුණේ නෑ. නියම ශ්‍රී ලංකාකාරයෝ වීරකුමාරලා වගේ නෙමෙයි. ඔය කවුරුත් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කියලා දෙන්න අවශ්‍ය නෑ.

    මාධ්‍ය වේදියා – වීරකුමාරට අයිතියක් තියෙනවාද ශ්‍රී ලංකා එක ගැන කථා කරන්න.?

    උත්තරය – ඔය වගේ හාදයෝ තමයි ශ්‍රී ලංකා එක විනාශ කළේ. පක්ෂයේ තනතුරක් ගත්තාම ඒක රැකගන්න කෑ ගහන්න එපැයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ.

    මාධ්‍ය වේදියා – ඔබතුමාලා අතර මෙහෙම ප්‍රශ්න ඇතිවෙන එක මැතිවරණයට බලපානවාද?

    උත්තරය – කරුණාකරලා අපි කියලා කියන්න එපා. අපි අතර ප්‍රශ්න නෑ. අපි පොහොට්ටුවේ අය. අපි තනියම තරග කරලා ජයග්‍රහණය කළේ. මේ මැතිවරණයත් අපි තනිවම ඉල්ලුවොත් දිනන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරේ කරන අය ඉන්නේ අපිත් එක්කයි. ඩීල්කාරයෝ තමයි තොප්පිය දාගෙන දගලන්නේ.

  • සජිත් ‘දේශපාලන කැපිල්ල’ මාතලේ රෝහිණි විජේරත්නගෙන් අරඹයි

    සජිත් ‘දේශපාලන කැපිල්ල’ මාතලේ රෝහිණි විජේරත්නගෙන් අරඹයි

    සජිත් පේ‍්‍රමදාස නිවාස ඇමැතිකම් දරන සමයේ බෙදා දුන් සිමෙන්ති ගෙවල්වලින් රුපියල් 500 බැගින් එකතු කර නොදුන් නිසා තමාට එරෙහිව මාතලේ දිස්ත‍්‍රික්කය තුළ දේශපාලන කැපිල්ලක් ක‍්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ තව දින කිහිපයකින් දැඩි තීන්දුවක් ගැනීමට තමාට සිදුවන්නේ යැයි මාතලේ දිස්ත‍්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහත්මිය කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි විජේරත්න මහත්මිය මෙසේද පැවසුවාය.

    මාතලේ දිස්ත්‍රික්කයේ  කොහෙ වුණත් තරග කරන්න මම බය නැහැ.  හැබැයි සමගි ජනබලවේගය මාතලේ දිස්ත්‍රික්කයේ  අපේක්ෂක ලැයිස්තුව කණ්ඩායම එකතු වෙලා හැදුව.  ඒත්  ලෝකෙම කාන්තාවන් ගැන කතා කරන මාර්තු මාසෙම පුරුෂාධිප්‍රත්‍යයට  යටත් කරගෙන තමයි මේ ලැයිස්තු හැදුවේ. කාන්තාවන් මාතලෙන්  පාර්ලිමේන්තු නොයවන්න ඇතැම් අය ලොකු උත්සාහයක නිරත වෙනවා . එහෙම වෙන්න හේතුව සජිත් ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලයේ බෙදාදෙන සිමෙන්තිවලට ගෙවල් වලින් අපි රුපියල් 500 ගානෙ එකතු කරපු නැති නිසායි.

    අපි ඡන්ද වලට බය නැහැ. හැබැයි  ඡන්ද වලට බය අය තමයි කාන්තාවන් ඉදිරිපත් වෙනවා නම් ජාතික ලැයිස්තුවෙන් එන්න තරම් බය වෙලා තියෙන්නේ. අපි මාතලේ දිස්ත්‍රික්කයේ  මිනිස්සුන්ට වැඩකරලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙනවා. දැන් ඒවා මිනිස්සු දන්නවා, කවුද පහුගිය කාලේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කතා කළේ කියලා ඔවුන් දන්නවා.

    ඒක බලන්න පුළුවන් අන්තර්ජාලයට ගිහාම. පාර්ලිමේන්තුවේ  න්‍යාය  කතා පුස්තක පරිශීලනය කරලා බලන්න කියලා අපි මාතලේ දිස්ත්‍රික්  ජනතාවට කියනවා. එහෙම නැති වුණොත් ඒ කතා පුස්තක ගෙනල්ලා බෙදලා දෙන්න හරි මම සූදානම්. දඹුල්ලෙන්, ලග්ගලින්, රත්තොටින්, මාතලේ  ආසන යන ආසන හතරෙම මගේ සැමියා සංජීව කවිරත්න මහත්තයා මිනිස්සු හම්බ කළා. 

    ඒ වගේම මම ඇසුරු කළ මිනිස්සු හැම තැනම අපිට ඉන්නවා. ඒ නිසා දිරි මැතිවරණයට කොහෙන් තරඟ කළත් මට ප්‍රශ්නයක්  නෑ.  හැබැයි බොහෝදුරට තව දින කිහිපයකින් ලොකු තීන්දුවකට තීරණයකට යන්න වෙනවා” යැයි රෝහිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

  • රනිල් – සජිත් සමගි කිරීමට කරූ ගත් අවසන් උත්සාහයත් වතුරේ

    රනිල් – සජිත් සමගි කිරීමට කරූ ගත් අවසන් උත්සාහයත් වතුරේ

    එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා සහ 09 වැනි දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි.

    08 වැනි දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද 09 වැනිදා පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ.

    සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවන්හිදී  මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම්  සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

  • සජිත් ප්‍රේමදාස දුරකථනෙන් එන රහස මෙන්න…

    සජිත් ප්‍රේමදාස දුරකථනෙන් එන රහස මෙන්න…

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.

    රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා සමගි ජන බලවේගය දුරකථනය ලකුණින් බලවේගය තරග වදින බවත් රංජිත් මද්දුම බණ්ඩාර විසින් දැනුම් දී තිබේ.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයද මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ‘අලියා’ ලකුණින් තරඟ වදින බව පසුගිය දා මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන්නේය.

    රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය පොදු ලකුණක් යටතේ තරග කිරීම සදහා පසුගිය කාලයේ සාකච්ඡුා වට කිහිපයක් පැවැත් වූ නමුත් එය අසාර්ථක විය. මේ තත්ත්වය තුළ ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින (9* අවසන් වූ බැවින් දෙපාර්ශ්වයට පොදු ලකුණක් යටතේ තරග වැද’ීමට ඇති අවස්ථාව අහිමි වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජේ්‍ය්ෂඨ දේශපාලන විචාරකයින් කිහිප දෙනකුම සදහන් කළේ සජිත් පේ‍්‍රමදාස මහතා එජාප මැතිවරණ ඉතිහාසයේ කැතම පවාදීම සිදුකර ඇති බවයි. දේශපාලනයට පැමිණි දා සිටි කිසිදු ආකාරයක ජාතික නායකත්ව ලක්ෂණයක් ප‍්‍රකට නොකළ පේ‍්‍රමදාස මහතා තමාගේ නියම තරම පසුගිය ජනාධිපතිවරණයේදී හෝ අවබෝධ කර නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔවුහු සදහන් කළහ.

    ‘ඔහු තමයි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ අඩුම ඡුන්ද ප‍්‍රතිශතයක් ගත් ජනපති අපේක්ෂකයා. තමා නියෝජනය කළ දිස්ත‍්‍රික්කයෙන්, ආසනයෙන් අඩුම ඡුන්ද ප‍්‍රතිශතයක් ගත් ජනාධිපති අපේක්ෂකයා. මේ තත්ත්වය තුළ ඔහු මහ මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීම නොවෙයි ආණ්ඩුවට ප‍්‍රබල තරගයක් ලබාදීම හෝ සිදු නොවිය හැකි තත්ත්වයක්’ අප සමග අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ දේශපාලන විචාරකයෙක් සදහන් කළේය.

    ‘මේ සියල්ල කරන්නේ ඉතාම පටු අරමුණක් වෙනුවෙන්. පේ‍්‍රමදාස මහත්තයාට අවශ්‍ය කරලා තියෙන්නේ ඔහු වටා සිටින කිසිදු ආකාරයක ඡුන්ද පදනමක් නැති ‘කූඩැල්ලෝ පිරිසක්’ කෙසේ හෝ ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගේන්න. අපි හොදටම දන්නවා සජිත් පේ‍්‍රමදාසව මෙවැනි අවස්ථාවාදී හා ස්වයංනාශක තැනකට තල්ලු කළේ චම්පික රණවක ආදී කූඩැල්ලන් විසින් බව. ඔහු ඇතුළු මේ කූඩලු නඩේට තමන්ගේ පක්ෂවලින් ස්වාධීනව තරග කරලා කිසිම දාක පාර්ලිමේන්තුවට එන්න බැහැ. විශේෂයෙන් චම්පික රණවකට ඒ ගැන හිතන්නවත් බැහැ. ඔහු 1994 දී එස්.එල් ගුණසේකරට කළ කුමන්ත‍්‍රණයේ සිට අඛණ්ඩව සිදු කළේ දේශපාලන කුමන්ත‍්‍රණ පමණයි. වෙනත් කිසිදු දේශපාලනයක් චම්පිකට බැහැ. ඔහු 1994 දී කළ කැත දේශපාලන කුමන්ත‍්‍රණය 2020දී එජාපයට කළා’ ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් සදහන් කළේය.

    මේ අතර මහ මැතිවරණයේදී එජාපයේ සමස්ත ජාතික ඡුන්ද පදනම සියයට 25ටත් අඩුවනු ඇති තත්ත්වයක් තුළ සජිත් පේ‍්‍රමදාස මහතා තම කල්ලිය පමණක් ගොඩදා ගැනීම තැත් කිරීම එජාප මැතිවරණ ඉතිහාසයේ නින්දා සහගත කුමන්ත‍්‍රණය බව එජාපයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළේය. ඔහු කියා සිටියේ ඔහුගේ පියා විසින් ලිලිත් – ගාමිණිට එරෙහිව දියත් කළ කුමන්ත‍්‍රණය හමුවේ බිද වැටුණු එජාපයට යළි හිස එසවීමට තිබූ සියලු අවස්ථාවන් සජිත් පේ‍්‍රමදාස විසින් නිර්මාණය කළ නායකත්ව අර්බුදය සමග දුර්වල වූ බවයි.

    ‘ඔහු ජාතික නායකයෙක් නෙමෙයි. පටු ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක්. ඔහු නිවස ඇමැති ලෙස සිදුකළ කිසිම දෙයක් නැහැ. ඒ වන්දිය ගෙවන්න වුණේ එජාපයටයි. ඔහු මේ අවස්ථාවාදී පවාදීම කළේ ඔහු වටා සිටින කල්ලිය කෙසේ හෝ පාර්ලිමේන්තුවට පත්කර ගන්නයි. විශේෂයෙන් ඡුන්දයේන් ජයගත නොහැකි ඊනියා ජාතික නායකයෝ කිහිප දෙනෙක් ඔහු වටා සිටිනවා. අද ඔවුන් තමයි එජාපයේ සාම්ප‍්‍රදායික ඡුන්ද පදනම උරා බී පාර්ලිමේන්තුවට එන්න දගලන්නේ. මේක ඓතිහාසික පාවාදීමක්’ ප‍්‍රවීන දේශපාලන විශ්ලේෂකයෙක් සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් සදහන් කළේ එජාපයේ දුර්වලම පුද්ගලයා වන සජිත් පේ‍්‍රමදාස දුරකථනයෙන් නොව මිසයිලයෙන් ආවත් ඔහුව අන්ත පරාජයකට පත් කිරීමට මෙරට ජනතාව පුුල පුලා බලා සිටින බවයි.

    ‘ඔහු තමයි ජනාධිපතිවරණයකදී දකුණෙන් අවම ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අපේක්ෂකයා. තමන් නියෝජනය කළ දිස්ත‍්‍රික්කයෙන් අන්ත පරාජයක් ලැබූ ජනාධිපති අපේක්ෂකයා. ඒ නිසා ඔහුට මෙවර මහ මැතිවරණයෙන් ඊටත් වඩා අන්ත පරාජයක් උරුම වෙනවා. ඒ ගැන සැකයක් නැහැ’ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

  • පොහොට්ටුවේ කෙණහිලි නිසා ශ්‍රීලනිපය තනිව තරග කරන ලකුණු

    පොහොට්ටුවේ කෙණහිලි නිසා ශ්‍රීලනිපය තනිව තරග කරන ලකුණු

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන සහ පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවේ නායකයින් විසින් සංවිධානාත්මකව දියත් කර ඇති බැවින් පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීම සදහා ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කළ යුතු බවට දයාසිරි ජයසේකර ඇතුළු ප‍්‍රබලයින් පිරිසක් පක්ෂ සභාපති සිරිසේනට දැඩිව බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

    එම වාර්තා කියන්නේ පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිනේනේ මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා පමණක් බවයි.

    මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරදීමට වැඩි කාලයක් නොමැති බැවින් මේ පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැුස්වීමක් මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ලබන බදාදා (11) රාත‍්‍රි 07.00ට කැදවා ඇති අතර එදින පෙරවරුවේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ හමුවක්ද කැදවා ඇත.

  • සිරිසේන කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් – ඇමති ප්‍රසන්න

    සිරිසේන කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් – ඇමති ප්‍රසන්න

    ‘මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා’ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කියයි.

    පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම තරම් විහිළුවක් තවත් නැතැයි කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලකුණක් තෝරා ගත නොහැකි පිරිසක් රට ගොඩ නගන්නේ කෙසේ දැ‘යි ප්‍රශ්න කළේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරපු තරමක් කළේ කුඩුකේඩු වැඩ යැයි කී ඔහු එදා අලුත් පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා යැයි කිවු මෛත්‍රී අද පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා හිගමනේ යන බව ද කීවේය.

    උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ” රනිල් මෛත්‍රී සුසංයෝගය මේ රට විනාශ කළා. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා අද හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ. රනිල් මෛත්‍රී සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු තුනක්. මේ තුන්දෙනා වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු. ඒ ආණ්ඩුවට කත් ඇද්ද අයත් අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වයට වග කිව යුතුයි. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ අවුරුදු හතර හමාර තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ව්‍යාපාර වැහුණා. කොම්පැණි වහලා ආයෝජකයෝ ආයේ ගියා. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා රටේ ආර්ථිකය කඩන් වැටුනා. අපි හදපු වරායවල්, ගුවන් තොටුපළවල් කුණු කොල්ලෙට වික්කා. රටක් හදපු, රට ගොඩ නගපු ජනතාවට ජීවිත දානය දුන් නායකයාව ගෙදර යවලා 2015 දි පත් කර ගත්තේ තක්කඩි රැළක්. 

    මේ තක්කඩි රැළට එරෙහිව අපි සටන් කරද්දි රනිල් මෛත්‍රී හවුල අපෙන් පළි ගත්තා. අපි අලුත් පක්ෂයක් හදන්න යනකොට අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්වා. අපි පාරක් ගාණේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයේ නාම යෝජනා හිගා කනවා. ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. මෛත්‍රී තනිකරම රටට කළේ කුඩුකේඩුකම්. පක්ෂයට කළේ කුඩුකේඩුකම්. මමනම් සතපහකට ඔය මනුස්සයව විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්න බෑ. කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා .රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. දැන් මහින්ද මහත්තයා ළග අඩා වැටිලා ආපහු තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කඩා ගෙන නොයයි කියලා විශ්වාසය තියෙන අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ.

    එක්සත් ජාතික පක්ෂය අද සී සී කඩ වෙලා ඉවරයි. සජිත් එක පැතත්ක රනිල් එක පැත්තක කරු එක පැත්තක මේ අය තවත් ලකුණක් හොයා ගන්න බැරිව රණ්ඩු වෙනවා. පක්ෂය එකට තියාගන්න බැරුව රට ගොඩ නගන්නේ කොහොමද? එක වෙලාවකට කියනවා හදවතින් එනවාලු. තව වෙලාවක කියනවා ටෙලිෆෝනයෙන් එනවලු. ආයෙත් හංසයා ගැනත් කියනවා. අලියාගෙන් එනවා කියලත් කථා වෙනවා. මැතිවරණ කොමසාරිස්ටත් ලියුම් යවනවා. මම නම් ඕකට හොද ලකුණක් කිව්වා ( සභාවෙන් – බුරුවා බූරුවා ලකුණ බුරුවා) නෑ නෑ බුරුවා ලකුණ හොද වැඩීයි. සීනුව අලියාගේ වලිගේ ගැට ගහන්න ඕනේ. ටෙලිෆෝන් එක බෙල්ලේ එල්ලලා හංසයාව මූණට දාගෙන හදවත පිටුපසට දාලා එකතු කරලා ලකුණක් හදාගත්ත නම් තමයි හොද.

    19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොදයි කියපු උදවිය අද ඒක නරකයි කියනවා. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අතපය බැදලා. අගමැතිටත් වැඩ කරන්න විදිහක් නෑ. අපි නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට විරුද්ධ වුණා. අත් බැදලා ජනාධිපතිටයි, අගමැතිටයි වැඩ කරන්න බෑ ඒ නිසායි අපි කියන්නේ තුනෙන් දෙකේ බහුතර බලයක් අපිට දෙන්න කියලා.

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභවේ සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර වන මහත්වරුද කථා කළහ.

  • සජිත්ගේ පදේට නැටුවා නම් ‘එජාපයට වෙන දේ’ රුවන් හෙළි කරයි

    සජිත්ගේ පදේට නැටුවා නම් ‘එජාපයට වෙන දේ’ රුවන් හෙළි කරයි

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ලකුණු සම්බන්ධයෙන් පවතින අර්බුදවලින් රටටත් ජනතාවටත් ප‍්‍රයෝජනයක් නැති බව රුවන් විජේවර්ධන මහතා අද (8) සිරිකොතදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසුවා. විජේවර්ධන මහතා එහිදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහ ඔවුගේ සගයින්ට තවමත් එජාපයේ දොරටු විවෘත බවයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා මෙසේ ද සදහන් කළා.

    “මම දැක්කා විවිධ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ඇති වී තිබෙන අර්බුද රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා. රාජපක්ෂලා විසින් ඉතිහාසයේ විවිධ පක්ෂ කඩන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක අවස්ථාවකදී කඩන්න කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කඩලා ඔවුන්ට එකතු කර ගත්තා. ඔවුන් එදා ඉඳන්ම හිටියේ මේ වගේ දේශපාලන ගමනක.

    එක්සත් ජාතික පක්ෂය ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කළා. මේක එහෙම කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. අපි කාත් එක්කවත් ඩීල් දාලා නෑ.

    සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළාම එහි ගැටලු තිබුණා. අපේ නීතිඥවරුන් නැගිටලා කිව්වේ මේක සන්ධානයක් වුණාට පක්ෂයක් විදියටයි ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒ නිසා අපේ පක්ෂයෙන් නාම යෝජනා දෙනකොට කවුරු හරි එයාලගේ කෙනෙක් ඇවිත් නඩුවක් දැම්මොත් මුළු නාමයෝජනා පත්‍රයම අහෝසි වෙන්න පුළුවන් කියන අවධානම තියෙනවා කියලයි. අනෙක් ප්‍රශ්නය ඇති වුණේ ලකුණට.

    ජනතාව වෙනුවෙන් අපි එකට එකතුවෙලා ගමන් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාටත්, එතුමා සමග සිටින මගේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පක්ෂයේ දොර වහලා නෑ. තවමත් ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දොර විවෘතයි. මේ ප්‍රශ්නවලින් රටටවත්, ජනතාවටවත් ප්‍රයෝජනයක් නෑ.