Author: Editor

  • පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

    ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම සමාජ ජාලය ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.

    දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    උගන්ඩාවේ හංගපු ඩොලර් ගෙනත් පෙන්නන්න (වීඩියෝ)

  • සෑම බෞද්ධ නිවසකම තිබිය යුතු පොත් කට්ටලයක්! ඇදහිය නොහැකි මිලකට BMICH හිදි

    සෑම බෞද්ධ නිවසකම තිබිය යුතු පොත් කට්ටලයක්! ඇදහිය නොහැකි මිලකට BMICH හිදි

    සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත.

    මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා කරන පිරුවානා පොත් වහන්සේ, සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, බෝධි පූජා ආරක්ෂක සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, සිංහල අර්ථ සහිත ධම්මපදය යන ඉතා වටිනා බෞද්ධ පොත් හතරක් අන්තර්ගත වේ.

    මෙම පොත් කට්ටලයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 1285.00ක් වන අතර මෙම සාහිත්‍ය මාසය වෙනුවෙන්ම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙම පොත් කට්ටලය අති විශේෂ වට්ටම් සහිතව රුපියල් 599.00ක් වැනි සුවිශේෂී මිලකට පිරිනැමීමට කටයුතු සලසා ඇත.

    මේ මස 27 වන දා සිට ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා කොළඹ BMICH හිදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ P ශාලාවේ ඇති බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටියෙන් මෙම පොත් කට්ටලය මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

  • මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

    මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    එසේම නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

  • ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)

    ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)

    “මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි.. ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ.

    ජනයි ප්‍රියයි ඒ දවස් වල හිටියා. වීනිලත් දැන් ටිකක් ලොස්. නමුත් ලකයි සිකයි නම් මාවලස්. හැමදාම අලුත් අද්දැකිමක්.

    අපි නොදන්න ලංකාවේ අලුත් දෙයක් ලකයි සිකයි නම් ආයි කාටවත් හිතන්න වත් දෙයක් ඉතුරු කරන්නේ නැහැ.

    මම නම් බලාගෙන ඉන්නෙ අලුත් එකක් එන කම් ඔබලා නම් පට්ට සුපිරි ලොවෙත් නැහැ ලොවි ගහේ ත් වෙන කාටවත් ඔබලාගේ ලගින් වත් යන්න බැහැ ඒ තරම් සුපිරි තරු ** ක්”

    -මෙය වීඩියෝවට අදාල පාඨක ප්‍රතිචාරයකි-

  • කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

    කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

    ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

    රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර බණවර” නම් හදවත් සසල කරන අතිශය සංවේදී නිර්මාණය දෙස් විදෙස් ලොකු කුඩා සංගීතයට ඇනුම් කරන නොකරන්න බොහෝ දෙනා අතිශය ආදරයෙන් වැලදගත් නිර්මාණයක් බව සැවොම දනිමු. එවැනි ජාත්‍යන්තර තලයේ නිර්මාණයක් දේශපාලනඥයකුගේ අවසන් කැමැත්තක් වෙනුවෙන් වෙනස් කිරීම සිතාගන්නටවත් බැරි තරම් අපූර්ව දෙයකි.

    එහෙත් ම එවැනි සිතා ගන්නට බැරි තරම් දෙයක් රවී රොයිස්ටර් නම් කලාකරුවා විසින් සිදු කරන්නට ඇත්තේ පාලිත තෙවරප්පෙරුම නම් මේ මහපොළොවේ මහජනතාව සමඟ ින් පොළොවේ පය ගසා ජීවත් වූ හොරකු නොවූ මානව හිතවාදී දේශපාලන මිනිසකු නිසා වන්නට ඇත. රවී රොයිස්ටර් නම් කලාකරුවනි, ඒ ජනතාවාදී මිනිසාගේ අවසන් කැමැත්ත වූ ඒ අහිංසක සංවේදී ම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් අප ඔබට කෘතඥ වෙමු..!

    https://www.youtube.com/watch?v=c7RiOtA8xUI

  • පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

    පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

    ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි.

    අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කීදෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල ින් සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම දන්නා අය අතරින් ඔහු ළඟින් ආශ්‍රය කළ, ඔහුට උදව් කළ මිත්‍රයෙකු තැබූ සටහනක් අප මෙසේ ඒ මානව හිතවාදියා වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස උපුටා දක්වමු.

    චන්ඩි මතකයක්…

    පාලිත තෙවරප්පෙරුම නැතහොත් චන්ඩි මා හඳුනාගත්තේ 1986 වසරේදීය. ඒ මා මතුගම ශා. මේරි විදුහලේ උසස් පෙළ හදාරන අවධියේදීය. එකල ඔහු දේශපාලනයට සම්බන්ධව නොතිබුනි. නමුත් එකල ඔහු මතුගම ඉතාමත් ජනප්‍රිය චරිතයක් විය. කොලිවුඩ් සිනමාවේ වීරයාගේ චරිතයට සමාන චරිත ලක්ශණ වලින් යුතුවූ ඔහු නිතරම් අසාධාරණයට විරුද්ධ වීර චරිතයේ ජීවත් විය. දමිල සිනමාවේ මෙන්ම, එකල පොලීසිය ඔහුගේ ප්‍රධාන ප්‍රථිවාදියා විය.

    එයටම සමානුපාතිකව ඔහු හතලිහක පමණ නඩු වැලක පැටලී සිටියේය. මේ නිසා නීතීඥයෙක් වූ මා‍ඟේ පියාගේ මතුගම කාර්‍යාලයේ පාලිත අයියා රැඳී සිටිනු එකල සුලභ දසුනක් විය. ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට කිසිදු මුදලක් මාගේ පියා අය කරේ නැත. අවංක තරුනයකු නිසි මග ගැනීම මාගේ පියාගේ අධිශ්ථානය වන්නට ඇත. නමුත් දිනෙන් දිනම නඩු වැඩි උනා මිස අඩුවක් උනේ නැත. මේ තත්වය උච්චස්ථානයට පැමිණියේ උසස් පොලිස් නිලධාරියකුට විරුද්ධව මතුගම නගරය පුරා පෝස්ටර් ගැසීමත් සමගය..

    එම සිදුවීමට පසුදා පාන්දර පාලිත අයියා මගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දුන් අතර ඉතා උස් හඬින්, බොහෝ විදග්ධ වචන මගේ පියාගෙන් විසිවනු ඇසින. වහාම සිය මිතුරකුගේ වාහනයක් යවා අපගේ පයාගල නිවසට ඔහුව ගෙන්වා සඟවා තැබුවේ රාජ්‍ය විරෝධී චෝදනා ගොනුවීමෙන් වලක්වා නිසි අවස්ථාවේදී උසාවියට ඉදිරිපත් කිරීම සඳහාය. උසාවියට යන අතරමග අත් අඩංගුවට ගැනීම වලක්වාලනු සඳහා පසුදින පාලිතව මගේ පියාගේ රථයේ පිටුපස බිම නිදිකරවා ප්‍රධාන මාර්ග මගහැර අතුරු පාර වලින් මතුගම උසාවියට ගෙනයාමට රියදුරු වශයෙන් කටයුතු කිරීමට මා හට භාර උනේ එම කටයුත්ත ඉතාමත් රහසිගතව සිදුවිය යුත්තක් වූ බැවිනි. උසාවියට ඉදිරිපත් කළ පසු ඇප ලබාගැනීමට හැකිවීම බොහෝ දෙනෙකුගේ පුදුමයට කාරනයක් විය.

    මෙම සිද්ධිය පාලිතගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය විය. මාගේ පියාගේ මිතුරු උසස් නිලධාරීන් සමග සාකච්චා කර යම් එකගතාවකට එළඹ ඔහුට පැටවී තිබූ නඩු වැලෙන් වසර කිහිපයකදී ඔහුව ගලවා ගැනින. අනතුරුව දේශපාලනය වෙත නැඹුරු වූ පාලිත මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කලේය. ඔහුගේ දේශපාලන ගුරුවරයා වූයේ එවකට මතුගම එක්සත් ජාතික පක්ශ සංවිධායක වරයා වූ මහින්ද සමරසිංහ මහතාය. පක්ශ සංවිධායක වරයාගේ ප්‍රධාන සංවිධායක වශයෙන් පාලිත කටයුතු කලේය.

    මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිම්මක් පනිනා විට පාලිත පක්ෂය හැර නොගියේය. පාලිත එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කරනා අතරම ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් තරඟ කලේය. මැතිවරණය ජයගත්තේ වී නමුදු ප්‍රාදේශීය සභා සභාපති ධුරය භාර ගැනිමට ඔහු පැකිලුනේය. පසු කලෙක පාලිත වෙබ් අඩවියක සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියේ කිංස්ලි ප්‍රනාන්දු මහතාට තමාට සභාපති ධූරයේ වැඩ කිරීමට නොදන්නා බව පවසන විට ඔහුට තිබෙන සුදුසුකම නොදන්නා බව දැනගැනීම යැයි පවසා දිරිගැන්වූ බවය.

    මුල් කාලයේදී ඔහු මතුගම යටදොල ප්‍රදේශයේ නිල නොවන පාලකයා විය. ප්‍රාදේශීය සභා සභාපති වරයා වීමත් සමගම එය මතුගම දක්වා දිගුවිය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරයකු වීමත් සමග එය අගලවත්ත, බදුරලිය පසු කර අත්වැල්තොට පාලම් තෙක් දිගු විය. මේනිසා වරින් වර බොහෝ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සමග ගැටුම් ඇතිවිය. මේ ගැටුම් සියල්ලම පාහේ සාමාන්‍ය ජනතාව වෙත බලවතුන්ගේ සහ නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වලට විරුද්ධ වීම නිසා ආරම්භවූ සිද්ධීන්ය. බොහෝමයක් ගැටුම් කෙලවර වූයේ උසාවියෙනි.

    2004 වසරේ සුනාමි ව්‍යසනයට අපගේ නිවස විනාශවූ අවස්ථාවේ ඔහු පැමිනියේ 300 ක පමණ පිරිසක් කැටුවගෙනය. අපගේ පයාගල ගම්මානයම පවිත්‍ර කිරීමට දින දෙකක් පුරා මේ පිරිස දායක විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ඔහු ජයග්‍රහනය කරේ බන්ධනාගාර ගතව සිටිම්නි. පසුව උසාවියෙන් ඇප ලබා ගත් වහාම තම නිවසට යාමට පෙර වාහන 250ක පමණ රථ පෙරහැරකින් අපගේ නිවසට පැම්ණ එවකට රෝගී තත්ත්වයේ සිටි මාගේ පියා දැක ගැනීමට පැමිනියේ ඔහුගේ තිබූ කෘතගුණශීලී බව පසක් කරමිණි.

    බල ලෝභී දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් ජාතිවාදය සහ ආගම් වාදය මහා පරිමාණයෙන් අවුලුවන සමයේ ඔහු පෙනී සිටියේ සුළු ජාතික ව්න්දිතයා වෙනුවෙනි. බේරුවල මුස්ල්ම් ජනතාව වර්ගවාදින්ගෙන් මුදවා ගැනීමට ඔහු නොබියව පෙරමුන ගත්තේය. කොවිඩ් වසංගත සමයේ ඔහුගේ මැදිහත්වීම සෞඛ්‍ය බලධාරීනට හිසරදයක් විය. නමුත් හිත හොඳ චන්ඩියා නැවතාලීමට කිසිවකුට නොහැකිවිය.

    ඔහුගේ ජීවිතයට මරු පහරක් එල්ල වූයේ සිය ලොකු පුතාගේ මරණය නිසාවෙනි. ඔහු එයින් මහත් පීඩාවක් වින්දේය. ඕනෑම දරුවකුට කිසිදු භේදයකින් තොරව ආදරය කල පාලිත අයියාට සිය දරුවාගේ මරණය දරාගත් නොහැකි විය.
    පාලිත අයියා අපගේ පුතුන් තිදෙනාටද හොඳ මිතුරකු විය.

    අප හමුවන බොහෝ විට මගේ පුතුන් තිදෙනාගෙන් එක් අයකු නීතීඥයෙක් කර දෙන ලෙස පාලිත අයියා ඉල්ලා සිටියි. ඔහු මියැදුන අදට සති දෙකකට පෙර දුරකථනයෙන් කතා කරනා අවස්ථාවේද එම ඉල්ලීම කලේය. දින කිහිපයකට පසු මගේ පොඩ් පුතා නීති උපාධිය සඳහා තේරුන බව කීමට නොහැකි වීම එතරම් ප්‍රාර්ථනාවක් කල අයෙකු වෙත කල නොසැලකිල්ලක් බව මගේ සිත පෙලයි.

    කෙසේ වෙතත්, අප නැවත මුන නොගැසෙන්නෙමු..
    ඉතින් ආයූබෝවන් හිත හොඳ මිතුරානෙනි..

    උපුටා ගැනීම: ජීවන ප්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

  • අනුන්ගේ දේවල් පස්සේ පන්නන මහ බැංකුවට තමන්ගෙ එක රැක ගන්න බැරි ඇයි..?

    අනුන්ගේ දේවල් පස්සේ පන්නන මහ බැංකුවට තමන්ගෙ එක රැක ගන්න බැරි ඇයි..?

    ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අධීක්ෂණය කිරීමට හැකියාව තිබු සමූපකාර බැංකු අධීක්ෂණයට ලක් නොකොට කඩා වැටීමට සලස්වා එහි එහි තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන්ට නිලධාරීන්ව දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇත.

    මේ වන විට ශ්‍රී ලංකා මහා බැංකුව රට පුරා ඇති පුද්ගලික අංශයේ විවිධ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැඩි උනන්දුවකින් සිදුකලද ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රජයට අයත් සමූපකාර බැංකුව සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයට ලක් නොකොට කඩා වැටීමට සැලැස්වීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි සැකයකි.

    —උපුටා ගැනීම—

    ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිට ම චෝදනා කර තිබේ.

    ඔහු පවසා ඇත්තේ බොහෝ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම අරමුදල් මෙසේ තැන්පත් කර ඇතත් එම සමුපකාර බැංකු කඩා වැටීම නිසා අදාළ මුදල් ලබාගත නොහැකිව වසර ගණනාවක් තිස්සේ දුක් විඳින බවය. එහෙත් මහ බැංකු නිලධාරීන් මෙය ගණන් නොගෙන සිටීම බරපතළ වරදක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

    අගමැතිවරයා මෙසේ චෝදනා කර ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද ඉදිරිපිටය.

    මෙහිදී ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත වීරසිංහ, මධුර විතානගේ, යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර යන මහත්වරු ද අගමැතිවරයා මතු කරන ප්‍රශ්නයට පක්ෂව කරුණු ඉදිරිපත් කර තිබේ. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුව, සමුපකාර අංශය කැඳවා සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියත්, මහ බැංකු නිලධාරීන් කිසිත් නොකියා නිහඬව සිට ඇති බවද වාර්තා වේ. මහ බැංකුවට අසීමිත බලයක් ලබාදී ගැටලු මතුවී ඇති බවත්, සෑම නිලධාරියකුම ඉල්ලා සිටින සැම දේම දිය නොහැකි බවත් පාර්ලිමේන්තුව මේවාට වගකිව යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

    මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මහ බැංකුව ස්වාධීන කිරීමට ගොස් පාර්ලිමේන්තුව හොඳ පරිප්පුවක් කෑ බවය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මතු කර ඇත්තේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් සමුපකාර බැංකු කඩාවැටෙන තුරු සිට ඒවායේ දේපොළ වෙන්දේසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම සහ තැන්පතුකරුවන්ගේ මුදල ආපසු ගත නොහැකිව වසර ගණනාවක් ගතවන ප්‍රශ්නය පිළිබඳවය.

    අනෙකුත් බැංකුවලට අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම පිළිබඳ නිර්නායක බැංකු පනතේ සංශෝධනවලට අයත් බව මහ බැංකු නිලධාරීන් පවසද්දී යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, මහජන බැංකුව, ලංකා බැංකුව පිහිටුවීමේ පරමාර්ථවත් ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නොදන්නා බවය. බැංකු ගම්වලට නොගිහින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ශක්තිමත් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර ඇත.

    අකිත පෙරේරා
    – Divaina-

  • ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

    ලෝකෙම පුදුමවෙන මතීෂ අල්ලපු සුපිරි Catch එක (Videos)

    IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ.

    මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි.

    ඩේවිඩ් වෝනර් දැවී යනවිට පන්දු 35කදී ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

    පන්දුවෙන්ද දස්තම් දැක්වූ පතිරණ සුපිරි පන්දු යැවීමක ලකුණු 33කට දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

  • තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

    තියෙන නීතියෙන් වැට පැනලා ඉලෙක්ට්‍රික් කාර් ගේන හැටි..!

    විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී දැනට පවතින නීතිවලින් වැට පනිමින් සිදුකරන දූෂිත ක්‍රියා බොහොමයක් පිලිබඳව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අනාවරණය කරගෙන ඇත.

    සභාපතිවරයා ඒ බව අනාවරණය කරන ලද්දේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…

    “උදාහණයක් හැටියට වාහන 154කින් රේගු විමර්ශයකින් අනතුරුව 09ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන ක්‍රමවේද උල්ලංඝනය කිරීම් කර ඇති බව කාරක සභාවේ පැහැදිලි විය. එතකොට මෙතන ලොකු ගැටලුවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ඒජන්ට් හරහා ගෙන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ෆැසිලිටේටර්, අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන එංගලන්තයට ගෙනිහිල්ලා. ඩීරෙජිස්ටර් කරලා. එංගලන්තේ නැවතත් රෙජිස්ටර් කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ වැලිව් එක අඩු වෙනවා. මේ කරන්නේ ෆැසිලිටේටර් කියලා එතනදී කරුණු ඔප්පු වුණා. රේගුවෙන් කිව්වා මෙතනදි ලොකු පාඩුවක් තියෙනවා. නමුත් ලබා ගන්න ක්‍රමවේදයක් නෑ. නීතිය වෙනස් කරන්න ඕනේ කියලා. අපි රේගුවෙන් ඇහුවා ඔයගොල්ලේ මේක දැනගෙන හිටියේ නැද්ද කියලා. එතකොට ඒ අය කිව්වා දැනගෙන හිටියා මොකුත් කළේ නෑ කියලා. අපි ඒ අයට මාස දෙකක් දුන්නා මේ නීතිය වෙනස් කරන්න.”

  • ගෑස් බස්සයි

    ගෑස් බස්සයි

    අලුත් අවුරුද්දට ජනතාවට පුංචි සහනයක් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ මිලට සාපේක්ෂව ලිත්රෝ ගෑස් මිල සුළු ප්‍රමාණයකින් පහත දමා ඇත.

    ඒ අනුව ගෑස් මිල අඩු වන්නේ මෙසේය.

    කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල රුපියල් 4115
    කි.ග‍්‍රෑ. 5 – රුපියල් 55කින් – නව මිල රුපියල් 1652
    කි.ග‍්‍රෑ. 2.5 – රුපියල් 23කින් – නව මිල රුපියල් 772

  • කලකට පසු විමල්ට මල් පිපෙයි…

    කලකට පසු විමල්ට මල් පිපෙයි…

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද(01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

    විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 2:00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදෙස් ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

    මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

    විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

    එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

    එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති වූ අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

    ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

    එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

    විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

    මාධ්‍ය ඒකකය,
    ජාතික නිදහස් පෙරමුණ

  • අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

    මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල පහළව යාවි යැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එම අපේක්ෂාවන් ඊයේ ඉන්ධන මිල සංශෝධනයන් නිකුත් කිරීමත් සමඟ පහව ගියහ.

    සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් වල මිල ගණන් එක රුපියලකින්වත් පහළ නොදැමීම සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ කනස්සල්ලෙනි.

    නව මිල ගණන් සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

    භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

    කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

    එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා ඓOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත. එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර ඇත.

  • සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

    සිරිසේන දයාසිරිට ඇරපු ඇරිල්ලම අද තවත් තුනකට

    මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින සිදුකළ ඇති බවට වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරමින් සිටි ඳුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් තිදෙනකු ට තනතුරු වලින් එකවර ඉවත් කරමිනි.

    මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.

    කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරැන් සඳහන් කරති

  • වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

    වේදිකාවල ඇසෙන මාලිමාවේ රසබර සිගිති සුරංගනා කතා..

    ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය විසින් අරාජික කොට බංකොලොත් කරන ලද රටට එම අසීරු මොහොතේ නායකත්වයක් දෙමින් භාරගන්නා ලෙසට ජනතාව සිදුකල ඉල්ලීම භාරනොගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා නායකත්වය දැන් විවිධ කතන්දර කියමින් බලය ඉල්ලීම හාස්‍යයට කරුණකි.

    ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවා පළමු කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු තීරණ රාත්‍රියේ රූපවාහිනියෙන් ඇහෙද්දී බත් පිඟන් බිම වැටෙනු ඇති බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

    හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වැටුප් සියල්ල පළමු කැබිනට් මණ්ඩලයේදීම අහෝසි කරන බවත් ඒ ආකාරයේ තීන්දු තීරණ ප්‍රවෘත්ති මගින් විකාශය වෙද්දී අතේ ඇති බත් පිඟන් බිමට වැටෙනු ඇති බවත් ඒ සතුටට බවත් ඔහු පැවසීය.

    හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම තම රජයක් යටතේ සම්පූර්ණයෙන්ම අතහරින් ලබන බවත් ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන් භාරදී බලාගන්නැයි දැනුම් දෙන බවත් හිටපු ජනාධිපති නිල නිවාස සංචාරක කර්මාන්තය ආදී වෙනත් ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බවත් ඔහු තවදුරටත් සදහන් කලේය.

    ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    “ආයෙ දිනනකන් ඉන්න ඕනෙ නෑ..මන්ත්‍රීල 42ක් ගන්න පැන්ශන් එකයි ලාල්කාන්ත නැවතිලා ඉන්න මාදිවෙල මන්ත්‍රී නිල නිවාසෙයි එපා කියලම පටන් ගන්න පුලුවන්..
    එතකොට මිනිස්සුන්ට තවත් විශ්වාස වැඩි වෙලා 95%වගේ ඡන්ද වලින් අනුරයියට කැබිනෙට්ටුව හදාගන්න පුලුවන් වෙයි..”

    -මේ ගැන රුවින් ප්‍රනාන්දු සිය මුහුණු පොතෙහි දක්වා තිබූ අදහසකි.-

  • රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

    රුසියාව ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට හොඳටම සළකලා (Photos/Videos)

    දශක දෙකකින් රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු පමණ තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ බලය තහවුරු කරගැනීමත් සමග එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය, ඔහුට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙසත් සැලකෙයි.

    ප්‍රහාරය ISIS සන්ධානය විසින් එල්ල කළ බවට සාක්ෂි ඇතැයි අමෙරිකාව සහ ප්‍රංශය ප්‍රකාශ කර තිබුණි.

    ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැලකෙන සැකකරු මධ්‍යම ආසියානු කිර්ගිස්ථාන ජනරජයේ උපත ලැබූ අයෙකි. මේ අතර අත්අඩංගුවට ගත් තජිකිස්ථාන සැකකරුවන්ගේ පවුල්වලින් තොරතුරු ලබාගැනීම සඳහා රුසියානු විමර්ශකයන් පිරිසක් තජිකිස්ථානය වෙත ගොස් තිබේ.

    ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ඒ පිළිබඳ පාපොච්චාරණය කළ බව රුසියානු බලධාරීන් සඳහන් කරයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බරපතළ වධ බන්ධනවලට ලක්වී සිටි බව පෙනී ගිය කරුණකි.

  • “Machan Peter, I am Sunil” මාලිමා මුදල් ඇමති IMF අමතන හැටි චමුදිත පෙන්නයි..

    “Machan Peter, I am Sunil” මාලිමා මුදල් ඇමති IMF අමතන හැටි චමුදිත පෙන්නයි..

    ජාතික ජන බලවේග රජයක් යටතේ මුදල් අමාත්‍යවරයා වනු ඇතැයි පැවසෙන සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍ය ධුරය බාරගත් පසු ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පළ කරයි.

    හිරු රූපවාහිනියේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මචං ලෙවල් එකෙන් නව ආණ්ඩුව ගනුදෙනුව ආරම්භ කරනු ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයා වන පීටර් බෲව්වට ‘මචන් ප්‍රීටර්’ යනුවෙන් උදෑසනම මුදල් අමාත්‍යයේ සිට සුනිල් හඳුන්නෙත්ති මුදල් අමාත්‍යවරයා අමතනු ඇති බවද ඔහු එහිදී පැවසීය.