‘සෝබර්ස්-තිසේරා’ කුසලානට ලංකාවම රදවා ගනී

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත්…
බැසිල් සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ඒ මහතා යෙදුණු පළමු විදෙස් සංචාරය…
ඔමික්‍රෝන් ප්‍රභේදයට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියල්ල සූදානම්

ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් එකයි වීසා එකයි හැර සියළු පහසුකම් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා හදුනා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ…
ඉන්දියාව පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය තීව්ර කිරීමට තීරණය කරයි

ඔවුන් දේශගුණික ක්‍රියාකාරකම් සහ දැරිය හැකි, පිරිසිදු සහ සුරක්ෂිත බලශක්තිය සහතික කිරීම සඳහා සමීපව සහයෝගය දක්වයි ඉන්දියාව සහ යුරෝපා සංගමය බදාදා තම පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය වේගවත් කිරීමට ප්‍රතිඥා දුන්හ. 2016දී ඉන්දීය-යුරෝපා සංගම් බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම…
ඉන්දියාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දෙහි කැපුවේ ඇයි ?

ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දේශසීමා ත‍්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය පිළිබඳ එහි අහිතකර ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාව බ්‍රහස්පතින්දා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දැඩි ලෙස පහර දුන්නේය. ඉන්දීය නීතිය…
ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි

ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අද (03) දින පෙරවරුවේ නිකුත් කරනු ලැබූ විශේෂ නිල නිවේදනයක සදහන් වේ. අද දින…
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තීරණය කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය…
විදේශගත ශ්‍රමිකයින්ට මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විධිමත් මුල්‍ය පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරනු ලබන සහ එසේ මුදල් බෙදාහරිනා පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ එවැනි කටයුතුවල නිරත වන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට…
විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය…
උතුරේ විදුලි ව්‍යාපෘති තුනක් චීනය අත්හිටුවයි

උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති 03 අත්හිටුවීමට තීරණය කර බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ. මෙම ව්‍යාපෘති ජාත්‍යන්තර ටෙන්ඩරයක් මගින් ලබා ගත් බව ද තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව…
මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (02) නවදිල්ලි නුවරදී ඉන්දීයජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවිය. ජාතික ආරක්‍ෂක උපදේශක දොවාල් මහතා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ අතිශයින් සුහදකතාබහක නිරත වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් ලේකම් එස් ආර් ආටිගල අමාත්‍යවරයා සමඟ මෙම හමුවටඑක්ව සිටියහ. ශ්‍රී අජිත් කුමාර් දොවාල් ඉන්දියාවේ පස්වන ජාතික ආරක්ෂක උපදේශක වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරයි.
ඔමික්‍රොන් ප්‍රභේදය: දියවැඩියා රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්

රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ‘ඔමික්‍රොන්’ ප්‍රභේදය සමග යළි කොරෝනා රැල්ලක් ඇති වුවහොත් ඉන් වැඩි බලපෑමක් දියවැඩියාව රෝගීන්ට ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති…
‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය…
ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි. ගෑස්…
අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි. ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම…
මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය. එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය…