Author: Adikari

  • තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!

    තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!

    ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි.

    නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී නිදහස් ජනතා සංධානය වෙනුවෙන් සාකඡාවට එක් විය.

    පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක ධම්මික රත්මලේ, වැඩබලන ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, පාරිසරික ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලින පීරිස්, නීති ලේකම් භූපති කහතුඩුව, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, ප්‍රචාරක ලේකම් අංජන උදාර යන මහත්වරුන් සහභාගී විය.

    මේ අතර ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ෂාන් විජය ලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

  • නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!

    නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ විජේරාම මාවතේ පිටි නිල නිවස ඉදිරිපිටම මල් වඩමක් තබා විරෝධතාවයක් පලකර ඇත.

    ඒ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෘත්තිය සමිති සන්ධානය සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.

    ගැටලුකාරී ඉමියුනිග්ලොබින් වංචාව සම්බන්ධයෙන් සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීමට මෙම විරෝධය පල කර තිබේ.

    මෙම එන්නත් වංචාව නිසා මෙරට රෝගීන් විශාල පිරිසක් මරණයට පත් වූ බවත් එය සංකේතවත් කිරීමට මෙලෙස අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ බවත් සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

    එමෙන්ම පසුගිය වසර කිහිපය තුළදීම සිදුව ඇති ඖෂධ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමතිවරයා ලබාදෙන ඕනෑම වෙලාවක තමන් සූදානම් බව සඳහන් ලිපියක්ද හෙතෙම එහිදී ආරක්ෂක නිලධාරීන්ට භාරදී තිබේ.

  • අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!

    අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!

    ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

    එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.

    මේ අතර වැට් බද්දේ බලපෑමෙන් සිය නිෂ්පාදන වියදම ඉහළ නොයන්නේ නම් ඉදිරි මාස කිහිපයේදී රුපියල් 30 ත් 35ත් අතර මුදලකට දේශීය බිත්තර වෙළඳපළෙන් ලබාගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශ කළා.

  • ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්‍ෂකයෙක්..! පසුපස අලිරාජා…!

    ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්‍ෂකයෙක්..! පසුපස අලිරාජා…!

    ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා කටයුතු කරමින් සිටින බව දේශය පුවත්පතට වාර්තා වෙයිග

    ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු ද වන සුභාෂ්කරන් අලිරාජා ද මෙරට දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ඔහු විසින් අත්පත් කරගෙන ඇති දේශපාලන පක්ෂය ”අරුණලු පීපල්ස් එලයන්ස්” නම් වතුකර දේශපාලන පක්ෂයයි. එහි සභාපති හා මහලේකම් ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් මහතා බවද සඳහන්ය.

    දෙමළ ඩයස්පෝරාව සමඟ සමීපව දේශපාලනය කරන සුභාෂ්කරන් අලිරාජා මහතා මෙම පක්ෂය අත්පත් කරගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට සුදුසු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඊට අදාළව ඉදිරි මාසයේ සිට පුළුල් මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට ද ඔහු සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ.

    – Deshaya

  • අන්තර් ජංජාල වීඩියෝවක් ගැන මිහින්තලේ හිමියන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!

    අන්තර් ජංජාල වීඩියෝවක් ගැන මිහින්තලේ හිමියන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!

    තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ  ධම්මරතන නාහිමියෝ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ.

    පොලිසිය මේ ගැන සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පැවසුහ.

    අපරාධ අංශයට වගේම සයිබර් අපරාධ විමර්ශනාංශයටද මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළ බව පැවසූ ධම්මරතන හිමියෝ   මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයිද  චෝදනා කළහ.

    මේ පිටුපස සිටින්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු  මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වලවා හැඟුන වැවේ ධම්මරතන හිමියෝ මෙසේ පැවසූහ.

    මීට හය මාසයකට පෙර වට්ස්ඇප්  ඔස්සේ දුරකථන ඇමතුමක් ඇවිත් අපි වීඩියෝවක් එවලා තියෙනවා බලපන්. වීඩියෝ රැසක් තියෙනවා.ඒ නිසා අපිට කෝටියක් දීපන්.  නැත්නම් මරලා දානවා කියලා කිව්වා. මේක ආවේ ජුනි මාසයේ 1 වැනිදා. කප්පම් දෙන්නේ  නැහැ. ඝාතනය කරන්න මරා දාන්න කිසිම ගැටලුවක් නැහැ කියලා මම කිව්වා . මම සූදානම් කියලා කිව්වා.පස්සේ ඒ අය  ඒ වීඩියෝ ටික මකල දැම්මා.”

  • යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24ට බඩුත් එක්ක 1500 ක් ඇතුලට..!

    යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24ට බඩුත් එක්ක 1500 ක් ඇතුලට..!

    ‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ  පැවැසීය.

    සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 ක් ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම්  590 ක්,  අයිස්   කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 330 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.

  • ජාතික පාසල් අහෝසියි..! සියළු පාසල් පළාත් සභාවලට…!

    ජාතික පාසල් අහෝසියි..! සියළු පාසල් පළාත් සභාවලට…!

    මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

    එ් අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන නොයාමටත් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුකළ පාසැල් අධීක්ෂණ හා පරිපාලන කටයුතු පළාත් සභාවට පැවැටීමත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

    පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යා යුතු බවටද යෝජනා වී තිබේ.

    උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියටද, සාමාන්‍ය විභාගය 10 ශ්‍රේණියටද ගෙන ඒමටද ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටද නියමිතය.

    ප‍්‍රාථමික, හය-නවය, සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමට ද මෙම වැඩපිළිවෙල යාවත්කාලීන කිරීමටද යෝජනා කර ඇත.

  • පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!

    පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී අද මාරවිල මොදරවැල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

    එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාද ජීප් රථය තුළ සිට ඇත.

    අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රිදුරා විසින් ජීප් රථයටත් එහි සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියකුටත් පහර දී ඇත.

    පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් වාහන දෙකේම රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

  • අරක්කු මිල ඉහළට..!

    අරක්කු මිල ඉහළට..!

    ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

    එසේම 180ml බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

  • වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

    වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

    කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත යැයි පැවසෙන ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

    කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය.

    කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය

  • මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

    මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

    යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව ද කීය. එබැවින් නැවත මුව ආවරණ පැළදීමේ වරදක් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය  පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන්නේ යැයි කීය.

    එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත  යුතු බව කී අමාත්‍යවරයා  පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ප්‍රතිශක්තිකරණය දියුණු  ඇති වී ඇති බව සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

    දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කොව්ඩ් දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගැනුණු බවද ඔහු සඳහන් කළේය.

    සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.

    දරුවන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් ඔහු කීවේය.

    මීට අමතරව පාචන රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනකුද සොයා ගැනුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවද ප්‍රකාශ කළේය.

  • අල්ලස් කොමිසම පත් කරයි..!

    අල්ලස් කොමිසම පත් කරයි..!

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.

    චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි  අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.

    2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

  • ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

    ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

    ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය.

    ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව ද සදඟන් කළාය.

    ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.

    ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හදුනාගෙන ඇති බවත් එම භාණ්ඩවලට ද බදු ගැලපීම් කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

    කොළඹදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය එසේ පැවසුවාය.

  • කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

    කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

    කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත.

    මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ කපුවා විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයට පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමකට ලක්ව සිටි අයෙකි.

    කතරගම දේවාලයේ බස්නායක නිලමෙවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත ම විමර්ශන ආරම්භ කර ඇත

  • මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

    මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

    පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය  (27) දින වාර්තා වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.53 ක් හා විකුණුම් මිල රු. 330.38 ක් ලෙසින් සටහන් වී ඇත.‍

    මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු. 320 මට්ටමට සහ විකුණුම් මිල රු. 330 මට්ටමට පැමිණ ඇත්තේ මාස දෙකක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. අවසාන වරට ඩොලරයේ රුපියල් වටිනාකම මෙම මට්ටම්වල පැවතියේ 2023 ඔක්තෝබර් 24 වන දිනයි.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 325.74 ක් ලෙසින් වාර්තා වන අතර එය ද 2023 ඔක්තෝබර් 24 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

  • කතරගම දේවාලයේ රන් තැටිය මගේ නිසා මං ඒක ගෙදර අරන් ගියා..! ඇයි අවුල්ද..?- කතරගම ප‍්‍රධාන කපුවා

    කතරගම දේවාලයේ රන් තැටිය මගේ නිසා මං ඒක ගෙදර අරන් ගියා..! ඇයි අවුල්ද..?- කතරගම ප‍්‍රධාන කපුවා

    කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර ඇත.

    කතරගම දේවාලයට පූජා කරන රත්රන් පඬුරු අාදිය අයිති වන්නේ කපු මහත්වරුන්ට බවද ඔහු සඳහන් කර ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අවස්ථාවේදීය.

    පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කරන ලදී.

    ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝග කර තිබියදී දින කිහිපයක් තිස්සේ සැඟවී සිටි අද දිනයේ එම කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇත.