රන්ජන්ගේ මන්ත‍්‍රීධුරය අහෝසියි – අජිත් මාන්නප්පෙරුම එයි

සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු…
බිස්කට් හා බේකරිවල අවශ්‍යතා සදහා පාම් තෙල් ආනයනයට අවසර

ශ‍්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද බිස්කට් කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07*…
මම දේශපාලනයට එනවා – විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.…
‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර

බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලබා දෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසුවාය. සෞඛ්‍ය ඇමැතිවරිය මෙ බව හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.…
ආනයනය කරන භාණ්ඩ 7200 න් 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැති බවත් මේවා අතර පාරිභෝජන භාණ්ඩ මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…
‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ ඇල්ලුවා

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ…
පාම් තෙල් තහනම හකුලා ගන්නා ලකුණු

පාම් ඔයිල් ආනයනය තහනම් කරමින් ඊයේ (05) නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් වීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය. පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ…
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී…
Online porn websites ගැන සුපිරි හෙළිදරව්වක් !

එක්සත් රාජධානියේ ප්‍රමුඛ වැඩිහිටි වෙබ් අඩවි භාවිතා කරන්නන් සඳහා ප්‍රවර්ධනය කරන ලද අසභ්‍ය වීඩියෝ අටෙන් එකක් ලිංගික අතවර ක්‍රියාවන් විස්තර කරන පෙළ සමඟ ලේබල් කර ඇති බව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත. එය Pornhub, XVideos සහ XHamster හි දියත් කිරීමේ පිටුවල…
මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර…
ඉන්දියාවේ දිනක Covid-19 ආසාදිතයන් 100,000 ඉක්මවයි

රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය. වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා…
‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

‘ගස් කපා දැමීම නිසා ඔක්ෂිජන් අඩුවන බව පැවසීම අසත්‍යයක් බවත් ගස් කපා දැමීම මගින් ඔක්සිජන් අඩු කළ නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අවධාරණයෙන් සදහන් කළා. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති…
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව සභාව කල්…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා. එහිදී මාධ්‍ය වෙත…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත…