ජනපති අනුරට IMF සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය…
පාර්ලිමේන්තුව විසුරුවා හරී – මහ මැතිවරණය නොවැමබර් 14 වැනිදා

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.…
නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වූ තෙවැනි කාන්තාව ඇයයි. අග්‍රාමාත්‍යවරිය යටතට පහත දැක්වෙන අමාත්‍යාංශ එක්කර ඇත. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා,…
මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න…
ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක…
නව ලේකම්වරුන් පත් කෙරේ: නම් ලැයිස්තුව මෙන්න !

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය. එම නාමලේඛනය පහත පරිදි වේ, 01 ජී. පී.…
දිමුත් – චන්දිමාල් ශ්‍රී ලංකා දෙවැනි ඉණිම ගොඩදායි

පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. දිමුත් කරුණාරත්න…
ශානි සහ රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන නීතිපති කළ ප්‍රකාශය

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව නීතිපතිවරයා අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ, හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලාලු

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට කිසිදු ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා,…
පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා සාර්ථකයි

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම හිමි වෙනවා. සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා -ජනපති. පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට…
2023 AL සමත් සිසුන්ට වැදගත්ම පුවතක්

2023  උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු අද (20)   පස්වරුවේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද(20)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ…
ඔබ රෑට පිපිඤ්ඤා කනවාද? එය ඔබේ සෞඛ්‍යයට කරන බලපෑම දැන ගන්න

පිපිඤ්ඤා ආමාශයට සහ ශරීරයට හිතකර ලෙස සැලකේ. බර අඩුකරගැනීමේ සිට සම පැහැපත් කිරීම දක්වා පිපිඤ්ඤා වල ප්‍රයෝජන රැසක් ඇත. කෙසේ වෙතත්, රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට ගැනීම තහනම්ය. රාත්‍රියේදී පිපිඤ්ඤා ආහාරයට නොගත යුත්තේ මන්දැයි සහ පිපිඤ්ඤා ආහාරයට ගැනීමට සුදුසු කාලය කුමක්දැයි දැන්…
නවසීලන්තය ප්‍රබල ස්ථානයක

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය (19) නිමා වන විට සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම…
ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ…
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. එළැඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය…
ඡන්දය ප්‍රකාශ කරන්න අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි මෙන්න

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කළේය. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත්…