2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.
රත්නපුර , කොළඹ ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය ,පුත්තලම, ගම්පහ, හම්බන්තොට ,බදුල්ල මාතර ,කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114කින් එලෙස ආපදා වාර්තා වෙයි.
පවුල් 27 අයත් පුද්ගලයන් 122 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03 රැදීසිටියී.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.
ආපදා හේතුවෙන් අර්ධ නිවාස හානි 502ක් සහ පූර්ණ නිවාස හානි 02වාර්තා වී තිබේ.
ගල් පෙරලීම් ,ගස් කඩා වැටීම්,තද සුළං,ජල ගැලීම් හා අකුණු ගැසීම් හේතුවෙන් එම අනතුරු සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.
තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම විශ්‍රාමික පොලිස් නිලධාරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසී
රට පුරා පෙර පාසල් පද්ධතිය පිළිගත් විෂය මාලාවක් නොමැති බව පැවසීය.
නිසියාකාරව උගන්වන ලබන පෙරපාසල් සඳහා දරුවන් යොමුකිරීමට දෙමව්පියන් මැලිකමක් දක්වයි.
පෙර පාසල තුල අකුරු ඉගැන්වීම නොව දරුවාගේ කුසලතා වර්ධනය කිරීම සිදුවෙයි.
ඒ ආකාරයෙන් කුසලතා වර්ධනය කරන පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමට බොහෝ දෙමව්පියන් මැලිකමක් දක්වන බව පැවසීය.
ඒ හේතුවෙන් පෙරපාසල් සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුය.
ගුරුවරුන්ට ද විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය බව පැවසීය.
දරුවෙකුට පෙර පාසල් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලයි.
මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.
ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.
මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි.
තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත.
ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ ඇය එළවා දමා තිබේ.
ඇය පන්නා දමමින් එහි සිටි පිරිස සඳහන් කරන්නේය අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.
ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කර ඇත.

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා පවසයි.
ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් පොලිස්පතිගේ නිල කාර්යාලය වෙත ගෙන්වා ගනිමින් ඇය මෙලෙස බැණ වැදී ඇතැයිද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.
ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම ඉදිරිපත් කලේද ඕෂල හේරත් මහතාය.

තමන් වෙනුවෙන් පෙනී සිටින්නයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව කටුනායක ගුවන්තොටුපළේදී වීසා ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරි ලෙස හැසිරුණු සඳරු කුමාරසිංහ මහතා ඉල්ලා සිටී.
එදින සිදුවීම ගැන කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තම විවාහ අපේක්ෂිත තරුණිය රුසියානු ජාතික තරුණියක් බවත් ඇයගේ විසා ලබා ගැනීම සඳහා සිදුවූ ප්‍රමාදය ගැන විමසීමේදී ඇති වූ ආවේගය මත තමන් එම අදහස් පළ කළ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.
හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසයි.
හැට නම ලක්ෂයක ඡන්ද පදනම කොල්ලකෑමට මුදලාලි කෙනෙකුට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මතුගම නගරයේදී පැවති එම පක්ෂයේ ජන රැලියක් අමතමිනි.

2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය අද (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.
එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ද ඒ සඳහා අයැදුම් කළ හැකිය.
මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා (07) රැස්වීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.
එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගෙවල් ගිනි තැබීම සඳහා මුදල් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
එදා එළියට බහින්න බැරිව සිටි අයට නැවත එළියට බැසීමට හැකි තත්ත්වය ද උදා කළේ ජනාධිපතිවරයා විසින් බව බවද හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.
එම වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14.4ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇති අතර, ඉකුත් මාර්තු මාසයේදී පමණක් ආනයනය කරන ලද පෞද්ගලික රථවාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.9කි.
වාහනවලට අමතරව ජනවාරි සිට මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 102.6ක වටිනාකමකින් යුතු එළවළු (පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු) ආනයනය කර තිබේ.
එමෙන්ම එම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8ක කුළුබඩු ආනයනය කර තිබේ.

පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.
මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම කර තිබිණ.
මහ මැතිවරණයක් කැදවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් පමණක් තරග කිරීමටද තීරණය කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථාවේ ඇති පරිදි පළමුව ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්වෙනු ඇති බවය.

වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු සහ පලතුරු අස්වැන්න අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වෙයි .
ඒ හේතුවෙන් මැයි සහ ජුනි ,ජූලි මාස වල එළවළු මිල ඉහළ යාමක් සිදු නොවන බව එම ආයතනය පවසයි.
එහෙත් මෙවර මහ කන්නයේදී අධික වර්ෂාව නිසා එළවළු වගාව ප්‍රමාද වී ආරම්භ කිරීම හේතුවෙන් වර්ෂාවෙන් විනාශ වූ එළවළු නැවත වගාකිරීම ආරම්භ කෙරිණි.
මෙම අස්වනු සියල්ල එකවර වෙලද පොළට පැමිණීම නිසා එළවළු මිළ වෙළඳ පොළේ පහළ ගිය බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්‍යේශන හා පුහුණු ආයතනය පවසයි.
එමෙන්ම හිඟයකින් තොරව එළවළු වෙළඳ පොළට පැමිණෙයි.
යම් හෙයකින් මෙම මාසයේ අවසන් සති 02 තුල දැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන් වල යම් වැඩිවීමක් සිදුවිය හැකිය.
කාලගුණික වශයෙන් ඉදිරියේදි දැඩි බලපෑමක් සිදුනොවුනහොත් මෙම වසර අවසන් වනතෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ නොයනු ඇතිබව පැවසීය.
මේ අතර ජනතාවගෙන් 90%ක් පරිභෝජනය කරන නාඩු සහල් මිළ ගණන් ඉදිරි මාස 03 තුළත් නොවෙනස්ව පවතිනු ඇතිබව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
එහෙත් කීරි සම්බා සහල් මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යාමක් සිදුවිය හැකිය. මෙවර බඩ ඉරිගු අස්වැන්න ඉහළගොස් තිබේ.
බඩ ඉරිගු ගොවීන්ට මේ වනවිට ඉහළ මිලක් ලැබි ඇතිබව එම ආයතනය පවසයි.
ඒ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 125ත් 135 වැනි මිලක පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වැඩිදුරටත් පවසයි.

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මහජන එක්සත් පෙරමුණේ මැයි දින පණිවිඩය
1956 බලයට පත් මහජන එක්සත් පෙරමුණ රජය ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මහජන එක්සත් පෙරමුණ හා ජාතික සංවිධාන එක්ව ලෝක කම්කරු දිනයට වසර සියයක් ගෙවුණු දින (1987) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දිනයට එල්ල කළ පොලිස් වෙඩි පහරින් දිවිපිදූ නීති ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවක සහෝදරයා සහ ආනන්ද ලාල් කිරිබත්ගොඩ සහෝදරයා සිහිපත් කරමු.
මහජන එක්සත් පෙරමුණ අඛණ්ඩව ප්‍රගතිශීලී ආණ්ඩු තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ කම්කරු ව්‍යාපාර, වැඩ බිම්වල සටන්වලට සම්බන්ධ වෙමින් ව්‍යවස්ථාදායක මණ්ඩලවල අණ පනත් ගැන අවධියෙන් ජන අරගල කරමින්, වැඩකරන ජනතාව භුක්ති විදින අයිතිවාසිකම් රාශියක් අත් කර දීමට වැඩකරන ජනතාව සමඟ අත් වැල් බැද ගත්තෙමු.
මෙවර මැයි දිනය පැවැත්වෙන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවස්ථාවක ආර්ථික අවපාතය හේතුවෙන් වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින මොහොතක ය. මෙම දුෂ්කරතාවයන් පාදක කරගනිමින් දේශීය මෙන්ම විජාතික දේශද්‍රෝහී බලවේග විවිධාකාර අන්දමින් ජන ජීවිතය නොසන්සුන් කිරීමට, තිස් අවුරුදු යුද්ධය අවසන් කර මෙරට ජනතාවට අත්කර දුන් සාමකාමී නිදහස් වාතාවරනය ආපසු හැරවීමට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් කඩා බිඳ දැමීමට හා ඒකීය රාජ්‍ය විනාශ කර දැමීමට කැස කවමින් සිටී.
එම ප්‍රතිගාමී කුමන්ත්‍රණයන් පරාජය කිරීමටත්,දිනූ වැඩකරන ජනතා අයිතිවාසිකම් හා සේවා තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමටත් අධිෂ්ඨාන සහගතව කැපවී කටයුතු කරන ලෙස පන්නරය ලබා සිටින වෘත්තීය සමිති මෙරට වැඩකරන ජනතාවට ආයාචනය කර සිටී.
ජීවන බර සහ දැඩි ආර්ථික පීඩනය අවම කිරීමටත්, ආහාර ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සුලබ කර, ජනතාවට සහන සලසන ලෙසත් මහජන එක්සත් පෙරමුණ රජයට බලකර සිටී.
ශ්‍රේෂ්ඨ මැයි දින පැතුම වූ වැඩකරන ජනතා අයිතීන් සුරකිමු.
ස්තුතියි
මෙයට – විශ්වාසී
නීතිඥ තිස්ස ජයවර්ධන යාපා
ප්‍රධාන ලේකම්
මහජන එක්සත් පෙරමුණ