Tag: featured

  • බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි..!

    බාල එන්නත් සිදුවීමට සාගලට එරෙහිව CIDයට පැමිණිලි කරයි..!

    ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ.

    මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමනි කමන්ත තුෂාර මහතා විසිනි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාගල රත්නායක මහතා සම්බන්ධ බවද විවිධ පාර්ශවයන් විසින් හෙළිකර ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙසත් ඔහු තම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

  • පොහොට්ටුවේ පණ යයි..! පොහොට්ටු පලාත් පාලන මන්ත‍්‍රී සංසදය ජනපති හා එක්වේ…!

    පොහොට්ටුවේ පණ යයි..! පොහොට්ටු පලාත් පාලන මන්ත‍්‍රී සංසදය ජනපති හා එක්වේ…!

    අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

    2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ආර්ථික අර්බුදය හමුවේ 2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමඟ මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක් වුණා. අද සියලුදෙනාගේ සහයෝගයෙන් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අපට හැකිව තිබෙනවා. මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම අප සියලුදෙනාගේ වගකීමක්.

    පසුගිය වසර දෙක තුළ අප පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන නීති ඇතැම් අය සිය පාර්ලිමේන්තු කාලය තුළම සිදු කර නැහැ. රටේ ආර්ථික ගැටළු තිබුණද අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කර, එතෙක් පැවති දීමනාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අප කටයුතු කළා. ඒ වගේම ලක්ෂ 20කට උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකය යහපත්ව තිබූ කාල සීමාවේ ඉටු නොකළ වැඩකොටසක් බව කිවයුතුයි.

    මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය ලබා දී තිබෙනවා. පෙදුජන පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද කොටසක් මේ අතර සිටිනවා. ඒ වගේම වෙනත් පක්ෂවල අය ද සිටිනවා.

    මේ සියලුදෙනා එකට එක්ව සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

    පොදුජන පෙරමුණේ සිටියත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් වෙනත් පක්ෂයක සිටියත් රජයේ මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යනවාද නැද්ද යන තීරණය ගැනීමට පමණයි තිබෙන්නේ.

    පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා.

    අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා.

    අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.

    ඔබ සියලුදෙනා ගමට යා යුතුයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20න්, ලක්ෂ 10ක් මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම ඔප්පු මාසයක් තුළ ජනතාවට බෙදා දීමට අපිට එක්ව වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලුදෙනා මනා සම්බන්ධීකරණයකින් යුතුව රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

    මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කරමින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක් විය.

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමග සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගම්වල තිබෙන ගැටළු පිළිබඳව සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගී වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

    එසේම පළාත් පාලන බල ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය ඒකකය

  • ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

    ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

    IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ.

    මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි.

    ඩේවිඩ් වෝනර් දැවී යනවිට පන්දු 35කදී ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

    පන්දුවෙන්ද දස්තම් දැක්වූ පතිරණ සුපිරි පන්දු යැවීමක ලකුණු 33කට දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

  • තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

    තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

    විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී දැනට පවතින නීතිවලින් වැට පනිමින් සිදුකරන දූෂිත ක්‍රියා බොහොමයක් පිලිබඳව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අනාවරණය කරගෙන ඇත.

    සභාපතිවරයා ඒ බව අනාවරණය කරන ලද්දේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…

    “උදාහණයක් හැටියට වාහන 154කින් රේගු විමර්ශයකින් අනතුරුව 09ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන ක්‍රමවේද උල්ලංඝනය කිරීම් කර ඇති බව කාරක සභාවේ පැහැදිලි විය. එතකොට මෙතන ලොකු ගැටලුවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ඒජන්ට් හරහා ගෙන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ෆැසිලිටේටර්, අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන එංගලන්තයට ගෙනිහිල්ලා. ඩීරෙජිස්ටර් කරලා. එංගලන්තේ නැවතත් රෙජිස්ටර් කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ වැලිව් එක අඩු වෙනවා. මේ කරන්නේ ෆැසිලිටේටර් කියලා එතනදී කරුණු ඔප්පු වුණා. රේගුවෙන් කිව්වා මෙතනදි ලොකු පාඩුවක් තියෙනවා. නමුත් ලබා ගන්න ක්‍රමවේදයක් නෑ. නීතිය වෙනස් කරන්න ඕනේ කියලා. අපි රේගුවෙන් ඇහුවා ඔයගොල්ලේ මේක දැනගෙන හිටියේ නැද්ද කියලා. එතකොට ඒ අය කිව්වා දැනගෙන හිටියා මොකුත් කළේ නෑ කියලා. අපි ඒ අයට මාස දෙකක් දුන්නා මේ නීතිය වෙනස් කරන්න.”

  • ගෑස් බස්සයි

    ගෑස් බස්සයි

    අලුත් අවුරුද්දට ජනතාවට පුංචි සහනයක් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ මිලට සාපේක්ෂව ලිත්රෝ ගෑස් මිල සුළු ප්‍රමාණයකින් පහත දමා ඇත.

    ඒ අනුව ගෑස් මිල අඩු වන්නේ මෙසේය.

    කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල රුපියල් 4115
    කි.ග‍්‍රෑ. 5 – රුපියල් 55කින් – නව මිල රුපියල් 1652
    කි.ග‍්‍රෑ. 2.5 – රුපියල් 23කින් – නව මිල රුපියල් 772

  • කලකට පසු විමල්ට මල් පිපෙයි…

    කලකට පසු විමල්ට මල් පිපෙයි…

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

    විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදෙස් ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

    මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

    විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

    එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

    එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

    ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

    එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

    විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

    මාධ්‍ය ඒකකය,
    ජාතික නිදහස් පෙරමුණ

  • අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල පහළව යාවි යැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එම අපේක්ෂාවන් ඊයේ ඉන්ධන මිල සංශෝධනයන් නිකුත් කිරීමත් සමඟ පහව ගියහ.

    සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් වල මිල ගණන් එක රුපියලකින්වත් පහළ නොදැමීම සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ කනස්සල්ලෙනි.

    නව මිල ගණන් සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

    භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

    කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

    එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා ඓOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත. එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර ඇත.

  • සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

    සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

    මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින සිදුකළ ඇති බවට වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් සිටි ඳුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් තිදෙනකු ට තනතුරු වලින් එකවර ඉවත් කරමිනි.

    මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.

    කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරැන් සඳහන් කරති

  • වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

    වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

    ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය විසින් අරාජික කොට බංකොලොත් කරන ලද රටට එම අසීරු මොහොතේ නායකත්වයක් දෙමින් භාරගන්නා ලෙසට ජනතාව සිදුකල ඉල්ලීම භාරනොගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා නායකත්වය දැන් විවිධ කතන්දර කියමින් බලය ඉල්ලීම හාස්‍යයට කරුණකි.

    ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවා පළමු කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු තීරණ රාත්‍රියේ රූපවාහිනියෙන් ඇහෙද්දී බත් පිඟන් බිම වැටෙනු ඇති බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

    හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වැටුප් සියල්ල පළමු කැබිනට් මණ්ඩලයේදීම අහෝසි කරන බවත් ඒ ආකාරයේ තීන්දු තීරණ ප්‍රවෘත්ති මගින් විකාශය වෙද්දී අතේ ඇති බත් පිඟන් බිමට වැටෙනු ඇති බවත් ඒ සතුටට බවත් ඔහු පැවසීය.

    හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම තම රජයක් යටතේ සම්පූර්ණයෙන්ම අතහරින් ලබන බවත් ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන් භාරදී බලාගන්නැයි දැනුම් දෙන බවත් හිටපු ජනාධිපති නිල නිවාස සංචාරක කර්මාන්තය ආදී වෙනත් ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

    ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    “ආයෙ දිනනකන් ඉන්න ඕනෙ නෑ..මන්ත්‍රීල 42ක් ගන්න පැන්ශන් එකයි ලාල්කාන්ත නැවතිලා ඉන්න මාදිවෙල මන්ත්‍රී නිල නිවාසෙයි එපා කියලම පටන් ගන්න පුලුවන්..
    එතකොට මිනිස්සුන්ට තවත් විශ්වාස වැඩි වෙලා 95%වගේ ඡන්ද වලින් අනුරයියට කැබිනෙට්ටුව හදාගන්න පුලුවන් වෙයි..”

    -මේ ගැන රුවින් ප්‍රනාන්දු සිය මුහුණු පොතෙහි දක්වා තිබූ අදහසකි.-

  • ජනපති සටනට චම්පික සුදානම්..!

    ජනපති සටනට චම්පික සුදානම්..!

    වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඒ සඳහා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවල පෙබරවාරි 14 වනදා ඉදිරිපත් කෙරිණ. ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබේ.

    එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බව රණවක මහතා අවධාරණය කරයි. රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවලක් වටා පමණක් ගොනුවිය යුතුය.

    නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

    එහිදී ජනාධිපතිධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවද හෝමාගම පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

    සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කරයි.

    ලෙෂාන් විදානගමාච්චි
    මාධ්‍ය ලේකම්

  • රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

    රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

    දශක දෙකකින් රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු පමණ තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ බලය තහවුරු කරගැනීමත් සමග එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය, ඔහුට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙසත් සැලකෙයි.

    ප්‍රහාරය ISIS සන්ධානය විසින් එල්ල කළ බවට සාක්ෂි ඇතැයි අමෙරිකාව සහ ප්‍රංශය ප්‍රකාශ කර තිබුණි.

    ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැලකෙන සැකකරු මධ්‍යම ආසියානු කිර්ගිස්ථාන ජනරජයේ උපත ලැබූ අයෙකි. මේ අතර අත්අඩංගුවට ගත් තජිකිස්ථාන සැකකරුවන්ගේ පවුල්වලින් තොරතුරු ලබාගැනීම සඳහා රුසියානු විමර්ශකයන් පිරිසක් තජිකිස්ථානය වෙත ගොස් තිබේ.

    ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ඒ පිළිබඳ පාපොච්චාරණය කළ බව රුසියානු බලධාරීන් සඳහන් කරයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බරපතළ වධ බන්ධනවලට ලක්වී සිටි බව පෙනී ගිය කරුණකි.

  • “Machan Peter, I am Sunil” මාලිමා මුදල් ඇමති IMF අමතන හැටි චමුදිත පෙන්නයි..

    “Machan Peter, I am Sunil” මාලිමා මුදල් ඇමති IMF අමතන හැටි චමුදිත පෙන්නයි..

    ජාතික ජන බලවේග රජයක් යටතේ මුදල් අමාත්‍යවරයා වනු ඇතැයි පැවසෙන සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍ය ධුරය බාරගත් පසු ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පළ කරයි.

    හිරු රූපවාහිනියේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මචං ලෙවල් එකෙන් නව ආණ්ඩුව ගනුදෙනුව ආරම්භ කරනු ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයා වන පීටර් බෲව්වට ‘මචන් ප්‍රීටර්’ යනුවෙන් උදෑසනම මුදල් අමාත්‍යයේ සිට සුනිල් හඳුන්නෙත්ති මුදල් අමාත්‍යවරයා අමතනු ඇති බවද ඔහු එහිදී පැවසීය.

  • ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව එන්න ගිය නැවක් අමෙරිකාවේ පාලමක් සම්පූර්ණයෙන්ම කඩා දැමූ හැටි (Video)

    ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ සැතපුම් 1.6ක් දිග විශාල පාලමක ගැටී එම අති දැවැන්ත පාලම මුලුමනින්ම කඩා වැටී ඇත.

    Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.

    පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මුලදී වාර්තා වී නොතිබුණද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

    වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව ද වාර්තා විය.

  • කවුද මේ රටම පිස්සු කරපු ජෝඩුව.. (Photoshoots + Dance Videos)

    කවුද මේ රටම පිස්සු කරපු ජෝඩුව.. (Photoshoots + Dance Videos)

    වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

    නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ අතර ඔවුන්ගේ ආදර කතාව සහ Photoshoots මෙසේ පලකරන්නෙමු.

  • බංගලි පරදා අපේ කොල්ලෝ පෙරමුණේ..

    බංගලි පරදා අපේ කොල්ලෝ පෙරමුණේ..

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරගය ජයගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ලකුණු 182 කට සීමා කරමින් ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

    තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (ලකුණු 102 & 108) සහ කමිඳු මෙන්ඩිස් (102 & 164) ඉනිම දෙකේදී ශතක දෙක බැගින් රැස් කිරීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 188ක් රැස් කළ අතර ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 182ක් පමණි.

  • FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

    ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි.

    මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි. එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක් ඔස්සේ තරුණියට පණිවුඩයක් යොමු කර තිබුණේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් සමගයි. නමුත් එම Link එක විවෘත නොකළ තරුණිය එය සිය පෙම්වතාට යවා ඇත්තේ එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි.

    පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව උදාවී තිබේ. පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබිණි.

    පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බව වාර්තා වුණි. නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.

    ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබේ.

    තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකිවුණි. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.

    සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙකි. නමුත් වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු හදාරා ඇත්තේ අන්තර්ජාලයෙනි.

    “ඉගෙන ගත්තේ Youtube එකෙන් බලලා.”

    ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා අදාළ තරුණියට චොකලට් පැකට් කිහිපයක්ද රැගෙන පිළියන්දලට පැමිණ තිබිණි. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවය.

    ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදෙනු ලැබීය.

    උපුටා ගැනීම: අද දෙරණ