Category: සුපිරි Politics

  • අරක්කු මිල ඉහළට..!

    අරක්කු මිල ඉහළට..!

    ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

    එසේම 180ml බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

  • වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

    වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

    කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත යැයි පැවසෙන ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

    කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය.

    කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය

  • මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

    මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

    යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව ද කීය. එබැවින් නැවත මුව ආවරණ පැළදීමේ වරදක් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය  පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන්නේ යැයි කීය.

    එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත  යුතු බව කී අමාත්‍යවරයා  පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ප්‍රතිශක්තිකරණය දියුණු  ඇති වී ඇති බව සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

    දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කොව්ඩ් දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගැනුණු බවද ඔහු සඳහන් කළේය.

    සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.

    දරුවන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් ඔහු කීවේය.

    මීට අමතරව පාචන රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනකුද සොයා ගැනුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවද ප්‍රකාශ කළේය.

  • අල්ලස් කොමිසම පත් කරයි..!

    අල්ලස් කොමිසම පත් කරයි..!

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.

    චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි  අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.

    2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

  • ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

    ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

    ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය.

    ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව ද සදඟන් කළාය.

    ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.

    ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හදුනාගෙන ඇති බවත් එම භාණ්ඩවලට ද බදු ගැලපීම් කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

    කොළඹදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය එසේ පැවසුවාය.

  • කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

    කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

    කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත.

    මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ කපුවා විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයට පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමකට ලක්ව සිටි අයෙකි.

    කතරගම දේවාලයේ බස්නායක නිලමෙවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත ම විමර්ශන ආරම්භ කර ඇත

  • මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

    මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

    පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය  (27) දින වාර්තා වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.53 ක් හා විකුණුම් මිල රු. 330.38 ක් ලෙසින් සටහන් වී ඇත.‍

    මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු. 320 මට්ටමට සහ විකුණුම් මිල රු. 330 මට්ටමට පැමිණ ඇත්තේ මාස දෙකක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. අවසාන වරට ඩොලරයේ රුපියල් වටිනාකම මෙම මට්ටම්වල පැවතියේ 2023 ඔක්තෝබර් 24 වන දිනයි.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 325.74 ක් ලෙසින් වාර්තා වන අතර එය ද 2023 ඔක්තෝබර් 24 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

  • කතරගම දේවාලයේ රන් තැටිය මගේ නිසා මං ඒක ගෙදර අරන් ගියා..! ඇයි අවුල්ද..?- කතරගම ප‍්‍රධාන කපුවා

    කතරගම දේවාලයේ රන් තැටිය මගේ නිසා මං ඒක ගෙදර අරන් ගියා..! ඇයි අවුල්ද..?- කතරගම ප‍්‍රධාන කපුවා

    කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර ඇත.

    කතරගම දේවාලයට පූජා කරන රත්රන් පඬුරු අාදිය අයිති වන්නේ කපු මහත්වරුන්ට බවද ඔහු සඳහන් කර ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අවස්ථාවේදීය.

    පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කරන ලදී.

    ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝග කර තිබියදී දින කිහිපයක් තිස්සේ සැඟවී සිටි අද දිනයේ එම කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇත.

  • නිතර බැනවදින ප‍්‍රකට හිමිගේ ලීක් වීඩියෝවක් සමාජ ජාලා හොල්ලයි..!

    නිතර බැනවදින ප‍්‍රකට හිමිගේ ලීක් වීඩියෝවක් සමාජ ජාලා හොල්ලයි..!

    මෑතකදී මෙරට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූ ප්‍රසිද්ධ හිමිනමකගේ යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.

    වීඩියෝවේ එහිමියන් විසින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිනු දක්නට හැකියි.

    වීඩියෝවේ සිටිතැයි කියන හිමිනම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවත් සමඟ ගැටීම් ඇති කරගත් අතර අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට දැඩි විවේචනයන්ද එල්ල කරන ලදී.

    කෙසේ වෙතත් මෙම වීඩියෝව සත්‍ය එකක්ද අසත්‍ය එකක්ද ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක්ද හෝ එම වීඩියෝ සිටින්නේ කවරෙක්දැයි මෙතෙක් පැහැදිලිව හෙළිවී නැත.

    මුලාශ්‍රය – ලංකා සී නිවුස්

  • ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක..!

    ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක..!

    ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

    ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

    මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

  • හැංගිලා ඉදපු පොහොට්ටුව පොර ටෝක්ස් එක්ක එලි බහිද්දි කල්යල් බලාසිටි ජනපති රනිල්ගෙන් නිල අල්ලා ප්‍රහාරයක්..!

    හැංගිලා ඉදපු පොහොට්ටුව පොර ටෝක්ස් එක්ක එලි බහිද්දි කල්යල් බලාසිටි ජනපති රනිල්ගෙන් නිල අල්ලා ප්‍රහාරයක්..!

    එළියට නොබැස හැංගී සිටි පොහොට්ටුව රනිල් ගේ රැකවරණ යටතේ කල එළි බැස්සා පමණක් නොව පසුගියදා සමුළුවක් ද තිබ්බේය. ඊට එන බස් හා පාක්ෂිකයන්ට බෙිරේ නාන තර්ජණ ආවද රනිල් සියල්ලට ආරක්ෂාව දුන්නේය. සමුළුවේදී ධම්මික පෙරේරා වීදුරු පෙට්ටියක තබා ප්‍රදර්ශනය කළේ ජනපති අපේක්ෂක ලෙස අගවමිනි.

    එහෙත් ජනපති රනිල් ඒ සමගම කැබිනට් හමුවෙන් පසු තමා තරඟ කරන බව කියා එය රටට ලීක් කළේය. නාමල් සාගර හා පොහොට්ටුවට කරකියාගත දෙයක් නැතිව “ධම්මික” අපේක්ෂකයා නෙවෙයි. 04 දෙනෙක් ඊට පොරබදනවායි කියා ඇග බේරාගත්තේය. අපේක්ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මිකගෙන් ලක්ෂ 150 ඉක්මවා දත් ගැලවූ බව ද කියවෙයි. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බව මෙතනදීද පැහැදිලිවී තිබේ.

    “පොහොට්ටුව හා තව ප්‍රධාන පක්ෂයක් සහාය දෙනව නම් විතරයි ඉල්ලන්නේ” ධම්මික ව්‍යාපාර සගයෙකුට කියා තිබේ.

    තම මුදල් බලය තුළ ජවිපෙ සහාය ලැබෙතැයි ඔහු සිතන බව ද කියවේ. තෙල් හා වතුර කලවම් නොවන බව තනතුරු උන්මාදය හමුවේ සමහරුන්ට නොතේරීම ඊට නිදසුනකි.

  • මාලිමා ලොක්කෙකුට ජනපතිගෙන් ලොකුම තනතුරක්…! චූටි මාලිමා දිශා නැතිවෙති..!

    මාලිමා ලොක්කෙකුට ජනපතිගෙන් ලොකුම තනතුරක්…! චූටි මාලිමා දිශා නැතිවෙති..!

    ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ.

    ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පත් කිරීමත් සමඟය.

    උපුල් කුමාරප්පෙරුම මහතා ජවිපෙ නායකත්වය සමඟද ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙක් වන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදී ද ඔහු එම පක්‍ෂ ජාතික ජාතික ලැයිස්තුවද නියෝජනය කළේය.

    කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපුල් කුමාරපෙරැම මහතා ජනාධිපති නීතිඥයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ මතයන් පළවෙයි.

    උපුල් කුමාරපෙරැම මහතා මේ වන විට ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේද ප්‍රධානත්වය දරමින් සිටියි.

  • කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ..! බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…!

    කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ..! බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…!

    කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිවලට තබන පඬුරු මුදල් සියයට පනහකින් පමණ අඩු කර ඇති බව වාර්තාවේ.

    එහි ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු පඬුරු නිවෙස් වලට රැගෙන යන බවට හෙළිදරව් වීම වීමයි.

    කතරගම දේවාලයට පූජා වට්ටියට ලබා මුදල් ලබාදීම වෙනුවට මහාදේවාල පරිශ්‍රයේ පිහිටා ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම ඉහළ ගොස් ඇත.

    කතරගම දේවාලයේ රන්තැටියක් අතුරුදහන්ව පිළිබඳව ප්‍රධාන කපුවා හා දෙවන කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබීමත් සමඟ මෙසේ පූජා වට්ටුවල පඬුරු මුදල් අඩු වී ඇත.

    මහ දේවාලයට ගොස් කපුවන් සමග හමුවී යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන් ගෙන තිබේ.

  • කොළඹින් පටන් ගමු..! ජනපති රනිල් දිනවන එජාප ජනහමු මාලාව ජනවාරි 19 කොළඹින් ඇරඹේ..!

    කොළඹින් පටන් ගමු..! ජනපති රනිල් දිනවන එජාප ජනහමු මාලාව ජනවාරි 19 කොළඹින් ඇරඹේ..!

    ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත.

    එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා ලද උසස් නිලතල කමිටුවේ සහ අනෙකුත් කමිටු සඳහා නියෝජිතයන් ලබන ජනවාරිය වන විට පත් කරන බව එජාප නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන්නේය.

  • දේශබන්ධුට එරෙහිව විනය පියවර ගන්න පොලිස් කොමිසම අධිකරණයට..!

    දේශබන්ධුට එරෙහිව විනය පියවර ගන්න පොලිස් කොමිසම අධිකරණයට..!

    වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මූලික අයිතිවාසිකම් කඩකිරීමක් පිළිබඳව ‍ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇතත් ඊට නීතිමය බාධාවක් නිසා නැවතත් අධිකරණයට ගැටළු ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    2010 වසරේ දී අත්අඩංගුවට ගන්නා ලද හමුදා සෙබලෙකු වද බන්ධනයට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ‍වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නියෝග නිකුත් කළේය.

    එමෙන්ම චූදිතයන්ට එරෙහිව විනය ක්‍රියාත්මාර්ග ගන්නා ලෙසද පොලිස් කොමිසම වෙත නියෝග කර ඇත.

    කෙසේ වෙතත් වැඩ බලන පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී නීතිමය බාධාවක් ඇති වී තිබෙන බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.

    පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහකිරීම පිළිබඳව පොලිස් කොමිසමට පුළුල් බලතල ඇතත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමට බලයක් නැති වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී තිබේ.

    ඒ හේතුවෙන් තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් කොමිසමට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි විමසමින් ජාතික පොලිස් කොමිසම නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

    එමෙන්ම කොමිසම විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකකරණයෙන්ද විමසීමක් කර ඇති බවත් එ් අනුව එම තීන්දුව දුන් විනිසුරු මඩුල්ලට එකී ගැටළුව යොමු කරනු ඇති බවත් වාර්තා වේ.

  • මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!

    මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!

    ශ්‍රී ලංකාවේ සිට මිනිස් ජාවාරමේ නිරත වූ චීන ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස එළඹෙන හතරවනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන්ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු හතක් පවරා තිබේ.

    මෙම ජාවාරමට සම්බන්ධ තවත් එක් පුද්ගලයකු අත්අඩංගුර ගැනීමට මහජන සහාය බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මියන්මාරයේ සයිබර් වහල් කඳවුරකට මෙරට ලාංකිකයන් යොමු කිරීමද මෙම පිරිසට යොමුව ඇති එක් චෝදනාවක් වෙයි.

    මෙසේ අත්අඩංගුවට ගත් හතර දෙනා අතර සිටිනා එක් පුද්ගලයකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය යටතේ තරග කිරීම සඳහා නාම යෝජනා දුන් අයෙකි.